๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ...

By AndreaMariyan

12.5K 1.9K 562

[BOOK TWO] [ONGOING] [HAPPY ENDING] โŒ›๏ธโ™ก๏ธŽ ..๐“๐ก๐ž๐ฒ ๐ฌ๐š๐ฒ, ".. ๐ฅ๐จ๐ฏ๐ž ๐ฒ๐จ๐ฎ ๐ฎ๐ง๐ญ๐ข๐ฅ ๐ญ๐ก๐ž ๐๐š๐ฒ ๐ˆ ๏ฟฝ... More

๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Prologue
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Author's Note
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Wolf Characters
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 01
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 02
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 03
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 04
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 05
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 06
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 07
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 08
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 09 ๐Ÿ”žโš ๏ธ
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 10
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 11
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 12
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 13 ๐Ÿ”žโš ๏ธ
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 14
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 15
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 16
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 17
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 18
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 19
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 20
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 21
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 22
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 23
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 24
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 25
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 26
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 27
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 28
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 29
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 30
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 31
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 32
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 33
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 34
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 35
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 36
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 37
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 38
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 39
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 40
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 43
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 44
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 45
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 46
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 47
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 48
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 49
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 50
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 51
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 52
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 53
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 54
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 55
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 56
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 57
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 58
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 59
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 60
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 61
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 62
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 63 ๐Ÿ›‘โš ๏ธ
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 64
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 65
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 66
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 67
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 68
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 69
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 70
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 71
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 72
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 73
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 74
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 75
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 76 ๐Ÿ”žโš ๏ธ
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 77
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 78
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 79

๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 41

92 13 3
By AndreaMariyan

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎

⌛️♡︎ ..𝐓𝐡𝐞𝐲 𝐬𝐚𝐲
".. 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮 𝐮𝐧𝐭𝐢𝐥 𝐭𝐡𝐞 𝐝𝐚𝐲 𝐈 𝐝𝐢𝐞.."
𝐖𝐞 𝐬𝐚𝐲
"..𝐈'𝐥𝐥 𝐬𝐭𝐢𝐥𝐥 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮 𝐚𝐟𝐭𝐞𝐫..♡︎⌛️

[EPISODE 41]

____________🤎____________

❣️𝐈𝐯𝐚𝐧 𝐀𝐧𝐝 𝐙𝐡𝐞𝐧𝐠❣️

ශෙන්ග් හිටියේ ජනේලේන් එළිය බලාගෙන. අද ශෙන්ග්ලට කොලේජ් නිවාඩු දවසක්. එළියේ ලාවට වහිනවා. ඔක්තෝබර් එන්ඩ් එක කියන්නේ ඉතින් සැරින් සැරේට වහින කාලේ.
ගෙදර ඉස්සරහා හදලා තියන හැලෝවීන් ඩෙකරේෂන්ස් සේරම තෙමෙනවා. මේ කාලේට තමයි ⁣ශෙන්ග් ආසම. එයාගේ රෙඩ් මේප්ල් ට්‍රී එකට මුකුත් වෙලා නැත්නම් දැන් ඒකත් ටිකක් ලොකු වෙලා ඇති. රෙඩ් මේප්ල් කියන්නේ ඉක්මනට හැදෙන ගහක්නේ.
එතනින් එයාගේ මතකේ ගියේ Litochoro විලේජ් බෝඩර් එක ලග තියෙන ලොකු රෙඩ් මේප්ල් ට්‍රී එක ගාවට. කලින් සැරේ නම් එයා සැරින් සැරේ ඇවිත් ඒක යට ඉදන් පොත් කියෙව්වා එක එක දේවල් කරානේ. එයා ⁣ඒ ගමට ආව මුල් කාලේ.
දැන් අවුරුද්දකුත් ගිහින් ඉවරයි එයා විලේජ් එකට ඇවිත්.

