WHAT IS LOVE 😊❤🦋 [Complet...

By AkiAkiya3

1.9K 297 150

ඇයි ඔයා මට ඔච්චරටම ආදරෙ මගෙ ටියුලිප්🥺💗 ඒ ඇයි කියන්න මං දන්නෙත් නෑ රෝස්. හැබැයි මං ඔයාට ගොඩාක් ඇබ්බැහිවෙලා🤭... More

intro 😌❤
CHAPTER 01 😉❤
CHAPTER 02 😕
Chapter 03 🤭🦋
Chapter 04 😉❤🦋
chapter 05 🤤😉❤
chapter 06 👀🦋🤭
Chapter 08 😕💔
Chapter 09
Chapter 10 🦋💗
Chapter 11
chapter 12😕
chapter 13
LAST CHAPTER ❤🥀

CHAPTER 07 ❤🦋

151 24 8
By AkiAkiya3

තාත්තා කෝල් එකක් ගත්ත නිසා නැගිටලා ගිහින් ආන්ස්වර් කරද්දිත් නැන්දයි මාමයි ඇවිල්ලා හිටියා.. කලින් උන දේත් එක්ක අක්කි දිහා බලන්න ලැජ්ජාවක් ආවත් කිසි දෙයක් නොවුන ගානට මං හිටියා..

මොකක්.. අනේ තාත්තේ.. දැන් ම එනවද.. ? මොකද්ද අනේ හවස් වෙලා එන්නකො.

බෑ දුව හවස එන්න බෑ මං වැඩනෙ දරුවො තේරුම් ගන්නකො..

හ්ම් එහෙනම් තාත්තා එන්නකො.. මං බඩු ලෑස්ති කරගන්නම්..

සකු කෝ දෙන්න මං තාත්තට කතාකරන්න..
හෙලො අංකල්.. මං ආදි.. අනෙ අංකල් සකුව අදත් මෙහෙ තියන්නකො.. හෙට එක්කන් යන්න පුළුවන් නෙ.. මේ සකුට ඉස්කෝලෙ වැඩ වගයක් මං කියලා දෙනවා. ඉතින් එයාටත් හිටියනම් හොදයිනෙ..

ම්ම් දුව.. එහෙම බෑනෙ දරුවො.. මායි සකුයි විතරයි නෙ ඉන්නෙත්. සකු නැතුව මට ඉන්න බෑනෙ දුව..

අනෙ අංකල් අද විතරයි නෙ අංකල්.. සකුව මෙහෙ තියන්නකො..

අක්කි දෙන්නකො.. ආනෙ තාත්තෙ.. අපි ගනන් පාඩමක් ඉගෙන ගන්න ගමන් හිටියෙ.. අනෙ තාත්තා අද විතරක් මෙහෙ ඉන්න දෙන්න. මං පොරොන්දු වෙනවා හෙට ඉදන් සතියක් මං ගෙදර හැම වැඩක්ම කරලා.. පාඩනුත් කරනවා කියලා අනෙ තාත්තෙ..  ( හනෙ හනෙ ඉතින් අපිනෙ දනෙ ගනන් පාඩම ගැන 😅 )

හ්ම්.. එහෙනම් හරි. පොරොන්දුව මතකයිනෙ හෙට ඉදන් සතියක්.එහෙනම් මං තියන්නම් දරුවො මට පරක්කු වෙනවා... බුදුසරණයි දුවෙ පරිස්සමෙන් මගෙ රත්තරං..

අනෙ තෑන්ක්ස් තාත්තෙ... බුදුසරණයි තාත්තෙ.. ගොඩාක් ආදරෙයි. පරිස්සමෙන් තාත්ති..

ටීක්... ටීක්...

යේහ්.... අදත් මං ඉන්නවා යෙහ්...

අම්මෙ සකු අදත් මෙහෙ ඉන්නවා කමක් නෑ නේද...

ඕක මොකද්ද ලමයො. ඔය දරුවා හැමදාම හිටියත් මොකොවෙන්නෙ.. ඉන්න කියන්න අනෙ.. මං කෑම ලෑස්ති කරන්නම් එතකම් දෙන්නා නාගෙන එන්න.

මැණිකේ මගේ හිතේ....
මුදු ඒ නුරා හැගුම් යාවී...

දුව මොකද ඔය කටවහන් නාගෙන එන්න ඔය ලමයා එක්ක..

