Episode 25(final)🥀

Start from the beginning
                                    

"ජිමිනා.. මේ මොකද?"

"ටේහ්‍යුනා.. !!"

යුන්ගි ජිනුයි කෑගහනගම ජිමින් ලගට ආවත් ජිමින් එයාල ඔක්කොවම පහු කරගන උඩතට්ටුවට යන්න හදද්දි යුන්ගි දුවලා ඇවිත් ටේහ්‍යුන් ගෙ අත තමන් ගෙ උරහිසට අරගන ටේහ්‍යුන්ව වාරු කරගත්තා..

ජූරි අඩ අඩම ජිමින් පස්සෙන් උඩ තට්ටුවට යද්දි අනිත් තුන්දෙනත් ආවෙ මොනාද වෙන්නෙ කියලා හිතාගන්න බැරුව..

"ජින් හ්‍යුන් ඉක්මනට ඩොක්ටර් ට කතා කරන්න ටේහ්‍යුනා අයිස් වගේ "

ජිමින් හිටියෙ හැමෝටම වඩා කලබල වෙලා.. ටේහ්‍යුන් ව ඇදෙන් තිබ්බ ජිමින් ජින් ට එහෙම කියාගන කාමරෙන් එලියට දිව්වා.. ජින් ටේහ්‍යුන් ලගට ගිහින් නලලට අත තිබ්බා..

"කොල්ලට උණද මන්දා"

ජින් එහෙම කියන ගමන් ඩොක්ටර් ට කෝල් එකක් අරන් ඉක්මනින් එන්න කියලා කිව්වා.. පස්දෙනාම ටේහ්‍යුන් ව වටකරගෙන බලාගන ඉන්නවා.. ජූරි හිටියෙ බාගෙට මැරුන කෙනෙක් ගානට .. අඩාගන්නවත් බැරුව ඔහේ ටේහ්‍යුන් දිහා බලාගන හිටියා..

"ඔන්නි.. ඔයා හොදින්ද ??"

හනා ජූරි ගෙ අතෙන් අල්ලගත්තත් ජූරි කිසිම උත්තරයක් දුන්නෙ නෑ... හනා වගේම එරා ත් බයවෙලා හිටියෙ ජූරි ගැන.

ජිමින් උණු වතුර එකක් එක්ක ටවල් එකක් අරගන කාමරේට ආවෙ ටේහ්‍යුන් ගෙ ඇගේ සීතල අඩු කරන්න හිතාගන.. ඒ වෙනකොටත් ජින් ටේහ්‍යුන් ව ලොකු බ්ලැන්කට් තුනකින් විතර පොරවලා තිබ්බෙ..

"ජිමින් කෝ දෙන්න මං තවන්නම්.."

ජූරි ජිමින් ගෙන් වතුර බේසම ඉල්ලුවත් ජිමින් ඒක එහාට කලා..

"ජූ ඔයාට බෑ.. ඔයා..."

"අනේ ජිමින් ප්ලීස්.. මට ඕක දෙන්න"

ජූරි ගෙ කටහඩ වෙව්ලනවා.. ජිමින් යුන්ගි දිහා බැලුවෙ මොකද කරන්නෙ අහන්න.. ලෙඩෙක්ට ලෙඩෙක්ව බලාගන්න දෙන එක හොද දෙයක් නෙවෙයි උනත් යුන්ගි ඔලුව වැනුවෙ මේ වෙලාවෙ ටේහ්‍යුන්ගෙ බෙහෙත ජූරි හින්දා..

"හරි ජූරි ඒක කරයි.. යා ජිමිනා එනවා යන්න දැන්වත් අපිට වෙච්ච දේ කියනවා!!!"

Petalless Flower✔️Where stories live. Discover now