Chapter 4

248 52 38
                                    

"ඔව් එයා මහම මහා ආඩම්බරකාරයෙක්..
මාව තබේකට ගනම් ගත්තේ නැ..එයාගේ යාලුවනම් මා එක්ක කතාවට ආවා..ඒ උනාට එයා නෙමෙ හිනා උනේවත්...මා එක්ක කතාකරපු කෙනාවත් හෝන් ගහලා ගෙන්නගත්තා..බලන් හිටපු හැටි..හහ්... එයා මහලොකු ලොක්කෙක් කියලා හිතන් ඇත්තේ.."

"එයා ලොක්කෙක් තමා චිමියෝ...එයා තමා  බූසාන් වල දෙවන අන්දෙන නිලධාරියා.. තව ටික කාලෙකින් පලවෙනියා වෙන්නෙත් එයා තමා.."

"හහ් ඉතින් මට මොකද...ඔයාටත් එයාව ලොකුවෙලා සූ.."

"ඔව් ලොකුයි තමා එයා මගේ බොස්නේ.."

"ඔයාගේ බොස්ද එයා..මොකක්ද එයාගේ නම.."

"ඔයාට මොකටද ඒක.."

"හොයන් ගිහින් බනින්න..."

"එයා ඔයාට මොනා කරාටද බනින්නේ.."

"ඩිෆෙන්ඩර් එකට හේත්තුවෙලා මූනේ කිසිම හිනාවක් නැතුව මහම මහා ආඩම්බර පෙනුමකින් මන් දිහා බලන් හිටියට.."

"හම්මෝ  හොද හේතුවක් තමා..අපිට එයාව එල්ලුම් ගස් යවන්නත් පුලුවන්.."

මින්සු ජිමින්ට හිනාවෙන ගමන් කිව්වා..

මින්සුගේ දුවට ඩාන්ස් උගන්නන්න ආපු ජිමින් මේ දවස්වල එයාගේ හිතට වද දෙන ආඩම්බරකාරයා ගැන එයාගේ යාලුවා එක්ක කතාකලේ ගොඩක් තරහින්..

ජිමින් මූනත් රතු කරන් එක එක තාලේට මූනේ ඉරියව් වෙනස් කරන් ඔෆිසර් කිම් ටේහියුන්ට බනින විදිහ දැක්කාම මින්සුටනම් හිනා..

යාලුවොඉ එක්ක සීරියස් වෙන්න නරකයි කියලා ජිමින් තාම තේරුම් අරන් නෑ..

ජිමින් දාගෙන බනින්නේ එයාගේ ලොක්කට කියලා මින්සු දැනගත්තේ එදා උත්සවේට ආමි එකෙන් ගියේ ටේහියුන්ග් නිසයි..

"ඔයාටත් මාව විහිලුවක් නේද...මන් යනවා ගෙදර.."

"ටීචර් තාම ප්‍රැක්ටිස් ඉවර නෑනේ.."

"අදට ඉවරයි පැටියෝ...ටීචර්ට සනීප නෑ.."

"මන් යනවා සූ.."

"ඒ කේන්ති ගන්න එපා.ඔහොම ඉන්න ඉතින්.."

"ආඅ..ඒ ගැන හිතන්නෙපා.තව වෙලා ඉන්න මට මූඩ් එකක් නෑ "

My army officerWhere stories live. Discover now