වැහි බිංදු සද්දේ එන්න එන්න වැඩි වෙද්දි ශෙන්ග් ලොකු හුස්මක් ගත්තා. මේ සුවඳට එයා ආසයි.
වත්තේ තියන මේප්ල් ගස් වල කොළ වැස්සට තෙමෙද්දි එන සුවඳට. එයා මතක ඇති කාලේ ඉදලා ඒ සුවඳට ආසයි. කොළ හැලෙන කාලේට තියෙන රතු, දුඹුරු, කහ, තැඹිලි පාට පරිසරයට එයා පොඩි කාලේ ඉදලම ආසයි. ඒ කොළ වලට වතුර වැටිලා පෙඟෙද්දි එන සුවඳට ශෙන්ග් පිස්සු හැදිලා හිටියේ.

වැස්ස ටික ටික තද කරද්දි ශෙන්ග් ජනේලේත් වහලා දාලා එයාගේ රූම් එකට ආවා. උදේ ඩැඩී එක්ක බුක් ශොප් එකට යන්න හැදුවත් ඩැඩී එයාව එක්කන් ගියෙත් නෑ. ගෙදර ඉන්න තියන දවසටත් වැඩ කරන්න එනවා කියලා.
මමීත් මොනා හරි මහන ගමන් හිටියේ. ශෙන්ග් එහෙම්ම ඇවිත් උඩුබැලි අතට ඇඳට වැටුනේ අයිවන් ගැන කල්පනා කරන ගමන්. කොයිවෙලෙත් එයාට අයිවන්ව මතක් වෙනවා. ඒක නතර කරගන්නම බෑ⁣. අනික දැන් දවසක්ම අයිවන්ව දකින්න වෙන්නේ නෑ.
ශෙන්ග් යටිතොල නොපිටට පෙරල ගත්තේ හුරතල් විදිහට. කෝල් කරන්නවත් විදිහක් නෑ⁣නේ. ගෙදර ෆෝන් එකෙන් ගන්නත් පුලුවන්. ඒත් මමී පහලනේ. එයා බැලුවොත් කවදාවත් නැතුව ඇයි අයිවන්ට කෝල් කරන්නේ කියලා.

එහෙම හිතුවට ශෙන්ග්ට මීටර් නෑ එයා කොලේජ් එකේ වැඩ වලටම ලියාම්ටයි අයිවන්ටයි කීපාරක් ගෙදර ෆෝන් එකෙන් කතා කරලා තියනවද කියලා.
'එයාටම කියලා ෆෝන් එකක් හරි තිබ්බනම්..'
.
.
.
.
.
.
.
.
"..හැපි බර්ත්ඩේ ශෙන්න්න්න්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්!!.."

සතියක් ගෙවුනේ බලාගෙන ඉද්දි..
ඒ අවුරුද්දත් ඉවර වෙන්න ලගයි. ශෙන්ග් හිටියේ කොලේජ් ගේට් එක ගාව හිටගෙන. ලියාම් එයාගේ බෙල්ල බදාගෙන උඩ පනිනවා.

අද ශෙන්ග්ගේ සෙවන්ටීන්ත් බර්ත් ඩේ එක.

උදේ නැගිටිනකොටම මමීයි ඩැඩීයි එයාට මමී ගෙදර හදපු ස්වීට් චූටි කේක් එකකට ඉටිපන්දම් ගහලා අරගෙන ආවා. ගොඩක් දේවල් කරන්න විදිහක් තිබ්බේ නෑ එදා කොලේජ් දවසක් නිසා.

හිම වැටෙන්න පටන් ගන්න කාලේ හින්දා වටපිටේ තිබ්බේ පුදුමාකාර සීතලක්. ශෙන්ග් හිටියේ එයාලාට මූන්ලයිට් සිටි කොලේජ් එකෙන් වින්ටර් සීසන් එකට අඳින්න දෙන ජර්සි එකකුත් ඇදගෙන. ඒත් ලියාම්ට නම් ඒ සීතල එච්චර ගාණක් තිබ්බේ නෑ. එයා නෝමල් විදිහට තමයි ඇඳගෙන හිටියේ.

"..තැන්ක්‍යු ලීඊඊඊඊඊ.."

