๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ...

By AndreaMariyan

12.4K 1.8K 562

[BOOK TWO] [ONGOING] [HAPPY ENDING] โŒ›๏ธโ™ก๏ธŽ ..๐“๐ก๐ž๐ฒ ๐ฌ๐š๐ฒ, ".. ๐ฅ๐จ๐ฏ๐ž ๐ฒ๐จ๐ฎ ๐ฎ๐ง๐ญ๐ข๐ฅ ๐ญ๐ก๐ž ๐๐š๐ฒ ๐ˆ ๏ฟฝ... More

๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Prologue
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Author's Note
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Wolf Characters
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 01
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 02
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 03
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 04
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 05
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 06
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 07
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 08
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 09 ๐Ÿ”žโš ๏ธ
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 10
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 11
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 12
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 13 ๐Ÿ”žโš ๏ธ
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 14
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 15
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 16
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 17
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 18
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 19
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 21
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 22
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 23
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 24
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 25
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 26
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 27
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 28
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 29
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 30
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 31
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 32
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 33
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 34
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 35
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 36
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 37
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 38
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 39
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 40
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 41
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 43
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 44
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 45
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 46
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 47
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 48
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 49
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 50
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 51
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 52
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 53
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 54
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 55
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 56
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 57
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 58
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 59
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 60
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 61
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 62
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 63 ๐Ÿ›‘โš ๏ธ
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 64
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 65
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 66
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 67
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 68
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 69
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 70
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 71
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 72
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 73
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 74
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 75
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 76 ๐Ÿ”žโš ๏ธ
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 77
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 78

๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 20

131 21 6
By AndreaMariyan

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎

⌛️♡︎ ..𝐓𝐡𝐞𝐲 𝐬𝐚𝐲
".. 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮 𝐮𝐧𝐭𝐢𝐥 𝐭𝐡𝐞 𝐝𝐚𝐲 𝐈 𝐝𝐢𝐞.."
𝐖𝐞 𝐬𝐚𝐲
"..𝐈'𝐥𝐥 𝐬𝐭𝐢𝐥𝐥 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮 𝐚𝐟𝐭𝐞𝐫..♡︎⌛️

[EPISODE 20]

____________🤎____________

❣️𝐈𝐯𝐚𝐧 𝐀𝐧𝐝 𝐙𝐡𝐞𝐧𝐠❣️

[ Blue-moon Wolf Pack ]

ලියාම් මූන්ලයිට් සිටි එකට යනවා කියලා ගියාට පස්සේ අයිවන්ට ඇහුණේ ගරාජ් එකේ රෝලර් ගේට් එක ඇරෙන සද්දේ. ඊටපස්සේ කාර් එකක් ස්ටාර්ට් වෙනවා. කාර් එකේ සද්දේ ඇහෙන්නේ නැති වෙලා යනවත් එක්කම අයිවන් ආපහු ඔළුව අල්ලගත්තේ උදේ ඉදලාම දැනෙන ඔළුවේ කැක්කුම දැන් ටික ටික වැඩිවෙන හින්දා.

පපුව ගැහෙන වේගේත් එන්න එන්න වැඩිවෙද්දි අයිවන් දාගෙන හිටිය කණ්ණාඩිය ගලවලා දාලා එක අතකින් මූණ දිගේ වැක්කෙරෙන දාඩිය පිහිදුවේ සිහියෙන් ඉන්න උත්සාහ කරන ගමන්.

චෙක් කර කර හිටිය අන්තිම ෆයිල්ස් ටික අයිවන්ගේ අතින් ලිස්සලා යද්දි අයිවන් සොෆා එකෙන් රූටලා ගිහින් බිම ඉන්දවුනේ වුනේ ඔළුව සොෆා එකට හේත්තු කරගෙන.
එන්න එන්න රත් වෙන ඇඟයි පපුවේ ගැස්මයි එකක අයිවන් හිටියේ හුස්ම ගන්න අමාරුවෙන් වගේ. සැzක් ඔළුව ඇතුලේ කැරකෙන්නේ එයාට කන්ට්‍රෝල් එක දෙන්න කියලා.

එකපාරටම ආව ඔළුවේ කැක්කුම තිබ්බටත් වැඩිය වැඩි වෙද්දි අයිවන්ට යටිබඩ හරියෙන් දැ⁣ණුනේ අමුතු ෆීලින්ග් එකක්.
ඒ අස්සෙන් ⁣මැන්ෂන් එකේ මහ දොර මහ හයියෙන් ඇරිලා වැහෙනවත් අයිවන්ට ඇහුණා.

"..ක්‍රිස්ටියන්!!!!!!!!!.."