අක්කයි මායි තාත්තට බොරු කියලා අදත් මෙහෙ ඉන්න අවසර ගත්තා. තිබ්බ සතුටටද කොහෙද අක්කා හයියෙන් සිංදු කියන නිසා නැන්දා බැන්නත් එක්ක. අක්කයි මායි නාලා කාලා ඇවිත් කයියක් දදා හිටියා.. අක්කිගෙ බව්වනම් හෙන සැරයිහ්.. ඒත් මං සත්ව මිතුරා නිසා ඉක්මන්ට එයාවත් යාළු කරගත්තා. අන්තිමට එයයි මායි ගොඩාක් වෙලා සෙල්ලම් කරා. ඒක දිහා අක්කා හිනාවෙවි බලන් හිටියා..

ආදී POV.....

සකුගෙ තාත්තට බොරු කියලා මගෙ ටියුලිප්ව අදත් මෙහෙ තියාගත්තෙ.. මං එයාව තුරුල් කරන් ඉද්දි මට දැනෙන ඒ සහනය ඒ සතුට මට විදින්න ඔනෙ නිසා. ඇත්තටම එයා ලග ඉද්දි මට ගොඩාක් ලොකු සහනයක් දැනෙනවා. මං ඒකට හරි ලෝභයි..

කොහෙද තිබ්බ සතුටට සිංදුවක් කියන්න ගිහින් අහගත්තනෙ අන්තිමට අම්මගෙනුත්.. යසයි ලැජ්ජාවෙ බැහ්.. දෙන්නා එක්ක නාලා කරලා ඇවිත් ටිකක් ඉදගෙන ඉද්දි මෙන්න වැඩක්. පවුලෙ අයට ඇර නෑයෙක්ටවත් එයාව අතගාන්න නොදෙන ටොමි සකු එක්ක සෙල්ලම් කරනවා..ඔව් ඉතින් සකු වගෙ අහිංසක හොද කෙල්ලෙක්ගෙ ආදරෙ සත්තුන්ටත් දැනෙනවා. පුදුමෙයි සතුටයි  එක්ක එයාලා දිහා බලන් හිටියා..

8.30 P.M

සෙල්ලම් කරලා කියවලා කියවලා දෙන්නා එක්ක රෑ නිදාගන්න ඇදට ආවා. එයයි මායි තනියම ඇදෙ... ඊයෙ එයාව තුරුල් කරගත්ත මං..අද එකපාරම එයාව බදාගෙන අඩන්න පටන් ගත්තා.. ඒ මට එයාව නැතිවෙයි කියලා දැනෙන බයට.. මං ඇඩුවා.. විනාඩියක් ද දෙකක් ද නෑ මං පැයක් විතර එයාව බදාගෙන ඇඩුවා. අඩලා අඩලා අවසානෙදි එයාගෙ තුරුලෙම නින්ද ගිහින් මට.

සකු POV..

ටොමි එක්ක සෙල්ලම් කරලා මහංසි නිසා. අක්කා ලගට ඇවිත් කියො කියො හිටියා.. ඊටපස්සෙ ඉතින් රෑටත් කාලා දෙන්නා දොයියන්න ආවා.

අහ් අක්කේ...
මොකො මේ හලො.. ඇයි අඩන්නෙ...

අනෙ සකු.. මට පොඩ්ඩක් මෙහෙම ඉන්න දෙනවද.. රත්තරං...

හලි අක්කි ඉන්නකො..

එයා අඩනවා.මාව බදාගෙන ගොඩාක් ඇඩුවා. මං දන්නෑ කොච්චර වෙලාද කියලා හැබැයි එයා ගොඩාක් ඇඩුවා. අක්කා අඩද්දි මට ඇඩෙන්න ආවත් ඉවසගෙන හිටියා මං ඇඩුවොත් එයාට දුක හිතෙවි කියලා. එයාට අඩලා අඩලම නින්දත් ගියා. නින්ද ගියාට පස්සෙ එයාගෙ උරහිසට වෙලා නිදාගත්තා. අක්කගෙ පපුව කැක්කුමක් තීනොනෙ.. ඒ හින්දා පරිස්සමට ඔලුව තියන් නිදාගන්න ගියා ඒත් අක්කා නැගිටිවි කීන බයට මං අයින් වෙලා දෝගත්තා. අක්කා පවු මං එයාට ගොඩාක් ආදරෙයි.

අක්කෙ.. කොහෙද යන්නෙ..

කෑගහන්න එපා මනුස්සයො අම්මලා ඇහැරෙයි.. මට සූ බලයි ඒයිහ්. හී... දාලා එන්නම්..