ශෙන්ග් ඉතින් ඇද......ලා කිව්වේ හෙන ලැජ්ජාවෙන්. එයාට ඉතින් ලූක්ලා එමිලිලාගෙන් පස්සේ මේ යාළුවෙක් විශ් කරනවාමයි. මොන⁣දේ වුනත් ලූක්ලා කට්ටියව ශෙන්ගේ ඔළුවට එන එකනම් නවත්තන්නම බැරිවුණා. ඒක එයා හිතලා නෙමෙයි වෙන්නේ. මොකක් හරි වුන ගමන් එයාට මෙහෙමනේ කලින් වුනේ කියලා මතක් වෙනවා වගේ එකක්. ඒත් ශෙන්ග්ට ඉස්සර වගේ එකපාරටම ලූක්ව මතක් වුනාට ඒ ගමන්ම පැනික් ඇටෑක්ස් එන්නේ නෑ දැන්. එයාට දැන් ඒක චුට්ටක් කන්ට්‍රෝල් කරගන්න පුලුවන්. ඒකට ගොඩක්ම හේතුව වුනේ ශෙන්ග්ට හම්බවෙලා ඉන්න එයාගේ අළුත් යාළුවෝ. අනික එයාලා ශෙන්ග්ට මුකුත් කරදරයක් වෙන්න දෙන්නේ නෑ කියනෙක එයාගේ ඔළුව ඇතුලේ හැමවෙලේම තියනවා.

"..ඔන්න අද හවසට පාර්ටි එකක් තියනවා.."

ශෙන්ගේ කම්මුල් දෙකෙන්ම අල්ලලා මිරිකලා දෙපැත්තට අදින ගමන් ලියාම් ශෙන්ග්ට හවස පාර්ටි එක ගැන කිව්වා.

"..ආහ්හ්හ්හ්..????"

ඒන ඇහුනම ශෙන්ග් කරේ ඇස් දෙකත් ලොකු කරන් ලියාම් දිහා බැලුව එක. එයාට පුදුමයි, බයයි, සතුටයි සේරම දැනෙනවා. එයා පාර්ටීස් වලට ටිකක් බයයි. ඒ මදිවට ලියාම් ඒක කියලා එයා දිහා බලන් ඉන්නේ ඇස් දෙකත් හීනි කරගෙන අත් දෙකත් පපුවට බැදගෙන.
හරියට නිකන් 'බෑ කිව්වොත් නම් මම තරහයි ඇත්තටම' කියනවා වගේ. ඒත් කොහොමද එයා පාර්ටීස් වලට යන්නේ එයාට බයයිනේ.
'අයිවනුත් එනවද දන්නෑ. එයත් ඉන්නවා නම් ටිකක් ශේප්'
කොල්ලා තනියම හිතනවා.

ශෙන්ග්ව සප්‍රයිස් කරන්න කියලා එක්කන් යන වැඩේ ප්‍රැක්ටිකල් නෑ කියලා ලියාම් තමයි කට්ටියට කිව්වේ. අයිවන්ටත් හැබැයි ඒක කලින්ම හිතිලා තිබ්බේ. මොකද ශෙන්ග් හරි ඉක්මනට හැමදේටම කලබල වෙන නිසා. එයාව එකපාරට සප්‍රයිස් කරන්න කියලා එක්කන් ගිහින් පැනික් ඇටෑක් එකක් හරි ⁣ආවොත් ඉවරයි ඉතින්. පස්සේ අයිවන්ම ලියාම්ට කිව්වා ශෙන්ග්ට පාර්ටි එකක් දෙනවා කියලා ලොකු විස්තරයක් කියන්නේ නැතුව කොහොම හරි එන්න කැමති කරවගන්න කියලා. පාර්ටි එකට එන්නේ කවුද කියලා ඇහුවොත් කියන්න ඕන විදිහත් කියලා දීලාමයි අයිවන් ලියාම්ව උදේ කොලේජ් එක ගාවින් බස්සලා ගියේ.

