ආසි 💣 ( ✔️ )

By Kim_niru_55

56.6K 11.5K 1.8K

අපි අපේ නොවුනත් කමක් නෑ මට හැකියි නුඹට අවාරෙක සෙවනක් වෙන්න.........🌬️ More

01 කොටස ✴️
02 කොටස ✴️
03 කොටස ✴️
04 කොටස ✴️
05 කොටස ✴️
06 කොටස✴️
A/N
07 කොටස✴️
08 කොටස✴️
09 කොටස✴️
10 කොටස✴️
11 කොටස✴️
12 කොටස✴️
13 කොටස✴️
14 කොටස✴️
15 කොටස ✴️
16 කොටස ✴️
17 කොටස ✴️
18 කොටස ✴️
19 කොටස ✴️
20 කොටස ✴️
21 කොටස ✴️
22 කොටස ✴️
23 කොටස ✴️
24 කොටස ✴️
25 කොටස ✴️
26 කොටස ✴️
27 කොටස ✴️
28 කොටස ✴️
29 කොටස ✴️
30 කොටස ✴️
31 කොටස ✴️
33 කොටස ✴️
34 කොටස ✴️
35 කොටස ✴️

32 කොටස ✴️

1.1K 239 17
By Kim_niru_55

ගාඩ්ස්ල සීයක් දෙසීයක් අතරින් හරි මගෙ උන් මූව මන් ලගට ගෙනාවෙ ලොකු ගේමක් දීල.. මම ඉන්න පලාතෙම හොටෙල් එහෙකට මූ ඇවිත් තිබ්බෙ ඩ්‍රග්ස් ඩීල් එහෙකට වෙද්දි මගෙ උන් ඒ හොටෙල් එකේම රූම් බෝයිස්ල විදිහට ගිහින් රාජුගෙ ඩ්‍රින්ක් එකට මත් පෙති දාල මූව කුණු බැරල් එහෙක දාගෙන ඔය හොටෙල් එකෙන් එලියට ගේන්න මගෙ උන් සෑහෙන්න කට්ටක් කාල තිබ්බ..

ඉතින් හැංගි හැංගි මට ගේම් දුන්න රාජු දැන් මගෙ ඉස්සරහ බලු වෙලා ඉද්දි මට පුදුම සතුටක් දැනුනෙ..මොන පාතාල කාරයත් උගෙ හෙන්චයියො ටිකත් පිස්ටල් එකත් නැති තැන අන්ත අසරණ වෙනවා කියල අහල තිබ්බට දැකල තිබ්බෙ නෑනෙ..

අන්න ඒක තමයි දැන් රාජුට වෙලා තියෙන්නෙ.. රෙන්න බරේ වගේ මන් දිහා බලන් ඌ ඉද්දි මම උගේ කටේ ගැට ගහල තිබ්බ රෙදි කෑල්ල අයින් කරල දැම්මෙ ඌ ඒත් එක්කම හයියෙන් හයියෙන් හුස්ම ගද්දි..

ආ...සි...මාව...මොකටද...මෙහෙට...ගෙනාවෙ...කියපන්...

ඌ වචන අහුල අහුල මගෙන් අහපු දේට මම කට කොනින් හිනා උනා..

ගෙනාවෙ උබ එක්ක සෙල්ලමක් කරන්න.........

උබ...ට...මගෙ...පවුල....මරා..ගත්ත.. මදි...උනාද...යකෝ...දැන්...මාවත්.. මරන්න...හදන්නෙ......

රාජු කියපු දේට ඉනටත් අත් දෙක තියාගෙන හිනා උන මම බිම බලන් හුස්මක් පිට කරා..

නෑ රාජු නෑ.. උබට එක තැනක් වැරදුනා.....

මම උගෙන් අඩි දෙකක් ඈතට ගිහින්  ඌට පිටු පාල හිට ගත්ත..

උබේ පවුල මැරුවෙ නම් මම නෙමෙයි...හැබැයි උබ ඒ නිසා මට කරේ ලොකු වරදක්....

දත් මිටි කාගෙන මම එහෙම කිව්වෙ..

රෙඩ්ඩි තමයි මේ හැමදේම කරේ ඒ අසහනකාරය මේ විනාසෙට හේතුව..ඌ උබේ ගෑණිට කෙල හලන්න ගත්තා..ඒත් උබෙ ගෑණි උබ දුන්න ආදරේට පිටු පෑවෙ නෑ.. අන්න ඒ නිසා තමයි උබෙ මුලු පවුලම ඌ නැත්තටම නැති කරල දැම්මෙ..හැබැයි උබ හිතුවෙ මම උබේ පවුලෙ උන්ව මරල දැම්ම කියල..එහෙම වැරදි වැටහීමක් හිතේ තියාගෙන උබ මගෙ අහින්සක අක්කව මරල දැපු එක උබ හිතන්නෙ සාදාරනයි කියලද පරයො................

