ආසි 💣 ( ✔️ )

By Kim_niru_55

55.7K 11.3K 1.7K

අපි අපේ නොවුනත් කමක් නෑ මට හැකියි නුඹට අවාරෙක සෙවනක් වෙන්න.........🌬️ More

01 කොටස ✴️
02 කොටස ✴️
03 කොටස ✴️
04 කොටස ✴️
05 කොටස ✴️
06 කොටස✴️
A/N
07 කොටස✴️
08 කොටස✴️
09 කොටස✴️
10 කොටස✴️
11 කොටස✴️
12 කොටස✴️
13 කොටස✴️
14 කොටස✴️
15 කොටස ✴️
16 කොටස ✴️
17 කොටස ✴️
18 කොටස ✴️
19 කොටස ✴️
20 කොටස ✴️
22 කොටස ✴️
23 කොටස ✴️
24 කොටස ✴️
25 කොටස ✴️
26 කොටස ✴️
27 කොටස ✴️
28 කොටස ✴️
29 කොටස ✴️
30 කොටස ✴️
31 කොටස ✴️
32 කොටස ✴️
33 කොටස ✴️
34 කොටස ✴️
35 කොටස ✴️

21 කොටස ✴️

1.4K 310 31
By Kim_niru_55

සූර් P.O.V

මම හිටපු තත්වය එක්ක මට ඕන උනේ කාගෙ හරිම තුරුලට වෙලා අඬන්න.. මොකද ගෙදර අප්පගෙ වැඩ නිසා ප්‍රශ්න වලින්ම පිරිල තියෙද්දි මම විතරක් නෙමෙයි ගෙදර හැමෝම හිටියෙ මානසිකව ගොඩක් ඇද වැටිලා.. කන්න බොන්න තියා අපිට ලයිට් බිල් වතුර බිල් වත් ගෙවාගන්න බැරි තත්වයක ඉද්දි ගෙදර ලොකු පුතා විදිහට මම හිටියෙ ලොකු පෙශර් එහෙක..

ඉතින් මගෙ දුක වේදනාව පිට කරගන්න බැරුව මනසින් ගොඩක් පහලට ඇද වැටිල ඉන්න වෙලාවෙ ආසි මාව මුහුද පෙන්නන්න එක්කන් ආවා..ජීවිතේට මුහුදක් තියා මුහුදු හුළගක්වත් විදල නැති මගෙ ඇස් වල කදුළු පිරෙන්න ගත්තෙ ආසි මිනීමරුවෙක් නෙමෙයි මොකෙක් උනත් මට එයා ගැන ලොකු පැහැදීමක් හිතේ ඇති වෙද්දි..

දෙපාරක් නොහිත මම මෙච්චර වෙලා හිතේ හිර කරන් හිටපු දුක දිය කරන අතර එයාගෙ ශක්තිමත් පපුවට තුරුල් වෙච්ච ගමන් මට හොදටම දැනුන එයා ගැස්සුනා කියල නම්.. ඒත් මට එයාගෙන් පොඩ්ඩක්වත් ඈත් වෙන්න බැරි උනා වගේම එයාටත් මාව ඈත් කරන්න හිතක් නෑ කියල නම් දැනුන එයා සද්දයක් වත් නැතුව ඉන්න විදිහෙන්..

විනාඩිය දෙක ගෙවිය යද්දි මම එයාට තුරුල් වෙලා ගොඩක් වෙලා ඉදල ඈත් උනේ ඒ නපුරු මූණ දිහා බලාගෙන..ඒත් එයාගෙ ඇස් මගෙ ලග නැතුව වෙන කොහෙදො තියනව දැක්ක මම ඒ පැත්ත බලද්දි දැක්කෙ දරුවො දෙන්නෙක් ඉන්න ජෝඩුවක් ඇවිත් රැල්ල ලග සෙල්ලම් කරන විදිහ..

ඔයාට අම්ම අප්ප නැද්ද අන්නා......?

දන් නෑ...

ඒ කිව්වෙ..

මම එයාලව දැකලවත් නෑ..

