ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ
ᴄʜᴀᴘᴛᴇʀ 01
ғɪʀsᴛ ᴍᴇᴇᴛɪɴɢ
ᴘᴀʀᴛ 3
වේලාව : මධ්‍යම රාත්‍රිය
ස්ථානය : අඳුරු මාවත
ᴋɪᴍ ʏᴇʀɪɴ's ᴠɪᴇᴡ
(පසුගිය මතකයන්)
එදා රෑ මම ගෙදරින් එලියට බැස්සේ ගොඩක් දුකින්. ඊටපස්සේ මම බීපු මනුස්සයෙක් ගෙ ඇඟෙත් හැප්පුණා.
අම්මෝ ඒ මනුස්සයා නම් මාර භයානකයි.
එ උනාට කවුද කෙනෙක් ආවා. එයා මාව බේරාගන්න හැදුවේ. කොහොමහරි අන්තිමේ අපි දෙන්නම දැන් මේ මනුස්සයා ගේ කරදරේ ට පැටළුණා.
"ඒයි, තමුසේ කොහෙද යන්නේ?" බුදු අම්මෝ එක පාරටම අර බීපු මනුස්සයා ඇහුවා.
"අ...... මෙකයි සර් මේ...... මමත් ඉන්නේ මගේ ඩියුටි එකේ..... ආහ්! ඔව් මගේ ඩියුටි එක මේ ගෑනු ලමයව ආරක්ෂා කරන එක. මෙයා මේ....... ආහ්.... Home Minister ගෙ දුව නේ. අනේ සර් එහෙනම් අපි යන්නම් නේද?" නාදුනන කොල්ලා බීපු මනුස්සයා ට කිව්වා.
මං නම් හිතන්නේ නැහැ ඒ මනුස්සයා ඒ කියපු එක විශ්වාස කළා කියලා.
" හරි එහෙනම් අපි දෙන්නම යං. මටත් පුළුවන් ඔයාගෙ ඩියුටි එකට උදවු කරන්න. යං යං " එකපාරටම ඒ මනුස්සයා කිව්වා.
මොකක්?
අයියෝ... මාර වැඩේ!
*✲゚*。✧*✲゚*
(අද කතාව)
මට මොනා කරන්නද කියලා තේරුනේ නැහැ. මම නිකන් අර කොල්ලා දිහා බලං හිටපු එක කළේ. බලමු මෙයාට මොකක් හරි අයිඩියා එකක් තියෙනව ද කියලා.
අම්මෝ! මෙන්න ඒ කොල්ලාත් මං දිහා බැලුවා.
ඒක තමා පලවෙනි වතාව මං හරියට ම ඒ කොල්ලාගේ මූණ දැකපු. මං හිතන්නේ එයා.... මාර... කඩවස..... අ... හ්හ්හ්..... මං දන්නේ නැහැ. මෙයා මං දිහා මෙහෙම බලං ඉන්න එක නම් මාර වදයක්. මට නිකං හුස්ම හිර කරනවා වගේ.
අනික අැයි මේ එයා මට මෙච්චර ලං වෙලා ඉන්නේ? ආහ් හරි නේ. මේ වෙලාවෙම මගේ කකුලත් උළුක්කු උනානේ..
අයියෝ....
"නැ සර් නැහැ. ඔයාට නම් අපිත් එක්ක එන්න බැහැ! අ..... මොකද කිවිවොත්........ ඔයාගෙ ඩියුටි එක තමයි............. අ............. ජනාධිපති තුමාගේ දුව ව........ආරක්ෂා කරන එක............ අ..... ඉතිං සර් ඔයා තමයි මෙතන ස්පෙෂල් ම ඩියුටි එක කරන්නේ.... අනේ ප්ලීස්... මං මගේ ඩියුටි එක කරන්නම්. ඔයා ඔයාගෙ ඩියුටි එක කරන්න. " ඒ කොල්ලා කිව්වා.
