ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓

By Miss_Mint_Choco

52.7K 8.1K 1.2K

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ එකමත් එක අඳුරු රාත්‍රියක, පාලු පාරකදී අහම්බෙන් වගේ කිම් යේරින්ට මුණගැහෙනවා ජොන් ජොන්ග්කුක්... More

©️Copyright
💕Teaser💕
💕Episode 01💕
💕Episode 03💕
💕Episode 04💕
💕Episode 05💕
💕Episode 06💕
💕Episode 07💕
💕Episode 08💕
💕Episode 09💕
💕Episode 10💕
💕Episode 11💕
💕Episode 12💕
💕Episode 13💕
💕Episode 14💕
💕Episode 15💕
💕Episode 16💕
💕sᴘᴇᴄɪᴀʟ: 01💕
💕Episode 17💕
💕Episode 18💕
💕Episode 19💕
💕Episode 20💕
💕Episode 21💕
💕Episode 22💕
💕Episode 23💕
💕Episode 24💕
💕Episode 25💕
💕Episode 26💕
💕Episode 27💕
💕Episode 28💕
💕Episode 29💕
💕Episode 30💕
💕Episode 31💕
💕Episode 32💕
💕Episode 33💕
💕Episode 34💕
💕sᴘᴇᴄɪᴀʟ: 02💕
💕Episode 35💕
💕Episode 36💕
💕sᴘᴇᴄɪᴀʟ: 03 ᴘʀᴇᴠɪᴇᴡ💕
💕Episode 37💕
💕Episode 38💕
💕Episode 39💕
💕sᴘᴇᴄɪᴀʟ: 03💕
💕Episode 40 (Last Episode)💕
💕Invitation💕
💕ᴏⁿᵉ ʏᵉᵃʳ ᴀⁿⁿⁱᵛᵉʳˢᵃʳʸ 💕
💕sᴘᴇᴄɪᴀʟ: 04💕
💕sᵉᶜᵒⁿᵈ ʏᵉᵃʳ ᴀⁿⁿⁱᵛᵉʳˢᵃʳʸ 💕
💕 Posters 💕
Watt_Cafe Editor's Choice: The Best Books

💕Episode 02💕

2.1K 312 18
By Miss_Mint_Choco

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ

ᴄʜᴀᴘᴛᴇʀ 01
ғɪʀsᴛ ᴍᴇᴇᴛɪɴɢ
ᴘᴀʀᴛ 2

වේලාව : මධ්‍යම රාත්‍රිය
ස්ථානය : අඳුරු මාවත

ᴋɪᴍ ʏᴇʀɪɴ's ᴠɪᴇᴡ

(පසුගිය මතකයන්)

එදා රෑ මම හිටියේ ගොඩක් දුකින් වගේම තරහින් මොකද කිව්වොත් මගේ බාප්පා හින්දා. එයා මට එකපාරටම ගහන්න ගත්ත නිසා, මං එයාගෙන් බේරිලා කොහොමහරි ගෙදරින් එලියට පැන ගත්තා. ඊට පස්සේ මං පාර දිගේ ඔහේ ඇවිදින්න ගත්තා. ටික වෙලාවකින් එ ඇවිදිල්ල දිවිල්ලක් තරම් වේගවත් උනා. මං හිතන්නේ එ මම ගොඩක් දුකින් වගේම තරහින් හිටපු නිසා.

එකපාරටම මම බීපු මනුස්සයෙක් ගෙ ඇඟේ හැප්පුණා.

දෙයියනේ!!! ඒ මනුස්සයා හදන්නේ මාව මරන්න.

ඒකත් කමක් නැ...

බාප්පාගේ අතින් මැරෙනවට වඩා හොඳයි දන්නේ නැති මනුස්සයෙක් ගේ අතින් මැරෙන එක.

හ්ම්ම්ම්.... ඔව්, මම මැරෙන්න කැමතියි.

අනේ සර් ප්ලීස් පුළුවන් නම් මාව මරලා දාන්න.

තිබුණ දුකටත් එක්ක, මාව මරල දාන්න හදන බීපු මනුස්සයට මට එහෙම කියන්න හිතුනා.

*✲゚*。✧*✲゚*

(අද කතාව)

අම්මෝ!

