ආසි 💣 ( ✔️ )

By Kim_niru_55

56.6K 11.5K 1.8K

අපි අපේ නොවුනත් කමක් නෑ මට හැකියි නුඹට අවාරෙක සෙවනක් වෙන්න.........🌬️ More

01 කොටස ✴️
02 කොටස ✴️
03 කොටස ✴️
04 කොටස ✴️
05 කොටස ✴️
06 කොටස✴️
A/N
07 කොටස✴️
08 කොටස✴️
09 කොටස✴️
10 කොටස✴️
11 කොටස✴️
12 කොටස✴️
13 කොටස✴️
14 කොටස✴️
15 කොටස ✴️
16 කොටස ✴️
17 කොටස ✴️
18 කොටස ✴️
19 කොටස ✴️
20 කොටස ✴️
21 කොටස ✴️
22 කොටස ✴️
23 කොටස ✴️
24 කොටස ✴️
25 කොටස ✴️
26 කොටස ✴️
27 කොටස ✴️
28 කොටස ✴️
30 කොටස ✴️
31 කොටස ✴️
32 කොටස ✴️
33 කොටස ✴️
34 කොටස ✴️
35 කොටස ✴️

29 කොටස ✴️

1.3K 287 33
By Kim_niru_55

ආසි P.O.V

හ්ම්ම්...ම්ම්ම්...ම්ම්ම්...

හයියෝ අඬන්න එපා බබා...

එයා ගලන කඳුලු එක අතකින් පිහිද පිහිද මම අහපු දේට කැමති කියන්න ඔලුව උඩට පහලට කරද්දි මම මගෙ කොල්ලව තුරුල් කරගෙන එයාගෙ පිට අත ගාන්න ගත්තෙ හිනා වෙවී...

දැන් මම හිනා වෙන්නත් දන්නවා.....

ඔව් මම දැන් ඕනවටත් වඩා හිනා වෙනවා...ඒකත් මගෙ ආදරේ වෙනුවෙන්.. එයා නිසා ඉස්සර හිටපු ආසි ගොඩක් වෙනස් වෙලා.. ආර්යා කියන විදිහට මම හොද මනුස්සයෙක් වෙන්න අරගෙන මගෙ චෙල්ලො නිසා..ඉතින් මට සතුටුයි මේ ලෝකෙ හැම මිනිහෙක්ටම වඩා සතුටින් ඉන්නෙ මම කියලයි මට දැනෙන්නෙ.. මොකද අද මම එයාට ප්‍රපෝස් කරා...

රෝස මලක් තියා මොන කෙහෙල් මලක්වත් එයාට නොදීම මම එයාට කෑම කන ගමන් ඉද්දි ප්‍රපෝස් කරේ නම් ලොකු හේතුවක් ඇතුව..

දැන් ඇති බබා ඇඬුවා...

ම්හ්ක්...

කෝ ඉතින් ඉක්මනට කන්නකො..

මොකද්ද තියෙන හදිසිය ආ....

මම එයාට කෑම කන්න කියල හදිසි කරද්දි මෙච්චර වෙලා හොටු පෙරන් අඬපු කොල්ල මට රවාගෙන ඇහිබැමකුත් උඩ දාන් මොකද ඔච්චර හදිසි අහද්දි මම බෙල්ල පිටි පස්ස කකහ ඉන්න තැනින් නැගිට්ටෙ දැන් මම එයාට කියන්න යන දෙයින් අනිවාරෙන් එයාගෙන් පිඟන් පාර කන්න වෙයි කියල දන්න නිසා...

මේ..මේකයි...මම....ආස...ඉක්මන...ටම...

ඕ...ඉක්මනටම..මොනව...කරන්නද...?

උබව පෙරලන් පු# කන්න.............

යා...ඉන්නව ඔහොම........

එයා ඉදුල් අතින්ම මට ගහන්න නැගිටින්න යද්දිම මම හිනා වෙවීම දුවල ඉක්මනට උඩට ආවෙ යක්ස හාවගෙ නියපොතු වලින් දරුණු පහරවල් වලට ලක් වෙන්න බැරි නිසා..

