ආසි 💣 ( ✔️ )

By Kim_niru_55

56.6K 11.5K 1.8K

අපි අපේ නොවුනත් කමක් නෑ මට හැකියි නුඹට අවාරෙක සෙවනක් වෙන්න.........🌬️ More

01 කොටස ✴️
02 කොටස ✴️
03 කොටස ✴️
04 කොටස ✴️
05 කොටස ✴️
06 කොටස✴️
A/N
07 කොටස✴️
08 කොටස✴️
09 කොටස✴️
10 කොටස✴️
11 කොටස✴️
12 කොටස✴️
13 කොටස✴️
14 කොටස✴️
15 කොටස ✴️
16 කොටස ✴️
17 කොටස ✴️
18 කොටස ✴️
19 කොටස ✴️
20 කොටස ✴️
21 කොටස ✴️
22 කොටස ✴️
23 කොටස ✴️
24 කොටස ✴️
26 කොටස ✴️
27 කොටස ✴️
28 කොටස ✴️
29 කොටස ✴️
30 කොටස ✴️
31 කොටස ✴️
32 කොටස ✴️
33 කොටස ✴️
34 කොටස ✴️
35 කොටස ✴️

25 කොටස ✴️

1.5K 309 33
By Kim_niru_55

ආසි මාව කාමරේ දාල ගියයින් පස්සෙ කන්න බොන්න සේරම කාමරේටම ගෙනත් දුන්න ආසිගෙ ගෝලයො කිසිම අඩුවක් පාඩුවක් නොකර මාව බලාගත්තා.. ඉතින් එක රැයක් මම ඒ කාමරේ ගත කරේ ටිකක් අමාරුවෙන් උනත් මේ තැනදි නම් මට ලොකු ආරක්ශාවක් දැනුනෙ හිතට..මොකද මට විශ්වාසයි ආසි මට කරදරයක් නොවෙන විදිහට රකිනවා කියල..

ඒ හින්දම මම උදේ වෙලත් සැපට ඒ යකඩ ඇඳේ ගුලි වෙලා නිදන් ඉද්දි කාමරේ දොර ඇරෙන සද්දයත් එක්කම මම බැලුවෙ දොර දිහා ආසි ආවා කියල හිතල...

එන්න ඔයාව ගෙදර දාන්නම් මම...

අහ්...කෝ...ආසි...

ඇවිත් හිටියෙ ආසි නෙමෙයි.. ඒ හිටියෙ ආර්යා එයා මට ගෙදර යන්න කතා කරද්දි මම ඇඳෙන් බැහැල ඇහුවෙ ආසි ගැන..

එයා වැඩකට ගියා...ප්‍රශ්න අහල ඉවර නම් දැන්වත් එනවද මන් එක්ක...

හ්ම්...

ආසි ආපු නැති එකට මූණ එල්ල ගත්ත මම ආර්යාගෙ පිටි පස්සෙන්ම ගියෙ බිම බලාගෙන.. ආසි මට ආදරේ නිසා මට හොදින් කතා කරත් ආර්යා එහෙම නෑ.. එයා නම් හැම වෙලාවකම මට ගොඩක් නපුරු උනා..ආසිගෙයි ආර්යාගෙයි ගති ගුණ ගැන හිත හිත ගෙයින් එලියට ආවමයි මම මිදුලෙ ලොකු දැක්කෙ.. හම්මෝ නිකන් රාජ භවනක් වගේනෙ..රජ සැප අතෑරල අර මෝඩ ආසි ඉන්නවනෙ මුඩුක්කුවක කටු කකා.. හනේ ඉතින් මේ සැප සම්පත් අපිට නෑනෙ කඩවුලේ.. ගේ පුරාවටම කෑදර බැල්මක් දාගෙන මම හතර අතේ කැරකි කැරකි ඉදල ගිහින් ආර්යා නැග්ග ජීප් එකට නැග්ගහම එයා කිසි කතාවක් නැතුව ඩ්‍රයිව් කරන්න ගත්තා..

මන් එක්ක වචනයක්වත් කතා නොකරපු ආර්යා දිහා මම හොරෙන් හොරෙන් බැලුවත් මන් දිහා බැලුවෙවත් නැති එයා කෙලින්ම ගිහින් මාව ගේ ගාවින් දාල විදගෙන යන්න ගියා..

