ආසි 💣 ( ✔️ )

By Kim_niru_55

56.7K 11.5K 1.8K

අපි අපේ නොවුනත් කමක් නෑ මට හැකියි නුඹට අවාරෙක සෙවනක් වෙන්න.........🌬️ More

01 කොටස ✴️
02 කොටස ✴️
03 කොටස ✴️
04 කොටස ✴️
05 කොටස ✴️
06 කොටස✴️
A/N
07 කොටස✴️
08 කොටස✴️
09 කොටස✴️
10 කොටස✴️
11 කොටස✴️
12 කොටස✴️
13 කොටස✴️
14 කොටස✴️
15 කොටස ✴️
16 කොටස ✴️
17 කොටස ✴️
18 කොටස ✴️
19 කොටස ✴️
20 කොටස ✴️
21 කොටස ✴️
22 කොටස ✴️
23 කොටස ✴️
25 කොටස ✴️
26 කොටස ✴️
27 කොටස ✴️
28 කොටස ✴️
29 කොටස ✴️
30 කොටස ✴️
31 කොටස ✴️
32 කොටස ✴️
33 කොටස ✴️
34 කොටස ✴️
35 කොටස ✴️

24 කොටස ✴️

1.4K 296 23
By Kim_niru_55

මගෙ චෙල්ලෝ...මගෙ ජීවිතේ වෙනස් කරන්න ආපු සුර දූතය..එයාව මුලින්ම දැක්ක දවසෙ ඉදන් ටිකෙන් ටික මම එයාටම බැඳෙන්න අරන් තිබ්බ කියල මටවත් මුලදි නොතේරුනාට.. එයාව දකින් නැතුව ඉන්න බැරි තරමට මට දැනෙන අමුතු හැඟීම තේරුම් ගත්ත මට ඕන උනේම එයාව පස්සෙ පස්සෙ මන් ලගින්ම තියා ගන්න බොරු දහසක් එයාට කියල හරි..

කෙල්ලෙක්ටවත් නැති රූපයක් තිබ්බ එයාව මට ඕන උනේ කාටත් පේන් නැති පැත්තකට ගෙනිහින් මැණිකක් රකිනව වගේ රකින්න.. මගෙ වටේ ඉන්න තිරිසන් හැත්තගෙ හුස්මක්වත් වදින් නැති තැනක එයාව ගෙනිහින් හංගන්න ඕන උනත් මට බය හිතුන එයා මට බය වෙලා මගෙන් ඈත්ම වෙලා යයි කියල.. ඉතින් මම ඈතින් ඉදල හරි එයාව පරිස්සම් කරා.. කොයි තරම් පරිස්සම් කරාද කියනව නම් මම එයා යන යන තැන මගෙ උන් එයා පස්සෙන් දාන්න අමතක කරේ නෑ.. එයා කරන කියන හැමදේම මට ආරන්චි වෙන නිසා මම ටිකක් හරි සැනසීමෙන් මගේ වැඩ වලට එහෙ මෙහෙ ගියෙ..

ඒත් මම හිතුවෙ නෑ ලස්සන මල් විනාස කරල දාන්න එක එක සත්තුත් මාන බලනව කියල.. එදා මට හදිසියෙම රෙඩ්ඩි අන්නාට අයිති ඩ්‍රග්ස් වගයක් අපේ රටට එනවා කිව්ව හන්ද මට ඒ වැඩේට හයිද්‍රාබාද් යන්න උනා.. කැමැත්තෙන් ගිය ගමනක් නෙමෙයි.. ඒත් මට රෙඩ්ඩි අන්නාගෙ වචනෙට පිටු පාන්න බැරි උන නිසා අකමැත්තෙන් හරි මම ගියා.. හැබැයි එහෙ ගිහින්වත් මට ඉන්න බැරි තත්වයක් තිබ්බෙ එයාගෙ මූණ සැරින් සැරේ මට මතක් වෙච්ච නිසාම මම රෑ එයාට කතා කරා.. ඒ කටහඬ ඇහුනත් ඇති හිතට ලොකු සැනසීමක් දැනෙද්දි මම එයා එක්ක කතා කරල ඉවර උනයින් පස්සෙ හොදට නිදා ගත්තත් මහ පාන්දර මට නරක හීනයක් පෙනිල ගැස්සිල ඇහැරුන හින්ද මගෙ හිතට හරි නැති කමට මම උදේම ඩ්‍රග්ස් වැඩේට ආර්යා එක්ක එලියට ගිහින් ඒ වැඩ ටික ක්ලියර් කරන් එද්දිම මගෙ ගෝලයෙක්ගෙන් මට  ආපු කෝල් එකත් එක්ක මට උන් හිටි තැන් අමතක උනා...

