ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓

由 Miss_Mint_Choco

52.7K 8.1K 1.2K

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ එකමත් එක අඳුරු රාත්‍රියක, පාලු පාරකදී අහම්බෙන් වගේ කිම් යේරින්ට මුණගැහෙනවා ජොන් ජොන්ග්කුක්... 更多

©️Copyright
💕Teaser💕
💕Episode 01💕
💕Episode 02💕
💕Episode 03💕
💕Episode 04💕
💕Episode 05💕
💕Episode 07💕
💕Episode 08💕
💕Episode 09💕
💕Episode 10💕
💕Episode 11💕
💕Episode 12💕
💕Episode 13💕
💕Episode 14💕
💕Episode 15💕
💕Episode 16💕
💕sᴘᴇᴄɪᴀʟ: 01💕
💕Episode 17💕
💕Episode 18💕
💕Episode 19💕
💕Episode 20💕
💕Episode 21💕
💕Episode 22💕
💕Episode 23💕
💕Episode 24💕
💕Episode 25💕
💕Episode 26💕
💕Episode 27💕
💕Episode 28💕
💕Episode 29💕
💕Episode 30💕
💕Episode 31💕
💕Episode 32💕
💕Episode 33💕
💕Episode 34💕
💕sᴘᴇᴄɪᴀʟ: 02💕
💕Episode 35💕
💕Episode 36💕
💕sᴘᴇᴄɪᴀʟ: 03 ᴘʀᴇᴠɪᴇᴡ💕
💕Episode 37💕
💕Episode 38💕
💕Episode 39💕
💕sᴘᴇᴄɪᴀʟ: 03💕
💕Episode 40 (Last Episode)💕
💕Invitation💕
💕ᴏⁿᵉ ʏᵉᵃʳ ᴀⁿⁿⁱᵛᵉʳˢᵃʳʸ 💕
💕sᴘᴇᴄɪᴀʟ: 04💕
💕sᵉᶜᵒⁿᵈ ʏᵉᵃʳ ᴀⁿⁿⁱᵛᵉʳˢᵃʳʸ 💕
💕 Posters 💕
Watt_Cafe Editor's Choice: The Best Books

💕Episode 06💕

1.3K 221 8
由 Miss_Mint_Choco

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ

ᴄʜᴀᴘᴛᴇʀ 01
ғɪʀsᴛ ᴍᴇᴇᴛɪɴɢ
ᴘᴀʀᴛ 04 (ɪɪɪ)

වේලාව : මධ්‍යම රාත්‍රිය
ස්ථානය : ෆාමසිය (Kim Seokjin වැඩ කරන තැන)

ᴊᴇᴏɴ ᴊᴜɴɢᴋᴏᴏᴋ ᴠɪᴇᴡ

(පසුගිය මතකයන්)

එදා රෑ එයා මාව අත ඇරලා දැම්මා. මම දුකින් පාරේ ඇවිදිද් දී බීපු මනුස්සයෙක් එක්ක ප්‍රශ්නයක් දාගත්ත ගෑනු ළමයෙක් හම්බ උනා. මට එයාට උදවු කරන්න හිතුනා. ඉතින් මන් එයාට උදවු කළා. එයාගෙ කකුලට මොකක්ද උනා. පේන විදියට නම් කැඩිලා.

මන් එයාව උස්ස ගත්තා.

ඉක්මනටම මෙයාව හොස්පිට්ල් එකකට එක්කගෙන යන්න ඕන.

අඩුතරමේ ෆාමසිය කට වත්.

ආ...!

ඔව්මයි.. Jin hyung වැඩ කරන ෆාමසිය ෂුවර් එකටම තියෙන්න ඕන එහා පාරේ.

අයියෝ මේ කෙල්ලට මොනා වෙලාද මෙච්චර දඟලන්නේ? මේ විදියට මෙයාව උස්සගෙන ඉන්න එක නම් මාරම අමාරුයි.

