Chapter 7

194 44 6
                                    

*අර කොටිහපුවා කොහෙටද අර යන්නේ.. කා එක්කද දන්නෑ කෝල් එකේ ඉන්නේ..*

*පුදුම හිනාවක්නේ මූනේ තීන්නේ...එදා කතාකරපු කෙනාමද දන්නෑ කතාකරන්නේ කෝකටත් ගිහින් බලමුකෝ..*

ටේටේ එයාට ආපු කෝල් එකක් නිසා අර දෙන්නට නොකියම එතනින් නැගිටලා යද්දී ඒක දැකපු ජිමින් ටේටේගේ පස්සෙ ගියා..

කවුරුහරි ෆලෝ කරනවා කියලා තේරුන නිසා ටේටේ කනුවකට මුවා උනා..

*ඇහ්..කොහෙද යකූ මෙයා ගියේ..ආ අර පැත්තටවත් ගිහින් බලන්න ඕනී..*

වටපිට බල බල ටේටේව හොයපු ජිමින්  ටේටේ හිටපු පැත්තට විරුද්ද පැත්තට යද්දි ටේටේ ජිමින්ව දැක්කා.

ටේටේ සුගාට චර්ච් එකට එන්න ලොකේෂන් යවලා ජිමින් ගියපු පැත්තට ගියා..

එයා ජිමින්ව හොයාගෙන යද්දි දැක්කේ  හොද දෙයක් නම් නෙමේ..

ජිමින් හිටියේ ලොකුම ලොකු වැඩක ඒකත් ටේටේගේ කාර් එකත් එක්ක..

ජිමින් කරන දේ පැහැදිලි නැති නිසා ටේටේ ටිකක් ඒ දිහාට ලන්වෙලා බැලුවා..

*ඔහ්...මේ ලිට්ල් ඒන්ජල් ඩිෆෙන්ඩර් එකට මොකක්ද මේ කරන්නේ..*

ටේටේව හොයන් ගියපු ජිමින්ට ටේටේ වෙනුවට එයාගේ ඩිෆෙන්ඩර් එක හම්බුනා.

ජිමින්ට ඩිෆෙන්ඩර් එකේ රෝද දැක්කාම ටේටේ හම්බුන දවසේ ඉදන් එයාට කරපු වැරදි සේරම මතක් උනා..

ඉතින් එයා කටුවක් අරගෙන ගොඩක් පිම්බිලා ඉන්න ටේටේගේ හුලං අරිනවා කියලා හිතන් රෝදවල හුලං ඇරියා..

*ඇරියා නේද රෝද හතරෙම හුලං...*

"ආව්..."

වාහනේ හුලන් ඇරලා හෙමීට මාරුවෙන්න ගියපු ජිමින් හයිය දේක හැපිලා බිම වැටුනා.

"ආයියා මගේ පස්ස..."

ජිමින් මූන බෙරිකරගෙන එයාගේ පස්ස අතගාගත්තා..

"ඉතින්..ඔයාට මොනවා හරි අර ගැන කියන්න තීනවද ජිමින්..."

ඇස් දෙකෙන් ඩිෆෙන්ඩර් එක පෙන්නන ගමන් ටේටේ ඇහුවා..

"අහ්..ඕ ඔයා.."

ජිමින් වචන පටල පටල කතා කරන ගමන් පැනලා යන්න තැනක් හෙව්වා..

"කොහෙද බම් ගියේ අපි හැමතැනම හෙව්වා.."

දුර තියාම ටේව දැකපු ජින් කිව්වා..

"අහ්..ජින් මට කටුවක් දෙන්නකෝ.."

"මොකටද "

"මෙන්න මෙයාගේ හුලං අරින්න.."

"ඇහ්.."

"හේයි ඔයා මොකද බිම කරන්නේ.."

ජින් එක්ක් ආපු ජූන් ජිමින්ව නැගිට්ටවන ගමන් ඇහුවා..

"මේ කොටිහපුවා මාව වැට්ටුවා.."

"කවුරු.."

ටේටේ මූන පුම්බගෙන ඇහුවා.

ඇයි අෆ්ෆා එයා මෙයාට ඒන්ජල් කියද්දි මෙයා කතාකරන්නේ කොටි හපුවා කියලනේ..

"ඔයා ඔයා..ඔයාගේ ඇගේ වැදිලනේ මාව වැටුනේ.."

ජිමින් කේන්තියෙන් මූන රතුකරන් කිව්වා..

"ඔයා මොකටද මගේ ඩිෆෙන්ඩර් එකෙ හුලං ඇරියේ.."

"ම.ම්න් මන් හුලං ඇරියේ නෑ.."

"දෙවියනේ...මගේ බබා..ඔයාට මොකද මේ වෙලා තීන්නේ සප්තලං..."

ඩිෆෙන්ඩර් එකට වෙලා තීන දේ දැක්කම වාහනේ ලගට දුවලා ගියපු ජින් ඒක බදාගෙන කිඹුල් කදුලු හැලුවා..

"මන් ඔයාව බබෙක් වගේ පරිස්සම් කලේ මැනික.."

ජින් නහය උඩට අදින ගමන් කිව්වා..

"චිමී..මොකක්ද ඔයා මේ කලේ..මේක ආමී වෙහිකල් එකක්..😐"

ජිමින් කරලා තීන වැඩේ පරපතලකම තේරුනේ ජූන්ට...

"අහ්..මන්..මේ.."

"ජිමින්..."

ජිමින්ව හොයන් ආපු හොබී දුර ඉදන්ම ජිමින්ට කතාකලා..

"අහ්..හියුන්ගි...මේ එනවෝ.."

කියපු ජිමින් ජූන්ට උත්තර බදින්නැතුව හොබී ලගට දුවලා ගියා..

"ඒ ටේටේ...මේකට මොකද කරන්නේ..😐"

"මේක කාටවත් දැනගන්න තියන්න එපා.."

"ඒත්..."

"ජිනී..මේක ගැරේජ් එක්කට දාලා හදවන්න.."

ටේටේ එයාගේ කාර්ඩ් එක ජින් අතට දීලා කිව්වා..

---------------------------------------------------

Taesha_ArmyGirlBTS 💝

මිස්ටේක් දැක්කොත් කියන්න..🙃

My army officerWhere stories live. Discover now