මෙන්න මේ මනුස්සයා ඇත්තටම මට ගහන්න ද කොහෙද යන්නේ!

මං මගේ අත් දෙක උස්සලා මාව කවර් කර ගත්තා. මොනා උනත් ගහන්න හදද්දි කොහොමද කෙලින් බලාගෙන ඉන්නේ?

ඒ නිසා මං මගේ අැස් දෙකත් ගොඩාක් තද කරලා වහගත්තා.

අන්තිමේ මම පාළු පාරක ගුටිකාලා මැරෙන්න යි හදන්නේ...

අම්මෝ කමක් නැ කොහොමත් මට මේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ. මෙහෙම ඉන්නවට වඩා මැරෙනවා හොඳයි.

ඔන්න දැන් ඒ පාර වැදෙයි.!

මගේ මරණීය පහර!

හහ්!

කෝ ඒක?

අැයි නැවතුනේ?

මොකද උනේ?

මං හිමිට අැස් ඇරලා බැලුවා. මගේ අත් දෙකත් හිමින් පාත් කළා.

හ්ම්!! මොකද වෙන්නේ? මේ කවුද මේ? අැයි එයා මේ මට ගහන්න හදන මනුස්සයා ව නවත්වලා තියෙන්නේ?

මං දන්නේ නැහැ...

"මොන විකාරයක් ද කරන්නේ උඹ පොඩි එකෝ? උඹ හිතන්නෙ මම කවුරු කියලා ද? මුලින්ම කෙල්ල. දැන් උඹ!!! උඹලා දෙන්නම මාත් එක්ක විහිළු කරනවද? මගේ අත අතාරිනවා ****"

ඒ බීපු මනුස්සයා ඒ කොල්ලාගේ අත ගසලා දැම්මා.

ඒ කොල්ලා ලොකු හුස්මක් ගත්තා... අම්මෝ පේන විදියට මේ කොල්ලා නම් බීපු මනුස්සයට ත් වඩා චණ්ඩියෙක් ද කොහෙද!

"ඔයා හොඳින් ද?" මං ගාවට නැමුණු ඒ කොල්ලා ගොඩක් හිතවත් විදිහට ඇහුවා. මට එයාට කිසිම උත්තරයක් දෙන්න බැරි උනා. මොකද කලින් අඬපු නිසා මගේ උගුරත් එක්ක සවුත්තු වෙලා තිබ්බේ.

ඒ නිසා මං ඔව් කියල කියන්න මගේ ඔලුව වැනුවා.

ඊට පස්සේ එයා මට නැගිටින්න එයාගෙ අත දුන්නා. අනික එයාගෙ අනික් අත මගේ උරහිස වටේ දාලා මට නැගිටින්න උදවු කළා.

එ උනාට මට හරියටම නැගිටින්න බැරි උනා. මං හිතන්නේ මගේ කකුල උළුක්කු වෙලාද කොහෙද... අයියෝ.....

ඉතිං මට හරියටම හිටගන්න බැරි උනා. ඒ නිසා එයා මාව අල්ලගත්තා.

"ඕහ් හෝ! උඹ *****, මේ උඹේ මිනිහ ද? දැන් මට උඹලා දෙන්නව ම මරල දාන්න පුළුවන්!"

අයියෝ..... මේ පිස්සු මිනිහා ආපහු කෑ ගහනවා.

මේක නම් මාර පිස්සු වෙලාවක්!

එක පැත්තකින් මේ පිස්සු මනුස්සයෙක් කෑ ගහනවා. අනික් පැත්තෙන් මගේ කකුල උළුක්කු වෙලා අනික එපාම කරපු දේ තමා මේ නාදුනන මනුස්සයෙක් මාව අල්ල ගෙන ඉන්න එක.

අයියෝ මට නම් දැන් ගොඩක් රිදෙනවා. තවත් නම් ඉවසගෙන ඉන්න බැහැ. ආහ්, දැන්නේ මට දැනුනේ මේ කොල්ලා මගේ අත තදින් අල්ලගෙන ඉන්නවා. මාරම තදින්.. දෙයියනේ මේ අතට ම තමයි කලින් මගේ බාප්පාත් ගැහුවේ.

