WHAT IS LOVE 😊❤🦋 [Complet...

By AkiAkiya3

1.9K 298 150

ඇයි ඔයා මට ඔච්චරටම ආදරෙ මගෙ ටියුලිප්🥺💗 ඒ ඇයි කියන්න මං දන්නෙත් නෑ රෝස්. හැබැයි මං ඔයාට ගොඩාක් ඇබ්බැහිවෙලා🤭... More

intro 😌❤
CHAPTER 01 😉❤
CHAPTER 02 😕
Chapter 03 🤭🦋
Chapter 04 😉❤🦋
chapter 05 🤤😉❤
chapter 06 👀🦋🤭
CHAPTER 07 ❤🦋
Chapter 08 😕💔
Chapter 09
Chapter 11
chapter 12😕
chapter 13
LAST CHAPTER ❤🥀

Chapter 10 🦋💗

121 11 6
By AkiAkiya3

3.30 p.m...

ආදි pov...

නාන ගමන් මං කල්පනා කලෙ මේ ටිකෙ වෙනදේවල්. හැමදේම නිකම් පැටලිලා වගේ හැගීමක් දැනුනා. ඒ දේවල් මතක් වෙද්දි ඉබේම ඇඩෙන්න ගත්තෙ දරාගන්න බැරි දුකක් මගෙ හිත අස්සෙ හිරවෙලා තිබ්බ නිසා. ඒකටම හරියන්න මං සිංදුවක් හිමීට මුමුනන්න ගත්තෙ දැනෙන දුක ටිකක් හරි තුනී කරගන්න බලාන..

වෙන් වී යන බව දැන දැනම
තාම හිත ඉල්ලන ඔය දෑත
අහස ගුගුරා කිව් ඒ පුවත
තේරුනා මටනම් කල් ඇතිව
නැවත හමුනොවෙන සංසාර ගීයෙ
හිතක තනි මකනවා
අපගේ ප්‍රේමයට පසුවදන ලිව්වෙ කවුදෝ අපි සොයනවා.. 😣

ඒත් ඉතින් හිතපු දෙ නෙමෙයි උනෙ. අඩ අඩා හිටපු මගෙ ඇඩිල්ල වැඩි උන එක විතරයි. මගෙ ඔලුව පුරාම දුවන්නෙ සකු කිව්ව කතාව..

" ඇත්තටම එහෙම ගෑනු ලමයින්ට යාළුවෙන්න පුළුවන් ද අප්පා..මට පේන්න බෑ. අනික එයාලා ඇයි ඔහොම යාළුවෙන්නෙ. මටනම් ඔව්වා තේරෙන්නෑ. "

ඇත්තටම ඇත්තටම සකු එහෙම කිව්වෙ ඇයි. අනෙ ඇයි මගෙ රත්තරං ඇයි. මං උබට ආදරෙයි නෙ මගෙ මල මං උබට ආදරෙයි. හිත අස්සෙන් මං මටම මුමුණ ගන්න ගමන් නෑවෙ අම්මා අද ගෙදර නිසා.

ආදි.. දුව එන්නෙ නැද්ද ඔය නෑවා මදිද ආ..

ආහ්.. ආ.. ඕ.. අම්මෙ.. මේ එනවා එනවා...

අනේ මංදා අදකාලෙ හැදෙන ලමයිනම් අන්තිමයි..

අම්මාගෙ කෑගැහිල්ලත් එක්කම මේ සිහියට ආව මං ඇදුමක් දාන් ෆෝන් එක ගත්තෙ ජානුට කතාකරන්න බලාගෙන. ඒ එක්කම තමා සකු දාලා තිබ්බ මැසෙජ් එකක් දැකලා මට තරු විසි උනෙ..

💗 akke.. lesbian kiyanne mkdd..?
Ane mata kiyannako..
Man ahuwa kauruth mata kiwwe na..
Hamoma hina una..

හනෙ දෙයියනෙ දැන් මං මොකද්ද මේ කෙල්ලට කියන්නෙ. හදිස්සියෙවත් සකු මට අකමැතිවෙයිද. මට තේරෙන්නෑ. හිතෙ ගුලිගැහිලා තිබ්බ බයත් එක්කම වෙව්ලන අත් වලින් මං ජානුට කෝල් එකක් ගත්තෙ තවත් මේක තනියම දරාගන්න බැරි නිසා.