එතකොට ආසි කියන්නෙ අනාථයෙක්ද.. මම අහපු දේවල් වලට එයා අර පවුලෙ අය දිහා බලාගෙනම උත්තර දෙද්දි මට ආසි ගැන දුක හිතුන.. එයාටත් අම්ම අප්ප සහෝදරයො හිටිය නම් මේ වගේ පාතාල කාරයෙක් නොවෙන්නත් තිබුන..ඒත් ආසි කරපු පෙර පවකට වෙන්න ඇති අද එයා ගැලවෙන්නත් බැරි ගලවන්නත් බැරි නර අපායක හිර වෙලා.. පවුල , ආදරය , සතුට කියන එකවත් නොදන්න එයා කිසිම හිනා පොදක් නැති සීතල දරුණු චරිතයක් ආසි කියන නමින් ලෝකෙට පෙන්නුවත් හිත ඇතුලෙ උණුවෙන හදවතක් තියන මනුස්සයො අතර ඉන්න එක්තරා දෙවි කෙනෙක් කියන එක දන්නව නම් මම හිතන් නෑ කවුරුත් ආසිට පාතාල කාරය කියල කියයි කියලවත්..

ආසි අන්නා...

මෙච්චර වෙලා අපි දෙන්න අතර තිබ්බ නිහඬතාවය බිදල ආසිගෙ ගෝලයෙක් අපි ලගට ඇවිත් ඔලුව පහත් කරගද්දි මම බැලුවෙ කිසිම හිනා පොදක්වත් නැති රවාගෙනම ඉන්න අසි දිහා..

මෙයාව ගිහින් ගෙදරට දාන්න...අර මම කියපු දේවල් ටිකත් කරහන්.. තේරුනාද...?

ඔව් අන්නා...

මාව මේ කොණ්ඩ කුරුල්ලො එක්ක ගෙදර යවන්න හදනව කියල ඇහුන වෙලේ ඉදන් මම හිටියෙ ආසිට රවාගෙන..ඇයි එයා මන් එක්ක එන්නෙ නැත්තෙ කියන එක ගැන මට තිබ්බෙ ආසි එක්ක තරහක්..

දැන් ගෙදර යන්න...

මගෙ දිහාට බැල්මක්වත් නොදී එයාගෙ කීමට ඔලුව වනපු මම එයාගෙ ගෝලය පස්සෙන් හෙමීට යන අතර එක පාරක් අහම්බෙන් හැරිල මම එයා දිහා බලද්දි මගෙ හිත ගැස්සුනේ...එයා මට යන්න ඇරල මන් දිහා බලන් ඉන්නව දැක්කම මට එයාගෙ ඇස් වල තිබ්බ හැඟීම් තේරුම් ගන්න බැරුව ගියා..

නපුරු රැවුල් ආසිව මම අද බදා ගත්ත කිසිම බයක් සැකක් නැතුව.. උබ නම් මාරම වැඩ්ඩෙක්නෙ සූර්.. පාතාල කාරයෙක් උබ ලග දණ ගස්ස ගත්ත එහෙනම්..

හිතට දැනුන අමුතුම හිරියක් එක්ක මම ඉස්සරහ බලාගෙන එතනින් යන්න ගියා..ආසි යන එන ජීප් එකේ ගෙනිහින් මාව ගේ ලගින් දාපු ගෝලයො දෙතුන් දෙනා යන්න යයි කියල හිතුවත්.. එයාල ජීප් එකේ පිටි පස්සෙ ඉටි කොළ වලින් වහල තිබ්බ මලු මලු වගයක් උස්සගෙන මාවත් පෙරලන් ගෙට ගිහින් දාද්දි මම හිටියෙ මොකද්ද මෙතන සිද්ද වෙන්නෙ කියල හිතා ගන්න බැරුව..

මොනවද මේ...

ආසි අන්නාගෙ කීම තමයි අපි කරන්නෙ බොසා..

උන් තුන් දෙනාගෙන් තඩි මහත එකා මම අහපු දේට එහෙම කියල යන්න යද්දි මෙතන වෙච්ච හැමදේම ගෙදර අයත් බලන් හිටියෙ කටත් ඇරගෙන..

කඩවුලේ අම්මා මේ කෑම බීමනෙ ගෙනල්ල තියෙන්නෙ..

මහ පෙරේතය තම්බි අර ආපු අය ගිය ගමන් ගෙයි මැද තිබ්බ බඩු මලු ටික ඇදගෙන බලල දත් තිස් දෙකම එලියට දාන් කියපු කතාවට මාත් එබිකම් කර කර බැලුවෙ තම්බිගෙ කතාව ඇත්තද කියල..

