ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ
ʟᵒᵛᵉ ʙᵘˡˡᵉᵗ!
හායි ලමයි.. ඔන්න මම මේ කියන්න යන්නේ ගිය සතියේ මට දැනගන්න ලැබුන දෙයක් ගැන තමයි අද කතාව. මේක මේ සති දෙකකට කලින් උන දෙයක්... මම කතාව විදිහටම ලියන්නම් එතකොට ඔයාලාට තේරුම්ගන්න පුලුවන් නේ.
ᴋɪᴍ ʏᴇʀɪɴ's ᴠɪᴇᴡ
අද!
මගේ ජීවිතේ අමතක නොවෙන දවසක්..!
අද වගේ දවසක තමයි මට මගේ තාත්තාව නැති වුනේ.. ඒ පාලු පාරේ තනියම අඬ අඬා මම තාත්තව හොයා හොයා ඇවිද්දේ අන්තිමේ.. අන්තිමේ ඒ ලේ විල මැද අමු අමුවේ මරලා දාලා තිබ්බ මගේ තාත්තා දිහා බලාගෙන ඉද්දීම සිහිය නැතිවුනේ..
"ඔයා හොදින් ද?" මාව වැළඳ ගත්ත ජොන්ග්කුක් මගෙන් ඇහුවේ හරිම ආදරෙන්..
"හ්ම්ම්.. ඕ.." මමත් එයාව වැළඳගන්න ගමන්ම කිව්වා.. අපි ඇවිල්ලා හිටියේ මගේ තාත්තාගේ මතකාවර්ජන දිනය සමරන්න.. තාත්තාගේ සොහොනට යන්න කනත්තේ ගේට්ටුව ලග ඉදන් මම කල්පනා කලේ.. එයා ගැන.. හිතට දැනුනේ පුදුමාකාර බරක්.. එයා වෙනුවෙන් හරියට සාධාරණයක් ඉෂ්ට කරන්නත් බැරිවුනා වගේ මට දැනෙන්නේ..
"එන්න යං..." මගේ ඔලුව අත ගාලා ඔප්පා කිව්වා.. අන්තිමේ අපි හැමෝම කනත්ත ඇතුලට ගියා.. තාත්තාගේ සොහොන ලගට ගියපු අපි හැමෝම අපේ අත්වල තිබ්බ කපුරු මල් එයා වෙනුවෙන් තිබ්බා.
මගේ ඇස්වලට ඉබේම කදුලු ආවේ හිතට දැනුනු පුදුමාකාර හැගීම් ගොන්න නිසා.
"අඬන්න එපා... එයා හැමදාම අපි එක්ක ඉන්නවා.." මගේ උරහිස වටේ අත්දාලා මාව තුරුලු කරගත්ත ඔප්පා කිව්වේ මගේ නළලටත් හාදුවක් දීලා.
"එයා.. ගොඩක් වාසනාවන්තයි ඔයා වගේ දුවෙක් ලබන්න.." යුන්ගි කියද්දී අනික් අයත් ඔලුව වැනුවා..
"ඔප්පා.. මා එක්කම තාත්තාව මරපු ඒ මනුස්සයාට දඩුවම් දෙන්න එකතු වුනාට තෑන්ක්ස්.. මට හිතාගන්න බෑ මම ඔයාට මොනා කියන්න ද කියලා.. ඒ වගේම ඔයාලා හැමෝටම තෑන්ක්ස්.. ඒක.. මට කියන්නම ඕනේ දෙයක්..." මම ඉකි ගගහා ඇඩුවේ හැමෝටම ස්තූතියි කියන ගමන්..
"ආ... අඬන බබා ඇවිල්ලා මෙන්න..." ඔප්පා ගේ තුරුලේ ඉද්දී ජොන්ග්කුක් මගේ ඔලුව අතගාලා මට විහිලු කරන්න ගත්තා.. මම ඉක්මනටම ඔප්පාගෙන් අයින් වෙලා එයාට තුරුලු වුනා.. මට ටික වෙලාවක් ඒ විදිහට ජොන්ග්කුක් එක්කම ඉන්න ඕනේ වුනා.. එයාට තුරුල් වෙලා...
අනික් කට්ටිය මගේ තාත්තාට ආචාර කරලා එතනින් යන්න ගියේ අපි දෙන්නට ටිකක් තනියම ඉන්න දීලා..
"යේරිනා.. දැන් ඔය අඬන එක නවත්තන්නකෝ.. ඇයි ඔය තරම් අඬන්නේ?" මම එක දිගට අඬද්දී ජොන්ග්කුක් ඇහුවා..
"දන්නවා ද මගේ තාත්තාගේ ජීවිතේ කිසිම දෙයක් හරියට වෙලා නෑ.. එයා ථේ ඔප්පාගේ අම්මා ව බැන්දා ට ඒක නෙවේ එයාගේ ආදරේවුනේ... මගේ අම්මා... ඒත් මගේ අම්මාත් එයාට ද්‍රෝහී වුනා.. අන්තිමේ එයාට නිකරුනේ මැරෙන්නත් උනා.. ඇයි එහෙම වුනේ? ඇයි එයාගේ ජීවිතේ මෙහෙම වුනේ? එයාටත් ආදරයක් ලැබෙන්න තිබ්බා නේද? අර ඔයා දවසක් කිව්වේ ලව් බුලට් එකක් ගැන.. ඇයි මගේ තාත්තාගේ ජීවිතේට ලව් බුලට් එකක් වැදුනේ නැත්තේ? ඇයි? ඇයි? ඇයි? ජොන්ග්කුකී...?" මගේ හදවතට දැනුනේ පුදුමාකාර දුකක් මගේ තාත්තා ගැන හිතලා.. කවදාවත් ආදරේ ලබන්නේ නැතුව එයා කොච්චර දුක් වෙන්න ඇති ද? එයාට කොහොම දැනෙන්න ඇත්ද?