ඒ යකා නම් ගියා...ඒත් දැන් මම කොහොමද මෙහෙම ගෙට යන්නෙ.. තුවාල කැලැල් ඇග හැම තැම එහෙන් වෙලුම් පටි ඔලුව වටේම ඔතලා.. ආසි වෙලාවට එයාගෙ ඇඳුම් දෙකක් ඊයෙ ගෝලයෙක්ගෙ අතේ එවපු නිසා ඇඳුම් ටික විතරක් ශේප් උනාට.. අම්ම අහන දේවල් වලට උත්තර දෙන්න ගියාම මම තමයි අසරණ වෙන්නෙ..

අන්නා.........

අහ්......

ගේට්ටුව ලග හිටන් හිටපු මගෙ පිටි පස්සෙන් ඇහුන තම්බිගෙ හඬට මම ඒ පැත්ත හැරෙද්දි තම්බි ඉන්නව අතේ බඩු මල්ලකුත් උස්සන් ඇස් වල කඳුළුත් පුරවගෙන මන් දිහා බලන්..

ඔයා හොදින්.....මම බය උනා අන්නා එදා....

මාව දුවල ඇවිත් බදා ගත්ත එයාගෙ පිට මම අත ගෑවෙ ලාවට වගේ හිනා වේගෙන..

බය වෙන්න එපා දැන්.. අන්නා මේ හොදින් ඉන්නේ...

ආසි අන්නා ඇත්තටම ඔයාව හොදින් බලාගෙන........

තම්බි මගෙන් ඈත් වෙලා ආසි ගැන කියද්දි මම මූණත් රතු කරන් බිම බලා ගත්තෙ තම්බි නක්කල් හිනාවක් දාන් ආසි ගැන කියපු විදිහට..

ඔව් එයා නිසයි අද මම ජීවත් වෙලා ඉන්නෙත්.....

ඒකනෙ මම කිව්වෙ ආසි අන්නා ඔයාට ගොඩක් කැමති කියල......

විකාර......

හැච හැච ගෑවට මම දන්නවා ඔයත් එයාට කැමති කියල.......

පිස්සු කියවන් නැතුව යමු බං ගෙට.....

තම්බි එක දිගටම මට ආසි ගැන කියව කියව මාව අවුල් කරන්න ගත්ත නිසා මම එයාගෙ කරටත් අත දාගෙන එක්කරන් ගියෙ ගෙට.. නැත්තම් තව මොනා මොනා හරි කුප්ප කතා කියවල මගෙ රෙදි ටික ගෙට යන්න කලින් මේ යකා ගලවනවා කියල නම් සුවර් එකක් තිබ්බා හන්ද..

අනෙ මගෙ පුතේ.....

අම්මා...

ගෙට ඇතුල් වෙච්ච ගමන් මන් ලගට දුවන් ආවෙ අම්මා.. ඔහේ පැත්තකට වෙලා කල්පනා කර කර හිටපු එයාගෙ මූණෙ මාව දැක්කම තිබ්බ සතුට.. හරියට රටක් රාජ්‍යක් ලැබුන වගේ මාව බදාගෙන අඬන්න ගත්තෙ..

ආසි දරුව කිව්වත් වගේම මගෙ කොල්ලව පරිස්සමින් බලාගෙන..

අහ්...එයා මෙහෙ ආවද අම්මා...

ඔව්...අද උදෙත් මෙහෙට ආවා ඊයෙත් අපිට කෝල් කරල කිව්ව බය වෙන්න එපා අම්ම සූර් ඉන්නෙ මන් ලග කියල...

මට ඇත්තටම පුදුම හිතුන.. ආසි මට ආදරෙයි කිව්වට මගෙ ගෙදර අය ගැනත් වද වෙන විදිහ ඒ වගේම මාව මලක් වගේ පරිස්සම් කරනවා කියල ගෙදර මිනිස්සුන්ට එයා බයක් සැකක් නැතුව කියන විදිහ.. ඇත්තටම පාතාලයක් රන් කරන හිතක තෙතමනයක් නැති මේ පිරිමි පපුවෙ දරා ගන්න බැරි තරම් මට ආදරේ කරන්න තරම් මාව එයාට හැමදේකටම වඩා වටින කෙනෙක් වෙලාද...ඊයෙ එයාගෙ ඇස් වල තිබ්බ කඳුලු මන් වෙනුවෙන් ඒ හිතේ ඇවිලෙන ගින්න මගෙ මේ පපුවට හොදින්ම දැනුන.. ඇත්තටම මගෙ තම්බි , අම්මා , පාට්ටි කියනව වගේ ඔයා ඇත්තටම මට මේ ලෝකෙ ගැලපෙන එකම මනුස්සයද ආසි...