ඇත්තටම ඒ මලු වල අපේ ගෙදරට ඇති වෙන්න පහේ පන්න හාල් පොල් හැමදේම තිබ්බ.. ඒත් මට හිතා ගන්න බෑ කොහොම ආසි දැන ගත්තද කියල ගෙදර අඩු පාඩු ගැන..

අර ආසි දරුවගෙ වැඩ නේද මේ...

හ්ම්...

පාතාලෙ ඉදලත් මේ වගේ හොද වැඩත් කරනව දැක්කම පුදුමයි නේද පුතා.. මට පේන්නෙ නම් මේ ඒරියා එකෙන්ම අපිටද කොහෙද ආසි දරුව මෙච්චර හොදට සලකන්නෙ..

අන්දුන් කුන්දුන් වෙලා තම්බි දාගෙන අදින බඩු මලු දිහා බලන් හිටපු මන් ලගට ආපු අම්ම කියන දේවල් වලින් නම් මට තේරුම් ගියෙ.. අම්ම එන්නෙ වෙනම ලයින් එහෙකට කියල..

මොකද්ද අම්ම ඔය වටේ ගිහින් කියන්න හදන්නෙ කියල කෙලින් කියනවද...?

ආසි දරුව ඔයාට ගොඩක් කැමති කියල මට නම් පේන්නෙ පුතා..

ආයෙ අම්මා හදන්නෙ විකාර දොඩවන්නද...අනික මම කොල්ලෙක් කියන එක අමතක කරන්න එපා..

මම අම්මට එහෙම කියල කාමරේට ඇවිත් දොර වහල දාල ඇඳට වැටුනෙ ආසි අද මුහුද දිහා බලාගෙන කියපු දේවල් ගැන වගේම මම එයාව බදාගත්ත වෙලාවෙ එයාව ගැස්සිලා ගිය විදිහ ගැන හිත හිත..

ආසි එක පාරටම වෙනස් වෙලා මට මේ තරම් ආදරෙන් සලකනවා දැක්කම පුදුම වෙන්න දෙයක් නෑ...මොකද මම දන්නවා එයා මට කැමති කියල.. එහෙමයි කියල මේ මන් වෙනුවෙන් මෙච්චර දේවල් එයා කොහොම කරනවද මන්ද.. ගෙදරට කන්න බොන්න අද ගෙනත් දැම්ම නම් ඉස්සරහට තව මට මොන වගේ උදව් කරයිද දන් නෑ.. හැබැයි ඉතින් ඕවට ගෙවන්න වෙන්නෙ මේ අහින්සක මට තමයි..මොකද ආසි ඉස්සරත් මට සද්දෙ දාන්නෙ "" ණය ගෙවපන් කියල "" ඉතින් දැන් කියයිද දන් නෑ මගෙ ණය ගෙවන්න උබට ඇත්තටම ඕන නම්.. මට ආදරේ කරපන් කියල.. එහෙමට මිනිහ හැබැයි..

අද දවසෙ වෙච්ච දෙවල් ගැන හිත හිත හිටපු හන්ද..දන්නෙම නැතුව රෑත් වෙලා තියෙද්දි ඇඳේ දිගා වෙලා කකුල් දෙක වන වන හිටපු මගෙ ඇගට යට වෙලා තිබ්බ ෆෝන් එක වයිබ්‍රේට් වෙනව දැනුන හන්ද අතට අරන් බැලුවෙ කවුද කියල උනත්.. ස්ක්‍රීන් එකේ තිබ්බ නොදන්න නම්බර් එකක් නිසා මම ආන්සර් කරනවද නැද්ද කියන එක ගැන හිත හිත ටික වෙලාවක් හිටිය.. ඒත් දන්න අදුනන කෙනෙක්ද දන් නෑ කියල හිතල මම ෆෝන් එක ආන්සර් කරල කනේ තියන් අහන් හිටිය..

"" මොකද උබ සද්දයක් නැත්තෙ..""

"" ආ...ආසි...""

"" ඔව් මම තමයි..එක පාරක් කෝල් කරාම ආන්සර් කරන්න බැරිද උබට..""

"" මට..නින්ද ගිහින් තිබ්බෙ..""

"" හ්ම්..දැන් රෑට කාලද ඉන්නෙ..""

"" ඔ..ඔව්...""

"" හ්ම්..චෙල්ලෝ...උබ මම කියන එක අහන් නේද ඉන්නෙ...""

"" ඔව්...අන්නා...""

