ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ
ᴄʜᴀᴘᴛᴇʀ 02
ᴍʀ. ʏᴏᴏɴɢɪ ᴍʏ ᴀssɪsᴛᴀɴᴛ
(මේ Chapter එකේ කතාව කලින් Chapter එකට කලින් සිද්ධ වෙච්ච දෙයක්! එ කියන්නේ Yerin Yoongi ව කලින්ම දන්නවා?)
ᴘᴀʀᴛ 1
වේලාව : උදේ!
ස්ථානය : convenience store (Kim Yerin වැඩ කරන තැන)
ᴋɪᴍ ʏᴇʀɪɴ's ᴠɪᴇᴡ
ඒක හොඳට ඉර පායලා තිබ්බ දවසක්. මම නම් ටිකක් විතර සතුටින් හිටියේ මොකද මන් වැඩ කරන තැන මගේ ප්‍රධානියා තාම ඇවිත් හිටියේ නැහැ.
මන් එයාට කැමති නැහැ. මොකද කොයි වෙලේ ත‍් එයාගෙ වැඩේ මට වද දෙන එකම තමා. ඒ මොකද කිව්වොත් මම ජොබ් එකට ආවෙ එයාට පස්සේ. ඒ නිසා එයා කොයි වෙලේ ත‍් හදන්නේ මට උගන්නන්න මයි.
මම නම් ඉතින් දවල් ශිෆ්ට් එක විතරයි. එයා ඉතින් දවල් ශිෆ්ට් එකේ භාගය යි, රෑ ශිෆ්ට් එකයි කරනවා. ඉතින් මළ වදේ එයා දවල්ට ත‍් එනවා. ඉතින් එයා කියන හැමදේම කරන්න මට සිද්ධ වෙනවා.
කොහොමහරි මන් මගේ අද වැඩ පටන් ගත්තා.
ඒක convenience store එකක්. හැබැයි ගොඩාක් ලොකුම එකක් නෙවෙයි. මම රාමේන් පැකට් ටිකකු යි කිරි ටින් ටිකකු යි අහුරන්න ගත්තා.
හදිසියේම මට දොරේ බෙල් එකේ සද්දේ ඇහුනා. කවුරුහරි දොර අරිද්දි හරිම ලස්සන සද්දයක් තමයි ඒ බෙල් එකෙන් ඇහෙන්නෙ. මම ඉක්මනටම කඩේ ඉස්සරහ පැත්තට ගියා. ඕ... ඒ වෙන කවුරුත් නෙවෙයි කඩේ අයිති කෙනා. ආ.... කවුද මේ එයත් එක්ක ඉන්න කොල්ලා? එයා නම් අසාමාන්‍ය විදිහට සුදුයි. එයා හොඳින් ද? මට නම් හිතෙන්නේ එයා ඇදන් ඉන්න සුදු ඇඳුමට ත‍් වඩා එයා සුදුයි වගේ.
මම කඩේ අයිති කෙනාට නැමිලා ආචාර කළා. "කොහොමද Yerin, හැමදේම හොඳින් වෙනවා නේද?" එයා ඇහුවා. "අහ්හ්හ්..... මෙකයි සර් මගේ ප්‍රධානියා මිස් ලී තාම ආවේ නෑ නේ.... ඉතිං......" මට ඒක කියන්නම උනා.
"ආ! ඔව් එයා අයින් උනානේ මෙතනින්. මට ඔයාට ඒක කියන්න වෙලාවක් තිබ්බෙ නැහැ. ඒකට කමක් නැහැ දැන් අපිට අලුත් ප්‍රධානියෙක් ඉන්නවා අපේ කඩේට." ඒ කියන්නේ මේ කොල්ලා ද කොහෙද අලුත් ප්‍රධානියා. මම අර කොල්ලා දිහා බැලුවා. හැබැයි එයාගෙ මූණේ න් මට කිසිම හැගීමක් හොයා ගන්න නම් බැරි උනා. හ්ම්ම් ගොඩක්ම නපුරු කෙනෙක් ද කොහෙද.
අනේ මන්දා
"Kim Yerin මොකද හිතෙන්නේ ඉතින් ඔයාට?" කඩේ අයිති කෙනා ඇහුවා.
මන් පුදුම උනා. මොනාද මේ අහන්නේ? බැරිවෙලාවත් මාව අස් කරන්නද හදන්නේ මෙයා? ඔව් ඒ වගේ තමා. මන් හොඳ හුස්මක් ගත්තා. ඔන්න ඔහේ ඕනේ එකක් කියලා.
