"ජිමින්.. මොනාද මේ කියවන්නෙ? කව්ද කිව්වෙ ජූරි ව බේරගන්න බෑ කියලා?"

යුන්ගි ජිමින් ගෙ මූන තමන්ගෙ සුරතට ගන්න ගමන් ටිකක් කලබලෙන් වගේ එහෙම ඇහුවෙ ජිමින් කියන දේවල් වල අගක් මුලක් තමන්ට තේරුම් ගන්න බැරි හින්දා..

"ඩ් ඩොක්ටර් !! මං ඩොක්ටර් ව හම්බුන හ්‍යුන්.. මං documents ඔක්කොම fill කරලා ඩොක්ටර් ව හම්බෙලා ආවෙ"

ජිමින් ගෙ ඇස් වල නලියන කදුලු එක්කම බලාපොරොත්තු රහිත කටහඩකින් යුන්ගි ට එහෙම කිව්වාම යුන්ගි ජිමින් ගේ මූනෙන් අත් දෙක අරගෙන ජිමින් වත් අල්ලගෙනම නැගිට්ටා..

"හරි මට මුල ඉදන් කියන්න ඩොක්ටර් කිව්ව දේවල්"








Few minutes ago

"අහ් මේ මිස්ටර්... patient නම් ජූරි ගේ යාලුවා නේද? එන්න."

ජිමින් ඩොක්ටර් ගේ කාමරේ දොරට තට්ටු කරලා ඇතුල්ට ඔලුව දානවත් එක්කම ඩොක්ටර් ජිමින්ට ඇතුල්ට කතා කලා..

"ඩොක්ටර් මං ඔක්කොම documents ටික fill කලා.. මට ජූරි ගෙ තත්වෙ දැනගන්න පුලුවන්ද ??"

"අහ්.. ජූරි ගෙ භාරකාරයා මිස්ටර් මින් කියලා නේද කලින් කිව්වෙ? භාරකාරයා එක්ක තමයි මට කතාකරන්න පුලුවන් patient ගැන"

"මින් යුන්ගි මගෙ අයියා ඩොක්ටර් .. එයා තමයි මට කිව්වෙ ඩොක්ටර් ව හම්බෙන්න කියලා.. මමයි ජූරි ගෙ guardian .."

"Ok..මේ මිස්ටර් .......?

"ජිමින්.. පා‍ර්ක් ජිමින්"

"හරි මිස්ටර් පාර්ක් ඉදගන්න.. මෙහෙමයි අපි ගෙවුන පැය හතර ඇතුලත මිස් නම් ජූරි ගෙ පරික්ෂණ සියල්ලම වගේ කලා.. අපිට තහවුරු වුනා එයාට මොලේ පිලිකාවක් එහෙමත් නැත්තම් brain cancer තත්වයක් තියනවා කියලා.. ඒත් කනගාටුවට කාරනාව තමයි අපි දැනටමත් ප්‍රමාද වැඩී.... මොකද මිස් නම් ජූරි ඉන්නෙ දැන් stage 5 කියන අවසාන අදියරේ"

ඒ වචන ටික ඇහෙනවත් එක්කම ජිමින් ට දැනුනෙ තමන්ගෙ හදවත නතර වුනා වගේ හැගීමක්.. ජිමින් වචන පටලවගෙන අමාරුවෙන් කතා කලා..

"ඇයි ඩොක්ටර් එහෙම කියන්නෙ.. මගේ ජූ ව අපිට බේරගන්න පුලුවන්.. සල්ලි ගැන හිතන්නෙපා ඩොක්ටර් ඕනි තරමක් වියදම් කරන්න මට පුලුවන් "

Petalless Flower✔️Where stories live. Discover now