අම්මෝ මෙයා කියන්නේ බොරුද? ඇත්තද? කියලා මටත් සැකයක් එන විදිහට නේ මෙයා කියන්නේ.
හාහාහා! ඒ උනාට ඉතිං මම Home Minister ගෙ දුව වැයි.
කොහොමහරි පේන විදියට දැන් නම් අර මනුස්සයා නිකං ඇන්දුනා වගේ.
අනේ මන්දා කෝකටත් මම නම් මොකුත් කියන්න ගියේ නැහැ.
"ආ.... ඔව්.... ඔව්.... තමුසේ හරි......මම... තමයි..... මෙ..... ත.. න ඉන්න........ වැද.......ගත් ම... කෙනා...... අන්න.... ඒ.... නිසා......... තම.... යි මම........" අර මනුස්සයා ආයෙත් කියවන්න ගත්තා පිස්සෙක් වගේ..
අන්න ඒ වෙලාවේ තමයි අර කොල්ලා මාවත් එක්ක ගෙන හිමින් ම එතනින් මාරු උනේ.
අපි නිකන්ම ඇවිදන් ගියා.
මොකුත්ම කතා කළේ නැ. මොකද අපිට තාම ඇහෙනවා අර මනුස්සයා ගෙ කෑ ගැහිල්ල.
බුදු අම්මෝ ඇති යාන්තම් අඩි දෙකතුනක් ගියාම අපිට හැරෙන්න වෙන පාරක් හම්බ උනා. ඇති යාන්තම් අර මනුස්සයා ගෙන් ඔයින් බේරුනා.
අම්මෝ... මගේ කකුල මාර විදිහට නේ රිදෙන්නේ. අනේ මට නම් තවත් මේ අත රිදෙන එක නම් ඉවසන් ඉන්න බැහැ. මං මෙයාට කියන්න ඕනේ මගේ අත අතාරින්න කියලා.
මන් හොඳ හුස්මක් ගත්තා.
"මේ.... මේකයි!" එයා මං දිහා බැලුවා. අපේ ඇවිදීමත් නැවතුනා, හරියටම ලයිට් කණුවක් යට දි.
එයා මන් දිහා බලාගෙන හිටියා විතරයි. ඊට පස්සේ ඔලුවෙන් මට සංඥා කළා මගේ කතාව කරන් යන්න කියලා.
"අ......... මෙන්න මේකයි. ඔයාට පුළුවන්ද මගේ අත අතාරින්න? ඇත්තටම මගේ අත ගොඩක් රිදෙනවා." මං එයාට කෙලින්ම පැහැදිලිව කිව්වා මට කියන්න ඕන දේ.
හරියට හරි එයාගෙ මූණ වෙනස් උනා.
"ඕහ්, ඔව්මයි.. අනේ සොරි හොඳද..... මං හිතුවේ නැ මන් ඔයාව මෙච්චර තදින් ඇල්ලුවා කියලා. සොරි අනේ " එයාට ගොඩක් දුක හිතිලා වගේ. එයා දිගටම සමාව ඉල්ලනවා.
මටත් එයා එහෙම සමාව ඉල්ලද්දී දුක හිතුනා.
"අනේ නැහැ ඒක ඔයාගේ වැරැද්දක් නෙවෙයි. මේක මේ මට මීට කළින් උන දෙයක් නිසායි රිදෙන්නේ. " මට මතක් උනා කළින් මගේ ගෙදරදී වෙච්ච දේවල්.
මම ඒවා අමතක කරන්නත් එක්ක ලොකු හුස්මක් අරන් පිට කළා.
"ආහ්! ඒ අර පිස්සු බීපු මනුස්සයා නිසාද?" පේන විදිහට එයාට ගොඩක් තරහ ගිහිං වගේ. ඔව්, මට එයාගෙ අැස් දෙකෙන් එ තරහ හොඳටම දකින්න පුළුවන් වුණා.
