๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ...

By AndreaMariyan

12.9K 1.9K 573

[BOOK TWO] [ONGOING] [HAPPY ENDING] โŒ›๏ธโ™ก๏ธŽ ..๐“๐ก๐ž๐ฒ ๐ฌ๐š๐ฒ, ".. ๐ฅ๐จ๐ฏ๐ž ๐ฒ๐จ๐ฎ ๐ฎ๐ง๐ญ๐ข๐ฅ ๐ญ๐ก๐ž ๐๐š๐ฒ ๐ˆ ๏ฟฝ... More

๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Prologue
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Author's Note
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Wolf Characters
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 01
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 02
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 03
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 04
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 05
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 06
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 07
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 08
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 09 ๐Ÿ”žโš ๏ธ
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 10
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 11
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 12
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 13 ๐Ÿ”žโš ๏ธ
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 14
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 15
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 16
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 17
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 18
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 19
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 20
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 21
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 22
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 24
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 25
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 26
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 27
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 28
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 29
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 30
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 31
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 32
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 33
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 34
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 35
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 36
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 37
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 38
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 39
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 40
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 41
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 43
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 44
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 45
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 46
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 47
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 48
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 49
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 50
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 51
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 52
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 53
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 54
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 55
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 56
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 57
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 58
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 59
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 60
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 61
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 62
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 63 ๐Ÿ›‘โš ๏ธ
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 64
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 65
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 66
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 67
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 68
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 69
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 70
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 71
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 72
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 73
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 74
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 75
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 76 ๐Ÿ”žโš ๏ธ
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 77
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 78
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 79
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 80
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 81

๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 23

118 22 5
By AndreaMariyan

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎

⌛️♡︎ ..𝐓𝐡𝐞𝐲 𝐬𝐚𝐲
".. 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮 𝐮𝐧𝐭𝐢𝐥 𝐭𝐡𝐞 𝐝𝐚𝐲 𝐈 𝐝𝐢𝐞.."
𝐖𝐞 𝐬𝐚𝐲
"..𝐈'𝐥𝐥 𝐬𝐭𝐢𝐥𝐥 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮 𝐚𝐟𝐭𝐞𝐫..♡︎⌛️

[EPISODE 23]

     ____________🤎____________

                      ❣️𝐈𝐯𝐚𝐧 𝐀𝐧𝐝 𝐙𝐡𝐞𝐧𝐠❣️

ශෙන්ග් හිටියේ ගෙදර සාලේම බිම පෙරලීගෙන. එයාගේ වටේටම තිබ්බේ පොත්. තව මන්ඩි විතරත් ඉතුරු වෙලා තියන කෝපි කෝප්ප දෙකකුයි. ශෙන්ග් හිටියේ මූන්ලයිට් සිටි කොලේජ් එකට සිලෙක්ට් වෙන්න තියන එක්සෑම් එකට පාඩම් කරන ගමන්. පෝල් තකහනියක් මහන්සි වෙලා අළුත්ම ස්ටඩි ටේබල් එකකුයි පුටුවකුයි හදවලා ගෙනත් දුන්නත් ශෙන්ග් කොයිවෙලේත් පාඩම් කරන්න ගන්නේ ගෙයි මැදම බිම පෙරලිලා. නැත්නම් මමී එක්ක කිචන් එකේ.

ඉස්සර ශෙන්ග් පාඩම් කරන්නේ මේසේ විතරයි. අඩුම ශෙන්ග් පොතක් අරන් ඩැඩීටයි, සොෆියාටයි පේන්න එළියටවත් එන්නේ නෑ. ඒක හින්දම දැන් එයා නිදහසේ පාඩම් කරනවා. හිටපු ගමන් බැටළුවෝ බලන්න තියෙන ගේ පිටිපස්සේ ගහක් යට එහෙම පොතක් එක්ක ශෙන්ග්ව හොයාගන්න පුලුවන්.

ග්‍රෙගරි ආපහු කැම්පස් යන්න කලින් පෝල් ග්‍රෙගරිගෙන් ශෙන්ග්ට ඕන වෙයි කියලා ග්‍රෙගරි කොලේජ් යන කාලේ පාවිච්චි කරපු පොත් ඉල්ලගෙන තිබ්බා. ඒ වගේම පෝල් ග්‍රෙගරිව කලින් දවසක බුක්ශොප් එකට ගෙන්නලා ශෙන්ග්ට එක්සෑම් එකට එන්න පුලුවන් දේවල් ගැනත් දැනගන්න චාන්ස් එකක් හදලා දුන්නා.