-
-
-
-
-
-

රෑ හතට විතර දෙන්න එක්කම ඇඳට වැටුනෙ කාල බීල කිචන් එකත් අස් කරල දාල වොශ් එකකුත් දාගෙන එහෙම.. එයා නම් මගෙ බඩ උඩින් අතකුත් දාන් පපුවට ඔලුව තියන් ඉද්දි මම එයාගෙ හිසකෙස් අතරින් මගෙ ඇඟිලි තුඩ යවන ගමන් හිස්මුදුනට හාදු තියන්න ගත්තා..

මොකෝ දගලන්නෙ.....

පාලුයිනෙ මට......

ඉතින් මේ මම ඉන්නෙ ලග...

දැන් ටික වෙලාවක ඉදල පනුවෙක් වගේ මගෙ පපුව අස්සෙ ඉදන් දගලන එයාට මොකද්ද තියෙන අපහසුව ඇහුවම එයා කිව්වෙ එයාට පාලුයි කියල.. ඉතින් මම එයා ඇඳන් හිටපු චූටි කලිසම් කෑල්ලෙන් නෙරල පේන පස්ස බ්ලැන්කට් එක අස්සෙන් අත දාල අතගාන ගමන් එයාට මම එයා ලග ඉන්නව කියන එක මතක් කරද්දි එයා මගෙ නිපල් එකක් වටේට එයාගෙ ඇඟිල්ලක් ගෙනියන ගමන් මන් දිහා කටත් උල් කරගෙන බලන් ඉන්න ගත්තෙ හරියට පොඩි එකෙක් වගේ..

හිටියට වැඩක් නෑනෙ....

ඇයි බබා.....

කිස් එකක්වත් දෙන්නෙ නෑ.....

කපටිම නෑ උබ........

ම්හ්ක්....

මල කෝලමක් වගේ මෙච්චර වෙලා මාව පහුරු ගගා දගලල තියෙන්නෙ මගෙන් කිස් එකක් බලාපොරොත්තුවෙන් වෙද්දි මම එයාගෙ චූටි තොල් දෙක එයා හිතන්නත් කලින් අල්ලගෙන හරිම හෙමීට සිප ගන්න ගත්තා..

එක අතකින් එයාගෙ පිරුනු පස්ස මිරිකෙද්දි අනිත් අතින් මම එයාගෙ බෙල්ල වටේට අතක් දාල මගෙ තොල් වලට තද කරගෙන ඒ සියුම් දෙතොල් වල රස බැලුවෙ....

දැන් නිදාගන්න බබා..අද ඔයා ගොඩක් මහන්සි උනත් එක්කනෙ.....

හ්ම්.....

ඒ තොල් කොච්චර ඉම්ඹත් මට අතාරින්න හිත දුන්නෙ නැති උනත් මට සිද්ද උනා එයාව තවත් මගෙ ඇඟට යට කරගෙන තෙහෙට්ටු කරවන්නෙ නැතුව නිදා ගන්න දෙන්න..මම කියන දේ අහල එයා මාව බදාගෙන නින්දට යද්දි මන් එයාව තවත් මගෙ පපුවට කිටි කිටියෙම තද කරන් බර සුසුමක් වාතලයට මුදා හැරියා..

" මන් කොහොමද බබා උබව උගෙන් ආරක්ශා කරගන්නෙ..."

එයාගෙ ලස්සන රූ සපුව නිසා ගැහැණු පිරිමි දෙගොල්ලන්ගෙම ආකර්ශනය එයාට ලැබෙන වග දන්න නිසාම මම එයාව පරිස්සම් කරේ මලක් වගේ.. ඒත් මම මෙච්චර කාලයක් මගෙ චෙල්ලොව පිට අයගෙන් ආරක්ශා කරාට වැඩක් උනේ නෑ.. මොකද මගෙ ලගම ඉදල එයාව ඩැහැගන්න ඉන්න රාක්ශයෙක්..

