๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ...

By AndreaMariyan

12.8K 1.9K 570

[BOOK TWO] [ONGOING] [HAPPY ENDING] โŒ›๏ธโ™ก๏ธŽ ..๐“๐ก๐ž๐ฒ ๐ฌ๐š๐ฒ, ".. ๐ฅ๐จ๐ฏ๐ž ๐ฒ๐จ๐ฎ ๐ฎ๐ง๐ญ๐ข๐ฅ ๐ญ๐ก๐ž ๐๐š๐ฒ ๐ˆ ๏ฟฝ... More

๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Prologue
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Author's Note
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Wolf Characters
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 01
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 02
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 03
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 04
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 05
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 06
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 07
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 08
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 09 ๐Ÿ”žโš ๏ธ
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 10
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 11
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 12
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 13 ๐Ÿ”žโš ๏ธ
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 14
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 15
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 16
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 17
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 18
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 19
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 20
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 21
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 22
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 23
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 24
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 25
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 26
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 27
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 28
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 29
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 30
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 31
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 32
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 33
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 34
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 35
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 36
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 37
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 38
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 39
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 40
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 41
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 43
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 45
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 46
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 47
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 48
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 49
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 50
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 51
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 52
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 53
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 54
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 55
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 56
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 57
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 58
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 59
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 60
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 61
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 62
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 63 ๐Ÿ›‘โš ๏ธ
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 64
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 65
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 66
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 67
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 68
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 69
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 70
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 71
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 72
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 73
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 74
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 75
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 76 ๐Ÿ”žโš ๏ธ
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 77
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 78
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 79
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 80

๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 44

151 19 10
By AndreaMariyan

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎

⌛️♡︎ ..𝐓𝐡𝐞𝐲 𝐬𝐚𝐲
".. 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮 𝐮𝐧𝐭𝐢𝐥 𝐭𝐡𝐞 𝐝𝐚𝐲 𝐈 𝐝𝐢𝐞.."
𝐖𝐞 𝐬𝐚𝐲
"..𝐈'𝐥𝐥 𝐬𝐭𝐢𝐥𝐥 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮 𝐚𝐟𝐭𝐞𝐫..♡︎⌛️

[EPISODE 44]

            ____________🤎____________

                      ❣️𝐈𝐯𝐚𝐧 𝐀𝐧𝐝 𝐙𝐡𝐞𝐧𝐠❣️

අයිවන්ගේ අතේ එල්ලිලා හිටියේ සාමාන්‍ය විදිහට ලස්සනයි කියන්න පුලුවන් කෙල්ලෙක්. ඒ පිටිපස්සෙන් තව කෙල්ලෝ තුන්දෙනෙකුත් ඉන්නවා.

'අයිම් ගොයින්ග් ටු කිල් දෙම්'

සැzක් ඔළුව ඇතුලේ ඉදන් බෙරිහන් දුන්නේ ඒ කේන්තියට අයිවන්ගේ ඇස් දෙක ගෝල්ඩ් කලර් වෙලා ආපහු සාමාන්‍ය තත්වෙට එද්දි.
අර කෙල්ලගේ ඇස් දෙක ලොකු වුන විදිහට කියන්න පුලුවන් ඒ කෙල්ලත් අයිවන්ගේ ඇස් ⁣දෙකේ පාට වෙනස් වෙනවා දකින්න ඇති කියලා.

"..ශෙන්ග්ට මොනාද කිව්වේ..?"

අයිවන් ඒ කෙල්ලගේ අත එයාගේ අතින් අයින් කරලා ආයේ කෙලින්ම ඇහුවේ දෙපාරක් හිතන්නේ නැතුව.

"..අහ් ඒ චීප් කොල්ලටද..?"

චටාස්!!!!!!

අයිවන්ගේ අතක් කෙල්ලගේ ⁣කම්මුල හරහා ගියේ ඒ පාරේ සැරට කෙල්ලව අඩි තුන හතරක්ම පස්සට විසික්වෙලා යද්දි.

"..ත්..තමුන්.."