අන්තිම ටික මම උගෙ දිහාට හැරිල මුලු පලාතටම ඇහෙන්න මහ හයියෙන් කෑ ගහල කියද්දි රාජුගෙ මූණෙ ඉරියව් වෙනස් උනේ ඌ හීනෙකින්වත් නොහිතපු ඇත්තක් අද මගෙන් අහන්න ලැබුන නිසා වෙන්න ඇති..

මගෙ එකම අක්ක දිව්‍යා..මට වඩා අවුරුදු තුනක් වැඩිමල් එයා මගෙ සහෝදරියට වඩා හැම වෙලාවකම මගෙ අම්ම උනා..දෙමව්පියෝ දෙන්න නැති අඩුව මට දැනෙන්නෙ නැති වෙන්න උතුරන්න ආදරය දුන්න අක්කට මාත් වචනෙන් කියන්න බැරි තරමට ආදරේ කලා..එයා හරිම සරලව ජීවත් උනේ තනියම ගේක..මොකද මම මැර කම් කරල හම්බ කරන සල්ලි වලින් එයා කාල බීල ඉන්න කැමති උනේ නෑ.. ඉතින් එයා ලස්සනට ඇඳල පැලදල එහෙම හිටියෙ ගාමන්ට් එහෙක දවස තිස්සෙම නැහිල හම්බ කරන සල්ලි වලින්..මම අඬ අඬ මැර වැඩ කරල ජීවත් වෙන එකට වඩා අක්ක ගෙවපු ජීවිතේ ඇතුලෙ එයා සතුටින් හිටියා..ඉතින් මම ඉදල හිටල අක්කව බලන්න යනවා එයා කැමති මොනා හරි අරගෙන..ඒත් හීනෙකින්වත් නොහිතපු විදිහට එකම එක මූසල දවසක මම අක්කව බලන්න ඇඳුම් එහෙම අරගෙන යද්දි තම්බි එනකන් කෑම බීම හදන් මග බලන් ඉන්න අක්ක මම ගෙට යද්දි හිටියෙ ලේ ගොඩක් මැද සදහටම ඇස් පියාගෙන..

අන්න එදා ඉදන් තමයි මම තනිකරම තිරිසනෙක් වෙන්න ගත්තෙ.. මේ ලෝකෙ මගෙ කියල හිටපු එකෙම කෙනාවත් පාහරයෙක් උදුරගෙන තියෙද්දි මම අමුම අමු සතෙක් උනේ කාටවත් හිතා ගන්න බැරි විදිහට..

උබ කරේ ලොකු වරදක් යකෝ...කිසි දෙයක් නොදන්න මගෙ අහින්සක අක්කව මරල දාල උබට සැනසීමක් ලැබුනද...මන් හිතන්නෙ උබට තවම සැප නින්දක්වත් ලැබිල නැතුව ඇති...කොහොම සැපට නිදාගන්නද.. ඒ අහින්සක අක්කගෙ එකම තම්බි රැයක් දවාලක් නොබල හූල්ලද්දි............

මම කියන සේරම දේවල් රාජු අහන් හිටියෙ කඳුලු හල හල වෙද්දි මන් එතනම අඩි හයක් යටට හාරල තිබ්බ මිනී වල දිහා බලන් හොද හුස්මක් ගත්තා..

ලස්සන ජීවිතයක් විනාස කරල පලි ගැනීම සාර්ථකයි කියල හිතන් උබ හැංගිල හිටියට තෝ හිතුවද මම උබව ලේසියෙන් එහෙම අත අරී කියල....හාහාහාහහ්හා.....

මම වියරුවෙන් වගේ හිනා වෙන්න ගද්දි මෙච්චර වෙලා බයක් කියල ගෑවිලවත් නැතුව තිබුන ඒ ඇස් වල බය කියන දේ හොදින්ම මම දැනුයි දැක්කෙ..

අන්තිමට මම කාලයක් තිස්සෙ හරිම ආසාවෙන් බලන් හිටපු දවස අද ඇවිල්ල.. මගෙ ගොදුර දැන් මගෙ ඉස්සරහම මෙහෙම දකිද්දි මට දැනෙන සතුට කොච්චරද කියල තෝ දන්නවද...උබව හොයාගෙන මගෙ අක්කා මරල දාපු විදිහටම උබේ කෑලි කපල මුහුදට දාන්න මම ඉස්සර හීන දැක්කෙ...ඒත් දැන් මම උබට එහෙම ලේසි මරනයක් දෙන්නෙ නෑ..මම එච්චර හොද මිනිහෙක් නෙමෙයි කියල උබ හොදටම දන්නවනෙ රාජු.........