ලියාම්ව කොලේජ් එකෙන් බස්සලා ආවට පස්සේ අයිවන්ට කරන්න වැඩ පෝලීමක් තිබ්බා. මෙහෙමයි තිබ්බයි කිව්වට එයා ඒ සේරම කරේ නෑ. අනිත් අයවත් මහ පාන්දර කුද⁣ලගෙන ඇවිත් රටේ නැති වැඩ දුන්නා කරන්න කියලා. ඒ දීලා එයා ලියාම්වත් කොලේජ් එකට දාලා කෙලින්ම ගියේ ශෙන්ගේ බර්ත්ඩේ ප්‍රස්න්ට් එක ගන්න.⁣ ශෙන්ග් ඒකට මොනා කියයිද කියලා අයිවන්ට හිතාගන්න බෑ. මෙහෙමයි ඒක ටිකක් බරපතළයි තමයි. ඒත් වෙන මුකුත් දෙන්න දෙයක් අයිවන්ට හිතාගන්න බෑ. මොකද මේ දෙන ප්‍රසන්ට් එක අයිවන් ශෙන්ග්ට දෙන්නේ ලොකු හේතුවක් ඇතුව.

බොක්ස් එක ලස්සනට ව්‍රැප් කරලා අයිවන් ඒක කාර් එක ඇතුලෙන් තිබ්බේ ලොකු හුස්මක් ගන්න ගමන්. ඊළඟට තියෙන්නේ ශෙන්ගේ මමීවයි ඩැඩීවයි ගන්න යන්න. ඒ දෙන්නා වෙහිකල් පාර්ක් එක ගාවට එන්නම් කියලා කලින්ම අයිවන්ට කියලා තිබ්බේ.

අයිවන් ඒ දෙන්නවත් අරගෙන කෙලින්ම ආවේ ක්‍රෙශ්නියර් අපාර්ට්මන්ට් එකට. ඒ වෙනකොටත් අනිත් කට්ටිය එකතු වෙලා අපාර්ට්මන්ට් එක ලස්සනට සරසලා. මුළු දවසම ජොනතන් රෙමිරෝ දෙන්නට මෙතන ඉන්න වෙන හින්දා ක්‍රිස්ටියන් එක්ක ඩේවිඩ් මැතිව් තෝමස් තුන් දෙනා තමයි පැක් එකේ වැඩ බලාගන්නේ.

"..රයිට්.. දැන් සේරම හරිනේ..?"

අයිවන් ඇහුවේ සරසලා තියන අපාර්ට්මන්ට් එක දිහා ආපහු සැරයක් බලලා මොනාහරි අමතක වුනාද කියලා කල්පනා කරන ගමන්.

"..කේක් එක තියන්න විතරයි තියෙන්නේ.. එවන් ලියාම්ලව පික් කරනකොට කියන්න කේක් එක එතකොට තියන්නම්.."

කොලේජ් ඉවර වෙලා ශෙන්ග් එවන්ගේ කාර් එකට නැග්ගේම අවුලෙන්. බර්ත් ඩේ එක දවසෙවත් අයිවන් නෑ. එයාට විශ් කරන්නවත් ඕන නැද්ද ඉතින් ඇවිත්. මූණත් ඇද කරගෙන ඉන්න ශෙන්ග්ව පෙන්නලා එවන් ලියාම්ගෙන් ඇස් දෙකෙන් ඇහුවේ ඇයි කියලා.

'අයිවන් ආවේ නැති හින්දද කොහෙද'

ලියාම් මයින්ඩ් ලින්ක් කරේ එවන්ට.

ඊළඟට ශෙන්ග්ට තිබ්බ ප්‍රශ්නේ අයිවන් පාර්ටි එකටත් එන්නේ නැතිවෙයිද කියලා. සමහර වෙලාවට එයාලා බිස්නස් මීටින්ග්ස් වලට දවස් ගණන් සති ගණන් එළියට යනවා කියලා ශෙන්ග් දන්නවා.

"..HAPPY BIRTHDAY ZHENG!!!!!.."

අපාර්ට්මන්ට් එක ඇතුලට අඩිය තිබ්බා විතරයි ශෙන්ග්ගේ කන්දෙකත් එක්කම දෙදරලා ගියා. ඇත්තටම ගොඩක් කට්ටිය හිටියේ නෑ මමීයි ඩැඩීයි ලියාම්ගේ අයියලා ටිකයි.

මමීයි ඩැඩීයි මුලින්ම විශ් කරාට පස්සේ ලියාම් එක්ක අනිත් අයත් එයාට විශ් කරා. ඒත් අයිවන් හිටියේ නෑ. දැන් ශෙන්ගේ ඔළුවේ වැඩ කරන්නේ කෝ අයිවන් කියලා.

