" උබ අද දෙන්න යනවා වැඩී කුසලා.... මොන කෙහෙල් ඇවරියක්ද උබට වෙලා තියෙන්නේ. උබ පැත්තකට වෙයං"

ඇත්තටම අපි කරපු වැඩේ මහා කැත වැඩක්. හැඩි දැඩි කොල්ලො අට දෙනෙක්. එක පොඩි කොල්ලෙක් toilet එකක් අස්සේ හිර කරාම.... පඩිපෙලෙන් භාගයක් විතර බහින කොට මට කොල්ලාගෙ කෑ ගැහිල්ල ඇහුනා. ඕනෙ මගුලක් වෙන්න කියලා මට දුවගෙන ගිහින් දොර අරින්න හිතුනත් මම මේ ඉස්කෝලෙ තව කල් ඉන්න ඕනෙ නේද කියන ෂිතිවිල්ල නිසා ඒක නැති වෙලා ගියා. පඩිපෙල පාමුලට එද්දි හොදටම කන යෙමු කලොත් මිසක් කිසි කෙනෙක්ට කිසි සද්දයක් ඇහෙන්නෙ නැති තරම්.

අපි ඇවිත් උගේ බෑග් එකත් හැංගුවා. රෙජිස්ටරේටත් අන්තිමේදි 0 වැටුනේ. මම පැය ගනං ජනේලෙන් එලිය බලන් හිටියේ කොයි වෙලාවෙ හරි කවුරු හරි උඩ toilet එක පාවිච්චි කරන්න කියලා ඒ පැත්තට යයි කියලා. ඒත් නෑ... පොඩි කොල්ලෙක් දෙන්නෙක් මහ හදිස්සියෙන් දුවගෙන ආවත් උන් හැමෝගෙම අදිටන වුනේ අත ලග තියන toilet එක පාවිච්චි කරලා ඉක්මනින්ම තමංගේ බරෙන් නිදහස් වීම.

ඒත් වාසනාවකට වගේ 10.15 විතර වෙද්දී මම දැක්කේ president අයියයි secretary අයියයි. ඒ දෙන්නා ඇවිදගෙන එන්නෙත් මේ පැත්තටම කියලා මට නිකමට හිතුනා.

" මේ මට අමතක උනානෙ. Teacher මට staff room එන්න කිව්වනේ"

" උබට?? කොයි වෙලාවෙද??"

"හිටපම්කෝ මං ගිහින් ඇයි බලන්න"

"අඩෝ කුසලා.... මොන teacher ද?? ඔච්චර හයියෙන් දුවන්න ඕනෙ නෑ බං teachers ලා ගෙ පස්සවල් staff room එකෙන් හොල්ලන්න බෑ🤣...."

ඒක නං වාසනාව. උං එකෙක්වත් මගේ පස්සෙන් ආවෙ නෑ. මොකද තව විනාඩි කීපෙකින් interval. ඉතින් හොදම බත් එකට පොරකන්න තියනවනේ.... ඒ වෙලාවට අපේ උන් සක්කර දෙයියා වැඩ්ඩා කිව්වත් එතනින් හෙල්ලෙන්නෑ.

" අයියා... සොරි අයියා කරදර කරානම්... අයියලා washroom ද යන්නේ?"

"🤨උබ කවුද?"

"අයියලා washroom යනවා නං අර උඩ තියන එකට යන්න please"

"🙄😠 මොකෙක්ද මල්ලී උබ.... අපිට යන්න ඕනෙ තැන කියන්නත් එනවද"

"Sorry අයියා. ඒත් please"

මම තව වෙලාවක් හිටියොත් අම්බානක කන්න වෙනවා කියන එක දන්න නිසාම මම රිවස් ගියර් එකෙන් ආවා. ෂොනාල් අයියා නං වලියට කතා කරේ. ඒත් තීක්ෂන අයියා කට වහගෙනමයි හිටියේ. එරා මං කියපු විදිහට කරයි. එහෙම නැති උනොත් කරන්න දෙයක් නෙ. මං මට පුලුවන් දේ කරා නේ.

༺ℌ𝔢 𝔠𝔞𝔫 𝔰𝔩𝔢𝔢𝔭 𝔴𝔦𝔱𝔥 𝔞𝔫𝔶𝔬𝔫𝔢࿐🍂(completed)Where stories live. Discover now