🦋Hello mnika.. කොහොමද මගෙ වැඩ ආහ්

❤ජා.. ජානු..

🦋 අහ් ආදි.. මොකො රත්තරං. මොකද්ද උනෙ.. හලො මට කියන්න කො රත්තරං කතාකරන්න කො පන. අනෙ ඇයි අඩන්නෙ ආදි..

❤ ජානු.. අර පාරමි.. හලො...

🦋 ආ එකි අද මොකද්ද කරෙ ලමයො.. බයවෙන්න එපා එකිට කරන්න ඔනෙ දේ මං කරලා ඉවරයි දැන් ඒක හැමතැනම යයි ඔයාටත් ආරංචි වෙයි..

❤ ඇයි එහෙම කරෙ ජානු අද අද එයාව ඉස්කෝලෙන් අස් කරා. ඒ ඒ විතරයි නෙමෙයි හලො සකු ලෙස්බියන් කියන්නෙ මොකද්ද කියලාත් මගෙන් අහලා. සකු මට අකමැති වෙයිද හලො.. අනෙ එකි නැතුව මට බෑ හලො.. 😣

🦋 බයවෙන්න එපා කෝ දැන් හැමදේම ඉක්මන්ට හරියයි රන්.. මං ඉන්නවනේ බං උබට. පාරමි ගිය එක හොදයි. සකුට ඒකෙ තේරුම කියහන් බලන්න. වෙන දේකට මුහුණ දෙමු මං ඉන්නවා උබට මොන දේ උනත්. කෝ මගෙ කොටියා ඔහොම අඩන්නෙ.හිනාවෙනවා මගෙ ඌරු පැටියා.

❤ අනෙ හලො.. මට බයයි..

🦋 බයවෙන්න එපා රන් හැමදේම හොදින් වෙයි.. මං උබට ඉන්නවා ආදි.. මං ඉන්නවා..

උදේ ඉදන් වුන හැමදේම එකින් එක ගලපලා මං හිමීට අඩන ගමන් ජානුට කිව්වෙ මගෙ අම්මාවගෙ ඉදන් මාව සනසන මට ආදරෙ දෙන එකම කෙනා එයා නිසා. වැඩිවෙලාවක් යන්නත් කලින් වෙනදා වගෙම ජානු මගෙ හිත හැදුවා.

🦋 තේරුනා නේද රන්.. ඒ හැමදේම හොදින් වෙයි. එයා ඔයාට කැමති වෙයි. බලන් ඉමු හරිද. පරිස්සමෙන් ඉන්න දැන්.. පාඩම් කරන්න විභාගෙත් ලගයිනෙ. මෝඩ කෙල්ල.

❤ හා ජානු. මං කරන්නම්. එහෙනම් මං අරක කියන්නම් නෙ එයාට ප්‍රශ්නයක් නොවෙයිනෙ.
🦋 නෑ නෑ වෙන්නෙ නෑ බයනැතුව දාහන්කො..

❤හා ජානු.. මං යන්නම් ද ඒනම් පරිස්සමෙන් ගුඩ්නයිට් ජානු හෙට එන්න අනිවාරෙන් බායි.

🦋 බායි ආදි.... පරිස්සමෙන්. ගුඩ්නයිට් මං ආදරෙයි....

දිග හුස්මක් අරන් පල්ලහාට දාපු මං.. කෙලින්ම ගියෙ සකුට රිප්ලයි කරන්න.

💗 akke.. lesbian kiyanne mkdd..?
Ane mata kiyannako..
Man ahuwa kauruth mata kiwwe na..
Hamoma hina una..

❤ ඒ කියන්නෙ පැටියෝ ගැහැනු අයට විතරක් ආදරෙ හිතෙන ගැහැනු අය. දැන් ඕම දැනගත්තම ඇති.
මං දැන් පාඩම් කරන්න යනො හරිද..
ගුඩ්නයිට් සකු..
බුදුසරණයි ..
පරිස්සමෙන්

සකුට එහෙම මැසෙජ් එකක් දාලා මං ඔෆ්ලයින් ආවෙ එයාට මුහුණ දෙන්න බයක් වගෙ දැනුන නිසා. පොතක් අරන් ඇදටගියත් ඔලුව පුරාම වදයක් වෙන්නෙ ඔය මතක නිසා මං පොත තියලා නිදාගන්න ගියෙ දවසෙම උන හැමදේම හිතෙ තියාගෙන වගෙම අමුතුම දුකකින්..