මම දැන් බයම එයාව තනි කරන්න.. මගෙ පොට් එකේ තිය මගෙ උන් ලගවත් එයාව තනියෙන් දාල යන්න බය ඌ චෙල්ලොට අතක් තියයි කියල මගෙ හිත කියන නිසා.. මෙච්චර කාලයක් විශ්වාස කරගෙන උගෙ කකුල් ලෙවකාගෙන හිටපු මටම කෙලවල මගෙ කොල්ලව ගන්න ඌ දගලනව නම් අනිවාරෙන් ඌ මේ වෙද්දිත් චෙල්ලො ගැන හිත හිත ප්ලෑන් ගහනව ඇති..

අද රෙඩ්ඩි හම්බ වෙන්න ගිය වෙලාවෙ වෙච්ච දේවල් වලට මගෙ මතකය ඇදිල ගියෙ මගෙ බබාගෙ පියවුන ඇස් දිහා බලන් ඉද්දිම..

FLASHBACK

කළු පාට දඩාර ගේට් එකෙන් ජීප් එක ඇතුල් කරද්දි ගාර්ඩ්න් එකේ තැනින් තැන හිටපු ගාර්ඩ්ස්ල ටික මන් දිහා බලල ඔලුව පහත් කර ගත්තෙ වෙනද පුරුද්දටමයි.. මම උන්ට අත වනාගෙට ගෙට යන්න යද්දි මගෙ කකුල් එක තැනකදි නතර උනා.. ම්ම්ම්ම්...පෑන්ටි එකයි බ්‍රා එකයි ඇද ගත්ත සුද්දියො දෙතුන් දෙනෙක් පූල් එකේ බැහැගෙන හිනා වෙවී නානවා.. කෙල්ලො කියන නමම ඇලජික් මම උන්ට අප්‍රසන්න බැල්මක් දාගෙන ඇතුලට යද්දි ආර්යා Tv එක බල බල ඉන්න අතර මන් දිහා බලල හිනාවෙලා උඩ තට්ටුව පෙන්නද්දි මම අඩියට දෙකට උඩට ගියාට රෙඩ්ඩි අන්නා ඉන්න රූම් එක හොයන්න ගියාම තමයි මට පිස්සු හැදෙන්නෙ..

බංගලාවක් වගේ ගේක රූම්ස් ගොඩෙන් රෙඩ්ඩි අන්න හොයන්න කලින් නිකමට හිතිල මම රූෆ් ටොප් එකට ගියෙ රූම් එකේ අනිවාරෙන් මේ වෙලාවෙ එයා නෑ කියල මතක් උන නිසා.. මොකද මේ ටයිම් එකට තමයි රෙඩ්ඩි අන්න ඩ්‍රින්ක් එකක් ගන්නෙ මම දන්න විදිහට..

හිතුව වගේම රූෆ් ටොප් එකෙ දොර ඇරල බලද්දි රෙඩ්ඩි අන්න දිගම දිග සෝෆා එකේ ඉදගෙන වහලෙ ගහල තියෙන නිසා සනීපෙට හෙවනට වෙලා ටේබල් එක උඩට කකුල් දෙක තියාගෙන ඇස් වහගෙන ඉද්දි මම එයා ලගම හිටපු ගාර්ඩ්ස්ල දෙන්නට අතින් එහාට යන්න කියල ඉගි කරල එයාගෙ ඉස්සරහ සෝෆාවෙන් ඉදගෙන වොඩ්ක ටිකක් ග්ලාස් එකට වක්කර ගද්දි එයා මන් දිහා ඇස් ඇරල බැලුවෙ..

අන්නා.........

ම්ම්....

මොකද්ද කේස් එක.....

මොකෝ හදිසිය...ගෙදර රෝස මලක් උබ එනකන් බලන් ඉන්න නිසාද....?

දාගත්ත ශොට් එක උගුරට හලාගන්න කලින් රෙඩ්ඩි අන්නා කියපු දේට මම එයාගෙ මූණ දිහා බලද්දිම රූෆ් ටොප් එකට ආර්යාත් ඇවිල්ල අපි ලග හිට ගත්තෙ මම ඌ දිහා බලල ශොට් එක එක හුස්මට ගහල දාද්දි..

