ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓

By Miss_Mint_Choco

52.7K 8.1K 1.2K

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ එකමත් එක අඳුරු රාත්‍රියක, පාලු පාරකදී අහම්බෙන් වගේ කිම් යේරින්ට මුණගැහෙනවා ජොන් ජොන්ග්කුක්... More

©️Copyright
💕Teaser💕
💕Episode 01💕
💕Episode 02💕
💕Episode 03💕
💕Episode 04💕
💕Episode 05💕
💕Episode 06💕
💕Episode 07💕
💕Episode 08💕
💕Episode 09💕
💕Episode 10💕
💕Episode 11💕
💕Episode 12💕
💕Episode 13💕
💕Episode 14💕
💕Episode 15💕
💕Episode 16💕
💕sᴘᴇᴄɪᴀʟ: 01💕
💕Episode 17💕
💕Episode 18💕
💕Episode 19💕
💕Episode 20💕
💕Episode 21💕
💕Episode 22💕
💕Episode 23💕
💕Episode 24💕
💕Episode 25💕
💕Episode 26💕
💕Episode 27💕
💕Episode 28💕
💕Episode 29💕
💕Episode 30💕
💕Episode 32💕
💕Episode 33💕
💕Episode 34💕
💕sᴘᴇᴄɪᴀʟ: 02💕
💕Episode 35💕
💕Episode 36💕
💕sᴘᴇᴄɪᴀʟ: 03 ᴘʀᴇᴠɪᴇᴡ💕
💕Episode 37💕
💕Episode 38💕
💕Episode 39💕
💕sᴘᴇᴄɪᴀʟ: 03💕
💕Episode 40 (Last Episode)💕
💕Invitation💕
💕ᴏⁿᵉ ʏᵉᵃʳ ᴀⁿⁿⁱᵛᵉʳˢᵃʳʸ 💕
💕sᴘᴇᴄɪᴀʟ: 04💕
💕sᵉᶜᵒⁿᵈ ʏᵉᵃʳ ᴀⁿⁿⁱᵛᵉʳˢᵃʳʸ 💕
💕 Posters 💕
Watt_Cafe Editor's Choice: The Best Books

💕Episode 31💕

704 141 13
By Miss_Mint_Choco

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ

ᴄʜᴀᴘᴛᴇʀ 08
ᴅᴏɴ'ᴛ ʟᴇᴀᴠᴇ ᴍᴇ!
ᴘᴀʀᴛ 02

වේලාව : රෑ
ස්ථානය : Taehyung's Home
කාලගුණය : වැස්ස අඩු කළා.

ᴋɪᴍ ʏᴇʀɪɴ's ᴠɪᴇᴡ

(පසුගිය මතකයන්)

Jungkook මට ලං උනා ගොඩක් වැඩියි වගේ....

ඒත් අැයි එයා එච්චර බීලා තියෙන්නේ?

මොකක්ද අවුල?

තව තත්පරයක් පරක්කු උනා නම් ඒ තොල් මගේ තොල් වල..... ආහ්! Yerin-ah හරි සිහියට එනවා....

මම මටම අණ දුන්නා.

පල්ලෙහා ට ආවට මම හිටියේ Jungkook ගෙ සිහියෙන්.... මට අනික් අය කතා කරපු කිසිම දෙයක් හිතාගන්න බැරි උනා....

මගේ හිත එකදිගට ම Jungkook ගැන වද උනා...

*✲゚*。✧*✲゚*

(අද කතාව)

අන්තිමේ එයා පල්ලෙහා ට ආවා... කළුපාට අත් දිග ඇගට වඩා ගොඩක් ලොකු ටී ෂර්ට් එකකුත් ඇදගෙන.

නාලා ද? කොන්ඩෙ ත‍් තෙත යි වගේ.

දැන් නම් මූණ එච්චර ම අවුල් වගේ නැහැ.