"" මම දවස් දෙකකට පිට යනවා..යන්නෙ නිකන් නෙමෙයි මගෙ උන් දෙන්නෙක්ව ඔයාලගෙ ආරක්ශාවට ගේ කිට්ටුව තියල.. හැබැයි උබටත් සිද්ද වෙනව උබගෙ ආරක්ශාව ගැන හිතල ගෙයින් එලියට අඩියක් නොතිය ඉන්න.. හොදට මතක තියා ගනින් උබ එලියට ගිහින් උබේ ජීවිතේ අනතුරේ දා ගත්තොත් මම උබව මරල දානවා කියන එක.......""

"" හරි........""

"" හ්ම්..දැන් එහෙනම් නිදාගන්න..ගුඩ්නයිට්..""

එයා තදින්ම මට වෝනින් එකක් දීල මම ගුඩ්නයිට් කියන්නත් කලින්ම ෆෝන් එක තියල ඉවර නිසා මම පපුව උඩින් ෆෝන් එක තියන් කල්පනා කරන්න ගත්තා...මට තිබ්බ එකම ප්‍රශ්නෙ එයාට කොහෙන්ද මගෙ නම්බර් එක ලැබුනෙ කියල.. ඒ කොහොම උනත් බලන්නකො අන්තිමට මාව මරනව කියපු ලස්සන..

නපුරු රැවුලා..

එයාව හපනව කියල හිතාගෙන කොට්ටෙ තදින් හපාගෙන හිටියත් පස්සෙ මගෙම මුවගට හිනාවක් ඇදුනෙ එයා මන් ගැනත් මගෙ පවුල ගැනත් හිතල එයා මෙහෙන් කොච්චර දුරකට ගියත් අපේ ආරක්ශාවට එයාගෙ අය තියල යනව කිව්ව එක මතක් වෙච්ච හන්ද..

ආසි ගැන මගෙ හිතේ ආදරයක් නැති උනත් එයා මේ මටත් මගෙ පවුලෙ අයටත් කරන උදව් නිසා මට එයා ගැන මගෙ හිතේ තදින්ම තිබ්බෙ ගෞරවයක් විතරයි..

ඉතින් ආසි මේ කරන උදව් පදව් වලට මම අනිවාරෙන්ම එයාට  ණය ගෙවනවා කියල හිතාගෙන සිවිලිම දිහා බලන් ඉද්දි මට නොදැනිම නින්ද ගිහින් තිබ්බා..

-
-
-
-
-
-

අන්නා...අන්නා...

හ්ම්ම්...ම්ම්..

ඔලුවෙ ඉදන් පොරවන් නිදාගෙන හිටපු මගෙ කන් දෙක ලගම ඇහුන අමිත්ගෙ හඬට ඇහැරුන මම ඇස් දෙක පොඩි කර කර කෙදිරි ගගා තවත් බෙඩ්ශීට් එක අස්සට ගුලි වෙන්න හැදුවත් මේ යකා මට නිදා ගන්න නොදී වදම දුන්නා..

නැගිටින්නකො අන්නා.. මට යාලුවව බලන්න යන්න තියෙනවා..

ඉතින්...මට මොකටද වද දෙන්නෙ..

ඔයාව එක්කගෙන එන්න කිව්ව එයා..

මොකටද...

මම දන් නෑ...ඇවිත්ම බලන්නකො...

මුකේශ්ව බලන්න යන්න අමිත්ට තිබ්බෙ පුදුම හදිසියක් කියල මට එයා කතා කරන විදිහෙන් තේරුනා.. ඉතින් තවත් බලන් ඉන්නෙ නැතුව ඒ කොල්ලට මාව බලන්න ඕනම කියල තිබ්බ නිසා ඉක්මනට ඇඳෙන් බැහැල බාතෲම් එකට ගිහින් නාගන්න අතර තුරයි මට ආසි කිව්ව කතාව මතක් උනේ..

ඒත් ආසිගෙ ගෝලයො මගෙ වටේ ඉන්නව කියල එයාම කිව්ව නිසා මම හිතා ගත්ත තම්බි එක්ක යන්න.. මුළු ඇගම වැහෙන විදිහෙ ටීශර්ට් එකකුයි කලිසමකුයි ඇදල කැප් එකක් දාගෙන තම්බි එක්ක එලියට බැස්සෙ අම්මාට පට්ට පල් බොරුවක් කියල..

පලතුරු මොනා හරි අරන් යමු නේද තම්බි..නිකන් අත පය වනවන යන එක හරි නෑනෙ..

