ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓

By Miss_Mint_Choco

52.7K 8.1K 1.2K

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ එකමත් එක අඳුරු රාත්‍රියක, පාලු පාරකදී අහම්බෙන් වගේ කිම් යේරින්ට මුණගැහෙනවා ජොන් ජොන්ග්කුක්... More

©️Copyright
💕Teaser💕
💕Episode 01💕
💕Episode 02💕
💕Episode 03💕
💕Episode 04💕
💕Episode 05💕
💕Episode 06💕
💕Episode 07💕
💕Episode 08💕
💕Episode 09💕
💕Episode 10💕
💕Episode 11💕
💕Episode 12💕
💕Episode 13💕
💕Episode 14💕
💕Episode 15💕
💕Episode 16💕
💕sᴘᴇᴄɪᴀʟ: 01💕
💕Episode 17💕
💕Episode 18💕
💕Episode 19💕
💕Episode 20💕
💕Episode 21💕
💕Episode 22💕
💕Episode 23💕
💕Episode 24💕
💕Episode 25💕
💕Episode 26💕
💕Episode 27💕
💕Episode 28💕
💕Episode 29💕
💕Episode 30💕
💕Episode 31💕
💕Episode 32💕
💕Episode 33💕
💕sᴘᴇᴄɪᴀʟ: 02💕
💕Episode 35💕
💕Episode 36💕
💕sᴘᴇᴄɪᴀʟ: 03 ᴘʀᴇᴠɪᴇᴡ💕
💕Episode 37💕
💕Episode 38💕
💕Episode 39💕
💕sᴘᴇᴄɪᴀʟ: 03💕
💕Episode 40 (Last Episode)💕
💕Invitation💕
💕ᴏⁿᵉ ʏᵉᵃʳ ᴀⁿⁿⁱᵛᵉʳˢᵃʳʸ 💕
💕sᴘᴇᴄɪᴀʟ: 04💕
💕sᵉᶜᵒⁿᵈ ʏᵉᵃʳ ᴀⁿⁿⁱᵛᵉʳˢᵃʳʸ 💕
💕 Posters 💕
Watt_Cafe Editor's Choice: The Best Books

💕Episode 34💕

860 130 14
By Miss_Mint_Choco

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ

ᴄʜᴀᴘᴛᴇʀ 08
ᴅᴏɴ'ᴛ ʟᴇᴀᴠᴇ ᴍᴇ!
ᴘᴀʀᴛ 04

වේලාව : රෑ
ස්ථානය : පාර

ᴋɪᴍ ʏᴇʀɪɴ's ᴠɪᴇᴡ

(පසුගිය මතකයන්)

අන්තිමේ Jungkook මට කැමැතියි කිව්වා...

ඒක නම් හීනයක් වගේ...

හැමදේම හරිම සතුටින් තිබ්බේ...

ඒත් මට Oppa ත‍් එක්ක සීරියස් කතාවක් දාන්න ඕනේ උනාට පස්සෙ හැමදේම ඉවර උනා..

අැයි Oppa මෙච්චර තාත්තා ට වෛර කරන්නේ කියලා මම දන්නවා...ඒ එයා ව තාත්තා දාලා ගියපු නිසා...

ඒත් ඒ හැමදේම දැන් ඉවරයි නේ....

එයා දැන් මැරිල...

ආපහු කවදාවත් ම එන්නේ නැහැ අපි ළඟට...

එයා ට වෛර කරලා වැඩක් නැහැ දැන්...

අැයි එක තේරෙන්නේ නැත්තේ මේ Oppa ට?

*✲゚*。✧*✲゚*

(අද කතාව)

මගේ අැස් වලින් එක දිගටම කදුළු කඩන් වැටුණා...

මේ කළුවරේ සීතලේ.... මම තනියම පාර දිගේ ඇවිදගෙන ගියා.

මම අත් දෙකෙන් මගේ උරහිස් අල්ලගෙන වකුටු වෙලා වගේ ඇවිද්දේ.... පුදුම සීතලක් තිබ්බේ... ඒ අස්සේ මේ ගවුමේ අත් කොටයි නේ.... එපා වෙනවා.... මෙහෙම අත් කොට ඒවා අඳින්න මම කැමති නැහැ. Oppa දුන්න පලවෙනි ඩ්‍රෙස් එක නිසා තමයි මොකුත් නොකියා ඇන්දේ...

අම්මෝ සීතල.... මේ හුළඟ නවතින්නේ නැද්ද?

මොනා උනත් මට Oppa එක්ක මෙච්චර තරහ ගන්නේ නැතුව ඉන්න තිබ්බ....

ඒ උනත්.... ඒ... උනත්.... එයා.... එයා.... ට බැරිද මන් වෙනුවෙන් වත්.... තාත්තා ව මරපු කෙනා හොයාගන්න උදවු කරන්න?

මට ඉකි ගැහුනා...

මම පාර මැද නැවතුනේ ඉබේටම යි..

මට තවත් ඇවිදින්න බැහැ වගේ..... මට දැනුනේ.... මට දැනුනේ... එදා තාත්තා.... තා....ත්....තා.... නැති වෙද්දී දැනුනු හැඟිම්.... මයි....

"Yaaa.. මේ සීතලේ මෙහෙම ගිහින් ඔයා ලෙඩ වෙයි..." මගේ තාත්තා ත‍් එදා මට එහෙම කිව්වා....

එයා මට උණුසුම් කෝට් එක දාලා මාව එයාගෙ පැත්තට හරවා ගත්තා...

මම එයා දිහාම බලන් හිටියා....

මගේ උරහිස් වලට බර වුණු එයා... මගේ මූණට එබුණා...

"මොකද මේ මෙච්චර අඬන්නේ?" එයා මගේ කදුළු පිහ දැම්මා....

මට තවත් ඉවසගෙන ඉන්න බැරි උනා..

මම එයාව හයියෙන් බදා ගත්තා...

ඒ උණුසුම... ඒ හද ගැස්ම... මට මතක් කලේ තාත්තා ව... මන් දන්නේ නැහැ අැයි කියලා.....

මට ඕනෙ උනේ... එයාගෙ තුරුලේ ගොඩක් වෙලා ඒ විදිහට ඉන්න...

මට අමතක උනා... අපි ඉන්නේ පාරේ කියලත්... අනික ඒක කොච්චර සීතල වෙලාවක් ද කියලත්...

මට ඕනෙ උනේ එ උණුසුමේ තව ටිකක් ඉන්න විතරයි.... ගොඩක් ආදරෙන්....

එයා මාව එදා වගේ ම ඔලුව අතගාලා සැනසුව....

ඒක මට ගෙනාවේ පුදුම ආදරයක්....

මගේ ජීවිතේ මට එහෙම ආදරෙන් ඉඳලා තියෙන්නේ මගේ තාත්තා විතරයි... වෙන කවුරුත් නැහැ.... ඒත් දැන්.... Jungkook! ඒ නිසා වෙන්න ඇති... එයාව මට තාත්තා වගේම ආදරෙන් දැනෙන්නේ...

මම කැමැතියි ඒ හැඟීමට...

නැහැ...

මම ඒ හැඟීමට ත‍් ආදරෙයි...

මම තව තවත් එයාට තුරුල් උනා...

මම දන්නේ නැහැ අැයි මට මේ තරම් ඉකි ගගහා ඇඬෙන්න කියලා....

Oppa එක්ක රණ්ඩු උන නිසා ම ද?

සමහරවිට.... මට තාත්තා මතක් උන නිසා වෙන්න ඇති...

ඔව් අද Oppa ව හම්බුන නිසා මට තාත්තව මතක් උනා වැඩියි. මට Oppa ව කොච්චර නුහුරු උනත්... කට්ටිය එක්ක ඉද්දි මම ට්‍රයි කලේ එයාව තවත් අදුර ගන්න... මම හිතුවෙ එයා මට නංගී ට වගේ කතා කරයි කියලා... හැබැයි එයා එහෙම කතා කළේ.... Jungkook එක්ක මම ඉන්නවා දැකල විතරයි...

ඒ වෙලාවේ එයා අපි දෙන්න මැද්දට ආපු එකට එක පැත්තකින් මට ගොඩක් සතුටුයි... මොකද එයා මගේ අයියා විදිහට ඉන්න එකට මම කැමතියි...

අනේ මන්දා මගේ ඔලුව ත‍් රිදෙනව මෙවා කල්පනා කරලා.

"Yaaa... අද දවසම අඬනවා කියලා බාරයක් වත් උනාද? මොකද මේ? Yaaaaaa......." එයා මාව එයාගෙන් ඈත් කරල මගේ මූණ ට ආපහු එබුනා.

අැස් පිල්ලමක් ගහලා අැස් අරින මොහොතට මගේ තොල් වල ට උණුසුමක් දැනුනා...