මම එයා දිහාම බලන් හිටියට එයා එකපාරක් වත් මන් දිහා බැලුවේ නැහැ..... අැයි එ?

ආපහු පාරක් එයාගෙ කලින් ගර්ල් ෆ්‍රෙන්ඩ් නිසා ප්‍රශ්නයක් උනාද?

මට කිසි දෙයක් හිතාගන්න බැරි උනා.

Jungkook බිම බලාගෙන ම ඇවිත් සෝෆා එකේ Jimin Oppa ලඟින් වාඩි උනා.. මම හිටියේ Hoseok Oppa ළඟ.

"Yaaaaa...hyung දිහා බලන්නේ වත් නැද්ද?" Taehyung Oppa Jungkook දිහා බලලා ඇහුවා.. ඒ දෙන්නා අතර තියෙන්නේ අමුතු බැදීමක් වගේ. Jungkook එයාගෙ අැස්, Taehyung Oppa ගෙ කටහඬ ඇහෙද්දී ම උස්සපු විදිහෙන් තේරුණා. හ්ම්ම්.... Jungkook නැගිටලා Oppa ව බදා ගත්තා...

"මට සමාවෙන්න Hyung හැමදේටම.... මම ඒ කිසිම දෙයක් හිතලා කරපු දේවල් නෙවෙයි.." Jungkook, Oppa ව බදා ගෙන ම කිව්වා..

"Yaaa, Jungkook-ah මම ඒ හැමදේම අමතක කරලා දැන් ගොඩක් කල්... තාම ඕවා හිතාගෙන ඉන්නවා ද?" Oppa, Jungkook ගෙ පිට ට තට්ටු කරන ගමන් කිව්වා. Jungkook, Oppa ගෙ ඇඟෙන් අයින් උනා...

දෙන්නම ආපහු ඉඳ ගත්තා.... මම Jungkook දිහා බැලුවා... ඒත් එයා මන් දිහා බැලුවේ නැහැ... නිකන් මොකක් හරි වැරද්දක් කළා වගේ තමයි හිටියේ... ඒ අර කලින් උන දේ හින්දා ද?

මට ආපහු එක නිකන් මැවිලා පේන්න ගත්තා....

ඒ තොල්.... ඒ තොල්.... මන් ළඟට ලං උනා විදිහ... මට නිකන් කරන්ට් වැදුන වගේ... මුළු ඇගේම හිරි ගඩු පිපුණා ආපහු... මගේ එහා පැත්තෙ හිටපු Hoseok Oppa මන් දිහා අමුතු විදියට බැලුවා... මම එයාට ඔලුව නවලා ආපහු Jungkook දිහා බැලුවා....

ආහ්! මොකද අර Jimin Oppa Jin Oppa ට ඇහැක් ගැහුවේ...?

"YAAAAAAAAAAAAAA JUNGKOOK-AH" අම්මෝ මම උඩ ගියා. Jungkook ටත් ඒකම උනා... මොකද අනේ මේ Jin Oppa මෙච්චර කෑගහන්නේ?

"අැයි Hyung?" Jungkook ඇහුවේ මේ මොන වදයක් ද වගේ මූඩ් එකක.

"Yaaa.... දන්නවාද වැඩක්..? Taehyung-ah කියන්නේ Yerin-ah ගෙ Oppa!" ආහ්! Jin hyung මොකටද ඒක විශේෂ නිවේදනයක් වගේ කෑ ගහලා කියන්නේ....

Jungkook එකපාරටම මන් දිහා බැලුවා... අපේ අැස් ගැටුන.... ඒ අැස්...??..... මට කලින් සිද්ධ උන දේ ආපහු මතක් උනා... අයියෝ... හෙන ලැජ්ජයි නේ.... මම ඉක්මනටම බිම බලාගත්තා...