හ්ම්..මාකට් එකෙන් ගමුද..?

ඔව් කෙලින්ම එහෙට ගිහින් පලතුරු අරන් හොස්පිටල් එකට යමු.....

මමයි තම්බි බස් එකට නැග්ගෙ මුකේශ්ව බලන්න යන්න කලින් පලතුරු අරගෙන යමු කියල කතා වෙලාමයි..අපේ ලේන් එකෙන් එලියට ඇවිත් එතනින්ම බස් එහෙක නැගල මමයි තම්බි මාකට් එක ලගින් බැහැල පලතුරු කීපයක් අරගෙන ආයෙත් බස් හෝල්ට් එකට ඇවිත් බලන් හිටියෙ ඊළග බස් එක එනකන්..

තම්බි නම් ගානක් නැතුව ඔහේ වට පිට බල බල ඉද්දි මගෙ හිත නම් තිබ්බෙ බයේ එකසිය ගානට ගැහි ගැහි.. ආසි කිව්ව එක සැරින් සැරේට මට මතක් උන නිසා මම වට පිට බල බල හිටියෙ මම දාන් හිටපු කැප් එකෙන් මූණ කවර් කරගෙන..

අන්න බස් එක එනවා...

වෙන කල්පනාවක හිටපු මාව ගැස්සුනා තම්බි පාර දිහා බලන් කෑ ගහපු හන්ද ඒ එක්කම ඈතින් එන බස් එක දැකපු අපි දෙන්නම පේමෙට් එකෙන් එලියට අඩිය තියාගෙන බලන් ඉදල බස් එක අපි ලගින් නවත්තපු ගමන් බස් එකේ මම වගේම තම්බිත් එල්ලිලා හිස් සීට් එකකින් තම්බි ඉද ගත්ත හන්ද එයා ලගින්ම මාත් ඉද ගෙන බර සුසුමක් පිට කරා..

කිසි ප්‍රශ්නයක් නැතුව මාකට් එකෙන් පලතුරුත් අරන් අපිට එන්න ලැබුන නම් මේ වෙනකනුත් මටවත් තම්බිටවත් කරදරයක් නොවුන නම් ආසි ඊයෙ රෑ කිව්වෙ මොන විකාර කතාද කියල හිත හිත හිටපු මම නලලින් ගලන දාඩිය කැප් එක අයින් කරල පිහිද ගත්ත සැනින්ම...

බ්‍රාස්.................................

හෝල්ට් එකේ ඉදන් බස් එකට අඩි දහයක්වත් යන්න හම්බ උනේ නෑ ඉස්සරහට ආපු වහන දෙක තුනක් බස් එකට යන්න නොදී හරහට ගහද්දි ඩ්‍රයිවර් ගහපු බ්‍රේක් පාරට බස් එක ඇතුලෙ හිටපු හැමෝම ඉස්සරහට විසි උනත් මූණවල් නානු නොකරගෙන බේර ගත්තෙ පුටු වල තිබ්බ යකඩ පොල්ල අල්ල ගන්න පුලුවන් උන නිසා..

මොකද්ද අන්නා වෙන්නෙ..

දන් නෑ..ඒත් වෙන්න යන්නෙ නම් හොදක් නෙමෙයි පේන හැටියට..

බයෙන් වගේ අමිත් මගේ අතින් අල්ල ගද්දි බස් එක ඇතුලෙ හිටපු ගෑණු උදවියත් බයෙන් ගැහෙන්න අරන් තිබ්බ බවක් මම ඇස් කොනින් දැක්ක.. ඒත් තවම මට අර වාහන වල ඉන්න එවුන් කවුද කියල නොපෙනුන නිසා මම සීට් එකෙන් ඉස්සි ඉස්සි ඉස්සරහ බලද්දි පොලු වගේම කඩු අර ගත්ත හැඩි දැඩි පිරිමි දහ දෙනෙක් එක්ක ටිකක් වයස පෙනුමක් තිබ්බ සුදු මහත දන්වල් මාලයක් බෙල්ලෙ එල්ලන් හිටපු හැමෝ එක්කම හිනා වෙවී බස් එකට නැග්ග ඒ මිනිහ දිහා මම බලන් හිටියෙ ඇස් ලොකු කරගෙන..

හලෝ...බියුටිෆුල්...

තමුසෙ...කවුද...?