හැබැයි එක තත්පරේකටවත් ශෙන්ග් පෝල්⁣ට එයා ලගින් හෙලවෙන්නවත් දුන්නේ නෑ. පෝල් නෝට් කරපු දෙයක් තමයි ශෙන්ග් වැඩිය කවුරුත් එයාලගේ ගෙදරට එනවට කැමති නෑ කියලා. ඇත්තටම ආව ගිය කට්ටිය බොහොම සුළු ප්‍රමාණයක් වුනත් පෝලුයි රීටායි ශෙන්ග් වෙනුවෙන් ඒ ටික දෙනාවත් හිමින් හිමින් ඈත් කරා. ඈත් කරා කියන්නේ සම්බන්ධතා නැවැත්තුවා කියනෙක නෙමෙයි ඒත් ගෙදරට ගෙන්නවා වගේ දේවල් එහෙම හුඟක් අඩුකරා. එයාලගේ ෆස්ට් ප්‍රයොරිටි එක වුනේ ශෙන්ගේ සතුටයි සැනසීමයි. මොකද එයාලා දෙන්නම දන්නවා ශෙන්ග් තාමත් හීනෙන් බයවෙනවා කියලා. තාමත් එයාට පැනික් ඇටෑක්ස් එනවා කියලා.

ග්‍රෙගරිගෙන් අහගත්ත දේවල් එක්ක ශෙන්ග් එයා දන්න දේවලුත් පාඩම් කරන්න ගත්තත් ශෙන්ග්⁣ට ඒවා ඇත්තටම මහ ලොකු දේවල් නෙමෙයි.

තව සතියකින් එක්සෑම් එක. ඊටපස්සේ දවස් දෙකකින් රිසාල්ට්ස් කියනවා. ඊටපස්සේ සති දෙකකින් කොලේජ් ස්ටාර්ට් කරනවා. ශෙන්ග් ඒත් ග්‍රෙගරිගෙන් ඇහුවා අළුතෙන් අයට ෆස්ට් ත්‍රී වීක්ස් මිස් වෙන්නේ නැද්ද කියලා. එතකොට තමයි ග්‍රෙගරි කිව්වේ ඇත්තටම හයි ස්කූල් එකේ ඉදලා කැම්පස් වෙනකන්ම කලින් ඉදලා ඉන්න ස්ටුඩන්ට්ස්ලටත් ෆස්ට් ත්‍රී වීක්ස් තියෙන්නේ එයාලටත් අළුත් දේවල්වලට අ⁣ජෙස්ට් වෙන්න. එයාලා කැමති දේවල් සිලෙක්ට් කරගන්න. එක්ස්ට්‍රා ඇක්⁣⁣ටිවිටීස් එහෙම කරනවා නම් ඒවා සිලෙක්ට් කරගන්න. ඔය වගේ දේවල් වලට ෆස්ට් ත්‍රී වීක්ස් එයාලටත් දීලා ඊටපස්සේ අළුත් අයත් එක්කම තමයි ක්ලාසස් පටන් ගන්නේ. 

එක්සෑම් එක තියන දවසේ ⁣ශෙන්ග් පාන්දරම නැගිටලා යන්න ලෑස්ති වුනා. එයා එක්ක පෝලූත් යනවා. මමීට එයත් එක්ක යන්න එන්නේ වෙන්නේ නෑ. මොකද ඩැඩී බුක්ශොප් එකේ නැති හින්දා එයා තමයි ඒ වෙනුවට බුක් ශොප් එකට යන්නේ. පෝල් කියපු විදිහට එයාලාට අද යන්න වෙනම පාස් එකක් තියනවා.
පිළිවෙලට ඇදගෙන පොත් පෑන් එහෙම තියන බෑග් එක කරට දාගෙන ශෙන්ග් පහලට ආවේ බ්‍රෙක්ෆස්ට් ගන්න. මමී ඩැඩියි දෙන්නත් එක්ක බ්‍රෙක්ෆස්ට් අරන් තුන් දෙනාම පිටත් වුනේ එකට. ඒ දෙන්නා මුලින්ම ගිහින් මමීව බුක්ශොප් එකට බස්සලා ඊටපස්සේ තමයි මූන්ලයිට් සිටි එකට යන්නේ.