ඒ උනාට ඉතිං මොනා කරන්නද?

මෙයාට බෙහෙත් ගන්න පුළුවන් තැනකට මෙයාව කොහොමහරි එක්ක ගෙන යන්න ඕන.

*✲゚*。✧*✲゚*

(අද කතාව)

කොහොමහරි මන් Jin hyung ගෙ ෆාමසිය හොයා ගන්න ඕන.

Seokjin hyung කියන්නේ මගේ පුංචි කාලේ ඉඳන්ම යාලුවෙක්. එයාට පුළුවන් අපිට උදවු කරන්න. හරි! මේ පාරෙන් ගියාම තමයි... හරි අර තියෙන්නේ!

මේ කෙල්ල ඉවරයක් නැතුව දඟලනවා. කොහොමහරි අන්තිමේදී මම ෆාමසිය ඉස්සරහට ගියා.

මන් එයාගෙ මූණ දිහා බැලුවා. මට එයාට කියන්න ඕන උනා ~අඩු තරමේ දැන්වත් කට වහගෙන ඉන්න පුළුවන්ද?~

හ්ම්ම්ම් ඇති යාන්තම් වහා ගත්තා. එයාට දැන්වත් තේරුණා ද කොහෙද! දැන් නම් කිසි සද්දයක් නැහැ.

මම ෆාමසිය ඇතුලට ගියා.

Seokjin hyung ෆාමසිය ඇතුලේ හිටියා. හැබැයි එයා නිකන් tteokbokki හිරවෙලා වගේ තමයි බලන් හිටියේ.

මොකද මේ hyung මෙහෙම බලන් ඉන්නේ? අඩු තරමේ මට උදවු කරන්නේවත් නැතුව.

"Hyung, මොනාද ඔයා බලන් ඉන්නේ? උදවු කරන්න මට.... මං හිතන්නේ මෙයාගෙ කකුල කැඩිලා." බලන් ඉඳලා බැරිම තැන මන් කිව්වා.

ඊටපස්සේ මන් එයාව ෆාමසියෙ තිබ්බ ස්ටූල් එක උඩින් තිබ්බා.

Hyung එයා ළඟට ආවා. මන් ඉතින් එහාට උනා hyung ට ඉඩ දීලා.

මන් දැක්කා එයා ඒ කෙල්ලට කතා කරනවා.

ආහ්! ඒ දෙන්නා අඳුරනව ද මීට කලින්? ඔව් ඔව් එයාගෙ මූණේ තියේනම් හිනාවෙන් පේනවා එයා Jin hyung ව අඳුරනව කියලා. අනික එයා Jin hyung එක්ක නම් හොඳට කතා කරනවා. මාත් එක්ක වගේ නෙවෙයි.

ආ.. ඔව් එයා මේ ළඟ නේ ඉන්නේ. සමහරවිට ඒ නිසා මේ දෙන්නා අදුරනවා වෙන්න ඇති.

ආහ් සමහරවිට Jin hyung නිකන් tteokbokki හිරවෙලා වගේ පුදුම වෙලා බලන් හිටියේ එයා මේ කෙල්ලව දන්නා නිසා වෙන්න ඇති.

මම යි මේ ගෑනු ලමයා යි එකට ආවම එයාට කොහොමත් පුදුම හිතෙන්න ඇති..

හරි හරි දැන් මට තේරෙනවා.

ඕ..... Hyung එයාගෙ කකුලට බැන්ඩේජ් එකක් දැම්මා. ඇත්තටම ඩොක්ටර් කෙනෙක් වගේ. හරිම සියුම්.

ඒක හොඳයි.

දැන් එයාගෙ කකුල ඉක්මනට ම හොඳ වෙයි.

පේන විදියට නම් මේ දෙන්නා ගොඩක් එකතු යි වගේ. හරිම හොඳට කතා කරනවා. අනික ආ............ හ්! ඒ hyung එයාට ඇහැක් ගැහුවා නේද?