ඒක නම් හරි අමුතු හැඟීමක්.
කෙනෙක් මං වෙනුවෙන් තරහ ගන්නවා. ඒකත් මේ නන්නාඳුනන කෙනෙක්, මිනිත්තු දෙක තුනකට කලින් හම්බ උන.
සමහරවිට එයා හරිම හොඳ මනුස්සයෙක් වෙන්න ඇති.
පොඩ්ඩක් ඉන්න!
සමහරවිට මේ මනුස්සයා හදන්නේ මාව මෝඩයට අන්ඳලා මගෙන් අයුතු ප්‍රයෝජන ගන්න ද දන්නෑ.....!
අම්මෝ දැක්ක නේ ඉස්සෙල්ලා බොරු කියපු විදිහ.
මෙයාගෙ න් නම් ගොඩක් පරිස්සම් වෙන්න ඕන.
"නැ නැ එ මනුස්සයා නිසා නෙවෙයි. ඒක මගේ දෙයක්." එහෙම උත්තර දීපු මම ආපහු තනියම ඇවිදින්න උත්සහ කළා. හැබැයි ඉතිං ඒක මං හිතපු තරම් නම් ලේසි උනේ නැහැ.
"මේ අහන්න, මගේ අත අල්ල ගන්න. මට පුළුවන් ඔයාට ඇවිදින්න උදවු කරන්න." එයාගෙ අැස් ගොඩක් තියුණු යි වගේම ආකර්ෂණීය යි.
මගේ තැන වෙන ගෑනු ළමයෙක් හිටියා නම් අනිවාර්යයෙන්ම මේ කොල්ලට කැමති වෙනවා එකපයින්ම.
හැබැයි ඉතිං මම වෙනස්! මං හැමවෙලේම මිනිස්සු ගැන ගොඩක් ම අවධානයෙන් ඉන්නේ. ගොඩක් ම දන්නේ නැති මිනිස්සු ගැන.
අනික දැන් රෑ මැදියම ත් පහු වෙලා නේ.
මම එයා දිහා කෙලින්ම රවලා බැලුවා.
ආ......... මොනාද මේ මනුස්සයා මේ කරන්නේ?
මේ මනුස්සයට පිස්සු හැදිලා ද?
මෙන්න එකපාරටම මේ මනුස්සයා මාව උස්ස ගත්තා.
"ආාාාාාාාාාාාා........... හ්හ්හ්හ්, මාව බිමින් තියනවා......... අනේ.... මට උදවු කරන්න......... කවුරුත් නැද්ද?............. මේ මනුස්සයා මාව පැහැරගෙන යනවා........ අනේ කවුරුහරි උදවු කරන්න..................." මං පුළුවන් තරං හයියෙන් කෑ ගැහුවා.
ගිරිය කඩා ගෙන කෑ ගැහුවා.
අයියෝයෝයෝයෝයෝ............ මේ පිස්සු **** මාව පැහැරගෙන යනවා. මේ මනුස්සයා කොහොමද එහෙම මාව පැහැරගෙන යන්නේ?
මං මගේ තිබ්බ උපරිම ශක්තිය දාලා ඒ මනුස්සයා ගෙන් ගැලවෙන්න උත්සාහ කළා. අහ්, මේ මනුස්සයා මං හිතුවට වඩා මාර ශක්තිමත්! ගලක් වගේ.
අන්තිමේ එයාගේ ඇවිදිල්ල ඉවර උනා.
කොහෙටද එයා මාව එක්ක ගෙන ආවේ?
ආ.......... හ්, එයා මාව එක්කගෙන awith තියෙන්නේ....