කෙලින්ම මන් දිහා බලාගෙනම මන් ලගට ආපු ඒ මිනිහ දකුණු අතේ තිබ්බ සිල්වර් වලල්ල වම් අතින් වැලමිට ලගට ඇදල කට කොනින් හිනා වෙද්දි මම ඌ දිහා බලන් හිටියෙ හිත යටින් බයෙන් වෙව්ල වෙව්ල..

උබෙ අප්පා ණයක් ගත්තෙ මගෙන්..එදා උබ අපෙ උන්ගෙන් බේරුනාට පෙර පිනකට..අද නම් උබට ඒ හැමදේකටම හරියන්න හොද පරිපුවක් නම් කන්න වෙයි කොල්ලෝ..

අප්පා ණය උනා මිසක් මම නෙමෙයිනෙ ණය උනේ.. ඉතින් ඇයි අපිට මෙහෙම වද දෙන්නෙ..

මගෙ අතේ එල්ලිලා ඉන්න තම්බි අඬන්න ගද්දි මම හිටියෙ දත් මිටි කකා නාකි තඩිය දිහා බලාගෙන..

වෙන ණයක් පිරිමිහගන්න මම ආවේ..උබෙ මහ ලොකු කුමාරයා..ආසි මගෙ උන්ට අත තිබ්බෙ ගුරූගෙ හැටි නොදැන වෙන්න ඇති..මම බලන් හිටිය ගොදුර මගෙ ලගටම එනකන්.. ඒත් මම හිතුවෙ නෑ කොල්ලො උබ මෙච්චර ඉක්මනට මගෙ ගොදුරක් වෙයි කියල..

අතෑරපන් මාව....

අප්ප නිසා අදත් මම නොදන්න පිරිමි ටිකකට ගොදුරක් වෙලා.. ඒ මිනිහ මගෙ අතින් ඇදල ගත්ත පාරට මාව තම්බිගෙ ග්‍රහනයෙන් මිදිල පුලුන් රොදක් වගේ ඇදිල යද්දි සීට් වල ඉදන් හිටපු හැමෝම මීක් සද්දයක් නැතුව කට වල් වහන් බලන් හිටියා..

ආසි මට ඊයෙ රෑ කියපු හැමදේම මතක් වෙන්න ගත්තත් අද මාව ආසි තියා මොකෙක්වත් බේරගන්න නෑ කියල මගෙ හිත දන්න නිසාම මම හිටියෙ දැනටමත් මගෙ හුස්මත් අතෑරල දාල..

කෑ ගැහුවට උබෙ ආසි එන්නෙ නෑ අද උබව බේරගන්න..

අතෑරපන් මට යන්න දීපන්..

සද්දෙ වහගනින් කොල්ලෝ..

මාව අතෑරපන් තිරිසනෝ...






චටාස්••••••

එච්චරමයි මට කියන්න හම්බ උනේ ඒ ගමන්ම මට ඇස් නිලංකාර වෙලා යන්න වැදුන පාරට මම හිතන්නෙ මගෙ කනත් කීන් ගාන්න ගත්තා..

කිසිම හිතක් පපුවක් නැති ගානට මගෙ බෙල්ලන් ඇදගෙන ගිය ඒ මිනිහ මාව බස් එකෙන් එලියට තල්ලු කරල දාද්දි මාව පරඩැලක් වගේ ජොබොස් ගාල ගිහින් වැටුනෙ මඩ වලකට..

අහ්ම්..ම්ම්..

ඇස් වලින් ගලාගෙන යන කදුළු වලට ඉඩ දීල මම අමාරුවෙන් අත් වලට වාරු අරන් නැගිටිද්දිම ආයෙත් ශක්තිමත් අතකට මගෙ කොණ්ඩෙ මිරිකිලා ගියෙ මම කෑ ගහන්න කෑ ගහන්න..

අන්නා...

අහ්හ්හ්....

එන්න කියපන් උබෙ ආසිට උබව බේරගන්න දැන්..

අමිත් මන් ලගට එන්න දගලද්දි මම හිටියෙ අඬ අඬම එයා දිහා බලාගෙන..මොකද එයා දැනටමත් මේ මිනිහගෙ ගෝලොයො දෙන්නෙක්ගෙ අත් වලට මැදි වෙලා..ඉතින් මන් ලගට එන්න තියා හිතන්නවත් බෑ අමිත්ට.. අනික මගෙ පන මුන් ටික ගත්තත් මම තම්බිට මුකුත් වෙන්න ඉඩ තියන් නෑ කියල හිතාගෙන හිටියෙ..