මට මොකද්ද මන්ද උදේ ඉදන් මහ අමුත්තක් හිතට දැනුන නිසාම ආයෙ චෙන්නයි යන්න හිටියත් මේ වැඩ එක්ක වෙලාව එන්න එන්න පරක්කු වෙච්ච එකට මම හිටියෙ පට්ටම මලෙන්.. පස්සෙ චෙල්ලොගෙ පස්සෙන් දාල තිබ්බ මගෙ ගෝලය මට කිව්වෙ චෙල්ලොට කරදයක් කියල වෙද්දි මම සේරම වැඩ ටික ආර්යාට දීල පුලුවන් ඉක්මනට චෙන්නයි ආවෙ මගෙ චෙල්ලො වෙනුවෙන්..

ඉතින්...

මම එයාට ගෙදරටම වෙලා පරිස්සම් වෙයන් කියල අච්චර කියලත් මගෙ කීම නාහ ගෙයින් එලියට ගිහින් එයා එයාගෙම ජීවිතේ අනතුරේ දාගත්ත එකට මලෙන් හිටිය මම එහෙට යද්දිත් ගොඩක් පරක්කු වෙලා තිබ්බ..

මොකද ඒ වෙද්දිත් මගෙ එකාව බලහත්කාරෙන් ගුරූ අරන් ගිහින් තිබ්බ නිසා.. ඉතින් අද මරාගෙන හරි මැරෙනවා කියල හිතන් ගුරුගෙ පොට් එකට ගිය මම එලියෙ හිටපු සේරම උන් මරාගෙන මරාගෙන ගිහින් අන්තිමට  උන්ගෙ අපායට පය තියල බලද්දි මගෙ එකා ඉන්නව බිම දණ ගහන්.. ගුරූ මගෙ එකාව විනාස කරල දාන්න ගියෙ කියන එක මට තේරුනෙ උගෙ අත් දෙක තිබ්බෙ උගෙ කලිසමේ බෙල්ට් එකේ කියන එක මම ඈත තියාම දැක්ක හන්ද..මට මාවම පාලයන කරගන්න බැරුව ආපු කේන්තිය එක්ක මම එතන හිටපු සේරම මරල දාල අවසානෙදි ගුරූවත් මම බල්ලෙක් ගානට මරල දාල  චෙල්ලො ලගට ඇවිත් එයාගෙත් කන පුපුරන්න අත දිගෑරල ගහන්න ගියත්.. ඒ අහින්සක ඇස් අසරණව මන් දිහා බලාගෙන ඉද්දි මගෙ හිත හයිය උන් නෑ එයාට ගහල රිද්දන්න.. හැබැයි මම කරන්න ගිය දෙයින් බයෙන් වෙව්ල වෙව්ල හිටපු එයා එහෙම්ම සිහි නැතිව ඇදගෙන  මගෙ අත් දෙක අතරට වැටෙද්දි මම ඉක්මනට එයාව තුරුල් කර ගත්ත..

මෙච්චර වෙලා යක්සා වේස වෙලා හිටපු මගේ කේන්තිය ටික ටික නිවිල ගිහින් තිබ්බ වගේම මම එයාගෙ පියවිලා තියන ඇස් දිහා බලන් ඉදල ඒ ලස්සන මූණෙ තැනින් තැන තියන තුවාලත් එයාගෙ ශරීරයෙ හැම තැනම තියන තුවාල පැල්ලම් එක්ක ලේ තියෙනව දැක්ක මගෙ ඇස් වලට කඳුලු උනාගෙන ඇවිත් කම්මුල් දිගේ ගලාගෙන එයාගෙ මූණට ඒ කඳුලු වැටෙන්න ගත්ත වගේම මම එයාව මගෙ පපුවට තුරුල් කරන් වේදනාබර හඬින් මිනී ගොඩක් මැද  මම විතරක් සිහියෙන් හිටපු තැන පලවෙනි වතාවට දරදඩු දුශ්ට ආසිගෙ කටින් එයා නිසා වචන පෙලක් පිට උනා..