"ඔව්.. Jungkook-Ah.... මේ මගේ නංගී!" Taehyung Oppa කිව්වා.... ෂුවර් Jungkook හොඳටම පුදුම වෙලා ඇති.... මට එයාගෙ පුදුමයෙන් පිරුණු එ මූණ බලන්න ඕනේ.... ඒත් කරන්න දෙයක් නැහැ.... එයා දිහා බලන්න මට ලැජ්ජා හිතෙනව.... බිම බලාගෙන ඉන්න එක සැපයි...

"අඃහ්ඃ?" මට Jungkook ගෙ කටහඬ ඇහුන. එයා නම් හොඳට පුදුම වෙලා ඇති..... මමත් එයාව හොයාගෙන ගියේ මේ හැමදේම එයට කියන්න නේ..... කොහෙද මේ Jungkook..... මට ගොඩක් ලං උනා නේ..... එයාගෙ ඒ උණුසුම මට තාමත් දැනෙනවා වගේ.... අයියෝ.... මට මේ මොකද වෙන්නේ?.... මට ආපහු ආපහු එක මතක් වෙනවා නේ.....!

"එහෙම වෙන්නේ කොහොමද Hyung?" Jungkook ඇහුවේ නිකන් පොලිසියෙන් වගේ....

එයාගෙ කටහඬේ තිබ්බේ නිකන් ඒ විදිහේ දෙයක් නම් කොහොමටවත් වෙන්න බැහැ වගේ එකක්... මටත් පුදුමයි සිද්ධ උන දේවල් ඒත්.... ඒත්.... ඒ හැමදේම සිද්ධ වෙලා නේ.....

"Ya.... ඉන්න කෝ ඉතින් ආපහු කියන්න..... අම්මෝ දැන් නම් මට මේ කතාව හොඳට කටපාඩම්... උදේ ඉඳන් මේ කී වෙනි පාරට ද කියන්නේ මේක..." මමත් කල්පනා කරලා බැලුවා... ඔව්මයි දැන් කී වෙනි පරාද මේ Oppa කතාව කියන....? අහගෙන ඉඳලා ත‍් ඔලුව රිදෙනව.... මම හොරෙන් Jungkook දිහා බැලුවා....

එයා නම් හරිම අවධානයෙන් අහගෙන හිටියේ කතාව.... මම එයා දිහාම බලන් හිටියා... Oppa කතාව කියන අතර විටින් විට Jungkook මන් දිහා පුදුමයෙන් බැලුවා.... ආහ් මොකට මන් දිහා බලනව ද? මට බිම බලාගෙනම තමයි ඉන්න වෙන්නේ...

අන්තිමේ කතාව කියලා ඉවර උනා.... දැන් නම් Jungkook ගෙ මූණේ තියෙන්නේ හරිම අමුතු පෙනුමක්.... සතුටින් වගේ.... හැබැයි.... අනේ මන්දා......

එයා සතුටින් නම් ඉතින්.... මමත් සතුටින්.... ඒ උනාට..... අනේ මන් දිහා අමුතු විදියට බලනව නේ...

මගේ ඇඳුමේ මොකක් හරි අවුලක් තියෙනව ද?

නැත්නම් කොන්ඩෙ?

මූණේ?

මොකද මෙහෙම බලන්නේ?

⋘⋘↻⋙⋙

ᴊᴇᴏɴ ᴊᴜɴɢᴋᴏᴏᴋ ᴠɪᴇᴡ

(පසුගිය මතකයන්)

මම.... මම එයාට ආදරෙයි....

මම අද එයාට ඒක කියන්න ගියේ... ඒත් Taehyung hyung?

Hyung කොහොමද Yerin ව දන්නේ?

කිසිම දෙයක් හිතා ගන්න බැහැ.

මම අසිහියෙන්... Yerin ට ලං උනා වැඩියි වගේ.... ගොඩක් ම ලං උනා.....

අයියෝ දෙය්යනේ.... මම හිතුවෙ හීනයක් කියලා..... මම එයාට ඇත්තටම ගොඩාක් ලං උනානේ....

දැන් මම කොහොම ද ආපහු එයා දිහා බලන්නේ?