"මන් නම් ඉතින් මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේ නැහැ සර්" මන් ඇත්තම කිව්වා."එ්කට කමක් නෑ. මන් හිතනවා ඔයත් මිස් ලී වගේ ම හොඳට වැඩ කරයි කියලා අනික මිස්ටර් Min ට හොඳින් වැඩ කරන්න කියලා දෙයි කියලා." මොකක්? මට හුස්ම ගන්නත් බැරි උනා.
"..... අනික මිස්ටර් Min මන් හිතනවා ඔයා ගොඩක් හොඳ සහයකයෙක් වෙයි කියලා මිස් Kim ට. මිස් Kim, මන් ඔයාට ඔක්කොම වගකීම් බාර දෙනව එහෙනම්" වාව්! මේක නම් මාරයි. මට මේක විශ්වාස කරන්නත් බැහැ වගේ.
" හරි සර්" මම සර් ට නැමිලා ආචාර කළා.
"ඒත් සර්, ඇයි සර් මට Assistant කෙනෙක් ඕනේ? එයා නයිට් ශිෆ්ට් ද කරන්නේ?" මම ඇහුවා. ඇත්තටම මන් දන්නවා ඒක අහන්න හොඳ වෙලාවක් නෙවෙයි ඒ කියලා. හැබැයි මට ඒක දැනගන්න ම ඕනේ උනා.
"ආහ් හරි මන් දන්නවා ඔයා හැම දේ ගැනම සැලකිලිමත් වෙනවා කියලා." එයා මගේ උරහිසට තට්ටුවක් දැම්මා.
"ඇත්තටම අපි මේ ෂොප් එකට බේකරි සයිඩ් එකකුත් ඇඩ් කරන්න යන්නේ. හෙට ඉඳන් වැඩකරන කට්ටිය ඇවිත් ඒ සයිඩ් එක හදයි." සර් මට අපේ අනාගත බේකරි සයිඩ් එක තියෙන්න ඕනේ තැනට අත දික් කරලා පෙන්නුවා.
නියමයිනේ! බේකරියකුත් එන්න යන්නේ.
"ඉතින් ඒ කෑල්ල හදනකන් මිස්ටර් Min ඔයාට උදවු කරයි.
නයිට් ශිෆ්ට් කරන්න මන් කෙනෙක් හොයා ගන්න ඕනේ. එතකන් මම හරි මගේ දුව හරි තමා ඉතින් නයිට් ශිෆ්ට් කරන්නෙත්. හරි හරි එහෙනම් දෙන්නටම ඔක්කොම පැහැදිලි යි නේ? මම දැන් යන්න ඕනේ"
මම සර්ට ආචාර කළා.
වාව්, මට නම් මාරම සතුටුයි. මොනා කරගන්න ද කියලා හිතා ගන්න බැරි උනා. මම තමයි දැන් මෙතැන ලොක්කා! හාහාහාහාහාහා මම හිතා යටින් හිනා උනා ගොඩක් සද්දෙන්. අන්තිමේ සර් යන්න ගියා.
යේ....... අන්තිමේ මමත් උසස් වීමක් ගත්තා.
ආ... මොකද මේ කොල්ලා මන් දිහා මෙහෙම බලන් ඉන්නේ? හ්ම්ම් සමහරවිට මන් මාව හදුන්වලා දෙන්න ඕනේ නේද? ඔව් මම මුලින්ම කරන්න ඕනේ මොකද මම නේ දැන් මෙතන head!
"Annyeone, මම Kim Yerin. ආ..... එතකොට ඔයා තමයි මගේ Assistant. අ.... ඒ කියන්නේ මම තමයි ඔයාගෙ ලොක්කා. අ..... මට ඔයාගෙ වයස දැන ගන්න පුළුවන්ද?" මම මාව හදුන්වලා දුන්නා.. හැබැයි අර කොල්ලා මන් දිහා බලන් හිටියේ අමුතු විදියට. පේන විදියට නම් මට වඩා බාලයි වගේ.
"ඕ... මගේ නම Min Yoongi" අම්මෝ එයාගෙ වොයිස් එක නම් මාරම තියුණු යි. මම මාර ආසයි ඒ වොයිස් එකට. හැබැයි එයා නම්..... එච්චර ම ෆ්‍රේන්ඩ්ලි නෑ වගේ.
කොහොමහරි එයා මට එයාගෙ වයසත් කිව්වා. ඕ.... ඒ කියන්නේ එයා මට වඩා වැඩිමල්. ඒ කියන්නේ මට එයාට informally කතා කරන්න බෑනේ. අයියෝ...
මන් එයාට අපේ ෂොප් එකේ වර්කින් වෙස්ට් එක දුන්නා. ඒ බ්ලු වෙස්ට් එක එයාට හොඳටම ගැලපුනා.