කෙල්ල වචනයක් කියාගෙන ගොත ගගහා අයිවන් ඉස්සරහට එද්දි අයිවන් කෙල්ලගේ කට දෙපැත්තෙන් තද කරලා අල්ලගත්තේ තව එක වචනයක් කියන්න බැරිවෙන්න. ඒ අල්ලගත්ත විදිහට කට ඇතුලෙන් තුවාල වුනාද මන්දා.

"..ශෙන්ග් කියන්නේ කවුද කින්ද මන්ද කියලා තමුන්ට වැඩක් නෑ.. අදාලත් නෑ.. ඒ වගේම මම කවුද කියලා කොහෙත්ම අදාල නෑ.. මං ගැන ඔච්චරටම අමාරුවක් තියනවා නම් මගේ ලග වැරදි වලට සමාවක් නෑ කියලා දන්නවා ඇතිනේ.. මං මේ හොඳින් කියන්නේ.. ශෙන්ග්ට රිද්දන්න හිතන්නවත් එපා.. මෙතනම මරලා දානවා.."

අන්තිම ටික කියද්දි ⁣අයිවන්ගේ ඇස් දෙක ගෝල්ඩ් කලර් වෙලා කටහඬ තවත් ගොරෝසූ වෙලා ගියේ කෙල්ලගේ ඇස් දෙක බයටම ලොකු වෙද්දි.

"..මම තිරිසනෙක්.. වැරැද්දක් කරලා මගෙන් සමාවක් බලාපොරොත්තු වෙන්න එපා.. විශේෂයෙන්ම මගේ ලඟ අයට රිද්දලා.."

"..ඒ..ඒත්.."

වචනයක් කියන්න කලින් අයිවන් කෙල්ලගේ කට අතැරලා බෙල්ලෙන් අල්ලගත්තේ කොල්ලගේ අතේ නහරත් ඉලිප්පිලා එද්දි.

"..කිව්වනේ.. කතා කරන්න එපාහ්! තමුසගේ කටහඬ මල කන් කරච්චලයක්.."

ඒ කෙල්ලට හුස්ම ගන්න අමාරුයි කියලා තේරෙනකොට කකුල් ගස ගස දඟල⁣නකොට වටේ ඉන්න අයත් බලන් හිටියේ කරගන්න දෙයක් නැතුව. අයිවන්ගේ කේන්තියේ දශම ගාණක් කමයි ඔය. කෙල්ලගේ යාළුවෝ තුන් දෙනා හිටියේ එතනම බිම වැටිලා අඬ අඬ.
ශෙන්ග් හිටිය විදිහ මතක් වෙද්දි අයිවන්ගේ අත තවත් කෙල්ලගේ බෙල්ලට හිර වුණත් ඒත් එක්කම අයිවන්ට දැණුනේ කවුරුහරි එයාගේ උරහිසෙන් අල්ලගන්නවා.

ජොනතන්ගේ ස්මෙල් එක ලගන් එද්දි අයිවන් ඇස් කොණෙන් බැලුවේ ⁣ජෝ දිහා.

"..එයා ගාවට යන්න සිහිය ආව ගමන් ඔයාව හරි ලීව හරි යොයන්නේ.. මෙයාලා ගැන මං බලා ගන්නම්.."

අයිවන් අතින් නිදහස් වෙච්ච කෙල්ල කහින්නයි උගුර අතාගන්නයි පටන් ගද්දි තව පාරක් කෙල්ලගේ කොණ්ඩෙත් එක්ක ⁣බෙල්ල පිටිපස්සෙන් අල්ලගෙන අයිවන් කෙල්ලව ඇදලා ලගට ගත්තේ එයාගේ කට ගාවට.

"..මම ශෙන්ග්ගේ විතරයි.. ඒක මැරෙනකන්ම එච්චරයි!.."

ජොනතන් දිහාට කෙල්ලව තල්ලු කරලා දාලා අයිවන් ආවේ කාර් එක ගාවට. එතන ඉදන් ටිකක් එහෙට මෙහෙට ඇවිද්දේ එයාගේ මයින්ඩ් එක සන්සුන් කරගන්න. ඒත් සන්සුන් කරගන්නවා කෙසේ වෙතත් තව ප්‍රශ්නයක් හිතට ආවා.