"..හැපි බර්ත් ඩේ ශෙන්ග්.."

කොල්ලගේ පිටිපස්සෙන් ඇහෙද්දි ශෙන්ග් රවුමක් කැරකුනේ අයිවන්ගේ පැත්තට. එයාට ලැජ්ජයිත් වගේ. ශෙන්ග් මමීටයි ඩැඩීටයි ලියාම්ටයි විතරයි එයාව හග් කරන්න දුන්නේ. අනිත් අය වුනත් එහෙම හග් කරන්න ට්‍රයි කරේවත් නෑ. හෑන්ඩ් ශේක් කරලා හිටියා. ඒත් අයිවන් නම් එයාව හග් කරා. ශෙන්ග්ට එහෙම අන්කම්ෆටබල් ගතියක් දැ⁣නුනෙත් නෑ. එයා ඉතින් අයිවන්ගේ පපුව ලගට විතරනේ උස. අයිවන්ගේ පපුවට කම්මුලක් තද වෙද්දි ශෙන්ගේ පපුව ගැහෙන වේගේත් ඒ හා සමානව වැඩි වුනා.

ඒ වගේම තත්පර ගාණකට අයිවන්ගේ ඇස් දෙක ගෝල්ඩ් කලර් වෙලා යනවා දැක්කේ ලියාම්ලා විතරයි. සැzක්ෆ්‍රොන් ඉන්නේ දරාගන්න බැරි සතුටකින් කියන්න ඒකම ඇති.

අයිවන්ගේ හග් එකෙන් පස්සේ රෝස පාට වෙලා හිටිය ශෙන්ග් අයිවන්ටත් තැන්ක්‍යු කියලා ගියේ කේක් කපන්න.

කේක් කපලා මමීට ඩැඩීට ලියාම්ට කැව්වට පස්සේ හිටිය අයිවන්. ශෙන්ග් ඇඟිලි තුඩු වලින් චු⁣ට්ටක් ඉස්සිලා අයිවන්⁣ගේ කට ගාවට කේක් කෑල්ල ලංකරද්දි ශෙන්ග් දිහා බලාගෙනම අයිවන් කේක් කෑල්ලක් කඩා ගත්තේ ශෙන්ග් ටක් ගාලා අයිවන්ට එහාපැත්තේ හිටිය රෙමිරෝගේ පැත්තට හැරෙද්දි.

එයාය ලැජ්ජයි අයිවන් එහෙම බලන් ඉද්දි.

"..මේක..!?"

ශෙන්ග් හිටියේ ඇස් දෙක ලොකු කරගෙන එයාගේ අතේ තිබ්බ කී කාඩ් එක දිහා බලාගෙන. ශෙන්ග් විතරක් නෙමෙයි ශෙන්ගේ ඩැඩීයි මමීයි දෙන්නත් හිටියේ පුදුම වෙලා.

ඇත්තටම අයිවන් කට්ටියට කියපු විදිහටම ශෙන්ග්ගේ බර්ත්ඩේ ප්‍රසන්ට් එක විදිහට අරගෙන තිබ්බේ අපාර්ට්මන්ට් එකක්.

"..ම්..මං.. ම්..මට..හ්හ්.."

ශෙන්ග් ගොත ගහනවා.

"..හරි හරි ඕක පස්සේ බලන්නකෝ අයිවන් එක්ක ගිහින්.. දැන් අපේ ප්‍රසන්ට්ස් ටිකත් බලන්න.."

ලියාම් කතාව මාරු කරේ හරිම වෙලාව බලලා.

ඉතින් ඊටපස්සේ මුළු වෙලාවම ගෙවුනේ ශෙන්ගේ ප්‍රස්න්ට්ස් බලන්න. අන්තිමට පාර්ටි එක ඉවර වෙද්දි ශෙන්ග්ට මුළු ජීවිත කාලේම හම්බවුණ ප්‍රසන්ට්ස් වලට වැඩිය ප්‍රසන්ට්ස් තොගයක් ලැබිලා තිබ්බා. ෆෝන් එකක්, ලැප් ටොප් එකක් එක්ක තව ගොඩාක් දේවල් ඒ ප්‍රසන්ට්ස් වල තිබ්බා.