උබ අද මාව පිස්සෙක් කරා චෙල්ලෝ..

මගෙ අත් දෙක අතරට එයාව උස්සල ගත්ත මන් එදා එයාවත් අරන් කෙලින්ම ආවෙ මගෙ පොට් එකට.. පලවෙනි වතාවට මම මගෙ රජ මාලිගාවට පිට කෙනෙක් ගෙනාපු එකට පුදුම වෙලා මගෙ ගෝල බලායොත් බලාන ඉද්දි උන්ට රවපු මම එයාවත් අරන් කෙලින්ම උඩ තට්ටුවට ගිහින් ගෙස්ට් රූම් එකකට ගෙනිච්ච එයාව මම ඇද උඩින් පරිස්සමින් තියල එයාගෙ තුවාල සේරටම බෙහෙත් දාපු මම එයාට බෙඩ්ශීට් එකත් පොරවල කාමරෙන් යන්න ගියෙ දුකයි කේන්තියයි දරා ගන්න බැරිම තැන..ඒ අහිංසක ඇස් අඬලම රතු වෙලා ඉදිමිලා තියෙද්දි මලක් වගේ තිබ්බ ඒ පුංචි ඇගේ තුවාල කැලැල් දකිද්දි මට ඇස් වලින් පයින්න යන කඳුලු පාලනයක් නැති තැන මම කෙලින්ම ගියෙ එදා බීච් එකට..

හිත නිදහස් වෙනකන් මුහුද දිහා බලන් ඉදල ආයෙත් ගෙදර ආවම මම දැන ගත්තෙ එයාට සිහිය ඇවිත් කියල.. ඉතින් මම එවෙලෙ ආර්යාව යවල එයාව මගෙ කකුල් දෙක ලගට ගෙන්න ගත්තම මම එයා දිහා බලන් හිටියත් එයා නෙමෙයි මන් දිහා බැලුවෙ වත්.. හිතේ තිබ්බ කේන්තියට එයාට දෙන්න හිතුන කන පුපුරන්න පාරවල් දෙක තුනක්.. ඒත් ඒ අහින්සක මූණ බලන් ගහන්න තරම් මට හයියක් තිබ්බෙ නෑ..

ඉතින් මම එයාවත් ඇදගෙන ගියෙ මගෙ සීක්‍රට් රූම් එකට.. එයා නම් බයෙ හිටියෙ කියල මම හොදටම දන්නවා..මොකද එයා හිතන්නෙ මම එයාට ගහල මරල දායි කියල.. හැබැයි එයා හිතන දෙයක් මම හීනෙකින්වත් හිතල නෑ.. එයා කරපු දේට මම අද හිතා ගත්තෙ මම මටම රිද්ද ගන්නවා කියල.. ඒ හින්ද මම එයාට කියලම වේවැලකින් මගෙ පිට පැලෙනකන් ගස්ස ගත්තා..

මට තුවාල වේදනාව හොදින්ම දැනුනා.. මහ හයියෙන් කෑ ගහන්න හිතුනත් මම අත මිට මොලවන් කට තද කරන් උන්නෙ මගෙ චෙල්ලො මීට වඩා වේදනාවක් මම නැති මොහොතෙ මහ පාරක් මැද්දෙ හැමෝ ඉස්සරහම වින්ද නිසා..

එයා අඬනව ඉකි ගගහ ඇඬුවත් මට කේන්ති ඉතින් මම මගෙ කේන්තිය පාලනය කරගන්න කියල එයාට අත ඉස්සුවොත් එහෙම මගෙ අහින්සකයට සිද්ද වෙන්නෙ මගෙන් ගුටි කාල මැරිල යන්න..ඉතින් මම එයාට රිද්දනවට වඩා මම මටම රිද්ද ගත්තෙ එයාට ඒකෙන් ගොඩක්ම දුක හිතෙනවා කියල දැන දැන..