ඉතින් ශෙන්ග් මේ දෙවෙනි පාර මූන්ලයිට් සිටි එකට යන. ක්‍රිස්මස් දවස්වල තරම් ලොකු කලබලයක් නෑ. ස්ප්‍රින්ග් එක හින්දා වටපිට නම් මාරම ලස්සනයි. කැලෑව පැත්ත තනිකරම අර ලස්සන කොළ පාටට පේනවා. එතකොට සිටි එක පුරාම තියන ගස්වල මල් එහෙම පිපිලා. ඔලිම්පස් කන්දේ මුදුන හරිය තමයි තාම හිම වලින් වැහිලා තියෙන්නේ. ⁣
ශෙන්ග් ඩැඩී එක්ක කොලේජ් එකට ආවේ එක්සෑම් එක පටන් ගන්න පැයකට විතර කලින්. ඉතින් එයා ඒ පැය ඇතුලත එයාලාට එක්සෑම් තියන හෝල් එක හොයාගෙන ෆිල් කරන්න තියෙන ඩොකියුමන්ට්ස් ෆිල් කරලා දැන් ඩැඩී එක්ක ඉදගෙන ඉන්නවා. එයාලාව ඇතුලට ගන්නේ එක්සෑම් එකට හරියටම පැය කාලකට කලින්. ශෙන්ග්ට තේරුණ විදිහට මෙහේ හැමදේම හරිම පිළිවෙලයි. නූලට තිතට ⁣සේරම ක්ලියර් ප්ලෑනින් එකකට තමයි සිද්ධ වෙන්නේ. ආයේ කාගෙන්වත් අහලා දැනගන්න තරම්වත් දෙයක් තිබ්බේ නෑ.
ශෙන්ග් දැන් ඉන්න මුන්ලයිට් සිටි කොලේජ් එක ශෙන්ග් කැලිෆෝනියා වල ගිය කොලේජ් එක වගේ දහගුණයක් විතර ලොකුයි. එයාට එතකොට හිතාගන්න බැරිවුණා මෙහේ හයි ස්කූල් එහෙම කොච්චර ලොකු ඇතිද කියලා. ඒත් පස්සේ වෙලාවක තමයි ශෙන්ග් දැනගත්තේ කොලේජ් එකෙන් පස්සේ මෙහේ ඊළඟට තියෙන්නේ කැම්පස් යන්න කියලා. හැබැයි ඒක අනිවාර්ය නෑ. කැම්පස් එකේ අවුරුදු හතරක් කොලේජ් එකෙන් ග්‍රැජුවේට් වුනාට පස්සේ ඉගෙන ගන්න පුලුවන්. ඒක නිකන් හයර් එඩියුකේශන් සිස්ටම් එකක් වගේ. ඒ වගේම මොකක් හරි ⁣ජොබ් එකක් කරනවා නම් ඒ අතරතුරත් ඉගෙන ගන්න පුලුවන්. හැබැයි ඒ හැමදේටම ඒජ් ලිමිට් එකකුත් තියනවා.
ශෙන්ග් දැනගත්ත තවත් දෙයක් තමයි මූන්ලයිට් සිටි එකේ මේන් රූල්ස් වල අවුරුදු දහ අට වෙනකන් ඉගෙන ගන්න එක අනිවාර්යයි කියලා තියනවා කියලා. ඒ වගේම එහෙම ඉගෙන තත්වයක් නැති අයට ස්කොලර්ශිප්ස් එහෙමත් දෙනවා කියලා. ඒත් ඒ ස්කොලර්ශිප්ස් නම් ගොඩක් වෙලාවට වේලේනවා කියනවා එයා අහගෙන. ගොඩක් මූන්ලයිට් සිටි එකට එන්නේ යන්නේ ලෝකේ ඉන්න මිලියනර් බිලියනර්ස්ලා. දාහට එකක් දෙකක් විතරලු ඒ ස්කොලර්ශිප්ස් යන්නේ.