අහ්, දෙයියනේ.... දැන් මගේ අතයි කකුලයි දෙකම රිදෙනවා.

ගොඩා.... රියක්.......! අයියෝ.....!

එ උනාට මට එයාට මොකුත් කියන්නත් බැ. මොකද ඉතිං අර පිස්සු බීපු මනුස්සයාගෙන් මාව බේරගත්තේ එයා නේ.

"හලෝ අංකල්, අනේ මේක නවත්තන්න කෝ. ඔයාලා දෙන්නට පුළුවන්නේ මේක කතා කරලා විසදගන්න." අර අමුතු කොල්ලා බීපු මනුස්සයට කතා කළා.

මොකක්ද මෙයා මේ කියන්නේ?

"විසදගන්න? මොනාද මට විසදගන්න තියෙන්නේ මේ **** එක්ක?" ඒ වයසක බීපු මනුස්සයට නම් හොඳටම තරහ ගිහිං වගේ.

හදිසියේ ම අර කොල්ලාගේ මූණ වෙනස් උනා. එයා මං දිහා බැලුවා.

" මේ! ඔයා....... ඔයා මෙයාගෙ girlfriend නෙවෙයි ද?" එයා මගෙන් රහසින් ඇහුවා.

මොකක්? මේ මනුස්සයා ට පිස්සුද? මොනාද මේ මනුස්සයා මේ කියවන්නේ?

මට කොච්චර තරහ ගියාද කිව්වොත් මගේ කටට වචන ආවෙත් නැහැ.

"මං දන්නේ නැහැ මේ මනුස්සයා කවුද කියලා"

මන් කටට ආපු එකක් කිව්වා.

"ඕඕඕඕඕ...... " මට ඇහුණා එයාගෙ කටින් ඉබේටම වගේ එහෙම කියවෙනවා.

"උඹ පොඩි එකෝ! උඹ හිතනවා ද මාත් එක්ක සෙල්ලම් කරන්න? මාත් එක්ක සෙල්ලම් කරන්න ආවොත් උඹට අඬන්නයි වෙන්නේ." පේන විදිහට මේ බීපු මනුස්සයා ගොඩක් භයානක චණ්ඩියෙක් වගේ.

අයියෝ එ උනාට අැයි මේ මනුස්සයාට මට යන්න දෙන්න බැරි?

මං ඇඟේ හැප්පුණා විතරයි නේ. මොකෝ මිනියක් මැරුව වැයි?

මට සුසුමක් හෙළුණෙ ඉබේටම වගේ.

" හලෝ සර්, ඔයා ඔන් ඩියුටි. ඔයා කොහොමද ඒක අමතක කළේ? සර් අපි ස්පෙෂල් මිෂන් එකක ඉන්නේ. ඔයා මීට වඩා පරිස්සම් වෙන්න ඕන. කොහොමද ඔයාට ඩියුටි එකේ ඉද්දි බොන්න පුළුවන් උනේ? මට හිතාගන්නත් බැ සර් වගේ ඉහළ ඔෆිසර් කෙනෙක් මේ වගේ වැඩක් කළා කියලා. අයියෝ සර්, ඩියුටි එකේ ඉද්දිවත් හරියට ඉන්නකෝ!"

අර අමුතු කොල්ලා ගොඩක් තියුණු වගේම පරික්ෂාකාරී විදිහට කිව්වා.

මට නිකන් හිතුනා බැරි වෙලාවත් මෙයා පොලිස් ඔෆිසර් කෙනෙක්වත් ද කියලා.. අනේ මන්දා හැබැයි එහෙම වෙන්නත් බැහැ. එහෙම නම් ඉතින් මේ මනුස්සයාත් එක්ක මෙහෙම අමාරුවෙන් කතා කර කරා ඉන්න ඕන නැහැනේ.

අනේ මන්දා!