පස්සෙ එයාම වේවැල පැත්තකට දාල මාව බදාගෙන කියපු සේරම මම අහන් හිටිය.. වේගෙන් ගැහෙන මගෙ පපුව ටිකෙන් ටික සන්සුන් වෙලා ගිහින් සාමාන්‍ය අතට මම හැරෙනවා කියල තේරුන නිසා මම එයාව ඇදල මගෙ ඉස්සරහට අරන් ඒ අහින්සක ඇස් දිහා බලන් හිටියා..කිසි කෙනෙක්ට වරදක් නොකරපු මගෙ කොල්ලව අරුන් ඊයෙ විනාස කරල දැම්ම නම් මටත් ජීවත් වෙලා තේරුමක්ම නැති වෙයි.. මොකද මම එයාට මහ ගොඩක් ආදරේ කරන්න අරන්.. කිසි කෙනෙක්ට ආදරේ නොකරපු මගෙ හිතේ එයා ගැන තිබ්බෙ මොන වගේ හැඟීමක්ද කියන එක ගැන මමම ටිකෙන් ටික තේරුම් ගද්දි මම එයාට ඇත්තටම ආදරේ කරන්න අරන් කියල දැන ගත්ත දවසෙ මටත් පුදුම හිතුන..

පාතාලෙට සම්බන්ධ මම ආදරේ කියන එක අහල තිබ්බට දැකල තිබ්බට ඒ හැඟීම මොන වගේ එකක්ද කියල නොතේරුනත් ඒ කාලේ.. මගෙ චෙල්ලො මන් ලගට ආපු දා ඉදන් මගෙ හිත කියන කතාව මොකද්ද කියන එක මම හරි ඉක්මනට තේරුම් ගත්තෙ එයත් එක්ක මුල් වතාවට මුහුද බලන්න ගිය දවසෙ..

ඉතින් මගෙ හිතේ තියන ආදරේ මම එයාට ඉගි කරල ආයෙ කිසිම දවසක මගෙ කීමට පිටින් නොයන්න එයාට තර්ජනයත් කරපු මම එයාගෙ දිලිසෙන ඇස් දිහා බලන් ඒ රෝස දෙතොල් උඩින් සිපුමක් තිබ්බම එයාගෙ ඇස් ජිල් බෝල වගේ රවුම් වෙන හැටි දැක්කම නම් මට හිත යටින් හිනත් ගියා.. මොකද එයාට කිස් එකක් ලැබුනෙ පලවෙනි වතාවට වෙන්න ඇති.. හැබැයි මගෙත් පලවෙනි හාදුව එයාට අද දෙද්දි ඒ දැනුනු නුහුරු අත් දැකීමට මෙච්චර වෙලාවක් තිබුන මගෙ දුක නිවල හිතට ලොකු සතුටක් ගෙනාවා..

-
-
-
-
-
-
-
-
-
-

ඇයි..ඔහොම මන් දිහා බලන් ඉන්නෙ...ම්ම්ම්......

බය නිසා....

මොකටද බය...

ආසිගෙ නපුරු ඇස් මගෙ මූණ පුරාම යද්දි මම බලන් හිටියෙ ඇස් පිය නොගහ ඒ මූණ දිහා.. මාව සීතල වෙලා යන්න තර්ජන වර්ජන කරපු එයා පස්සෙ මගෙන් ඇයි ඔහොම බලන් ඉන්නෙ කියල ඇහුවම මම දුන්න උත්තරේ බයයි කියන එක..මම කියපු දේ අහන් හිටපු එයා මගෙ කම්මුලක් උඩින් අත තියල මොකටද බය ඇහුවම මම මගෙ චූටි දිගටි ඇඟිලි වලින් එයාගෙ එක රැවුල් ගහක් අල්ලලා බැලුවෙ එයාගෙ ඇස් දිහා..

මෙන්න මේ රැවුලට... මේක නිසා ඔයාව පේන්න නපුරු පාටට....

ඒකත් එහෙමද....?

හ්ම්...

බිම බලන් හ්ම් ගාපු මමයි එයයි විනාඩි ගානක් යනකන් නිහඬව ඉද්දි එයා මගෙන් ඈත් වෙච්ච නිසා මම එයාගෙ මූණ දිහා බැලුවෙ මම ඇත්ත කතා කරපු එකට එයාට කේන්ති වත් ගියාදෝ කියල හිතල...

මම යනවා එහෙනම්..අදට ඔයා මෙතන ඉන්න..

ආ...සි...