එයා තනියම කල්පනා කර කර ඉද්දි අනවුස්මන්ට් එකක් ඇහුණේ එක්සෑම් එකට ආව අයට එයාලාට දීලා තියන නම්බර් එක අයිති ඔඩිටෝරියම් එකට එන්න කියලා. ශෙන්ග් ඩැඩීටත් කියලා එයාගේ හෝල් එකට ගියේ හැමදේම හොදින් වෙන්න කියලා එයාටම කියාගන්න ගමන්. ළමයි ගොඩක් අස්සේ ගැවසෙන්න එයා තාම ⁣රෙඩි නෑ. ඒත් ශෙන්ග් හිතුව විදිහට කලින් කොලේජ් එකේ වගේ පොරකකා හිරවෙවි ⁣යන්න උවමනාවක් ති⁣බ්බේ නෑ. ඒ හැමදේම පර්ෆෙක්ට් විදිහට ඇරෙන්ජ් කරලා තිබ්බා.

හරියටම නමයි වෙනකොට ශෙන්ගේ එක්සෑම් එක පටන් ගත්තා. කාලේකට පස්සේ එක්සෑම් එකකට ෆේස් කරන නිසාද මන්දා ශෙන්ග් හිටියේ පොඩ්ඩක් ටෙන්ශන් වෙලා. වෙනදට එක්සෑම් වලදි හෝල් එකේ හෙවනැලි එක්ක ගුලි වෙලා තියන හෙවනැල්ලවත් නෑ. අදත් හෙවනැල්ල මූන්ලයිට් සිටි බෝඩර් එකට ආව ගමන්ම අතුරුදහන් ⁣වුනා. ඩැඩී කියලා දුන්න විදිහට හොද හුස්මවල් දෙක තුනක් අරන් පිට කරපු ශෙන්ග් මයින්ඩ් එක ක්ලියර් කරගෙන පේපර් එක ලියන්න ගත්තේ කිසිම අවුලක් නැතුව.
එයාට හරිම ලේසියි පේපර් එක. එයා කලින් පාඩම් කරපුවා එක්ක ග්‍රෙගරින් අහගත්ත දේවලුත් පේපර් එකට ඇවිත් තිබ්බා. එකදිගට පැය පහක් තිබ්බ පේපර් එක ඉවර කරලා ශෙන්ග් ආපහු හොද හුස්මක් ගත්තේ එයාගේ ඩෙස්ක් එකෙන් ඔළුව තියාගන්න ගමන්. එයාට ආපහු චෙක් කරන්න දෙයක් තිබ්බේ නෑ.
පැය පහක් කියන්නේ සෑහෙන වෙලාවක්. පළවෙනි වතාවට ශෙන්ග් එච්චර වෙලාවක් තියන එක්සෑම් එකකට සහභාගි වුනේ. එහේ කැලිෆෝනියා වල නම් උපරිම පැය තුනයි එක්සෑම් එකක් තියන්නේ. පේපර්ස් බාරගත්තට පස්සේ එයාලාට කිව්වේ ලන්ච් එහෙම ගන්නවා නම් අරගෙන තව පැයක් ඇතුලත මේන් හෝල් එකට යන්න කියලා. ශෙන්ග් පුදුම වුනේ මේන් හෝල් එක කියලා තවත් එකක් තියනවද කියලා හිතලා.

ඩැඩී එක්කම ලන්ච් අරගෙන ශෙන්ග් ආපහු ආවේ මේන් හෝල් එකට. ඒකට ආවම තමයි එයාට තේරුණේ මේ කොලේජ් එකට කොච්චර ළමයි එනවද කියලා. ඒ මුළු හෝල් එකේම දෙදහකට කිට්ටු වෙන්න ළමයි ඉන්න ඇති. හැමෝම තම තමන්ගේ සීට්ස් වල වාඩි වෙලා හිටියා. ශෙන්ග්ගේ සීට් නම්බර් එක තිබ්බේ මැද හරියක. ඉතින් එයා හරි ලැජ්ජාවෙන් බයෙන් ළමයි පේලි ගොඩක් පහුකරගෙන ගිහින් එයාගේ සීට් එකෙන් ඉඳගත්තා.