"ඔන්... ඩි.... යු.... ටි.....? ම.... ම? ඕ..... ඔව්මයි....... මම ඩියුටි එකේ නේ ඉන්නේ.. මම නේ හොඳම කමාන්ඩර් මිලිටරි එකේ හිටපු... ඔව්... ඔයා හරි! මම තමයි කමාන්ඩර්. ඒ කාලේ මිලිටරි එකේ මගේ ලඟින් තියන්නවත් තරං කෙනෙක් හිටියේ නෑ.... මම තමයි හොඳම..... මම තමයි... මේ මම. මම විතරයි! "

ඒ පිස්සු මනුස්සයා තනියම කියවන්න පටන් ගත්තා. දැන් ඒ මනුස්සයා එයාගෙ මිලිටරි ලයිෆ් එකේ ඔක්කොම කියවනවා. අයියෝ ඒක අහගෙන ඉඳලා මගේ ඔලුවත් එක්ක රිදෙනවා. මේ මනුස්සයාගේ පිස්සු කතාව අහගෙන ඉන්න එක නම් මළ වදයක්!

අන්න ඒ වෙලාවේ අර කොල්ලා මාවත් එක්කගෙනම එතනින් මාරු වෙන්නයි හැදුවේ.

ඔව්, ඒක පැනලා යන්න හොඳම වෙලාව. මොකද අර මනුස්සයා පිස්සෙක් වගේ කියවනවා නේ.

"ඒයි, තමුසේ කොහෙද යන්නේ?" බුදු අම්මෝ එක පාරටම අර බීපු මනුස්සයා ඇහුවා.

"අ...... මෙකයි සර් මේ...... මමත් ඉන්නේ මගේ ඩියුටි එකේ..... ආහ්! ඔව් මගේ ඩියුටි එක මේ ගෑනු ලමයව ආරක්ෂා කරන එක. මෙයා මේ....... ආහ්.... Home Minister ගෙ දුව නේ. අනේ සර් එහෙනම් අපි යන්නම් නේද?" නාදුනන කොල්ලා බීපු මනුස්සයා ට කිව්වා.

මං නම් හිතන්නේ නැහැ ඒ මනුස්සයා ඒ කියපු එක විශ්වාස කළා කියලා.

" හරි එහෙනම් අපි දෙන්නම යං. මටත් පුළුවන් ඔයාගෙ ඩියුටි එකට උදවු කරන්න. යං යං " එකපාරටම ඒ මනුස්සයා කිව්වා.

මොකක්?

අයියෝ... මාර වැඩේ!

⋘⋘↻⋙⋙


ᴊᴇᴏɴ ᴊᴜɴɢᴋᴏᴏᴋ ᴠɪᴇᴡ

(පසුගිය මතකයන්)

එදා රෑ මං මාර ම දුකින් හිටියේ එයා නිසා. මං දන්නේ නැහැ අැයි එයා මට මෙහෙම කළේ කියලා.

කොහොමහරි මම අඳුරු පාරක ඇවිද ඇවිද ඉද්දී, මට ඇහුණා කවුරුහරි කියනවා "............... උඹව මරලා දානවා!!!" කියලා.

මොකක්?

එයා ඒ ගෑනු ළමයට ගහන්න ද හදන්නේ?

ඔව්, එයා අත ඉස්සුවා.!

මන් දන්නේ නැ මන් කොහොම පාර පැන්න ද? අනික අැයි මම පාර පැන්නේ? කියලා..

ඒ උනාට මම ඒ මනුස්සයගේ අතින් අල්ල ගෙන ඒ ගහන්න හදපු පාර නැවැත්තුවා.

ආ.... හ්

පුදුම ගඳක් නේ!

මේ මනුස්සයා බීලා ද?

*✲゚*。✧*✲゚*

(අද කතාව)

අපොයි ඔව්, පුදුම ගඳක් නේ. ගැලුමක් විතර බීලා ද කොහෙද.

"මොන විකාරයක් ද කරන්නේ උඹ පොඩි එකෝ? උඹ හිතන්නෙ මම කවුරු කියලා ද? මුලින්ම කෙල්ල. දැන් උඹ!!! උඹලා දෙන්නම මාත් එක්ක විහිළු කරනවද? මගේ අත අතාරිනවා ****"

අයියෝ මොකද මෙයා මෙච්චර කෑ ගහන්නේ..?

මට මේ ගඳ ඉවසගන්න බැ එ අස්සේ මෙයා මගේ නහය ගාවම කෑ ගහනවා.

හහ්, එයා මගේ අත ගසලා දැම්මා.

මේ මනුස්සයට නම් පිස්සුද කොහෙද.