කාමරේට එළියෙන් ඇහුණ මමා කැටීගේ සද්දෙට අයිවන්ට හිතුණේ මැන්ෂන් එකම දෙදරන්න ඇති කියලා.

ක්‍රිස්ටියන් විතරක් නෙමෙයි මැන්ෂන් එකේ හිටිය ඉතුරු කට්ටියත් ආවේ සාලේට. අයිවනුත් එතන්ට ආවේ අමාරුවෙන්. තාම දාඩිය දානවයි, ඔළුව කැක්කුමයි අඩුවක් නෑ.

"..කවුරුහරි ඇවිත් තියනවා.."

මමා කැටී කිව්වේ කට්ටිය දිහාම බලලා. එතන හිටිය අය හැමෝම මුණට මූණ බලාගත්තේ ඒ මොකක්ද ඒ මමා කැටී කිව්වේ කියලා හිතන ගමන්.

"..සිටි එකට එන්න ඕන නැති කවුරුහරි ඇවිත් තියනවා.. මට තේරුණා මගේ ගාඩින් කවර් එක හෙලවෙනකොටම.."

"..බෝඩර් එකෙන් ඇතුලට..?"

තෝමස් ඇහුවේ ක්‍රිස්ටියන් දිහත් බලලා. හැමෝම හිටියේ අන්දුන් කුන්දුන් වෙලා. මොකද මමා කැටීගේ මායාවල් බිඳින්න හරිම අමාරුයි.

"..පර්මිෂන් අරන් ආව කවුරුවත් නෙමෙයිද මමා කැටී..? ⁣ඔයාට දැනෙන්නේ කොහොමද..?"

ක්‍රිස්ටියන් ඇහුවේ ඇස් දෙක හීනි කරලා.

"..බෝඩර් එකෙන් ඇතුලට ආවේ නෑ.. ඒත් ඇතුලට එන්න ට්‍රයි කරා.. ඒත් සුළු කොටසක් හරි බෝඩර් එකෙන් ඇතුලේ තියෙන්නේ.. මට හොයාගන්න බැරි තරම් සුළු ප්‍රමාණයක්.."

මම කැටී අත් දෙක පපුවට බැදගෙන එහෙට ඇවිදිනවා මෙහෙට ඇවිදිනවා.

"..ආහ්හ්හ්හ්!!.."

මෙච්චර වෙලා කෙලින් හිටගන්නත් අමාරුවෙන් හිටිය අයිවන්ට තේරුණේ දැන්නම් ඉන්නම බෑ වගේ. ඒ හිතුණ තත්පරේම සැzක්ෆ්‍රොන් කන්ට්‍රෝල් එත ගත්තේ අයිවන්ගේ ඇස් දෙක සම්පූර්ණයෙන් ගෝල්ඩ් කලර් කරලා. කවුරුවත් එයාගේ දිහාට හැරෙන්නත් කලින්ම දුඹුරු පාට ලොකු වුල්ෆ් කෙනෙක්ට මාරු වුන අයිවන් වේගයෙන් දිව්වේ මූන්ලයිට් සිටි එක පැත්තට.

"..අයිවන්න්න්න්න්න්න්න්න්න්!!"

සැzක්ට අනිත් අයගේ සද්දේ ඇහුණත් ඊටවැඩිය ලොකු දෙයක් තිබ්බා එයාට කරන්න. එයාගේ 'මේට්' ව හොයාගන්න එක. මේ දැනෙන විදිහට අයිවන්ටයි සැzක්ටයි ෂුවර් එයා දැන් නම් මේ අවට ඉන්නවාමයි කියලා.
ඒත් කොහෙද..!?

අයිවන්⁣ට ඇහුණේ එයාගේ පිටිපස්සෙන් ඇහෙන අඩි සද්ද.
ජෙෆ් *
ලෙක්ස් *
තෝම් *
මැට් *
රේ *
එච්චරයි. එයාලාත් ඉ⁣ගි⁣ල්ලෙනවා වගේ හයියෙන් එන්නේ.
ඒ කියන්නේ මැන්ෂන් එකේ ඉතුරු වෙලා ඉන්නේ ක්‍රිස්ටියනුයි මමා කැටීයි විතරයි.

පැක් බෝඩර් එකෙයි මූන්ලයිට් සිටි එකෙයි මායිමට ඇවිත් අයිවන් ආයේ මාරු වුනේ හියුමන් ෆෝම් එකට. කටේ හපාගෙන හිටිය කලිසම විතරක් ඇ⁣දගෙන අයිවන් අඩිය තිබ්බේ නෝත් බෝඩර් එකෙන් එළියට. ඒ මූන්ලයිට් සිටි එකට ලගම හරිය.

"..අයිවන්.."