⋘⋘↻⋙⋙
ᴊᴇᴏɴ ᴊᴜɴɢᴋᴏᴏᴋ ᴠɪᴇᴡ
(පසුගිය මතකයන්)
එදා මම එයාව හම්බ උනා. ඒ රෑ එයා මාව අතහැරියා. එයා මට නෙවේ ආදරේ කරලා තියන්නේ, මගේ සල්ලි වලට විතරයි. මට කියන්න ඕනෙ නැහැ එදා රෑ මට ඇඬුනා කියලා. එ උනාට ඉතිං මට ඇත්ත හංගන්න බෑ නේ.
මම අඬ අඬා ම පාරේ ඇවිද්දා. ඒ වෙලාවේ පාරේ කවුරුත් ම නැ කියලයි මං හිතුවේ. එ උනාට මන් දැක්කා ගෑනු ළමෙකුයි මනුස්සයෙකු යි රණ්ඩු වෙනවා. මටත් පිස්සු නේ මම ඒ ගෑනු ලමයා ව බේරාගන්න ගිහිං තමා මාවත් මේ පිස්සු රණ්ඩුවට පටලැවුණේ.
දැන් ඒ ගෑනු ළමයාටයි මටයි දෙන්නටම ඕන මේ මනුස්සයා ගෙන් පැනලා යන්න. ඉතින් මන් ඒකට පොඩි උපායක් පාවිච්ච් කළා.
හැබැයි.... පේන විදියට ඒක වැඩකරන්නේ නැති පාටයි.
" හරි එහෙනම් අපි දෙන්නම යං. මටත් පුළුවන් ඔයාගෙ ඩියුටි එකට උදවු කරන්න. යං යං " එක පාරටම ඒ මනුස්සයා එහෙම කිව්වා.
අයියෝ එපා......!!!
මොන විකාරයක් ද මේ?
*✲゚*。✧*✲゚*
(අද කතාව)
මං මොකද කරන්නේ දැන්?
මං නිකමට අර ගෑණු ළමයා දිහා බැලුවා.
අම්මෝ මං පුදුම උන තරමක්! ඒ ගෑනු ළමයාත් මං දිහා බලාගෙන හිටියා. ඒක තමයි පලවෙනි වතාව මං එයාව එහෙම දැක්ක.
මන් කිව්වේ මේ...... මං... මං... හිතන්නේ එයා ගොඩක්...... ලස්ස.... සෙන්සිටිව් කෙනෙක්! ඔව් ගොඩක් සෙන්සිටිව් කෙනෙක් වගේ..
මට නිකං දැනුනේ කල්පයක් විතර අපි දෙන්නා මූණේන් මුණ බලන් හිටියා වගේ.
එයාගේ සේද වගේ සිනිදු කොන්ඩේ සීතල හුළඟත් එක්ක මගේ මූණ අතගෑව වගෙයි මට දැනුනේ. ඔව්, හරිම සිනිදුයි. සේද වගේ... නිකං සුර දූතියක්ගේ පිහාටුවක් වගේ.
ඒක නම් මාරම වෙලාවක්!
ආහ්! මට අමතක වුනා. මේ මනුස්සයා ගෙන් අපි බේරිලා යන්නත් එපැයි. මං මොනා හරි කරන්න ඕන.
"නැ සර් නැහැ. ඔයාට නම් අපිත් එක්ක එන්න බැහැ! අ..... මොකද කිවිවොත්........ ඔයාගෙ ඩියුටි එක තමයි............. අ..............." අයියෝ මොකද දැන් මං කියන්නේ?
ජනාධිපති?
ඔව් එයා සමහරවිට බය වෙයි මන් ජනාධිපතිතුමා කියලා කිව්වොත්.
"ජනාධිපති තුමාගේ දුව ව........ආරක්ෂා කරන එක............ අ..... ඉතිං සර් ඔයා තමයි මෙතන ස්පෙෂල් ම ඩියුටි එක කරන්නේ.... අනේ ප්ලීස්... මං මගේ ඩියුටි එක කරන්නම්. ඔයා ඔයාගෙ ඩියුටි එක කරන්න. "
මං මගේ ඔලුවට ආපු ඔක්කොම කලවම් කරලා කිව්වා.
