𝑻𝒉𝒆 𝑭𝒐𝒙 𝑲𝒊𝒏𝒈𝒅𝒐𝒎...

By Armygirl920

1.3K 323 669

• කාලෙකට ඉස්සර ඉදන්ම මිනිස් ලෝකයෙන් වෙන්වුන තවත් ලෝකයක් තිබුනා .. • ඒක එක නොපෙනන දොරකින් එහා පැත්තේ තිබුන ගො... More

Intro 🦊
Prologue 🦊
⚜️ 1 ⚜️
⚜️ 2 ⚜️
⚜️ 3 ⚜️
⚜️ 4 ⚜️
⚜️ 5 ⚜️
⚜️ 6 ⚜️
⚜️ 7 ⚜️
⚜️ 8 ⚜️
⚜️ 9 ⚜️
⚜️ 10 ⚜️
⚜️ 11 ⚜️
⚜️ 12 ⚜️
⚜️ 13 ⚜️
⚜️ 14 ⚜️
⚜️ 15 ⚜️
⚜️ 16 ⚜️
⚜️ 17 ⚜️
⚜️ 18 ⚜️
⚜️ 19 ⚜
⚜️ 20 ⚜️
⚜️ 21 ⚜️
⚜️ 23 ⚜️
⚜️ 24 ⚜️

⚜️ 22 ⚜️

32 7 15
By Armygirl920


රෑ දෙක පහුවෙලා තිබිලත් එලීසට නින්දක් අහලකටවත් ආවෙ නෑ .. එයාට දැනුනේ ඒ නිල් ඇස් එයාව බලාපොරොත්තු වෙනවා වගේ හැඟීමක් ..
කෙල්ල කාමරේ ජනෙල්ලයක් ඇරලා ඒකෙන් පිටත පේන nixen එක දිහා බලන් හිටියා ..

එලීසට දුකයි ... එයාගේ අප්පා එයත් එක්ක කතාබහක් නැතුවම නිදියන්න ගියානේ .. ජන්කුකුත් ගෙදරින් යද්දි එලීසට ලාවට සමු දුන්නා විතරයි .. ඇයි මේ කිසි කෙනෙක් එලීසා කියන දේ ගැන අවධානේ දෙන්නෙ නැත්තේ ..

ජනෙල්ලෙන් එලිය බලාගන එලීසා ජන්කුක් ට මැසේජ් එකකුත් දැම්මා .. හෙට උදෙන්ම තමන් එන බවත් ජන්කුක් එක්කලා වැදගත් දෙයක් කතාකරන්න තියෙන බවත් එලීසා ජන්කුක් ට කියලා දැම්මා ..

******

දොරේ බෙල් එකේ සද්දෙටයි ජන්කුක් කාමරෙන් එලියට ආවේ .. උදේ හත පහු උනා විතරයි නේ තවම .. කට්ටිය මේ තරම් වේලාසන නම් එන එකක් නෑ ..

" ජන්කුකී ! අදල් කවුද බලන්න ආවේ .. "
ජන්කුක් ගේ ඔම්මට අද උදේ ඉඳන් වැඩ .. යාලුවො කට්ටියක් ගෙදරට එනවයි කිව්ව වෙලේ ඉදන් ජන්කුක් ගේ ඔම්මා මහන්සි උනේ එයාලට කෑම හදන්න ..

ජන්කුක් ගේ ඔම්මත් ජන්කුක් වගේම තමයි .. ජන්කුක් ට තිබුනෙත් එයාගේ ඔම්මගේ ඇස් .. ජන්කුක් වගේම එයාගේ ඔම්මයි අප්පයි දෙන්නමත් කළු හිවල්ලු .. චාරිත්‍රානුකූලව ජන්කුක් ලඟදීම black fox head වේවි කියන බලාපොරොත්තුව ජන්කුක් ගේ අප්පට තිබුනා .. අනික ජන්කුක් තමයි ඒකට සුදුසුම කෙනා .. fox world එකේ ඉන්න බුද්ධිමත්ම කළු හිවලුන්ගෙන් හොඳම පරම්පරාවෙන් එන කෙනා උනේ ජන්කුක් .. ඊට අමතරව Zack ජන්කුක් ගේ මට්ටමට කිට්ටු කරලා හිටියත් සැක් ගේ පරම්පරාව Anax පරම්පරාවක් නෙවෙයිනේ ..

