WHAT IS LOVE 😊❤🦋 [Complet...

By AkiAkiya3

1.9K 298 150

ඇයි ඔයා මට ඔච්චරටම ආදරෙ මගෙ ටියුලිප්🥺💗 ඒ ඇයි කියන්න මං දන්නෙත් නෑ රෝස්. හැබැයි මං ඔයාට ගොඩාක් ඇබ්බැහිවෙලා🤭... More

intro 😌❤
CHAPTER 01 😉❤
CHAPTER 02 😕
Chapter 03 🤭🦋
Chapter 04 😉❤🦋
chapter 05 🤤😉❤
chapter 06 👀🦋🤭
CHAPTER 07 ❤🦋
Chapter 09
Chapter 10 🦋💗
Chapter 11
chapter 12😕
chapter 13
LAST CHAPTER ❤🥀

Chapter 08 😕💔

130 20 8
By AkiAkiya3

සති දෙකකට පසු....

ක්‍රිකට් ප්ලේ කර කර හිටපු මට ලමයෙක් දුවන් ඇවිත් කිව්වා විනයභාර මැඩම් මට කතා කරා කියලා. කවදාවත් නැතුව කතාකරපු නිසා ටීම් එකෙම අය පුදුම වෙලා හිටියෙ...

ආදි මොකද්ද අර ඔයයි සකුයි කියන ලමයයි අතර තියෙන සම්බන්ධෙ ?

අහ් මිස් මොකක්. අපි අතර එහෙම සම්බන්ධයක් නෑ මිස් අපි යාළුවො විතරයි.

ඒ ලමයවත් මං ගෙන්නුවා. දෙන්නා එක්කම කතාකරලා එහෙම දෙයක් තියෙනවා නම් නවත්තන්න අදම. ඕවා හරියන දේවල් නෙමෙ. දෙමව්පියො දැනගත්තොත් එයාලටත් ලැජ්ජා හිතෙයි. අනික දරුවො කෙල්ලො දෙන්නෙක් අතර ආදරයක්. අපෙ ඉස්කෝලෙ ඉන්න හොදම ලමයෙක් ඔයා. නිකම් බොරුවට ඔයාගෙ නම කැතකරගන්න එපා.

ඒත් මිස් අපි අතර එහෙම දෙයක් නෑ.

එහෙනම් මොකටද එච්චර ඔයාට වඩා බාල ලමයෙක් එක්ක ඉන්නෙ හැමතිස්සෙම. ආ මට prefect කෙනෙක් කිව්වෙ ඉස්කොලෙ පුරා මේ කතාව පැතිරිලා. ඔයාගෙ නමට මොකද්ද දැන් වෙන්නෙ ආ දරුවො.

මැඩම්.. මට කතාකරාද මැඩම්.. මම තමයි සකුනි.

වෙන දෙයක් හිතාගන්න බැරුව ඉද්දි මගෙ ටියුලිප්මල ආවම මං තවත් බය උනා මොකද මං දන්නවා එයාට පොඩි දේත් දරාගන්න බෑ කියලා අපිට ඈත් වෙන්න කිව්වම ඒක එයාට කොහොම දැනෙවිද. අනෙ මගෙ අසරණ මල.

ආ සකුනි දුව. එන්න ඇවිත් ඉදගන්න මට කතාකරන්න ඔනෙ දෙන්නම එක්ක.
මොකද්ද දරුවො දැන් මේකෙ තේරුම. ඔයාලා දෙන්නා අතර තියෙන දේ නවත්තන්න ඔනෙ. නැත්තම් මට දෙමව්පියන්ට කතාකරන්න වෙයි.

මොකද්ද මැඩම් මේ කියන්නෙ මට කිසිදෙයක් තේරෙන්නෑ මැඩම්..

සකුනි ඔයා දැන් බබෙක් නෙමෙන්‍ර් දේවල් තේරුම් නොගෙන ඉන්න. මං කිව්වෙ ඔයාලා අතර තියෙන සම්බන්ධෙ ගැන.

ඉතින් ටීච ආදි අක්කා මට අක්කා කෙනෙක් විතරයි නෙ ඒකෙ මොකද්ද තියෙන වැරැද්ද. අනික මං එහෙ යනවා එනවත් එක්ක එයාලගෙ අම්මත් හරි හිතවත්නෙ. මට තේරෙන්නෑ මිස්.

මං හිතනවා ආදිට තේරෙන්න ඇති කියලා මං කිව්ව දේ . දැන් දෙන්නම පන්‍තියට යන්න එහෙම දෙයක් නෑ කියලා පෙන්නන්න දෙන්නා ටික දවසක් ඈතින් ඉන්න.