ඔව්..එයා මම එනකන් බලන් ඉන්නවා තමයි....

මම කියපු දේට අමුතු විදිහකට එයා මන් දිහා බලල සෝෆාවෙන් නැගිටල බැල්කනිය ලග හිටගද්දි මම තවමත් හිටපු තැනම ඉදගෙන ඉස්සරහ බලන් හිටියා..

උබට මම මේ ජීවිත කාලෙදි ඉල්ලන ඉල්ලන දේ දීල ඇති බං.. හැබැයි මම උබෙන් කිසි දෙයක් මේ වෙනකන් ඉල්ලලත් නෑ.. මම උබෙන් දෙයක් ඉල්ලුබොත් උබ නොදී ඉන්නෙත් නෑ කියල මම දන්නවා නොදිත් බෑ කියල මම දන්නවා......

මම ඉන්න තැනින් නැගිටල හිට ගෙන මට පිටු පාල රෙඩ්ඩි අන්න අහස දිහා බලන් කතා කරද්දි මම කලිසම් සාක්කු වලට අත් දෙක දාගෙන එයා මොකද්ද කියන්න යන්නෙ කියල හොදින් අහගෙන හිටියා..

මම අද උබෙන් පලවෙනි වතාවට දෙයක් ඉල්ලනවා....මම හිතනවා උබ අකමැත්තෙන් උනත් ඒ දේ මට දෙයි කියල........

රෙඩ්ඩි අන්නා මගෙ පැත්ත හැරිල කියපු දේට මමයි ආර්යයි මූණට මූණ බලාගත්තෙ මොනව ගැනද අන්නා මේ කියවන්නෙ කියල තවම අපිට නොතේරුන නිසා...

උබ මෙච්චර දවසක් ලග තියාගෙන රස බලපු රෝස මලව මට දියන්....මම එයාට මේ ලෝකෙ තියෙන උපරිම සැප දීල බලාගන්නම් බං...උබට මම පොරොන්දු වෙනවා.......

අ....න්...නා.........

මට අදහ ගන්න බැරුව ගියා.. එයා මගෙන් ඉල්ලන්නෙ මගෙ පන ටික වෙද්දි මම හිටියෙ කන් දෙකට ඇහුන දේවල් විශ්වාස කරගන්න බැරුව.. මගෙ ජීවිතේ වැඩි කාලයක් එකට හිටපු මනුස්සය මගෙන්ම මම දැන් මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරන කොල්ලව ඉල්ලුවම ලේසියෙන්ම මෙයාට දීල දාන්න තරම් පොන්නයෙක් ගානට දාල රෙඩ්ඩි කතා කරද්දි මට කට කොනින් හිනා ගියා...

උබට හොද කෑල්ලක් හම්බ වෙයි බං.. අනික උබ අර පොඩි එකාව ඇති තරම් කාලනෙ ඉන්නෙ.. දැන් උබට එපා වෙලාත් ඇතිනෙ එකම මලේ රොන් බීල.. උබ වගේ එකෙක්ගෙ පහස පතන මේ ලෝකෙ තව කොච්චර අය ඉන්නවද බං අන්න එහෙම පට්ට කදක් හොයා ගනින්.. මේ මට ඒ වගේ නෙමෙයිනෙ බං.. මගෙ හිත ගියෙ පලවෙනි වතාව මේ කොල්ලෙක්ට.. මම ආසයි එයාව මගෙ ලග තියාගෙන එයාට ඕන කියන හැමදේම අරන් දීල එයාව සතුටින් තියන්න.....උබට තේරෙනවද මම කියන දේ................

මට හොදට දැන් තේරෙනවා.....රෙඩ්ඩි.......උබ.....පොන්න....බල්ලෙක්...කියල..........