මාව නිකන් ගල් උනා වගේ මට දැනුනේ... මුළු ඇඟම හිරි වැටිලා ගියා... ඒ පුංචි උණුසුමට පුළුවන් උනා මගේ අැස් වල කදුළු හිදලා දාන්න....

"හැමදේම හරි හොඳද? කෝ එන්න..." එයා මාව ආපහු තුරුල් කර ගත්තා... හරිම උණුසුම් ව.... මම ත‍් පොඩි ලමයෙක් වගේ මුකුත් ම නොකියා හිටියා..

ඊට පස්සෙ මගෙන් ඈත් වෙලා.. යමු කියලා සන් කළා...

අඬපු නිසා නහය බුරුල් වෙලා... නහය උඩට ඇදපු මම යං කියලා ඔලුව වැනුවා...

අපි බස් හෝල්ට් එකට එනකන් ම මොකුත් ම කිව්වේ නැහැ... ඒත් එයා ඒ මුළු වෙලාවෙම මගේ අත අතෑරියේ නැහැ... එයා... එයා දිගටම මගේ අත අල්ලගෙන හිටියේ... ඒ කලින් Da Hee තුවාල කරපු අත.. අද මම ඒ බැන්ඩේජ් එක අයින් කලේ Oppa ගෙ ගෙදර දි...

Jungkook මන් දිහා බැලුවා... ඒ වෙද්දි අපි බස් හෝල්ට් එකේ හිටියේ... එයා මන් දිහාම බලන් හිටියා... මම කරගන්න දෙයක් නැතුව... එයා දිහා බලන් හිටියා... බිම බැලුවා... ආපහු එයා දිහා බැලුවා..

"Hyung එක්ක රණ්ඩු උන නිසාද ඇඬුවේ...?" අන්තිමේ එයා ඇහුවා... මම...? මම දන්නේ නැහැ.... අැයි මට ඇඬුනෙ කියලා.... තාත්තා ගැන හොයන්න Oppa බැහැ කිව්ව නිසා තමයි... ඒත්... ඒකම ද හේතුව?

ඔව් Oppa එක්ක රණ්ඩු උන නිසා තමයි මන් හිතන්නේ.... මට දැනුනේ.... මම මුළු ලෝකෙන් ම තනි උනා වගේ....

මම Jungkook ට මොකුත් ම කිව්වේ නැහැ... මම බිම බලාගත්තා... මට නිකන් දැනුනේ... කිසිම දෙයක් කියන්න බැහැ වගේ....

එයා මගේ අත අතෑරියා...

ඒ අැයි?

'මොකෝ?' මූඩ් එකෙන් මම එයා දිහා බැලුවා විතරයි...! මෙන්න එයා මගේ කරට අත ක් දාලා මාව එයා ළඟට ලං කර ගත්තා.....

ඈහ්?

"මෝඩි! මේවාට අඩන්න ඕනෙද? ආහ්!" එයා පූසෙක් වගේ පිඹලා මට සැර දැම්මා... Jungkook මේ විදිහට මාත් එක්ක ඉන්න පලවෙනි වතාව.... මාව එයාගෙ ම වගේ සලකල කතා කරන විදිහ... මට අණ දෙන විදිහ... මට අලුත් ම හැගිම් ඇති කළා...

"කෝ! මට පොරොන්දු වෙන්න ආපහු බොරු හේතු වලට අඬන්නේ නැහැ කියලා.....!"Jungkook සීරියස් විදිහට ඇහුව..

ඒ අහපු විදිහට....මට ආදරේ හිතුනා තවත්... මම දෙපාරක් හිතන්නෙ නැතුව ඔලුව වැනුවා.

"ෂුවර්?" මේ මොකද මේ?

මම ආපහු ඔලුව වැනුවා.

"එහෙනම් ඔන්න සීල් කරනවා!? හොදේ?" එයා මට ලං උනා..

ආහ්?

මේ මොකද මේ?

K-drama කරන්නද යන්නේ මෙතන?

දැන් මෙයා හදන්නේ මාව ආපහු කිස් කරන්නද?

ඉස්සෙල්ල මට කියන්නෙවත් නැතුව මාව කිස් කළා.. ඒ මගේ පලවෙනි කිස් එක. මම ලෑස්ති පිට ඉන්න කලින් කියන්න තිබ්බ නේ...! දැන් ආපහු එනවා සීල් කරන එකක් කියන්න... හහ්!

"අයින් වෙන්න! අයින් වෙන්න!" මම අහකට තල්ලු කළා එයාව...

"අැයි අැයි මොකද?" අැස් දෙකත් ලොකු කර ගත්ත Jungkook-ah මගේ න් ඇහුවා...

"Yaaa... ඉස්සෙල්ලා එක මට දැනුයි මතක් උනේ... ඔයා මගෙන් අහන්න එපැයි.... කලින්... ආ.. හ්?" අන්තිම හරිය මට කියවුණේ අඩ්ඩාවට... එයා මට හිනා උනා... එයාගෙ මුළු දත් සෙට් එකම එළියට දාල...

"ඒ ඔයාගෙ ෆස්ට් කිස් එක කියලා එහෙම කියන්න එපා හොදේ...!" හිනා වේගෙන ම මගේ කම්මුල මිරිකපු එයා කිව්වා...

ඈහ්?

මගේ මූණට එන්න ඇති ඒ පෙනුම....

Jungkook හිනාව නවත්තලා මන් දිහා බලපු විදිහට මට ඒක තේරුණා...

ඒත් එයා ට මුකුත් කියන්න හම්බුනේ නැහැ.... මොකද වෙලාවට බස් එක ආවා....

බස් එකට නැගල අපි පිටි පස්සට වෙන්න තිබ්බ සීට් එකක වාඩි උනා...

එයා තාම මගේ කරෙන් අත ගත්තෙ නැහැ...

එයාගෙ මූඩ් එකත් තාමත් අර කළින් තිබ්බ පුදුම වෙච්ච මූඩ් එකමයි...

"එතකොට.... ඔයා කියන්නෙ ඒ ඔයාගෙ.... ෆස්ට් කිස් එක කියලා ද?" අයියෝ ආපහු අහනවා ඒකම... ලැජ්ජයි අනේ.... මොනා අහනවා ද මන්දා!

මට මොකුත් කියන්න බැරි උනා.... නිකන් හිතා ගන්න බැරි උනා වගේ....

"Yaaa... කලින් කියන්න එපැයි.... එහෙනම් පලවෙනි කිස් එක ලස්සන..... ට....."

මේ මෝඩයා මොනාද මේ කියවන්නේ?

"විකාර දේවල් මවා ගන්නේ නැතුව ඉන්නවා..!" එයාගෙ නළල ට ඇඟිල්ලෙන් ඇනපු මම කිව්වේ හිනා වෙලා....

එයත් හිනා වෙලා මන් මන් දිහාට හැරුණා....

"ඉතින් ඇත්ත නේ කිව්වේ.... ලස්සන මතකයක් විදිහට තියෙන්න එපැයි... නැද්ද?" මෙන්න එහෙම කියලා ආපහු මගේ මූණට එබුණා. මම පස්සට උනා....

"ඒක ලස්සන මතකයක් තමයි කවුද දැන් නැහැ කිව්වේ...." Jungkook ව ගනන් ගන්නෙ නැතුව මම එයාට තුරුල් උනා.... මගේ ඔලුව එයාගෙ උරහිසේ තියාගත්තා... හරිම සනීපයි... අද හරිම මහන්සි දවසක්.... මෙච්චර විකාර දේවල් උනාට පස්සේ... ඔලුව තියාගෙන මෙහෙම නිදහසේ ඉන්න මගේ ම තැනක් දැන් මට තියෙනව.... කොච්චර ෂෝක් ද?

එයා මගේ කොන්ඩෙ අතරින් අත යවලා මගේ ඔලුව අත ගෑවා... මගේ අැස් පිය උනේ ඉබේටම යි..

"Yerin-ah......." මට නිදිමත හදන කටහඬින් තමයි එයා කතා කළේ...

"හ්ම්ම්ම්...." මට කට අරින්න කම්මැලි හිතුන... මේ Yoongi එක්ක ඉඳලා එයාගෙ කම්මැලිකම් මටත් පුරුදු වෙලා වගේ...

"ඔයා ට.... මීට කලින්.... බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉඳලා නැද්ද?" විකාර අහන එකෙත් සීමාවක් තියෙන්න ඕනේ....

"Yaaa... හීනෙන් කියවනව ද?" මගේ උත්තරේ උනේ ඒක.... මම තව තවත් එයා ට තුරුල් උනා....

ඒ ඇඟිලි තුඩු වලින් මගේ ඔළුවට දැනුනේ පුදුමාකාර නිදහසක්.....

අැස් හෙමින් හෙමින් බර වෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ...

පාවෙනවා වගේ හැගීමක් දැනෙන්න ගත්තා....

නිදහසේ පාවෙනවා....

හරිම නිදහසේ.......