'ලූක්!'

ලූක් කියන්නේ කවුද..?

කාර් එකට නැගලත් අයිවන් කල්පනා කරේ ඒක.

"..දැන් කොහොමද..?"

අයිවන් ශෙන්ගෙන් ඇහුවේ එයාගේ ඇඳ ලගම තිබ්බ පුටුවකින් ඉඳගෙන. ශෙන්ග් ඉන්නේ ⁣බය වෙලා වගේ. මේ කාලේටම අයිවන් ශෙන්ග්ව මෙහෙම දැකලා තියෙන්නේ එකපාරයි.

පැනික් ඇටෑක් එකක් ආවට පස්සේ එයා ආපහු බැක්ටු නෝමල් වුනත් දෙපාරක් තුන්පාරක් ඒක දරුණුවටම ආවා. ඒ එක පාරක් අයිවන් හිටියේ නෑ. ඒත් ඊළඟ පාර ශෙන්ග්ට අමාරු වෙද්දි අයිවනුත් හිටියා.
මේ වෙද්දි අර කෙල්ල කියපු දේවල් මොනාද කියලා කොලේජ් එකේ අයගෙන්ම අයිවන් අහගෙන තිබුණා.

"..අවුලක් නෑ.."

ශෙන්ග්ගේ හීනි කටහඬ එද්දි අයිවන් එයා අල්ලන් හිටිය අතට ලාවට කිස් එකක් දුන්නා. ශෙන්ග් පොඩ්ඩක් ගැස්සුනත් එයා අත ආපහු ඇදලා ගත්තේ නෑ.

අයිවන්ට ශෙන්ග්ව තුරුල් කරගන්න ඕන වුනත් එකපාරම එහෙම කරන්න පොඩි බයකුත් තියනවා. එයා හිමින් සැරේ පුටුවෙන් නැගිටලා ඇඳ ගාවින් හිටගත්තේ ⁣ශෙන්ගේ අත අල්ලගෙනමයි. එයා හිමීට ශෙන්ග්ගේ පැත්තට බරවෙද්දි අයිවන් මොකක්ද කරන්න හදන්නේ කියලා තේරුණ ශෙන්ග් කරේ එයා ජීවිතේට කරයි කියලා හිතපු දෙයක් නෙමෙයි.

එයාම අයිවන්ගේ පපුවට බරවුණා.
ඒත් එක්කම අයිවන් එයාගේ අත්⁣ දෙකම ශෙන්ග්ගේ වටේට දාලා ශෙන්ග්ව තුරුල් කරගත්තා.

"..ඩෝන්ට් වොරි බේබි.. අයිම් හියර්.."

ඒ වචන ටිකම ශෙන්ග්ට ඇති. ලියාම්ගේ කාමින්ග් ස්මෙල් එක නැතිවෙද්දි ⁣ශෙන්ග් අයිවන් ලග කම්ෆටබල් වෙලා තිබ්බා.

♡🍁♡

ශෙන්ග්ව ඩිස්චාර්ජ් කරේ පැය විසිහතරක් තියාගෙන. මමීයි ඩැඩීයි එක්ක අයිවන් එයාව ආපහු එයාගේ අපාර්ට්මන්ට් එකට එක්කගෙන ආවා.
ක්‍රිස්ටියන් ඇරෙන්න අනිත් කොල්ලෝ ටිකත් එදා දවස ඇතුලත කොහොම කොහොම හරි කරලා ශෙන්ග්ව බලන්න ඇවිත් ගියා.

"..මමී.."

ශෙන්ග් හිටියේ සොෆා එක ලග බිම වාඩි වෙලා. මමී හිටියේ ⁣පොතක් කියවන ගමන්. තව ටික වෙලාවකින් ඩැඩී එනවා බුක් ශොප් එකේ ඉදලා.

"..ම්ම්ම්.."