හරි හරි මන් දන්නවා ඒක එයාගෙ පුරුද්ද කියලා. ඒ උනාට hyung මොකටද එයාට ඇහැක් ගැහුවේ.

ඒක දැකලා මට නිකන් බඩ දඟලනවා වගේ දැනුනේ.

ආ අන්න එයා නැගිට්ට.

එයා බෙහෙත් දාගෙන ඉවර ද? එයා අතට බෙහෙත් දාගත්තෙ නැහැ නේද? මෙයා hyung ට කිව්වේ නැද්ද අතටත් බෙහෙත් දාන්න කියලා? මෙයා නම් මාර අමුතු කෙල්ලෙක් තමයි.

මටත් මේවට මැදිහත් වෙන්න වෙනවනේ.

"ඒයි ඔහොම ඉන්න. ඒක ඉවරයි ද?" මන් ඇහුවා. දෙන්නම එකටම ඔලුව වැනුවා.

"එහෙනම් මම යන්නම්. ගොඩක් ස්තූතියි oppa ඔයාට. Good night එහෙනම්. Anneong!" මෙන්න මෙයා යන්න හදන්නේ.

මන් දිහා බලන්නෙ වත් නැතුව මාව පාස් කරන් ගියානේ.

එහෙම කොහොමද යන්නේ!

මන් එයාගෙ අතින් අල්ල ගත්තා.

" ආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්"

අයියෝ..... මේ පිස්සු කෙල්ල කොයි වෙලේත‍් ගිරිය යටින් කෑ ගහන්නේ මගේ කන ළඟම යි.

ඔව් ඉතින් කෑ ගහන්න ත‍් හේතුවක් තියෙනව නේ. අත රිදෙනව ඇති හොඳටම. එහෙනම් මොකටද බෙහෙත් ගන්නේ නැතුව යන්න හැදුවේ? බොරු ආඩම්බරේ නේ ඔය.

"තමුසෙට පිස්සු හැදිලා ද? මගේ අත අතාරිනවා. ආ....... හ්.. මං තමුසෙට කලිනුත් කිව්වා මගේ අත රිදෙනවා කියලා." මෙයා ගෙ වැඩේම මට බනින එකමයි. අනේ මන්දා අපි හම්බ උනෙත් ටික වෙලාවකට කලින්.

"හා එකයි මම ඇහුවේ ඉවර ද කියලා... Seokjinie hyung...!" මට ඕන උනා Seokjin hyung ඉක්මණට ම ඇවිත් එයාගෙ අත චෙක් කරන්න.

"Seokjin hyung, ප්ලීස් ඔයාට මෙයාගේ අතට ත‍් බෙහෙත් දාන්න පුළුවන් ද?"කෝ hyung ඉක්මණට එන්නේ නෑ නේ.

අන්තිමේ hyung ආවා. ඇවිත් එයාගෙ අත චෙක් කලා. මොකද උනේ? ඇයි මේ hyung මෙච්චර පුදුම වෙලා? ඇස් දෙකත් ලොකු වෙලා.

"ඒයි මොකද ඔයාට උනේ? මේක නිකං ඔයාට කලිනුත් වෙලා තිබ්බ තැලීම වගේනේ"

ආහ්! ඒ කියන්නේ මෙයාට කලිනුත් මෙහෙම තුවාල වෙලා තියෙනව ද? ඒක නම් ප්‍රශ්නයක්!

"ආහ් ඔව් කලිනුත් මෙහෙම උනා නේ... " එයාට එයාගෙ පෞද්ගලික දේවල් කියන්න ඕනේ නැහැ වගේ.

"ඒකට කමක් නෑ... මං බැන්ඩේජ් එකක් දාන්නම්.. ඉක්මනටම හොඳ වෙයි මේක." jin hyung කිව්වා. එහෙම කියලා එයා ගියා බැන්ඩේජ් අරන් එන්න.