සූර්ගෙ ආසි වෙනුවට දැන් ඉන්නෙ පාතාලෙ ආසි වෙද්දි.. හිතේ තෙතමනයක් ගෑවිලවත් නැති මම අනුකම්පා විරහිත බැල්මක් රාජුට දීල තිබ්බෙ අතීත සිදුවීම් මගෙ ඇස් ඉස්සරහම මැවි මැවි පේන්න ගත්ත හින්ද..

ආසි...මට...සමාව...දියන්......

රාජු මන් ලග බැගෑපත් වෙද්දි මම මගෙ ගෝලයෙක්ට ඇස් වලින් ඉගියක් දුන්න සැනින් ඌ රාජුව ගැට ගහල තිබ්බ ලණු ටික නිදහස් කරල දැම්ම..

උබ වගේ පරයෙක්ට ආසි ලග කොහෙත්ම සමාවක් නෑ යකෝ......

මම උගෙ බෙල්ල පිටි පස්සෙන් අල්ලලා මගෙ ලගට අරන් කෑ ගහද්දි පාතාලෙ රාජු මන් ඉස්සරහ දණ ගහගත්තෙ උගෙ ලොකු කම් පැත්තකට දාල..

මම...දැ...න...ගෙන...හිටියෙ...නෑ...ආසි...මට...වැරදු...නා...රෙඩ්ඩි...මේ..පර...වැඩේ...කරේ...කියල...මම...දන්නව...නම්...මන්...ඌව...එදාම...මරල...දානවා....ඒත්...මම...රැවටුනා....

ගොත ගගහ වචන අහුලන රාජු දිහා මම බලාගෙන ඉදල හයියෙන් ආයෙත් හිනා උනේ මන් දිහා ඌ පුදුමෙන් බලාන ඉද්දි..

උබ හොදටම රැවටිලා තමයි ඉදල තියෙන්නෙ...හොද මූණ පෙන්නගෙන යාලුවෙක් විදිහට ගෙට බඩගෑව රෙඩ්ඩි උබෙ ගෑණි එක්ක බුදියගන්න මාන බලල තියෙන්නෙ කියන එකවත් දන්නෙ නැති වෙන්න තරම් උබ රෙඩ්ඩිව විශ්වාස කරා...අන්න ඒ නිසා උබ හීනෙකින්වත් හිතුවෙ නෑ උබ ලග ඉදගෙන උබට රෙඩ්ඩි පුකේ ඇරල යයි කියල.......

මම කියන කියන හැමදේටම රාජුගෙ මූණ පුදුමෙනුත් පුදුම වෙනවා මම දැක්කා..ඔව් එහෙම වෙන්න එපෑ මොකද දැන්නෙ ඇත්ත නැත්ත ඌ හරියටම දැන ගන්නෙ..

මම මේ සේරම දන්නෙ කොහොමද කියල වෙන්න ඇති දැන් උබ බලනව ඇත්තෙ නේ...රාජු අපි හැමෝලගම ඉන්නව ද්‍රෝහියො.. විශ්වාසය දිනාගෙන පිටට පිහියෙන් අයින උන් ඉද්දි අපි දැනගන්න ඕන මිනිස්සු ආස්‍රය කරන්න පරිස්සමින්..මිනිස්සු ඕනවටත් වඩා විශ්වාස කරල අපේ හැම රහසක්ම උන්ට කියන එකෙන් මොකද්ද දන්නවද වෙන්නෙ..දවසක අපිට පන්න පන්න ගහන්න උන් ඒව ආයුධයක් කර ගන්නවා..අනිත් දේ තමයි රාජු මිනිස්සු සල්ලි වෙනුවෙන් ඕනම දෙයක් කරයි..සල්ලි වෙනුවෙන් නැහෙන උබෙ ලගම ඉන්න එකෙක්ම තමයි මගෙ සල්ලි වලට ඔලුව නවල උබෙ ඩීටේල්ස් මට දුන්නෙ..............

සාක්කු දෙකටත් අත් දෙක දාගෙන මන් ඌ දිහා බලන් මෙච්චර වෙලා කිව්වෙ මගෙ මාස්ටර් ප්ලෑන් එක වෙද්දි දැනටමත් පරාජය බාරගෙන මන් දිහා බලන් ඉන්න රාජුව දැක්කම මට පුදුම සතුටක් දැනුනෙ..