මමීගේ අත ශෙන්ග්ගේ කොණ්ඩේ අස්සේ එහෙ මෙහේ ගියේ හරි සනීපෙට.

"..මට ඔයාලාට දෙයක් කියන්න තියෙනවා.."

ශෙන්ග් මමීගේ පැත්තට හැරිලා හරිබරි ගැහිලා වාඩිවුණේ එයාගේ ජීවිතේ ගන්න යන වැදගත්ම තීරණයක් මමීට කියන්න.

"..මොකක්ද ශෙන්ග්..?"

මමීගේ කටහඬ ආවේ හරිම නිවුණ විදිහට. එයාගේ මමී ලේසියකට කේන්ති ගන්නේ නෑ.

"..ඩැඩීත් එනකන් ඉන්නකෝ.."

ඒ කියද්දිම ⁣අපාර්ට්මන්⁣ට් එකේ ඩෝර් එක ඇරගෙන ⁣පෝල් ඇතුලට ආවා.

"..ඩැඩීඊඊඊඊඊඊඊඊඊ.."

ශෙන්ග් දුවගෙන ගිහින් පෝල්ට තුරුල් වුනේ පොඩි ළමයෙක් වගේ. මැල්කම්ගේ ආදරේ නැතිවෙද්දි හිත රිද්දගෙන මානසිකව වැටිලා හිටිය ශෙන්ග් පෝල්ගෙන් උපරිමේටම ආදරේ හොයනවා. පෝල් වුනත් අතේ තිබ්බ දේවල් පැත්තකට දාලා සුපුරුද විදිහට ශෙන්ග්ව තුරුල් කරගත්තේ ඔළුවටත් කිස් එකක් දීලා.

"..ඉතින් දැන් මොකක්ද කියන්න තියනවා කිව්වේ..?"

ඩිනර් එහෙම අරගෙන ඉවර වෙලා ශෙන්ග් හිටියේ එළියේ තියන ඔංචිල්ලාවට වෙලා පැද්දි පැද්දි. ඩැඩී ඇවිත් අහද්දි ශෙන්ග් ⁣ඒ දෙන්නටත් ඇවිත් එයාගේ ලගින් වාඩි වෙන්න කිව්වා.

"..ම්ම්ම්.. අර අර අයිවන් ඉන්නේ.."

ශෙන්ග් පටන් ගත්තේ එහෙම. ඇත්ත කතාව එයාට ⁣ඉතින් තේරේන්නේ නෑ මේක මමීටයි ඩැඩීටයි කොහොමද කියන්නේ කියලා.
පෝල් යන්න ආව හිනාව හිර කරගත්තේ ශෙන්ගේ ඇද වෙච්ච මූණ දිහා බලාගෙන. ශෙන්ග් පළවෙනි කෑල්ල කියලා ඉතුරු ටික කියන්න මූණත් ඇදකරගෙන කල්පනා කරනවා.

"..ඕ ඉතින්.."

⁣⁣රීටා ඇහුවේ ඇස් දෙකෙන් පෝල්ට රවන ගමන්. ළමයව විහිළුවට ගන්නවා කියලා. ශෙන්ග්ට වෙලා තියන දේවල් එක්ක, එයාලාට හම්බවෙද්දි හිටිය තත්වෙත් එක්ක ⁣⁣කොල්ලා මෙහෙම ඉන්න එකම ඇති.

"..අයිවන් කිව්වා එයා මට කැමතියි කියලා.."

"..ඔහ්!?.."

"..ආහ්!?.."

මමීයි ඩැඩීයි දෙන්නම ශෙන්ග් දිහා බැලුවේ ඇස් දෙකත් ලොකු කරගෙන. කොල්ලා ඉන්නවා ඉතින් කන් දෙකයි කම්මුල් දෙකයි රතු කරගෙන.