ඒ අතර මන් එයා දිහා බැලුවා. බැලුවාම නම් පේන්නේ නැහැ මෙච්චර ම සැර යි කියලා. හැබැයි ඉතින් අහිංසකයි කියලා ඇඟේ ඇලී ගෙන ඉන්න කෙල්ලන්ට වඩා මෙහෙම සැර ට ඉන්නවා හොඳයි.

"ඉතිං.. ඒ කියන්නේ කලිනුත් මේ වගේ දෙයක් උනාද?" මන් එයාගෙන් ඇහුවා. අනේ මන්දා මමත් මොකට මේවා හොයනවා ද කියලා. ඒ උනාට මට ඕන උනා එයා ගැන තව ටිකක් දැන ගන්න.

එයා හොඳින් නේද? අවුලක් නැහැනේ?

මන් අදමයි එයාව හම්බ උනේ. ඒත් මට ඕන උනා දැනගන්න එයා ට ප්‍රශ්නයක් නැ කියලා.

"හ්ම්ම්.. ඔව් ගොඩක් වෙලාවට මන් කරන වැඩ වලින් මටම තුවාල වෙනවා. දැන් මට ඒක පුරුද්දට ගිහින්."

එයා එහෙම කිව්වම මටත් කෙනෙක් ව මතක් උනා මේ වගේම වැඩ කරන.

"මටත් මතක් වෙනවා ඒ වගේම කෙනෙක්. එයත් කරන වැඩවලින් ගොඩක් වෙලාවට එයාටම තුවාල වෙනවා ගොඩක් වෙලාවට.. ඔයත් මීට වඩා පරිස්සම් උනොත් හොඳයි."

හ්ම්ම් ගොඩ කාලෙකින් මට hyung ව හම්බ වෙන්න බැරි උනා. මන් මගේ hyung ලව හම්බ වෙන්න ඕන. මම ගොඩක් දේවල් එක්ක බිසී වෙලා හිටපු නිසා මට එයාලව හම්බ වෙන්නත් බැරි උනා.

ආපහු නම් එහෙම දෙයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ මම.

මේ ගෑනු ලමයා ගැන මට මුණගැහුණට පස්සෙ, ගොඩ කාලෙකට පස්සෙ Jin hyung වත් මුණ ගැහුනා. අනික දැන් Namjoon hyung වත් මතක් උනා.

මේ කෙල්ල නම් ටිකක් අමුතුයි වගේ.

අනේ මන්දා!

ආහ් මේ Jin hyung කොහෙද ගියේ? එයා බැන්ඩේජ් හදනව ද? කොහෙද යන්නේ කියලවත් කිව්වේ නැනේ.

ආ හරි එනවා එනවා. බැන්ඩේජ්ත් අරගෙන ම එනවා.

බැන්ඩේජ් දැම්මට පස්සෙ, Jin hyung Yerin ට උපදෙසුත් දුන්නා. කොහොමද අත පරිස්සං කරන්නේ කියලා.

මාර යි ආ! Jin hyung නම් එයාගෙ ජොබ් එක ගාණට කරනවා.

ටිකක් වැඩිපුර ත‍් එක්ක කරනවද මන්දා!

"ගොඩක් ස්තුතියි oppa, මන් දැන් යනවා එහෙනම්. ආ! අනික පේමන්ට් එක මන් හෙට ගෙවන්නන්." ආ... එයා ගාව මේ වෙලාවේ සල්ලි නැ වගේ.

අන්න එයා ෆාමසියෙන් එළියට ගියා! අඩු තරමේ මන් දිහා බැලුවේ වත් නැහැ.

කොච්චර නපුරියක් ද?