ජානු pov...

පාරමිගෙ කෙල්ලයි පාරමියි කිස් කරන ෆොටො එකක් ෆේක් ඇක් එකකින් fb දාලා පාඩුවෙ මං හිටියෙ එයා එක්ක තරහින් ඉන්න කොටසක් ඉන්න බව කොහොමත් දන්න නිසා. මොකද පාරමි කාටවත් ම උදව්වක්වත් හොදක්වත් කරපු කෙනෙක් නෙමෙ. අනික මගෙ ආදිට එහෙම දෙයක් කරලා එකිට පාඩුවෙ ඉන්න දෙන්නෙ කොහොමද මං. පලිගන්න පුළුවන් උපරිම විදිහට පලිගත්තෙ මගෙ හිතෙ තියෙන දුක තරහා ඔක්කොම එකි පිටින් යවලා.

මං දන්නවා මං වැරදි ඇති. ඒත් මං පන වගෙ ආදරෙ කරන කෙනාව රිද්දද්දි මං කොහොමද බලන් ඉන්නෙ. මට දරාගන්න බෑ. ආදි මට ආදරෙ නැතුව ඇති. ඒත් ඒත් මං ආදිට ගොඩාක් ආදරෙයි.

🚹ජානු බබා... මෙන්න ආදි දුව ගන්නවා. ඉක්මන්ට එන්න පහලට..

🦋ආ අම්මෙ මං එනො.....

🚹මේ ලමයට කියලා වැඩක් නෑ ආදි දුව. කොයිවෙලෙත් කල්පනා ලෝකෙමයි ඉන්නෙ. අනෙ මංදා මොනා වෙලාද කියලා.

🦋අනෙ අම්මෙ ඉන්නකො..
හෙලො මැනික කොහොමද මගෙ වැඩ ආහ්...

❤ජා.. ජානු..

Call එක answer කරපු ගමන් ආදි අඩන්න පටන් ගත්තා. අශ්... මේකි ලව් කරන්න ගත්ත දවසෙ ඉදන් අඩන එක ඉවරයක් නෑ නෙ... පුළුවන් විදිහට එයාගෙ හිත හැදුවට මට තේරුම් ගන්නත් බෑ මේ දේවල්. ආදි සකුට ආදරෙ කරාට.. සකු මේවා ගැන කිසිම දෙයක් දන්නෙ නෑ. දැනගත්තත් සකුගෙ ගෙදරින් කැමති වෙන එකකුත් නෑ. ඉතින් සකු කොහොම හැසිරිවිද. අශ් පව් මගෙ මැනික..

ෆෝන් එකත් අතේ තියාගෙන ඇදට වෙලා කල්පනා කර කර හිටපු මට හොද දෙයක් ඔලුවට ආවා. හැබැයි මොනාගෙන් මොනා වෙයිද දන්නැ ඔව්වා කරන්න ගිහින්... මොකද මං මොලෙ ඇති වැඩක් කරන්න ගියොත් හැමදාම නාන එකනෙ කරන්නෙ.

සකු pov...

ඉස්කෝලෙ ඇරිලා ඇවිල්ලා සුට්ටක් දොයියගත්තා ඇගට ටිකක් අමාරු නිසා. නැගිට්ට ගමන් ෆෝන් එක ගත්තෙ ආදි අක්කගෙ මැසෙජ් එක බලන්න..

❤ ඒ කියන්නෙ පැටියෝ ගැහැනු අයට විතරක් ආදරෙ හිතෙන ගැහැනු අය. දැන් ඕම දැනගත්තම ඇති.

අහ්.. ඒ කියන්නෙ.. ඒත් ඒම කොහොමද.. කෙල්ලො කෙල්ලොන්ට ආදරෙ කරන්න. ඒක විකාරයක් නෙමෙද. අනෙ මංදා. එතකොට පාරමි අක්කා ආදරෙ කෙල්ලෙක්ට ද.. ඒත් එතකොට අක්කා මාව කිස් කරෙ එයත් එහෙම කෙනෙක් ද.. අක්කා මට ආදරෙයි ද. නෑ නෑ සකු මොනාද ඔහෙ හිතන්නෙ. අක්කා එහෙම නෑ. විකාර හිතන්න එපා. ඌරෙක් වගෙ.