එයා නිසා මම අද මෙහෙම පන පිටින් ඉන්නෙ අම්මා.....

හ්ම්...මම දන්නවා පුතේ..හැබැයි මතක තියාගන්න අපි කවුරු නැතත් ඔයාව මේ ලෝකෙ පන වගේ රකින්න ඒ දරුව ඉන්නව කියන එක.......

අම්මා.....

ඔව් මගෙ පුතේ...ඒ දරුව පුදුම තරම් උබට ආදරෙයි.....දන්නවද අද ආසි පුතා ඇවිත් මගෙන් ඉල්ලුවෙ මොනාද කියල.....

මොනවද.......?

ඔයාව.....

මාව....

හ්ම්...අම්මගෙ ලොකු පුතාව මට දෙනවද ඇහුවා.. මම එයාව මගෙ පන දීල හරි රකින්නම් කිව්වා.. එයාව විශ්වාස කරන්නත් කියල මට වැදල ගියෙ පුතේ.. ඒ ඇස් අවංකයි සූ.. ඉතින් මම හෙට මැරිල ගියත් සැනසීමෙන් යන තැනකය යන්න පුලුවන්.. මොකද ඔයාව බලාගන්න පුලුවන් හොද මනුස්සයෙක් දැන් ලැබිල තියෙන නිසා.....

අම්ම කියන සේරම දේවල් අහන් හිටියෙ මම විතරක් නෙමෙයි.. මන් ලගම තම්බි වගේම පාට්ටිත් හිනා වේගෙන බලන් ඉද්දි මගෙ ඇස් වල කඳුලු පිරුනෙ ආසි මෙහෙ ඇවිත් අම්මට කියපු සේරම එයා අකුරක් නෑර මට කිව්වයින් පස්සෙ..

ඇයි අම්මෙ මේ..ඔයාලට මාව වදයක්ද දැන්.. ඒකද මාව ආසිට දෙන්න හදන්නෙ....

අනේ නෑ මගෙ පුතේ..උබව කවද්ද අපිට වදයක් උනේ..ඒත් උබට කියලත් ජීවිතයක් තියෙන්න ඕන.. ඉතින් අපෙන් ගැලවිලා ගිහින් ලස්සන ජීවිතයක් ඒ දරුව එක්ක ගත කරන්න.. මට විශ්වාසයි ඔයා නිසා ඒ දරුව ඔය මැර වැඩත් අත ඇරල දාල හොද මනුස්සයෙක් වෙනව කියල.........

අම්ම මගෙ හිසත් අත ගාල ආසි ගැන වර්ණනා කරද්දි මම නිහඬවම අම්මගෙ සතුටින් පිරුනු ඇස් දිහා බලන් හිටියා.. ඇත්තටම එයාල කැමති නම් මම ආසි ලග හොදින් ඉන්නව බලන්න..ඉතින් මම කොහොමද අම්මගෙ කීමට විරුද්ද වෙන්නෙ.. මගෙ අහින්සක අම්මගෙ එකම එක ආසාවක් පලවෙනි වතාවට එයා මගෙ ඉස්සරහ මෙහෙම වචන වලට පෙරලද්දි පුතෙක් විදිහට මම කොහොමද අම්මගෙ වචන අහක දාන්නෙ එයා කියන හැම එකටම එකග වෙනවා ඇරෙන්න..

ස්ස්ස්ස්....

මට සමාවෙන්න පුතේ..ගොඩක් තුවාල වෙලා මගෙ කොල්ල.. යන්නකො ගිහින් මූණ කට තෙමාගෙන එන්න තුවාල වලට බෙහෙත් දාගන්න...

හරි අම්මා...

මෙච්චර වෙලා හැඬූ කඳුළින් ආසි ගැන කියෙව්ව අම්මගෙ අත මගේ ඔලුවෙ තුවාලෙට වදිද්දි ඉබේටම මගෙ කටින් සූ ගාල හඬක් පිට උනේ තුවාල තවමත් වේදනා දෙන නිසා..