කමක් නැ එයාගෙ අත යි කකුල යි ගොඩක් රිදෙනව ඇති. එයාට පේන් කිලර්ස් එහෙම ඕනෙ ද දන්නෙ නැහැ. මන් ගන්න ඕනේ ටිකක්..

"ඒහ් Jungkook-ah, ඔයා එයත් එක්ක යන්නේ නැද්ද?" Jin hyung ගෙ කෑ ගැහිල්ල ට තමයි මන් හරි සිහියට ආවේ. ඔව් මන් යන්න ඕනේ එයාට පේන් කිලර්ස් දෙන්න.

"ඔව්, ඔව් hyung මන් යන්න ඕන. ඒ උනාට මට පේන් කිලර්ස් ටිකක් ගන්න ඕන එයාට දෙන්න. දෙන්නකෝ මට පේන් කිලර්ස් ටිකක්" මන් ඉක්මනට කිව්වේ මට ඉක්මනට යන්න ඕනේ උන නිසා.

අම්මෝ Jin hyung ට පැයක් විතර ගියා බෙහෙත් ටික දෙන්න. මන් පර්ස් එක ගත්තෙ සල්ලි ගෙවන්න. ගත්තහම යි දැක්කේ මන් හිතන්නේ ඒ තමයි මගේ අන්තිම සල්ලි ටික.

කමක් නැ. මන් මේ සල්ලි වියදම් කරන්නේ හොඳ දේකට නේ.

"Jungkook-ah, කොහොමද ඉතින් ජීවිතේ යන්නේ? හැමදේම හොඳින් ද? අනික මට දැනගන්න පුළුවන්ද ඔයා කොහොමද මේ ගෑනු ළමයව අදුරන්නෙ කියලා? ඔයාගෙ යි අරයාගෙ යි අතර හැමදේම හොඳින් නේද?"

මන් සල්ලි ගෙවද්දී hyung ඇහුවා.. හ්ම්ම්... ඇයි මේ hyung එයා ගැන අහන්නේ? මට ඕන කරන්නේ එයාව දැන් අමතක කරලා දාන්න.

Hyung අහද්දී ඉතින් නොකියා ඉන්නත් බැ නේ.

"එයා යි මායි අතර දැන් කිසිදෙයක් නැහැ. ඔක්කොම ඉවරයි. එයා මාව නිකන්ම අත් ඇරලා දැම්මා." මම එයත් එක්ක යි එයා ගැන මගේ හිතේ තිබ්බ හැම මතකයකටම ගොඩක් වෛර කරනවා.

" මේ ගෑනු ළමයා යි මගේ යි අතර කිසිදෙයක් නැහැ. අපි ටික වෙලාවකට කලින් හම්බ උනේ. ඒක එච්චර දෙයක් නෙවෙයි. ආ.. දැන් නම් ගොඩක් පරක්කු යි. මම දැන් නම් යන්න ඕන hyung. මන් ඔයාව හම්බ වෙන්න එන්නන් කො" ඉක්මනට යන්න ඕනේ අර ගෑනු ළමය ව අල්ල ගන්න. මේ පේන් කිලර්ස් ටික දෙන්න ඕනේ නේ.

මන් යන්න හැරුණ.

"ඔහොම පොඩ්ඩක් ඉන්නවා" අයියෝ තව මොනාද hyung ට ඕනේ?

" ඇයි? මොකෝ? " මන් ආපහු හැරුණ. හැබැයි ඉතින් කැමැත්තෙන් නම් නෙවෙයි.

" ඔයා ගාව Yoongi ගෙ නම්බර් එක තියෙනව ද?" පේන විදියට hyung ෆෝන් එක දාලා ඇවිත් වගේ.

ඒවා අහ අහා ඉන්න මට වෙලාවක් නැ දැන්. මන් Yoongi hyung ගෙ නම්බර් එක දීලා ෆාමසියන් එළියට පියාඹලා ගියා.

කොහෙද මෙයා?