මොන..වද....තමුසෙ.. බලාපොරොත්තු...වෙන්නෙ...මේ..දේවල්..කරල..

ඌ කරේ වැරැද්දක් කියල ඌට දැනෙන්න ඕන..අනිවාරෙන් ඌ අත තිබ්බෙ වැරදි අයට කියන එක ගැන ආසි පසු තැවෙන්න ඕන...හා..හා..හා..හා..හා..

සයිකො කාරයෙක් වගේ ඌ හිනා වෙද්දි මම හිටියෙ ඌ දිහා අඩවන් උන ඇස් වලින් බලාගෙන..ඇස් මඩ වතුරින් බර වෙලා තිබ්බ වගේම මුලු ඇගම වතුරින් නෑවිලා තිබ්බ නිසා මගෙ ගතම ඕනවටත් වඩා හැමෝටම කැපිල පෙනුනා..

අපිව වට කරන් බලාගෙන ඉන්න මිනිස්සු දිහාත් නාකි තඩියගෙ ගෝලොයො දිහාත් බලපු මම කට කොනින් හිනා වෙන්න ගත්ත නිසා..මගෙ හිනාව දැක්ක නාකි තඩිය පුදුම වෙලා වගෙ මගෙ මූණට එබිල බලන් හිටිය..

උබ...උබ හිනා වෙනවද..කොහොමද යකෝ උබ ඔහොම හිනා වෙන්නෙ..

තුහ්...උබ පොන්නයෙක් හු#තෝ...

චටාස්••••••

උගෙ මූණටම කෙල තලියක් ගහපු මගෙ කන රත් වෙන්න තවත් තද පහරක් වදිද්දි මාව නිකන්ම බිම ඇදගෙන වැටුන.. ඌ ගහපු පැත්තෙ කම්මුල අතින් අල්ලන් බිම බඩගාගෙන හිටපු මගෙ බෙල්ලෙන් අල්ලපු ඌ මාව ආයෙත් කෙලින් කරල කියපු කතාවට මාව රත් වෙලා ගියා..

දණ ගහපන්..වැඩිය දගලන්න හදන්න එපා උබෙ තම්බිගෙ ජීවිතේට ආදරයක් තියෙනව නම්..

ඇස් රතු කරන් කඳුළු හල හල මන් දිහා බලන් ඉන්න තම්බිගෙ අසරණ කම දැක්ක මම අකමැත්තෙන් උනත් හැමෝ ඉස්සරහම මහ පාරේ දණ ගහගෙන බිම බලා ගත්ත..

ගුරූට උබ කතා කරේ වැරදි නමකින් කොල්ලෝ.. මම පොන්නයෙක්ද නැද්ද කියන එක අද මන් උබට පෙන්නන්නම්..

අහ්...හ්....ම්ම්.......

එහෙම කියපු ඌ මම කෑ ගහන්න කෑ ගහන්න මම ඇදන් හිටපු ටී ශර්ට් එකේ කරෙන් මාව බිම දිගේම ඇදන් යද්දි මගෙ දණිස් පොල්කටු හීරිලා ලේ එන්න ගත්ත වගේම මගෙ ගතේ තිබ්බ ශක්තිය එන්න එන්න හීන වෙන්න අරන් තිබ්බෙ වේදනාව දරන්න බැරිම තැන..

ආසි කියන එකක් නාහා එයාටත් නොකිය ගෙයින් එලියට ඇවිත් මම කර ගත්තෙ මහම මහ මෝඩ වැඩක් කියන එක මට හොදින්ම දැන් තේරුනත්.. මම පරක්කු වැඩි වෙලා තිබ්බ..තිරිසන්නු ගොඩකට මැදි වෙලා හිටපු මාව බේරගන්න එක මනුස්සයෙක්වත් අපිට ලන් නොවී වට වෙලා බලන් හිටිය එකෙන්ම මට තේරුනා ගුරූ කියන්නෙත් හොද තදයෙක් වෙන්න ඇති කියල..

මුව පැටියෙක් වගේ හිටපු මාව දැනටමත් මුන් තලල පෙලල දාල තිබ්බ නිසා මම හිටියෙ අන්ත අසරණ වෙලා.. හුස්මකටවත් ආසාවක් තියන් හිටියෙ නැති මම කොච්චර උනත් අන්තිම මොහොතෙවත් බලාපොරොත්තු උනා ආසි මාව බේරගන්න එයි කියලම..