" ඕ ඔම්මා .. "
ජන්කුක් එහෙම කියාගන කලබලෙන් දිව්වෙ දොර අරින්න ...

" එලී ? "
ජන්කුක් පුදුම උනා එලීසා මේ තරම් උදෙන් මෙහෙට ආව එකට ..

" එහ් .. ඔයා තවමත් මගේ text කියෙව්වෙ නැද්ද පාබෝ .. "
එලීසට එතකොටයි තේරුම් ගියේ ජන්කුක් තවමත් තමන්ගේ මැසේජස් බලලා නැතිබව ..  ජන්කුක් තමන් එක්ක හිත හොඳ නැති බවත් දන්න හින්දා එලීසා ලා හිනාවක් පාලා ඉක්මනට ගෙදරට පැන්නේ ජන්කුක් ගේ ඔම්මයි අප්පයි මේ ගැන නොදන්න නිසා එයාලගෙ අමුතු හැසිරීම අහුවේවි කියලයි ...

" එලී මොකද මේ ? "

" ඕ හෝ එලීසා .. ඔයා උදෙන්ම ඇවිත්නේ දරුවො .. උදේට කාලද ? "
ඒ එක්කම එතනට ආවේ ජන්කුක් ගේ ඔම්මා ... එයා හිනාවකින් එහෙම අහද්දි එලීසා අපහසුතාව මගහරවගන්න ලාවට ජන්කුක් දිහාත් බැලුවා ..

" ඔ ඔව් අජුම්මා මම කාලා ආවේ .. මේ කුක් එක්ක__ "

" ආ ආ .. ඒකද මේ උදෙන්ම .. හරි හරි එහෙනන් දෙන්නා කතාබහ කරගන යන්නකො .. "
ජන්කුක් ගේ ඔම්මා හිනාවෙලා ජන්කුක් ගේ පිටටත් තට්ටුවක් දාලා එතනින් ගියේ ජන්කුක් ගේ අප්පාට උදේ කෑම ලෑස්ති කරන්නයි ..

එලීසත් මුකුත් නොවුන ගානට ජන්කුක් ගේ ඔම්මා එක්ක හිනාවෙද්දී ජන්කුක් ඉක්මනට කෙල්ලගේ අතකින් ඇදගන පඩිපෙල නැග්ගා .. එලීසව තමන්ගේ කාමරයට තල්ලු කරලා දොරත් වහපු ජන්කුක් එලීසා පැත්තට හැරුනා ..

" මට ඔය නිල් ඇස් ගැන නන් කියාගන එන්න එපා එලී .. "
එලීසා කටක් හොලවන්න කලියෙන්ම ජන්කුක් එහෙම කියද්දි කෙල්ල තොල් හපාගන බිම බලාගත්තා ..

" කූ මේක ඊට වඩා ලොකු දෙයක් .. ඔයාට බැරිද කියන්න මං වෙනුවෙන් මේක අහන් ඉන්න ? අකමැති නම් මම යන්නන් "
ජන්කුක් ගේ අතකින් අල්ලගන්න එලීසා උත්සාහ කලත් ජන්කුක් ඒකට ඉඩ දුන්නෙ නෑ ..
" හරි .. මට ඕන උනේ මගේ හොඳම යාලුවා එක්ක කතාකරන්න .. ඒත් ඒක හරියන්නෙ නෑ වගේ ... "

" ච් එලී .. "
එලීසා උත්සාහ කලේ ජන්කුක් ගේ කාමරේ දොර ඇරන් එලියට යන්න උනත් ජන්කුක් කොහොමද එහෙම එලීසව නොසලකා හරින්නෙ .. ජන්කුක් ට එහෙම කරන්න බැහැ මොකද ජන්කුක් එලීසට ආදරේ කලා ..
එයා එලීසගේ අතකින් අල්ලලා කෙල්ලව නතර කරද්දී එලීසා කදුළු පිරුන ඇස් එක්කලා ජන්කුක් දිහා ඔලුව උස්සලා බලලා ජන්කුක් ගේ උරහිසට ඔලුව හේත්තු කරගත්තා ..