"ඉතින් මිස්ටර් Yoongi, ඔයා ලෑස්ති ද?" එයා වෙස්ට් එක ඇද ගත්තහම මම හිතවත් විදිහට ඇහුවා. පුංචි හිනාවක් එක්ක එයා ඔලුව වැනුවා. අහ්! ඒක හොඳ හිනාවක් ද? ඔව් ඒක හොඳ හිනාවක් තමයි.
අනේ මන්දා!
මන් එයාට කඩේ බඩු අහුරන්න උදවු කරන්න කිව්වා. ඉතින් අපි දෙන්නම එකතු වෙලා ඒ වැඩේ කළා. එයා ගොඩක් නිහඬ කෙනෙක් වගේ. ඒ උනාට එයා හොඳ කෙනෙක්ද?
"හ්ම්ම් ඇත්තටම.... මම දැනගෙන හිටියේ නැහැ ඔයා මට වඩා වැඩිමල් කියලා... ඉතින් මන් කොහොමද ඔයාට කතා කරන්න ඕන?" මන් එයාගෙන් ඇහුවා.
ආපහු මන් දිහා බැලුවේ කන්න වගේ.
ආහ්! ඒ බැල්ම තමයි එයාගෙ උත්තරේ.
පේන විදියට මිස්ටර් Yoongi කියලා කතා කරන එක හොඳයි වගේ. මොකද ඉතින් අපි වැඩ කරන තැන නේ.
"මිස්ටර් Yoongi, ඔයා උදේට කෑවද?" මන් බඩු අහුරන ගමන් ඇහුවා. එයා මන් දිහා බලලා ඔලුව වැනුවට මට තේරුනේ නැහැ මොකක්ද ඒකෙ තේරුම කියලා.
හහ්! මම විතරයි කතා කරන්නේ. මෙයා ඔලුව වනනවා විතරයි.
හ්ම්ම් දැන් නම් කඩේට කට්ටිය එන වෙලාව. මේ වගේ වෙලාවට තමයි සාමාන්‍යයෙන් මිනිස්සු කඩේට එන්නේ.
බඩු ඇහිරුවට පස්සේ මම කවුන්ටරය ළඟට ආවා. Yoongi ත‍් මාත් එක්ක ආවා. ඕ... පේන විදියට නම් එයාට ගොඩක් මහන්සියි වගේ.
"අ.... මිස්ටර් Yoongi, ඔයා ට පුළුවන් පොඩි රෙස්ට් එකක් ගන්න... මට පුළුවන් customers ලව බලා ගන්න. අද ඉතින් පලවෙනි දවස නේ. හැබැයි මිනිත්තුව දහයයි." මම එයාට කිව්වා. මට තේරෙනවා කාගෙ හරි යටතේ වැඩ කරද්දි කොහොමද කියලා. මමත් කලින් ඕක විඳලා තියෙනව. හැබැයි ඉතින් මිස් ලී නම් මට කවදාවත් බ්‍රේක් එකක් නම් දුන්නෙ නැහැ.
හැබැයි මම නම් ඉතින් තවත් මිස් ලී කෙනෙක් වෙන්නේ නැහැ.
මම මගේ විදියට ඉන්නවා
⋘⋘↻⋙⋙
ᴍɪɴ ʏᴏᴏɴɢɪ's ᴠɪᴇᴡ
අම්මෝ.... අන්තිමේ මන් ජොබ් එකක් හොයා ගත්තා. ඒක නම් ගොඩක් හොඳයි. මොකද දැන් මට ජොබ් එක නැති වෙලා සති එකහමාරක් විතර වෙනවා.
අනික මේ ජොබ් එක නම් ගොඩක් හොඳයි වගේ. මොකද කිව්වොත් මේ ෂොප් එක අයිති කෙනා හරිම හොඳ පාටයි. කොහොමහරි මන් දැන් යන්න ඕනේ වැඩට. ආ.... හ් මොකද මේ hyung මේ වෙලාවෙම කෝල් කරන්නේ? මේ එයාගෙ ෆාමසියෙ නම්බර් එක නේද?
"හෙලෝ, hyung කියන්න ඉක්මනට" මන් ඉක්මනට ඇහුවා. "Yoongi-ah, ඔයාට පුළුවන්ද මට උදවුවක් කරන්න?" Jin hyung එයාගෙ පුංචි ලමයෙක් ගෙ වගේ කටහඬින් හරිම අහිංසක විදියට ඇහුවා.
"හරි, එහෙනම් ඉක්මනට කියන්නකෝ. මම ටිකක් විතර පොඩි හදිස්සියක ඉන්නේ." මම මගේ කාමරයෙන් එළියට ආවා.