එවන්ගේ කටහඬ ඇහුණේ අයිවන්ගේ කන ලගින්ම. අයිවන්ට දැනෙනවා එවන්ට පිටිපස්සෙන් මැතිව්, තෝමස්, ජොනතන් එක්ක රෙමිරොත් ඉන්නවා.

"..හීස් හියර්.."

අයිවන් කිව්වේ පාර දිගේ ඉස්සරහට යන ගමන්.

"..කවුද..?"

කියලා ජොනතන් අහනවත් එක්කම ජොනතන්ගේ ඇස් දෙක ලොකුවුනේ අයිවන් ඒ කවුරු ගැනද කිව්වේ කියලා තේරිලා.

'හැමෝම දැන්ම මැන්ෂන් එකට'

ඒ කියලා හුස්ම ගන්නත් කලින්ම හැමෝටම මයින්ඩ් ලින්ක් ඇහුණේ ක්‍රිස්ටියන්ගේ කටහඬ.

'ක්‍රිස්ටියන්.'

අයිවන් කෙඳිරිගෑවේ අමාරුවෙන්.

'නොට් නව් අයිවන්. මේක හදිසි අණක්. මූන්ලයිට් සිටි එකේ ඉන්න බ්ලූ-මූන් වුල්ෆ් පැක් එකේ හැම සාමාජිකයෙක්ම තව පැය බාගයක් ඇතුලත ගෙවල් වලට යන්නෝන.. මේක ඇල්ෆා කමාන්ඩ් එකක්. නව්. ජසට් නව්.'

ඒත් එක්කම හැමෝටම දැණුනේ එයාලාව වහගෙන ලා රස්නයක් යනවා.

මමා කැටිගේ ආරක්ෂා මායාවක්. අයිවන් හිතුවේ හොද හුස්මක් අරගෙන. මොනා හරි ලොකු දෙයක් වෙන්න තියනවා වගේ ක්ලයිමේට් එකත් අඳුරු වුනේ එහෙට මෙහෙට වැනෙන අයිවන්ව දෙපැත්තෙන් අල්ලගෙන සෙට් එකම ආපහු මැන්ෂන් එකට එද්දි.

අයිවන් රවුමට කට්ටියගේ මූණවල් දිහා බැලුවේ ඇසුත් හීනි කරගෙන. හැමෝම ඉන්නේ හෙනම සීරියස්. ඇත්තටම මේ වගේ අවස්ථාවක මෙහෙම බයවෙන එක සාධාරණයි. මාකස් කොයි වෙලේ ඇටෑක් කරයිද දන්නෑ. අනික මමා කැටීගේ මායාවක් මැද්දෙන් ඇතුලට එන්න ට්‍රයි කරා කියන්නේ අනිවාර්යයෙන්ම මනුස්සයෙක් නෙමෙයි. ඒ කවුද කියලා මමා කැටීට අහුවෙලත් නෑ.

අයිවන්ලා දන්න වුල්ෆ්ස්, වැම්පයර්ස්, විචර්ස්, ෆෙයාරීස්ලා හයිබ්‍රිඩ්ස්ලා තව ශිෆ්ටින්ග් ක්‍රියෙචර්ස් ඇරුණම එයාලා නොදන්න කෙනෙක් තමයි ඇතුලට එන්න හදලා තියෙන්නේ. ඩ්‍රැගන්ස්ලා වෙන්නත් බෑ. එයාලා ලෝකෙන් අතුරුදහන් වෙලා දැන් සෑහෙන කාලයක්.

"..අයිවන් ඔයාට කොහොමද දැන්..?"

මමා කැටී ඇහුවේ කොල්ලගේ ඔළුවට අත තියලා. මමා කැටීගේ අත තිබ්බ තැන ඉදලා පටන් ගත්ත සීතල හැඟීමක් අයිවන්ගේ ඇඟ පුරාම ගියේ මෙච්චර වෙලා තිබ්බ අර ඇඟ ඇතුලෙන් රත් වෙන ගතිය අඩු කරලා. ඔළුවේ කැක්කුමත් ටික ටික අඩුවෙනවා.

අයිවන් මැන්ෂන් එකේ තියන ලොකු ඔරලෝසූවෙන් වෙලාව බලද්දි දැක්කේ හවස් වේගන එනවා කියලා.

'..ලියාම්ම්ම්ම්ම්ම්ම්ම්ම්!..'

ක්‍රිස්ටියන්ගේ කටහඬ මයින්ඩ් ලින්ක් එක ඇතුලෙන් දෙදරුවේ තාම ලියාම් ⁣මූන්ලයිට් සිටි එකෙන් ඇවිත් නැති නිසා.