මන් වට පිට බැලුවේ ප්‍රශ්නාර්ථයක් එක්කයි.

එයා වැඩි දුරක් යන්න නම් විදිහක් නැහැ. මොකද කකුල නිසා වේගෙන් ඇවිදින්න බෑ නේ.

ආ හරි ලාවට වගේ මට පේනවා කවුරුහරි ඇවිදිනවා මේ කළුවරේ හොල්මනක් වගේ.

ඒ එයා වෙන්න ඇති.

මන් ඒ හොල්මන වගේ කෙනා ගාවට ගියා.

හරි හරි මේ එයා ම තමා.

"ඒයි, ඔහොම ඉන්න" මන් එයාට කතා කළා. එයා ගෙ මාර පෙනුමක් තිබ්බේ ඒ වෙලාවේ. නිකන් මන් එනකං බලන් හිටියා වගේ.

"මොකක්ද ඔයාගෙ ප්‍රශ්නේ? ඇයි අනේ ඔයා මගේ පස්සෙන් එන්නේ? ආ.. හ්?" අයියෝ නැහැ මන් හිතපු විදිහ වැරදියි වගේ. එයා මන් ආවට කැමැති නැහැ.

හහ්! මමත් කැමති නැ මෙයාව හම්බ වෙන්න.

මන් මේ පව් කියලා ආවේ. මහ රෑ ඉතින් මොනා උනත් තනියෙන් ගෑනු ලමයෙක් යනවා නේ කියලා ආවේ.

අනික කකුල ත‍් තුවාල වෙච්ච.

"අ...... හ් සොරි හැබැයි ඇත්තටම....." පොඩ්ඩක් ඉන්න! දැන් මන් කිව්වොත් මම මේක ගෙනාවේ කියලා ෂුවර් මෙයා නම් මේක ගන්නේ නැහැ.

දැන් මොකද කරන්නේ?

ආහ්! හරි අපි Jin hyung ව පාවිචිචි කරමු.

"මේක.... මේක... අ........ Seokjin hyung කිව්වා මේක ඔයාට දෙන්න කියලා."

කඩදාසි බෑග් එක ගත්ත එයා එබිලා බැලුවා. ඊටපස්සේ මොකුත් ම නොකියා ඒක තියාගත්තා.

ඒ කියන්නේ එයා ඒක භාරගත්තා.

අපි දිගටම ඇවිද්දා. කිසිම සද්දයක් නැහැ. අපි දෙන්නගෙන් කවුරුවත් කතා කළේ නැහැ. කතා කරන්න ඕනේ කියලා හිතුනත් ආපහු හිතුනා ඕනේ නැ. මේ කෙල්ල මට ආපහු බනින්න ගනියි කියලා.

ඔන්න ඔහේ සද්ද නැතුව ඉන්නවා.

"ඒ කියන්නේ.... එතකොට මම තමා Home Minister ගෙ දුව නේ?"

"හහ්!"

මොකක්! මෙන්න මෙයා කතා කරනවා!?

ඒත් මොකක්ද එයා මේ කියන්නේ?

ආහ් හරි හරි. මේ අර බීපු මනුස්සයට මන් කියපු කතාව.

"හා හා හා ඔව් ඔයා තමා" මන් නිකං කිව්වා.

"ඒක නෙවෙයි, අපේ Home Minister ට දුවලා ඉන්නවද?" එයා ඇහුවා. අයියෝ මෙයා මොකද මේ ඉඳලා ඉඳලා මගෙන් සාමාන්‍ය දැනීම අහන්නේ?

" අ... මං දන්නේ නැනේ" මට වෙන කියන්න දෙයක් නැති උනා. මෙන්න මෙයා මට හිනා වෙනවා. ඇයි අනේ මන් කොහොමද Home Minister ගෙ දුවලා ගැන දන්නේ? කමක් නෑ ඔන්න ඔහේ මාත් හිනා වෙනවා.

