Episode 12🥀

999 239 5
                                    

හනා ඇයි මේ??"

හනා දුවගන ඇවිත් මගෙ ලගින් ඉදගන මගෙ ඔඩොක්කුවෙ ඔලුව ගහගත්තා.. මේ කෙල්ලට මොනා වෙලාද

"හනා ඔයා අඩනවද??? මොකද මේ?? මොකද වුනේ කියන්නකො ලමයෝ!!"

ඔඩොක්කුවෙ ඔලුව ගහගන ඉන්න ගමන් කෙල්ල ඉකි ගහනවා වගේ තේරුන හින්දා මං හනාව උරහිසෙන් අල්ලලා කෙලින් කලා.. කෙල්ල අඩනවා තමයි ඇස් දෙකත් රතු වෙලා හොටුත් උඩට ඇද ඇද අඩනවා.. මොන්ටිසෝරි බබෙක් වගේ..

ම්..මං යන්නෙ නෑ අහ් ආයේ යුන්ගි ඔප්පාගෙ අහ් අයිටම් එකට!"
හනා ඉකි ගහනවා

"යන්නෙ නෑ?? ඇයි ඒ? මොකද වුනේ ලමයෝ"

මෙයා අඩනවා දැක්කම මගේ හිතේ තිබ්බ ප්‍රශ්නත් මට අමතක වුනා.. ඇයි අනේ මේ අඩන විදියට බය හිතෙනවා

"හනා!!! අඩන එක නවත්තලා වුන දේ කියනවද නැද්ද මට"😠

බැරිම තැන මං ටිකක් සද්දෙට ඇහුවා ඇයි අනේ මේ ලමයා ඉකි ගගහ ඉන්නවා මුකුත් කියන්නෙ නෑ.

"ඔන්නිත් මට අහ් බනිනවද?? "

හනා තව ටිකක් අඩන එක වැඩිකරලා ආයෙ මගෙ ඔඩොක්කුවෙම ඔලුව ගහගත්තා .. මදැයි

කරකියා ගන්න දෙයක් නැතුව මං වටපිට බැලුවා.. ඇයි අනේ කවුරු හරි දැක්කොත් හිතයි මං මේ කෙල්ලට මොනාහරි කරලා අඩනවා කියලා.. මොකද මේ කොලේජ් එකට ආව දවසෙ ඉදන් මට වෙන්නෙ හරිම වාසනාවන්ත දේවල්මනෙ.. වටපිට බලද්දි මං දැක්කෙ නම්ජූන් ඔප්පයි යුන්ගි ඔප්පයි දිහාවට ඇවිදගන එනවා.

අම්මෙ ඇතියන්තන් දැන් මෙයාලගෙන් හරි වුන දේ අහගන්න පුලුවන්.

"අහ්හ් මේ ඉන්නෙ! දුවගන ඇවිත් කේලම කිව්වද?"

යුන්ගි ඔප්පා මගෙ එහාපැත්තෙන් ඉදගත්‍තා.. නම්ජූන් ඔප්පා හනා ගෙ එහාපැත්තෙන් හිටිගන ඉන්නවා.. හනා නම් වැරදිලාවත් ඔලුව ඉස්සුවෙ නෑ හැබැයි යුන්ගි ඔප්පාගෙ කටහඩ ඇහුන හින්දද මන්දා අඩන සද්දෙ අඩුවුනා

"මොකද වුනේ ඔප්පා? මට මුකුත් කිව්වෙ නෑ දුවගන ඇවිත් අඩාගන අඩාගන ගියා"

එහෙම කියද්දිම හනා එකපාරට ඔලුව ඉස්සුවා.

"මෙන්න මෙයා තමයි.. අහ් මට බැන්නා හැමෝම ඉස්සරහා!!! මටනම් බෑ යුන්ගි ඔප්පා එක්ක ප්‍රැක්ටිස් කරන්න.. අහ් ඔයා හරි නපුරුයි!!!"

Petalless Flower✔️Where stories live. Discover now