" කූ මේක මං ගැන ප්‍රශ්නයක් .. මේක ක්‍රිම්සන් ගැන ප්‍රශ්නයක් .. "

" I'm listening "
එලීසගේ පිට හෙමින් අතගාන අතරේ ජන්කුක් එහෙම කිව්වත් එලීසගේ අතින් කලින් උන වරදට ජන්කුක් තවමත් සමාව දීපු බවක් ඒ බැල්මෙන් නම් එලීසා දැක්කෙ නෑ ... ඒ කොහොම උනත් ජන්කුක් එලීසට අවධානය දෙනවාමනේ ..

" කූ ඒ නිල් ඇස්__ "

" Damn එලී .. ඔයාට වෙන දෙයක් ඇත්තෙම නැද්ද ? "
ජන්කුක් ට තරහා ගියා .. තරහවකටත් වඩා මේ වෙද්දි ජන්කුක් සැක කලා එලීසා කියන්න යන දේ .. ඒ හින්දම ජන්කුක් ගේ ඔලුව පිස්සු නැටුවා .. එලීසා ඒ දේ කිව්වයින් පස්සෙ එයාට දෙන්න ඕන උත්තරේ ගැන ජන්කුක් ට කිසිම අදහසක් තිබ්බෙ නෑ ..

" අනේ Please කූ ... Just listen to me ... Please "
ජන්කුක් ගේ ටී ශර්ට් එකේ අග්ගිස්සක් අල්ලගත්තු එලීසා ජන්කුක් දිහා ඒ දිලිසෙන ඇස් වලින් බලලා ඉල්ලද්දි ජන්කුක් ටිකක් දුරට නිශ්ශබ්ද උනා ..

" හ්හාහ් .. Okay .. දැන් ටිකක් කූල් ඩවුන් වෙන්න .. මම ඔයාට කොෆී එකක් ගේන්නන් .. නොකානේ ආවෙ නේද ? "
ජන්කුක් එහෙම අහද්දි කෙල්ල කලේ ජන්කුක් ගේ ශර්ට් එකේ කොන අල්ලගන බිම බලන් ඔලුව වැනුව එක විතරයි .. ජන්කුක් ගේ ඔම්මට කෑව බව කිව්වත් ජන්කුක් දන්නවා එලීසා ඒ කිව්වෙ බොරුවක් බව ..

" හ්ම් වාඩිවෙන්න .. මම එන්නන් "

එලීසා ජන්කුක් ගේ ඇඳෙන් ඉඳගත්තා .. කෙල්ලට අප්සට් ජන්කුක් ඉන්නෙ තාමත් හිත හොඳින් නෙවෙයි .. ඔව් එයා ජන්කුක් වත් අප්පාවත් හොඳටම බය කලානේ ..

අනික ජිමිනුත් ඔහොමයි .. උදෙන්ම එලීසා එලියට බහිද්දි කෙල්ල එක්ක කතාකරන්න ආවේ යූජින් විතරයි .. ජිමින් ගේ ඇතුලේ ඉදන් සැරයක් හැරිලා බැලුවා මිස ඒ මූණෙවත් හොඳක් එලීසට පෙනුනෙ නෑ .. ඒත් එලීසා මේකට මොනා කරන්නද ? මේ හැමදේම වෙන්නේ ක්‍රිම්සන් ට ඕන විදියට .. ඉතින් කිසිම කෙනෙක් ඒ ගැන එලීසා කියන දේට අවධානය දෙන්නෙත් නෑනේ ..

" ම්ම්.. ගන්න "
කල්පනාවෙ හිටිය කෙල්ලගේ ඉස්සරහට දික් වුන කෝපි මග් එක එක්ක එලීසා ජන්කුක් දිහ බලද්දි ජන්කුක් හිටියේ අහක බලාගන මග් එක එලීසට දික් කරන් .. ජන්කුක් මෙහෙම තරහා වෙලා තියෙනවා පුංචි කාලෙදිත් ඒත් මේ පාර නම් ජන්කුක් ඇත්තටම තරහින් ..

" thanks .. "
එලීසා උණුවෙන්ම කෝපි උගුරක් බොන අතරේ ජන්කුක් එලීසගෙ එහා පැත්තෙන් ඇඳේ ඉඳගත්තා ..

" හ්ම් ඉතින් දැන් මොකක්ද මම අහන් ඉන්න ඕන ? "

" හ්ම්හ් මේකයි .. කූ මට හිතෙනවා ක්‍රිම්සන් ට කවුරු හරි කතාකරනවා කියලා ... I mean මට හිතුනා .. අනික ඇත්තටම ඒක එහෙමයි උනේ ..