කිසිම සද්දයක් බද්දක් නැතුව...

පුදුම නිදහසක් තිබ්බේ....

ඒත් එයාගෙ ඒ උණුසුම මට ගොඩක් ම හොඳින් දැනුනා...

"Yerin-ah... Yerin-ah... Yerin-ah..."  බුදු අම්මෝ!!!

මොකද? මේ....?

මම ගැස්සිලා ඇහැරුණා..

මේ මොකද මේ? Jungkook මෙච්චර කලබල වෙලා?

"අපි දැන් ම බහින්න ඕනේ..." Jungkook මගේ අතින් ඇද ගෙන ගියේ නිකන් පොඩි ලමයෙක් ව අම්මා කෙනෙක් පාර පනින්න ඇද ගෙන යනවා වගේ...

අපි දෙන්න බස් එකෙන් බැස්සා...

මේ.... ඒත්.... මේ අපි.. බහින්න ඕනේ තැන.... නෙවේ... නේද?

මම වටපිට බැලුව..

ඊට පස්සෙ මම ඉණට අත් දෙක තියාගෙන Jungkook දිහා බැලුවා...

"හරි හරි සොරි පැටියෝ... ඔහොම බලන්න එපා මටත් නින්ද ගියා ඉතින්.. කොහොමහරි අපිට හෝල්ට් ගොඩක් පාස් උනේ නැහැ... යාන්තම් එකයි.. එන්න කෝ.." මගේ ඉණ ට අතක් දාපු Jungkook මාව පාර අයිනට කරලා මගේ අතින් අල්ල ගෙන ඉස්සරහට ඇවිදින්න පටන් ගත්තා...

මම එයාගෙ මූණ දිහා බැලුවා... එයා එයාගෙ කම්මුල් වළ ගැහෙන විදිහට, දත් පෙන්නන්නේ නැතුව හිනාවක් දැම්ම...

(dimple කියන එකට සිංහල වචනෙ පණ එපා වෙනකන් හෙව්වා හම්බුනේ නැහැ.. ඒ නිසා මෙහෙම ලිව්වේ.. සිදු වූ ව්‍යාකරණ දෝෂයට සොරි😁)

"Yaaa.... Jungkook-ahhh...,,,, " මම හෙමි... න් කතා කළා...

"Yaaa? Ya! තාම ඔයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් ට කතා කරන්නේ Yaa කියලා ද?" ඔන්න ආපහු පටන් ගත්තා එයාගෙ සැර වොයිස් එකෙන් කතා කරන්න...

"හා ඔව් Yaaa... වේ? මම කතා කරන්නේ Yaaa කියලා තමයි!" අත් දෙක බැදගත්ත මම කිව්වා හෙන සීන් එකෙන්...

අැස් දෙක ලොකු කර ගත්ත Jungkook මට මොන හරි කියන්න ගියේ.... ඒත් ඒවාට වෙලා නැහැ.... මුලින්ම මම කියන්න ගිය දේ කියන්න ඕනේ....

"අහන්න කෝ... මේ ඔයා චණ්ඩියා වගේ මාවත් ඇද ගෙන කොහෙද මේ යන්නේ? මුලින්ම ඒක කියලා ඉන්න කෝ..." මම පොයින්ට් එකට ආවා... Jungkook ගෙ අැස් උඩ ගියා... චුට්ටක් වෙලා කල්පනා කරපු එයා...

"අැයි අපි මේ ඔයාගෙ ගෙදර නෙවේ ද යන්නේ? මේ පැත්තෙන් නේද යන්න ඕනේ?" Jungkook අත් දෙක බැඳ ගෙන ඇහුවා... මේකට හිනා නොවී ඉන්නේ කොහොමද කියන්න කෝ ඉතින්?

"අ.. නේ... ම... ම.... ට.... හාහාහා...." මට නම් හිනාව නවත්ත ගන්න බැහැ....

"හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා....." අම්මෝ දැන් නම් හිනා වෙලා බඩ ත‍් රිදෙනව.....

"හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා....." අැස් වලින් කදුළු ත‍් එනවා....

"හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා....." තව නම් බැහැ අනේ හිනාවෙන්න........

මම අන්තිමේ... පුදුම අමාරුවෙන් තමයි හිනාව නවත්ත ගත්තෙ.... Jungkook තාම අත් දෙක බැඳ ගෙනම මන් දිහා බලන් ඉන්නවා... හැබැයි දැන් නම් එයත් මන් දිහා බලන් ඉන්නේ හිනා වෙලා දත් ඔක්කොම ටික එළියට දාගෙන....

"ඉවර ද හිනා වෙලා?" එයා හිනා වෙලාම ඇහුවා... මම හිනා වෙන ගමන් ම ඔලුව වැනුවා...

එයා මගේ මූණට එබුණා...

"මේ ආපහු කඳුළු! මොකද අනේ මේ...." හිනාව නිසා මගේ අැස් වලට ආපු කදුළු පිහ දාන ගමන් Jungkook කිව්වා... කොච්චර දෙයක් ද එයා මන් ලඟින් ඉන්න එක?

එයා දිහා බලන් ඉද්දි මට හිතුනා....

"හරි හරි දැන් කියන්න කෝ... මැරෙන්න හිනා වුණේ අැයි කියලා..." ආපහු මට වැඩේ මතක් උනා...

"Yaaa...ඔයා ට තාම නිකන් වෙරි වගේ නැහැ නේද? ඔයා කොහෙද මේ මාව එක්කගෙන යන්නේ? අපි යන්න ඕනේ අර පැත්තට නේ..." මම අපි යන පැත්තට විරුද්ධ පැත්ත පෙන්නලා කිව්වා...

"අර පැත්තට? ෂුවර් ද?" මම ඔලුව වැනුවෙ ෂුවර් කියන්න...

"ඒත් දැන් බස් එක ගියෙත් ඒ පැත්තට නේ.... ඒ කියන්නේ...." අනේ.... අැයි Jungkook නිකන් සමීකරණයක් විසඳනවා වගේ දහ අතේ කල්පනා කරන්නේ?

"හා.... ඔව්... පැටියෝ... ඔයා කලබලේ ට මාවත් ඇදන් බැහැලා තියෙන්නේ හෝල්ට් එකක් පහු වෙලා නෙවේ, කලින්... එන්න එන්න යන්න දැන්..." මම ඇඟිලි තුඩු වලින් ඉස්සිලා Jungkook ගෙ ඔලුව අතගාලා කිව්වා... අද ඉතින් ඇඟිලි තුඩු වලින් ඉස්සුනාම මම උසයි... හීල්ස් දාගෙන නේ හිටියේ... හීහී....

"ඕඕඕඕ... සොරි මැඩම්.... එන්න කෝ ඉතින්..." එයා එයාගෙ අත අල්ලගන්න කියලා මට අත දුන්නෙ කුමාරිකාවක් ට වගේ...

"ඕඕර්ර්කේකේ...." මමත් එයාගෙ අතට අත දැම්මේ කුමාරිකාවක් වගේ.....

"නියමයි නේ ඉංගිරිසි ත‍් පුළුවන්ද?" එයා එහෙම ඇහුවෙ.. හිනා වෙලා..

නැත්නම්...! මම ඇහැක් ගහලා හිනා වුණා... අපි ටික දුරක් කිසිම සද්දයක් නැතුව ඇවිදගෙන ගියේ... අර කුමාරිකා ගමනින්....

ඒත් ආපහු Jungkook ගෙ මූණ ට සීරියස් පෙනුම ක් ආවා...

"අහන්න කෝ..." එයා මොනා හරි සීරියස් දෙයක් කියන්න යද්දී මුලින්ම පටන් ගන්නේ එහෙමයි කියලා මම දන්නවා දැන්..

ඒක නිසා මම හොඳ අවධානයෙන් එයා කියන දේ අහගන්න ඕනේ කියලා මූඩ් එකට ආවා....

"Hyung.... Hyung නරක කෙනෙක්... නෙවේ හොඳද...." Jungkook මගේ අැස් දිහා බලාගෙන කිව්වා...

මම කිසිම දෙයක් නොකියා එයා දිහාම බලාගෙන හිටියා... මට කිසි දෙයක් කියන්න හිතුනෙ නැහැ....

"hyung ව මම දන්නේ ගොඩක් කල් ඉඳලා.... අපි හැමෝම දැන් ගොඩක් කල් ඉඳන් යාළුවෝ.... Hyung... Hyung ගොඩක් ම... එයා.. ගොඩක් සංවේදී කෙනෙක්... එ නිසා... සිද්ද උන දේවල් එයාට දරා ගන්න අමාරු උනා..." Jungkook ගොඩක් දේවල් දන්නවා වගේ Oppa ගැන.

