ආසි 💣 ( ✔️ )

By Kim_niru_55

55.9K 11.4K 1.7K

අපි අපේ නොවුනත් කමක් නෑ මට හැකියි නුඹට අවාරෙක සෙවනක් වෙන්න.........🌬️ More

01 කොටස ✴️
02 කොටස ✴️
03 කොටස ✴️
04 කොටස ✴️
05 කොටස ✴️
06 කොටස✴️
A/N
07 කොටස✴️
08 කොටස✴️
09 කොටස✴️
10 කොටස✴️
11 කොටස✴️
12 කොටස✴️
13 කොටස✴️
14 කොටස✴️
15 කොටස ✴️
16 කොටස ✴️
17 කොටස ✴️
18 කොටස ✴️
19 කොටස ✴️
20 කොටස ✴️
21 කොටස ✴️
22 කොටස ✴️
23 කොටස ✴️
24 කොටස ✴️
25 කොටස ✴️
26 කොටස ✴️
27 කොටස ✴️
28 කොටස ✴️
29 කොටස ✴️
30 කොටස ✴️
31 කොටස ✴️
32 කොටස ✴️
33 කොටස ✴️
34 කොටස ✴️

35 කොටස ✴️

1.8K 282 99
By Kim_niru_55

ඔයා කැමති නම් ගන්න බබා........

මම දැන් මේ පැයක වෙලේ ඉදන් මගෙ චෙල්ලො වටේ කැරකි කැරකි එයා කැමති විදිහෙ ඇඳුම් ගන්න කිව්වෙ අපෙ බබාට..

ඊයෙ තීරණය කරපු විදිහටම අපි දෙන්න උදේම ආවෙ ශොපින් මෝල් එහෙකට.. අපේ පැටියට ඕන කරන බඩු සේරම ගන්න වැඩේ මම බාර දුන්නෙ චෙල්ලොට.. මොකද එයා මට වඩා ඔය වැඩේට දක්ශ නිසා..

හැබැයි එයා පස්සෙන් සර්වන්ට් වගේ මම ගියෙ බෑග් මල්ලකුත් උස්සගෙන එයා දෙන දෙන ඇඳුම් මගෙ කරෙයි අතෙයි එල්ලන්..මොනා උනත් මගෙ වයිෆිව ඒ දේවල් වලට මහන්සි කරන්න බෑනෙ..ඉතින් මේ වගේ කටු කන්න සිද්ද වෙනව මට මැරෙනකන්..මොනා කරන්නද මේවට මූණ දෙන්න බලන්නෙ මම බැන්ඳෙත්..

ආසාවේ බෑ හබී.. මේ බලන්නකො මේවයෙ චූටි.........

නැප්කින් වගේම කකුල් වලට බබාලට දාන මේස් අත ගගා බලන ගමන් එයා කියවද්දි මම හිනා වේගෙන බලන් හිටිය.. එයා කියන කතාව ඇත්ත.. මේ දේවල් දකිද්දි මටත් ආසායි ඉක්මනට අපෙ පැටිය අපෙ ලගට එනවට.. එතකොට අපිට පුළුවන් කිරි සුවඳ විද විද මේ චූටි ඇඳුම් අපෙ පැටියට අන්දවල ලස්සන බලන්න..

ඔක්කොම ගත්ත නේද බබා.......

ඔව්.........

එයා මගෙ අතේ එල්ලෙද්දි මම හිනා වෙවීම කැශියර් එකට ගිහින් ගත්ත ඇඳුම් , සෙල්ලම් බඩු සේරම එතනට දුන්නෙ බිල් එක දාන්න..

බෑග් බෑග් වලට මම ජිම් පප්පා වගේ බඩුත් උස්සන් මගෙ චෙල්ලො පස්සෙන් ආවෙ ශොපින් මෝල් එකෙන් එලියට..

කැබ් එකක් නවත්තගෙන ඒකෙ ඩිකියට බඩු ටික දාපු මම වාහනේ දොර ඇරල එයාට නගින්න උදව් කරද්දි එක පාරටම මහ සද්දයක් එක්ක අපි හිටපු තැන ඉදල අඩි දහයක් ඉස්සරහින් ඇක්සිඩන්ට් එකක් උනේ මිනිස්සු හැමෝම එතනට එක්රොක් වෙන්න ගද්දි..

අනේ හබී අපිත් යමු එතනට..පව් මොනා උනත් මනුස්සයෙක්නෙ...........

බොම්බයක් පිපිරුනා වගේ ආපු සද්දෙට බය උන චෙල්ලො මාවත් ඇදගෙන සෙනග අස්සෙන් රිංගගෙන ඉස්සරහට යද්දි දැක්ක දෙයින් මගෙ ඇස් අදහ ගන්න බැරුව ගියා..

ලොරියකට යට වෙලා තිබ්බෙ වෙන කවුරුත් නෙමෙයි චෙල්ලොගෙ අප්ප වෙද්දි ඒක දැක්ක එයා මගෙ ඇගට බර උනේ කිසි කතාවක් නැතුව..

බබා..........

ඔලුවෙන් ගලන ලේ ගොඩ මැද්දෙ හුස්ම ගිහින් තිබ්බ අප්පා දිහා මම වගේම චෙල්ලොත් බලාන ඉද්දි අපිට ඇහුනෙ වට කරන් හිටපු මිනිස්සු කියපු කතා..

