ROUGH BOY AND TROUBLER || TK

By Angel_Yamasakura

104K 15.8K 3.8K

නපුරු කුමාරයෙක්ට ආදරේ කරන අහිංසක දගකාරයෙක්..... 💥පොත් දෙකක්..!!! ♡පලවෙනි ආත්මය..University ආදර කතාවක්.. පොහො... More

INTRODUCTION - 1
INTRODUCTION - 2
|| Chapter 1 ||
|| Chapter 2 ||
|| Chapter 3 ||
|| Chapter 4 ||
|| Chapter 5 ||
|| Chapter 6 ||
|| Chapter 7 ||
|| Chapter 8 ||
|| Chapter 9 ||
|| Chapter 10 ||
|| Chapter 11 ||
|| Chapter 12 ||
|| Chapter 13 ||
|| Chapter 14 ||
|| Chapter 15 ||
|| Chapter 16 ||
|| Chapter 17 ||
|| Chapter 18 ||
|| Chapter 19 ||
|| Chapter 20 ||
|| Chapter 21 ||
|| Chapter 22 ||
|| Chapter 23 ||
|| Chapter 24 ||
|| Chapter 25 ||
|| Chapter 26 ||
💚💜
💚💜
|| Chapter 27 ||
|| Chapter 28 ||
|| Chapter 29 ||
|| Chapter 30 ||
|| Chapter 31 ||
|| Chapter 32 ||
|| Chapter 33 ||
|| Chapter 34 ||
|| Chapter 35 ||
|| Chapter 36 ||
|| Chapter 37 ||
|| Chapter 38 ||
Happy jimin day 🍰💛🎉
|| Chapter 39 ||
|| Chapter 40 ||
|| Chapter 41 ||
|| Chapter 42 ||
|| Chapter 43 ||
|| Chapter 44 ||
|| Chapter 45 ||
|| Chapter 46 ||
|| Chapter 47 ||
💚💜 New story
|| Chapter 48 ||
|| Chapter 49 ||
|| Chapter 50 ||
Happy jin day 💖🎂
|| Chapter 51 ||
|| Chapter 52 ||
|| Chapter 53 ||
|| Chapter 54 ||
|| Chapter 55 ||
|| Chapter 56 ||
|| Chapter 57 ||
|| Chapter 58 ||
|| Chapter 59 ||
|| Chapter 61 ||
|| Chapter 62 ||
|| Chapter 63 ||
|| Chapter 64 ||
|| Chapter 65 || The last chapter
𝗛𝗮𝗽𝗽𝘆 𝘁𝗮𝗲 𝘁𝗮𝗲 𝗱𝗮𝘆 🐯💚
• නැවත ඇරබුමක් •
• Troubler Introduction •
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 01 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 02 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 03 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 04 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 05 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 06 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 07 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 08 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 09 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 10 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 11 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 12 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 13 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 14 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 15 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 16 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 17 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 18 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 19 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 20 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 21 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐩𝐚𝐫𝐭 22 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐩𝐚𝐫𝐭 23 >

|| Chapter 60 ||

1.1K 176 56
By Angel_Yamasakura


" ඕක ඔතන නෙවෙයි...එහා පැත්තට වෙන්න හයි කරන්න..ඒ යුන්ගියා කනවෙලාද බේසික බල්ලෝ ඕක ඇදයි..."

" අනේ මේ නකුටු කුක්කො කට වහගෙන හිටහන්..."

" කැලෑ බළල...තෝ හූඋ...."

" බල්ලා..ඔහොම හිටපන් ...!! මම තොට අද...!!"

" යාආආහ්...!!! ජන්කුක් !, යුන්ගි ! නවත්තපියව් තොපි දෙන්නම ඕක..!!! යකෝ ගේ සරසනවනම් ඒක කරහන්කො ඔය මොන පම්කක්ද කරන්නෙ..තොපි ඔය මරවෙසෙනෙට එහෙ මෙහෙ දුවල මේ එක බඩුවක් හරි කැඩුනොත් මම එපෑ ජිනීගෙන් ගුටි කන්න...!!"

නම්ජුන් කෑගහනව ගිරිය කඩාගෙන.. ඒත් ඉතින් මේව ඇහුනෙ නැති ගානට යුන්කුක් දෙන්න තාම ගහගන්නව..
මුන්ට බැනල වැඩක් නෑ කියල හිතුනට පස්සෙ නම්ජුන් ආයෙ හැරිල ගියා..