වෙලුම් පටි වලින් ඔතල තියන තුවාල වලට අලුතින් බෙහෙත් දාන්න කලින් අම්ම මට වොශ් එකක් දාන් එන්න කියපු හන්ද මම බිම බලාගෙන එයාල කාගෙවත් මූණ නොබල ආවෙ කාමරේට.. ඇඳ උඩ තිබ්බ ටවල් එක අරන් බාතෲම් එකට ගිහින් මූණ කට තෙමාගෙන ඇවිත් වෙන ඇඳුමක් දාගත්තහම අම්මා කාමරේට ඇවිත් මගෙ තුවාල වෙච්ච තැන් සේරටම බෙහෙත් දාල යන්න ගිහින් විනාඩියක්වත් නෑ පාට්ටි කිරි එකක් එක්ක කන්න දෙයක් ගෙනත් දීල මගෙ ඔලුවත් හෙමීට අත ගාල බඩ පිරෙන්න කාපන් පුතේ කියල යන්න යද්දි මම කටට දෙකට කෑමත් කාල කිරි එකත් බීල දාල ඒ සේරම අස් පස් කරල ඇවිත් හිටියෙම කාමරේ ඇඳ උඩට වෙලා කල්පනා කර කර..

අම්ම කියපු දේවල් ගැනයි ආසි ඊයෙ මට කියපු දේවල් ගැනයි හිත හිත හිටපු මට නින්ද ගිහින් තියෙද්දි එක පාරටම මට පෙවුනෙ ආසි මගෙ තොල් ඊයෙ සිප ගත්ත මොහොත..

අහ්හ්හ්හ්.....

ගැස්සිලා නැගිට්ට මම ඇඳෙන් ඉදගෙන ආසි සිප ගත්ත මගෙ තොල් උඩ ඇඟිලි දෙකක් තියාගෙන කල්පනා කරේ මගෙ නින්දත් උදුර ගන්න තරම් ඊයෙ සිදුවීම ඇයි මගෙ හිතට මේ තරම් වද දෙන්නෙ කියල...........

බැරි වෙලාවත් උබ ආසිට ආදරේ කරන්න පටන් අරන්ද සූර්........

ඒක තමයි මම අම්මගෙන් අච්චර මාව ආසි ඉල්ලලා කියල කිව්වත් මම සද්ද නොකර හිටියෙ.. ආසිට අකමැති නම් එවෙලෙම දෙගා නටනවනෙ ගෙදර.. ඒත් සද්ද නොකර මම කූල් එකේ හිටිය කියන්නෙ කටින් නොකීවට හිතින් මම ආසිට කැමති කියලද.....? එක එක වෙලාවට එක එක සිතුවිලි හිතට පහල වෙද්දි කොටෙට්ට මූණ තද කරගෙන මම ඇස් පියා ගත්තෙ "" කඩවුලේ මට සැනසීමෙන් නිදාගන්න දෙන්න..."" කියල මුමුණන අතර.......

-
-
-
-
-
-
-
-
-
-

දවස් දෙකක් ගෙවිල ගිහින් අද ආසිගෙ ඒරියා එකම උඩු යටිකුරු වෙලා.. තිත්ත කරුවල රෑ පාරවල් දිගටම පාට පාට ලයිට්ස් වැල් වලින් සැරසිලා එහෙන් ආසිගෙ ගෝල බාලයෝ හරියටම සූර්ගෙ ගේ ඉස්සරහ දිග මේසයක් දාල කෑම බීම වලින් පුරවල ඒ විතරක්ද බෆල් වලින් අහන් ඉන්න අයත් නැටවෙන සිංදු වලින් මුලු පලාතම විහිදිලා එකම එක ජෝගියක් යද්දි මේ සේරම දිහා ආසි එයාගෙ ගේ ලග පුටුවක් තියාගෙන බලන් හිටියෙ තමන්ගෙ සුපුරුදු සීතල බැල්මෙන්ම..

ආසි අන්නා...

හ්ම්.....

කට්ටිය මග එන ගමන්ලු...

හ්ම්..බෝතල් සේරම ලෑස්තිද..?

ඔව්..අන්නා...

අපේ උන් හතර වටේටම දාලනෙ තියෙන්නෙ...ආයෙ කිසිම කරදරයක් රෙඩ්ඩි අන්නාට වෙන්නෙ නැති විදිහට...

මෙච්චර මේ හැමෝම ලක ලෑස්ති වෙන්නෙ රෙඩ්ඩිගෙ උපන්දින පාටියට.. ආසි අද රෙඩ්ඩිව පුදුම කරවන්න එක්ක මුල ඉදන් ප්ලෑන් කරපු විදිහට මුලු ඒරියා එකම සරසල මේ මග බලන් ඉන්නෙ තමන්ගෙ සහෝදරය එහෙමත් නැත්තම් ලොක්ක උන රෙඩ්ඩිව පිළිගන්න...