"... එයා පොඩි කාලේ ම.... තාත්තා දාලා ගියපු එක..... ඒක එයාට ගොඩක් ම දරා ගන්න අමාරු උනා..." Jungkook මන් දිහා බලන්නේ නැතුව කිව්වේ ඒ ටික.... හ්ම්ම්.... මට තේරුම් ගන්න පුළුවන්.... අඩු තරමේ මගේ පුංචි කාලේ හරි තාත්තා හිටියා... ඒත් Oppa ට.... Oppa ට එහෙම නැහැ... මම මීට වඩා හොඳට Oppa ව තේරුම් ගන්න ට්‍රයි කරන්න ඕනේ......

"...අනික... අනික Hyung ගෙ අම්මා වෙන කෙනෙක් ව බැන්ද.... එයා එච්චර හොඳ කෙනෙක් නෙවේ.... Hyung ගෙ අම්මව රවට්ටලා බැඳලා තියෙන්නේ සල්ලි වලට...." ඈහ්? Oppa ගෙ ජීවිතේ මෙච්චර දේවල් වෙලා තියෙනවා ද?

මට නම් හිතා ගන්න බැහැ...

"... Hyung ට සල්ලි තියෙන නිසා කවුරුවත් හිතන්නේ නැහැ.. එයාගෙ ජීවිතේ මෙච්චර දේවල් වෙලා තියෙනව කියලා.." දෙයියනේ මමත්... මමත් හිතුවේ නැහැ.. Oppa ට මෙච්චර කරදර තිබ්බ කියල....

මම හිතුවේ සල්ලි නිසා ඔලුව උදුම්මා ගත්ත කරදර කාරයෙක් කියලා....

අැයි මම එහෙම හැසිරුණේ?

අැයි මම Oppa ට එහෙම කතා කළේ?

මම එයාට හිතුවට වඩා නපුරු උනා නේ.....

මම නම් පුදුම කෙනෙක්.....

අැයි මම හැමවෙලේම කාවවත් විශ්වාස කරන්නේ නැත්තේ මුලින්?

අනේ....

මම මුලින් Jungkook ව හම්බුනාමත් එයා ට ගොඩක් නපුරු උනා....

ඒත් Oppa..... එයා මගේ Oppa කියලා දැන දැනමත්... මම......

ආ...... හ්......

Oppa තමයි දැන් මගේ එකම පවුල.....

අම්මා උනත්... මට කැමති නැහැ නේ.... අම්මා මාව එයාගෙ ලමයෙක් විදිහට වත් බලන්නේ නැහැ... Oppa විතරයි දැන් මට ඉන්න පවුල... ඉතින්.... මම කොහොමද.... Oppa ට එහෙම කතා කළේ.....?

"කෝ... මේ බලන්න...." මම කල්පනා ලෝකෙන් එළියට ආවා...

"අඬන්න එපා කියලා කී පාරක් නම් කියන්න ද ආහ්? කලින් අඩන එක නවත්තපු හැටි මතකයි නේ? ආපහු ආපහු අඩන්න එපා.... මට ඒ ක්‍රියාන්විතය ආපහු කරන්න කියලද ඔය කියන්නේ?"

ආහ්?

මම අඬලා?

මම මගේ කම්මුල් වලට ඇඟිලි තියලා බැලුවා... ඔව්මයි.... කදුළු වලින් පෙඟිලා ගිහින් කම්මුල්...

මම ඉක්මනටම කදුළු පිහ දාගත්ත..

"අන්න හොඳ ලමයා...!" මම අැස් වලින් ලොකු හිනාවක් දැම්ම...

"ඔයා කිසි දේකට බය වෙන්න එපා.... ඔයාගෙ තාත්තව මරපු කෙනා ව අපි හොයා ගමු හොඳද?" මන් ළඟට ලං උන එයා කිව්වා...

මම ඔලුව වැනුවා විතරයි.....

එයාගෙ අැස් වල තිබ්බෙ හරිම විශ්වාසයක්!

"අදම මම hyung ට කතා කරන්නම් මේ ගැන. හොදේ!" මගේ උරහිස් වලට බර වෙලා මූණට එබුන එයා කිව්වා... ඊට පස්සේ මගෙන් එයා ඈත් උනා...

ඒ කියපු දේට නම් ගොඩක් ම ආදරේ හිතුනා... එයාගෙ උරහිස් වලට අත් තියලා මම ඇඟිලි තුඩු වලින් ඉස්සුනේ... ඒ මාෂ්මෙලො වගේ කම්මුල් වලට පුංචි තෑග්ගක් දෙන්න....

ඒත්.... දෙය්යනේ..... ඒ එයා නේද....?

මම ඉක්මනටම Jungkook ව බදා ගත්තා...

එයාගෙ ජැකට් එක අස්සේ මම මූණ හංග ගත්තා...

"මේ මොකද මේ? ඔයා ආපහු අඬනවා කියලා නම් මට කියන්න එපා.... හොඳද.." මාව එයාගෙන් ඈත් කරන්න හදන ගමන් Jungkook සෙල්ලමට වගේ කියනවා ඇහුන...

"Yaaa... පිස්සු කරන්න එපා... පිටිපස්සෙන් එන මනුස්සයා මගේ බාප්පා... මාව දැක්කොත් ඉවරයක් කරයි... ඔය ඉන්න විදිහට ඔහොම්මම ඉන්න" මම රහසින් අණ කළා...

ඇස් දෙක ලොකු කරගත්ත Jungkook ව ගනන් ගත්තෙ නැතුව මම ආපහු එයාව බදා ගත්තා...

එයත් එයාගෙ අත් මගෙන් තිබ්බ.

හැමදේම නිහඬයි...

ඒත් අර මනුස්සයා ගෙ අඩි සද්දෙ මට දැනුනේ අහස කඩන් වැටෙනව වගේ.... අයියෝ යන්නේ නැද්ද මන්දා..... පුදුම වදයක් නේ..

හෙන වෙලාවක් එහෙම හිටියට පස්සේ එයා යන්න ගියා... එ වෙලාවෙ අපි හිටන් හිටියේ අපේ තට්ටු නිවාසේ ට යන්න තියෙන පාර ළඟ.. ඒක එච්චර ලොකු නිවාස සංකීර්ණයක් නෙවේ.... පරණ තට්ටු තුනක් විතරක් තිබ්බ නිවාස සංකිර්ණයක්.

මම Jungkook ගෙ ඇඟෙන් අයින් උනා...

අපි දෙන්නටම තේරුණා.... දැන් මම ගියොත් හොඳයි කියලා.....

මම එයාගෙ අත් දෙකින් අල්ලා ගත්තා.....

නැත්නම්... එයා මගේ අත් වලින් අල්ලගත්ත ද?

"දැන් මම ගියොත් හොඳයි නේ....?" මම ඇහුවේ... Jungkook මගේ අත් අතාරින පාටක් නැති නිසා...

"දැන් ම?" මේ මොකද අනේ? නිකං පොඩි බබෙක් වගේ අහන්නේ?

එයා දන්නවා නේ දැන් රෑ වෙලා කියලා.....

"හ්ම්ම්..." මම හිනා වෙලා කිව්වා....

එයා ලාවට තොල හපාගෙන මන් දිහා බලන් හිටියා....

"යන්න ම ඕනෙද?" ආපහු පාරක් ඇහුවේ මගේ කන් වලට ලං වෙලා....

"හ්ම්ම්..." මමත් එයාගෙ කන් වලට හිමි..න් කිව්වා...

"අනේ......" මෙහෙම ගියොත් අද මට යන්න වෙන්නේ නැහැ...

"Yaaa.. මම යන්න ඕනේ.. බාප්පා ත‍් ගෙදර ගියා.. එයා ට හොරෙන් පැන ගන්න ඕනේ.. යනවා හොදේ!!" වේගෙන් මෙහෙම කියපු මම එයා මට නැමිලා හිටපු එකෙන් ප්‍රයෝජන ගන්නත් එක්ක... වේගෙන් වගේම ඉක්මනින්... පුංචි කම්මුල් වලට පුංචි හාදුවක් දුන්නා....

ඒ ගමන් ම මම දුවගෙන ගියේ ආපහු පස්ස බලන්නේ නැතුව... දුවලා ගිහින් නැවතුනේ ගෙදරට යන්න තියෙන පඩිපෙළ ළඟ... මම හිනා වෙලා Jungkook ට අත වැනුවා...

එයත් මට අත වැනුවා...

පඩිපෙළ නැගලා මම ගෙදර ඇතුලට යන දොර ගාවට ආව... ආපහු පිටිපස්ස හැරිලා බලපු මට පහළ ඉන්න Jungkook ව පේනවා... එයා තාමත් බලාගෙන ඉන්නවා මම ඇතුලට යනකන් ම.

අඩි කීපයක් ඉස්සරහට ආපු මම එයාට ආපහු අත වැනුවා... එයත් මට අත වැනුවා.. ආපහු....

අනේ දෙයියනේ....! අද නම්.... කොච්චර ලස්සන දවසක් ද?