"අනේ ප්ලීස් ඔයාට පුළුවන්ද මගේ ෆෝන් එක මට ගෙනත් දෙන්න?" අයියෝ මට පරක්කු ත‍් වෙනවා.
" ඔව් hyung මට පුළුවන්" මම කිව්වා. මොකද මන් දන්නවා මම hyung ගෙන් මෙහෙම උදවුවක් ඉල්ලුවත් එයා අනිවාර්යයෙන් කරනවා කියලා මන් දන්නවා.
මන් මගේ කාමරේට එහා පැත්තෙ තිබ්බ Jin hyung ගෙ කාමරේ දොර ඉස්සරහ තිබ්බ පැළේ යට තිබ්බ යතුර ගත්තා. එතැන තමා Jin hyung හැමදාම එයාගෙ යතුර තියන්නේ. මම දොර ඇරියා. වාව්! මාර පිරිසිදු කාමරයක්.
හ්ම්ම්... ඒත් කෝ hyung ගෙ ෆෝන් එක? අයියෝ මට ෆෝන් හොයන්න තරම් වෙලාවකුත් නැහැ. මන් හැමතැනම ෆෝන් එක හෙව්වා. කෝ කොහෙවත් නෑ නේ!
Hyung ගෙ රූම් එක කොච්චර පිරිසිදු උනත් වැඩක් නැහැ මට එයාගෙ ෆෝන් එක හොයාගන්න බැ. ඉතින් මෙච්චර පිළිවෙල වෙලා වැඩක් වැ යි.
විනාඩි කිහිපයකට පස්සෙ අන්තිමේ මම ෆෝන් එක හොයා ගත්තා, බෝනික්කෙක් යට තිබිලා.
මම එක මිනිත්තුවක්වත් අපතේ යවන්නේ නැතුව ඉක්මනටම Jin hyung වැඩ කරන තැනට යන්න පිටත් උනා. ඒක ෆාමසියක්. මට බස් එකේ යන්නත් උනා එතනට යන්න.
එ උනාට මේ වෙලාවේ මගේ අතේ සල්ලි තිබ්බෙත් නැහැ. ඒ උනත් ඉතින් මන් ඉන්නේ ලොකු හදිස්සියක නේ.
ඉතින් මට මගේ කෑම ගන්න තියෙන සල්ලි බස් එකට වියදම් කරන්න උනා.
"Jin hyung, මෙන්න මේක ගන්න. මට යන්න ඕනේ." මම Jin hyung ව දක්වපු ගමන් එහෙම කියලා ෆෝන් එක දුන්නා.
"මොකක්? Yoongi-ah, ඔහොම ඉන්නවා" hyung කිව්වා.
"ඔව් hyung කියන්න ඇයි? ඇත්තට මට පරක්කු වෙලා තියෙන්නේ." එහෙම කියපු මම යන්න හැදුවේ.
"ඒ උනාට Yoongi, මේ මහ උදේ? ඔයා තාම වෙලාව බැලුවේ නැද්ද? තාම 6.10 නේ" මොකක්ද මේ hyung කියන්නේ? මම මගේ ඔරලෝසුව බැලුවා. නියමයි! මෙකේ වෙලාව නතර වෙලා.
" අයියෝ Yoongi-ah ඒක කැඩිලද? ඔයා අලුත් එකක් ගන්න ඕනේ." එයා කිව්වා.
ඔව්, මන් දන්නවා Jin hyung අපි හැමෝම ගැන වද වෙනවා. හ්ම්ම් දැන් මන් කිව්වොත් මම බස් එකේ එන්න කෑම සල්ලි වියදම් කළා කියලා hyung තවත් දුක් වෙයි.
"ඔව් hyung, ඒක එච්චර දෙයක් නෙවෙයි මට අලුත් එකක් ගන්න පුළුවන්. අ.... මන් හිතන්නේ මන් දැන් යන්න ඕනේ." එහෙම කියලා මම යන්න හැදුවා.
"ඕ.... ඔයා යන්නද හදන්නේ? මන් හිතුවේ ඔයත් එක්ක තව ටිකක් කතා කරන්න." හ්ම් ඔව් සමහරවිට hyung ට දැනගන්න ඕනෙ ඇති මන් ගාව සල්ලි තියෙනව ද නැද්ද කියලා. මන් ඉක්මනට මෙතැනින් මාරු වෙන්න ඕනේ.
"එ උනාට මන් දැන් යන්න ඕනේ hyung! මන් පොඩි walk එකක් දාන්න ඕනේ. ඔයාට පේනවනේ මගේ බර ත් ටිකක් වැඩි වෙලානේ." එ වගේ දේවල් මන් සාමාන්‍යයෙන් කියන්නේ නැහැ. ඒත් මේ වෙලාවෙ කියන්න උනා ඉතිං.