බය වෙන්න ඕන නෑ අන්නා.. අපේ අය අස්සක් මුල්ලක් නෑරම ඉන්නවා..

හ්ම්.. එහෙනම් අඩු පාඩු මොනාද තව තියෙන්නෙ කියල බලහන්..

හරි අන්නා..

මෙච්චර වෙලා හැමදේම අකුරක් නෑර ආසිට කිව්වෙ එයාගෙ ලගින්ම ඉන්න ගෝලයෙක්.. ඉතින් හැමෝගෙම කසු කුසු මැද්දෙ සිගරට් එකක් පත්තු කර ගත්ත ආසි ඒක තොල් අතර මැද තියන් උරන අතර බලන් හිටියෙ කෙලින් පේන පාර දිහා...ටික්...ටික්....ටික්...තමන් ඉන්න ලේන් එකට හරවපු සුදු පාට වාහනේ එක්කම පිටි පස්සෙන් තව එන කළු වාහන තුනත් එක්ක කවුද ඒ වාහන ඇතුලෙ ඉන්නෙ කියන එක හොදින්ම දන්න ආසි සිගරට් එක බිමට අත ඇරල සපත්තු අඩියෙන් සිගරට් එක පාගල දාල නැගිටල ඉස්සරහට ගියෙ හීනියට හිනා වේගෙන...

ආසි........

හැපි බර්ත්ඩේ අන්නා.....

වාහනෙන් බැස්ස ජැන්ඩි පහට ඇදල හිටපු රෙඩ්ඩිව ආසි බදා ගත්තෙ හදවතින්ම උපන්දිනේට සුභ පතන අතර..රෙඩ්ඩිගෙ වාහනේ පිටි පස්සෙන් ආව අනිත් වාහන වලින් බැස්ස දෙකේ දෙකේ සයිස් ගාඩ්ස්ල ටිකට සීතල බැල්මක් දුන්න මම රෙඩ්ඩිව කෑම මේසෙ ලගට ගෙනිහින් ආසි පුංචි කේක් කෑල්ලක් රෙඩ්ඩි අතින් කපවල පලවෙනි කේක් කෑල්ල ආසිට කැව්ව වගේම පැත්තකට වෙලා හැමදේම බලන් හිටපු ආර්යාටත් ඒ කේක් කෑල්ලෙන්ම රෙඩ්ඩි කවද්දි මිනිස්සු එහෙම ගෙවල් වල ඉදන් හොරෙන් බලන් හිටියෙ එලියට එන්න තිබ්බ බයට..

සූර්ගෙ ගෙදර අය නම් ඔක්කොමල එලියට වෙලා මේ සේරම දේවල් බයක් නැතුව බලන් ඉද්දි දගකාර සූර්ව දැක්ක ආසිගෙ මූණට ආවෙ හිනාවක්.. මොකද ඒ ඇස් ආසි දිහා පුදුම වෙලා බලන් හිටියෙ ඒකට හේතුව ඉතින් ආසිගෙ පෙනුමෙ වෙනසක් වෙලා තිබ්බ නිසා..

ආර්යා...

ආහ්...

එයාලවත් ගෙන්නල කන්න බොන්න දෙන්න..

හරි අන්නා...

පැත්තක හිටපු ආර්යාට අඬගහපු ආසි සූර්ගෙ පවුලෙ අයව ගෙන්නල කන්න බොන්න දෙන්න කිව්වම ආර්යා දුවල ගිහින් සූර්ව වගේම ගෙදර අයවත් එතන තිබ්බ මේසයක් ලගට අරන් ඇවිත් කන්න බොන්න දෙද්දි මේ සේරම බලන් හිටපු ආසි රෙඩ්ඩි එක්ක කන බොන ගමන් බැලුවෙ එයාල ඉස්සරහ බාගෙට හෙලුවෙන් නටන ගෑණු දිහා.. මොකද රෙඩ්ඩි ආසයි ගෑණුන්ගෙ ඩාන්ස් බලන්න.. ඉතින් ආසි අද විශේශයෙන්ම ගණිකාවො ටිකක් ගෙන්නවල රෙඩ්ඩිට පේන්න ඩාන්ස් කරවද්දි කෑම කන අතර තුර වැඩි හරියක් කරේ රෙඩ්ඩි තමන්ගෙ ඇස් දෙකෙන් ඒ ගෑණුන්ව කාපු එක..

