Chapter 6

210 44 17
                                    

"ටේ තාම ලෑස්ති නැද්ද..."

"මන් ලෑස්තියි...අපි යමු.."

"හ්ම්...එහෙනම් යමු..."

මෙච්චර වෙලා ටේගේ සායම් යවපු ජින් කී එකත් අරන් ඩිෆෙන්ඩර් එකට නැග්ගේ අද එයාලට කැශුවල් පිටින් චර්ච් එක්කට යන්න කියලා තිබුන නිසා..

අද ඒ චර්ච් එකේ ලොකු උත්සවයක් තියෙනවා..ඒ නිසා එහෙට විශේෂ අමුත්තොත් එනවා..

ඉතින් ඒහෙ ආරක්ෂාව ගැන බලන්න කියලා ෆාදර්ස්ලා ආමී එකෙන් ඉල්ලලා තිබුනා..

චර්ච් එකට ආපු මේ තුන්දෙනා ඩිෆෙන්ඩර් එකෙන් බැස්සාම ඒ අවට අයගේ ඇස් මෙයාලා දිහාට යොමු උනා..

මීට කලින් ආමි කිට් එකෙන්ම දැකලා තිබුන කොල්ලො තුන්දෙනා කැශුවල් කිට් එකට මාර ලස්සනට පෙනුනා..

ඉතින් මෙයාලා චර්ච් එක වටේ පොඩි සර්ච් එකක් දාලා පල්ලිය ඇතුල්ට ගියා..

ඒ යද්දි එයාලට ලස්සනම ලස්සන කටහඩක් ඇහුනා..

මේ තුන්දෙනා වශීවෙලා වගේ සින්දුවට කන්දීගෙන ඇතුලෙ බන්කුවක ඉදගත්තා..

"වාව්...ඒ වොයිස් එක පට්ට..."

"ඒකනේ...කවුද ඒ සින්දුව කියන්නේ.."

"අනේ මන්දා එයා අනික් පැත්ත හැරිලා නිසා මූන පේන්නෙත් නෑ.."

"බලමුකො සින්දුව ඉවර වෙද්දි මේ පැත්තට හැරෙයිනේ..."

"හ්ම්ම්...මොනා උනත් මෑන්ගේ කටහඩ මාර ලස්සනයී "

"ඇත්ත..."

ජින් කියපු දේට අනික් දෙන්නත් එකග වෙලා සින්දුව රසවින්දා..

එයාලා හිතපු විදිහටම සින්දුව ඉවර වෙද්දි  ඒක කියපු කෙනා එයාලගේ පැත්තට හැරුනා..

එතන හිටියේ...

එතන හිටියේ ජිමින්ගේ හියුන්ග් හොබී...

"වාව්..මෙයාට ලස්සනට සින්දු කියන්න පුලුවන්නේ..ඒ මදිවට එයත් ගොඩක් ලස්සනයි...ඒ මරුනේ"

"අහම් අහම්.."

"ජිනී ඔයා හොදින් නේද."

ජින්ට කින්ඩියට උගුර පාදපු ටේජූන් ජින්ගෙන් ඇහුවා..

My army officerWhere stories live. Discover now