ඊයේ උනත් රෑ බැල්කනි එකෙන් පැනලා nixen එකට යන්න තරම් මට උවමනාවක් තිබ්බෙ නෑ .. ක්‍රිම්සන් ටයි උවමනා උනේ .. එයාගෙ නම මගේ ඔලුව ඇතුලෙන් රහසින් වගේ කවුරු හරි මුමුණන බව මට තේරුනා .. ඒත් ඊලඟ තත්පරේ මම nixen එකේ හිටියේ .. ඒක හරිම වේගෙන් උනා කූ .. trust me .. මට ඕන උනා ආපහු යන්න ඒත් ක්‍රිම්සන් කවදාවත් නැතුව මං කියන කිසිම දෙයකට ඇහුම්කන් දුන්නෙ නෑ .. එයා .. එයා නිකන් වශී වෙලා වගේ nixen එක අස්සටම දිව්වා .. "

" වශී වෙලා ? එතකොට ඔයා කියන්නෙ ඔය ක්‍රිම්සන් ට කතාකරන්නේ නිල් ඇස් කියලද ? "

" එයා එතන හිටියා .. එහෙම නේද කූ .. මට ශුවර් ඔයයි අප්පයි එයාව දකින්න ඇති .. මට මතකයි සිහිය නැතිවෙන වෙලේත් එයා මගේ කම්මුලක් ලෙව කෑවා ..
ඉතින් එයා මට කරදරයක් කරන්න කතා කලා නම් එයාට තිබ්බා ඒක කරන්න එහෙම නේද ? එතකොට මම එයා හොඳ කෙනෙක් කියලා හිතන එක වැරදි ද ? ම්ම් "
කෝපි උගුරක් ආයෙම බිව්ව එලීසා ජන්කුක් ගේ අතක් අල්ලගනිද්දි ජන්කුක් කල්පනාවේ හිටියා ..

" continue කරන්න .. "

" හ්ම් .. මම මේක නම් හරියටම දන්නෑ කූ but ඒ වගේ සිද්ධියක් කලිනුත් උනා වගේ මට මතකයි .. මට දැනෙනවා අප්පා මේ ගැන මොනා හරි දන්නවා කියලා .. ඒ හින්දයි එයා තරහින් වගේ පෙන්නලා මාව මගාරින්නේ කියලා "
එලීසා එහෙම කියද්දි ජන්කුක් ට ඉබේම කෙල්ල දිහා බැලුනා .. ජන්කුක් හිතුව දේ හරි එහෙනම් ..

" එතකොට කලින් එහෙම වෙන්න මොකක්ද හේතුව ? "

" අනේ මන්ද කූ .. මම දන්නැත්තෙ ඒක .. ඒත් හ්හාහ් මම මේ හැමදේම ගැන හිතද්දි මගෙ ඔලුවට එන්නෙ එක උත්තරයයි "
එලීසා මග් එක බෙඩ් ටේබල් එකෙන් තියලා එතනින් නැගිට්ටා ..

" කූ එදා පුරහඳ දවසෙ උනත් ඔයාට කලින් වෙන කෙනෙක් ආවා ... හොඳට මතක් කලොත් ඒ නිල් ඇස් දෙක විතරක් මට මතකෙට එනවා .. "

" එලී ? "
ජන්කුක් තිගැස්සුනා .. එයත් වාඩිඋන තැනින් නැගිටලා එලීසා ගේ ඉස්සරහට ගියා ..

" ඔව් .. මට පේන විදියට ඒ නිල් ඇස් .. ඒවා මාව හොයනවා .. ඒ වගේම ක්‍රිම්සනුත් ඒ නිල් ඇස් වලට අවනත වෙනවා ..
ඒක වශියක් වගේ කූ .. ඒකෙන් ගැලවෙන්න බැරි තරම් ආකර්ශනයක් ඒක .. එයාගෙ මූණ මම නොදැක්කත් පේන විදියට__ "
එලීසා තොලක් හපාගන ජන්කුක් දිහා බැලුවා .. කෙල්ලට ජන්කුක් ගේ මූණ බලාගන මේක කියන්න බෑ වගෙයි හිතුනේ ..