පාර්ටි එක ඉවර වුණාට පස්සේ කොල්ලෝ ටික කරේ මුළු අපාර්ට්මන්ට් එකම ක්ලීන් කරපු එක. ඒ වෙනකොට සෑහෙන්න රෑ වෙලා තිබ්බ නිසා ශෙන්ගේ මමීයි ඩැඩීත් තීරණය කරා ක්‍රෙශ්නියර් අපාර්ට්මන්ට් එකේ නවතින්න.

ලියාම් ශෙන්ග් ලියාම්ගේ රූම් එකට යද්දි පෝලූයි ⁣රීටායි දෙන්නා විසිටර්ස් රූම් එකට ගියා. අයිවන්, රෙමිරෝ, එවන් එක්ක ජොනතන් පහලට ගියේ අපාර්ට්මන්ට් එකත් ලොක් කරගෙන.

                                 ♡🍁♡

"..ඒත් මේක ගොඩක් ලොකුයිනේ.."

අයිවන් ඇස් දෙක රෝල් කරේ ශෙන්ග් දිහා බලාගෙන.

"..මේක ක්‍රිස්ටියන්ලගේ එකත් එක්ක බලද්දි කොච්චර පොඩීද ශේ.."

අයිවන් කිව්වේ ශෙන්ගේ පස්සෙන් කැරකෙන ගමන්. ඒ අපාර්ට්මන්ට් එක හරිම කියුට් අපාර්ට්මන්ට් එකක්. ලොකු
රූම්ස් හතරක් එක්ක ඩයිනින් හෝල් එකයි කිචන් එකයි අටෑච් බාත්රූම්ස් එක්ක. ශෙන්ග්ට නම් ආසයි ඒකට. ඒත් ඉතින් ඒ ආසාව එළියට පෙන්නන්නත් බෑ.
හරි නෑනේ එහෙම.
අනික දෙවියනේ මේක කොච්චරක් ගණන් ඇතිද..

"..ඔයාට කැමති විදිහට ෆර්නිචර්ස් දාන්න.. මම කම්පැනීස් වලට පේ කරලා තියෙන්නේ.. ඔයාට ඕන දේවල් සිලෙක්ට් කරලා එයාලාට කියන්න විත⁣රයි තියෙන්නේ.. එයාලාම ඒවා අරන් ඇවිත් ඇරෙන්ජ් කරලා දෙනවා.."

"..ඒත් මම මේකේ තනියම ඉන්නේ කොහොමද..? මට ඉන්න බෑනේ.."

ශෙන්ග්ට අපාර්ට්මන්ට් එකට හිත ගිහින් තිබ්බත් එයා තනියම ඉන්න නම් පොඩ්ඩක්වත් කැමති නෑ.

"..Litochoro විලේජ් එකෙන් ඇවිත් මමීයි ඩැඩීයි එක්ක මෙහේ නවතින්න.. මමීලාගෙන් අහලා බලන්න.. මෙහේ මමීටයි ඩැඩීටයි බුක් ශොප් එක කරන්නත් පුලුවන්.."

අයිවන් කිව්වේ හොදට හිතලා බලලා. එයා දන්නවා ⁣ශෙන්ග් කීයටවත් මේ අපාර්ට්මන්ට් එකේ තනියම ඉන්නේ නෑ කියලා. ඒ වගේම අයිවන් දන්නවා ශෙන්ගේ මමීයි ඩැඩීයි Litochoro ගම අතැරලා මූන්ලයිට් සිටි එකේ නවතින්න එන්නෙත් නෑ කියලා. එයා මේ දුර තියන ටාගට් එකකට ඒම් කරන්නේ. ⁣තව පොඩ්ඩයි එයාට කරන්න තියෙන්නේ. වැදුනොත් ගොඩ.

"..ඒක් මමීලා එන එකක් නෑනේ.."

"..අහලා බලන්නකෝ.. ⁣එහෙම නැත්නම් ඔයාගේ එයිට්ටීන්ත් බර්ත්ඩේ එක එනකන් මෙහේ ඉන්න කියමු.. කොහොමත් ඊටපස්සේ කැම්පස් යන්න Litochoro වල ඉදලා එන්න බෑනේ.."