ඔය හිඟන මනුස්සයගෙ මොලේ අවුලක් තිබ්බ..පව් වැඩේ.........

හ්ම්....මැරුන එක හොදයි හැබැයි ඔය වගේ පව් ගෙවන් නැතුව.........

ඒක නම් ඇත්ත.........

ගෑණු මිනිස්සු කියන කතා අහන් හිටපු චෙල්ලො මට වාරු වෙලාම ආපිට වාහනේ ලගට යද්දි මම එයාගෙන් මුකුත්ම අහන්න ගියෙ නෑ..මොනා උනත් එයාගෙ ඇස් ඉස්සරහ මැරිල හිටියෙ තමන්ගෙ අප්පනෙ...

වාහනේ මගක් දුර යද්දි එයා මගෙ උරහිසින් ඔලුව තියාගෙන ඇස් පියා ගනිද්දි මම එයාගෙ හිස් මුදුනට හාදු දුන්නෙ එයාගෙ අත මගෙ අතකට පටල ගන්න ගමන්..

දෙන්න අතර ගේ ලගට යනකන්ම තිබ්බෙ නිහඬ තාවය විතරක්ම වෙද්දි වාහනෙන් බැස්ස එයා පිටි පස්සෙන් මම බඩු මළු ටිකත් උස්සගෙන එද්දි එයා ඉස්සරහට ආපු අම්මාවත් පහු කරගෙන කෙලින්ම චෙල්ලො රූම් එකට රිංග ගද්දි මට පුදුම හිතුනා..

බොන්න මොනා හරි හදන්නද පුතා......

මට එපා..චෙල්ලොට විතරක් හදන්න අම්මා.............

ඔලුව වනපු අම්ම කිචන් එකට යන්න යද්දි මම රූම් එකට ගිහින් බැලුවෙ එයා කෝ කියල..

බාතෲම් එකෙන් වතුර වැටෙන සද්දෙට එයා ඇග හෝදනව ඇති කියල හිතපු මම අතේ තිබ්බ බෑග් මළු ටික ඇඳ උඩින් තියල ශර්ට් එකේ බොත්තම් එකින් එක ගලවන ගමන් කණ්ණාඩි මේසෙ ලගින් හිට ගද්දි බාතෲම් එකේ දොරත් ඇරගෙන එලියට ආපු චෙල්ලො බෑග් වල තිබ්බ ඇඳුම් අපෙ wardrobe එකේ බබාට වෙන් කරල තියන කොටසට අඩුක් කරන්න ගත්තෙ මම ශර්ට් එකත් ගලවල එයා ලගට යද්දි..

ඇයි එහෙම කරේ............

මම එයාගෙ උරහිස් වලින් අල්ලගෙන මූණට ලන් උනා...

මොකද්ද........?

අම්මට අද දැක්ක දේ ගැන කිව්වෙ නැත්තෙ ඇයි..........

ඔයා කියන්නෙ අම්මාට ගහපු අපි හැමෝවම දුකේ දාපු මාව තිරිසන්නුන්ට විකුණන්න හදපු එකා පාරෙ බල්ලෙක් වගේ මැරිල ගිහින් කියල අම්මට කියන්න කියලද හබී................

එයා කේන්තියෙන් මගෙන් එහෙම ඇහුව වෙද්දි මම හිටියෙ මුකුත් කියාගන්න බැරුව ගොලු වෙලා..

අප්පා නැති නිසා එයාල ඉන්නෙ ගොඩක් සතුටින් හබී..ඉතින් මට ඕන නෑ අද දැක්ක දේ ගැන කියල එයාලගෙ සතුට නැති කරන්න.............

චෙල්ලොගෙ කේන්තිය සාදාරනයි කියල මටත් හිතුන...මොන මිනිහද තමන්ගෙ ගෑණිට දුක් දිදී තමන් සුර සැප ගන්න යන්නෙ...මොන අප්පද තමන්ගෙ දරුවව නොදන්න උන්ට විකුණන්නෙ ඉතින් ඒ වගේ එකෙක් මැරුන කියල චෙල්ලො එක කඳුලක් හැලුවෙ නැති එකට නම් මට සතුටුයි..

හ්ම්..ඔයා ගත්ත තීරණය හරි බබා......

මම එයාව ඇදල අරන් තුරුල් කරගෙන කිව්ව දේට එයා මගෙ පපුව මැදට හාදුවක් දුන්නෙ මගෙ මුවගට හිනාවක් එද්දි..

මගෙ චෙල්ලොගෙ අම්මට ඒ මිනිහ පුළුවන් තරම් කරේ ජඩ වැඩ වෙද්දි කරපු පව් වල තරමට ඒ මිනිහ ටයර් එකකට යට වෙලා චුත වෙලාම යද්දි අප්පා මැරුනයි කියන සතුට ඕනවටත් වඩා වින්ද මගෙ චෙල්ලො එක්කම මම හිනා උනේ අපිට වින කරපු හැමෝම අද මේ ලෝකෙ නෑ කියල දැනෙද්දි පුදුමාකාර සැනසීමක් හිතට හැගෙන්න ගත්ත නිසා..

-
-
-
-
-
-
-

අම්මා.....

ඇයි සූ බඩගිනිද.....?