💗 ආ හලි අක්කෙ.
ඔයා දොයිද අක්කි..
එහෙනම් ගුඩ්නයිට්..
ජේසු පිහිටයි..
පරිස්සමෙන් අක්කි..

අක්කා ඔෆ්ලයින් නිසා මං ඉස්කෝලෙ වැඩ ටික කරන්න ගියෙ. උදේම ගිහින් පන්තියෙ ගෙබි පැටවු ටිකට ගනන් පොත දෙන්න ඔනි නිසා. ඒත් මට තාමත් තේරෙන්නෑ පාරමි අක්කයි අර අක්කයි ගැන. උෆ් මට පිස්සු වගෙ..

පාඩම් කරන්න හිතාගෙන ගියාට ඇහුන එක සිංදුවක් නිසා මං වෙනම ලෝකෙකට ගියා..

යනවනම් නුබ ඈත දුරකට...
මටත් නොකියම නොඑන්න...
දුටුවොතින් සදවතිය අහසේ...
යන තැනක තතු කියන්න... 😣❤

නුඹේ මග දිග තුරුලතා වල
මල් පිපී දැයි බලන්න​
අපේ ආදර කතාවේ කෙටි
පටුන පෙති මත ලියන්න​
පියුම් දහසක් පිපුනු පොකුනක්
හමූඋනොත් මග රැදෙන්න
බඹර සමනල මී මැසින්හට
සෙනෙහසේ කවි කියන්න​

ඉතින් නුඹ තව දුර ගියෝතින්
මාව අමතක නොවෙන්න​
හිත හැදෙන්නට දුක නිවෙන්නට
මටත් කවියක් ලියන්න​... 😊🦋

හේතුවක් නැතුවම ඇස් වලට කදුලු උනන්න ගත්තෙ ඇයි කියලා මං දන්නෙ නෑ. ඒත් මට කලින් නොදැනෙන අමුතු හැගීමක් මේ ලගදි ඉදන් අක්කා එක්ක ඉද්දි දැනෙනවා. ඒක හරි අමුතුයි. මට කලින් අක්කෙක් හිටියෙ නෑ නෙ. මං හිතන්නෙ ඒ නිසා වෙන්න ඇති.. මොනා උනත් අක්කා මට ගොඩාක් ආදරෙයි. එයා හින්දනෙ ඉක්කොලෙ ලමයි මට කරදර කරන එකත් නැවැත්තුවෙ.

හැමදේම හිත හිතා මං ගියෙ ගනන් හදන්න. නැත්තම් ඉතින් ඉවරයි නෙ හෙට... 😒


🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋

හායි සූටියලා මගෙ.. කොහොමද බබාලට. කම්මැලි හිතුනා දාන්න ඒකයි නොදා හිටියෙ. ඉතින් කට්ටිය හොදින් ඉන්නවද.

මොකද හිතන්නෙ සකු කැමති වේවිද ආදිට. නැත්තම් සකු ආදිව එපා කියයිද.

Happy ending එකක් දෙන්න හිතන් ඉදියට හිතෙන්නෙම sad ending එකක් දෙන්න. තව කොටස් කීපෙකින් මේක ඉවර කරන්න ද. 👀😕 10 - 15 අතරින් වගෙ 😒

Continue Reading

You'll Also Like

6K 664 13
If that's a sin... then I am willing to commit it...
3.1K 450 10
අසම්මත බව දනිමි. නොලැබෙන බවද දනිමි. නමුදු ඔය දිගැටි ඇස් වලට තවමත් මා පෙම් කරමි. ඈත අහසේ ඔබ ඉගිල යාවී. කම් නෑ මා ඉන්නම් මේ සිටින තැනම දිනක අපි නැවත එ...
2.9K 388 31
නොහිමි කවියක ඔටුනු පැ‍ළඳුව ඔවුන්ගේ කතාව ❤️ එයාව හම්බුන දවසෙ ඉදන් මේ වෙනකන් මට එයාව තාමත් අමතක කරගන්න බෑ ඉස්සරහට මන් මොකද කරන්නේ... ඒ කතාකරන ලස්සන ලා...
4.4K 472 19
🤍~ "නතරවෙන්න,හදවතට ලස්සනම රිද්මයක් දුන්න තැනක" GL non - fiction story