පෙරුම්දම් පිරුවාට ආදරය විදගන්න
පෙරනිමිති පල වුනේ නෑ සිහිනෙ ඉටුවන්න
නෙත් මායිමේ අහිමි පෙමක් වී හිනැහෙන්න
වූවාට කාරි නෑ ඔබ මගෙයි දැනගන්න..කිසි දෙයක් පැතුවේම නෑ ඔබෙන් මොහොතකට
තනි හිතින් පෙම් කලා දෙදෙනෙකුට ඇතිවෙන්න
පෙම අවැසි නෑ අනේ මගෙ ලගට වී ඉන්න
අහිංසක හිනාවට හැකී හුස්මක් දෙන්නවෙන හිතක ආදරිය වී නෙතේ ගැටුනාට
දුක දැනුනේ නෑ විරහවත් හරිම රහයි මට
ලග ඉන්න ලැබුනාට පෙම අහිමි වූ පවට
මගෙ මැණික වැරදි නෑ නොලැබීම උරුම මටසැනසුනේ ඔය මුවේ අහිංසක සිනාවෙන්
කැපකලේ ආදරේ ඔබෙ පොරොන්දුව නමින්
බොරුකාරි මා දමා හැරගියත් මේ භවෙන්
මතු මතුත් මගෙ වෙන්න දුන් පොරොන්දුව නමින්....
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
![](https://img.wattpad.com/cover/254095721-288-k371783.jpg)