Chapter 13

151 38 2
                                    

"ස්ස්.."

"ස්ස්..."

"මොකද අප්පා නයෙක්ද..."

"නෑ කොල්ලා නයෙක්..."

"කොල්ලා ලග ඉද්දි මට මොකටද ස්ස් ගාන්නේ..."

"අපේ නයි කොල්ලා ඔයා නිසා.."

"හහ්..මන් කවදද නයෙක් උනේ...ඒකත් ඔයාලගේ..."

"පොලොන්ගු උන අපි එක්ක රන්ඩු කරන්න ගත්තු දවසේ ඉදන්.ම්..ඒකනම් අනාගතේට අයිති ප්‍රශ්නයක්..නෙද ජුනී.."

"ඔව් මගෙ පූසෝ.."

"හහ්..මලකෝලන්.."

"මේ කුකි...අපි අද haeundae බීච් එකට යනවා..ඔයා එනවද අපි එක්ක යන්න.."

"මන් කොහොමෙයි එහෙ තනියම යන්න එන්නේ..."

ඩාන්සින් ක්ලාස් ඉවරවෙලා ගෙදර යන ගමන් හිටි කුකී නම්ගී දෙන්නා ලග ටිකක් නතරවෙලා එහෙම කියද්දි ඒ දෙන්නා කුකී එක්ක හිනාවුනා..

"අපි දෙන්නෙක්ම ඉද්දි ඔයා කොහොමද තනියම වෙන්නේ.."

"ඒ-"

"මෙන්න මෙහෙ එන්න කුකී..ඔයාගේ යාලුවා දැන් ටේ එක්කලා එහෙ ඉන්නේ ඒ නිසා බයවෙන්න දෙයක් නෑ..."

"ඔහ්..එයා එහේ.."

"ම්..."

"හරි එහෙනම් මන් එන්නම් ඔයාලා එක්ක යන්න..හැබැයි මේක බොරුවක් උනොත් ඔය දෙන්නටම අයි සී යූ එකේ තමයි ඉන්න වෙන්නේ.."

හා දත් දෙක උලුප්පලා එහෙම කිව්ව කුකී පූස් පූස්ගේ කැබ් එකේ ඩොර් එක ඇරලා ඇතුලට නැග්ගා..

ඊට පස්සේ එයා නම්ගී දෙන්නගේ ඇල්ම බැල්ම මැද haeundae බීච් එකට ආවා..

එහෙට ගිය ගමන් කැබ් එකෙන් බැස්ස කුකී තනියම බීච් එකට යන්න ගියත් ඊට ඉක්මන් උන ජූනී ගිහින් කුකීගේ අතක් අල්ලගද්දි කුකීගේ අනික් පැත්තෙන් හිටගත්ත යූන් කුකීගේ ඉනවටේ අතක් පටලගත්තා..

"මේ මොකද මේ..යූන් ගන්නයි කිව්ව තමුන්ගේ අත.."

"කවුරු ???"

"ආ මෙ...මෙ..."

යූන්..?? ඒක කුකී යුන්ගිට කතාකරන්න දාගත්තු නික් නේම් එකද ?

"හරි හරි..මන් ඒ නමට කැමතියි...අපි දැන් යමුකො අර ඩබල ලගට..."

කිව්ව යුන්ගි කුකී හිතන්නත් කලින් කුකීගේ කම්මුලෙන් පෙක් එකක් තිබ්බා...

few minute after

"ඕ මයි අයිස්..."

"ඌප්ස්...කුකී ඔයා ?? "

"යාහ් ජිමිනි...ඔයා මෙයාලට මාව එක්ක එන්න කිව්වේ ඔයා මේ කොටියව කිස් කරන එක පෙන්නන්නද..."

"මන් ??? මන් ඔයාව එක්ක එන්න කිව්වේ නෑ..."

"ඔයා මට එන්න කිව්වා කියලා මෙයාලා මට කිව්වනේ.."

"අපි කිසිම වෙලේට එහෙම දෙයක් කිව්වේ නෑ හාවෝ..අපි කිව්වේ ඔයාගේ යාලුවත් බීච් එකේ ඉන්නවා කියලා විතරයි.."

"අහ්..."

"ඔයාලා මොකටද මෙයාව එක්කන් මෙහෙ ආවේ..🙄"

"ඒක ඉතින් ඔයාගේ බෝයි පෙන්ගෙන් තමයි අහන්න ඕනී ජිමිනී.."

ටේටේගේ කරෙන් අත දාගත්තු ජුනී එහෙම කියද්දි ජිමින් ටේටේ දිහා කුතුහලෙන් බැලුවා..

"හොදයි මගේ චිමියෝ...මන් මේක ඔයාට දැන් ටිකකාලෙක ඉදන් දෙන්න හිටියේ.ඒත් අද තමයි මට ඒකට අවස්තාව ලැබුනේ..."

ජුනීගේ අත කරෙන් අයින් කල ටේටේ ජිමින් ලග වැල්ලේ දනගහද්දි ජිමින් එයාගේ කට අතකින් වහගත්තා..

මොකද එයාට තේරුනා ටේටේ එයාට ප්‍රපෝස් කරන්නයි යන්නේ කියලා..

"I love you soo much jiminie..will you marry me..."

"yes,I do..."

ජිමින් එයාගේ අත දික්කරන ගමන් ටේටේට කැමැත්ත පල කරද්දි ජිමින්ගේ අතට ලස්සන ලොකු ගලක් තීන මුද්ද දාලා ජිමින්ගේ අතින් පුන්චි කිස් එකක් තිබ්බා..

"I love you soo much taetae..."

දනගහන් හිටි තැනින් නැගිට්ට ටේටේට තුරුලු උන ජිමින් සතුට පිරුන කටහඩින් එහෙම කියද්දි ටේටේ ජිමින්ගේ නලලින් උනුසුම් හාද්දක් තිබ්බා..

"එහෙනම් කොල්ලො, මාෆියාකාරයින්ව අල්ලන්න ආව ඔයා රතු කොච්චි කරලව දැලේ දාගත්තා නේද..."

"😂😂😂"

ටේටේව හග් කල පූස් පූස් කිව්ව කතාවට කට්ටියම එක හඩින් හිනාවෙද්දි හිනා වෙවීම ජිමින්ව හග් කල කුකි ජිමින්ට සුභපැතුවා..

My army officerWhere stories live. Discover now