Namjoon hyung මාව පල්ලෙහා ට අරන් ගියා. ඇත්තටම මට යන්න ඕනේ කමක් තිබ්බෙ නැහැ. Hyung මාව අරන් ගියේ පොඩි ලමයෙක් ව අරන් යනවා වගේ.

පහළ Yerin, Taehyung hyung ඔක්කොම ඉන්නවා නේද? මට නම් යන්න බැහැ ඉතින්.....

අනේ...................

*✲゚*。✧*✲゚*

(අද කතාව)

මට මේ පඩිපෙළ බහින්න බැහැ වගේ....

හැමෝම මන් දිහා බලන් ඉන්නවා... මට දැනුනේ.... නිකන් මනමාලියක් බලන්න ඇවිත් වගේ... වැඩේ කියන්නෙ මම තමයි මනමාලිය.... ආ... හ්..... පුදුම ලැජ්ජාවක් නේ....

Taehyung hyung දිහා බලන්න බැහැ.... ගොඩ කාලෙකට පස්සේ අද නේ හම්බුනේ..... අනික අපි දෙන්න අන්තිමේ ට හම්බුන පාර මම එයා ට කතා කරපු විදිහ මට ආපහු ආපහු ඇහෙනවා වගේ...

මම නම් හරිම මෝඩයෙක්...

Yerin දිහා නම් කොහොමටවත් බලන්න බැහැ... දැන් උන දේ.....

අයියෝ.....!

මම හෙමින් ගිහින් ඉඳ ගත්තා....

මට දැනුනා..... හැමෝම මන් දිහා බලන් ඉන්නවා වගේ.....

"Yaaaaa...hyung දිහා බලන්නේ වත් නැද්ද?" Taehyung hyung එහෙම ඇහුවාම මම ඩිම් උනා...

මට තවත් නිකන් වාඩි වෙලා ඉන්න හිතුනේ නැහැ..... මම ගිහින් hyung ව බදා ගත්තා....

"මට සමාවෙන්න Hyung හැමදේටම.... මම ඒ කිසිම දෙයක් හිතලා කරපු දේවල් නෙවෙයි.." මම කිව්වා.... මට.... මට hyung ගෙන් කොච්චර සමාව ගත්තත් මදි කියලා හිතුනා..... මම එයාට කලින් නපුරු විදිහට කතා කළේ.... Da Hee ගෙ ප්‍රශ්නෙ දි.... දැන් ඉතින් මම කොහොමද Yerin ගෙ ප්‍රශ්නෙ දි ත‍් hyung ගෙ හිත රිද්දන්නේ?

"Yaaa, Jungkook-ah මම ඒ හැමදේම අමතක කරලා දැන් ගොඩක් කල්... තාම ඕවා හිතාගෙන ඉන්නවා ද?" hyung මගේ පිට ට තට්ටු කළා... අනේ මගේ Taehyung hyung කොච්චර හොඳද? එයා හැමදේම අමතක අමතක කරලා දාලා..... මගේ hyung.... හරිම හොඳයි.... මට hyung ගැන ගොඩක් ආදරේ හිතුනා.....

මම ආපහු ඉඳ ගත්තා....

මම Yerin දිහා බැලුවේ... නැහැ.... මට එයා දිහා බලන්න බැහැ.... කලින් උන දේ.... අනික Taehyung hyung ආපු එක.... හැමදේම නිසා Yerin දිහා බලන්න බැහැ.... මට....

"YAAAAAAAAAAAAAA JUNGKOOK-AH" අම්මෝ මොකද මේ Jin hyung ගිරිය යටින් කෑ ගහන්නේ?

මම හිටියේ වෙන සිහියක නේ... මම විසික් උනා වගේ.....

"අැයි Hyung?" මොකක්ද දන්නේ නැහැ ඒ පාර කියන්න යන්නේ?