අද ජිඔන් මැන්ශන් එකේ පාටි එකක්නෙ... වෙඩින් ඇනවසරි එකට කට්ටියම මැන්ශන් එක ලෑස්ති කරන ගමන් හිටියෙ..නම්ජුන් ඒකට සල්ලි දීල මිනිස්සු ගෙන්නගෙන තිබ්බත් ජන්කුක්ලත් නිකන් ඉන්න ගමන් උදව් කලා.. පාටි එක නිසා යුන්ගි , හෝසෙඔක් දෙන්නත් අද ජන්කුක්ලගෙ ගෙදර... කලින් දවසෙ ඉදන්, දැන් අද දවසත් අරන් කට්ටිය මැන්ශන් එක සැරසෙවුව... ඒත් තාම ඉවර නෑ.. සාගරයක් වගෙ තියෙන ගේ සරසනව කියන එකත් ලේසි පහසු නැ...

කොහොමහරි හවස් වෙනකොට මුලු මැන්ශන් එකම සරසල ඉවර කලා...
වස 6.30 වගේ වෙනකොට කට්ටිය එන්න ගත්තගොඩක්ම බ් හිටියෙ බිස්නස්මන්ල..නම්ජුන්ගෙ යාලුවො තව ජින්ගෙ යාලුවො, mr.jeon ගෙ යාලුවො,mrs.jeon ගෙ යාලුවො.. නෑයො, ඈයො තව ජන්කුක්ගෙ යුනි එකේ යාලුවො..ඔක්කොම කට්ටිය ජිඔන් මැන්ශන් එකට ආව...

" ආශ් යුන්ගියා..බලහන් දැන් වෙලාව ...7යි..බේබිල තාම නැනෙ බන්.."


ජන්කුක් එයාගෙ කාමරේ බැල්කනි එකට වෙලා මේ බලන් ඉන්නෙ එයාගෙ බේබි පාටි එකට එනකල්.. ඒත් ටේහියුන්ල තාම ආවෙ නෑ.. යුන්ගි , හෝසෙඔක් කට්ටියම ලෑස්ති වෙලා ජන්කුක්ගෙ කාමරේ හිටියෙ.. අනිත් හැමෝම පහල..මොකද දැන් එන්න හිටපු හැමෝම වගේ ඇවිත් තියෙන්නෙ..

පොලිස්සියෙන් පවා ඇවිත් ආරක්ශාවට...එහෙම නැතුව බැනෙ..Jeon company එක කියන්නෙ කොරියාවෙ number 1 company එක....

" මටත් ඉවසිල්ලක් නෑ බන් චිමීව දකිනකල්..."

යුන්ගි එයාගෙ ජිමින් අලේව මතක් කරල කොයනකොට හෝසෙඔක් රවල අහක බලාගත්ත..

" උබල ඔක්කොටම ඉවසිල්ලක් නෑ ලව් බලනකල්...ලව් එකක් කියා හුරතලේට බලු නකුටෙක්වත් හදන්නෙ නැති මම..."

හෝසෙඔක් එහෙම කිවුවම යුන්කුක් දෙන්නම බඩ අල්ලන් හිනා උනා..

" අඩෝ යුන්ගියා...ජිමිනට කෝල් එකක් දාල බලහන්කො කොහෙද ඉන්නෙ කියල.."

" හිටපන් හිටපන්.."

ජන්කුක් කිවුවම තමා යුන්ගිටත් මතක් උනේ.. ඉක්මනට කලිසම් සාක්කුවට අත දාල පෝන් එක ගත්ත යුන්ගි ජිමින්ට කෝල් එකක් ගත්ත..

" හෙලෝ.."

" හෙලෝ මූචි බබා..."

" කියන්න පූස්..."

" කොහෙද අනේ ඉන්නෙ..දැන් කොච්චර වෙලාවක ඉදන්ද බලන් ඉන්නෙ...?"

" හරි හරි අනේ මේ එනව මග ... තව විනාඩි 3න් වගේ මැන්ශන් එකේ..."

" ආ..එන්න එන්න.."

" අඩෝ තව විනාඩි 3කින් මැන්ශන් එකේලු බන්.. "

යුන්ගි කිවුවම හෝසෙඔක් නම් සැනසුම් සුසුමක් හෙලුව..ඇති යන්තම් කියල..

" ආ අර ආවෙ.."

යුන්ගි කිවුවෙ තේවෝන්ගෙ කාර් එක පෙන්නල..

" හරි බන් එයාල ඇතුලට ආවම ටිකකින් පහළට යමු"

" හා හා.."

ජන්කුක් ,යුන්ගි ,හෝසෙඔක් හදපු නම්ජින් දෙන්නගෙ රූම් එක..





මැන්ශන් එකේ පහල තට්ටුවෙ පාටි එක පටන් ගන්න හදන්නෙ... එන්න හිටපු කට්ටිය හැමෝම වගේ ඇවිත් තිබුන නිසා...නම්ජින් දෙන්න හැමෝම එක්ක සුහදව කතා කලා.. කට්ටියම කයිය ගගහ හිටියෙ ...යුනි එකේ ලමයි හැමෝම ඇවිත් හිටියා.. ගොඩක්ම ජන්කුක්ට පැණි හලන අය... ඒ අය ජන්කුක්ව හෙවුවත් ජන්කුක් හිටියෙ නැ.. මොකද එයා තාම උඩනෙ...ඉතින් කට්ටිය කුසු කුසු ගගා ඉදියා...