මාස නමයක් උන මගෙ බඩත් අල්ලගෙනම මම සාලෙට ආවම දැක්කෙ අම්ම බර කල්පනාවක වැටිල කියල..

නෑ අම්මා...

හ්ම්...එහෙනම් මෙතනින් ඉදගන්න......

මාව අතින් අල්ලලා එයාගෙ ලගින්ම ඉන්දවද්දි මම හිනා වෙලා මගෙ බඩ අත ගාන ගමන් බැලුවෙ අම්මගෙ මූණ දිහා...

අප්පා නැති නිසා ඔයාට දුකද අම්මා....

පිස්සුද පුතා...ඔය මිනිහ ගැන හිතල මම මොන එහෙකට දුක් වෙන්නද.....

අම්ම කියපු දේට හිනා උන මම එයාගෙ අතින් අල්ල ගත්තා..

එහෙනම් මොනාද අම්මා ඔච්චර කල්පනා කරන්නෙ.........

ඔයාල ගැන තමයි..කාලයක් මම ඔයයි තම්බි ගැන ගොඩක් වද උනා.. මන් නැති කාලෙකට ඔයාලට දුක් විදින්න වෙයි කියල හිතල මම දවස ගානෙ හිතින් මැරි මැරි ඉපදුනා...ඒත් හිතුවෙ නැති විදිහට ඔයාගෙයි තම්බිගෙයි ජීවිත වලට හොද කොල්ලො දෙන්නෙක් ආවා.. ඉතින් දැන් මට ඔයාලව දාල යන්න දුක නෑ සූ..ඇත්තටම මට සැනසීමෙන් ඇස් පියාගන්න පුළුවන් දවසක.........

අම්ම මගෙ ඉදිරියට නෙරල තියන බඩට අතකුත් තියාගෙන කියපු දේට මම එයාගෙ අත් දෙකටම හාදු තියන්න ගත්තෙ හිනා වෙලා..

මේ ලෝකෙ මන් දැක්ක හොදම අම්මා ඔයා...........

එහෙම කියපු මගෙ නලලට හාද්දක් දුන්න අම්මා ඇස් වලින් ගලපු කඳුලු සාරි පොටකින් පිහිදැම්මා..

ඔයාල මෙහෙම හිනා වෙලා ඉන්නව දකිද්දි මට ගොඩක් සතුටුයි සූ.........

මාව තුරුල් කර ගත්ත අම්මා මගෙ පිට හෙමීට අත ගාන්න ගත්තා..

ඔයා සතුටින් නම් මට ඒ ඇති අම්හ්හාආආආ...........

ඇයි පුතේ....

මට....අමාරුයි........

අපෙ පැටිය ලැබෙන්න තව දින දහයක් තිබ්බත් මට පාන්දර ඉදල තිබ්බ කොන්දෙ කැක්කුම නිසා මම ටිකක් ඇඳේම ඉදල නැගිටල සාලෙට ආවෙ ඒ වෙද්දි ආසි බාතෲම් එකේ නාන ගමන් හිටපු නිසා..

ඒත් අම්ම එක්ක කතා කර කර ඉදල වැඩි වෙලාවක් යන්න ගියෙ නෑ මගෙ යටි බඩින් දරා ගන්න බැරි කැක්කුමක් ආවෙ මම අම්මගෙ අත තදින් මිරිකගෙන ඉද්දි..

බබා....බබා......

මන් කෑ ගහපු කෑ ගැහිල්ලට රූම් එකේ ඉදල සාලෙට ආසි වගේම තම්බිත් දුවන් එද්දි මම හිටියෙ ඇස් වල කඳුලු පුරවගෙන මගෙ ලග බිම දන ගහ ගත්ත ආසි දිහා බලන්....

අහ්හ්හාආආආ....ම්ම්......

තම්බි ඉක්මනට වාහනයක් අරන් වරෙන්....

බය වෙලා වගෙ මන් දිහා බලන් හිටපු තම්බිට ආසි කෑ ගහද්දි එයා කග වේන වගේ එලියට දුවල ගියෙ මම ආසිගෙ කම්මුලක් හෙමීට අල්ලද්දි...

ඉවසපන් බබා....චුට්ටක් ඉවසපන්...

අම්ම මගෙ පිට අත ගාද්දි ආසි මගෙ අත් දෙකටම හාදු තිය තිය හිටියෙ මම වේදනාවෙන් කෑ ගහන්න කෑ ගහන්න..

විනාඩි පහක් යද්දි එලියෙ වාහනයක් නතර කරන සද්දෙ ඇහිල ආසි මාව හරහට උස්සගෙන එලියට දුවල ගිහින් ඇවිත් තිබ්බ කාර් එකට මාවත් දාගෙන එයත් නගිද්දි ඉස්සරහින් තම්බිත් නැග්ගෙ අම්මා ගේ ලග ඉදන් බලාන ඉද්දි...

පාට්ටි අසනීපෙන් නිසා අම්මට මන් එක්ක එන්න බැරි උනත් අම්ම මග දිගේම තම්බිට කෝල් කර කර මන් ගැන අහනවා මට යාන්තම් ඇහුනා..