ටිකක් වෙලා යද්දි ස්ටේජ් එකට ආවේ කොලේජ් එකේ ඩීන් කියන්න පුලුවන් විදිහේ පිරිමි කෙනෙක්. මිස්ටර්  අඩි හයක් විතර උස මැදි වයසේ වගේ කෙනෙක්. මිස්ටර් රොබින්සන්. එයාව දැක්කම ශෙන්ග්ට මතක් වුනේ NBA බාස්ක්ට්බෝල් ප්ලෙයර්ස්ලව. ඒ වගේ උස ඇඟපත සේරම. ශෙන්ග් හිතුවෙම ඩීන් කිව්වම ටිකක් වයස ලොකු බඩක් තියන ශෙන්ගේ කලින් හයි ස්කූල් එකේ ඩීන් වගේ කෙනෙක් වෙන්න ඇති කියලා. ඒත් මෙයාට නම් එහෙම ගෑවිලාවත් තිබ්බේ නෑ. හරිම අවධානයෙන් මිස්ටර් රොබින්සන් මුළු හෝල් එක දිහාම බැලුවේ ඒ බැල්ටමට ශෙන්ගේ ඇඟේ හිරිගඩු පිපෙද්දි. එයාගේ පිටිපස්සේ හිටගෙන හිටියේ ප්‍රොෆෙසර්ස්ලා වෙන්න ඕන.

එයා කියපු විදිහට මෙතන ෆස්ට් ඉයර් එකට ඇප්ලයි කරපු ළමයි වගේම ඉතුරු ඉයර්ස් තුනට ජොයින් වෙන්න ඇප්ලයි කරපු අයත් හිටියා. ශෙන්ග් ඇප්ලයි කරලා තිබ්බේ සෙකන්ඩ් ඉයර් එකට. එයා කැලිෆෝනියා හයි ස්කූල් එකේ ෆස්ට් ඉයර් එක කම්ප්ලීට් කරලා තිබ්බේ නැතිවුණත් එයාගේ ඒජ් එකට එයා ඉල්ලන්න ඕන සෙකන්ඩ් ඉයර් එක.

හරියටම දවස් තුනකින් එයාලගේ රිසාල්ට්ස් අවුට් කරනවා. ඔන්ලයින් බලන්නත් පුලුවන්, එහෙම නැත්නම් නෝටීස් බෝඩ් එකෙන් බලාගන්නත් පුලුවන්. ෆස්ට් ඉයර් එකට සිලෙක්ට් කරගන්නේ දාහයි. ශෙන්ග්ලගේ එකෙන් නම් සීයක් විතර ගන්නවා කියලා තමයි කිව්වේ. එතකොට කොච්චරක් දෙනෙක් සිලෙක්ට් වෙන්නේ නැතිවෙයිද. ෆස්ට් ඉයර් එකෙන්ම තුන්සීයක් හාරසීයක් කැපිලා යනවා.

ඊටපස්සේ සති දෙකකින් එයාලගේ ක්ලාසස් පටන් ගන්නවා. ඒ පටන් ගන්න කලින් ඇවිත් එයාලා කරන එක්ස්ට්‍රා ඇක්ටීවිටිස්, ස්පොර්ට්ස් එහෙම ඒ ඒ අදාල තැන්වලට ගිහින් දැනුම් දෙන්න ඕන. එතකොට ක්ලාසස් පටන් ගන්න තියෙන දවසට දවස් දෙකකට කලින් ඇවිත් එයාලගේ ටයිම් ටේබල්ස් එක්ක ඒ ඒ සබ්ජෙක්ට්ස් වලට අදාල ප්‍රින්ටඩ් ⁣බුක්ස් අරගන්න ඕන.

ඉතින් ඒ සේරම විස්තර දැ⁣නගෙන ශෙන්ග්ලා ගෙදර එද්දි හොදටම හවස් වෙලා.