මගේ ජීවිතේ හැමදාම මේ වගේ ලස්සන කරන්න කෝ...

හැමදාම...... ගොඩාක් ලස්සන කරන්න...

ප්ලීස්...!

⋘⋘↻⋙⋙

ᴊᴇᴏɴ ᴊᴜɴɢᴋᴏᴏᴋ ᴠɪᴇᴡ

(පසුගිය මතකයන්)

අද?

අද...... අද නම් දේව දූතයෙක් තෑගි ලැබුණා දවසක් ද කොහෙද!....

හැමදේම හිතා ගන්න බැරි උන විදියට උනේ...

අන්තිමේ මගේ හිතට හයියක් ආවා! එයාට කියන්න.... මම එයාට කොච්චර ආදරෙයි ද කියලා...

ඒත් හිටිහැටියේ මේ අය්යා නගෝ දෙන්න රණ්ඩු උනානේ...

*✲゚*。✧*✲゚*

(අද කතාව)

මම Yerin ගෙ කෝට් එක අතට අරගෙන එලියට බහින්න හැදුවේ...

"Yaaa... මේක අමතක උනාද?" Jin hyung මට ජැකට් එක දුන්නෙ වෙලාවට නැත්නම් මට අමතක වෙනවා ඒක..

හැමතැනම කරුවල යි... සීතලයි....

මම ඉක්මනට ජැකට් එක ඇද ගත්තා... දැනටමත් මාව කට කට ගාලා ගැහෙන්න වගේ යන්නේ...

වැඩේ කියන්නේ මේ හරියේ ලයිට් කණු තිබ්බට ඒවගෙ එළිය මදි මේ තියෙන කරුවල නැති කරන්න.

මේ Yerin-ah කොහේ ගියාද මන්දා...

ඒත්...

අැයි මේ දෙන්න හිටි හැටියේ ම රණ්ඩු උනේ?

අපි දැන් හොඳට හිටියා නේ....

එයාල එයාලගෙ තාත්තා ගැන කතා කළා කියලා මම දන්නවා...

ඒක නිසා තමයි මේ රණ්ඩු ව ඇති උනේ...

හ්ම්ම්...

කොහේ ගියාද මන්දා....

ආහ්... අර යන්නේ....

මම ඉක්මනට ම එයා ළඟට දුවගෙන ගියා..

"Yaaa.. මේ සීතලේ මෙහෙම ගිහින් ඔයා ලෙඩ වෙයි..." මම එයාට කෝට් එක දැම්මා.... ඊට පස්සේ මගේ පැත්තට හරවා ගත්තා... එයාගෙ උරහිස් වලට අත් තිබ්බ මම එයාගෙ මූණට එබුණා..

මුළු මූණ ම රතු වෙලා හොදටම... නැතුව! මේ සීතලේ අඩන්න ගත්තාම ඔහොම තමයි.

"මොකද මේ මෙච්චර අඬන්නේ?" ඒ කදුළු පිහ දාන ගමන් මම ඇහුවේ ආදරෙන්... අනේ මේ ලමයා ට නම් පිස්සු කොයි වේලේ ත‍් අඩනවා... දැන් මේක පුරුද්දට ගිහින් වගේ...

ආහ්!

මෙන්න එකපාරටම එයා මාව හයියෙන් බදා ගත්තා...

මේ මොකද මේ?

මම හොඳටම පුදුම උනා...

අඩනවා..., අඩනවා..., අඩනවා....

මම එයාගෙ ඔලුව අතගාලා උරහිසට පොඩි තට්ටුවක් දාල සැනසුව... වෙන මොනා කරන්නද?

ඒත් මේ අඩන එක නම් නතර වෙන්නේ ම නැහැ නේ...

"Yaaa... අද දවසම අඬනවා කියලා බාරයක් වත් උනාද? මොකද මේ? Yaaaaaa......." මට කොහොමත් මෙයාට පොඩි සද්දයක් දාන්න ඕනේ වෙලා තිබුණේ...

එහෙම කියලා එයාව මගෙන් ඈත් කරල පොඩ්ඩක් සැර කරන්න කියලා හැදුවේ....

ඒත් ඒ පුංචි ලමයෙක් වගේ මන් දිහා බලන් හිටපු අැස්.....! සීතලට තවත් රතු වෙලා තිබ්බ තොල්....

මාව නැවැත්තුවා....

ඒ අැස් වලින් ගලන කදුළු මගේ හදවත නවත්තනවා වගේ මට දැනුනේ...

ඉන්න කෝ ඔක්කොටම කලින් මේ ඇඬිල්ල නවත්තලා ඉන්න..

ඒ තොල් පෙති වල තිබ්බෙ අයිස් වගේ සීතලක්.... හරිම සීතලයි...

තත්පරයකට ත‍් වඩා අඩු ඒ පුංචි වෙලාවට... මට දැනුනේ.. ඒ තොල් වල තිබුන ඇඟ හිරි වට්ටන සීතල..

Yerin ගෙ ඇස් වලින් අන්තිමේ කදුළු එන එක නැවතුනා... අැස් දෙක නිකන් බිත්තර ගෙඩි දෙකක් වගේ ලොකු කරන් බලන් ඉන්නවා... දැන් නම් මට හිතෙනව මෙයා කෙලින්ම Taehyung hyung ගෙ කපාපු පලුව කියලා... දෙන්නගෙම හරි අමුතු රිඇක්ෂන් නේ තියෙන්නේ...

"හැමදේම හරි හොඳද? කෝ එන්න..." ඇත්තටම ඒ වෙලාවේ තිබ්බ සීතලට මට එයාව දිගටම බදා ගෙන ඉන්න හිතුනට... එයා ට අවුලක් නැහැ කියලා දැනුනා ම මම එයාගෙන් ඈත් උනා....

ඊට පස්සෙ අපි දෙන්න බස් හෝල්ට් එකට එකට ඇවිදගෙන ගියා... Yerin ගෙ සීතල උන අත අතාරින්න මට හිතුනේ නැහැ.... මට ඕනෙ උනේ... මම එයත් එක්කම ඉන්නවා කියලා එයා ට දැනෙන්න..

බස් හෝල්ට් එකේ තිබ්බ ලයිට් එක Yerin ගෙ මූණට වැටිලා... අම්මෝ අද මෙයාගෙ ලස්සන... කවුරුහරි දැක්කොත් උස්සන් යනවා.... මාව පිස්සු වට්ට වට්ටන්න වගේ මෙයා හදන්නේ....

මම එයා දිහා ම බලන් ඉද්දි.. Yerin.. එයාගෙ තොලක් බාගෙට හපා ගෙන මන් දිහා බලන් ඉන්නවා... ආපහු බිම බලනව....

මට නිකන් දැනුනේ... මට කරන්ට් වැදෙනවා වගේ...

ආපහු නිකන්.. නිකන්.... ඒ තොල් මට කතා කරනවා වගේ..... ආපහු නිකන් මට ලං වෙන්න කියනවා වගේ... ආපහු.... ආපහු.... ඒත් බැහැ නේ... හ්ම්ම්... Yerin ට යකා නගියි.

"Hyung එක්ක රණ්ඩු උන නිසාද ඇඬුවේ...?" අන්තිමේ මම ඇහුවා...

Yerin මන් දිහා බලපු විදිහට... මට තේරුණා එකට උත්තරේ ඔව් කියලා... ඒත් මන් දන්නවා මේ මෝඩි ඒක පිළිගන්න කැමති නැහැ කියලා... මෙයත් ඉතින් Taehyung hyung වගේ ම නේ...

එකම ලොකු කම තියෙන්නෙ දෙන්නටම...

අනේ මගේ පුංචි මෝඩි...

මම එයාගෙ කරට අතක් දාලා එයාව මගේ ළඟට ගත්තා...

"මෝඩි! මේවාට අඩන්න ඕනෙද? ආහ්!" දැන් නම් පොඩ්ඩක් සැර කළා... චුට්ටක් විතර කියුට් විදිහට....

පොඩ්ඩක් අවුස්සන්න හිතුනා ඉතින් මගේ කෙල්ලව..  හාහාහා...

"කෝ! මට පොරොන්දු වෙන්න ආපහු බොරු හේතු වලට අඬන්නේ නැහැ කියලා.....!" හැමවෙලේම මෙයා මෙහෙම අඩන්න ගියොත් ලෙඩ වෙයි නේ.... අනික මෙයාට තේරෙන්නේ නැද්ද මට කොච්චර දුක හිතෙනව ද කියලා මෙහෙම මෙයා අඬද්දී...

මෙන්න අහපු සැනින් ඔලුව වනලා හා කිව්වා....

අනේ චුටි ම චුටි බෝනික්කන් වගේ අද නම්.... හරිම ලස්සනයි... මේ ගවුම... එයා ට ම ගැලපෙනවා...

"ෂුවර්?" ආහ්! ආපහු...! ඒ විදිහට ම ඔලුව වනනවා....