මම මෙච්චර වෙලා නිහඬව ඌ කියන එක අහන් ඉදල අන්තිමට පලවෙනි වතාවට ඌට මම රෙඩ්ඩි කියනවත් එක්කම කුනුහරපෙන් කතා කරද්දි මන් බලාගෙන ඉද්දිම උගෙ ඇස් ගැස්සිලා ගියා...එහෙම වෙන්න එපැයි මොකද දැන් මම ඉන්නෙ මෙතන ඉන්න හැම එකාවම බාවන්න තරන් කේන්තියෙන් කියන එක මෙතන කාටත් වඩා ඌ දන්නවා..

උබ කාටද ඔය කතා කරන්නෙ කියල අමතක උනාද පරයො..මේ ගෙදරින් කටු කාපු බල්ල එනවද මට සද්දෙ දාගෙන...........

ඌ කියන දේවල් මම හොදට අහන් හිටිය.. මම උගෙ ලග කටු කාපු බල්ලෙක් තමයි ඒක ඇත්ත.. නමුත් මින් ඉදිරියට උගෙ කටු කන්න තරම් බල්ලෙක් වෙන්න ලෑස්ති නෑ මම..මේ දැන් මම හිතා ගත්ත එක දේකට තියෙන්නෙ මිනිස්සුන්ගෙන් මට පට බැදුන නමට හරියන්න මම මුගෙ පස්සෙන් පන්නන කොටියෙක් වෙනවා කියල..

උබ බල්ලෙක් තමයි රෙඩ්ඩි.. මොකද උබල වගේ බල්ලො තමයි හතර වටේ හැම එකාටම හුක#න යන්නෙ.....තෝ...තෝ..හිතුවද මගෙ කොල්ලව උබට දෙන්න තරම් මම පොන්නයෙක් කියල.....උබට එහෙනම් වැරදිලා රෙඩ්ඩි... උබට එහෙනම් වැරදිලා.......

මම දත් මිටි කාගෙන හිටියෙ වැඩිය දගලන්න ගියොත් මගෙ අතින් මූ අද මැරෙනව කියල මට හොදා කාරවම තේරුන නිසා.. මොකද මට ඕන නෑ මූව එක පාරින් මරල දාන්න..මම ආසම මූව ටික ටික මරල දාන්න දැන්..

උබ ලේසියෙන් එයාව දෙන්නෙ නැහැ කියල මම දන්නවා... අන්න ඒ නිසාමයි කතා කරල විසදගන්න ගියෙ.. ඒත් උබ අද මගෙ සීමාව පැන්නුව.. ඉතින් උබ හිතනවද මෙතනින් උබට පන පිටින් යන්න පුලුවන් වෙයි කියල ආසි.............

රෙඩ්ඩි උගෙ පවර් එක මට උගෙ පොට් එකේ ඉදල පෙන්නද්දි මම කට කොනින් හිනා වෙලා ඇස් වහගෙන හොද හුස්මක් පිට කරේ මගෙ හිතේ තියෙන ආවේගෙ පාලනය කර ගන්න සහ මේ වෙද්දිත් මගෙ ඔලුවට ආර්යා තියන් ඉන්න පිස්ටල් එක නිසායි...

උබ ලග හිටපු එකාම උබට ගන් එක දික් කරන් ඉද්දි දැනෙන හැඟීම මොන වගේ ඇද්ද..හා...හා..හා..හා..හා...හරි නම් උබ දණ ගහල වදින්න ඕන මට.. උබට ඔය වගේ ජීවිතයක් දුන්නට පර බල්ලො.........

වියරුවෙන් හිනා වෙවී ඌ අන්තිමට කියපු දේට මමත් මහ හයියෙන් හිනා වෙන්න ගත්තම රෙඩ්ඩිගෙ මූණ අදුරු වෙලා ගියා.. ඔව් ඉතින් එහෙම වෙන්න එපැයි මරනය පෙනි පෙනි තියෙද්දි මම හිනා වෙනව නම් ඒකට ලොකු හේතුවක් අනිවාරෙන් තියෙන්න ඕනනෙ..

පුලුවන් නම් මරපන් මාව...මොනාද බලන් ඉන්නෙ.. උබෙ උන්ට කියපන් මට එක පාරින්ම තියල දාන්න කියල.............

