" එතකොට ක්‍යුන්ග්සූ තනියමද ඉන්නේ "

" මම එයාව හෙට බලාගන්නම් "   ඒක කිව්වා විතරයි මෙයාලගෙ ඇස් අභ්‍යාවකාශ ගත උනා 🤭 .

" ඇයි ඔහොම බලන් ඉන්නේ "

" නෑ නෑ මොකුත් නෑ  ඔයා ක්‍යුන්ග්සූ ව බලාගන්න හී "

" ස්‍යෝජිනා අපිත් ඔයා එක්ක එන්නම් "

" ඔයාල කොහෙද එන්නෙ ඔයාල ආවම මට ඉස්කෝලෙ වැඩ ටික දෙන්නෙ කවුද "

" ඇයි අර මින් සූ අහ් ඉන්නේ 😏. "

" අනේ මේ වොල්හා කට තිබ්බ පලියට ඔහොම කියවන්න එපා හුම්ම් "

" හරි හරි සමාවෙන්න "

" ඕවට එන්න එපා හොම්බ තලනවා හුම්ම් "

" ක්‍යුන්ග්සූ ටම හරියන කෙනා "

" ඇයි එහෙම කියන්නේ "

" නෑ අපේ ක්‍යුන්ග්සූ ගෙ කටෙත් තියෙන්නෙ ඔය වගේ  හොම්බ තලන කතා තමා ඒත් මේ වෙනකන් තලපු හොම්බක් නම් නෑ "

" යා යා ඇයි තලාගන්න ඕනද "

" හම්මෝ මෙන මුට පන ඇවිල්ලා "

"හරි හරි දැන් රන්ඩු වෙන්නැතුව ඔයාල ක්‍යුන්ග්සූ ව ගෙදර එක්ක යමු "

අපි හය දෙනාම එකට ඇවිදගෙන ගියා. ගොඩක් රෑ වෙලා.  වොල්හා යි යෝ නායි එයාලගෙ ගෙවල්වලට යන පාරට හැරුනා . ඉතුරු උනේ මමයි අනිත් කොල්ලො තුන්දෙනයි. කම්ක් නෑ බයක් නෑ මෙයාලව විශ්වාසයි. ඒත් එයාල ඉන්න තැනටත් අපි ආවා .

" ස්‍යෝ ජින් අපි ඉන්නෙ මෙතන ඔයාගෙ ගෙදරට තව දුරයිද "

" ඔව් තව ටිකක් දුරයි කමක් නෑ මට යන්න පුලුවන් "

" ඒත් තනියම යවන්න බයයි නේ ගොඩක් රෑ වෙලා නේ . ඉන්න මම ඔයාව ඇරලවල එන්නම් "

" නෑ කම්ක් නෑ ඔයාට අමාරුයි නේ මම යන්නම් "

" ශුවර් නේ "

" ඔව් ඔව් මම බය නෑ බායි "

එහෙම කියලා පණ්ඩිතය වගේ මම ගෙදරට ඇවිදගෙන ගියා. කවුරුහරි මගේ පිටිපස්සෙන් එනව වගේ දැනුනා. මම පිටිපස්ස හැරිල බැලුවා කවුරුත් හිටියෙ නෑ. මම ආයි ඇවිදගෙන ගියා ආයි මට දැනුනා පිටිපස්ස හැරිලා බැලුවා. ඒත් කවුරුත් හිටියෙ නෑ මම ආයි ඉස්සරහබලන් ගියා. ආයි මට ඇහුනා අඩි සද්දයක් . මම එකපාරටම හැරුනා.

ONLY YOU ( Completed ☑️)Where stories live. Discover now