Chapter 9

196 41 11
                                    

"ජි ජිනී..."

"මොකක්ද ප්‍රශ්නේ ටේටේ.."

ටේටේගේ කටහඩ කවදාවත් නැතුව වෙවුලද්දි ජිනීත් කලබල වෙලා ඇහුවා.

"මන් කියන දේ හොදට අහගන්න.."

ටේටේ එයාගේ කදුලු එන ඇස් පිහින ගමන් කතාකලා..

"මොකක්ද අවුල කියන්න.."

"ජූන් ලග පාත ඉන්නවද.."

ජිනී කලබලෙන් කියද්දි ටේටේ ඇහුවා..

"හ්ම්..ඔව්.."

වටපිට බලපු ජින් ජිමින් එක්ක හිනාවේවී කතාකරන ජූන්ව දැකලා කිව්වා..

"ඔතනින් අයින්ට වෙන්න මට කියන්න දෙයක් තීනවා."

"හරි දැන් කියන්න."

"ජූන්ට මොකක් හරි බොරුවක් කියලා එයා එක්ක හොස්පිට්ල් එකට එන්න"

"ඒ මොකටද..මොකද උනේ.."

ජින් වැඩ කරන්නේ හමුදාවේ උනාට කවදාවත් නැති විදිහට ටේගේ කටහඩ දුක්බරවෙනකොට එයාට වාවගන්න බැරි උනා.

"ම්..මේකයි..අපේ පූස්...මගේ සුදූ..එයා.. එයා ICU..."

ටේටේ කටින් පිටවෙන්න දගලන ඉකිය ගිලගන්න ට්‍රයිකරන ගමන් කිව්වා..

"මොකක්...එ එයාට මොකද උනේ..අනේ ටේ මාව පිස්සු වට්ටන්න එපා.."

ජිනීගේ ඇස්වලට කදුලු පිරෙද්දි එයා කෑගහලා කිව්වා..

"ජිනී ඔයා ඔහොම උනාම කෝමද ජුනීව කන්ට්‍රෝල් කරගන්නේ.."

ටේටේ කතාකරේ හරියට මේ වෙලේ එයා ශක්තිමතව ඉන්නවා වගේ..

ඒත් එහෙම නෑ..

එයාගේ පවුල එයාගේ සහෝදරයෝ වගේ ලගින් ඉන්න අයට මොනාහරි උනාම ආමි පුහුනු කැලේ ඒකයි ඇත්ත..

"ඒත් ටේටේ...."

"ජූන්ව එක්කන් එන්න..මන් ලොකේශන් එවන්නම්.."

ටේටේ කදුලු පිහිදගන්න ගමන් කිව්වා.

"හරි.."

"සර් දැන් බ්ලඩ් ඩොනේට් කරන්න එන්න."

"දෙවියනේ පූස් පූස්ට ගොඩක් අමාරුද.."

නර්ස් කතාකරන එක ඇහුන ජිනී තවත් කලබල වෙලා ඇහුවා..

"මන් යන්න ඕනි ජිනී ඔයාලා ආවම හැම විස්තරයක්ම කියන්නම්.."

My army officerWhere stories live. Discover now