"walk එකක්? ඔයා? ඔයා බර අඩු කරගන්න යනවා? ඒක නම් මාර පුදුමය ක් ඒ වගේ දෙයක් ඔයාගෙන් අහන්න ලැබුන එක. ඒඒඒඒඒඒඒඒඒඒඒ.......... Yoongi-ahhhhhhhhhh ඔයාට girlfriend කෙනෙක්වත් ඉන්නවාද?" ආආආ......... හ්හ්හ්හ් මේ hyung ටත් වෙලාවකට නිකන් පිස්සු වගේ.
Aish! මේක වදයක් වෙන්න කලින් නවත්තන්න ඕනේ.
" එහෙම දෙයක් නෙවෙයි hyung, ඔයා දන්නවානේ කොයි වෙලේ ත‍් hobi කියන්නේ හෙල්ත‍් එකේ ඉන්න ඉන්න කියලනේ. අන්න ඒ නිසායි මම walk එකක් යන්න කියලා බැලුවේ." ඇත්තටම ඊයේ රෑ hobi කතා කරද්දීත් මට කිව්වා health එක බලාගන්න කියලා.
"හ්ම්ම් ඔව් hobi එහෙම තමා. හරි හරි අහන්නත් සතුටුයි ඔයා ඔයාගෙ health එක බලාගන්නවා කියලා. එහෙනම් ගුඩ් බායි. මටත් වැඩ තියෙනව." ආ... හ් මේ hyung නම් පුදුම විදිහට මහන්සි වෙලා වැඩ කරන්නේ. මන් දැන් යන්න ඕනේ.
"ආ... Hyung, මේක ගන්න. ඔයාට ආපහු පැළේ ළඟ යතුර හංගන්න බැහැ. මොකද මම දැන් ඉන්නෙ ගෙදර නෙවෙයි." මන් එයාගෙ යතුර එයට ම දුන්නා.
ඊට පස්සේ ෆාමසියෙන් එළියට ආවා.
මන් මගේ අත් සාක්කුවට දාගෙන ඇවිද්දා. මට මාරම තනිකමක් දැනුනේ. හ්ම්ම් ඔව් මන් පොඩි walk එකක් දාන්න ඕනේ. මම සාමාන්‍යයෙන් නම් ඇවිදින්න කැමති නැහැ. හැබැයි අද මට හිතුනා පොඩ්ඩක් ඇවිදින්න. මන් හිතන්නේ මිනිස්සු හැමෝම ගොඩක් සතුටින් ඉන්නේ මට වඩා. මම මොකද මේ කරන්නේ? ජීවිතේ ඔහේ යනවා.. පිස්සුවක් වගේ...
මට නිකන් දැනෙන්නේ මොකක් හරි අඩුවක් තියෙනව කියල. අපේ ජීවිත ඔහේ ගෙවිලා යනවා. ඒත් කොහෙද මේ සතුට කියන එක තියෙන්නේ? හැමදේම කලින් තිබ්බ වගේ නෙවෙයි. අපි යාළුවෝ හැමෝම හිටියේ එකට හැබැයි දැන් අපි හැමෝම එකට නෙවෙයි. මම අනික් අයව හම්බ වෙන්නේත‍් කලාතුරකින්. Jin hyung ව විතරයි මෙහෙම හරි හම්බ වෙන්නේ.
ආ...... හ්... මන් ලොකු හුස්මක් ගත්තා.
මන් ඔහේ ඇවිදින්න ගත්තා. මට තව වෙලාව තියෙනව වැඩ කරන ෂොප් එකට යන්න. ඒ ෂොප් එක අරින්නේ හතට.
"මාව අතාරිනවා... පිස්සු හැදිලා ද? මේක තමුසෙ ගෙ ගෙදර නෙවෙයි පාර...!"
මොන විකාරයක් ද මන්දා!!
අපෝ කවුද මේ උදේ පාන්දර ගිරිය කඩන් කෑ ගහන්නේ?
මට පේන්න බැහැ මේ වගේ කෑ ගැහිලි.
කෝ බලන්න.!
ආහ් කෙල්ලෙක්. කවුරුහරි ඒ කෙල්ලගේ අතින් අල්ලා ගෙන ඉන්නවා. පේන විදියට නම් දෙන්නම ඉන්නේ හොඳ මූඩ් එකක නෙවෙයි වගේ.