⁣එතකොට නම් ශෙන්ග් ටිකක් කල්පනා කරා. අයිවන් කියන එක ඇත්ත.

"..විලේජ් එකේ ගෙදරයි බුක් ශොප් එකයි බලන්න මෙහෙන් අයව යවන්න පුලුවන් මමීයි ඩැඩීයි මෙහේ ඉන්න අවුරුද්දට.. ඊටපස්සේ එයාලාට කැමති නම් දිගටම මෙහේ ඉන්නත් පුලුවන්.. නැත්නම් ආපහු විලේජ් එකට යන්නත් පුලුවන්.. එහෙම වුනොත් ඔයා කැම්පස් යද්දි ඔයාව බලන්න මෙහේ ආවම ඉන්න තැනකුත් තියනවා.."

අයිවන් මොන්ටිසෝරි සීන් එකේ වැඩක් මේ කරන්නේ. මුළු ලෝකේම තියන ස්ට්‍රොන්ගස්ට්ම වුල්ෆ් පැක් එකේ බෙටා මෙහෙම ඉන්නවා දැක්ක නම් අනිත් පැක්වල විතරක් නෙමෙයි එයාලගේ පැක් එකේ මෙම්බර්ස්ලත් හිනාවෙයි.

"..බලමුකෝ මම මමීලට කියන්නම්කෝ.."

ශෙන්ග් කිව්වේ අයිවන්ගේ ශර්ට් ⁣එකේ කොනක් කොනිති ගහන ගමන්.

"..එහෙනම් හෙට ලියාම් එක්ක ඇවිත් මේකට ඕන ඒවා ඕඩර් කරන්න.. ඕකේ..?"

"..ම්ම්ම් ඕකේ.."

ශෙන්ග්ගේ හිනාවට නම් සැzක්ට කන්ට්‍රෝල් නැතුව ගියා. ක්ෂණිකයෙන් මතුවුන ගෝල්ඩ් කලර් ඊළඟ තත්පරේ නැතිවෙලා ගියේ ශෙන්ග්ට එයා ඇත්තටම අයිවන්ගේ ඇස් දෙකේ පාට වෙනස් වෙනවා දැක්ක එක ඇත්තටම දැක්ක දෙයක්ද නැද්ද කියලා ෂුවර් නැතිවෙද්දි.

"..අයිවන්..?"

"..ම්ම්ම්.."

"..යුවර් අයිස්..?"

"..ඇයි ශේ..? මොකක් හරි තියනවද..?"

හිත ඇතුලෙන් සැzක්ෆ්‍රොන්ට අමතන ගමන් අයිවන් ශෙන්ගේ මූණ ලගට ලංවුණා.

"..ම්ම්ම් නතින්ග්.."

ශෙන්ග් ටිකක් පස්සට ගියේ අයිවන්ගේ හුස්ම එයාගේ මූණට වදිද්දි.

කලිනුත් මේ වගේ එකක් වුනා වගේ ශෙන්ග්ට මතකයක් තියනවා. එයා තනියම හිනාවුණේ එයාට හිතෙන තියන මේ බහුබූත විකාර වලට.

To be continued .. 🖋

❣️𝐈𝐯𝐚𝐧 𝐀𝐧𝐝 𝐙𝐡𝐞𝐧𝐠❣️


            ____________🤎____________

⚠️❌..Please don't copy or steal anything from this story.. ⚠️❌

#TheHumanMate

@AndreaMariyan

Continue Reading

You'll Also Like

75.5K 1.9K 44
Born an omega into the strongest pack in the forest, Olwen Adams was fated to the Alpha's son and to become the Luna of the Silver Arrow Pack. But he...
502 87 7
Short and sweet nonfic. Bl The book fair love Start : 30 sep. 2023 End :
116K 1.8K 17
What if Hermione was never a muggle born Granger but a pureblood Zabini? Starts in first year. Dramione. Completed
4.2M 128K 63
Once there was a girl, daughter of an Alpha, who happened to face consequences of the things she had no control over. How? By being ostracized from...