මට තේරුනා මේ හැමදේම කාගෙ වැඩක් ද කියලා. පාරමි එදා මං කරපු දේට එයා පලිගන්නවා දැන් මගෙන්. හහ් බලාගන්නම් මං. සකුට මේ කිසිදෙයක් තේරෙන්නෑ එයාගෙ මූනෙන් මට ඒක තේරුනා. අක්කෙක් විතරයි ද ඇත්තටම මං එයාට. මංදන්නැ..

සකු..

ම්ම්. අක්කෙ මොකද්ද අක්කි අර මැඩම් කිව්වෙ.

මගෙ ටියුලිප්මල බබා ඒක ගැන හිතන්න එපා හරිද.. අක්කි ඉන්නවනෙ දරුවො. බබා අද ඉස්කෝලෙ ඇරුන ගමන් එකොලහවසර ලග තියෙන ටොයිලට් එකට එන්න මං ඒකෙ ඉන්නම් රත්තරං.

අනෙ මංදා. මං එන්නම් අක්කි. පරිස්සමෙන් practice කරන්න අක්කි. බායි මං යනො.

හ්ම්. සකු පරිස්සමෙන් ලමයො.

දිග හුස්මක් පහලට දාලා. සකු යන දිහා බලන් ඉදලා මං කෙලින්ම ගියේ ටීම් එක දිහාට. ගියගමන් හිතාගන්න බැරි විදිහට මං ටීම් එක ඉස්සරහා පලවෙනි වතාවට අඩන්න ගත්තා.

කැපා. අඩො මොකද්ද බං උනෙ ඇයි උබ අඩන්නෙ.

ආදි මොකද බං මේ. ඕයි අඩො.. මොකද අඩන්නෙ ලමයො.

මොකද්ද උනෙ කෙල්ල කියනවකො දරුවො. උබ මට හංගන දෙයක් නෑ නෙ.

අනෙ බං අර පාරමී විනයභාර මැඩම්ට සකුයි මායි සෙට් කියලා. අපිව ගෙන්නුවා සකුට ඒක තේරුනෙත් නෑ. හලො එයා එයා කිව්වා හලො මං මං එයාගෙ අක්කෙක් විතරයි කියලා. එහෙම වෙන්න ඇතිද බං. මට තේරෙන්නෑ. අපිට ටික කාලයක් ඈතින් ඉන්නත් කිව්වා.

ආ.. උබ බය නොවි ඉදහන් අපි දෙන්නම් පාරමිට වැඩක්. එකි අර එකිගෙ කලින් කෑල්ල එක්ක කිස් කරන ෆොටො එකක් තියෙනවා. අපි ඒක විනයභාර මැඩම්ට පෙන්නලා කියමු. උබලා නෙමෙ එකියි යාළුවෙලා ඉන්නෙ කියලා.

හ්ම්.. එතකොට හරියයි ද බං මං දන්නෙ නෑ .

යමන්කො දැන් වුන දේ උනා ඉස්සෙල්ලම ප්‍රැක්ටිස් කරලා ඉමු.

හ්ම්ම්. යමන් බං..

සකු POV ..

එකපාරම පන්තියෙ ඉද්දි ලමයෙක් ඇවිත් මට විනයභාර මැඩම් එන්න කිව්වා කියද්දි කුනුහර්පයක්වත් නොකියන මං බයවුනා. ඒත් වෙන දෙයක් වෙන්න කියලා මං ගියා. යද්දි අක්කා මැඩම් ඉස්සරහා ඉන්නවා.

මොකක් අපි අතර තියෙන සම්බන්ධෙ නවත්තන්න. මොන සම්බන්ධයක් ද.. ආදි අක්කා මගෙ අක්කා විතරයි නෙ. අනික කෙල්ලො දෙන්නෙක්ට යාළුවෙන්නත් බෑනෙ නැත්තම් එහෙම හරි හිතන්න තිබ්බා. අනෙ මට තේරෙන්නෑ. අපිට ටික දවසක් ඈතින් ඉන්න කියලත් කිව්වා. කමක් නෑ ෆෝන් එක තියෙනවා නෙ.. අපිට පුළුවන් චැට් කරන්න.

අපි එලියට යද්දි අක්කා කතාකරලා මට ඉස්කෝලෙ ඇරුනම ටොයිලට් එක ලගට එන්න කිව්වා. උෆ් මට තේරෙන්නෑ අනෙ ඕවා.

වාර විභාගෙත් ලග එකෙ මං පන්තියට ගියේ ගනන් ඩබල් පීරියඩ් නිසා.

.....පාසල අවසානයේ දී .....

බං ජානු මං ටොයිලට් එක් පැත්තට යනවා මං සකුට එන්න කිව්ව. මං ගිහින් හම්බෙලා එන්නම් එයාව.

