Episode 18🥀

824 181 3
                                    


ජිමිනුයි මායි දෙන්නම එකටම වගේ ආවෙ කව්ද කියල බැලන්න කටහඩ ආපු පැත්ත බැලුවා..

මීට කලින් දැකපු මූනක් නෙවෙයි.

"ටඩා!!!!!"

එකපාරටම ඒ මනුස්සයා කැමරාවක් එලියට අරන් ෆොටෝ එකක් ගත්තා... ෆ්ලෑස් ලයිට් එකේ එලියට මගෙ ඇස් දෙකත් නිලංකාර වෙලා

"Um extremely Sorry. මං disturb කරන්න හිතුවෙ නෑ. water bottle එකක් ගන්න ආවෙ."

ඒ ආව පිරිමි ලමයා මගෙ දිහායි ජිමින් දිහයි මාරුවෙන් මාරුවට බලලා හිනාවෙවී කියන ගමන් කැමරාව බෙල්ලෙ එල්ලගත්තා. එතකොටයි මට මතක් වුනේ මං තාමත් ඉන්නෙ ජිමින් ගෙ ටයි එක අල්ලගෙන කියලා. මං ටක්ගාලා ජිමින් ලගින් අයින් උනා..

"ස්ටෙෆන් හ්‍යුන්!!!!"

ජිමින් හයියෙන් එහෙම කියාගන ආපු එක්කෙනාව හග් කලා.. එයාත් මහ හයියෙන් හිනාවෙන ගමන් පැනලා ජිමින් ව බදාගත්තා!!

"කවද්ද කොරියා ආවෙ?? හෝබි හ්‍යුන් කිව්වෙවත් නෑ"

ජිමින් එයාගෙ පිටට පාරක් ගහන ගමන් කිව්වා. මං දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බල බල එතන හිටගන හිටියෙ එලියට යාගන්නෙ කොහොමද කියලා හිත හිත.

"ඊයෙ ආවෙ..හෝසොකා ටත් මං ඊයෙ කිව්වෙ එනව කියලා.. ඊටපස්සෙ මිනිහා කිව්වා පාර්ටි එකක් තියනව එන්න කියලා.. මං මහන්සි හින්දා මිනිහට එන්න බෑ කිව්වට හවස් වෙද්දි එන්න හිතුනා ඉතින් ආවා.. කෝ එකෙක්වත් නෑනෙ"

"කට්ටියම රූෆ්ටොප් එකේ ඇත්තෙ හ්‍යුන් යං"

ජිමින් එහෙම කියලා ඒ කෙනාගෙ කරට අතදාගන්න ගමන් යන්න හැරුනා.. එයා යන්න හදලා ආයෙත් නැවතිලා මං දිහා බැලුවා

"ඒක නෙවෙ කව්ද මේ දොඩම් ගෙඩිය? මට introduce කරලා දෙන්නැද්ද?"

"අහ්හ් මේ නම් ජූරි.. ජූරි මේ ස්ටෙෆන් හ්‍යුන් හෝබි හ්‍යුන්ගෙ කසින්.. "

එයාගෙ පෙනුම නම් සාමාන්‍ය කොරියන් කෙනෙක්ට වඩා ටිකක් වෙනස් පොඩි ඇමරිකන් ලුක් එකකුත් තියනවා වගෙ. ඇදගන ඇවිත් හිටිය එක ඔක්කොටම හපන්.. බැනියමකුයි ශෝර්ටකුයි.

මං ස්ටෙෆන් දිහා බලලා හිනාවුනා..
එයාත් මං දිහා බලලා හිනාවුනා

Petalless Flower✔️Where stories live. Discover now