Chapter 14

137 38 1
                                    

ටේටේ ජිමින්ට ප්‍රපෝස් කරලා දවස් දෙකක් යන්නත් කලින් ටේටේ ගොඩාරියක් බිසී කෙනෙක් උනා..

ඒකට ලොකුම හේතුව උනේ බූසාන්වල ක්‍රියාකාරී මාෆියා ටීම් එකක් උන මින්හෝගේ ටීම් එක පිල් දෙක්කට බෙදිලා මිනීමරාගන්න ගත්තු එක..

එයාලා එහෙම බෙදෙන්න හරි හේතුවක් කවුරුත් නොදන්නවා උනත් මේ රන්ඩුව මින්හෝයි ජැකියි අතරේ ඇති උන එකක්..

ඒත් ඒකෙන් බැට කෑවේ සාමාන්‍ය මිනිස්සුයි...

ඉතින් මෙච්චර කල් එකතු කරගත්තු ඩීටේල්ස්වලට ටේටේ එයාගේ මිශන් එක පටන් ගත්තා..

එයා ඒ මිශන් එක පටන් ගන්න කලින් ජිමින් කුක් හොබී තුන්දෙනවායි ජිමින්ගේ අප්පවයි සුගා එක්ක සෝල්වල තිබුන එයාගේ රහසිගත ගෙදරට යැව්වා ටේටේ නිදහසේ එයාගේ මිශන් එක කන්ටිනිව් කලා..

ඒ මිශන් එකට මින්සුත් ජොයින් වෙන්න හැදුවත් ඒකට විරෝදේ පෑව ටේටේ මින්සුව එයාගේ රාජකාරියෙන් නිදහස් කරලා වැකේෂන් එක්කට යැව්වා..

එයාට තනිකරම ඕනි උනේ කිසිම අතුරු විපාකයක් නැතිව මේ මිශන් කම්ප්ලීට් කරන්නයි..

ඉතින් එයා ජින්ජූන් දෙන්නා එක්ක එකතු වෙලා එයාගේ ටීම් එකේ කොල්ලොත් එක්ක ගිහින් මින්සු හොයාගත්ත ප්ලේසස් වල වැටලීම් කරලා ඩ්‍රග්ස්,ගන් වගෙම තවත් ආයුද වර්ග එක්ක මිනිස් ජාවාරම් කරන තැන් ගොඩාරියක් අල්ලගත්තා..

පොඩි පොඩි මාෆියා ටීම් ගොඩාක් කොටු කරගත්තත් මින්හෝගෙයි ජැකීගෙයි ටීම් දෙක කොටු කරගන්න ටේටේට සෑහෙන කට්ටක් කන්න උනා..

ඒකට එයාට වෙනම උගුලක් අටවන්නත් උනා..

හමුදාපතිගේ උදව් ඇතිව එක දිගට කල වැටලීම් වලින් හොයාගත්ත ඩ්‍රග්ස් ටිකයි ආයුද ටිකයි ජාවාරම්කාරයෙක් විදිහට මින්හෝලා අතට දෙන්න ප්ලෑන් කල ටේටේ ඒ ඩ්‍රග්ස් ටිකයි ආයුධ ටිකයි ජැකීටත් විකිනුවා..

දෙන්නට වෙනම ප්ලේසස් දෙක්කට බඩු ගන්න එන්න කිව්ව ටේටේ එයාගේ කන්ඩායම ටීම් තුනකට බෙදලා තැන් දෙකට ජින් යටතෙයි ජූන් යටතෙයි කන්ඩායාම් දෙකක් යැව්වා..

ඒ එක්කම මේ වැටලීම අතරෙදි අනිවා පැනලා යන මින්හෝවයි ජැකීවයි අල්ලගන්න ටේටේ තව ටීම් එකක් එක මගරැකගෙන හිටියා..

එයා හිතුවත් වගේ මින්හෝගෙයි ජැකීගෙයි කාර් දෙක වෙනම පාරවල් දෙක්කින් එද්දි එයා ඒ දෙන්නව කොටු කරගත්තා..

මුලින් මුලින් ටේට යටත් වෙන්න ඒ දෙන්නා  අකමැති උනත් යටත් වෙනවා හැර වෙන කරන්න දෙයක් නැති කමට ඒ දෙන්නා ටේට යටත් උනා..

මිශන් කම්ප්ලීට් කියලා නම්ජින් දෙන්නා ටේට පනිවිඩේ දීලා පැය භාගයක් යද්දි ටේටේත් එයාගේ මිශන් එක කම්ප්ලීට් කරලා ඉවරවෙලා තිබුනා..

ඒත් එයාගේ හිතට එක දිගට අමුත්තක් දැනෙන්න ගත්තු නිසා එයාට තේරුනා එයාට මිස් උන මොකක් හරි දෙයක් මෙතන තීනවා කියලා...

ඒ සැකෙන්ම එයා එයාගේ වාහනේ අරන් එයාගේ ටීම් එකේ අය එක්ක ආමි කෑම්ප් එකට යන්න පිටත් වුනා..

ඒත් එයාට ඒ හැටි දුරක් යන්න නොතියාම පිටිපස්සෙන් ආව වාහනේකින් වෙඩි තියන්න ගද්දි මොන දේ නිසාවත් මග නතර නොවී දිගටම කෑම්ප් එකට යන්න කියලා ටේටේ එයාගේ ටීම් එකට අන කලා.

ඒ එක්කම ටේගේ කාර් එකට පිටිපස්සෙන් එයාගේ ආරක්ෂාවට ආව කාර් එකට එක දිගට වෙඩි වදින සද්දේ ඇහෙද්දි කාර් එක හැරෙව්ව ටේටේ ඒ වාහනේ එයාගේ වාහනේට ඉස්සර කෙරෙව්වා..

මොකද එයාට එයාගේ ටීම් එකේ කාගෙවත් ජීවිත අනතුරේ දාන්න වුවමනාවක් තිබුනේ නෑ..

ටික දුරක් යද්දි ටේගේ කාර් එකට වෙඩි වදින එක නතර වෙද්දි ටීම් එකේ හැමොම ඉක්මනින්ම එයාලගේ කෑම්ප් එකට දැනුම් දීලා කෑම්ප් එකට ඇතුල්වෙන්න සූදානම් උනා..

ටේ එක්ක ආව කාර් හතරම කෑම්ප් එක ඇතුලට යනවා දැක්ක ටේටේ එයාගේ කාර් එකේ වේගේ සාමාන්‍ය තරමක් වැඩි කරලා ඒ වාහන වලට කිට්ටු කරන්න යද්දිම කෑම්ප් එක ලග හරස් පාරෙන් ආව ලොකු ටිපර් එකක් ටේටේගේ වාහනේ දිහාට වේගෙන් ඇදෙනවා ටේටේ ඇස් කොනින් දැකක..

ඉතින් දෙපාරක් නොහිතුව ටේටේ ශීට් බෙල්ට් එක ගලවන ගමන් ඩෝර් එකත් ඇරන් කාර් එකෙන් එලියට පැන්නා...

"💥💥💥💥"

"අහ්..ජි..මි..නි..."

My army officerWhere stories live. Discover now