ඌ නිහඬයි මගෙ වියරු හිනාව දිහාත් මගෙ කතා විලාසෙ ඉස්සරහ තුශ්නිම්භූත වෙලා බලන් ඉන්න රෙඩ්ඩි ලගටම ගිහින් උගෙ මූණ ඉස්සරහම හිට ගත්ත මගෙ ඇස් දිහා ඌ බලන්නෙ බයෙන් කියල අද මට තේරුනා.. අනිවාරෙන් බයවෙන්න එපැයි ටයිගර්ව අවුස්සල ගත්ත නම්......

උබ දන්නවා මට විරුද්ද උනොත් වෙන දේ............

ඔව් දන්නවා උබ මාව මරල දායි කියල.. හැබැයි හීනෙකින්වත් හිතන්න එපා උබට මගෙ කොල්ලව ලැබෙයි කියන එක.....

උබ හදන්නෙ මන් එක්කම හැප්පෙන්නද...............?

රෙඩ්ඩිව මරන් කන්න තරම් කේන්තියක් තිබ්බත් මම ඉවසගෙන හිටියෙ උගෙ පොට් එකේ ඌ එක්ක හැප්පෙන්න මට තනියම බැරි නිසා.. ඉතින් මට සිද්ද වෙනවා මේ වෙලාවෙ මගෙ චෙල්ලො වෙනුවන් මාවම පරිස්සම් කරගන්න...

ඔව් මගෙ කොල්ල වෙනුවෙන් මම මේ ලෝකෙ ඕනම එකෙක් එක්ක හැප්පෙන්න ලෑස්ති......

වාව්.....ඒ පොඩි එකා උබට හොදට සලකල වගේ...

මගෙ පෞද්ගලික දේවල් උබට වැඩක් නෑ......හොදට මතක තියා ගනින් මගෙ කොල්ලට උබ අතක් තියන්න ආපු දවසට තමයි උබ මේ ලෝකෙ ජීවත් වෙන අන්තිම දවස කියල.........

එහෙනම් උබට ගොඩාආආආක් පරිස්සම් කරන්න වෙයි උබෙ රෝස මලව......

ඌට පුලුවන් දෙයක් කරපන් කියල ඇස් වලින් ඉගි කරපු මම කින්ඩි හිනාවක් දාල බිම බලන් ඉන්න ආර්යා දිහාත් බලාගෙන රූෆ් ටොප් එකෙන් පහලට බැහැල ගිහින් ජීප් එකට නගින්න කලින් මම උඩ බලද්දි බැල්කනියෙ ඉදල මන් දිහා වෛරයෙන් පිරුණු ඇස් වලින් බලන් හිටපු රෙඩ්ඩිට පේන්නම මම ජීප් එකට නැගල දඩාන් ගාල දොර වහගෙන උපරිම වේගෙන් ගේට් එකත් කඩාගෙන ජීප් එකෙන් ආවෙ...

FLASHBACK END

මම ඔලුව උඩ තියන් විශ්වාස කරපු රෙඩ්ඩිගෙ මුල්ම වෙනස මට තේරුනේ එදා ඌ මගෙ පොට් එකටම ඇවිල්ල මගෙ කොල්ල දිහා කන්න වගේ බලන් හිටපු විදිය දැකල.. මුලදි මම මගෙ හිත කියන දේ විශ්වාස නොකරත් ඊයෙ වෙච්ච දෙයින් පස්සෙ රෙඩ්ඩිගෙ සත්ව ගතිය මම අදුන ගත්ත වගේම මන් ලග ඉදන් මගෙන්ම කාපු බීපු ද්‍රෝහිය ආර්යගෙ ඇත්ත ස්වරූපෙත් මම ඊයෙ දැක්ක..ඉතින් මුලින්ම වෙච්ච ශොක් එකත් එක්ක හිතට ලොකු දුකක් දැනුනත් පස්සෙ මට තිබ්බ එකම චේතනාව මුන් ඔක්කොම මගෙ අත් දෙකෙන්ම මරල දාන්න ඕන එක විතරක් උනා..