                                 ♡🍁♡

ඒ සති දෙකත් ගෙවිලා ගියේ ඇස්පිල්ලන් ගහන ⁣වේගයෙන්. අද තමයි ශෙන්ග් කොලේජ් යන පළවෙනි දවස. මමීයි ඩැඩීයි දෙන්නම ශෙන්ග්ව කොලේජ් එකට දාන්න එනවා. පළවෙනි දවසේ පේරන්ට්ස්ලා එක්ක එන්න පුලුවන් කියලා තිබ්බා අළුත් ළමයිට. අද පෝල් එක්ක ගියත් හෙට ඉදලා ශෙන්ග් යන්නේ තනියම. මූන්ලයිට් සිටි බෝඩර් එක ගාවට කොලේජ් බස් එක එනවා. මූන්ලයිට් සිටි එකේ නොවෙන වෙන රටවල් වලින්, වෙන වෙන සිටීස් වලින් එන ගොඩක් ළමයි කොලේජ් හොස්ටල්ස්වල, ⁣බෝඩිං හවුස් වල එහෙම නවතිනවා. ලගපාත සිටිස් වලින් එන අයව ගන්න කොලේජ් බස් දාලා තියනවා. ඩිස්ටන්ස් එක අනුව අවුරුද්දට ගාණක් පේ කරලා ඒ⁣වග යන්න එන්න පුලුවන්. ඉතින් ශෙන්ග් කරෙත් එහෙම. ශෙන්ගේ ගමේ ඉදලා මූන්ලයිට් සිටි ස්කූල්, කොලේජ්, කැම්පස් යන අය සිටි එකේම නැවතිලා ඉන්නේ. ඒත් ශෙන්ග් කැමති වුනේ නෑ එහෙම නැවතිලා ඉන්න. ඒ වගේම ශෙන්ග්ගේ අළුත් පේරන්ට්ස්ලත් ශෙන්ග්ව වෙනම තියන්න කැමති වුනේ නෑ. ඉතින් ඒක හින්දා එයාලා කොලේජ් බස් එකකට පේ කරලා ඒක සෙට් කරගත්තා ශෙන්ග්ට එන්නයි යන්නයි.

ශෙන්ග් ⁣මේන් ගේට් එක ලගින් කාර් එකෙන් බැස්සේ පේරන්ට්ස්ලට ඇතුලට යන්න දෙන්නේ නැති නිසා. මමීයි ඩැඩීයි එයාව සෑහෙන වෙලාවක් හග් කරගෙන ඉදලා තමයි කොලේජ් එකට ඇතුලට යැව්වේ.

හිතට බයක් තිබ්බත් එයාගේ පපුව ගැහෙන වේගේ එන්න එන්න වැඩිවුණත් ශෙන්ග් කොලේජ් එක ඇතුලට අඩිය තිබ්බේ හොද හුස්මක් ගන්න ගමන්. මෙතනින් එළියෙදි මමීයි, ඩැඩීයි හිටියත් මේක ඇතුලට ආවට පස්සේ මොන දේ වුනත් එයා තනියම. ශෙන්ග් එයාවම කාම් ඩවුන් කරගන්න ගමන් ඉස්සරහට ඇවිදන් ගියේ කොලේජ් එකේ ලස්සනටත් ටික ටික වශි වෙලා.




ශෙන්ග්ට කොලේජ් එක පෙණුනේ හෙන ලොකු මාලිගාවක් වගේ. එච්චරටම ලස්සනයි. ඇත්තටම මූන්ලයිට් සිටි එකේ හැමදේම හරිම ලස්සනයි. සිටි බෝඩර් එකෙන් ආවම වෙනමම ලෝකේකට ආවා වගේ. පරණම කාලේ විදිහට වගේම අළුත්ම දේවලුත් සිටි එකේ තිබ්බා.

"..Hi, I'm Zheng Xing Lee Collins, I'm from Litochoro City.."

ශෙන්ග් ළමයි තුන්සීයක් විතර ක්ලාස් රූම් එකක ඉස්සරහා හිටගෙන කිව්වේ එයාගේ පපුව දැන් එළියට එයි දැන් එළියට එයි කියලා හිතෙන තරමට ගැහෙනකොට. ශෙන්ග් මෙච්චර ලොකු ක්ලාස් රූම් එකක් බලාපොරොත්තු වුනේ නෑ කීයටවත්. මේවා එක ක්ලාස් රූම් එකක පන්සීයකට හයසීයකට විතර ඉන්න පුලුවන් විදිහේ ක්ලාස් රූම්ස්.
'තව මේ වගේ කීයක් මේ කොලේජ් එක ඇතුලේ ඇතිද!?'

එයාට කැමති තැනක වාඩි වෙන්න පුලුවන්. දෙන්නා දෙන්නා, තුන්දෙනා තුන්දෙනා එහෙම වාඩි වෙලා ඉන්නවා ශෙන්ග්ට ඉස්සරහා හිටගෙන ඉන්න හින්දා පේනවා. එයා හිමින් හිමින් ඉස්සරහට ගිහින් තනි ඩෙස්ක් එකකුයි පුටුවකුයි අරගෙන වාඩිවුණේ කාගේවත් ලගට යන්නේ නැතුව. ශෙන්ග් එක්ක ආව තව ළමයි දහයක් විතර තැන් තැන් වලින් වාඩි වුණේ ලෙක්චර්ර ක්ලාස් එක පටන් ගද්දි.