මෙයා මාව චෙක් කරන්නද හදන්නේ?

ආහ්...! පපුව ගැහෙන වේගෙ ත‍් වැඩි වෙනවා  මෙයා දිහා බලන් ඉද්දි... ගොඩක්.... ලං වෙන්න මයි හිතෙන්නේ.....

ඉන්නකෝ....

"එහෙනම් ඔන්න සීල් කරනවා!? හොදේ?" ආපහු පාරක් එයාගෙ තොල් වලට ලං උනේ ආදරයෙන්... ආ... හ්..

මට හිතාගන්න බැහැ මම ඇත්තටම මේ තරං වෙන කිසිම කෙනෙක් ට ආදරේ වෙලා නැහැ....

"අයින් වෙන්න! අයින් වෙන්න!" අම්මෝ... මන් බය වුන තරමක්! "අැයි අැයි මොකද?"වහගෙන හිටපු අැස් ඇරුණේ ඉබේටම යි....

"Yaaa... ඉස්සෙල්ලා එක මට දැනුයි මතක් උනේ... ඔයා මගෙන් අහන්න එපැයි.... කලින්... ආ.. හ්?" ආහ්? ඉස්සෙල්ලා එක?

මේ කියන්නේ.... ආ.... හ්.... කලින් එක....

හීහීහීහීහී....

මෙයාට ලැජ්ජා හිතිලා ද කොහෙද....

"ඒ ඔයාගෙ ෆස්ට් කිස් එක කියලා එහෙම කියන්න එපා හොදේ...!" කම්මුල් මිරිකළා මම පුංචි ලමයෙක් වගේ හුරතල් කළේ එයාව... ආපහු ඉතින් මෙහෙම හුරතල් කරන්න හම්බෙයි ද දන්නේ නැහැ නේ... මේ කෙල්ල කොයි වෙලාවෙත් ඉන්නේ දාමරික මූඩ් එකේ නේ..

හැබැයි එයාගෙ මූණ වෙනස් උන විදිහ නම් මට ඇල්ලුවේ නැහැ..

ඒ කියන්නේ....

ආහ්! ඉඳලා ඉඳල බස් එකත් මේ වෙලාවෙම ආවා නේ...

"එතකොට.... ඔයා කියන්නෙ ඒ ඔයාගෙ.... ෆස්ට් කිස් එක කියලා ද?" මට ඒ ටික නම් ඇහුනේ ඉබේටම යි.. ඒ අපි බස් එකේ ඉඳ ගත්තට පස්සේ..

Yerin-ah ලැජ්ජාවෙන් රතු උනා...

ආ... හ්!

ඒ කියන්නේ ඒක එයාගෙ ෆස්ට් කිස් එක???

"Yaaa... කලින් කියන්න එපැයි.... එහෙනම් පලවෙනි කිස් එක ලස්සන..... ට....." Yerin ව අවුස්සන එක කොච්චර ජොලි වැඩක් ද කියලා මට මතක් උනේ ඒ වෙලාවේ.... හෙන ජොලි...

මම ඉතින් පොඩ්ඩක් මගේ ඇක්ටින් ටැලන්ට් එකත් පාවිච්ච් කළා මේ වැඩේට...

"විකාර දේවල් මවා ගන්නේ නැතුව ඉන්නවා..!"

හාහාහා...

බලාපොරොත්තු උන විදියට ම එයා ලස්සනට ඇවිස්සුණා...

ආදරේ හිතෙනවා අනේ තව.....

"ඉතින් ඇත්ත නේ කිව්වේ.... ලස්සන මතකයක් විදිහට තියෙන්න එපැයි... නැද්ද?" මම ආපහු ලං උනේ... ඒ මතකෙ ආපහු අලුත් කර ගන්න පුළුවන් ද බලන්න...

"ඒක ලස්සන මතකයක් තමයි කවුද දැන් නැහැ කිව්වේ...." කොහෙද මේ Yerin-ah ගෙ කිසි උවමනාවක් නැහැ නේ...

හ්ම්...

එයා මට තුරුල් උනා....

මමත් මගේ අතින් එයාගෙ ඔලුව මසාජ් කළා... මහන්සි ත‍් ඇතිනේ... අද මහ පිස්සු දවසක් නේ....

පව් අනේ මගේ කෙල්ල....

"Yerin-ah......." මම හෙමින් එයා ට කතා කළා...

"හ්ම්ම්ම්...." හොඳටම නිදිමතේ වගේ...

"ඔයා ට.... මීට කලින්.... බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉඳලා නැද්ද?" මට ඒ ප්‍රශ්නේ අහන්න හිතුනේ අැයි කියලා මම දන්නේ නැහැ... නිකන් ම මගේ කටින් එළියට පැන්න ඒක..

"Yaaa... හීනෙන් කියවනව ද?" කම්මැලි කමේ උනත් ඒ කටහඬේ හෙන සැර ගතියක් තිබ්බ...

ඒ කියන්නේ එයා ට කලින් බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉඳලා නැහැ නේ...?

ඒකද අර මම කැමැතියි කිව්වම අච්චර අඩන්න ගත්තෙ?

මම එයාගෙ නළල ට පුංචි හාදුවක් දුන්න... මම එයාට ගොඩක් ආදරෙයි... හ්ම්ම්...

"මම ඔයා ට ආදරෙයි Yerin...! ගොඩාක්..!" කෝ.. මට කියන්නේ නැද්ද?

මම එයා දිහා බැලුවා...

මොනා කියන්නද?

ඉවක් බවක් නැතුව නිදි...

අනේ මගේ පුංචි රෝස මල!

එයාගෙ ඔලුවට මමත් ඔලුව හේත්තු කර ගත්තා....

මගේ Yerin අද හරිම ලස්සනයි...

මම අද දවසට දැන් මේක දහපාරක් විතර හිතන්න ඇති... කොච්චර හිතුවත්... අද එයා කොච්චර ලස්සන ද කියන එක මට අමතක කරන්න බැහැ....

ගොඩක් ලස්සනයි...

කුමාරිකාවක් වගේ...

කුමාරිකාවෝ යන්නේ අශ්ව කරත්ත වල....

අපි දෙන්නත් හිටියේ අශ්ව කරත්තයක..

හරිම ලස්සන...

ඒ අශ්ව කරත්තේ මට මතක් කලේ අර වට්ටක්කා කරත්තෙ... අර සපත්තු ගැලවෙන කුමාරි... අන්න ඒ වගේ... හැබැයි.. කරත්තෙ ඇතුලේ හිටියේ... මම යි Yerin යි....

Yerin හරිම ලස්සනයි...

ආ... හ්! දෙයියනේ... මන් දැන් නම් මේක නවත්තන්න ඕනේ මට එයා ලස්සනයි ලස්සනයි කියන එක නවත්ත ගන්න බැහැනේ...

අපි දෙන්නම ඇඳන් හිටියේ සුදු පාට ඇඳුම්... මම ලස්සන කුමාරයෙක් වගේ.... හරියට ම අර සපත්තුවෙ කතාවේ කුමාරයා වගේ...

එතකොට Yerin?

දෙය්යනේ.... Yerin නම්.... ලා.... ස්සනයි..... කෙනෙක් ව මරන්න පුළුවන් තරම්.... ම....

එයා මන් දිහා බලලා හිනා උනා... තවත් නම් බලන් ඉන්න බැහැ.... මේ දැන් ම... දැන් ම.... ඒ තොල් මට මගේ කරගන්න ඕනේ.... මම ඉක්මනටම.... නැහැ ඊටත් වඩා ඉක්මනට... හිතාගන්න බැරි විදිහේ ඉක්මනට... Yerin ගෙ තොල් වලට ලං උනේ...

නිකන් ඒ තොල් වලට පුංචි කෑදර කමක් මගේ හිතට ඇතිවුණා වගේ දැනුනේ....

Yerin එයාගෙ කුමාරිකා ග්ලවුස් දාපු අත් වලින් මගේ කම්මුල් ඇල්ලුවා... මම එයාට ලං උනා... දැන් නම් අපිට කිසිම බාධාවක් නැහැ... කිසිම බාධාවක්... කිසිම...

"මේ බස් හෝල්ට් එකෙන් කවුරුත් බහින්නේ නැද්ද?"

ඈහ්?

මෙන්න කරත්තේ ඩ්‍රයිවර් අංකල් කෑ ගහන්න ගත්තා....

මේ මොකද මේ....?

ඩ්‍රයිවර් ගෙ මොලේ හොඳ නැද්ද?

මේ වගේ වෙලාවක කරදර කරනව ද?

"බහින්නේ නැහැ නේ එහෙනම් ඔන්න යනවා..." ආපහු කරත්තෙ යන්න ගත්තා...

මම ආපහු Yerin ට ලං උනා...

ඈහ්?

බහින්න?

අපි

හිටියේ

බස්

එකේ

නේද

???????