බැරිවෙලාවත් එයා දන්නවා නම් මං කිව්ව ඔක්කොම බොරු කියලා, මේ මනුස්සයා මාව මරලා දායි.
හා හා හා හා...!
මට ඇහුන අර ගෑණු ලමයා හුස්මක් ගන්නවා. සමහරවිට එයාට පොඩි සැනසීමක් දැනෙන්න ඇති මේ මනුස්සයා මෝඩය ට ඇන්ඳුන එකට. අනික දැන් අපිට මෙතැනින් පැනලා යන්නත් පොටක් පෑදී ගෙන නේ එන්නේ.
"ආ.... ඔව්.... ඔව්.... තමුසේ හරි......මම... තමයි..... මෙ..... ත.. න ඉන්න........ වැද.......ගත් ම... කෙනා...... අන්න.... ඒ.... නිසා......... තම.... යි මම........"
මේක තමා හොඳම වෙලාව පැන ගන්න. මේ මනුස්සයා තනියම කියවනවා නේ.
මන් කිසිම සද්දයක් නොකර අර ගෑණු ලමයා ත‍් එක්ක හිමින් සීරුවේ එතනින් එහාට ඇවිද ගෙන ගියා. ඒක ටීම් වර්ක් එකක් කිව්වොත් හරියට හරි. මොකද අර ගෑණු ලමයා ලොකු සපෝට් එකක් දුන්නා සද්ද කරන්නේ නැතුව. එයාගෙ කකුල කැඩිලා තියද්දීත්.
අපි දිගටම ඇවිද්දා.
තාම අර මනුස්සයා ගේ කන් කරච්චල් සද්දේ ඇහෙනවා. මේ මනුස්සයා නම් කොච්චර බීලා ද මන්දා. අපි පැනලා ගියා කියලා දැනගත්තම ඒ මනුස්සයට පිස්සු හැදෙයි.
මන් ඒ මනුස්සයා ව මෝඩයට අන්ඳපු විඳිය මතක් වෙද්දි මටම හිනා.
ටිකක් ඇවිද ගෙන යනකොට අපිට වෙන පාරකට හැරෙන්න පුළුවන් උනා.
අපි මොකුත් කතා කළේ නැහැ. මට කතා කරන්න ඕන උනත් ඒ ගෑනු ලමයා කතා කලේ නැහැ. මං හිතන්නේ එයාගෙ කකුල ගොඩක් රිදෙනව ඇති. මමත් එයත් එක්ක කතා කළේ නැ මොකද මේ වගේ වේදනාවෙන් ඉන්න මනුස්සයෙක් ට කරදර කරන එක හොඳ නැහැනේ.
තවත් අඩි කීපයක් ගියාට පස්සේ මට ඇහුනා, එයා ලොකු හුස්මක් ගන්නවා.
සමහරවිට එයාට මහන්සි ඇති. ටික වෙලාවක් නැවතිලා හිටියා නම් හරි.
"මේ.... මේකයි!" මං එයා දිහා බැලුවා. අපි එ වෙලාවේ ඇවිදින එක නතර කරලා තිබ්බේ. අපි කෙලින්ම නතර වෙලා හිටියේ ලයිට් කණුවක් යට.
රත්තරන් පාට ලයිට් එළියෙන් මට එයාගෙ මූණ පේනවා. එයා හරියට අහිංසක කමේ දේවතාව වගේ... මට කියන්න ඕන නැහැ එයා ලස්සනයි කියලා.... මොකද කිව්වොත් මං දන්නේ නැහැ මොකක්ද ලස්සන කියන එකේ තේරුම කියලා.