" මට සල්ලි දෙනවා!!!" ඒ අත අල්ලගෙන හිටපු මනුස්සයා කෑ ගහන්න ගත්තා. හ්ම්ම් පේන විදියට නම් පවුල් ප්‍රශ්නයක් වගේ. මම නම් මේවට පැටලෙන්න යන්නේ නැහැ. හොඳ වෙලාවට එයාලා මාව දැක්කේ නැහැ.
"මම තමුසෙ ගෙ වැඩකාරි නෙවෙයි. අතාරිනවා මාව." අන්තිමේ අත ගසලා දාපු කෙල්ල වේගෙන් ඇවිදින්න ගත්තා. මම ඔහේ මොකද වෙන්නේ කියලා බලන් හිටියා.
"තමුන් මේ කරපු දේ ගැන පසුතැවිලි වෙයි" අර මනුස්සයා කෑ ගහන්න ගත්තා.
හ්ම්ම් පේන විදිහට මම විතරක් නෙවෙයි සතුටක් නැතුව ඉන්නේ. හ්ම්ම්... ඕවා හිතලා වැඩක් නැහැ. මන් දැන් යන්න ඕනේ වැඩට.
මම මගේ වැඩ කරන ෂොප් එක අයිති කෙනා හම්බ වෙන්න ගියා. එයා මාව ගොඩක් හොඳ විදිහට පිළිගත්තා."ඉන්නකෝ මන් ඔයාව මිස් Kim ට හදුන්වලා දෙන්න. එයා තමයි ඔයාගෙ ප්‍රධානියා අනික එයා ඔයාට කියයි කොහොමද වැඩ කරන්න ඕනේ කියලා." සර් එහෙම කිව්වා. පේන හැටියට නම් එය හොඳ මනුස්සයෙක් වගේ. හැබැයි මම හිතුවේ එයාගෙ කඩේ වැඩ කරන එකම කෙනා මම කියලා. මෙන්න දැන් කියනවා තව කෙනෙකුත් ඉන්නවලු. හ්ම්ම්ම් ඒකට කමක් නැහැ. හැබැයි ඉතින් කෙල්ලෙක් එක්ක වැඩ කරන්න ගියාම එපා වෙයි.
ඒ උනාට මම කොහොමහරි කරලා මේ ජොබ් එක රැක ගන්න ඕනේ. කොහොමහරි අන්තිමේ මායි ෂොප් එක අයිති කෙනා යි ෂොප් එක ඇතුලට ගියා.
ඒක නම් ගොඩක් හොඳ තැනක් වගේ. හැබැයි කොහෙද අනික් වැඩ කරන කෙනා? එයා සමහරවිට.... ආ හරි අර එන්නෙ. හ්ම්ම්ම්.... මෙයා නම් හොඳට දැකල පුරුදුයි වගේ. අැයි මට එහෙම හිතෙන්නේ?
හ්ම්ම්.. ඕවා හිත හිත ඉන්න වෙලා නැහැ.
එ ගෑනු ලමයා නැමිලා ආචාර කළා. "කොහොමද Yerin, හැමදේම හොඳින් වෙනවා නේද?" සර් එහෙම ඇහුවා. පේන විදියට නම් මේ කෙල්ල මේ ෂොප් එකේ ගොඩක් කල් ඉඳන් වැඩ කරලද කොහෙද!
"අහ්හ්හ්..... මෙකයි සර් මගේ ප්‍රධානියා මිස් ලී තාම ආවේ නෑ නේ.... ඉතිං......" මොනාද මේ මෙයා කියන්නේ? මාවත් එක්ක පටලනවා. ඒ කියන්නේ තව කවුරු හරි මේ ෂොප් එකේ වැඩ කරනවද?
"ආ! ඔව් එයා අයින් උනානේ මෙතනින්. මට ඔයාට ඒක කියන්න වෙලාවක් තිබ්බෙ නැහැ. ඒකට කමක් නැහැ දැන් අපිට අලුත් ප්‍රධානියෙක් ඉන්නවා අපේ කඩේට." වාව්! අැයි දන්නේ නැහැ මිස් ලී කියන කෙනා ජොබ් එක දාලා ගියේ?කොහොමහරි එයා හින්දා මට පුළුවන් වුණේ මේ ජොබ් එකට එන්න.
අර කෙල්ල මන් දිහා පිස්සු බැල්මක් දැම්මා.
"Kim Yerin මොකද හිතෙන්නේ ඉතින් ඔයාට?" මේ කඩේ අයිති කෙනා නම් එයාගෙ සේවකයන් ගැන ගොඩක් හොයලා බලනව. කොච්චර හොඳද! මට නම් කවදාවත් මේ වගේ කෙනෙක් හම්බ වෙලා නැහැ.