ඔය වෙලාවෙ තමා ටේහියුන්ල ආවෙ..මුලින්ම ආවෙ තේවෝන්..තේවෝන්ගෙ එක අතක් යූර අල්ලගෙන ඒ දෙන්න මැන්ශන් එක ඇතුලට ආව.. හරිම ලස්සන කපල් එකක්... ඊට පිටිපස්සෙන් ජිමින් ටේහියුන් දෙන්න ආව...


ටේහියුන් එනකොට යුනි එකේ සමහර එවුවොන්ට පුදුමයි..ඇයි ඉතින් කොහොම හිටපු කෙනෙක්ද ටේහියුන් ...

" හලෝ තේවෝන්..කොහොමද ඉතින්.."

තේවෝන් සර් ලගට ගිය mr.jeon තේවෝන් සර්ව බදාගෙන සුහදව පිලිගත්ත...
Mrs,jeon නුත් ඇවිත් යූරව බදාගත්ත...
ඒ ගොල්ල අතරෙ ලගදිම නෑකමක් හැදෙනව කියල එතන හැමෝම දැනගෙන හිටිය..

" ඕ ගෝඩ්..බලන්නකො අපේ මහත්තයා.. මගෙ බෙයා අද කොච්චරනම් හුරතල් පාටද කියල.."

Mrs.jeon ටේහියුන්ව දැක්ක ගමන් ටේහියුන් ලගට ගිහින් ටේහියුන්ගෙ කම්මුල් දෙක ඇද ඇද කිස් දෙන්න ගත්ත. ටේහියුන් ඉතින් හුරතල් විදියට හිනා වෙවී එයාගෙ වෙන්ඩ ඉන්න ඔම්මව බදාගත්ත..


" ජින් හියුන්ගී......"

" බෙයා..."

Mrs.jeon අයින් උන ගමන් ටේහියුන් කෑගහගෙන ජින් ලගට දිවුව.. ජින්ටත් එයාගෙ බෙයාට වඩා දෙයක් නැනෙ..එයත් එල්ලිලා හිටිය නම්ජුන්ගෙ අත අතඇරල ටේහියුන් ලගට දුවගෙන ඇවිත් බදාගත්ත..

" හියුන්ගී අද ගොඩක් හැන්සම්නෙ..."

" මගෙ බෙයත් අද ගොඩක් හුරතල්..."

ජින් ටේහියුන්ගෙ නළලට කිස් එකක් දීල එහෙම කිවුව... වටේ ඉන්න අය මේ ආදරණීය පවුල දිහා බලන් හිටියෙ හිනා වෙවී..

" අනේ අනේ බෙයා... ඔයාට දැන් මාව අමතකයි නේහ්..ඉහිම් දුකයි හොදේ.."

ජින්ගෙ ඇගේ නැගල ඉන්න ටේහියුන්ට එතකොට තමා නම්ජුන්ව මතක් උනේ.. ඉක්මනට ජින්ගෙ ඇගෙන් බැස්ස ටේහියුන් ඊලගට නම්ජුන්ගෙ ඇගේ නැග්ගෙ ජිඔන් පවුල වගේම තේවෝන්ල, පාටි එකට ආව අමුත්තොත් මේ හුරතලේ දිහා හිනා වෙවී බලන් ඉද්දි...හැබැයි ටේහියුන් නම්ජුන්ගෙ කරේ නගිනව දැකල යුනි එකේ කට්ටියටනම් සූස් ගෑවුනා...

" ම්..මේ ඔම්මා.. කෝ කුකී..."

ඇවිල්ල පැයකාලක් විතර ගිහිල්ලත් තාම ජන්කුක් පේන්න නැති නිසා ටේහියුන් වට පිට බල බල ජන්කුක්ව හෙවුව.. ඒත් පේන්න හිටියෙ නැති නිසා ටේහියුන් ජන්කුක්ගෙ ඔම්ම,mrs.jeon ගෙනුත් ඇහුව..

" කුකී තාම උඩ බෙයා. එයා දැන් එයි....ආ..අර එන්නෙ කියනකොටම..."

Mrs.jeon පඩිපෙල පෙන්නන ගමන් කියනකොට ටේහියුන් ඒ එක්කම බැලුවෙ පඩිපෙළ දිහා...

" සූස්..."

" ඔහ්..වාව්.. අද ජන්කුක් ඔප්ප මාර හැන්සම්නෙ.."

" වොහ්...ජිඔන්..ඔයාගෙ පොඩි පුතා මාර ඩීසන් කොල්ලෙක්නෙ ආ.."

යුනි එකේ අය වගේම බිස්නස්මන්ල, ඇවිත් හිටපු හැමෝම කියවන්න ගත්තෙ පඩිපෙළ බැහැගෙන එන ජන්කුක්දිහා බලාගෙන..