එයා එක පාරටම යන්න හදද්දි දොර ලගටම ගිය එයාගෙ පිට දැක්කම මට දුකත් හිතුන.. වේවැල් පාරට තැනින් තැන පිට පැලිලා ලේ එලියට ඇවිත් ගල් වෙලා ගිහින් තිබ්බ තැන් වලට මගෙ ඇස් යද්දි හිතට මොකද්දෝ මන්ද දැනුන වේදනාවත් එක්ක මම එයාට කතා කරා..

ඇයි....

මේ...අපෙ...ගෙදර...අය..බය...වෙලා..ඇති...

එයාල දන්නවා උබ ඉන්නෙ මන් එක්ක කියල...

අහ්...

මට අහන්න ඕන උනේ ඔයාට හුගක් රිදෙනවද කියල වෙද්දි එයාගෙ නපුරු ඇස් දැක්ක ගමන් බයක් හිතට දැනුන නිසා ඉතින් මම ඇහුවෙ ගෙදර අය ගැන.. ඒකට කෙටි උත්තරයක් දුන්න එයා මාව ඒ පාලු කාමරේ තනි කරල දාල යන්න යද්දි මම එහෙම්ම ඇඳෙන් ඉද ගත්තෙ එයා සිප ගත්තමගෙ තොල් මමම ස්පර්ශ කරගන්න අතර එයා මට ආදරේ කරනව කියන එක වහෙන් ඔරෝ කියපු විදිහත් මතක් කර කර..

ඒත්...

මගෙ අතින්ම අද එයා එයාටම දඬුවම් දී ගත්ත හැටි මතක් වෙද්දි මගෙ හිත ආයෙත් රිදෙන්න ගත්තා.. කොච්චර නම් මම එයාට ආදරේ නෑ කියල කටින් කිව්වට හිත නම් එයා ගැන ගොඩක් දේවල් හිතන්න අරන් තිබ්බා.. බිම පැත්තක ලේ ගැවුන වේවැල දැක්කම මට මන් ගැනම කේන්තියක් දැනෙන්න ගත්ත වගේම ඇස් වල කඳුළු පිරෙන්නත් මහ ලොකු වෙලාවක් ගියෙ.. ඉතින් මම තට්ට තනියම පාලු කාමරේ යකඩ ඇඳ උඩ උන්ඩි වෙලා නිදා ගත්තෙ ඇස් වල පිරුණු කඳුලු වලට ඔහේ ගලන් යන්න ඉඩ දීල..

මට සමාවෙන්න ආසි.. ඔයා අද මම නිසා සෑහෙන්න රිද්දගෙන.. ඔය නපුරු ඇස් අඬවන්න හේතු උනේ මම කියල මතක් වෙන මතක් වෙන පාරට මට මන් ගැනම කේන්ති.. ඇත්තමයි වෙලාවකට මට හිතෙනවා මට මේ ලෝකෙ ඔයා ඇරෙන්න වෙන කිසිම කෙල්ලෙක්වත් කොල්ලෙක්වත් ගැලපෙන්න නැද්ද කියල.. මොකද ජීවිතේට ආදරයක් විදල නැති මට ඔයාගෙන් මේ දැනෙන ආදරේත් රැකවරනෙත් මට මහ ගොඩක් හදවතට දැනෙනවා.. ඉතින් මේ යන විදිහට අහින්සක මගෙ හිතත් උබේ නපුරු ඇස්ම හැම මොහොතකම ඉස්සරහට හොයයිද කියල ලොකු බයක් දැනෙනවා ආසි...

ඇඳේ දිගා උන මම ඉස්සරහට මොන වගේ දේවල් සිද්ද වෙයිද කියන එක ගැන හිත හිත ඇස් වහගත්තා..

NO ONE P.O.V

උබල මොන හු$තක්ද යකෝ කරේ ගුරූව මරල දානකන්.........

Billiards play කර කර හිටපු රාජුට ඔහුගෙ ලගම ගෝලයෙක් ඇවිත් ගුරූගෙ මරනෙ ගැන කිව්වත් හරි හොදටම කේන්ති ගිය ඔහුගෙ මූණ දැකල ගෝල බාලයො ටික ගැස්සිලා ගියෙ රාජුගෙ අතින් තමන්ට මැරුම් කන්න සිද්ද වෙයි කියල හිතල..

රාජු...අන්නා...අපිට..බැරි...උනා..ටයිගර්...හිටපු..තත්වෙ...එක්ක...උගෙ..ඉස්සරහට...යන්න...