හොස්පිටල් එක ලග කාර් එක නවත්තපු ගමන් ආසි මාව උස්සගෙනම ඇතුලට එක්කරගෙන යද්දි ඩිලිවරි රූම් එක ලගදි මාව ට්‍රොලියකට දාගත්ත නර්ස්ල දෙන්නෙක් වගේම ඇටැන්ඩන් කෙනෙක් එක්ක ඩොක්ටර්ස්ල හතරක් පහක්ම ඇතුලට ආවෙ මගෙ අතින් ආසිගෙ අත ගැලවෙද්දි..

මට නිල් පාටින් ඇඳුමක් ඇන්දුව එයාල මාව ඇඳෙන් ඉන්දවල මගෙ කොන්දට තඩි ඉන්ජෙක්ෂන් එහෙකින් මොනාද විදල මාව ඇඳෙන් හාන්සි කරේ මගෙ මූණ ඉස්සරහින් තිරයක් ඇදල මට මගෙ බෙල්ලෙන් පහල කොටස පේන්නෙ නැති වෙන්න...

හබී....

ෂ්ෂ්ෂ්...බය වෙන්න එපා...මම ලග ඉන්නවනෙ.......

ඇස් පියාගෙන හිටපු මම ඇස් දෙක ඇරල බලද්දි මගෙ ලග නිල් පාටින්ම ඇගේ උඩ ඉදන් පහලටම වහගෙන ඇවිත් හිටියෙ ආසි වෙද්දි මට ඇඬෙන්න ආවා..

එයා මගෙ ඔලුව අත ගගාම ඉද්දි මට ඇහුන ඩොක්ටර්ස්ල ග්ලවුස් කඩල අරගන්න සද්දෙ.. ඒ එක්කම කතුරු පිහි වල සද්ද එහෙම ඇහෙද්දි මම හිටියෙ ආසිගෙ ඇස් දෙක දිහා බලාගෙන..

කොහෙව..ත්...යන්න...එපා.....

මම යන්නෙ නෑ බබා....ඔයා ලගින්ම ඉන්නවා......

මගෙ ඇස් වලින් ගලන කඳුලු පිහිදපු එයා දිහා මම බයෙන් බලන් හිටියෙ මගෙ හාට්බීට් එක ගැහෙන වේගෙ වැඩි වගේම මට දාඩියත් දාල තියෙනව කියන එක මට හොදටම දැනෙද්දි මට මගෙ පපුවෙන් පහල කොටසම හිරි වැටිල ගිහින් කියල තේරුනත් උණුම උණු දියරයක් මගෙ ඉන දෙපැත්තෙන් වැක්කෙරෙනව දැනෙද්දි මට හිතුන දැන් බඩ කපන්න ඇති කියල..

ඒ හැමදේම බලන් හිටපු ආසි මගෙ ඔලුව බදාගෙන අඬන්න ගද්දි මගෙ හුස්ම ගැනීමෙ වේගෙ වෙනසක් වෙනව කියලත් මට කතා කරන්න බැරුව යන්නෙ කියලත් ටික ටික දැනෙන්න ගත්තත් ආසිට ඒ ගැන කියාගන්න  බැරුව මම හිටියෙ..

ඇස් වැහෙන්න ඔන්න මෙන්න තියෙද්දි මට මගෙ දරු පැටිය අඬනව ඇහෙද්දි කොච්චර අමාරු උනත් මගෙ මුවග ඇදුනෙ මලානික හිනාවක්..

මගෙ අම්මු කූට්ටි........

හම්බ උනේ දුවෙක් කියල මට එයාගෙ වචන ටිකෙන් තේරුනා.. ඒත් විනාඩි ගානකින් තවත් දරු පැටියෙක් අඬන සද්දෙ ඇහුනෙ මාව පුදුමෙනුත් පුදුම කරල...

කඩවුලේ මගෙ කොල්ලා........

ආසිගෙ ඇස් වල කඳුලු අලුත් වෙද්දි මම හිතුවෙත් නැති විදිහට මට ට්වින්ස්ල හම්බ වෙලා තිබ්බෙ..ඩොක්ටර්ස්ල මට පැටව් දෙන්නෙක් හම්බ වෙන්න ඉන්න වගක් ස්කෑන් කරන්න ආපු කාලෙ කියල තිබ්බෙ නැති නිසා අපි දෙන්නටම අදහගන්න බැරි උනා එක පාරටම දකින්න ලැබුන දේත් එක්ක..

නර්ස්ල මගෙ මූණ දෙපැත්තෙන් මගෙ පැටව් දෙන්නව ලන් කරද්දි මෙච්චර වෙලා අමාරුවෙන් අල්ලන් හිටපු මගෙ හුස්ම එයාලගෙ මැණික් කැට වගේ ඇස් දැක්ක ගමන් ඈතින් ඇතට යනව වගේ මට දැනෙන්න ගත්තෙ....

ඩොක්ටර්...ඩොක්ටර් මගෙ හස්බන්ඩ්ට අමාරුයි වගේ......

මගෙ වෙනස තේරුන ආසි කෑ ගහන්න ගද්දි ඩොක්ටර්ස්ල ටික මාව වට කරගත්තෙ දරු පැටව්න් දෙන්නව මගෙන් ඈත් කරල..

එක පාරටම ඔක්සිජන් මාස්ක් එක මට අල්ලපු ගමන් යන්න ගිය හුස්ම නැවත මන් ලගට ආවා වගේ දැනුනෙ මම දැඩි හුස්මක් උඩට ගද්දි..