" පේන විදියට මොකක්ද එලී ? Tell me .. "

" කූ මට හිතෙන්නේ .. ඒ මගේ lasting loom .. කාලයක් ගියත් එයා මාව හොයන් එන්න පටන් අරගන .. අ අනික ඔයාටම තේරුනානෙ මම ඔයාව හරි ඉක්මනට රිජෙක්ට් කරන්නත් අරන් .. ඇත්තටම මම ඒක හිතලා කරා නෙවේ කූ ඒත්__ "

" හ්ම් .. ඔයා එහෙම හිතනවද ? "
ජන්කුක් අහක බැලුවත් එයාගේ මූණේ කිසිම පුදුම වීමක් තිබුනෙ නැති එකට එලීසා වියවුල් උනා .. කෙල්ල ජන්කුක් ගේ උරහිසෙන් අල්ලලා එයාව තමන්ගේ පැත්තට හරව ගත්තා ..

" සොල්මා ? ඔයා .. ඔයාලා ඒක දැනන් හිටියා .. එහෙම නේද ආ .. "
එලීසා හදිසියේම කලබල වෙද්දි ජන්කුක් නිශ්ශබ්දව එලීසගේ ඇස් මගෑරියා ..

" ආ හා ඒකයි එහෙනන් උනේ .. ඒකයි ඒ නිල් ඇස් වලින් ඔයාලා මාව ඈත් කරන්නේ .. මොකද නිල් ඇස් කියන්නේ white fox ලා හින්දා .. ! "

" එලී ! "

" මොකද ?! මම වැරදිද කූ  .. එයා මගේ lasting loom .. ඔයාලා කොහොමද එයාව එහෙම මගෙන් වෙන් කරන්න__ "

" Shut up එලී .. අනාගත වාක්‍ය වලයි එහෙම කියවුනේ .. ඒ නිල් ඇස් අතින්ම ඔයාට කරදරයක් වෙන්න පුළුවන් බව .. ඔයාගේ අප්පා හිතුවේ fox world එක නිසා white fox ලගෙන් කෙනෙක් ගැන එහෙම කියන බව උනත් මාත් අද ඊයෙකයි දැනගත්තේ ඒ ඔයාගෙ lasting loom බව .. "
ජන්කුක් එලීසගේ උරහිස් වලින් තදින් අල්ලලා එහෙම කියද්දි එලීසා ජන්කුක් ගේ අත් ගසලා දැම්මා ..

" ඉතින් ඇයි ! ඇයි නොකිව්වෙ කූ .. ඔයා හිතාමතාම මට හැංගුවා .. මට හිතුනේ මම පිස්සෙක් කියලා .. අඩුම තරමෙ එතකොට වත් කියන්න හිතුනෙ නැද්ද ඔයාලට ? "

" ඔයාගෙම හොඳට එලී .. අපි බය උනා ඔයා ගැන .. ඒ නිසා අපි__ "

" ඔයා ඉරිසියා කලාද ! මම .. මම මගේ lasting loom ව හොයාගත්ත එකට ඔයා එච්චරට අකමැති උනාද ? "
එලීසා තරහින් හිටියා .. කෙල්ල ආව කෝපයටත් එක්කලා කියාගන ගියත් ජන්කුක් ගේ මූණ වෙනස් උන වේගෙට එලීසට තේරුනා එයා නොකිය යුතු දෙයක් කිව්ව බව .. කෙල්ල ඉක්මනට තමන්ගේ අත් දෙකෙන් කට වහගනිද්දි ජන්කුක් පුදුම වෙලා බලලත් ලා හිනාවක් දාලා බැල්කනියට යද්දි එලීසා තවත් විනාඩියක් එයා මොනාද මේ කියවන්නෙ කියලා එතනම ඉදන් කල්පනා කලා ..

" කූ .. මම .. අම් අම් සොරි කූ අනේ මම ඒක__"

" කාටත් වඩා හොඳට ඔයා දන්නවා එලී මම මේ තරම් දේවල් කරන්නෙ ඇයි කියලා .. ඔයා දන්නවා මම ඔයාට ආදරෙයි කියලා.. ඉරිසියාවක් ? ඔයා මම ඒ වගේ කෙනෙක් කියලද හිතන්නේ ම්ම් "
ජන්කුක් එලීසට පිටිපස්ස හරවගන බැල්කනි අත්වැටට බර දීලා ගාඩ්න් එක දිහා බලන් ඉද්දි එලීසා ඉක්මනට ජන්කුක් ගේ ගාවට දුවන් ආවා ..