උබලව මම වැඩට අරන් තියෙන්නෙ ඔහේ බලන් ඉන්නද යකෝ..දන්නවද තොපිල අර පරය අතින් මැරිල ගියෙ මගෙ හොදම යාලුව කියන එක... ආ.. කතා කරපල්ලා ඉතින්....

සමාවෙ...න්න...රාජු....අන්නා...

ඔලු පහත් කරන් ඉන්න තමන්ගේ ගෝල බාලයො සේරටම පලු යන්න බයින රාජුගෙ හොදම යාලුවා තමයි ගුරූ කියන්නෙ.. අවුරුදු දහයක් එකට වැඩ කරපු ඔවුන් දෙන්න අතර තිබ්බෙ මාරම බැඳීමක්.. ඉතින් සහෝදරයෙක් හා සමාන තමන්ගේ යාලුවා නැති උන දුකට වේදනාවෙන් කෑ ගහන රාජුගෙ ඇස් දිහා කෙලින් බලන්න බැරුව ගෝලයො සේරම හිටියෙ අසරණ වෙලා..

කවුද ඒ කොල්ලා...උගෙයි ටයිගර්ගෙයි සම්බන්ධෙ මොකද්ද....?

ඒ පොඩි කොල්ලෙක් රාජු අන්නා.. ඌට ටයිගර් ගොඩක් ලෙන්ගතුයි කියල තමයි ආරන්චි හැටියට.........

ඉනට අත් දෙක තියාගෙන එහෙටෙ මෙහෙට යන රාජු දිහා බලන් එක ගෝලයෙක් එහෙම කියද්දි රාජුගෙ හිතට දැන් දැන් සැකයක් මතු වෙලා තිබ්බ ආසි සූර්ට දක්වන ලෙන්ගතු කමේ රහස මොකද්ද කියන එක ගැන..

ටයිගර් ඒ කොල්ලට වහ වැටිල වගේ..

ඒ වගේ අන්නා..

හ්ම්...රෙඩ්ඩිගෙ උපන්දිනේ ලගදිම එනවනෙ නේද ..........?

ඔව්...මොකද්ද රාජු අන්නා වෙන්න ඕන..

කට කොනින් හිනා උන රාජුගෙ මූණෙ තිබ්බ වෛරය දැක්ක ගෝලයො හැමෝම බයෙන් වෙව්ලන්න ගත්තා...මොකද රාජුව අවුස්ස ගත්තා කියන්නෙ මහ නාගයක් අවුස්ස ගත්ත හා සමානයි.. පන්න පන්න දශ්ට කරන්නේ..

ටයිගර්ගෙ එකම වීක් පොයින්ට් එක දැන් අර කොල්ල නම්.. මගේ මේන් ටාගට් එක දැන් ඒ කොල්ල විතරයි... එහෙනම් ටයිගර් ලෑස්ති වෙලා ඉදපන් අඬන්න.. මොකද උබට මෙදා පාර නම් සෑහෙන්න රිදෙයි.....Now Let's Play............!





>>>>>>>>>>

සුර්ට කරදයක් කරයිද රාජු...😒

2023.11.27
S.M.බඩී✍️

Continue Reading

You'll Also Like

14.3K 2.8K 18
ඉතින් , අදුරෙදිවත් මා හැර නොදා ගිය සෙවනැල්ල ඔහුම විය ❤️
15.1K 3.2K 48
විනාශ කරදැමූ කිරි සිහිනයක් වෙනුවෙන් බැදි වෛරයක් නිසා පරම්පරාවක්ම නසන්නට ශපථ කළ නේත්‍රාවකගේ පළිගැනීමට මැදිවූ සෙනෙහසක අන්දරය....... රුහිරු බැදි බැමි~
52.6K 9.6K 75
වපුරන දේ තමයි අස්වැන්න විදියට ලැබෙන්නේ... ඒක ආදරේදිත් පොදුයි 🙂💚❤️
52.3K 7.8K 75
අවයව නලියන හැඟිම්වලට ප්‍රේමය යැයි නොකියමී... ජිවිතයේ අවසන් හුස්ම දක්වා ගනුදෙනු කරන අපුරු බැඳිමට ප්‍රේමය යැයි පවසමී... ❤️