" අනේ අද යුන්ගි ඔප්පා ගොඩක් ලස්සනයි..."

" ආහ් ... හොබී ඔප්ප දිහා බලන්නකො...අම්මෝ.."


අත් දෙකම කලිසම් සාක්කු දෙකට දාගෙන, වෙනදට වඩා ගොඩක්..ගොඩක්ම හැන්සම් විදියට එන එයාගෙ නපුරු කුමාරය දිහා ටේහියුන් බලාගෙන හිටියෙ දිලිසෙන ඇස් වලින්.. එයාගෙ කුකී...

ජන්කුක්ගෙ දෙපැත්තෙන් යුන්ගි , හෝසෙඔක් දෙන්නත් ආව.. පඩිපෙලේ උඩ ඉදන්ම යුන්ගිගෙ ඇස් ජිමින්ලග තොයෙනකොට, ජන්කුක්ගෙ ඇස් තිබුනෙ එයාගෙ බේබිලග විතරමයි...

ටේහියුන් දිහා බලාගෙනම පඩිපෙළ බැහැල ආව ජන්කුක් ඒත් එක්කම වගේ කෙලින්ම ආවෙ තේවෝන්ල, ජිඔන්ල ලගට වෙලා එයා දිහා දිලිසෙන ඇස් වලින් බලන් ඉන්න ටේහියුන් ලගට...

" බේබි..."

"ජන්කුකී...."

ටේහියුන් ලගට ආපු ගමන් ජන්කුක් එයාගෙ දකුනු අත විතරක් කලිසම් සාක්කුවෙන් එලියට අරගෙන ඒක ටේහියුන්ගෙ ඉනවටේ යවල., ටේහියුන්ගෙ නළලට කිස් එකල් දුන්න..
හැමෝම බලන් ඉන්නැද්දි..ටේහියුන් කොච්චරනම් වාසනාවන්තද කියල ගොඩක් අය කතා උනා..

ජන්කුක් නළලට කිස් එකක් දෙනකොට එයාගෙ රෝස පාට අත් ජන්කුක්ගෙ පපුවෙ ගුලිකරගත්ත ටේහියුන් ජන්කුක්ගෙ ඇගට හේත්තු උනා.මේ වෙනකොටත් එයා ලැජ්ජාවෙන් රතු වෙලා.. ටේහියුන් හිතන් හිටියෙ ජන්කුක් එයා එක්ක තරහ වෙලා ඇති කියල.. ඒත් ජන්කුක් දැන් මේ ඉන්න විදියට ජන්කුක් තමන් එක්ක තරහ නෑ කියල ටේහියුන්ට ඔප්පු උනා..

" ජන්කුක් පුතා අද මාර හැන්සම් ආ...මටත් වඩා හැන්සම්ද මන්දා..නේද හනී..."

ටේහියුන්ව තුරුල් කරන් ඉන්න ජන්කුක් දිහා බලාගෙන තේවෝන් හිනා වෙලා කිවුවම යූර හිනා වෙලා තේවෝන්ගෙ පපුවට චූටි පාරක් ගැහුව...( නාකි කෝලන්..)

" එහෙම තමයි අප්පා..මම හැන්සම් නිසානෙ ඔයාගෙ මේ පුතා රතු වෙලා තියෙන්නෙ මේ.."

ජන්කුක් හිනා වෙවී එයාගෙ පපුවෙ හැංගිලා ඉන්න ටේහියුන්ව පෙන්නල කියනකොට ටේහියුන් තව ටිකක් රතු වෙන්න ගත්ත..අනිත් අයටනම් හොදටම හිනා..

" යන්නකො කුකී..හුම්ම්ම්."

ලැජ්ජාවෙන් රතු වෙලා හිටිය ටේහියුන් ජන්කුක්ගෙ පපුවට හුරතල් පාරක් ගහල හුරතල් විදියටම තොල් උල් කරගත්තම ජන්කුක්ට ඒ වෙලාවෙ ටේහියුන් ඒ හුරතලේ දරාගන්න බැරි උනා..

" කොහේ යන්නද ම්ම්ම්..මම අදනම් කොහෙවත් යන්නෙ නෑ.."

ටේහියුන්ගෙ ඉන වටේ තියෙන අතින් ටේහියුන්ව තව ටිකක් තමන්ගෙ ඇගට තද කරගෙන එහෙම කියපු ජන්කුක් , ඇස් එයාගෙ මේ හුරතල් සුරදූත පැටියගෙ මූන පුරා අරන් ගියා..

" බෙබි~".

" ඇයි කු .."

" කිස් එකක්..."