අම්මා ඔයා හොදින්ද........?

හ්ම්.....

ඔයාට මාව ඇහෙනව නේද.......?

ඔ...ව්....

විනාඩි දහයක් මට ඔක්සිජන් දීල මාස්ක් එක අයින් කරපු ඩොක්ටර් මගෙ කම්මුලේ දෙපැත්තට ගගහ අහපු දේට මම අමාරුවෙන් උත්තර දෙද්දි ඩොක්ටර්ස්ල ටික මූණට මූණ බලන් බර සුසුමක් හෙලුව...

ආසි P.O.V

චෙල්ලොගෙ ඩිලිවරි එකෙන් පස්සෙ එයාව රූම් එහෙකට මාරු කරල විනාඩි විස්සකට විතර පස්සෙ මට නර්ස් කෙනෙක් ඇවිත් ඇතුලට යන්න කියල කියද්දි මම රූම් එක ඇතුලට ගියෙ තම්බි එලියෙ මුකේශ් එක්ක ඇඟිලි ගැන ගැන පැටව් දෙන්න බලන්න ඉද්දි..

බබා......

සේලයින් එක්කම යන වේදනා නාශකය නිසා එයාට නින්ද යාගෙන එද්දි මම ඇතුලට එනව දැක්ක එයා මට අත දික් කරල ලගට කතා කරේ මම ඇඳ ලගට ගිහින් එයාගෙ අත අල්ල ගද්දි..

උබ අද මාව හොදටම බය කරා........

ඩිලිවරි එක වෙලාවෙ එයා හුස්ම අතාරින්න ගිය හැටි මතක් උන මම එයාට රවාගෙන ඉද්දි හීනියට හිනා උන එයා මගෙ පිට අල්ලට හාදුවක් දුන්නා..

සමාවෙන්න හ....බී........

හ්ම්...

කෝ පැට...ව් දෙන්න.....

දැන් ගෙනෙයි බබා.....

එයා රූම් එක පුරාම ඇස් යව යව පැටව් දෙන්නව අහද්දි මට හිනා ගියා...

ඔන්න ආවා අම්මා කුක්කු බොන්න......

රූම් එකට ආපු නර්ස්ල දෙන්නගෙ අත් දෙකේ රෝස පට රෙදි කෑල්ලකින් මගෙ කෙල්ලවත් නිල් පාට රෙදි කෑල්ලකින් කොල්ලවත් ඔතාගෙන වඩාගෙන ඇවිත් හිටියෙ කෑ ගගහ දෙන්නම අඬන නිසා වෙන්න ඕන...

නර්ස්ල දෙන්න චෙල්ලොගෙ උඩ ඇඳුමෙ බොත්තම් අයින් කරල පපුවෙ වම් පැත්තෙ නිපල් එකට මගෙ කෙලීගෙ කටේ ඔබද්දි දකුණු පැත්තෙ නිපල් එක මගෙ කොල්ලගෙ කටට ඔබපු නර්ස්ල දෙන්න මන් එක්ක හිනා වෙලා රූම් එකෙන් එලියට යන්න ගියා...

මලක් වගේ දූ පැටියෙකුත් චණ්ඩි කොලු පැටියොකුත් මට දුන්න උබට ගොඩක් පිං බබා.......


පිං ඕන නෑ...උම්ම එකක් දුන්න නම් ඇති......

මෙච්චර අමාරුවෙන් ඉද්දිත් මන් ලග හුරතල් වෙන්න හදන එයාගෙ තොල් වලට හාදුවක් දුන්න මම ආසාවෙන් කොල්ලයි කෙල්ලයි තරගෙට කිරි උරන හැටි බලන් හිටියෙ..

අන්තිමේදි අපි දෙන්නගෙ හීන හැබෑ උනා..ඉතින් මාවත් දරු පැටව් දෙන්නෙක්ගෙ මමා කෙනෙක් කරාට උබට දස දහස් වාරයක් ස්තූති කරලත් මට මදි හබී........

එයා මගෙ දිහා බලන් අවංකවම කිව්ව ඒ වචන ටිකට මගෙ මූණෙ හිනාවක් එක්කම ඇස් කඳුළින් බර උනේ එයාගෙ ආදරේ මගෙ පපුවට දරා ගන්න බැරි කමට...

-
-
-
-
-
-
-
-

( වසර පහකට පසු )

කාලය කෙමෙන් කෙමෙන් ගෙවිල ගියා දන්නෙම නැතිව මේ වෙද්දි මම අවුරුදු පහක් වයසැති කෙල්ලෙකුයි කොල්ලෙකුගෙයි මමා කෙනෙක් වගේම මගෙ ආදරනීය හබීට හොද හස්බන්ඩ් කෙනෙක්..

ඒ විතරක් නෙමෙයි දැන් අපේ පුංචි පවුල ඉන්නෙ හයිද්‍රාබාද් වල තරමක් ලොකු ගේක එතකොට අම්මල ජීවත් වෙන්නෙ අන්ද්‍රා වල මොකද තම්බි මුකේශ්ව දැන් අවුරුදු දෙකකට උඩදි මැරි කරපු නිසා මුකේශ්ගෙ සල්ලිවලින්මයි ඒ ගේ අරන් තිබ්බෙ..ඉතින් අම්මා එයාල ලගට ගියෙ අපි දෙන්නට වද දෙන්න ඕන නැති කමට කියල අම්ම නම් කිව්වෙ..

