Chapter 5

210 49 41
                                    

*යාහ් යාහ් ඒ කොටියා කොහොමද මට එහෙම පුම්බන්නේ...

එයා දන්නෑ මන් කවුද කියලා..

මන් ජිමින්...නිකන් ජිමින් නෙමෙ පාර්ක් ජිමින්...

හහ්...සූදූ...දෙන්නේ කලු වෙන්න..

එයා එයා කොහොමද මන් වගේ ලස්සන කෙනෙක් ඒ වාහනේ ඉද්දි තබේකට මායිම් නොකර මොන පූසද එක්ක මල් කඩන්නේ..

මන් එයාව බෝංචි කඩනවා වගේ කෑලී කෑලිවලට කඩනවා..ඔව් බෝංචි කඩනවා වගේ කඩන්නේ..😐

මලක් දෙකක් කැඩුවට කමක් නෑ අපිට ආඩම්බරකම් පාන්නැතුව..

ඊටත් එයාගේ කෝල් එකෙන් පස්සේ ජුනී කතාකලේම නැති තරම්...

එයා හිටියේ මලගෙයක් එවලේ උනා වගේ..ජිනීගේ ජෝක්ස්...ඒවත් නතර වෙලා කට්ටියම හොල්මන් වෙලා හිටියේ..

එයාගේ පූසා ඒ තරම් කෙනෙක්ද..එයාගේ පෙනුම මොන වගේ ඇතිද දන්නෑ..

එයාට මන් වගේ නටන්න එහෙම පුලුවන්ද දන්නෑ..*

"මොනාද බේබී අහස පොලව ගැටගහන්න කල්පනා කරන්නේ.."

ජිමින්ගේ කල්පනා ලෝකේ කුඩේ කුඩු කරපු අජුම්මා ජිමින්ගෙන් ඇහුවා..

"අච්චර රවුන්ව පායලා තීන ඉරට ඉර කියන්නේ ඇයි කියලා.."

මේ කිසිම ලස්සනක් නැති 😌 කතාවත් කරලා නැති කොල්ලෙක් ගැන නේද හිත හිත හිටියේ කියලා මතක් උනාම ජිමින්ට මැරෙන්න හිතුනා..

මොන කෙහෙල්මලකට හරි එයාට අර ආඩම්බරකාර ආමි ඔෆිසර්වර් හිතෙන් අයින් කරන්න බැරුව හිටියේ..

එයා නිකන් අමුතුලෝකෙක ඉන්නවා  වගේ හැගීමක් ජිමින්ට දැනුනා..

"හැබෑට ඒ ඇයි බේබී.."

ටිකවෙලාවක් කල්පනා කරපු අජුම්මා කම්මුලේ අතත් තියන් ජිමින්ගෙන් ඇහුවා..

"ඒක මන් දන්නවනම් මෙච්චර වෙලා කල්පනා කරන්නෑනේ අජුම්මා.."

කියපු ජිමින් ගස්සගෙන එයාගේ රූම් එකට ගිහින් දොරවහගත්තා..

ඊටපස්සේ වෙන කිට් එක්කට බැහැලා බයික් කී එකත් අරගෙන එයා පහලට ආවේ පොඩි රස්තියාදුවක් ගහන්න...

My army officerWhere stories live. Discover now