" නෝ නෝ කූ .. අම් සොරි මම එහෙම කියන්න බලාගන ආවෙ නෑ .. මේ තරම් දෙයක් ඔයාලා හැංගුව එකට මට තරහා ගියේ .. ප්ලීස් එහෙම හිතන්න එපා ..
ඔයා තරහින්ද ? "
එලීසා ජන්කුක් ගේ අත් බාහුවක එල්ලුනත් ජන්කුක් එලීසා දිහා බැලුවෙ නෑ ...

" හ්හාහ් ... මට ඔයා එක්ක තරහා වෙලා ඉන්න බෑනෙ එලී .. ඔයා දන්නවනෙ .. හැබැයි ඔයාට මටත් වඩා ඒ නිල් ඇස් විශ්වාස නම් .. මම ඔයාලගෙ පාරට එන්නෙ නෑ .. ඔයාට දැන් lasting loom කෙනෙක් ඉන්නවා නම්__ "

" අනේ කූ එහෙම කියන්න එපා.. අයියෝ මම ඒක හිතාමතා කිව්වෙ නෑ කුකී .... මම දන්නවා ඔයා මට ආදරෙයි කියලා .. මට .. හරි එහෙනම් මට හරියටම කියන්නකො මෙතන මොකද වෙන්නේ ?
එතකොට අනාගත වැකි හින්දයි ඔයාලා එයාව මගෙන් අයින් කරන්නෙ ? ඒත් අවසානෙදි එයා මගේ lasting loom කියලා දැනගත්තා .. එහෙමද උනේ ? "
එලීසා ආයාසයෙන් ජන්කුක් එක්ක කතාකරන්න , ජන්කුක් ගේ මූණ බලන්න හැදුවත් ජන්කුක් එලීසගේ ඇස් මගෑරලා ආයෙම අහකට හැරුනා ..

" හ්ම් .. ඔව් .. අනික මට මොකක්දෝ බයක් දැනෙනවා .. ඔයාට මං ගැන නොදැනුනත් මට ඔයා ගැන වගකීමක් දැනෙනවා .. මම ඔයා වෙනුවෙන් ඉන්න ඕනි කියල මට නිතරම හිතෙනවා .. ඔයා නොදන්නවා උනාට lasting loom ගෙන් අනතුරක් උනොත් ඒක ඔයාගෙ ජීවිතය උදුරගනී එලී ..
මම බය වෙන එක අසාධාරණයි ද කියන්න ? "
ජන්කුක් අවසානයේ එලීසා දිහා හැරිලා බැලුවා .. අනේ ජන්කුක් ගේ ඇස් වල කදුළු නලියනවා කියාගන්න බැරි කමට .. බොහොම ඉක්මනට එයාට එලීසව නැතිවෙන්නයි යන්නේ ..

ජන්කුක් එහෙම හැරෙනවත් එක්කම එලීසා ජන්කුක් ව වැලඳගත්තා .. ජන්කුක් ගේ පපුවට ඔලුව තියාගන එයා ඇස් පියාගත්තා..

" ඔයා දන්නවද කූ .. ඔයාට වගේම මටත් ඔයාව ගොඩක් වටිනවා .. Seriously ඔයා නැතුව මට life එකක් නැතිවෙයි කුකී .. ඔයා මගේ හැමදේම .. අප්පට පස්සෙ ඔයයි මට හිටියේ ... මාව බලාගත්තා , මට ආදරේ කලා .. හරියට සහෝදරයෙක් වගේ , වෙලාවකට බෙස්ටෙක් තවත් වෙලාවකට අප්පා වගේ ඔයා මට දැනුනා ..
ඒත් .. හ්ම් ඔයා දන්නවනේ ඔයා ගැන ආදරයක් තවමත් මට දැනිලා නෑ කූ .. සමහරවිට ඒකත් lasting loom හින්දා වෙන්නත් පුළුවන් .. නැත්තන් ඔයා වගේ කෙනෙකුට කවුද ආදරේ නොකරන්නේ ම්ම් ? "
ජන්කුක් ගේ පපුවෙන් ඔලුව ඉස්සුව එලීසා කදුළු එක්කම ලා හිනාවක් පාද්දි ජන්කුක් ටත් ඇඬිලා තිබුනා .. ජන්කුක් ගෙත් එලීසගෙත් කම්මුල් කදුළු වලින් තෙමිලා තිබුනා ..

