"ස්නෝපී....."

"ෂොනාල් අයියා..."

"තීක්ෂන අයියා කිව්වා Club room එක අස් කරලා දාන්න කියලා. දැන්මම ගියොත් හොදයි. ජරාවෙලා හොදටම"

"😃 මොකක් ඔය ඇත්තමද.... මේ මම😁😃😊😇 හරී මම යන්නා....ම්"

එයාගේ තිබුනේ පුදුම ප්‍රබෝධයක්. එයා එක පිම්මට club room එක දිහාවට දිව්වා.

ඒත් මම හිතන්නේ එයාගේ ඒ සතුට තිබුනේ පොඩි වෙලාවයි. මිනිත්තු කීපයකින් ඇස් රතු කරගෙන මගේ දිහාවට දුවගෙන එද්දි මට ඔහුව දැනුනේ මාව ගොදුරු කරගන්න එන විලෝපිකයෙක් වගේ. එක පාරට පිස්සු බල්ලෙක් වගේ එයා මගේ ඇගට කඩාගෙන පැන්නා.

"අයිසේ.... උබ මොකෙක්ද යකෝ... මොනවද උබ කරේ.... උබ භොනවද මගේ අයියාට දුන්නේ... තෝ වල් බල්ලා... තොට මොනවද යකෝ තියන්නේ මට වඩා......."

බූට් සපත්තුවකින් හොදවයින් පහරවල් දෙක තුනක් වදිනකල්වත් මට වෙච්ච දේ තේරුනේ නෑ...

"ඒය්...ඒය්...ඒය්.... පිස්සුද මිනිහෝ...."

"ඔව්... ඔව්... මට පිස්සු... ඒ පාර ශොනාල් අයියාත් මුගෙ පැත්තටද?"

" මොනවද මේ දොඩවන්නේ. අහින්සකයෙක්ට පයිං ගහද්දි මට උබෙ පැත්තක් ගන්නද කියන්නේ"

" හරි... මට තේරුනා... මේ අහින්සක මූණට ඔය දෙන්නම රැවටිලා... ඇයි මට මගේ අයියව නැති කලේ..."

"අඩන එක නවත්තලා කියන දෙයක් කියන්න.
උබලා මොනවද බලං ඉන්නේ. දුවපියව් වට පනහක්... යනවලා...
හ්ම් දැන් කියමුකෝ බලන්න මොකද වුනේ?:

"මට තීක්ෂන අයියා එන්න කිව්වනේ අතුගාන්න කියලා... මම ගියා. ඒත් එයා... එයා වෙනස් වෙලා😞 එයා මාව ගනං ගත්තෙවත් නෑ. එයා එකපුරට කිව්වා එයා කාවහරි room එකට ගෙන්න ගන්න වෙලාවට මට ඒ අහල කැරකෙන එක නවත්තන්න කියලා. එයා එක පාරයි කියන්නේ කිව්වා. ඒක අන්තිම warning එක ලු..... ඇයි මගේ අයියා එහෙම වෙනස් උනේ.... මම බලාපොරොත්තු වුනේ නෑ මෙහෙම දෙයක්...😭 අන්තිමේ එයා මට කොස්ස දීලා එතන අස් කරන්න කියලා එතනින් ගියා.... මේ මූසලයා තමා වගකියන්න ඕනෙ. මට මොනවද අඩු.... මුට මොනවද තියන්නේ.... පරයා...."

ඒ වෙද්දි මම හිටපු තැනින් හරියට නැගිටලා හිටියෙවත් නෑ. ඒත් මම ආයෙම බූට් ස්නෝපිගේ සපත්තුවට යට වුනා.

༺ℌ𝔢 𝔠𝔞𝔫 𝔰𝔩𝔢𝔢𝔭 𝔴𝔦𝔱𝔥 𝔞𝔫𝔶𝔬𝔫𝔢࿐🍂(completed)Where stories live. Discover now