ජන්කුක් ටේහියුන්ගෙ කනට පාත් වෙලා කිවුවම ටේහියුන් ඇස් ලොකු කරගෙන ජන්කුක්ගෙ පපුවෙන් ඔලුව ඉස්සුව.. ඇත්තටම ඒ වෙලාවෙ ජන්කුක් හිටියෙ ටේහියුන්ගෙ තොල් අල්ලගන්න බැරුව ලොකු අමාරුවකින්..(ඉවසීමේ ප්‍රශ්න )

" අ-අනේ...මට බෑ.."

" මොකක්ද බේබි...දෙන්නකො..අනේ.."

" අ..අනේ බ්-ම්ම්ම්හ්.."

හරි ඉතින් ....ටේහියුන්ගෙ තොල් දිහා බලන් ඉන්න බැරි උන ජන්කුක් ටේහියුන් ආයෙත් කියන්න යන්නෙ බෑ කියල දන්න නිසා ඉක්මනට ටේහියුන්ගෙ තොල් අල්ලගත්ත....
ජන්කුක් කරපු වැඩේට ටේහියුන්ගෙ ඇස් උඩ යද්දි , ජන්කුක් එයාගෙ සාක්කුවෙ තිබ්බ වම් අතත් අරන් ටේහියුන්ගෙ ඉන වටේට යැවුව..
මුන්ට මින්ස්සු බලන් ඉන්නව කියල අමතකයි..

අනික් අතට ජන්කුක් මොකටද ලැජ්ජ වෙන්නෙ..මේක එයාගෙ ගෙදරනම්.. අත් අතරෙ ඉන්නෙ එයා බදින්න ඉන්න කෙනා නම්.. මොන ප්‍රශ්නයක් වත් නැනෙ.. ඉතින් ජන්කුක් එයා කරපු දේ නිසා තාමත් ඇස් ලොකු කරන් ඉන්න ටේහියුන් ගැන නොතකා ටේහියුන්ගෙ යටි තොල උරන්න ගත්ත..

" ඔහ්..! අනේ මන්දන්නෙ නෑ මේ කාලෙ හැදෙන ලමයිනම්.."

ජන්කුක් ටේහියුන්ව කිස් කරනව දැකල mr.jeon එහෙම කිවුවම ඒකට ඔලුව වනන ගමන් අනිත් අයත් හිනා උනා..

" ලමයට බැනල වැඩක් නෑ අපේ මහත්තයා.. ඔයත් ඒ කාලෙ ඔහොම තමා...ඉතින් අහන්න දෙයක් නැනෙ අප්ප වගේම නැතෑ පුතණ්ඩියත්..."

Mrs.jeon , mr.jeon ගෙ සායම සෝදාපාලුවට ලක් කරනකොට කිස් කරන ගමන් ඕක අහගෙන හිටපු ජන්කුක්ටත් හිනා...

" ඔයා අද ලස්සනයි චිමී..."

යුන්ගි ජිමින් ලගට ගිහින් කියනකොට ජිමින් රතු වෙලා බිම බලාගත්ත..

" ඔ..ඔයත්..."

වචන ගැට ගගහ කිවුව ජිමින් යුන්ගි දිහා බලල ආයෙ බිම බලාගත්ත...යුන්ගිටනම් හිනා...

" හරි ගායිස්...එහෙනම් අපි පටම් ගමු..."

නම්ජුන් මයික් එකෙන් කිවුවට පස්සෙ පාටිය පටන් ගත්තා... කාල බීල එහෙම තමා ඩාන්ස් කරන්න තිබ්බෙ...

" බේබි...කන්නෙ නැද්ද ම්ම්..."

සෝෆ එකක ටේහියුන් එක්ක ජන්කුක් ඉදගෙන ඉදියා.. ඒ ලගම හෝසෙඔක් , යුන්ගි , ජිමින් ලත් ඉදගෙන ඉදිය..

" නෑ කුකී...බඩගිනි නෑ..."

ටේහියුන් කිවුවම ඔලුව වැනුව ජන්කුක් ටේහියුන්ට පොඩ්ඩක් ඉන්න කියල නැගිටල ගියා...

ටික වෙලාවකින් කට්ටිය කාල බීල එහෙම ඩාන්ස් කරන්න පටන් ගත්ත.. මුලින්ම නම්ජින් දෙන්න නැටුවට පස්සෙ කපල් කපල් ගිහින් නටන්න ගත්ත..යුන්ගිත් ජිමින්ව එක්කන් ගිහින් නටන්න ගත්තම යුන්ගිට පැණි හලපු කෙල්ලො, කොල්ලොන්ගෙ මූන කරත්තෙට අහු උන කජු ලෙල්ල වගේ උනා...

ජිඔන් පවුලයි,තේවෝන් ලයි කපල් කපල් ඔක්කොම නටන්න ගියත් ටේහියුන් තාමත් ඉදපු තැනට වෙලා හිනා වෙවී කට්ටිය නටන දිහා බලාගෙන..ජන්කුක් තාම ආවෙ නෑ ..

" බේබි...."

" ඔහ් කූ...ඔයා ආවද.."