එයාලාට අයිවන් ශෙන්ග්ට කැමතියි කියලා සෑහෙන්න තේරිලා තිබ්බේ. එයාලාට මුලින්ම හම්බවුණේ‍, එයාලා එක්ක ක්ලෝස් වුනේ එවන් වුනත් අයිවන්ගේ තිබ්බේ සම්පූර්ණයෙන්ම ශෙන්ග්ගේ අයිතිය එයාට තියනවා කියන්න වගේ හැසිරීමක්. සමහරක් වෙලාවට ශෙන්ගේ දේවල් වලට ඒ දෙන්නට වුනත් අයිවන් එක්ක ආගියු කරන්න බෑ. ඔය දේවල් එක්ක ශෙන්⁣ග්ගේ මමීයි ඩැඩීයි ගෙස් කරලා තිබ්බේ අයිවන්ගේ හිතේ ශෙන්ග්ට ලොකු කැමැත්තක් තියනවා කියලා.

ඒ වගේම ශෙන්ග් වුනත් එයා හරි ඉක්මනට අයිවන්ට ලංවුණා. කිසිම කෙනෙක් එක්ක තනිවෙන්නේ නැතුව හිටිය ශෙන්ග් අයිවන් එක්ක සෑහෙන්න තනියම එහෙ මෙහේ ගියා. බය නැතුව අයිවන්ගේ අතේ එල්ලිලා ඉන්නවා. එයාට අයිවන් එක්ක තිබ්බේ අමුතුම බොන්ඩ් එකක් කියලා එයාලා දැක්කා. අයිවන් ලග හැසිරෙන විදිහ හැමදේම වෙනස් වෙද්දි මමීටයි ඩැඩීටයි ශෙන්ගේ හිතේ තියෙන දේවලුත් හොදටම තේරිලා තිබ්බා. ඒත් එයාලා හිතුවේ නෑ අයිවන් මෙච්චර ඉක්මනට ඕක ගැන ⁣ශෙන්ග් එක්ක කතා කරයි කියලා.

ඒ වගේම තමයි ⁣⁣ශෙන්ග් ඒ දේවල් ගැන එයාලාට කියයි කියලා. ඒත් එයාලා හිතුවේ නැති විදිහට ශෙන්ග්ට ඒ හැමදේම එයලා එක්ක බෙදාගන්න ඕන වෙලා තිබ්බා.

"..ම්ම්ම්.. එයා දැන් ටික දවසක් ඒක කියලා.."

"..ඊටපස්සේ.."

පෝල් ශෙන්ග්ගේ කරට අත දාගත්තේ සම්පූර්ණ අවධානේම ශෙන්ග්ට දීලා.

"..⁣⁣අපේ ශේ මොනාද කිව්වේ එයාට..?"

"..අයි ඩිඩ්න්ට් සේ එනිතින්ග්.."

"..වට්..?"

"..ඕ.. මට එයාට මගේ ස්ටෝරි එකම කියන්න ඕන.. ඊටපස්සේත් එයා මාත් එක්ක ඉන්න කැමති වුනොත් මමත් එයාට කැමතියි කියනවා.."

ශෙන්ග් කිව්වේ බර කටහඬකින්. එයාගේ මේ අතීතේ මහ පුදුම සාපයක්. ඒක කරුමයක් වගේ හැමවෙලේම මතුවෙනවා. අනික ශෙන්ග්ට හිතුණා එදා එයා ෆේන්ට් වෙච්ච දවසේ මොකක් හරි වෙලා තියනවා කියලා. මොකද අයිවන්⁣ගේ තිබ්බා පොඩි වෙනසක්. එයා දෙපාරක් තුන්පාරක්ම කලින් කො⁣ලේජ් එක ගැන කතාවක් පටන් අරන් පස්සේ එයාම ඒ කතාව වෙන පැත්තකට මාරු කරා. හරියට ⁣ශෙන්ග්ගෙන් මොනා හරි දැනගන්න ඕන ඒත් අහන්න බෑ වගේ.