එයාගේ ජීවිතේ කොහොම තියෙන්න ඇත්ද?
අනේ මට එයා එක්ක තව කල් ඉන්න තිබ්බා නම් එකට...
ජොන්ග්කුක් මාව එයාගෙන් ඈත් කරලා මගේ ඇස් දිහා කෙලින් බැලුවා.. දිගටම මගේ ඇස් දිහා බලාගෙන හිටපු එයා හිමින් කතා කරන්න ගත්තා..
"යේරිනා.. ඔයා...! ඔයා තමයි ඒ.." එයා කිව්වේ හරිම ආදරෙන් මගේ කම්මුල් වල තිබ්බ කදුලු පිහදාන ගමන්.
"මම? මම මොකක්ද?" මම ඇහුවේ වෙව්ලන තොල් එක්ක.
"ඔයා තමයි මිස්ටර් කිම් ගේ.. එහෙමත් නැත්නම් ඔයාගේ තාත්තාගේ.. ලව් බුලට් එක.. එයාගේ ජීවිතේ සතුට වුනේ ඔයා.. ඔයා විතරයි.. එයාගේ හදවතට සතුට ගෙනාවේ ඔයා... ලව් බුලට් එකක් කියන්නේ ගෑනු ලමයෙක් ට පිරිමි ලමයෙක් ගැන ඇතිවෙන ආදරේම නෙවේ.. හදවත පුපුරලා දාන්න පුලුවන් තරම් ගොඩක් තදින් දැනෙන ආදරණීය බැදීමට.. ඉතින් ඔයයි ඒ.. ඒ නිසා හිතන්න එපා ඔයාගේ තාත්තා ආදරයක් නැතුව ජීවත් වුනා කියලා.. ඔයාගේ ආදරේ තමයි එයාව ජීවත් කලේ.. වගේම කරන්නෙත්.. බලන්න.. එයා තාමත් අපි අතර ඉන්නවා.. ථේහ්යොන්ග් හ්යොන්ග්ට නම් එයාව මතකවත් නෑ.. මම, අපේ හ්යොන්ග්ලා කවුරුත් එයාව දන්නෙවත් නෑ.. ඒත් ඔයාගේ හදවතේ එයා ගැන තියෙන මතක, ඒ ආදරේ.. ඔයාගේ තාත්තාව අපේ හදවත් ඇතුලෙත් ජීවත් කරනවා යේරින්.. ඔයයි ඔයාගේ තාත්තාගේ ලව් බුලට් එක.. ඒ වගේම මගෙත්.." අන්තිම ටික කියලා ජොන්ග්කුක් මගේ කම්මුලෙන් උණුසුම් මතකයක් තිබ්බා..
මම එයා දිහා බැලුවේ ගොඩක් ආදරෙන්... එයා කියනවා වගේම ඒ මම ද?
හ්ම්ම්.. එයා තාමත් ජීවිත් වෙනවා තමයි.. මගේ හදවතේ හැමදාම එයා ජීවත් වෙනවා.. ඒ නිසා ජොන්ග්කුක් කියන දේ ඇත්ත වෙන්න ඇති..
"මිස්ටර් කිම්..," ජොන්ග්කුක් එකපාරටම තාත්තාගේ සොහොන දිහා බලාගෙන කතා කරන්න ගත්තේ හරිම ගෞරවයෙන්.. මම එයා දිහා බලාගෙන හිටියේ හරිම සතුටින්.. එයාව මට ලැබුන එක ගැන.
"මම ඒක ගොඩක් කල් ඉදන් හිතාගෙන හිටියා යේරින්ගෙන් අහන්න.. ඒත් අද තමයි හොදම දවස.. ඔයා ඉස්සරහා දී ම අහන්න ඕනේ...." එහෙම කියලා ජොන්ග්කුක් මගේ දිහා ට හැරුනා..
'මොකක්ද?' මම එයා දිහා බැලුවේ පුදුමයෙන් වගේ...
"යේරිනා,.. මගේ ජීවිතේ ලව් බුලට් එක.. හරියටම කිව්වොත් මාව පිස්සු වට්ටපු පිස්සු කෝච්චිය.." හයියෝ.. මොනාද මේ කියන්නේ.. "ජොන්ග්කුක් මොකද මේ..? මොනාද.." එයා එකපාරට මගේ අත් දෙක අල්ලගත්තා..
"ඔයා මාව බදිනවා ද?"
.
.
.
ඒ වචන..
මගේ හදවත නතර කලා වගේ..
"ආ...හ්?" වෙව්ලන තොල් එක්ක මම ඇහුවේ ඇස්වලට කඳුලු පිරෙද්දී..
"මාව.. බදිනවා ද මයේ ලව් බුලට්?" මගේ කනට ලංවුන ජොන්ග්කුක් රහසින් ඇහුවා..
මගේ තොල්පෙති වලට හිමින් හිමින් හිනාව මතුවුනේ.. තාමත් හිතාගන්න බෑ එයා මේ අහන දේ.
"අනී...?? (නැද්ද??)" එයා හිමින් අහද්දී... මම එයාව තද කරලා තුරුල් කරගත්තේ එයාට මගෙන් ඈත් වෙන්න බැරි වෙන්න..
"නේ.. අනිවාර්යෙන්ම!"
ඒ ගමන්ම ම මට දැනුනේ මගේ නලලට තද වුනු ඒ තොල්වල උණුසුම...
✄╌ ╌ ╌✄╌ ╌ ╌✄╌ ╌ ╌✄╌ ╌ ╌✄
😁
ඉවරයි!