ටික වෙලාවකින් ටේහියුන් ලගට ආපු ජන්කුක් , ටේහියුන් අහපු එකට ඔලුව වනල ටේහියුන්ගෙ පැත්තට අත දික් කලා..

" කූ~"

ටේහියුන් ජන්කුක් දිහා බැලුවෙ ඇයි මේ කියල අහන්න වගේ..

" අපි නටමු බේබි..එන්න.."

ජන්කුක් කිවුවම ටේහියුන්ගෙ ඇස් දිලිසුනා.. හා කියන්න ඔලුව වැනුව ටේහියුන් ජන්කුක්ගෙ අත උඩින් අත තිබ්බම ජන්කුක් ටේහියුන්වත් එක්කන් ගිහින් ඩාන්ස් කරන්න ගත්ත...

ජන්කුක්ගෙ අත් දෙකම ටේහියුන්ගෙ ඉන වටේ තියෙද්දි, ටේහියුන්ගෙ අත් ජන්කුක්ගෙ බෙල්ල වටේ එතිල තිබ්බ.. එයාල ඇහෙන සංගීතෙට තාලෙට පැද්දෙන ගමන් දෙන්නගෙ ඇස් දිහා බලාගෙන හිටියා.. තරු පොකුරු තියෙන් ටේහියුන්ගෙ ඇස් දිහා ජන්කුක්ට ඕනම වෙලාවක් බලන් ඉන්න පුලුවන්..

" අහ්.."

ජන්කුක් එකපාරටම ටේහියුන්ව හරහට වඩා ගත්ත.. ජන්කුක් එක පාරට කරපු දේ නිසා ටේහියුන් ගැස්සුනා ... ටික වෙලාවකින් ටේහියුන් ලස්සනට හිනා වෙලා ජන්කුක්ගෙ නළලින් හාදුවක් තිබ්බා..

ටිකකින් ටේහියුන්ව උස්සගෙනම ඩාන්ස් කරන තැනින් ආව ජන්කුක් ටේහියුන්ව ඔම්මල හිටපු තැනින් බිමින් තියල ඉක්මනට එන්නම් කියල ටේහියුන්ට කිස් එකකුත් දීල ගියා...

" අහම්... ගායිස්...පොඩි දෙයක් තියේ..."

මෙච්චර වෙලා ජන්කුක්ව හෙවුව ටේහියුන් ඒත් එක්කම වගෙ බැලුවෙ ස්ටේග් එක දිහ.. ජන්කුක් ස්ටේග් එක උඩ එක අතක මයික් එක තියන් අනික සාක්කුවට දාගෙන ටේහියුන් දිහා බලන් හිටියා..
කට්ටියම පුදුමෙන් බලන් හිටියෙ ජන්කුක් මොකක්ද කියන්නයන්න් කියල..

ජන්කුක් ඊලගට කලේ ස්ටේග් එකෙන් බැහැල ටේහියුන් හිටපු තැනට ඇවිදන් ගිය එක..

ටේහියුන් ලගට ගියපු ජන්කුක් ටේහියුන් ඇස් ලොකු කරගෙන ඉන්නකොට ලාවට හිනා වෙලා ටේහියුන් ඉසරහෙන් දනගහගත්ත...

" ක්කූ~"

ටේහියුන් පුදුමෙන් බලන් ඉද්දි සාක්කුවෙන් මුද්දක් තියෙන කප් එකක් ගත්ත ජන්කුක් ඒක ටේහියුන්ගෙ පැත්තට දිග් කලා...
ඊට පස්සෙ මයික් එක කට ලගට ගෙනත් ජන්කුක් ටේහියුන්ගෙ ඇස් දිහා බලාගත්තා..

" බේබි..~ මට තේරෙන්නෙ නෑ බේබි මොනාද කියන්න ඕනි කියල... ඒත්..මම මෙච්චර කාලයක් නොකියපුව..මට අද ඔයාට කියන්න ඕනි.....,