"Yaaa.... දන්නවාද වැඩක්..? Taehyung-ah කියන්නේ Yerin-ah ගෙ Oppa!" හහ්! මේ hyung ට මට ඕක විශේෂයෙන් කියන්න ඕනෙද? මම දන්නවා ඕක!

Yerin ගෙ Oppa ඉතින් Taehyung hyung නේ.... එ දෙන්න දැන් කපල් එකක්.....

ඒක මට මෙහෙම හෙඩ් ලයින් කරලා කියන්න ඕනේ නැහැ නේ.....

මම Yerin දිහා බැලුවා? නැහැ මට බැලුනා.....

දැන් ඔයා මගේ Yerin නෙවෙයි ද?

මට එයාගෙන් එහෙම අහන්න ඕනේ උනා....

මෙන්න එයා බිම බලාගත්තා......

ඒ කියන්නේ ඒක ඇත්තක්!

එයා hyung ට කැමතියි.....

"ඔව්.. Jungkook-Ah.... මේ මගේ නංගී!"

ඈඈඈඈඈහ්හ්හ්හ්හ්!

නංගී? (yo dongseng)

මොන විකාරයක් ද?

එතකොට Oppa කිව්වේ....?

Yerin ගෙ සහෝදරයා ද Taehyung Hyung?

මොනාද මේ වෙන්නේ?

මොන *******?

මට නම් පිස්සු වගේ...!

මම Yerin දිහා බැලුවා..... එයා මන් දිහා බලන්නේ නැහැ....

දෙයියනේ......!

මෙච්චර වෙලා මම පිස්සු කළේ මේ විකාර දැනගෙන නෙවේ නේ.....

"අඃහ්ඃ?" මට දිවත් හැපුණා.

"එහෙම වෙන්නේ කොහොමද Hyung?"

මට කිසිම දෙයක් හිතාගන්න බැහැ.....

Hyung එයාගෙ කතාව කියන්න පටන් ගත්තා....

මම ඒක අහගෙන හිටියේ... පුදුමයෙන්....

නැහැ නැහැ....

ගොඩක් ම සතුටින්......

ඒත් ලැජ්ජයි.... මම මෙච්චර වෙලා හිතන් හිටපු විදිහ?

මම නම් මහා මෝඩයෙක්!

ඒ කියන්නේ Yerin මගේ?

නේද?

මගේ විතරයි නේද?

කවුරුහරි කියන්න කෝ!

◦•●◉✿[ මතුසම්බන්ධයි ]✿◉●•◦

✄╌ ╌ ╌✄╌ ╌ ╌✄╌ ╌ ╌✄╌ ╌ ╌✄

Writer's Note:

Hello,

පරක්කු උනාට සොරි.

බලන් හිටපු අය අනේ සොරි තලහද?

පුළුවන් නම් කවුරුහරි Jungkook ගෙ මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න අනේ....

Continue Reading

You'll Also Like

782 109 11
ඇයගේ ආදරයෙන් ඔහුව වෙනස් කිරීමට ඇයට හැකි වේවිද.....? 💔 ♡ .............මන් එයාට ආදරේ කරන්නේ කවදද කොහොමද කියලා මන්වත් දන්නේ නෑ...... ♡...
241K 6K 52
⎯⎯⎯⎯⎯⎯⎯ જ⁀➴ 𝐅𝐄𝐄𝐋𝐒 𝐋𝐈𝐊𝐄 .ᐟ ❛ & i need you sometimes, we'll be alright. ❜ IN WHICH; kate martin's crush on the basketball photographer is...
673 93 15
වෛරයෙන් ඇරඹුනු ඒ ආදරේ ..........❤️❤️❤️❤️ කෙල්ලෝ දෙන්නට ම ලොකු හයියක්..........💕ඒ හතර දෙනාගේ බැදීම මහමෙරක්.....ඒ ඔක්කෝම පිටිපස්සේ දැවැන්ත හෙවනැල්ලක්...
1M 54.6K 35
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...