චෙල්ලො දිහා වනචර විදිහට බලපු ඒ ඇස් උගුල්ලල දාන්න වගේම චෙල්ලොව උගෙ නිදි යහනට ගන්න හීන මවන රෙඩ්ඩිගෙ පපුව පලල හදවතම එලියට ගන්න විදිහ ගැන මම නිදි නැතුව හිතුවා..

මේ ලෝකෙ මට වටිනම වස්තුව මම මගෙ පපුව අස්සෙ ගුලි කරන් ඉද්දි හිතට ලොකු සැනසීමක් දැනුනත් අනිත් අතට ඉස්සරහට මූණ දෙන්න තියෙන ප්‍රශ්න කන්දරාව ගැන හිතෙද්දිත් මගෙ පපුව එක පැත්තක් රිදෙන්න ගත්ත..

පාතාලෙ මොන වැඩ්ඩ උනත් මම අද තනි වෙද්දි රෙඩ්ඩි සහ රාජු කියන හතුරො දෙන්නෙක්ගෙන් මගෙ බබාවත් ආරක්ශා කරගෙන මගෙ පනත් රැක ගන්න ඕන කියන එක මතක් වෙද්දිත් මට අපි දෙන්නගෙ අනාගතේ ගැන කවදාවත් නැතුව ලොකු බයක් ඇති උනේ...

ම්හ්..ම්..ක්........

ශ්ශ්....ශ්ශ්....ශ්ශ්.......

මගෙ තුරුලෙ හිටපු එයා හීනෙන්ම කෙදිරි ගාන්න ගද්දි මම එයාගෙ පස්ස පැත්තට හෙමීට තට්ටු කර කර ඒ අහින්සක මූණ දිහා බලන් හිටියෙ..එයා කටේ මහපට ඇඟිල්ල ගහගෙන නලලත් රැලි කරන් මගෙ පපුවට කම්මුලක් තද කරන් ලස්සන හීන දකිනව වගේ..

මම මුවග ඇදුන හිනාවත් එක්කම එයාගෙ නලලට දීර්ඝ හාදුවක් දුන්නෙ මගෙ පපුව ඇතුලෙ එයා වෙනුවෙන් ගැහෙන හදවතෙ උතුරන ආදරේ මටම දරා ගන්න බැරි වෙද්දි...





















රකින්නම් මම උබව මගෙ හුස්ම ටික දීල......මන් නැති දාක අමතක කරන්න එපා උබට මහ මෙරක් තරම් ආදරේ කරපු පිරිමි පපුවක් කාලෙකට කලින් තිබ්බ කියන එක.......ම්ම්ම්...කියන්නෙ අදටත් එකම එක දෙයයි.......උබට මම මැරෙන්න තරම් ආදරෙයි චෙල්ලො.......................!







>>>>>>>>>

රෙඩ්ඩි & රාජු හතුරො දෙන්නයි දැන්...............😌

අප්ඩේට් දෙන්න සුට්ටක් පරක්කු උනා ඉතින්...😒 ඔය ඔය මට බයින්න එපා.. මම ආදරෙයිනෙ.. ම්හ්ක්...❤️😘

2024.01.08
S.M.බඩී✍️

Continue Reading

You'll Also Like

56K 4.3K 60
ផែនដីក្រឡាប់ចាក់ មនុស្សស្អីតាំងពីកំលោះមកដល់ពោះម៉ាយកូនប្រាំហើយ រកប្រពន្ធជាប់លាប់និងគេ១ក៏គ្មាន មិនមែនលែងលះទៅឯណាទេ គឺពួកគេនិងស្លាប់ដោយគ្មានមូលហេតុនៅដែល...
286K 49.3K 61
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
52.6K 9.6K 75
වපුරන දේ තමයි අස්වැන්න විදියට ලැබෙන්නේ... ඒක ආදරේදිත් පොදුයි 🙂💚❤️
52.3K 7.8K 75
අවයව නලියන හැඟිම්වලට ප්‍රේමය යැයි නොකියමී... ජිවිතයේ අවසන් හුස්ම දක්වා ගනුදෙනු කරන අපුරු බැඳිමට ප්‍රේමය යැයි පවසමී... ❤️