ආව්ස් ආව්ස් කෙල්ලට මුකුත් කරන්නෙ එහෙම නෑ උබ ව#නච#රයා ඒකි තාම පොඩි ආහ්..

අනෙ නෑ බං මට එකිගෙ තුරුලට වෙලා ඉන්න ඔනෙ. එකි ලග මට මාර සැනසීමක් බං තියෙන්නෙ..

හරි උබ ගිහින් වරෙන්. මං ඉන්නම් උබ එනකම් බස් එකෙ. ඉක්මන්ට වරෙන්.

පරිස්සමෙන් ලමයෝ. දෙන්නා එක්ක පරිස්සමෙන් සතුටින් ඉන්න ඔනෙ. මං දන්නවා මං පරක්කු උනා උබෙන් අහන්න. කමක් නෑ උබ එකි ලග සතුටින්නම් මට ඒ ඇති ආදි. මං උබට ආදරෙයි.

මුල් ටික හයියෙන් කිව්ව ජානු අන්තිම ටික ලොකු හුස්මක් පහලට දාන ගමන් කියුවෙ ඈත දුවන් යන ආදි දිහා බලන්.. එයාගෙ හිතේ ආදි ගැන තියෙන හැගීම හංගගෙන.

(ආදරය නිසා හිතක් සතුටු වෙද්දි තව හිතක් දුක් වෙනවා නේද ලමයි..)

ආදි POV....

මං ටොයිලට් එකට යද්දිත් සකු ඇවිත් හිටියා. මට තිබුන වේදනාව නිසා මං දුවගෙන ගිහින් එයාව බදාගත්තා. ඒත් එක්කම මං එයාගෙ මූන අත්දෙකෙන් අල්ලන් කිස් කරගෙන කරගෙන ගියෙ එයාව මගෙන් ඈත් වෙනවට තිබුන බය නිසාමයි.

අක්කෙ මොකො මේ.. ම්ම් අලෝ..

ආ සකු. නෑ රත්තරං. අර මිස් කියපුවා හිතන්න එපා හරිද. අර පාරමී කියන එකි ඉන්නෙ. ඒකි මිස්ට කියලා අපි යාළුවෙලා කියලා.

අහ් එහෙම කොහොමද අනෙ එයාට පිස්සු නේද අක්කෙ. ඔයා මගෙ අක්කා විතරයි නෙ. අනික කෙල්ලො දෙන්නෙක් කොහොමද යාළුවෙන්නෙ. මටනම් තේරෙන්නෑ අප්පා..

බබා ඒක හිතන්න එපා. ඔයාට ඇත්තටම මාව අක්කා විතරයි ද ලමයො.

ඔව් අක්කෙ මං ඔයාට ගොඩාක් ආදරෙයි ඔයානෙ මගෙ හැමදේම මගෙ දෙවෙනි අම්මත් උයාලෙ අලෙව්.

එහෙම්ම සකුව මගෙ පපුවට තුරුල් කරන් තදින් ටිකවෙලාවක් බදාන හිටියා. ඊටපස්සෙ එයාටයි මටයි බස් එකට පරක්කු වෙන නිසා එයා එක්ක පාරට ආවා. ඒ එන මග පාරමීව හම්බුනා.

ආ පාරමි. සකු ඔයා යන්නකො මං එන්නම්.උ#බ මහ තිරි#සන් වැඩක් කරලා නෙ.. උ#බ හිතුවෙ උබ කිව්වම ඒක මට හොයාගන්න බෑ කියලාද. උ#බ දන්නවනෙ මේ ඉස්කොලෙ මට තියෙන තැන බං. උ#බ මොකද්ද මට බලපන් උ#බට වෙන දේ දැන්.

හා හා ආදි. අපි හැප්පිලාම බලමු. ඔයාගෙ ලොකුකම කොහොමත් වැඩි. ඒකත් බස්සලා සකුව මං ලගට ගන්නකම් බලන් ඉන්නකො.

පාරමීව හම්බුන ගමන් සකුව යැව්වෙ අපි කතාකරන දේවල් එයාට ඇහෙන්න හොද නැති නිසා. පාරමීගෙ කතාවට යකා නැග්ග මං දෙපාරක් නොහිතා පාරමීගෙ බෙල්ලෙ#න් අල්ලගත්තේ මේ හරියෙ CCTV නැති නිසා.

ආදි ඇ#තෑපරන් මහ් මගෙ මගෙ බෙල්ල මට හුස්ම ගන්න බෑ අතෑ#රපන්.

මතක තියාගනින් පාරමි. මං ගොඩින් හෝ මඩින් මේක බේරගන්නම් උබ ලෑස්ති වෙලා ඉදහන්කො.. මං බලාගන්නම්. දැන් දැන් ප#ලයන්.