අද නම් ඇති තරම් බොන්න අන්නා...

උබ කියන හන්දම අද වැටෙනකන් බොන්නම්..

කාල ඉවර උන රෙඩ්ඩි ආසි එක්ක හිනා වෙවී බොන්න තියන සැර ජාති බොන්න ගද්දි එක ශොට් එකක් විතර ගත්ත ආසි රෙඩ්ඩි කියන දේවල් හොද සිහියෙන් අහන් හිටියත් අවසිහියෙන් හිටපු රෙඩ්ඩි නම් එක එක විකාර කියවන්න ගත්තා..

ආ...ආර්යා....

ඇයි..අන්නා...

මෙතන පොඩ්ඩක් බලපන් හරිද.. මම අරහෙට ගිහින් එන්නම්...

අහ් හරි අන්නා...

දැන් ටික වෙලාවක ඉදන් ටොයිලට් එකට යන්න තිබ්බ හදිසිය නිසා මම ආර්යාව රෙඩ්ඩි ලග තියල නැගිටල ආපු මම ගේ දිහාට යන්න යද්දිම මාව ඇදිල ගියෙ එතන ටැප් එක තියන තැනට.. 

මොකද මේ....

ශ්ශ්ශ්...ස..ද්ද...කරන්න...එපා..මෝඩ...යො.....

තමුසෙ බිව්වද ආ...කවුද මෙහෙම බොන්න දුන්නෙ....

මාව බිත්තියට තද කරන් ඇසුත් අඬවන් කරගෙන මේ කටත් උල් කරන් රහසින් වගේ මට කතා කරන්නෙ මගෙ චෙල්ලෝ.. කවුරු හරි අපතයෙක් මගෙ අහින්සකයට බොන්න දීල හොද ආතල් එකක් අරන් තියෙනවා කියල මට එයාගෙ මූණ බැලුවම නම් හොදටම තේරුනා.. චෙල්ලො මත් වෙලා ඉන්නව කියන්නෙ අද නම් මොන හරිම විගඩමක් නටයි මේ කොල්ලා..

කවු...ද...මන්ද...කෙනෙක්...මච...මචක...නෑ...කවුච...ඒ..කීල.. කෝම...හරි...එයා..මට...කිව්වා..මේ...රස...බීම...එකක්...ආසි...තමයි...ඔයාට...දෙන්න..කිව්වෙ..කියල....ඉතින්...මම...බිව්වා...

කවුරුත් කිව්ව පලියට එහෙම බොනවද යකෝ.....

කවුරු හරි මාව පාවල දීල කරල තියෙන අපත වැඩේට හොදටම මල පැන්නත් තිබ්බ මල දෙක තුන උනේ මෙයා ඒක කිසිම ගානක් නැතුව බීල තියෙන නිසා.. ඕක ඇල්කොහොල් වෙනුවට වහ දාල දුන්නත් මූ බොයි මම දුන්න කිව්වොත් ඒ තරමට ගොන් වෙලා තියෙන හන්ද මම එයාට කෑ ගහද්දිම එයා මගෙ පපුව හරියෙන් ශර්ට් එක ගුලි කරල අල්ලගෙන මගෙ පපුවට ඔලුව ගහ ගනිද්දි කොච්චර කේන්තියෙන් හිටියත් එයාගෙන් ලැබුන ස්පර්ශයත් එක්ක මට කේන්තියත් කොහෙන් ගියාද මතක නෑ..

කෑ...ගහන්න...එපා...

හරි මම කෑ ගහන් නෑ.. දැන් මොකටද මාව මෙතනට ඇදන් ආවෙ කියනවද...?

මම එයාගෙන් අහපු දේට ඔලුව උස්සල මන් දිහා බලපු එයා කියපු දේත් එක්ක මට හිනා යන්නත් ආවා..

සූ බරයිනෙ...

ඉතින් ගෙදර ගිහින් කරගන්න...

ඔයාගෙ..ගෙද..ර..සූ...දාන්න...යන්   න.......ඕන..

මොකක්..

හ්ම්..මට...මෙතන.. යයි...අනේ..මාව...ගෙනියනවකො..

හරි හරි යමු.. කෝ එන්න.....