ආසි...මන්...කියන...එක..පොඩ්ඩක්...අහල...ඉදපන්...මට...උබ..ව...මරන්න...ඕන...උනේ...නෑ...ඇත්ත...මම...කහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්........

නිදහසට කරුනු කියවන්න ගිය ඌට මම පයින් එකක් ගහල වලට දැම්මෙ ඌ මහ හයියෙන් කෑ ගහද්දි..

කරපු පව් වලට උබට උරුම මරනය විතරයි යකෝ......

මම එතන තිබ්බ සවල අරන් වලට පස් ටිකක් දාන ගමන් එහෙම කෑ ගහද්දි රාජු එහෙට මෙහෙට දැගලුවෙ ගැට ගහල තියෙන ලණු වලින් නිදහස් වෙන්න උනත් ඌට ඒක කරගන්න බැරි උනා..

ආ...සි...මට...සමාව...දෙන්න...මම...ඔයා...කියන...ඕන...දෙයක්...කරන්නම්......අපි...දෙන්න...එකට...එකතු...වෙලා...රෙඩ්ඩිව...මරමු...මට...ඔයාට..උදව්...කරන්න...ඉඩ...දුන්නොත්...අපිට.. පුලුවන්..ආසි...උගෙන්...පලිගන්න...

මරන මන්චකේ ඉද්දිත් රාජු කියන දේවල් වලට මට හිනා ගියා..

මැරිල පලයන් හු#තෝ..ඒක තමයි උබ මට කරන ලොකුම උදව්ව..........

මම පස් වල ඇතුලට පිස්සුවෙන් වගේ සවලට අරගෙන දාන්න ගද්දි මගෙ ගෝලයො හතර පස් දෙනෙකුත් පස් ටික ටික වලට දාන්න ගත්තහම මන් බලාගෙන රාජු හුස්ම අල්ල අල්ල දගලන හැටි..

ටිකෙන් ටික ඌ පස් වලට යට වෙලාම යද්දි මට හිතේ තිබ්බ ලොකු බරක් නිදහස් උනා වගේ හැඟීමක් දැනෙන්න ගත්තෙ....

එකම එක පව්කාරයෙක්ගෙ මරනය මම හරි ඉක්මනට ඌට ලගා කරල දුන්න හන්ද ඌ අද කනත්තෙම වැළලිලා යද්දි අද ඌ මැරෙන්නම හේතුව උගෙ පව්කාර වැඩක් කියල මතක් වෙන්න ගද්දි මම බැලුවෙ එහෙම්ම ඔලුව උස්සල කළුවර අහස දිහා..

සමාවෙන්න මගෙ අක්කේ ඔයාගෙ මරනෙට පලිය ගන්න මෙච්චර පරක්කු උනාට...ඒත් මම හිතනවා දැන් ඔයාට ගොඩක් සතුටු ඇති කියල.. කොහෙ හරි ඉදන් ඔයා මන් දිහා බලාගෙන නේද ඉන්නෙ.....

හ්ම්...මට ඔයාව ගොඩක් මතක් වෙනවා අක්කෙ...ඔයාගෙ ආත්මෙට සැනසීම දුන්න තම්බිව අමතක කරන්න එපා..මේ ආත්මෙ අපි දෙන්නට එකට ඉන්න නොලැබුනාට උපදින හැම ආත්මෙකම ඔයා මගෙ අක්ක වෙනුවට අම්මා වෙලාම උපදින්න කියල මම මැරෙනකන්ම ප්‍රාර්ථනා කරනවා................................!









>>>>>>>>

රාජුට ටටා බායි කියන්න ළමයි.. 😌

චූටි කොටසක් අද ගෙනාවෙ හදිසියෙම....🙉

2024.02.01
S.M.බඩී✍️

Continue Reading

You'll Also Like

55.9K 4.3K 60
ផែនដីក្រឡាប់ចាក់ មនុស្សស្អីតាំងពីកំលោះមកដល់ពោះម៉ាយកូនប្រាំហើយ រកប្រពន្ធជាប់លាប់និងគេ១ក៏គ្មាន មិនមែនលែងលះទៅឯណាទេ គឺពួកគេនិងស្លាប់ដោយគ្មានមូលហេតុនៅដែល...
52.6K 9.6K 75
වපුරන දේ තමයි අස්වැන්න විදියට ලැබෙන්නේ... ඒක ආදරේදිත් පොදුයි 🙂💚❤️
52.3K 7.8K 75
අවයව නලියන හැඟිම්වලට ප්‍රේමය යැයි නොකියමී... ජිවිතයේ අවසන් හුස්ම දක්වා ගනුදෙනු කරන අපුරු බැඳිමට ප්‍රේමය යැයි පවසමී... ❤️
86.8K 11.5K 42
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]