පාට්ටි අවුරුදු තුනකට කලින් තිබ්බ අසනීප ගතිය වැඩි වෙලාම අපිව දාල යන්න ගියා..හැබැයි අදටත් එයාව මතක් කරල දාන මාන අපි දෙගොල්ලොම දෙන්න අමතක කරේ නම් නෑ..මොකද එයා කරපු හොද අපිට කොහෙත්ම අමතක නොවුන නිසා...

පැටව් දෙන්නව අද අපි අපේ ගෙදර ගෙනියන්නම් පුතා.......

උදේ ඉදන් ආසිගෙ පෙරැත්තටම අම්මල එක්කම බීච් ඇවිත් පැටව් දෙන්න එක්ක සෙල්ලම් කරල රෑ හතටත් කිට්ටු වෙලා තියෙද්දි මගෙ කෙල්ල හිටියෙ තම්බිගෙ අතේ නින්ද ගිහින් වගේම කොල්ල හිටියෙ ආසිගෙ අතේ එල්ලිලා නිදි මර ගාතෙ..

අපි නිසා අම්මලටත් වදේ නේද.......?

මොන වදයක්ද සූ...ඔයාල දෙන්නටත් නිදහසක් තියෙන්න එපැයි.. දවස් දෙකක් දෙන්න එක්ක විනෝද වෙන්න.. මම පැටව් දෙන්නව පරිස්සමින් බලාගන්නම්.......

අම්ම කියපු දේට එකග උන මම තම්බිගෙ අතේ නිදාගෙන ඉන්න මගෙ කෙල්ල ලගට ගිහින් මූණට වැටිල තිබ්බ දිගෙ කොණ්ඩ කෙස් ගස් ටිකක් අයින් කරල නලලට හාද්දක් තිබ්බා..

මගෙ චූටි කෙල්ල එහෙමත් නැත්නම් ආසිගෙ අම්මු කුට්ටිට තිබ්බෙ මගෙම ඇස් දෙක, කට , නහය , හබී කියන විදිහට එයා මගෙම කපාපු පලුවලු..මාත් ඒක නම් පිළිගන්නවා..

ඉතින් මගෙ කෙල්ලගෙ නම ශානියා වාසුදේවන්...

ඒ වගේම මගෙ පුතාගෙ නම අවිනාශ් වාසුදේවන්...

මගෙ වාසගම දරු පැටව් දෙන්නටම මම දැම්මෙ ආසිට වාසගමක් නැති නිසා.. ඉතින් ඒ හැමදේකටම අවසර දුන්න ආසිත් මගෙ කීමටම කිසිම අකමැත්තක් නැතුව එයාගෙ නමේ අගට වාසුදේවන් කියල දාගත්තෙ පුදුමාකාර ආසාවකින්..

මමා....

උඩ පැන පැන ආසිගෙ අතින් ගැලවිල මගෙ ලගට ආපු කොල්ල මාව බදාගෙන ඉඹින්න ගද්දි මාත් ඒ චූටි මූණ පුරාම හාදු තියන්න ගත්තා..

පුතාට තිබ්බෙ ආසිගෙම මූණ හැබැයි අපි දෙන්නම අපේ පැටව්න්ට ආදරේ කරන විදිහ නම් වෙනසක් කරේ නෑ.. එයාල දෙන්නම මගෙයි ආසිගෙයි පන ටික වෙද්දි එයාල දෙන්නට අපි දෙන්නව මුලු ලෝකෙම උනා..

පරිස්සමින් ඉන්න..මමා හෙට කෝල් එකක් දෙන්නම්....

මම කියපු දේට ඔලුව වනපු පුතා අම්මාගෙ අතේ එල්ලිලා මුකේශ්ගෙ කාර් එකට නැගල මට අත වනන්න ගත්තෙ මම ආසිගෙ පපුවට තුරුල් වෙලාම එයාලට අත වනද්දි...

මම නැති නිසා අඬයිද දන් නෑ......

අඬන්න ඔන්න මෙන්න වගේ මම එයාට එහෙම කිව්වෙ පැටව් දෙන්නව කිසි දවසක අපි දෙන්න නැතුව තනියම අම්මලගෙ ගෙදර යවල නැති නිසා..

එයාලට අපි නැතුව ජීවත් වෙන්නත් ඉඩ දෙන්න ඕන බබා..අම්මා එයාලව බලාගන්නව කිව්වනෙ ඉතින් ඒ ගැන හිතන් නැතුව ඉන්න.......

මගෙ ඇගේ කෑලි දෙක නැතුව මම කොහොමද ඉන්නෙ කියන්නකො........

මම එයාගෙ පපුවට පාරක් දීල ගස්සගෙන වැල්ල දිගේ ඉස්සරහට යද්දි එයා මන් පස්සෙන් දුවගෙන ආවෙ හිනා වෙවී..

එතකොට මම උබේ කෑල්ලක් නෙමෙයිද.......?

නෑනෙ....