"මන් නම් ඉතින් මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේ නැහැ සර්" හහ්! මේ කෙල්ල නම් මාර ම අමුතුයි. එයාගෙ මූණේ න් පේන්න තියෙන හැගිම් නම් මාරම පැටලිලි සහගතයි. එයා මේ ෂොප් එකේ ප්‍රධානියා උනා, ඒත් නිකන් දුකෙන් වගේ තමයි හැසිරෙන්නේ.
"එ්කට කමක් නෑ. මන් හිතනවා ඔයත් මිස් ලී වගේ ම හොඳට වැඩ කරයි කියලා අනික මිස්ටර් Min ට හොඳින් වැඩ කරන්න කියලා දෙයි කියලා." හහ්! මොකක්? වැඩ කරන්න කියලා දෙන්න? මම කොච්චර Part time කරලා තියෙනව ද? මන් මෙයාගෙ න් ඉගෙන ගන්න ඕනෙද වැඩ කරන හැටි? Aish, මගෙත් වෙලාව තමා. දැන් ඉතින් මේ කෙල්ල යටතෙ වැඩ කරන්න එපැයි!
"..... අනික මිස්ටර් Min මන් හිතනවා ඔයා ගොඩක් හොඳ සහයකයෙක් වෙයි කියලා මිස් Kim ට...." මම සර් කියපු දේ අනුමත කරන්න එයාට නැමිලා ආචාර කළා.
"මිස් Kim, මන් ඔයාට ඔක්කොම වගකීම් බාර දෙනව එහෙනම්"
" හරි සර්" එයා සර්ට නැමිලා ආචාර කළා. මමත් එහෙම්මම කළා.
"ඒත් සර්, ඇයි සර් මට Assistant කෙනෙක් ඕනේ? එයා නයිට් ශිෆ්ට් ද කරන්නේ?" හහ්! මේ කෙල්ල නම් මාර නපුරු යි. මගේ ජොබ් එක නැති කරලා දාන්න ද කොහෙද යන්නේ.
"ආහ් හරි මන් දන්නවා ඔයා හැම දේ ගැනම සැලකිලිමත් වෙනවා කියලා." හරි සර් ගෙ ප්‍රියතම කෙනා මෙයා! සර් එයාගෙ උරහිසට ත‍් තට්ටුවක් දැම්මා. මේ කෙල්ල ගොඩක් කල් ඉඳන් වැඩ කරන හින්දා මෙයත් එක්ක හොඳින් ඉන්න ඕනේ. නැත්නම් මෙයා මගේ ජොබ් එකටත් වැඩේ දෙයි.
"ඇත්තටම අපි මේ ෂොප් එකට බේකරි සයිඩ් එකකුත් ඇඩ් කරන්න යන්නේ. හෙට ඉඳන් වැඩකරන කට්ටිය ඇවිත් ඒ සයිඩ් එක හදයි." ඔව් ඔව් මම වැඩ කරන්නේ බේකරි එකේ. හොඳයි සර් මෙයාට එක කියපු එකත්.
"ඉතින් ඒ කෑල්ල හදනකන් මිස්ටර් Min ඔයාට උදවු කරයි.
නයිට් ශිෆ්ට් කරන්න මන් කෙනෙක් හොයා ගන්න ඕනේ. එතකන් මම හරි මගේ දුව හරි තමා ඉතින් නයිට් ශිෆ්ට් කරන්නෙත්. හරි හරි එහෙනම් දෙන්නටම ඔක්කොම පැහැදිලි යි නේ? මම දැන් යන්න ඕනේ"
හරි සර් යන්නයි හදන්නේ! නැමිලා ආචාර කරන්නත් එපැයි.
අන්තිමේ එයා ගියා.
හහ්! මොකද මේ කෙල්ල හදිස්සියේ ම වෙනස් උනේ? මෙයා නිකන් පිපිරෙන්න වගේ රතු වෙලා. මෙයා නම් මටත් පිස්සු හදනවා. අමුතු කෙල්ලෙක්.
මෙන්න එක පාරටම මෙයා මට කතා කළා.
"Annyeone, මම Kim Yerin. ආ..... එතකොට ඔයා තමයි මගේ Assistant. අ.... ඒ කියන්නේ මම තමයි ඔයාගෙ ලොක්කා. අ..... මට ඔයාගෙ වයස දැන ගන්න පුළුවන්ද?"
හ්ම්ම්ම්ම්ම්ම්.....