පාරමීගෙ බෙල්ල අතෑරලා එ#කිව තල්ලු කරලා දැම්මෙ ආව තරහට වගෙම මං සකු ලගට යන්න ඔනෙ නිසා..

නටන්නකො ආදි බලන් ඉන්න මං ඊලගට කරන දේ..

ඉස්කෝලෙන් එලියට යන ආදි දිහා බලාගෙන සමච්චලේට හිනාවෙන ගමන් එහෙම කිව්ව පාරමි ඇගෙ තිබ්බ වැලිත් පිහදගෙන ගෙදර යන්න ගියා.

සකු POV .....

ආදි අක්කයි පාරමි අක්කයි කතාකරනකම් මට යන්න කිව්වා. ඉතින් මං එලියට ආවා. එතකොට මගෙ බස් එක ආවා. අක්කට කියාගන්න විදිහක් තිබ්බෙ නෑ ඉතින් මං බස් එකෙ නැගලා ගියා. අක්කි පරිස්සමෙන් යාවි. බුදුසරණයි අක්කෙ.. හිතින් එහෙම හිතලා මාත් ගෙදර ගියා.

ආදි.. මොකො උනෙ. කෙල්ලව හම්බුනාද .. පරිස්සමෙන් වැඩ කරානෙ මුකුත් කරෙ නෑ නෙ..

ආහ් උබනම් ජානු. ඌරෙක් එහෙම මුකුත් උනෙ නෑ බදාගෙන හිටියා විතරයි.

හා හා ඔනෙ දෙයක් කියහන් මං ඉන්නවා උබලා දෙන්නට.දෙන්නම පරිස්සමෙන්. බයනැතුව ඉදහන් මං හොද ගේමක් අදින්නම් ඔකිට.

හ්ම්.. මංදා බං මට තේරෙන්නෑ බලමුකො.

මං එලියට එද්දිත් සකු ගිහින්. ඉතින් මං ජානු එක්ක බස් එකෙ නැගලා ගෙදර ආවෙ. ජානු නැත්තම් මේ වෙනකොට මං හුගාක් වැටිලා. මොනා උනත් එයා අම්මෙක් වගෙ මං ගැන හොයලා බලනවා.

🦋 🦋 🦋 🦋 🦋 🦋 🦋

ඉතින් කොහොමද ලමයි. මේ දවස්වල වැඩ එක්ක මට කතාව දෙන්න බැරිඋනානෙ ලමයි.

පොඩි පොඩි කියන්න එපා දෙයියනෙ. වචන 1200 පන්නලා තියෙනවා. මං විභාගෙ ඉවර උන ගමන් දවසින් දවස අප්ඩේට් දෙන්නම්.

ආදි ආදරෙ සකුට.. ,ආදිට ආදරේ ජානු..., එතකොට සකු ආදිට ආදරෙ කරාවිද..., ජානු මොනවා කරාවිද පාරමිට.., පාරමී ඊලගට මොනා කරයිද.. ,සකුට ආදිව අක්කෙක් විතරක්ම වෙවිද.
ප්‍රශ්න ගොඩාක් එක්ක ඉතුරු ටික එනකම් බලන් ඉන්නලාකො 😌🤭❤

එහෙනම් ලමායි පරිස්සමෙන් හොදෙ ආදරෙයි ඔක්කොටම 🤭❤🦋

කොහොමද කතාව අවුල් නේද... 😕

Continue Reading

You'll Also Like

3.1K 450 10
අසම්මත බව දනිමි. නොලැබෙන බවද දනිමි. නමුදු ඔය දිගැටි ඇස් වලට තවමත් මා පෙම් කරමි. ඈත අහසේ ඔබ ඉගිල යාවී. කම් නෑ මා ඉන්නම් මේ සිටින තැනම දිනක අපි නැවත එ...
2.8K 367 31
නොහිමි කවියක ඔටුනු පැ‍ළඳුව ඔවුන්ගේ කතාව ❤️ එයාව හම්බුන දවසෙ ඉදන් මේ වෙනකන් මට එයාව තාමත් අමතක කරගන්න බෑ ඉස්සරහට මන් මොකද කරන්නේ... ඒ කතාකරන ලස්සන ලා...
162K 6.5K 73
➽Just short love stories...❤ ⇝❤️. ⇝🖤. ⇝♥️. ⇝💙. ⇝🩷. ⇝🤍. ➽💛Going on. ➽🩶Coming up [Ignore grammatical mistakes. I will improve my writing gradual...
11K 1.1K 26
"ඒ රිදුම් නිවී මා හදේ ඈ ළඟින් රැදීලා වගේ සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා" අමිත්‍යා × උපුනි