මොකද කලින් මං හිතං හිටියේ එයා තමා මේ මුළු ලෝකෙන්ම ලස්සනම කෙනා කියල. හැබැයි එයාගෙ හදවත ඒ තරම් ම ලස්සන එකක් උනේ නැහැ. ඒක නිසා මම දන්නේ නැහැ ලස්සන කියන එකේ තේරුම... සමහරවිට මට කවදාවත් ම ලස්සන ගෑණු ළමයෙක් මුණ ගැහෙන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ...
මන් දන්නේ නැහැ මගේ ජීවිතේ මොකක්ද කියලා... අනික ඊළඟට මොනා වෙයිද කියලා.
මන් මගේ ඔළුව වනලා එයාට සන් කළේ, දිගටම කතා කරගෙන යන්න කියලා.
"අ......... මෙන්න මේකයි. ඔයාට පුළුවන්ද මගේ අත අතාරින්න? ඇත්තටම මගේ අත ගොඩක් රිදෙනවා." එයා ගොඩක් වේදනාබර හඬකින් කිව්වේ. අනික එයාගෙ අැස් දෙක.... මට එයාගෙ වේදනාව අැස් දෙකෙන් පේනවා....
මට හිතෙනව එයා ගොඩාක් දුක හිතෙන දේවල් වලට මුහුණ දීපු කෙනෙක් කියලා.
මන් දන්නේ නැහැ අැයි මට එහෙම හිතුනේ කියලා... ඒ උනාට එයාගෙ එ බැල්මට මට ගොඩක් දුක හිතුනා.
ඕහ්, දැනුයි මං එයාගෙ අත දැක්කේ... අතේ තැලුම් පාරක් තිබ්බා. කවුරුහරි එයාට ගැහුව ද?
අයියෝ මන් දන්නේ කොහොමද ඒක!
බැරි වෙලාවත් එ මන් හින්දද?
මන් එච්චර තදින් එයාගෙ අත අල්ල ගත්තද? මට එහෙම එකක් දැනුනේවත් නැනේ.
"ඕහ්, ඔව්මයි.. අනේ සොරි හොඳද..... මං හිතුවේ නැ මන් ඔයාව මෙච්චර තදින් ඇල්ලුවා කියලා. සොරි අනේ " මගේ වැරැද්ද ට මං එයාගෙන් සමාව ඉල්ලුවා.
"අනේ නැහැ ඒක ඔයාගේ වැරැද්දක් නෙවෙයි. මේක මේ මට මීට කළින් උන දෙයක් නිසායි රිදෙන්නේ. "
එයා ලොකු හුස්මක් ගත්තා.
මන් හිතන්නේ එයාගෙ අත ට එහෙම වෙලා ඇත්තේ අර බීපු මනුස්සයා නිසා. පේන විදියට මෙයා තාමත් ඒ මනුස්සයා එක්ක තරහින් ඉන්නේ.
"ආහ්! ඒ අර පිස්සු බීපු මනුස්සයා නිසාද?"
මට ඒ මනුස්සයත‍් එක්ක පුදුම තරහක් ආවේ. ඒ මනුස්සයට කොහොමද පුළුවන් උනේ ගෑනු ළමයෙක් ට ගහන්න?
"නැ නැ එ මනුස්සයා නිසා නෙවෙයි. ඒක මගේ දෙයක්."
එයා මාර වේගෙන් කිව්වේ. ඕහ්, එහෙනම් අද රෑ එයාට වෙලා තියෙන්නේ එක කරදරයක් නෙවෙයි වගේ. මට මොකද? ඒක එයාගෙ දෙයක් ලු නේ. මට කාගෙවත් ප්‍රයිවට් ලයිෆ් ගැන දැනගන්න ඕනෙ නැහැ.
ඕහ්! මොකද මේ එයා කරන්නෙ?
එයාට ඇවිදින්න පුළුවන් ද තනියම?
නෑ පේන විදිහට හරියට ඇවිද ගන්න බැ වගේ.