මට සමාව දෙන්න පුලුවන් නම් ආසි..මම කරේ අද ගොඩක් ලොකු වරදක් ඔයා කියන එක නාහා.. ඒත් මම ඔයා එනකන් බලන් ඉන්නවා.. ප්ලීස් පුලුවන් නම් මාව බේරගන්න...............!

උන්ගෙ වාහනේ ලගට ඇදන් ගිය මාව ඌ වාහනේ දොරටම හේත්තු කරල උගෙ ගෝලයෙක් උගෙ අතට දුන්න හොකී පිත්ත අතට අරන් ඌ ඒක කරකව කරකව කට කොනින් හිනා උනේ පිස්සෙක් වගේ..

ආසි උබව බේරගන්න එයි කියල හිතනවද...?

ඔ...ඔව්...

ඌ මාව මරයි කියල උබ හිතනවද...?

අනිවා..රෙන්ම...

ආසිට උබව ඒ තරම්ම වටිනවද ඒ කියන්නෙ..

ඔ..ඔව්..

ඌව ඒ තරමටම උබට විශ්වාසයිද...?

ඔ..ඔව්...මොකද ආසි උබ වගේ පොන්නයෙක් නෙමෙයි..

හරි එහෙනම්..උගෙ රෝස මල තැලිල තියෙද්දි ඌට දැනෙන වේදනාව අද මට ඇස් දෙකෙන්ම විදින්න පුලුවන් වෙයි.. අද තමයි ඒ පර බල්ල ජීවිතේ මතක හිටින පාඩමක් ඉගන ගන්නෙ..

අහ්හ්හ්........

ඌ අහපු හැමදේකටම මම උත්තර දුන්නෙ හිනා වේගෙන වෙද්දි මන් දැක්ක උගෙ ඇස් කේන්තියෙන් රතු වෙනවා.. මම මරන මන්චකයේ ඉදලත් ආසි එයි කියල විශ්වාස කරද්දි ඌට අදහගන්න බැරුව මගෙ මූණ දිහා බලන් හිටිය.. බය කියන දේ හිතේ හංගන් බොරු කේන්තියක් මම ඌට මගෙ මූණෙන් පෙන්නද්දි කොච්චර කෑ ගැහුවත් මම දැක්ක උගෙ ඉහෙන් කනින් පවා දාඩිය ගලනවා.. ඌ බය වෙලා.. ඔව් ආසි එයි කියල මගෙ දැඩි විශ්වාසය නිසාම ඌ හිටියෙ බය වෙලා..කිසිම බයක් නැතුව ඌට පොන්නය කියද්දිම උගෙ කලිසමේ චූ යන සයිස් එකටම බය වෙලා හිටපු ඌ පොර ටෝක්ස් ගොඩක් දීල දෙපාරක් නොහිත අත දිගෑරල මගෙ මූණට හොකී පිත්තෙන් ගහපු පාරට මට වට පිටාවම අඳුරු වීගෙන ඇවිත් ඇස් පිය විලා ගියා..









>>>>>>>>>

ආසිගෙ චෙල්ලොව එයාල අල්ල ගත්තා ළමයි.. ඉතින් ඔයාල හිතනවද ආසි එයි කියල එයාගෙ චෙල්ලොව බේරගන්න..😌

සමාවෙන්න ඕන අප්ඩේට් දෙන්න පරක්කු උනාට..🥺

2023.11.09
S.M.බඩී✍️

Continue Reading

You'll Also Like

3K 536 17
ආදරේ වෙනුවෙන් වෙන්වීමක්.... ඉතින් දරාගත හැකි වේවිද.... දරාගැනීමද ආදරයක් නම්.... ඉතින් කුමක් සිදු වේවිද....
96.7K 15.6K 52
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බ...
50.2K 7.5K 72
අවයව නලියන හැඟිම්වලට ප්‍රේමය යැයි නොකියමී... ජිවිතයේ අවසන් හුස්ම දක්වා ගනුදෙනු කරන අපුරු බැඳිමට ප්‍රේමය යැයි පවසමී... ❤️
44.1K 6.5K 47
මොන බාධක මත වුනත් මම ඔයාව පරිස්සමෙන් බලාගන්නවා.. හීරීමක්වත් වෙන්න දෙන්නේ නෑ.. 😍 ඔයා හැමෝටම කිංග් වුනත් මට ඔයා මගේ බෝ බෝ විතරමයි..💚❤️