" අහ් මේ ක්‍යුන්ග්සුයා මම ඔයාට බොන්න මොනවහරි අරන් එන්නද " ( ස්‍යො ජින් )

" හා අරන් එන්න "

" ස්‍යෝ ජින් අපටත් අරන් එන්නකෝ " ( බේඛ්‍යුන් , චැන්‍යොල් )

" හා මම අරන් එන්නම් "

Kim seo jin's POV

ඩොක්ටර් ක්‍යුන්ග්සූ ගෙ රූම් එකෙන් එලියට ආවා. ආපු ගමන්ම මම ඩොක්ටර් ගෙ ඇගට කඩන් පැන්නා.

" ඩොක්ටර් එයාට කොහොමද ? "

" මේ ලෙඩාගෙ කවුද ?? "

" මම එයාගෙ යාලුවෙක් "

" එයාට ලොකු ප්‍රශ්නයක් නෑ. එයාගෙ ඔලුවට මොකක් හරි හයියෙන් වැදිල හරි , කවුරුහරි හයියෙන් එයාට ගහල හරි තමයි මෙහෙම වෙලා තියෙන්නේ. "

" මොකද්ද කවුරුහරි ගහලා ඒත් එයාට කවුද එහෙම ගහන්න ඉන්නේ "

" බය වෙන්න එපා ඒ වෙලාවෙ එකපාරටම ආපු කම්පනය නිසා තමයි සිහිය නැති වෙලා තියෙන්නේ , තව එතන ටිකක් ඉදිමිලා වගේ තියෙනවා. මම බෙහෙත් ටික දෙන්නම් . ඉක්මනට හොද වෙයි "

" කම්සාහම්නිදා ඩොක්ටර් "      මම ඩොක්ටර් ට ඔලුව නමලා ආචාර කලා.

" ඩොක්ටර් ලෙඩාට සිහිය ආවා "    ක්‍යුන්ග්සූ ගෙ රූම් එක ඇතුලෙන් නර්ස් කෙනෙක් කෑ ගහගෙන ආවා. මමයි බේඛ්‍යුන්නුයි චැන්‍යොල්නුයි ඩොක්ටර් ගෙ පිටිපස්සෙන් රූම් එක ඇතුලට ගියා. එයාට සිහිය ඇවිල්ලා. පොඩ්ඩක් ඔලුව හරවල අපේ දිහා බැලුවා.

" ක්‍යුන්ග්සුයා ඔයාට මොකද උනේ ?" (  චැන්‍යොල් )

" මම දන්නෑ මට මොකුත් හරියට මතක නෑ "

" මතක් කරල බලන්න හොදට මතක් කරල බලන්න "

" මම... අපට කන්න මොනවහරි ගේන ගමන් හිටියේ එතකොට එකපාරටම ... අහ් මට මතක නෑ.. අහ් මගේ ඔලුව . "

" හරි හරි ඔයාට අමාරුනම් දැන් කියන්න ඕන නෑ. පස්සෙ හෙමීට කියන්න ම්ම් ."

මම එයාට කිව්වෙ එයාගෙ ඔලුව අතගාන ගමන් . එයා එකපාරටම මම දිහා බැලුවා. මමත් එයා දිහා බැලුවා. මගේ අත තිබ්බේ එයාගෙ ඔලුවේ. මට පොඩි ලැජ්ජාවක් ආවා ඒ නිසා මම එයාගෙ ඔලුව උඩින් අත අරගෙන අහක බලාගත්තා.

ONLY YOU ( Completed ☑️)Where stories live. Discover now