එ උනාට අැයි එයා මගෙන් උදවු ඉල්ලන්නේ නැත්තේ?
සමහරවිට එයාට හිතෙනව ඇති මගෙන් උදවු ගත්තා වැඩියි කියලා. ඔව් එයා හරිම අහිංසක ගෑනු ළමයෙක් වගේ.
"මේ අහන්න, මගේ අත අල්ල ගන්න. මට පුළුවන් ඔයාට ඇවිදින්න උදවු කරන්න."
ආ.... හ් මොනාද මං කලින් හිතුවේ?
හරිම අහිංසක ගෑනු ළමයෙක්?
කොහෙත්ම වෙන්න බැහැ.
අම්මෝ එකපාරටම එ ගෑනු ළමයා මං දිහා රවල බැලුවේ කන්න වගේ. මං හිතුව තරං එයා අහිංසක නැ වගේ.
මන් දන්නේ නැහැ අැයි මෙයා ගැන මට අමුතුම දේවල් හිතෙන්නේ කියලා. මට එයාට උදවු කරන්නමයි හිතෙන්නේ.
එයා එච්චරටම විශේෂයි ද?
ආහ්! මං දන්නේ නැහැ.
අයියෝ මෙන්න මේ ගෑනු ළමයා ආපහු ඇවිදින්න ගත්තා...
මට නම් බලං ඉන්නත් බෑ.
මට නම් බැ මෙයාට මෙහෙම ඇවිදන් යන්න දෙන්න.
කෝ මෙයාට මගේ අත අල්ලගන්න බැරි නම් උස්සගෙනවත් යන්න.
මට වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ.. මෙහෙම කකුල ඇද ඇද ඇවිදිනවා බලන් ඉන්න පුළුවන් වැයි..
මන් එයාව උස්ස ගත්තා.... බුදු අම්මෝ මාර බරක් නේ. නැවක් ඉස්සුවා වගේ දැනෙන්නේ.
අම්මෝ.....
එ්කට කමක් නැහැ Jungkook-ah, ඔයාට පුළුවන් මේක කරන්න. Fighting!
"ආාාාාාාාාාාාා........... හ්හ්හ්හ්, මසගපධ බිමින් සධබධහහන......... බගැටතෂ.... ඌගසෂොම........යගහධඩ ළගසධබධ............. ටධෂධප කපෂශම ෂදඳද ණජහහ යනවා........ ඳධණධ චචසච උදවු කරන්න..................."
අම්මෝ මේ මොකද මේ මෙයාට වෙලා තියෙන්නේ?
මොකද මේ මගේ කන ළඟම මෙච්චර සද්දෙන් කෑ ගහන්නේ? මගේ කන් දෙකත් අගුල් වැටුණා. අනික කියපු මෙලෝ දෙයක් තේරුනෙත් නැහැ.
සමහරවිට එයාගෙ කකුලේ අමාරුව වැඩි වෙලා වෙන්න ඇති.
හැබැයි ඉතින් මේ විදිහට ගිරිය කඩා ගෙන කෑ ගහන්න ගියොත් නම් උගුරක් ඉතුරු වෙන එකක් නැ.
අනික මට කන් දෙකක් ඉතුරු වෙන එකකුත් නැ.
ඉක්මනටම මෙයාව එක්කගෙන යන්න ඕන......
◦•●◉✿[ මතුසම්බන්ධයි ]✿◉●•◦
✄╌ ╌ ╌✄╌ ╌ ╌✄╌ ╌ ╌✄╌ ╌ ╌✄
Writer's Note:
Hello,
හිතනවා තුන් වෙනි Episode එකත් ඔයාලා ආසාවෙන් කියෙවුවා කියලා.
Jungkook ඇත්තටම Yerin ව එක්කගෙන ගියේ කොහෙද?
මොකද හිතන්නේ?
Thank you තුන් වෙනි Episode එකත් කියවපු හැමොටම!