"ඉතිං දැන් ඔයා කොහෙද යන්නේ?" හිනා වෙලා ඉවර වෙලා එයා ඇහුවා. ඔව් ඒක නම් ගොඩාක් වැදගත් ප්‍රශ්නයක්. මන් දැන් කොහෙද යන්නේ? මට ගෙදර යන්න පුලුවන් ද? ඒක තාමත් මගේද?

ආ............. හ්! මට පිස්සු වගේ දැන්!

"අ.... හ් මන් දැන් ගෙදර යන්නේ.. එතකොට ඔයා?" ඔව් කොහොමහරි ගෙදර යන්න ඕනේ.

"ඔව් අනිවා මාත් ගෙදර තමා. අ... මේකයි... මං යන්නෙ මේ පැත්තට. ඒ තමයි..." හ්ම්ම් ඔව් මේක තමා ගුඩ් බායි කියන්න හොඳම වෙලාව.

"ආහ්, ඔව්මයි, මම යන්නේ මේ පැත්තට ඒ නිසා දැන් ගුඩ් බායි කියමු නේ."

මන් එයාට ගුඩ් බායි කිව්වා. එයාට නම් සතුටු ඇති මගෙන් බේරුනා කියලා හිතනවා ඇති. එයා ඉතින් මට පොඩ්ඩක් වත් කැමති නැනේ.

"අ..... ඔයා අද මට කරපු හැම උදවුවකට ම ගොඩක් ස්තුතියි." එයා නිකන්ම ස්තුති කළා. ඒකත් ඇත්ත අපි දැන් මේ හම්බ උනා විතරයි. තැන්ක්ස් කළා ට පස්සෙ ඉතින් තව මොනාද?

"ඒක එච්චර දෙයක් නෙවෙයි. අ... එහෙනම් බායි. කොහොමත් අපි ආපහු සමහරවිට හම්බ වෙන්නෙත් නැති වෙයි. ඒ නිසා ඒකෙ අවුලක් නෑ.". මන් මගේ හිතට ආපු දේ කිව්වා.

"අ.... ඔයාට පුළුවන් ද ඔයාගෙ නම කියන්න මට? ඔයාගෙ නමවත් දැනගෙන ඉන්න එක හොඳයි නේ ඔයා මට මෙච්චර උදවු කරපු නිසා" හහ්! දැන් එයාට මගේ නමත් දැනගන්න ඕනෙ වෙලාද?

" ඔව්, ඒත් ඊට කලින් මට දැනගන්න පුළුවන්ද මම කාටද උදවු කලේ කියල?" මටත් ඉතින් ඉන්න බෑ නේ.

" අපොයි ඔව්.. මම තමයි Home Minister ගෙ දුව" හා හා හා මේ කෙල්ල නම් මාර කපටි යි. එයා එයාගෙ අත දුන්න මට.

"ඕ.. ඔව්මයි, මම Jungkook" මමත් ඔහේ අත දුන්නා.

"කොහොමහරි Jungkook-shi ඔයාට ගොඩක් තැන්ක්ස් මට උදවු කළාට. ඒ උනත් ඇත්තට ම දැන් නම් මන් යන්න ඕන. ඉතින්... බායි" එයා එයාගෙ අත ගත්තෙ යන්න. මන් එයාට ආචාර කළා සමුගැනීමේ සලකුණ විදියට.

එයත් එහෙම්ම ම කළා.

මන් එයා දිහා බැලුවට එයා අඩු තරමේ මන් දිහා හැරිල වත් බැලුවේ නැහැ.

මන් මගේ ගමන යන්න හැරුණ.

අත් දෙකත් සාක්කු වලට ඔබා ගත්ත මම හිමින් හිමින් බඩ ගගා ඇවිද්දෙ කිසිම ගාණක් නැතුව.