ටයිලර්ගෙන් ඇහුවට එයත් එහෙම ලොකුවට දෙයක් දන්නේ නෑ කිව්වා. ඔක්කොටම වැඩිය එයා ශෙන්ග් ගැන බයවෙලා ඉදලා තියෙන්නේ. ලියාමුත් නැතුව ටයිලර්ට ශෙන්ග්ව අල්ලන්නවත් පුලුවන්කමක් තිබිලා නෑ. ශෙන්ග්ට හිතුණේ ටයිලර් කියන්නේත් එයාට හම්බවෙච්ච හොද යාළුවෙක් කියලා. එදා ඒ සීන් එකෙන් පස්සේ එයා වෙනදට සාපේක්ෂව ටයිලර් එක්ක ටිකක් කතා කරන්න පටන් ගත්තා.

"..හැමදේම කියනවද..?"

"..ඕ මමී.. ඒවා එයාට වෙන කොහෙන් හරි ආරංචි වුනොත්.. මං දන්නවා එහෙම ආරංචි වෙන්න විදිහක් නෑ කියලා.. බට් එයාලා ලෝකේ වටේම යනවා.. අනික මට මොනාහරි දෙයක් වෙලා පරණ දේවල් කියවුනොත් එයාට මොනා හිතෙයිද.!?.."

ශෙන්ග් කියන දේවල් ඇත්ත කියලා මමීයි, ඩැඩීයි දන්නවා.
අයිවන් කියන්නේ කවුද කියලා මේ ගෙවුන කාලේට එයාලා දැනගත්තා. ශෙන්ග්ව ආරක්ෂා කරන්න අයිවන් තරම් වෙන කවුරුත් නෑ. අයිවන්ට එයාව හොදටම බලාගන්න පුලුවන්. ඒ වගේම අයිවන් කරන්නේ බොරුවක් නෙමෙයි කියලත් පෝල්ටයි රීටාටයි තේරිලා තිබ්බේ.

"..යු නෝ වට්.. ඔයාගේ මේ චූටි හාට් එක තියෙන්නේ.. ඒක කියන දේ ඔයා කරන්න.. හැබැයි ඒ කියන දේවල් කරන්න යද්දි මේ චූටි මොළ ගෙඩියෙන් දෙන උපදෙසුත් අහන්න.. තේරුණාද..? ඔයාට ඕන වෙලාවක ඔයාගේ මමීයි ඩැඩීයි ඔයා එක්ක ඉන්නවා.. ඔයාට කවුරු නැතිවුණත් අපි දෙන්නා අපේ ශේ බබා එක්ක ඉන්නවා.."

රීටා කිව්වේ ශෙන්ග්ව තද කරලා තුරුල් කරගෙන.

-"අයි වෝන්ට් ටු ටෝක් ටු යු.. මට කියන්න දෙයක් තියනවා අයිවන්'-

ශෙන්ග් අයිවන්ට මැසේජ් එකක් යැව්වේ ඒ අනිත් පැත්තට අයිවන්ගෙන් රිප්ලයි එකක් එද්දි.

-'ලෙට්ස් මීට් අප් ඩේ ආෆ්ටර් ටුමොරෝ.'-

♡🍁♡

"..අයිවන්!!!!!.. ගෝඩ් ඩැම්න් ස්ටෝප් ඉට්!.."

⁣රෙමිරෝ කෑගැහුවේ එවන් හිනාවේගනම ක්‍රිස්ටියන්ගේ එහාපැත්තේ පුටුව උඩට වැටෙද්දි. දැන් පැයක් විතර තිස්සේ අයිවන් ෆෝන් එකත් අතේ තියාගෙන එහෙටයි මෙහෙටයි සක්මන් කරනවා. ආපහු වාඩිවෙනවා. ඔළුව කසනවා. ෆෝන් එක බලනවා. ආයේ ඇවිදිනවා.

දෙපාරක් විතර ⁣ජොනතන් කියලා බැරිම තැන ඇදලා අරගෙන ලොකු සොෆා එකට දැම්මත් හරි ගියේ නෑ.

"..මොනහ්!!!!.."

අයිවන් ගැස්සිලා ගියේ ක්‍රිස්ටියන් නැගිටලා අයිවන්ගේ ෆෝන් එක අතින් උදුරලා ගද්දි.