මගේ ඇගේ රිලා පැටියෙක් වගේ එලිලා හිටපු එයාට මේ වෙලාවෙ ටොයිලට් එකට යන්නම ඕන කියපු හන්ද මම එයාවත් ඇදන් අපෙ ගෙට ගිහින් දොර වහගත්තෙ පාටිය තියන තැනත් පොඩ්ඩක් බලල.. වෙලාවට අපි දෙන්න මේ ගේ අස්සට රිංග ගන්නවා කවුරුත් දැක්කෙ නෑ.. දැක්කත් හැබැයි අවුලක් නෑ මම මීට කලින් චෙල්ලොව කොච්චර මේ ගේ අස්සට ගෙන්නගෙන තියෙනවද...

කොහෙ...ද...ටොයිලට්...එක...මට...සූ..යන්න...හදන්නෙ...

අර අර අතන තියෙන්නෙ...

පල්ලෙහා එකම අත් දෙකෙන් අල්ලගෙන පොඩි එකෙක් වගේ ටොයිලට් යන්න ඕන කියල දගලන එයාට මම ටොයිලට් තියෙන තැන පෙන්නුවම වැනි වැනි ටොයිලට් එකට රිංග ගත්ත එයා දිහා බලන් හිටපු මම පඩිපෙලෙන් ටිකක් ඉද ගත්තෙ අද මේ පාටි එකේ වැඩ වලටම එහෙ මෙහෙ ගිහින් ඇඟට අමාරු හන්ද..

ආ..සි...

ඉවරද....?

හ්ම්..

වැනි වැනි ටොයිලට් එකේ ඉදන් එන එයා දිහා බලන් හිටපු මගෙ ඇස් ගියෙ එයාගෙ කලිසම ලගට කඩවුලේ ශිප් එකවත් දාන් නැතුව මගෙ ලගට එන හැටි.. වෙලාවට ජොකාගෙන් ඒක වැහිල තියෙන්නෙ නැත්තම් හෙට මගෙ ඔලුක කයි මම එයාගෙ කලිසම ගලවල බැලුව කියල...

යමු එහෙනම්....

මට.....බෑ...

ඒ මොකද...?

නි...දි...මතයිනෙ...

විකාර කියවන්න එපා චෙල්ලෝ..

එයාව එක්කරන් යන්න හිතුවත් මුරණ්ඩු කොල්ල ඒ පාර නිදි මතයි කියාගෙන තොල බෙරි කරන් ඉද්දි මම එයාට තරවටු බැල්මක් දැම්මත් වැඩක් නෑ.. නාහෙට අහන් නැති පාටයි අද..

ම...ට...නිදි...මතයි...මිනිහෝ....

බිව්වම උබෙ කට නම් හොදටම වැඩී...වරෙන් යන්න....

ඕනවටත් වඩා මුරණ්ඩු වෙන එයාව ඇදගෙන මම පඩි පෙල නැගගෙන උඩට ගිහින් මගෙ කාමරේ දොර ඇරන් ඇතුලට ගිහින් එයාව ඇඳ උඩට තල්ලු කරන්න හැඳුවත් එයා කරේ මම හිතුවෙත් නැති දෙයක්......

මාව අවුස්ස ගන්නද උබට ඕන...ම්ම්...

මාව ඇදල ගත්ත පාරට ඇඳට වැටුන එයාගෙ ඇග උඩ මාවත් පත බැවුනත් ඒ පුංචි ඇඟ තලන් නැති විදිහට මම අත් දෙක මෙට්ටෙට තද කරල ඒ අඩවන් ඇස් දිහා බලන් කියපු දේත් එක්ක එයා යන්තම් හිනා වෙලා මගෙ කම්මුලක් උඩින් අත තියල පාටිය පුරාවටම එයාට පුදුමයක් වෙලා තිබ්බ දේ ගැන එයා හරි අපූරුවට වර්ණනා කරත් මම හැඟීම් වලින් උතුරා යන එයාගෙ මූණ දිහා බලන් හිටියා .

රැවු...ල....කපල...ඉද්දි...ඔයා..ගොඩක්...ලස්සනයි....ආසි.......

එහෙමද...ඔයා ආසද මේ පෙනුමට..ම්ම්..

හ්ම්...ගොඩ...ක්......