පිටි පස්ස හැරිල එහෙම කියපු මම දුවන්න ගද්දි එයත් මන් පස්සෙන්ම දුවගෙන ඇවිත් මාව පිටි පස්සෙන් බදාගෙන උස්සල කැරකෙව්වෙ මම හිනා වෙවීම කෑ ගහද්දි..

" හලෝ...."

"..............................

" උබ පලයන් දැන් ගෙදර......"

"..............................

" ඔව් අපි දෙන්නට තනියම ඉන්න ඕන......."

" ..............................

" හරි...හෙට හම්බ වෙමු...."

මාව බිමින් තියල මගෙ ඉන බදාගෙනම එයා ඒ කතා කරේ ආර්යාට..එයා අපි ඉන්න තැන ඉදන් අඩි ගානක් ඈතින් කොල්ලො හතර පස් දෙනෙක් එක්ක හිටියෙ අපිට ආරක්ශාව දීගෙන.. කාලය කොච්චර ගෙවුනත් ආර්යාගෙන් අපිට ලැබුන මේ සපෝට් එක නම් නතර උනේ නෑ.. ආර්යා මැරි කරන්නත් බෑ කියල ජීවිත කාලෙම ආසිව ආරක්ශා කරනව කියල කිව්ව.. ඉතින් අපෙ එක්කෙනත් එතනින් එහා කසාඳයක් ගැන ආර්යාට කියල බල කරන්න ගියෙ නෑ..

අද ආර්යාට කොල්ලො ටික එක්ක එතනින් යන්න කියපු නිසා එයාලත් අපිට ඈත තියාම අත වනාගෙන යන්න යද්දි මමයි ආසි කට්ට කලුවරේ මහ මුහුද ලග වැළ්ලෙ තනි උනා...

මොනවද අනේ කරන්නෙ..මට මුකුත් පේන්නෙ නෑ..........

චුට්ටක් ඉවසල ඉන්නකො බබා.....

මගෙ ඇස් දෙක එක පාරටම වහපු එයා මාව අල්ලගෙන අඩි දෙක තුනක් ඉස්සරහට යන්න ගත්තා..

" HAPPY ANNIVERSARY MY LOVE "

මාව අතෑරල මගෙන් අඩි ගානක් ඈතට ගිය එයා අත් දෙක දෙපැත්තට දිගෑරල මහ හයියෙන් කෑ ගහල කියපු වචන ටිකත් එක්කම සූඌඌ ගාල සද්දයක් ඇහෙන්න ගත්ත වගේම අහසෙ පාට පාට මල් වෙඩි වලින් අලංකාර උනේ මම අත් දෙකෙන්ම කට වහගෙන බලන් ඉද්දි.. අන්තිමට අහසෙ ලොකු හාට් එකක් ඇදිල මැකිල ගිය ගමන් මම දුවල ගිහින් ආසිගෙ ඇගට පැන්නෙ එයාගෙ ඉන වටේම කකුල් දෙක ඔතාගෙන..

අවුරුදු හයක් ගෙවුනද මෙච්චර ඉක්මනට හබී..............

පැටව්න්ගෙ වැඩයි හබීගෙයි වැඩයි මගෙ වැඩයිත් එක්ක මට ගොඩක් දේවල් හරි ඉක්මනට අමතක වෙනවා.. ඉතින් අද වගේ විශේශ දවසක් එයා මතක තියාගෙන මම ආස තැනකට ගෙනල්ල මාව සප්‍රායිස් කරපු විදිහට මට සතුට දරා ගන්න බැරුව ගියා..

හ්ම්..ඇයි පුදුමද...මන් වගේ එකෙක් එක්ක මෙච්චර කාලයක් හිටිය එකට..........

මගෙ තොල් වලට හාදු තිය තිය එයා කියපු දේට රවපු මම එයාගෙ කන් පෙත්තක් දත් වලින් ඇල්ලුවා.

මම ගොඩක්ම සතුටින් ඉන්නෙ උබ එක්ක ගෙවන මේ ජිවිතේ ඇතුලෙ හබී..............

ඇත්තමද...........?

විශ්වාස නැද්ද ඉතින්...ම්ම්ම්.....

එයා මාත් එක්කම වැලි පොළොවට වැටෙද්දි මට හික් ගෑවුනා.. තව පොඩ්ඩෙන් කොන්ද කඩල දානවා අද වගේ දවසකම..ම්හ්ක් විසේ මේකට දැන් විසේ හොදටම වැඩී...මම එයාගෙන් අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න සෑහෙන්න වෙලාවක් ගත්ත එයා හිටියෙ මගෙ ලස්සන ඇස් අස්සෙ අතරමන් වෙලා..

මටත් වඩා මට විශ්වාස උබව චෙල්ලො........

එයා මගෙ ඇස් වලට හාදු තියල කියපු දේට මගෙ මුවග ලා හිනාවක් ඇදුනෙ..

අර මල්වෙඩි වලට ලොකු වේදමක් ගියාද හබී...............

ඒව ගැන ඔයා හිතන්න එපා දැන්...

මගෙ එහා පැත්තෙන් ඇල උන එයා අහස දිහා බලන් ඉද්දි මාත් එයා එක්කම පායල තියන හඳ දිහා ඇස් පිය නොහෙලා බලන් හිටිය..

හබී....

හ්ම්...

මම මේ අහන්න යන දේට ඔයා කේන්ති ගන්නෙ නෑ කියන්න මුලින්ම.......