"..ඔක්කොටම කලින් මොකද වුනේ කියපන්.."

අයිවන්ව සෝෆා එකට ඇදලා දාලා නාන්න ගිය ජොනතන් ශෝටකුත් ඇදගෙන කොණ්⁣ඩේ පිහිද පිහිද ආපහු පහලට ආවේ එහෙම කියන ගමන්. පස්සේ රෙමිරෝගේ අතට ටවල් එක දීලා එතනම බිම රෙමිරෝගේ කකුල් දෙක ගාවින් වාඩි වුනා එයාගේ ඔළුව පිහිදන්න කියලා.

"..අවුරුදු විසි එකක්.. තාම ඔළුව පිහිද ගන්න බෑ.."

ටෑං ගාලා ජෝගේ ඔළුවට එකක් දීලා ඇදලා රෙමිරෝ ⁣ඔළුව පිහිදන්න ගත්තේ අයිවන් ක්‍රිස්ටියන්ගේ අතේ තියන ෆෝන් එක දිහා කන්න වගේ බලන් ඉද්දි.

"..ශෙන්ග් මොකද කිව්වේ..?"

අයිවන් ආපහු ඇවිදින්න පටන් ගන්න කලින් එවන් අයිවන්ව ඇදලා අරන් පුටුවකට දැම්මා.

"..එයාට මාත් එක්ක කතා කරන්න ඕනේලු.."

"..ඉතින් කොහොමක් කතා කරනවනේ.."

ජෙනී ගෙනත් තිබ්බ පෑන් කේක් එකක් කඩලා කටේ පුරව ගන්න ගමන් කිව්වේ එවන්.

"..එයාට කියන්න දෙයක් තියනවලු.."

"..ඔහ්! ක්‍රැප්.."

එතකොට නම් කොල්ලෝ ටිකගේ මූඩ් එක ටිකක් වෙනස් වුනා.

"..වෙන මොනාද කිව්වේ..?"

"..එච්චරයි.."

"..එච්චරයි..????"

"..යප්ස්.. ඒකයි මට මුකුත් හිතාගන්න බැරි.."

අයිවන් කිව්වේ එක අතකින් මූණ පිහිදගන්න ගමන්.

"..එව්ව්! බ්ලූ-මූන් පැක් එකේ ⁣බේටා.. හිච්චි හියුමන් කොල්ලෙක් කතා කරන්න ඕන කිව්වම දාඩියත් පිහිදනවා.."

රෙමිරෝ කියද්දි සෙට් එකටම හිනා ගියා. අයිවන්ගෙත් කට⁣ කොනකට හිනාවක් ආවේ ඒක ඇත්ත නිසා.
'ඇත්ත.. ද⁣ොඩම් ගෙඩි දෙකක් තරම්වත් උස නෑ.'

"..මේට් නොවුණා නම් මොකක් හරි කරගන්න තිබ්බා හැබැයි.."

ක්‍රිස්ටියනුත් කිව්වේ රෙමිරෝට ඇහැක් ගහලා.

"..අනේ මේ උඹ නම් මේට් මඟුල් ගැන කියවන්න එපා.. දහ අටේදි දැක්කත් හරි දැක්කද දැක්කද අර වැම්පයර්කාරයව..?"

අයිවන් ක්‍රිස්ටියන්ව කපලම දැම්මේ කුෂන් එකක් අයිවන්ගේ මූණ හරහා යද්දි.

"..ඒ ගැන නම් කියලා වැඩක් නෑ.."

එවන් කඩා ගත්ත පෑන් කේක් කෑල්ලක් එබුවේ මොකක් හරි කියන්න ගිය ක්‍රිස්ටියන්ගේ කටේ.

"..මාකස්ගේ ප්‍රශ්න ඉවර වෙද්දි බලන්න ඕන.. මට හිතෙනවා............"

"..නෑ ක්‍රිස්!! ඕක කියන්න එපාහ්!!.."