"ඕ... මගේ නම Min Yoongi" මට ඕනෙ උනා මේ ජොබ් එක රැක ගන්න. මම එයාට මගේ වයස කිව්වා. මගේ වයස ඇහුවා විතරයි එයාගෙ මූණ වෙනස් උනා. හැබැයි ඒ වෙනස මට පෙන්නන්නේ නැතුව ඉන්නයි එයා හැදුවේ. ඒවා කොහෙද මාත් එක්ක. එයා මට වැඩ කරද්දි අඳින වෙස්ට් එක දුන්නා. ඔන්න ඔහේ මන් ඒක ඇද ගත්තා.. මේක නම් පොඩ්ඩක්වත් මට ගැලපෙන්නේ නැහැ.
"ඉතින් මිස්ටර් Yoongi, ඔයා ලෑස්ති ද?" මෙයා නේ ඉතිං මගේ ප්‍රධානියා. ඒ වැඩේ නම් මෙයා හොඳටම කරනවා. අපි බඩු අහුරන්න ගත්තා. ඒක නම් මන් හිතුවට වඩා හොඳයි. හැබැයි ඉතින් මාර මහන්සි යි.
"හ්ම්ම් ඇත්තටම.... මම දැනගෙන හිටියේ නැහැ ඔයා මට වඩා වැඩිමල් කියලා... ඉතින් මන් කොහොමද ඔයාට කතා කරන්න ඕන?" අපි වැඩ කරන අතර එයා ඇහුවා. හහ්! මෙයා දැන් මට කතා මිස්ටර් Yoongi කියලා කතා කළේ. ඉතින් ආයේ මොකටද ආපහු මගෙන් අහන්නේ.?
මම එයා දිහා නිකන් බැලුවා.
මන් කලින් වැඩ කරලා තියෙන තැන් වල ප්‍රධානියො වගේ නෙවෙයි මෙයා හරිම හොඳයි. හැබැයි වැඩි පුර කියවන එක නම් මහා වදයක්.
"මිස්ටර් Yoongi, ඔයා උදේට කෑවද?" හා? මන් මෙයාට කිව්වොත් හොඳ නැද්ද මේ වගේ ප්‍රශ්න මගෙන් අහනව ට මන් කැමති නැහැ කියලා? හැබැයි එකත් ඇත්ත මන් මොනා හරි කෑවොත් හොඳයි වගේ. ඉන්න බැහැ බඩගිනි යි. මන් කළේ මගේ ඔලුව වනපු එක විතරයි. මන් දන්නේ නැහැ මම ඔලුව වනලා කිව්වේ ඔව් කියපු එකද නැ කියපු එකද කියලා.
කොහොමහරි අපි බඩු අහුරලා ඉවර වෙනකන් එයා සද්ද නැතුව හිටියා ඇති යාන්තම්. මෙයා සද්දයක් නැතුව ඉන්න එක කොච්චර ෂෝක් ද? අපි ඉස්සරහට ගියා. බඩු අහුරලා ඉවර නිසා.
මට නම් මාර මහන්සි යි දැන්. එයා කවුන්ටරය ට ගියා. ඊටපස්සේ මෙන්න එකපාරටම මන් දිහා බැලුවා. මන් එකපාරටම ගැස්සුණා. හැබැයි එයා ඒක නම් දැක්කේ නැහැ වගේ වෙලාවට.
"අ.... මිස්ටර් Yoongi, ඔයා ට පුළුවන් පොඩි රෙස්ට් එකක් ගන්න... මට පුළුවන් customers ලව බලා ගන්න. අද ඉතින් පලවෙනි දවස නේ. හැබැයි මිනිත්තුව දහයයි." වාව්! මෙයා නම් නියමයි නේ. මන් කවදාවත් දැකල නැහැ කෙනෙක් තමන්ගේ පහළ වැඩකරන කෙනෙක්ට rest කරන්න දීලා තමන් තනියම වැඩ කරනවා.
මම එයාට ස්තූති කරලා staff රූම් එකට ගියා.
ඒක පුංචි කාමරය ක්. කළු පාට තිරයක් දාලා කාමර දෙකක් වගේ වෙන් කර ගෙන තමයි තිබුනේ. ඒ කාමරේ වැඩි වෙන්න තිබ්බේ පරණ පුටුවකු යි දිග බංකුවකු යි. මන් කෙලින්ම බැංකුව තෝර ගත්තා.
නියම තැන පොඩි හාන්සියක් දාන්න.
අම්මෝ තියේනම් සනීපේ!
◦•●◉✿[ මතුසම්බන්ධයි ]✿◉●•◦
✄╌ ╌ ╌✄╌ ╌ ╌✄╌ ╌ ╌✄╌ ╌ ╌✄
Writer's Note:
ඔන්න අද නම් මට කියන්න දෙයක් නැහැ. කතාව කියවලා ඔයාලා ම මොනාහරි කියන්න.