ඔව් මම ඉන්නෙ රැවුල කපල...ඒකත් මගෙ චෙල්ලො එදා කියපු හන්දයි මම මෙච්චර කාලයක් වවල තිබ්බ රැවුල කැපුවෙ..මගෙ ගෝලයන්ටත් ආර්යාටත් පුදුම හිතුන මගෙ වෙනස දැකල පස්සෙ එයාලම මන් දිහා බලල අමුතු විදිහට හිනා උන ඒ දවස මතක් වෙද්දි මට මන් ගැනම ලැජ්ජ හිතුන...ආදරේ කරන මිනිස්සු මෙහෙම කැප කිරීම් ගොඩක් කරනව ඇති කියල මට හිතුනෙ.. මොකද මම මීට කලින් කාටත් ආදරේ කරල නෑනෙ.. ඉතින් සූර් මගෙ පලවෙනි වගේම අන්තිම ආදරේත්.. මට එයාට දැනෙන්න ආදරේ දෙන්න දන් නැති උනාට.. මම මට පුලුවන් උපරිම විදිහට එයාට ආදරේ කරනවා..

ආ...සි...

හ්ම්..

මට...ඔයාව...ඕන...

අහ්...

මගෙ ඇස් දිහා බලන් ලොකු කතාවක් කියන්න උත්සහ කරපු එයා අන්තිමට මාව එයාට ඕන කියද්දි මම හැඳුවෙ එයාගෙ ඇඟ උඩින් අයින් වෙන්න උනත් එයා මගෙ ශර්ට් කොලර් එකෙන් අල්ලගෙන එයාගෙ ඇඟට තද කර ගත්තෙ මට හෙල්ලෙන්නවත් බැරි වෙන්න..

ම..ට.....තමුසෙව...අද...ඕනමයි...

මො...නවද මේ කියවන්නෙ...උබ ඉන්නෙ හොද සිහියකින් නෙමෙයි චෙල්ලෝ...

සිහි...යෙන්...ඉද්දි...මට...ලැජ්ජ...යි...වගේ....ඔයා...එක්ක..ඩිස්ටි...ඩි..ඩින්...කරන්න...අව...සිහියෙන්...ඉද්දි...තම...යි...මම..ආස...ඔයා...එක්ක...එකතු...වෙන්න...

අකීකරු ඒ ඇස් මගෙ මූණ පුරාම යද්දි මටත් නොදැනිම මගෙ Di#k එක උණුසුම් වෙලා ඉලිප්පිලා ඇවිත් එයාගෙ ඇඟට තද වෙන වග නම් මට හොදින්ම දැනුනා...ඒ වචන මගෙ හැගීම් ඇවිස්සුවත් මට ඕන උනේ නෑ අද එයාව මේ විදිහට මගේ කරගන්න..

ඒත්.............











පි..ස්සු කියවන්න එපා චෙම්ම්ම්හ්.....




හිතුවක්කාර කොල්ල මම අමාරුවෙන් එයා ලග හැඟීම් පාලනය කරන් ඉද්දි මම කියන දේ පොඩ්ඩක් ඉවසගෙන අහන් ඉන්න බැරි වෙලා එයා මගෙ තොල් වල එල්ලුනේ කිය කිය හිටපු වචනත් මට හිර වෙලා යන්නම......








>>>>>>>>>

ඊළග එපිය කියවද්දි බේසමක්ම ලෑස්ති කරගන්න පැණි එකතු කරගන්න ඕනනෙ....😂😂😂 එහෙනම් මම කැපුනා....😉

2023.12.02
S.M.බඩී✍️

Continue Reading

You'll Also Like

IRIS By NirMad238

Fanfiction

9.4K 1.3K 73
When stars collide the worlds are born And When the worlds collide the hatreds formed Yet among the cracks still love would bloom! Co Authored by - P...
3K 536 17
ආදරේ වෙනුවෙන් වෙන්වීමක්.... ඉතින් දරාගත හැකි වේවිද.... දරාගැනීමද ආදරයක් නම්.... ඉතින් කුමක් සිදු වේවිද....
133K 28.9K 76
හීන ........ හැමෝගෙම හිත්වල හීන තියෙනවා .... ඒත් විවිධාකාරයි.... සමහර හීන අහසට පොළොව වගේ...... ඒත් කොතනකදි හරි මේ හීන එකට මුණගැහුනොත්...... එහෙම වෙ...
11.1K 1.8K 24
අහිමි වූ සිතක් යලි හමුවෙන තුරු පෙරුම් පුරන පෙම්වතෙක්...💚 අහිමි වූ ආදරයේ මතක අමතක කරන්න උත්සහා කරන තවත් පෙම්වතෙක් ❤️ මේ ඔවුන්ගේ කතාව...💚❤️