ක්‍රිස්ටියන් කියන්න යන්නේ මොකක්ද කියලා දන්න රෙමිරෝ ජොනතන්ගේ ඔළුව පිහිද පිහිද හිටිය ටවල් එකෙන් දමලා ගැහුවේ ක්‍රිස්ටියන්ට.

"..කවදාහරි මේ පැක් එකේ ලූනා වෙන්නේ එයාහ්!.. යූ කාන්ට් ජස්ට් රිජෙක්ට් හිම්.."

"..මට තවම හිතාගන්න බැරි ඇයි එයාලා එදා ගියත් හරි ආයේ ආවේ නැත්තේ ඇයි කියලා.. අඩුම කතා කරේවත් නැත්තේ ඇයි කියලා.."*

එවන් කිව්වේ ජොනතන්ගේ ටවල් එක ආපහු රෙමිරෝට පාස් කරන ගමන්. එදා එයාලා ඇවිත් ක්‍රිස්ටියන් ඔෆීශියලි බ්ලූ-මූන් වුල්ෆ් පැක්⁣ එකේ ඇල්ෆා වෙලා ඉවර වෙනකන් හිටියා කියලා මමා කැටී කිව්වත් එතනින් පස්සේ පිය⁣ර්ස් ෆැමිලි එක හවස් වෙද්දිම ගිහින් තිබ්බා.

"..මගේ කතාව පස්සේ කරමු.. දැන් ශෙන්ග්ව මීට් වෙන්නේ කවදද..?"

"..අනිද්දට.. හෙට අන්ඩර් ග්‍රවුන්ඩ් ප්‍රිසන් එකේ විසිට් එක.. ඒක ඇතුලේ ඉන්න එවුන් මැරිලද කියලා බලන්නත් ඕන මමනේ.."

"..H8* එකත් බලාගෙනම එන්න.."

එවන් කියද්දි අයිවන් එවන්ටත් රවාගෙනම කිචන් එක පැත්තට ගියා.

"..අපි දෙන්නටත් පොඩි කාලේ ඒකට එන්න දුන්නා නම් ගෙවෙයි.."

ජොනතන් රෙමිරෝටයි ක්‍රිස්ටියන්ටයි කිව්වේ රවලා.

"..මගේ ඔළුවේ වැඩ කරන්නේ ශෙන්ග් ගැන.. හැමදේම හොදින් වෙන්නෝන.. මෙහෙන් මට රෝග් වුල්ෆ් කෙනෙක් ක්‍රියේට් වෙන්න දෙන්න බෑ.."

To be continued .. 🖋

                      ❣️𝐈𝐯𝐚𝐧 𝐀𝐧𝐝 𝐙𝐡𝐞𝐧𝐠❣️

About Stars *

First Star :
The Alpha's Mate එකේ සීන් එකක්.
එලොන් එයාගේ ෆැමිලි එකත් එක්ක බ්ලූ-මූන් වුල්ෆ් පැක් එකට දෙවෙනි පාරට එන දවස.
ඒ කියන්නේ ක්‍රිස්ටියන් පැක් එකේ ඇල්ෆා වුන දවස.

Second Star :
H8 Cell Room එක.
ඒකත් The Alpha's Mate එකේ එනවා.

The Alpha's Mate ♠️ කියවලා නැත්නම් ඒක කියවලම The Human Mate 🤎 කියවන්න ගන්න.

____________🤎____________

⚠️❌..Please don't copy or steal anything from this story.. ⚠️❌

#TheHumanMate

@AndreaMariyan

Continue Reading

You'll Also Like

54.8K 1.8K 31
Madara has always been a ninja with attitude and power. He cares deeply for his brother izuna. But one day izuna was killed in battle by a rival clan...
335 57 6
Oneirataxia : the inability to distinguish between fantasy and reality Slow burn!!!
2.8K 118 17
Aliyah and Elias' is not quite over. Things have change, years have went by and well new people have came and old people has gone. Will they get toge...
85.9K 2.2K 44
Born an omega into the strongest pack in the forest, Olwen Adams was fated to the Alpha's son and to become the Luna of the Silver Arrow Pack. But he...