✎වෛරයෙන් ඇවිලිලා තිබ්බ මගේ හදවත තාරකාවකින් අලෝක කලා..ඔබයි මගේ සඳ දෙව් දුව..මිනිස් වෙසින් ඇවිත් මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්යය වුනෙ ඔබයි..මම ඔබට ණය ගැතියි..ලස්සන මතකයන් ගොඩක් මට තිලිණ කලාට..තවත් වාරයක් ඔබ මගේම වෙලා මං ළගම ඉපදෙන්න..මේ සංසාරේ මං පතන එකම පැතුම.. වොල්කෝ්ට් දේශයෙ සැබෑම උරුමකරුවන් වූ අප ගෝත්රය මීට වසර දහස් ගණනකට පෙර අපේ මුර දේවතාවිය වූ සඳ දෙව්දුව විසින් අපගෙ මුතුන්මිත්තන් සදහා පවරා දුන් භූමිය වූ මෙම දේශය සියලු සතුරු ආක්රමණ දුක් පීඩා වැනි උවදුරු වලින් ආරක්ෂා වී තිබුණෙ සඳ දෙව් දුවගෙ හාස්කමකිනි. නමුත් හිටි හැටියෙම අපේ දේශය කරා පැමිණුණු සාපයක් මුලු දේශයම ගෝත්රයම ආගාධයට අදුරට අද දැමීමට ගත වූයෙ සුලු කාලයකි. දහස් ගනනින් ජීවිත... චන්ද්ර ලෝකයට පිටව ගියෙ තම මූතූන් මිත්තන් විසින් ආරක්ෂා කල ඔවුන්ගෙ මාතෘ භූමිය වන වොල්කොට් දේශය රැකීමට ජීවිතය පූජා කරමින්ය.