මම වෙන පැත්තක් බලලා හොඳ හුස්මක් ගත්තා. අම්මෝ මෙච්චර වෙලා හුස්ම ගන්න බැරුව හිටියේ ගඳට.

ආහ්! මෙතැන ගෑණු ළමයෙකුත් ඉන්නවා නේ.. අමතකත් උනා. එයා නම් ගොඩක් අහිංසක යි වගේ. එයා අඬනවත් එක්ක..... මට එයා ගැන නම් ගොඩක් දුක හිතුනා. සමහරවිට මේ මනුස්සයා මේ හැසිරෙන විදිහට මේ ගෑනු ළමයා බය වෙලා වෙන්න ඇති.

හ්ම්ම්ම්.... දැන් නිකං මට හිතෙනව මේ එයාගෙ අයියා හරි කවුරු හරි කියලා. මට නිකං හිතෙනවා මේ දෙන්නම එකම පවුලේ කියලා. අැයි මට එහෙම හිතෙන්නේ?

අනේ මන්දා.!

"ඔයා හොඳින් ද?" මං ඒ ගෑනු ළමයගෙන් ඇහුවා. එ උනාට එයා මට උත්තර දුන්නෙ නැහැ. සමහරවිට එයා මටත් බය වෙලා ඇති. එයා හොඳින් කියලා කියන්න ඔලුව වැනුවා විතරයි.

එකට කමක් නෑ. මම එයාට නැගිටින්න මගේ අත දෙනව. එතකොට එයා තේරුම් ගනී එයාට මාව විශ්වාස කරලා උදවු ගන්න පුළුවන් කියලා.

මන් දන්නේ නැ අැයි මං මේ කෙල්ලට උදවු කරන්නේ කියලා. ඒත් මට දැනෙනවා මන් අනිවා මෙයාට උදවු කරන්න ඕන කියලා. අන්න ඒ නිසයි මං මේ සිද්ධියට සම්බන්ධ උනේ.

ඒකට කමක් නෑ. අද වගේ දවසක අඩු තරමේ මට සතුටු වෙන්න පුලුවන් මම ගෑනු ළමයෙක් ගෙ ජීවිතේ බේරුවා කියලා.

එයා මගේ අත අල්ල ගත්තා.

පේන විදිහට එයාට ඒත් නැගිටින්න බැ වගේ. එයාගෙ උරහිසින් අල්ලලා නැගිට්ටවන්න ඕන.

මං එයාගෙ උරහිසට අත තියලා අල්ල ගත්තා.

අයියෝ එයාට ඒත් නැගිටලා ඉන්න අමාරුයි වගේ... ඒ නිසා එයා මට හේත්තු වෙලා හිටියේ. මං හිතන්නේ සමහරවිට එයාගෙ කකුල කැඩිලා වෙන්න ඇති.

"ඕහ් හෝ! උඹ *****, මේ උඹේ මිනිහ ද? දැන් මට උඹලා දෙන්නව ම මරල දාන්න පුළුවන්!"

එකපාරටම අර මනුස්සයා කෑ ගහන්න ගත්තා.

ආහ්, බලන්නකෝ මෙයා මේ ගෑනු ළමයට කතා කරන විඳිය. මේ මනුස්සයට නම් කිසිම පාලනයක් නැ වගේ. මං මේ මනුස්සයට කතා කරන්න ඕන. මට පුළුවන් වෙයි තත්වේ තේරුම් කරලා එයාගෙ girlfriend ට මේ විදිහට කතා කරන්න එපා කියන්න.

Girlfriend? එ උනාට මම දන්නේ නැහැ එයා girlfriend ද නැද්ද කියලා. සමහරවිට එයාලා සහෝදර සහෝදරියෝ වෙන්න පුළුවන්.

අනේ මන්දා! ඔක්කොටම කලින් මේ මනුස්සයාත් එක්ක කතා කරන්න ට්‍රයි එකක් දෙන්න ඕන.

"හලෝ අංකල්, අනේ මේක නවත්තන්න කෝ. ඔයාලා දෙන්නට පුළුවන්නේ මේක කතා කරලා විසදගන්න."

මං නිකං කියලා බැලුවා. මං දන්නේ නැහැ අැයි අර කෙල්ල මං දිහා එක දිගටම බලං හිටියේ කියලා.