එලීසා තමන්ගේ ඇඟිලි තුඩු වලින් ඉස්සිලා ජන්කුක් ගේ කදුළු වලින් තෙමිලා තිබුන තොල් වලට හාදුවක් දෙද්දි ජන්කුක් නිශ්ශබ්දව හිටියා .. එයා නිශ්ශබ්දව ඇස් පියාගත්තේ එලීසගේ ඉනෙන් හරි ලාවට අතක් යවලා අල්ලගන්න ගමන් ...

නමුත් අවසානයේ ජන්කුක් දන්නවා එලීසගේ ආදරේ තාමත් තමන්ට අහිමි බව .. ඒ වගේම ඉස්සරහටත්.. ජන්කුක් ගේ ඇස් හරි පරාජිත පෙනුමක් ගත්තා .. ඒක එලීසත් දැක්කා .. ඒත් එලීසට ඕන නෑ ජන්කුක් එහෙම දුක් වෙන්න , ඒත් එලීසට බෑ ජන්කුක් වත් තියාගන lasting loom ට ආදරේ කරන්න .. ඒක ජන්කුක් ටත් අනතුරක් වේවි .. මොකද ඒ එන්නේ සුදු හිවලෙක්.. අනික lasting loom කියන්නේ අසීමිතව ආදරේ කරන්නෙක් .. ඔවුන් දෙන්නගෙ මැද්දට එන ඕනම කෙනෙක්ව මරලා දාන්න උනත් lasting loom ලා පරක්කු වෙන්නෙ නෑ ..
ඒක තමයි බැඳීම .. ඒක තමයි ආදරය දෛවය විසින් තීරණය කරලා දුන්න ..









______________________

ඉතින් ඔහොම උනා ..

අපි බලමුකො ඉස්සරහට .. මම ඉක්මනට මේක අදිනවා ළමයි .. 😁 නැත්තන් බෝරිං වෙයි ..

ජීවිතේ හීන ගොඩාක් තියාගන්න පැටවු ..
ඒක හරි වැදගත් අපේ ගමනට ..

හැබැයි ඒවා හීනම වෙන්න දෙන්න එපා .. අනිවාරෙන් හැබෑ කරගන්න ඕන .. ලස්සන නිදහස් පරිසරයක ගෙයක් , කන්න ආසම කෑම , නිදහසේ traveling කරන්න , අම්මට තාත්තට නිවාඩුවක් දීලා එයාලව බලාගන්න , ආසම වාහනයක් ගන්න , ප්‍රසිද්ධ වෙන්න ..

ආස නෑද මේවා සිද්ධ වෙනවට .. වෙන්නෙ නැත්තෙ නෑ .. පරක්කු උනත් ඒක හැබෑ වේවි .. උත්සාහ කරන්න ළමයි ..

හීන දකින්න .. ඒ වගේම ඒවට මාර්ගය හදාගන්න මහන්සි වෙන්නම ඕන .. ❤

ඉතින් මම ගිහින් එන්නම් ...
🦊🦊

__Candy__

Continue Reading

You'll Also Like

35.8K 461 19
TAEKOOK Warning Fic 🔞
26.8K 1.1K 25
After a scandalous incident at her old school, Naomi moves across the country to start a new life. Afraid of people finding out about her past, she l...
28.4K 4.8K 33
පිස්සො වගේ කොල්ලො 7 දෙනෙක් තමා මේ Trip එක යන්නේ.. ඉතින් ඔය trip එක අතරතුරදී වෙන පිස්සු වැඩ සහ කරදර මෙහි සදහන් වේ.😌 වදින්න ගිය දේවාලය හිසේ කඩා වැන්නා...
459 142 23
මාෆියාවට වයිර කරන අහිංසක කෙල්ලෙක් ❤️❤️ මාෆියාව ජීවිතේ කරගත් දරුනු කොල්ලෙක් ❤️❤️ සැගවී සෙල්ලම් කරන තිරිසනෙක් සමග ගලා යන Mafia is my life Story b...