Chapter 1

532 67 34
                                    

මන් කිම් ටේහියුන්... දැනට බූසාන් වල දෙවෙනි අණ දෙන නිලධාරියා..

ලගදිම මට උසස්වීමක් ලැබෙන්න නියමිතයි..

මගෙ ලොක්කා වෙන පලමු අණ දෙන නිලධාරියාට හදිසි කැදවීමක් ලැබුන නිසා එයා සහභාගී වෙන්න තිබුන කලා උත්සවේට මට සහාභාගී වෙන්න උනා..

ඒකේ පොතක් එලි දැක්වීම,නවීන තාලේ නැටුම් සින්දු එක්ක සංස්කෘතිකාංග වගේ දේවල් වල අන්තර්ගත වෙලා තිබුනා

ඒ උනාට නම් මේක මහ කම්මැලි වැඩක්..

ඒත් ඉතින් මේකට සහාභාගී වෙන එක මන් කරන්නම ඕනි දෙයක් නිසා මගේ යාලුවා උන ජූන්ටත් මාත් එකක් එන්න කිව්වා..

පොඩී කුනු කුනුවකින් පස්සෙ එයා ඒකට යන්න කැමති උනා..

මායි ජූනුයි උත්සවේට ගිහින් ටික්කින් ඒක පටන් ගත්තා..

සාම්ප්‍රදායික නැටුමකින් ආරම්භ කරපු උත්සවේ ඊලගට තිබුනේ විදුහල්පතිගේ කතාව..

වැඩිය කතාකරන්නෑ කියලා කතාව පටන්ගත්ත මිනිහා පැයභාගයක්ම කාලා දැම්මා..

ඊට පස්සේ කට්ටියක් ඇවිත් එලිදැක්වෙන පොතේ පිටපත ගානේ ආරාධිත අමුත්තන්ට බෙදාගෙන බෙදාගෙන ගියා..

ඒ වැඩේ ඉවර උනාට පස්සෙ ආයේත් සාම්ප්‍රදායික නැටුමක් පටන් ගත්තා..

ඒ නිසා මන් අතේ තිබුන පොත කියවන්න ගත්තේ දැනටමත් මට නිදිමතක් ඇවිත් තිබුන නිසා..

"ඒ...ටේටේ.."

"ම්ම්..මොකද"

"මේ...ඔලුව උස්සලා බලනවකෝ.."

"ඇයි කියන්නකෝ..."

"කියන දේ අහනවකෝ...ඒන්ජල් කෙනෙක් ස්ටේජ් එක උඩ නටනවා"

"ඒන්ජල් කෙනෙක්.."

මන් ඔලුව උස්සලා ජූන් දිහා බලලා ඇහුවා..

"හ්ම්ම්...අර බලන්නකෝ අර මැද හරියට වෙන්න නටන්නේ..."

"කෝ...ඔහ්..එයාද.."

"ඔව් ඔව් මාර ලස්සනයි නේද..."

"ඕ ඔයාට හරියනවා..😄හා දත් දෙක්කුත් තියේනේ"

"යකෝ බෝ හරි කෙනාව නෙමේ දැකලා තීන්නේ...මන් කිව්වේ එයාට එහා පැත්තෙන් ඉන්න කෙනාගැන.."

ජූන්ගෙ හඩේ තිබුන තද ගතිය නිසා මන් උවමනාවේන් ඒ කියන්නේ කවුරුගැනද කියලා බැලුවා..

*දෙයියනේ...ඇත්ත නේන්නම්...මිහිපිට සුරදූතයෙක්...*

මට එයාගෙන් ඇස් අහකට ගන්න හිතුනෙම නෑ...

"ඔය කෙල ටික පිහිදගන්නවා කවුරුහරි දකින්න කලින්.."

ජූන් කියන එක ලාවට ඇහුනාම මන් කට දෙපැත්ත පිස්සෙ ඒක ඇත්තක් වෙන්නැතී කියලා හිතුන නිසා..

ඒත් මේ මෝඩයා කරලා තීන්නේ විහිලුවක් කියලා තේරුනාම මන් එයාට දවා අලුකරන බැල්මක් එල්ල කලා..

ජූන් ඩිම්පල් හිනාව දාලා හිනාවෙද්දි මන් මගේ ඇස් ආයේ ඒන්ජල් ලග නතර කලා..

එයා වේදිකාවේ වෙනුවට මගෙ හදවත උඩ නටනවා කියලයි මට හිතුනේ...

නැටුමෙ කොටසක් විදිහට වටයක් කැරකුන ඒන්ජල්ගේ ඇස් දෙක ඇසට ඇස ගැටුන තත්පරේ මගේ හදවත අමුතුම හිරියකින් ගැහෙන්න ගත්තා...

tharindhulakshitha මේ කතාව ඔයාට...☺️❤️

අප්ඩේට් ඉක්මන්ටම දෙම්න බැරිවේවී.. අනික් කතා එක්ක හෙමීට දෙම්නම්...🙂



My army officerWhere stories live. Discover now