සමහරවිට එයා හිතනවා ඇති එයාට උදවු කරන්න මට පුළුවන් කියලා.

අයියෝ! නැහැ!

අර මනුස්සයාගේ මූණ වෙනස් උනා. අම්මෝ යකා නැගලා වගේ. දැන් නම් මොකක් උනත් වෙන්න යන දේ ගොඩක් නරකයි වගේ.

"විසදගන්න? මොනාද මට විසදගන්න තියෙන්නේ මේ **** එක්ක?"

ආහ්, අැයි මේ මනුස්සයා එක දිගටම කැත විදිහට කතා කරන්නේ? මට මොනා හරි මගහැරුණ ද? නැත්නම් මං මොනා හරි වැරදියට තේරුම් ගත්තද?

බැරි වෙලාවත් මේ දෙන්නා මං හිතපු විඳිය නෙවෙයි ද?

" මේ! ඔයා....... ඔයා මෙයාගෙ girlfriend නෙවෙයි ද?"

අම්මෝ! ඒ ගෑනු ළමයගේ මූණත් වෙනස් උනා.

එයාට තරහ ගියාද?

"මං දන්නේ නැහැ මේ මනුස්සයා කවුද කියලා"

අම්මෝ ඔව් එයාට හොඳටම යකා නැගලා. ඒක නම් මාර වැඩේ. ඒ කියන්නේ මුල ඉඳන්ම මං හිතලා තියෙන දේවල් වැරදියි.

අයියෝ මං මෙච්චර වෙලා හිතුවේ මේ දෙන්නා boyfriend and girlfriend කියලා.

"ඕඕඕඕඕ...... "

මං නම් මාර මෝඩයෙක්.

මේ කෙල්ල හිතනවා ඇති මට පිස්සු කියලා.

මේ ඔක්කොම එයා (ex girlfriend) හින්දා. අද එයාව හම්බවුණ වෙලාවේ ඉඳන් මගේ මොළේ ට පිස්සු හැදිලා වගේ.

ආහ්, දැන් මන් හිතන්න ඕන මේ මනුස්සයාගෙන් බේරිලා යන විදිහක් ගැන.

"උඹ පොඩි එකෝ! උඹ හිතනවා ද මාත් එක්ක සෙල්ලම් කරන්න? මාත් එක්ක සෙල්ලම් කරන්න ආවොත් උඹට අඬන්නයි වෙන්නේ."

ගෑනු ලමයා හරිම අමුතු විඳියෙ සුසුමක් හෙළුව. සමහරවිට එයාගේ කකුල ගොඩක් රිදෙනවා වෙන්න ඇති.

අයියෝ මගෙයි වැරැද්ද! මං මොකටද මේකට සම්බන්ධ උනේ? මට තිබ්බේ පොලිසියට කතා කරලා රිපෝට් කරන්න. අයියෝ දැන් ඉතිං මං මේ මනුස්සයට අහු වෙලා ඉවරයි නේ.

ආ.... හ්, පොලිසිය? මිලිටරි! මං දන්නවා ගොඩක් මිනිස්සු බිව්වට පස්සේ කැමතියි මිලිටරි එක ගැන කතා කරන්න.

කෝකටත් මෙයාටත් ඒකම ට්‍රයි කරලා බලන්න ඕන.

" හලෝ සර්, ඔයා ඔන් ඩියුටි. ඔයා කොහොමද ඒක අමතක කළේ? සර් අපි ස්පෙෂල් මිෂන් එකක ඉන්නේ. ඔයා මීට වඩා පරිස්සම් වෙන්න ඕන. කොහොමද ඔයාට ඩියුටි එකේ ඉද්දි බොන්න පුළුවන් උනේ? මට හිතාගන්නත් බැ සර් වගේ ඉහළ ඔෆිසර් කෙනෙක් මේ වගේ වැඩක් කළා කියලා. අයියෝ සර්, ඩියුටි එකේ ඉද්දිවත් හරියට ඉන්නකෝ!"