දැනුයි මම නියම සිහියට ආවේ...

බස් එක!

ඩ්‍රයිවර්!

Yerin?

එයත් ඉන්නවා තාම නිදි කලින් වගේම..

අපි බහින්න ඕනේ තැන පාස් වෙලා වගේ...

"Yerin-ah... Yerin-ah... Yerin-ah..." මම රත් වෙලා ගියා...

කෝ මේ කෙල්ල ඇහැරෙන්නෙ නැහැ නේ.. පුදුම නින්දක් ගිහින් තියෙන්නේ...

අයියෝ...

"Yerin-ah... Yerin-ah... Yerin-ah..." ආපහු කතා කරලා කොහොම හරි ඇහැරව ගත්තා...

පොඩි ලමයෙක් වගේ මන් දිහා බැලුවේ බය වෙලා....

කොන්ඩෙ ත‍් අවුල් වෙලා...

අනේ.... හරිම හුරතල්....

ආ.. හ්!

මෙයා මට පිස්සු හදවනවා නේ...

"අපි දැන් ම බහින්න ඕනේ..." එයාගෙ අතින් අල්ලගෙන කිසිම දෙයක් කියන්න කලින් ඊළඟ හෝල්ට් එකෙන් මම බැස්ස..

වටපිට බලපු Yerin ඊට පස්සේ ඉණ ට අත් දෙක තියාගෙන මන් දිහා බැලුවේ නම් එච්චර හොඳ මූඩ් එකකින් නෙවේ...

කන්න වගේ...

"හරි හරි සොරි පැටියෝ... ඔහොම බලන්න එපා මටත් නින්ද ගියා ඉතින්.. කොහොමහරි අපිට හෝල්ට් ගොඩක් පාස් උනේ නැහැ... යාන්තම් එකයි.. එන්න කෝ.." පරාජය මුලින් ම බාර ගෙන ඉන්න එක හොඳයි කියලා හිතුනා නිසා මම සමාව ඉල්ලුවා ඉතින්...

ඊට පස්සෙ එයාව පාර අයිනට කර ගත්තා... දැන් ඉතින් ටිකක් ඇවිදින්න වෙනවා නේ..

මෙන්න ආපහු මන් දිහා බලනව... මොකද මට ටිකක් ආදරේ හිතිලා ද?

හාහා...

මමත් පුංචි හිනාවක් දැම්ම ඉතින්...

"Yaaa.... Jungkook-ahhh...,,,, " හරිම පුංචි කටහඬකින් එයා කතා කළේ...

ඒ උනාට Yaa... කියලා නේද කතා කළේ?

මට දැනුයි මීටර් උනේ...

මට කොයි වේලේ ත‍් කතා කරන්නේ Yaa කියලා නේ මේ Yerin-ah..

"Yaaa? Ya! තාම ඔයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් ට කතා කරන්නේ Yaa කියලා ද?" ආපහු පාරක් පොඩ්ඩක් සැර වෙන්න හිතුනා.... දැන් ඉතින් මමත් ටිකක් දාමරික වෙලා... හැමදාම මෙයාගෙ බැනුම් අහලා ම... හහ්!

"හා ඔව් Yaaa... වේ? මම කතා කරන්නේ Yaaa කියලා තමයි!"

ආ... හ්? ඒකත් එහෙමද ආහ්?

හෙන සීන් එකේ නේ කිව්වේ ඒක...

ඉන්නවා කෝ මම හොඳ වැඩක් කරන්න....

මම හැදුවේ ආපහු එයාව මගේ ළඟට ඇදලා ගන්න... ඒත් ඊට කලින්..

"අහන්න කෝ... මේ ඔයා චණ්ඩියා වගේ මාවත් ඇද ගෙන කොහෙද මේ යන්නේ? මුලින්ම ඒක කියලා ඉන්න කෝ..."

ඈහ්?

ගෙදර යන්න ඕනේ නැද්ද මෙයාට?

'අපි dating එකක නෙවේ ඉන්නේ ලමයො.. මම ආවේ ඔයාව ගෙදර ඇරලවන්න..' මෙහෙම කියන්න හිතුනත්... එක්කෝ ඕනේ නැහැ කියලා හිතිලා කිව්වේ නැහැ...

"අැයි අපි මේ ඔයාගෙ ගෙදර නෙවේ ද යන්නේ? මේ පැත්තෙන් නේද යන්න ඕනේ?" මම ත‍් අත් දෙක බැඳගෙන හෙන සීන් එකේ ඇහුවේ ඒ ටික...

"හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා.....හාහාහා...... " මෙන්න Yerin-ah මැරෙන්න හිනා වෙනවා...

මේ මොකද මේ?

මටද හිනා වෙන්නේ?

ටිකක් වෙලා මම එයා හිනා වෙන එක බලන් හිටියට නවතින පාටක් නැහැ වගේ....

අනේ... දවසම අඬලා මෙහෙම හිනා වෙලා ඉන්නවා දකින එකත් සතුටක්....

හොඳටම හිනා වෙනවා බඩ ත‍් අල්ලගෙන..

මෙයා මේ මෙච්චර හිනා වෙන්න මම කරපු මොනා හරි දේකට වගේ තමයි...

ඒත් මම මොකක්ද කළේ?

මොනා උනත් එකෙන් Yerin ට මෙච්චර ලොකු හිනාවක් ගෙන්න පුළුවන් උනා නේ...

කොච්චර දෙයක්ද?

මම හරිම ආසාවෙන් බලන් හිටියේ එයා හිනා වෙන දිහා....

ගොඩක් වෙලා හිනා වෙලා ඇති උනාද කොහෙද.....

ටිකෙන් ටික හිනාවේ සද්දෙ අඩු උනා...

"ඉවර ද හිනා වෙලා?" මම ඇහුවා...

ඒ කම්මුල් වල දිලිසෙන්නේ, කදුළු කියලා නම් මට කියන්න එපා හොදේ!

මම නැමුණා එයා ළඟට...

"මේ ආපහු කඳුළු! මොකද අනේ මේ...." ඒ මුතු කැට වගේ කදුළු.. එයාගෙ කම්මුල් වල හැම වෙලේම තියෙන එකට නම් මම කැමති නැහැ....

"හරි හරි දැන් කියන්න කෝ... මැරෙන්න හිනා වුණේ අැයි කියලා..." මම මූඩ් එක මාරු කරන්න එක්ක කිව්වා...

"Yaaa...ඔයා ට තාම නිකන් වෙරි වගේ නැහැ නේද?" වෙරි? මේ මට? පිස්සුද?

"ඔයා කොහෙද මේ මාව එක්කගෙන යන්නේ? අපි යන්න ඕනේ අර පැත්තට නේ..." ඈහ්? අර පැත්ත....

ඒත්....

"අර පැත්තට? ෂුවර් ද? ඒත් දැන් බස් එක ගියෙත් ඒ පැත්තට නේ.... ඒ කියන්නේ...." ආ.....?

"හා.... ඔව්... පැටියෝ... ඔයා කලබලේ ට මාවත් ඇදන් බැහැලා තියෙන්නේ හෝල්ට් එකක් පහු වෙලා නෙවේ, කලින්... එන්න එන්න යන්න දැන්..." ටීචර් කෙනෙක් වගේ මගේ ඔලුව අතගාපු Yerin කිව්වා.

ඈහ්?

ඔක්කොටම කලින් මෙයා කොහොමද මෙච්චර උස ගියේ....?

හරි හරි... මේ සෙරෙප්පු නේ... මාත් බැලුවා මෙහෙම උනේ කොහොමද කියලා... මට දැනුනේ මම කොට වෙලා වගේ...

"ඕඕඕඕ... සොරි මැඩම්.... එන්න කෝ ඉතින්..." ෂේප් කරගන්නත් එක්ක මම ඉතින් පොඩි වැඩක් කළා.. කලින් දැකපු හීනෙ නිසා තමයි මේ අදහස ආවේ... හීහී..

"ඕඕර්ර්කේකේ...." හාහාහා...

දැන් නම් හැසිරෙන්නේ හෙන ආඩම්බරකාර කුමාරිකාවක් වගේ නේ...

"නියමයි නේ ඉංගිරිසි ත‍් පුළුවන්ද?" හාහාහා පොඩ්ඩක් අවුස්සන්න කියලා බැලුවේ... කෝ මෙන්න මෙයා මට ඇහැක් ගැහුවා...

ආහ්!

මට පිස්සු හැදෙනව දැන් නම්...

දැන් නම් මට Taehyung hyung ගෙයි Yerin ගෙයි සමාන කම් අදුර ගන්න පුළුවන්... දෙන්නම ඇස් ගහන්නේ ත‍් එකම විදිහට..!

හ්ම්... Taehyung hyung ගැන කතා කරන්න ඕනේ මෙයත් එක්ක..