ශෙන්ග්ට ඇහුන විදිහට මෙතන සෙකන්ඩ් ඉයර් ස්ටූඩන්ට්ස්ලා සේරම නෑ. මෙතන ඉන්නේ දැන් උගන්නන සබ්ජෙක්ට් එක කරන අය විතරයි. සෙකන්ඩ් ඉයර් සෙක්ෂන් එකටම ළමයි දැනට නමසිය ගාණක් ඉන්නවා කියලා තමා එයාට ඇහුණේ. ඒත් එයාලා එක එක සබ්ජෙක්ට්ස් කරන හින්දා එක එක ක්ලාස් රූම්ස් වලට ගිහින්.
'මයි ගුඩ්නස්'

ගොඩක් අය ශෙන්ග් එක්ක කතා කරන්න, එයාව අඳුරගන්න ආවත් එයා ඒ හැමෝම එක්ක අමාරුවෙන් හිනාවෙලා කතා කරලා මඟඇරියා. එයාගේ පපුව හිරවෙනවා වගේ දැනෙන එක වැඩිවේගන එද්දි එයා කට්ටිය අඩු පාලු වගේ තැනක් හොයාගෙන ගියේ ඔළුව රිලැක්ස් කරගන්න.

කොලේජ් එකේ කවුරුත් නැති පැත්තක ලොකු බිත්තියකට හේත්තු වෙලා එයා ⁣හයියෙන් හයියෙන් හුස්ම ගන්නයි පිටකරන්නයි ගත්තේ සන්සුන් වෙන්න උත්සහ කරන ගමන්. කන් දෙක ඇතුලේ හුළං පිරෙනවා වගේ දැනෙද්දි ශෙන්ග් එතනම වාඩි වුනේ කකුල් දෙක පපුව ලගට අරගෙන ගුලි වෙලා. පපුව හයියෙන් හයියෙන් ගැහෙද්දි ළමයිගේ සද්ද, වටපිටේ සද්ද සේරම මැකිලා ගිහින් ලූක්ගේ, එමිලිගේ, ලූක්ගේ යාළුවොන්ගේ කටහඬවල් ඇහෙන්න ගත්තේ ශෙන්ග් තව තව බිත්තියට ගුලිවෙද්දි. එයාගේ මනස ඒ වෙනකොට මූන්ලයිට් සිටි එකෙන් ඈත කැලිෆෝනියා හයි ස්කූල් එකේ හිරවෙලා වගේ තිබ්බේ ශෙන්ග්ට බඩකැලතිගෙන වමනේ යන්න වගේ එද්දි.

"..හෙලෝ!.. ආ යු ඕල්රයිට්..?"

ශෙන්ග්ට දුර ඈතින් ඇහුණේ කටහඬක්.

"..හෙලෝ.. හෙ⁣ලෝ.. ඔයාට උදව්වක් ඕනද..?"

ශෙන්ග් තව තව ගුලි වුනේ එයාගේ ඔළුව ඇතුලේ යුද්ධයක් වෙද්දි. ලූක්ගේ හිනාවල්, ඒ අස්සේ මේ තව කටහඬක් ඇහෙද්දි ශෙන්ග් හිටියේ අතරමං වෙලා වගේ.

"..ඩේවිඩ් එයාට මේ මොකද වෙලා තියෙන්නේ..?"

To be continued .. 🖋

                      ❣️𝐈𝐯𝐚𝐧 𝐀𝐧𝐝 𝐙𝐡𝐞𝐧𝐠❣️

       ____________🤎____________

⚠️❌..Please don't copy or steal anything from this story.. ⚠️❌

#TheHumanMate

@AndreaMariyan

Continue Reading

You'll Also Like

538K 11.9K 59
A girl who is terrified of the creatures who made themselves known and a possessive Alpha who has waited all his life for his mate.
4.2M 128K 63
Once there was a girl, daughter of an Alpha, who happened to face consequences of the things she had no control over. How? By being ostracized from...
503 87 7
Short and sweet nonfic. Bl The book fair love Start : 30 sep. 2023 End :
54.8K 1.8K 31
Madara has always been a ninja with attitude and power. He cares deeply for his brother izuna. But one day izuna was killed in battle by a rival clan...