"යා මගෙ බෙල්ල කැඩෙනවා තව ටිකෙන්! මොකද කඩිකුලප්පුව ද?"

"මොකද ජිමිනො උබට වෙලා තියෙන්නෙ!"

කුකී මාවත් පෙරලගන නැගිටලා ඉදගත්තා

"ඇයි මට මොකද උනේ?🙄"

"ඒක තමා මාත් අහන්නෙ මොකද කියලා! බැලුවොත් ඇත්තම් මනෝ ගහගන ඉන්නවා.. උබ කවද්ද කියහන් අන්තිමට මාත් එක්ක වීඩියෝ ගේම් එකක් ප්ලේ කරන්න ආවෙ?"

ඒකට දෙන්න උත්තර තිබ්බෙ නෑ මට. මං කලේ ඔලුව කස කස  ගොන් හිනාවක් දැම්ම එක

"උබ මෙහෙ මනෝ ගහගන ඉන්නවා.. ටේ අරහේ පිස්සු මිනිහෙක් වගේ හැමවෙලේම තනියම හිනාවෙවී ඉන්නවා.. ඒ අස්සෙ උබලා දෙන්නා හරියට කතා කරන්නෙවත් නෑ. මං තමා මේ මගුල් හින්දා දෙපැත්තට තැලෙන්නෙ"

කුකී කටත් බෙරි කරගන අත්දෙකත් බැදගන සෙටියෙ පස්සට ගියා.. මූ අපි එක්ක ඉද්දි හරියට පොඩි එකා වගේ.. පොඩි එකා තමයි.. කොහොමත් මූ වයස ගත්තාම අපි ඔක්කොටම වඩා පොඩි

"අයිගෝ...! සොරි ජන්ග්කුකා!"

මූනත් එල්ලන් ඉන්න කුකියාගෙ ඔලුව වටෙන් අත දාලා ඇදලා අරන් මං හිරකරගත්තා.. මේකා එක්ක වලි වලට යන එක එච්චර නුවනට හුරු නැති හින්දා මං කුකා ඔලුව උස්සන්න කලින්ම පෙරලගන කුචි කවන්න පටන් ගත්තා

"ආ ජ් ජිමිනෝ  න.. නවත්තහන්කෝ..යකෝ &%#@ ..අහ් ආ හයියෝ ඇති ඕයි..ආයිශ් ගෙජාශිග්!!!!(@$$)!!  හු හුම්ම ගල්ල බෑ ඕයි ඇ..ඇති"

අන්තිමේ අපි දෙන්නටම හිනාවෙලා පන නෑ.. කුකා කුචි හින්දා හිනා වුනා ඌ හිනාවෙන විදියට මට ඊටවඩා හිනාගියා🤣

"යං!"

මං කලිසමත් හදාගන නැගිට්ටා

"කොහෙද?"

"ගේම් එකක් ගහන්න යමං"

"බෑ... ෆිල්ම් එකක් තියනවා අපි ඒක බලමු.. අරහෙම එකක්"

"ශික් කුපාඩියා.. හිටපං ඉන්හා ට කියන්නම් මං!"

"අහ්හ් ඉන්හා ට කියලා කොරයි මට!"

මූ දන්නවා කිව්වට මං ඕවා කරන්නෙ නෑ කියලා ඒකයි ලොක්කා වගෙ කියවන්නෙ.

"ටේ ටත් කතා කරන්න අපි තුන්දෙනාම බලමු"

ජන්ග්කුක් එහෙම කියාගන උඩට ගියා.. මුගෙ ඔම්මයි අප්පයි ටුවර් එකක් ගිය හින්දා මේ ටිකේ ටේහ්‍යුන් හිටියෙ ජන්ග්කුක්ගෙ ගෙදර.. අද මාත් ආවෙ මුන් දෙන්න එක්ක ටිකක් ඉන්න හිතාගන. මොකද ජූරි හින්දා මට මුන් දෙන්නව මගඇරුනා.. ටේහ්‍යුන් ව දකිනකොට හිතට පොඩි ගැස්මක් ආවත් ජූරි ද ටේහ්‍යුන් ද කිව්වොත් මං දෙපාරක් නොහිතම තෝරන්නෙ ටේහ්‍යුන් ව!

Petalless Flower✔️Where stories live. Discover now