බේබිට මතකද අපි හම්බ උන විදිය.. යුනි එකේදි...ඉස්සර මට යුනි එකේ පෙන්නන්නම බැරි කෙනෙක් ඔයා.. මම හැමදාම වගේ යුනි එකට ගියේ ඔයාට කරදර කරන්න හිතාගෙන.. ඉස්සර ඔයාගෙ ඔය අහිංසක තරු පිරිච්ච ඇස් මට විහිලුවක් උනා.. මොකද ඒ දවස් වල මම බේබිගෙ ඇස් හරියට දැකල නෑ... බේබි අහිංසක කමට කට වහගෙන ඉන්නකොට මම බේබිට ගැහුව... හිත රිද්දන්න පුලුවන් උපරිමේටම රිද්දුව... යුනි එක එපා වෙන්න වැඩ කලා..ඒත් බේබි එන එක නතර කලේ නෑ.. දවසක් මගෙ වාසනාවට මම මේ කරන දේ මට තේරෙන්න ගත්ත.. මම එදා ඉදන් ඔයාට කරදර කලේ නෑ...එදා ඉදන් අපි යාලුවො වගේ ඉදියා.. ඒත් ඊටත් අවුරුදු ගානකට කලිනුයි බේබි මට ආදරේ කරන්න අරන් තියෙන්නෙ කියල දැනගත්තෙ මම පස්සෙ... බේබිට නොකිවුවට ඔයා මේ ගෙදර නවතින්න ආවම මම ගොඩක් සතුටු උනා.. ඒකට හේතුව මම මගෙ මුරණ්ඩු හිතට හොයන්න දුන්නෙ නැ.. නැත්නම් මේව මීට කලින් වෙන්න තිබ්බා... බේබි මෙහෙට ආවට පස්සෙ මාව හොදට බලාගත්ත... මට මතකයි...අපි ගිය ට්‍රිප් එකේදිත්... බේබිට මතකද...බේබි මට ආදරෙයි කිවුවම මම මගෙ හිතේ එහෙම දෙයක් නෑ කියල කිවුවම බේබි මැරෙන්න හැදුව... එදා ඒ වචන කිවුවෙ හිතකින් නෙවෙයි බේබි... ඇත්තටම ඒ කාලෙ මම මුරණ්ඩුයි..මට කිසි ගානක් උනේ නෑ..ඒ වචන බොරු....ආදරේ කලා මම ... ඒත් කිවුවෙ නෑ... අද බේබි මා එක්ක තරහ උනාම යුන්ගි මට හැමදේම පැහැදිලි කලා...මම වැරදියි..සෙල්ලක් කාර ගතිගුණ මගෙ තියෙන්නෙ..මාස 6ක් විතර වෙනව අපි එකට ඉන්න අරන්..ඒ කාලෙ ඇතුලත බේබි මට ආදරෙයි කියල දහස් වතාවක් කියල ඇති..ඒත් මම එක පාරකවත් ආදරෙයි කියල නෑ බේබිට.. එහෙම කියල නෑ කියල මම ආදරේ නැතුව ඇතියි කියල හිතුවද ඔයා මැනික...

අද යුන්ගි මට කිවුව... ඔයා යයි කියල.. ගියොත් උබ මොකද කරන්නෙ කියල..මගෙ පපුව හිරවෙන්න ආව බේබි..උබ නැති ජීවිතයක් ගැන හිතන්නත් බයයි බන් මම.. යුන්ගි අහනකොට උබ එක පාරක් එ කොල්ලට ආදරෙයි කියල නෑනේද කියල, ම්..මට කට උත්තර නැති උනා බේබි.කවදාවත් නැතුව මම අසරණ උනා කියල තේරුනා මට.. ඇත්ත..මම කියල නෑ. ඒත් මම මොන වගේ මිනිහෙක්ද කියල මැනික දන්නව නේද.. මේ ජන්කුක් ..මොන වගේද කියල.. මම මැනික වෙලාවකට උබ , බන් , බොලං , කියල්, කුනුහරප වලින් කතා කලත් , ඒ හැම වචනෙකම තිබ්බ මගෙ ආදරේ උබ දැක්ක නේද මැනික..මම දන්නව..උබ දැක්ක..ඒ වචන වලට පවා උබේ ඇස් දිලිසුනා...

මට ඕනි උනේ උබව පරිස්සම් කරන්න ... උබ හැමදෙකටම අඩාගෙන වැටෙන්නෙ නැති හිත හයිය කොල්ලෙක් කරන්න..ඒකයි උබට කිවුවෙ මම වගේ වෙයන්..එදාට උබට ආදරේ කරන්නම් කියල..මැනිකට මතකද... ඒක ඔයා කලා.. ඔයා දන්නව.. මාව තේරුම් ගත්තෙ ඔයා විතරයි...ඉතින් මමත් මගෙ පොරොන්දුව ඉශ්ට කරන්නම්...
මෙච්චර කල් උබට නොකියපු ආදරේ අද මේ හැමෝම ඉස්සරජ කියන්නයි මට ඕනි උනේ.. ආදරෙයි බේබි...මම උබට ගොඩක් ආදරෙයි..මගෙ පපුව පිරෙන්නම ආදරෙයි.. උබේ ඔය රෑ අහසෙ තරු පොකුරු ගනන් හංගල තියෙන ඇස් දෙකට ... මම පන වගේ ආදරෙයි... ආදරෙයි..ආදරෙයි..ගොඩක් ආදරෙයි මැනික... උබේ පිට පෙනුමට නෙවෙයි..උබේ මේ හදවතට..මම ගොඩක් ආදරෙයි...