මං දන්නේ නැහැ මං මොනා කිව්වද කියලා, හැබැයි මන් මගේ ඇක්ටින් එක හොඳටම කරන්න ට්‍රයි කළා. ඊළඟ රඟපෑම කරන්න මං ඒ මනුස්සයා ගේ ආන්ස්වර් එක එනකල් හිටියේ.

"ඔන්... ඩි.... යු.... ටි.....? ම.... ම? ඕ..... ඔව්මයි....... මම ඩියුටි එකේ නේ ඉන්නේ.. මම නේ හොඳම කමාන්ඩර් මිලිටරි එකේ හිටපු... ඔව්... ඔයා හරි! මම තමයි කමාන්ඩර්. ඒ කාලේ මිලිටරි එකේ මගේ ලඟින් තියන්නවත් තරං කෙනෙක් හිටියේ නෑ.... මම තමයි හොඳම..... මම තමයි... මේ මම. මම විතරයි! "

අම්මෝ ඇති යාන්තම් මේ මනුස්සයා විකාර කියවන්න ගත්තා. දැන් තමයි පැනගන්න තියෙන හොඳම වෙලාව.

මම හිමිට අර කෙල්ලත් එක්කම එතනින් මාරු වෙන්න හැදුවේ.

"ඒයි, තමුසේ කොහෙද යන්නේ?"

අම්මෝ ඒ වෙලාවේ තමා දෙවියෝ සිහි උනේ.

"අ...... මෙකයි සර් මේ...... මමත් ඉන්නේ මගේ ඩියුටි එකේ..... ආහ්! ඔව් මගේ ඩියුටි එක මේ ගෑනු ලමයව ආරක්ෂා කරන එක. මෙයා මේ....... ආහ්.... Home Minister ගෙ දුව නේ. අනේ සර් එහෙනම් අපි යන්නම් නේද?"

අද නම් මගේ කටට කොහෙන් බොරු එනවද මන්දා? කොහොම උනත් තැනේ හැටියට ඒ බොරුවත් නරකම නැ.

සමහරවිට මේ මනුස්සයා අපිට යන්න දෙන්නෙත් පුළුවන්.

අයියෝ... මෙතැනින් කොහොම හරි ගැලවෙන්න ඕන...

" හරි එහෙනම් අපි දෙන්නම යං. මටත් පුළුවන් ඔයාගෙ ඩියුටි එකට උදවු කරන්න. යං යං " එක පාරටම ඒ මනුස්සයා එහෙම කිව්වා.

අයියෝ එපා......!!!

මොන විකාරයක් ද මේ?

◦•●◉✿[ මතුසම්බන්ධයි ]✿◉●•◦

✄╌ ╌ ╌✄╌ ╌ ╌✄╌ ╌ ╌✄╌ ╌ ╌✄

Writer's Note:

Hello,

හිතනවා හැමෝම මේ episode එකට කැමති වෙයි කියලා. Thank you කියෙව්වට. කලින් episode එකට වඩා හොඳට ලියන්න try කළා. හොඳයි කියලා හිතනවා නම් Please Comment එකක් දාන්න.

Ah! අනික පසුගිය මතකයන් Part එක මඟ ඇරලා කියවන්න එපා. මොකද මෙකේ පසුගිය මතකයන් වල කලින් Episode එකේ නොතිබ්බ පොඩි පොඩි දේවල් Add වෙලා තියෙන්න පුළුවන්.

Thank you!

Continue Reading

You'll Also Like

241K 6K 52
⎯⎯⎯⎯⎯⎯⎯ જ⁀➴ 𝐅𝐄𝐄𝐋𝐒 𝐋𝐈𝐊𝐄 .ᐟ ❛ & i need you sometimes, we'll be alright. ❜ IN WHICH; kate martin's crush on the basketball photographer is...
2.3K 694 12
" අපිට උණු කෝපි කෝප්ප දෙකක් දාන්න... " " මාත් එක්ක කෝපි බොන්න.. " " ඔව්.. ඔයත් එක්ක.. " එයාට හිනා ඉතින්.. මගෙ හුස්ම හිරවෙනවා.. ...
2.2M 115K 64
↳ ❝ [ INSANITY ] ❞ ━ yandere alastor x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, (y/n) dies and for some strange reason, reincarnates as a ...
1.5K 241 35
Love you bear ♡🖇️ 🧸 18+ ⚠️🔞