ඒ කෙල්ල නම් ගොඩක් අමුතුයි. හැබැයි එයා මට අමුතු හැගීමක් ගෙනාවා.

නිකන්.... නිකන්....

අනේ මන්දා!

ගෙදර යන්න ඕනේ.

හැබැයි!

තාම ඒක මගේ ගෙදරද?

අනේ මන්දා යන්න ඕනේ ඉක්මනට.

මන් මගේ ගමන ඉක්මන් කළා.

(විනාඩි 15 කට හරි 30 හැටි පස්සේ)

මන් ලිෆ්ට් එක ඇතුලට ගිහින් දෙපාරක් නොහිතා 22 බොත්තම එබුවේ මගේ අපාර්ට්මන්ට් එකට යන්න.

මගේ අපාර්ට්මන්ට් එක තිබ්බේ 22 ෆ්ලෝර් එකේ කොනේ ම.

අන්තිමේ මන් මගේ අපාර්ට්මන්ට් එකට ආවා. ඒක ගොඩක්ම සැප පහසුයි. මන් දොර ඇරියා.

හ්ම්! කවුරු හරි දොරට යටින් කොළයක් දාලා.

ඒ මොකක්ද එ?

මන් ඒක අතට අරන් බැලුවා. ආහ් ඒක ඇවිත් තියෙන්නේ බැංකුවෙන්.

මන් දැනගෙන හිටියා මේක ළඟදීම එයි කියලා. ඒත් මන් හිතුවේ නෑ මෙච්චර ඉක්මනට එයි කියලා

"*මෙම නිවස අපගෙ _ _ _ _ බැංකුව භාරයට ලබා ගන්නා අතර...... ආයතනය ද....... නිවසින් ඉවත් වීමට ලබා දෙන අවසන් දිනය 20XX XX XX........*"

මොකක්?

ඒ කියන්නේ මට හෙටම ගෙදර බාර දෙන්න වෙනවද?

◦•●◉✿[ 1st Chapter එක ඉවරයි! ]✿◉●•◦

✄╌ ╌ ╌✄╌ ╌ ╌✄╌ ╌ ╌✄╌ ╌ ╌✄

Writer's Note:

Hello,

ඔයාලා මෙච්චර දවස් කියෙව්වේ first Chapter එකේ parts! ඔයාලටත් තේරෙන්න ඇතිනේ එකම Scene එක ගියේ කියලා මේ episode ටිකේම. අදින් first Chapter එක ඉවරයි.

ඊළඟට පටන් ගන්නේ Second Chapter එක.

Yoongi ට කැමති කවුද?

ඔන්න ඊළඟ Chapter එකේ ඉන්නේ Yoongi!

Thank you!

继续阅读

You'll Also Like

60.3K 10.1K 102
[Completed] "ARMY.... ඇත්තටම මම අද මේ vlive එක කරන්නෙ ඔයාලට ගොඩාක් විශේෂ දෙයක් කියන්න........... ARMY.......... මගෙ හිතේ...... කෙනෙක් ගැන ආදරයක් ඇත...
2.9K 503 5
[completed] You are a last year student of Apgujeong high school in seoul, Korea... a character who has no such big dreams, who comes because he wan...
673 93 15
වෛරයෙන් ඇරඹුනු ඒ ආදරේ ..........❤️❤️❤️❤️ කෙල්ලෝ දෙන්නට ම ලොකු හයියක්..........💕ඒ හතර දෙනාගේ බැදීම මහමෙරක්.....ඒ ඔක්කෝම පිටිපස්සේ දැවැන්ත හෙවනැල්ලක්...
521 134 22
"මැරිච්ච කෙනෙක් ගැන තාම හිතනවාද ඔයා." "කට පරිස්සම් කරගන්න අවුරුදු 2කට කලින් වෙච්ච දෙ මට තාම මතකයි. උන් මගේ සෝහා ව මැරුව විදිහ මට තාම මතකයි." "එයාලා එ...