කියන්නකො බලන්න......

මගෙ පැත්තට ඔලුව හරවල මගෙ මූණ දිහා බලපු එයා දිහා නොබල මම අහසෙ තරු දිහා බලාගෙනම කතා කරන්න ගත්තා...

ඔයාට කලින් මම මැරුනොත් ඔයා මොකද කරන්නෙ..........

හොයාගෙන එනවා...........

මේ රූපෙන්ම මම ආයෙ ඉපදෙන්නෙ නෑනෙ ඒයි...ඉතින් කොහොමද ඔයා මාව හොයාගන්නෙ................

එයාගෙ පැත්ත හැරුන මම කටත් උල් කරගෙන අහපු දේට හිනා උන එයා එක පාරටම මගෙ අතක් අරගෙන එයාගෙ පපුව උඩින් තියාගත්තා...

උබ මොන රූපෙන් මගෙ ඉස්සරහට ආවත් මෙතන නොසන් සුන් නම් මට මගෙ චෙල්ලොව හොයාගන්න පුළුවන් බබා.................

එයාගෙ බර වචන මගෙ ඇස් වල කඳුළු පිරෙන්න හේතුවක් උනා.. එයාගෙ බෙල්ල පාමුලට හාද්දක් තිබ්බ මම එයාගෙ මූණට එබුනෙ ආයාසයෙන් හිනා වේගෙන...































"" මේ සංසාර ගමනෙ නැවතීමක් මම ඇත්තටම දන්නෙ නෑ.....මං දන්න එකම දේ, සංසාර කෙළවරක් හමුවන තුරාවට මම ඔයා එක්කම ඉන්නවා හබී.................! "

මුහුදු හුළග ඇවිත් අපි දෙන්නවම වෙලා ගද්දි කතා කරන ඒ ඇස් දිහා බලන් මන් එයාට දුන්න පොරොන්දුවත් එක්ක මාව එයා ඇදල අරගෙන මූණ පුරාම හාදු වලින් නාවන්න ගත්තා..

දඩබ්බර ඒ පිරිමි පපුවේ හිමි කාරයා හැම භවයකම සූර් විතරක්ම වෙද්දි ඔවුන් දෙපලගෙ ආදර කතාව එක්ක මේ තාක් දුරට හිටපු හැමෝටම බොහොම ස්තූති....












               

                     💠__නිමි__💠

හම්මෝ ඉවර කරා...දැනෙන සතුට වචන කරන්න බෑ...😭 මම දෙයක් ඔයාලට මතක් කරන්නම් ළමයි... ඇත්තටම මම 100 / 200 චැපි ලියන්න කැමති කෙනෙක් නෙමෙයි.....ඒකට හේතුව කතාව ලියන මට වගේම කියවන ඔයාලටත් එපා වෙන නිසා..දෙවනි ඉනිම වෙන්න බැනෙ බං.. හපෝ....😒

ඉතින් හරිම සරලව ලස්සන කතාවක් ඔයාලට මම මේ දුන්නෙ.. මන් හිතනවා මම සාදාරනයක් කරා කියල.. ඒ වගේම මේ කතාව ඇතුලෙ ඔයාලගෙ රික් ගොඩක් තිබුන මම බාරගෙන.. ඔයාල මේ අවසානෙට කැමති ඇති කියල හිතෙනව එකෙක් දෙන්නෙක් මැරෙනවට වඩා අවසානෙදි.. ඒ වගේම මේ කතාවෙ ප්‍රධාන චරිත දෙකට ඔයාල කැමති ඇති කියල මම හිතනවා.. එයාල දෙන්නවම තේරුම් ගත්ත කියලත් මම හිතනවා..

කොටස් 35කින් සමන්විත ආසි කතාවෙන් ආයෙත් නොටිෆි එන්නෙ නෑ ළමයි..ඉතින් මම අර කිව්ව වගේ අලුත් කතාව නේත්‍රා එකෙන් අපි නැවත හමු වෙමු.. එහෙනම් ආසි එකට ආදරේ කරපු ආසි වෙනුවෙන් වීඩියෝ හදපු , පෝස්ට් දාපු ,කමෙන්ට් කරපු , වෝට් කරපු හැමෝටම මම පැලෙන්න ආදරෙයි....😘🥺

2024.02.21
S.M.බඩී✍️

Continue Reading

You'll Also Like

50.7K 7.6K 73
අවයව නලියන හැඟිම්වලට ප්‍රේමය යැයි නොකියමී... ජිවිතයේ අවසන් හුස්ම දක්වා ගනුදෙනු කරන අපුරු බැඳිමට ප්‍රේමය යැයි පවසමී... ❤️
5.4K 892 21
" ඒක ජීවිතෙ වෙනස් කරන හැරවුම් ලක්ශයක් බදු ආදර චාරිකාවක් වේවි කියල මම හීනෙකින් වත් හිතුවෙ නෑ මනූ ! " " මගෙ අතින් ගිහිලුන මල් මිටට මගෙ හදවතත් හාමු වෙල...
25.1K 4K 29
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
3K 536 17
ආදරේ වෙනුවෙන් වෙන්වීමක්.... ඉතින් දරාගත හැකි වේවිද.... දරාගැනීමද ආදරයක් නම්.... ඉතින් කුමක් සිදු වේවිද....