Episode 22🥀

823 231 2
                                    

එකපාරටම කාමරයේ දොර ඇරුන හින්දා ඇද උඩ හිටිය ජූරි ටිකක් කලබල වුනා.. ඒයා ඇස් දෙකත් ලොකු කරගන දොර දිහා බැලුවෙ උන දේ හිතාගන්න බැරිවුන හින්දා..

"ටේ!!!!"

දොර ලග හිටගන ඉන්න ඉටි රූපෙ දිහා ඇස් පිල්ලන් නොගහා බලාගන හිටිය ජූරි ඇස් දෙක අතින් පොඩි කරලා ආයෙත් ඒ දිහා බැලුවේ එයාට එයාගෙ ඇස් අදහාගන්න බැරිවුන හින්දා..

තමන් දිහා ඇස් ලොකු කරගන බලාගන ඉන්න ජූරි දිහා තප්පර කීපයක් බලන් හිටිය ටේහ්‍යුන් දොරත් වහන ගමන් ජූරි ලගට ඇවිදගන ගියා..
තමන් දිහාවට ඇවිදගන එන ටේහ්‍යුන් ව දැක්කම මේක තවදුරටත් හීනයක් නෙවෙයි කියලා ජූරිට තේරුනා.. එයා ඇදෙන් බැස්සා නෙවෙයි පැන්නා.. පැනලා දුවගන ගියේ ටේහ්‍යුන් ගාවට.

"ටේ... මේ ඔයාමද ටේ??? ඔයා මයි නේද මේ??"

ජූරිගෙ හිතේ ඒවෙලාවෙ තිබ්බ හැගීම් වචනෙන් විස්තර කරන්න අමාරුයි.. එයාගෙ හිත හුගක් කලබල වෙලයි තිබුනේ.. මොලේ වැඩකරන්නෙ නෑ වගේ එයාට දැනුනේ.. තමන් පනවගේ ආදරේ කරලා තමන්ටවත් නොකියා දාලා ගිය කෙනා ආයෙම ඇවිත්.. ජූරි හිතාගන හිටියෙ කවදමහරි ටේහ්‍යුන් ආවාම එයාව ගනන් නොගෙන එයාව රිද්දනවා කියලා. නොකියම ගිය හින්දා.. ඒත් එකපාරටම ටේහ්‍යුන් ගේ මූන දැක්කාම ජූරි ට ඒ හැමදේම අමතක වුනා..











ජූරි pov

එකපාරටම රූම් එකේ දොර ඇරිලා ඒකෙන් ඇතුල්ට කෙනෙක් ආවා..

ටේ!!!

මගේ ටේ මගෙ ඇස් ඉස්සරහ ඉන්නවා දැක්කාම මං හිතුවෙ මට පිස්සු හැදිලා එක එක විකාර පේනවා කියලා.. ඒත් එයා මං ගාවට ඇවිදගන එද්දි මට තේරුනා මේක ඇත්තක් කියලා.. එයා ආයෙ ඇවිත්..

හිතට දැනුන හැගීම් ගොන්න එක්කම මං ඇදෙන් පැනලා දුවගන ගියේ ටේ ගාවට .. ඒ ගිහින් මං එයාගෙ ලස්සන මූන මගෙ අත් දෙකෙන්ම අල්ලලා මගේ පැත්ත හැරෙව්වා..

මගේ ටේ ගොඩක් වෙනස් වෙලා.. එයාගෙ සිනිදුවට තිබ්බ ඉත්තෑකූරු කොන්ඩෙ වෙනුවට දැන් තියෙන්නෙ කැරලි කොන්ඩයක්.. ඒක මුලු නලල පුරාම වැටිලා.. එයා තවත් උස ගිහින්.. හුගක් ලස්සන වෙලා.. ලැබුන තප්පර ගානට මං මගෙ ඇස් ඒ මූන පුරාම යැව්වෙ මේ ඇත්තටම මගේ ටේහ්‍යුන් ද කියලා දැනගන්න ඕනි හින්දා..

Petalless Flower✔️Kde žijí příběhy. Začni objevovat