හයියූ.. යන් යන් මාත් එනො...

එහෙනම් එනවකො බයගුල්ලා..

රෑ මැද්දෙ මට ඇහැරුනෙ අක්කා ටොයිලට් එකට යන්න හදද්දි.. තනියම ඉන්න දැනුන බය නිසා අක්කි ටොයිලට් ගිහින් එනකම් මාත් බලන් ඉදලා අක්කි ආවම තුලුල් වෙලා නිදාගත්තා...

පසුවදා උදෑසන...

එදා හරිම වැස්ස දවසක්. උදේ ඉදන් වහිනවා. අක්කයි මායි ගෙවල් අස් කරලා. දෙන්නම බත් බෙදාගෙන කාලා ඉවවෙලා සිංදු කිව්වා..  අක්කට ඕගන් ගහන්නත් පුළුවන් සිංදු කියන්නත් පුළුවන්.. එයාට පොඩි කාලෙ ඉදන් ආව එකක් නෙමෙ ඒ එයා ට්‍රයි කරලා කරලා සිංදු කියන්න පුළුවන් උනෙ.. ඒත් එයා ලැජ්ජයි අනික් අය ඉස්සරහා සිංදු කියන්න. 

හවස් වෙද්දිවැස්ස අඩු උන නිසා තාත්තා ආවා. මං නැන්දට වැදලා අක්කවත් බදාගෙන බායි කියලා ගෙදර ගියා. ගෙදර ආවත් හිත කියන්නෙම අක්කා ලග තරම් සැනසීමක් නෑ කියලා. මං දැක්කා මං එද්දි අක්කගෙ ඇස්වල කදුලු... පව් එයා.. එයා නිසා මං ගොඩාක් සතුටින්..

ආදි pov...

සකුගෙ තාත්තා ආව නිසා සකු හවස් වෙද්දි ගියා. සකු යද්දි ඇඩෙන්න ආවත් ඉවසන් හිටියෙ පොඩි එකා ලග චාටර් වෙන්න බෑනෙ.. ඊයේ අඩපු එක වෙනම එකක් හරිද.. සකු ගියාට පස්සෙ ගේ හරියම පාළුයි.  කමක් නෑ ලබන සතියෙ ඉස්කෝලෙ නෙ ඒ හින්දා හම්බෙනවනෙ..

ඒත් ඒ සතියෙ ඉස්කෝලෙ යද්දි හැමදේම වෙනස් වෙලා... පාරමි එයා එයා කරන්න තිබ්බ හොදම දේත් කරලා.

 
🦋    🦋   🦋    🦋    🦋   🦋   🦋    🦋

ඉතින් ලමයි කොහොමද  😕❤🦋

සොරි ඉතිම් අප්ඩේට් දෙල්ල බැරිඋනාට
aat exam එක ලග නිසා පාඩම් කරනවා. ඉතින් පොඩ්ඩක් විතර පරක්කු උනා.

ඔයාලට කොහොමද ඉතින් හොදින් ඉන්නවා නේ.

අලුත් අවුරුද්දක් ලැබුවනෙ ලමයි. ඉතින් අවුරුද්දේ හැමෝමටම සතුටින් පරිස්සමෙන්  ඉන්න පුළුවන් වෙන්න ඔනෙ.  ❤🦋

🤭❤

Continue Reading

You'll Also Like

63.4K 1.3K 13
[Rosario Vampire Female Harem X Brawler! Female Reader] !!CREDITS TO TEXTURES.CAFE FOR THE OVERLAYS AND CREDIT TO ANIMETEXTURESH FOR THE BACKGROUND...
691 162 19
මගේ මූණට හිනාවක් ගෙනාපු මිනිස්සු මන් කවදාවත් අමතක කරන්නෙ නෑ සුදූ...❣️ හදවත් දෙකක්, බාධක ගොඩක්, එක ලෝකයක්, එක ආදරයක් ... මේ දේවල්වලින් එයාල දෙන්නට ජය...
4.1K 591 12
How is it feeling...? සගවන්න හැකිද ඔබගේ හැගීම්... ඇයිද උත්සහ කරන්නේ එලෙස... මිදෙන්නට ඉඩ දෙන්න ඔබේ හැගිම් වලට... එවිට, දැනෙයි පහසුවක් ඔබේ හදවතට...⦂...
4.4K 472 19
🤍~ "නතරවෙන්න,හදවතට ලස්සනම රිද්මයක් දුන්න තැනක" GL non - fiction story