උබ නැති ජීවිතයක් මට නෑ බන්..මට උබව දැනට විතරක් නෙවෙයි..ජීවත් වෙලා ඉන්නකල්ම...ආයෙ උපදින හැම ආත්මෙකදිත් ඕනි... මම පොරොන්දු වෙනව උබට.. කිසිම කරදරයක් නොවී..උබව රෝස මලක් වගේ පරිස්සම් කරනව කියල... ආදරෙයි ... Will you marry me baby..."

ජන්කුක් කතාව ඉවර කරනකොට ටේහියුන් හුස්මගන්න බැරි වෙන්නම අඩල..ඉකි ගහන විදියට ටේහියුන්ගෙ මුලු ඇගම හෙල්ලුනා.. තමන් ඉස්සර දන ගහගෙන ජන්කුක් මයික් එකෙන් එතන හිටපු හැමෝටම ඇහෙන්න කියපු වචනයක් ගානෙ කදුලු සැලුව..දුකට නෙවෙයි සතුටට....!! ටේහියුන් හැමදාම බලාපොරොත්තු උන දේ... අද ජන්කුක් ඉශ්ට කලා... ඉතින් සතුටු නැද්ද....

" ඉක්මනට කියහන් මැනික...කකුල් රිදෙනව..."

ජන්කුක් කිවුවම මෙච්චර වෙලා මේ ආදරණීය මොහොත දිහා බලන් හිටපු අයට චූටි හිනාවක් ගියා.. මොනා උනත් ජන්කුක්ගෙ විදිය වෙනස් වෙලා නෑ..

" ඔ..ඔව් කුකී..ම්..ම්න් කැමතියි...ඉහි..."

ටේහියුන් ඉකි අතරිනම එයාගෙ කදුලු පිහිද ගන්න ගමන් කිවුවම හිනාවෙවී නැගිට්ට ජන්කුක් එයාගෙ අතේ තිබ්බ මුද්ද ටේහියුන්ට පැලෙන්දුව. අනිත් මුද්ද ටේහියුන් ජන්කුක්ගෙ අතට දැම්මම ජන්කුක් ටේහියුන්ගෙ තොල් අල්ලගන්න ගමන් ටේහියුන්ගෙ ඉන ලගින් අල්ලල උස්ස ගත්ත.... කිස් කරන ගමන්ම වටයක් කැරකුන ජන්කුක් ටේහියුන් එයාගෙ තොල් වලින් ඈත් උනාම ටේහියුන් දිහාට අර බනී හිනාව දැම්මා...

"ආ..දරෙයි කුකී...ග්..ගොඩක්..."

" මාත් ආදරෙයි මැනික... ගොඩක් ආදරෙයි..."


















Hii gays 👭💚💜️

බුදු අම්මෝ...2280 ක් කතාව.. 🙂 හප්පේ මගෙ ඇගිලි...

ආදරෙයි කියල කිවුව නේ.. 😌..කෝමත ඒක...

මේ Chapter 60..මට 60 වෙනි එකේ වෙනසක් කරන්න හිතුන..ඒකයි කොහොම හටි මේකෙම මේ ටික දුන්නෙ...තව කොටස් 3යි 🥺♥️

එහෙනම් මම ගියා...ටටා බායි...

මේ සමහට තැන් වල ටයිප් කරපුව එහෙ මෙහෙ වෙලා ඇති ගනන් ගන්න එපා 😁😁

Continue Reading

You'll Also Like

60.6K 11.3K 30
ඇයි මං ඔයාට වඩා ගොඩක් කලින් මේ ලෝකෙට ආවේ.... ඇයි දෙවියෝ මාව ඔයා එක්කම මේ ලෝකෙට එව්වේ නැත්තේ.... අපි දෙන්නම එකට මේ ලෝකෙට ආවා නම් ... එහෙම උනා නම් අප...
1.7K 53 6
"Used to drive 'round in your wrangler, in our deadbeat town In the parking lot, we would talk about all the drama Had nothing better to do Now I go...
202K 6.4K 200
(𝙱𝙾𝙾𝙺 𝟷) "𝙸𝚏 𝚢𝚘𝚞'𝚛𝚎 𝚐𝚘𝚗𝚗𝚊 𝚐𝚎𝚝 𝚝𝚘𝚕𝚍 𝚘𝚏𝚏 𝚏𝚘𝚛 𝚑𝚒𝚝𝚝𝚒𝚗𝚐 𝚜𝚘𝚖𝚎𝚘𝚗𝚎, 𝚖𝚒𝚐𝚑𝚝 𝚊𝚜 𝚠𝚎𝚕𝚕 𝚑𝚒𝚝 𝚝𝚑𝚎𝚖 𝚑𝚊...
83.1K 19.2K 48
වසර 1970 සිට කොරියාවේ සිදු වූ ආත්මීයගත ආදර කතාවක් වටා ගෙතුනු කතාවකි.. අසීමිත ආදරය.. බැදීම් වල ඇති සංකීර්නත්වය... රාගයේ ඇති පිපාසී බව මෙන්ම ඇතැම්විට...