"අහන්න කෝ...Hyung.... Hyung නරක කෙනෙක්... නෙවේ හොඳද...." මම සාර්ථක ලෙස කතාව පටන් ගත්තා...

හරි හරි හැමදේම ගාණට පැහැදිලි කරලා දුන්නා...

දැන් වත් මේ දෙන්නා ගෙ රණ්ඩු ව ඉවර උනොත් හොඳයි... එහෙම හිතලා මම එයා දිහා බැලුවා...

ආ... හ්!

ආපහු....?

"කෝ... මේ බලන්න...."

මෙන්න ආපහු අඩනවා... මේ Yerin-ah චණ්ඩි යි වගේ හිටියට කොයි වේලේ ත‍් අඬා ගත්තා ගමන් මයි ඉන්නේ...

"අඬන්න එපා කියලා කී පාරක් නම් කියන්න ද ආහ්? කලින් අඩන එක නවත්තපු හැටි මතකයි නේ? ආපහු ආපහු අඩන්න එපා.... මට ඒ ක්‍රියාන්විතය ආපහු කරන්න කියලද ඔය කියන්නේ?"

අම්මෝ මෙයා අඬන එක නවත්තන බෙහෙත මම හොයාගත්ත වගේ... ඒ සැනින් ක්‍රියාත්මක වෙලා කදුළු පිහ දාගත්තා..

"අන්න හොඳ ලමයා...! ඔයා කිසි දේකට බය වෙන්න එපා.... ඔයාගෙ තාත්තව මරපු කෙනා ව අපි හොයා ගමු හොඳද?" මන් කියපු  හැමදේටම ආපහු පුංචි ලමයා වගේ ඔලුව වැනුවා විතරයි...

"අදම මම hyung ට කතා කරන්නම් මේ ගැන. හොදේ!" ආපහු පාරක් ඔලුව වනන්න ද හදන්නේ?

ආහ්! මෙන්න මගේ උරහිස් වලින් අත් තිබ්බ...

මේක නම් වෙන්න බැරි දෙයක්...

මෙයා මට ලං වෙනවා?

හීනෙන් ද මම?

ඒත් මෙන්න එකපාරටම මාව බදා ගත්තා... අයියෝ ආපහු කලින් වගේම ද?

අඩනවා?

"මේ මොකද මේ? ඔයා ආපහු අඬනවා කියලා නම් මට කියන්න එපා.... හොඳද.."  මම එයාව මගේ ඇඟෙන් අයින් කරන්න හැදුවේ.. මේ පාර නම් බෙහෙත් දෙන්න වෙනවා වගේ...

"Yaaa... පිස්සු කරන්න එපා... පිටිපස්සෙන් එන මනුස්සයා මගේ බාප්පා... මාව දැක්කොත් ඉවරයක් කරයි... ඔය ඉන්න විදිහට ඔහොම්මම ඉන්න"

ඈහ්?

මම පිටිපස්ස හැරිල බැලුව... මේ කවුද මේ කියලා මටත් බලන්න ඕනේ වෙලා තිබ්බේ කොහොමත්...

මහා අමුතු මනුස්සයෙක් වගේ...

බීලා නේද?

අම්මෝ වැනි වැනී එන්නෙත්...

ඇවිදගන්නත් බැහැ වගේ නේද?

ඒ මනුස්සයා අපිට ලං වෙද්දී මම තව තවත් තදින් Yerin ව මට ලං කර ගත්තා...

එයත් මන් ළඟට තව තවත් ගුලි උනා...

අන්තිමේ අර මනුස්සයා ගියා... අපි ලඟින් යද්දීත් පුදුම ගඳක් නේ ආවේ ඒ මනුස්සයා ගෙන්...

හෙන අමාරුවෙන් ගියේ...

Yerin ව මේ මනුස්සයා ඉන්න ගේ ඇතුළට යවන්න ත‍් බය හිතෙනව.... බීලා ඉන්න තරම!

අන්තිමේ Yerin මගෙන් ඈත් උනා...

එයා යන්නද මේ හදන්නේ?

අනේ යන්න දෙන්න බැහැ වගේ....

මම එයාගෙ අත් වලින් අල්ලගත්ත...

මූණට පුංචි හිනාවක් ආව...

මෙයා නම් Hyung ගෙ නංගී ම තමයි... මේ පෙනුම එච්චර ම අමුතු නැහැ hyung ව දන්න කෙනෙක් ට නම්...

"දැන් මම ගියොත් හොඳයි නේ....?"

Yerin කවදා ඉඳන් ද මේ විදියට කියුට් කෙනෙක් උනේ?

"දැන් ම?" මම ඇහුවා... මම දන්නවා රෑ වෙලා කියලා.. ඒත් දැන් ම යන්න ඕනේ ද?

"හ්ම්ම්..." එයාගෙ ඇස් වලින් නම් කිව්වේ එයා ට ත‍් මාත් එක්ක තව ටික වෙලාවක් ඉන්න ඕනේ කියලා....

අනේ අද දවස තව ටිකක් දිග උනා නම්.... "යන්න ම ඕනෙද?" මම ආපහු ඇහුවා...රහසින්...

"හ්ම්ම්..." එයාගෙ උත්තරේ උනේ ඒක... එයා එකත් කිව්වේ රහසින් වගේ...

හරිම රොමෑන්ටික් නේද?

"Yaaa.. මම යන්න ඕනේ.. බාප්පා ත‍් ගෙදර ගියා.. එයා ට හොරෙන් පැන ගන්න ඕනේ.. යනවා හොදේ!!" ඈහ්?

ඒ මොකක්ද ඒ උනේ?

මම පුදුම රොමෑන්ටික් මූඩ් එකක නේ හිටියේ....

මේ කෙල්ල නම්... පුදුම වේගකින් නේ මගෙන් පැනලා දිව්වේ...

මගේ කම්මුල්... ඒවට දැනුනේ පුංචි මල් පෙත්තක් වැදෙනවා වගේ...

සිනිදුව ට...

මම කම්මුල අල්ලගත්ත... ඒ උණුසුම තාම මගේ කම්මුල් වල...

මම එයා දිහා බැලුවා... දුවලා යනවා බොලේ වගේ... රතු පාට ගවුම තාලයකට පැද්දෙනවා එයා දුවද්දී..

පඩිපෙළ ළඟ නතර උන එයා... මට අත වැනුවා.. හාහා...

මමත් අත වනලා සන් කළා..

එයාගෙ මූණේ හිනාව පිරිලා තියෙන්නේ... දුරින් හිටපු මට එයාගෙ මූණ පෙනුනේ නැති උනාට.... මම දන්නවා දැන් කොහොම මූඩ් එකක ද එයා ඉන්නේ කියලා මට එයාව දැනෙනවා...

පඩිපෙළ නගින හැටි මම බලන් හිටියා එයා... හාහා පුංචි ලමයෙක් වගේ..

කෝ..? ගේ ඇතුලට යන්නේ නැද්ද?

මෙන්න Yerin එයාගෙ ගමන ස්ලෝ කළා... ගේ ඇතුලට යන්නේ නැතුව... බැල්කනි එක ලඟට ඇවිත් ආපහු මට අත වැනුවා...

මමත් එයා ට පේන්න අත වැනුවා...

අන්තිමේ... එයා ගේ ඇතුලට ගියා...

හ්ම්ම්...

හරිම ලස්සන දවසක්....

මම ආපහු හැරුණේ ගෙදර යන්න....

Hyung ලා මොනා කරගෙන ද දන්නේ නැහැ...

Yerin එක්ක ගත කරපු හොඳම දවස අද තමයි...

අද දවස නම් ගොඩක් දිගයි...

කොච්චර නම් දේවල් උනාද?

ඒත් මට Yerin එක්ක ඉන්න තව ටික වෙලාවක් තිබ්බ නම් මොකද?

හ්ම්ම්...

◦•●◉✿[ 8th Chapter එක ඉවරයි!]✿◉●•◦

✄╌ ╌ ╌✄╌ ╌ ╌✄╌ ╌ ╌✄╌ ╌ ╌✄

Writer's Note:

Hello,

😶

Continue Reading

You'll Also Like

21.6K 3.4K 32
What is the answer ? Is it love or jail ? 🥂💥 One violent criminal falls in love with a woman police officer. She is the person in charge of findin...
874K 40.6K 61
Taehyung is appointed as a personal slave of Jungkook the true blood alpha prince of blue moon kingdom. Taehyung is an omega and the former prince...
60.3K 10.1K 102
[Completed] "ARMY.... ඇත්තටම මම අද මේ vlive එක කරන්නෙ ඔයාලට ගොඩාක් විශේෂ දෙයක් කියන්න........... ARMY.......... මගෙ හිතේ...... කෙනෙක් ගැන ආදරයක් ඇත...
677K 33.5K 24
↳ ❝ [ ILLUSION ] ❞ ━ yandere hazbin hotel x fem! reader ━ yandere helluva boss x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, a powerful d...