පැක් එකේ මයින්ඩ් ලින්ක් එක කලබල වුන විදිහට ක්‍රිස්ටියන්ගේ ඒ සද්දේ මුළු පැක් එකටම දැනෙන්න ඇති.

ඒ හිතලා ඉවර⁣ වෙන්න කලින්ම සැzක් ආපහු ඇවිස්සුනේ මේන් ඩෝර් එක අරින සද්දෙ⁣ට. මමා කැටීවත් පෙරලගෙන අයිවන් දිව්වේ දොර ලගට.

"..අ..හ්හ් හ්ම්ම්ප්ප්ප්ප්.."

ලියාම්ගේ කැඩිච්ච සද්දේ ආවේ උගුරෙන් වගේ. අයිවන් හිටියේ ලියාම්ව ⁣වැහුන දොරට හිර කරගෙන ඉව කරන ගමන්.

"..අයිවන්න්න්න්න්!!.."

මමා කැටීගේ ඇඟිලි වලින් රිලීස් වෙච්ච කහ පාට එළි ටිකක් අයිවන්ව ලියාම්ගෙන් ඈත් කරේ ලියාම් බෙල්ල අතාගන ගමන් හුස්ම ගන්න ට්‍රයි කරද්දි.

"..ව්.. වට් ද හ්.. හෙල් අයිවන්..?"

කතා කරගන්න පුලුවන් වුන ගමන් ලියාම් අයිවන්ට බෙරිහක් දුන්නේ තාමත් උගුර අල්ලන්.

අයිවනුයි සැzක්කුයි හිටියේ හොදටම කලබල වෙලා. මමා කැටීගේ මායාව අයිවන්ව පුටුවට හිර කරලා තිබ්බත් අයිවන්ට ඕන ⁣ලියාම් ලගින් එන ඒ ස්මෙල් එක ආපහු විඳගන්න.

' කියන්නේ අයිවන්ගේ මේට්ව ලියාම්ට හම්බවෙලා තියනවා..'

ජොනතන් මයින්ඩ් ලින්ක් ක⁣රේ සෙට් එකම ඔළුව හොල්ලද්දි. ලියාම් කටත් ඇරන් බලන් හිටියේ ඒ මොකක්ද ඒ කිව්වේ කියලා.

"..ලියාම් හොදට කල්පනා කරන්න අද සිටි එකේදි මොනාම හරි වුනාද..? ඔයාට හම්බවෙච්ච කවුරුම හරි ඔයාව හග් කරා හරි අතට අත දුන්නා හරි මොකක්ම හරි වුනාද..?"

රෙමිරෝ අහද්දි ලියාම් කල්පනා කරන්න ගත්තේ එයාට එහෙම කාවහරි නෝට් වුනාද කියලා. ඒත් දහස් ගාණක් සෙනඟ මැද්දේ ඕක කොහොම මතක් කරන්නද.. කීදෙනෙක් ලියාම්ට අත දුන්නද, හග් කරාද, ඇඟේ වැදිලා ගියාද එහෙම විශේෂ මතකයක් ලියාම්ට තිබ්බේ නෑ.

"..මමා කැටී පැක් බෝඩර් එකේ තත්වේ මොකද..?"

ක්‍රිස්ටියන් ඇහුවේ එයලාට දැන් තියන ලොකුම ප්‍රශ්නේ.

"..තාම අර පොඩියට දැනෙන එක තියෙනවා.. ඒක ටික ටික ඈත් වෙනවා වගේ.."

මමා කැටී කිව්වේ ඇස් දෙක වහගෙන හුස්ම අල්ලන්.

"..ඒ කවුරු වෙන්න ඇතිද..?"

ජොනතන් ඇහුවේ මුකුත්ම හිතාගන්න බැරුව.

"..හිතාගන්න බෑ.. හැබැයි ත්‍රෙට් එකක් නෑ වගේ කියලා හිතෙන්නේ.."

මැතිව් කිව්වේ මමා කැටී දිහා බලලා. මමා කැටී ඔළුව වැනුවේ එහෙමත් වෙන්න පුලුවන් කියලා.

"..එහෙමත් නැත්නම් දැන් ඇටෑක් කරන්නේ නැතිවෙන්න ඔත්තු බලන්න ආවා වෙන්න බැරිද..?"

එවන් කිව්වේ ඒකටත් මමා කැටී ඔළුව හොල්ලද්දි.

"..දැනට අවුලක් නෑනේ.. මම බෝඩර් ගාඩ් එක තව වැඩි කරන්නම්.. ජොනතන් පැක් රන්ස් වැඩි කරන්න මේ දවස් ටිකට.."

"..ඕකේ මමා කැටී!.."

තව ටිකක් වෙලා ඉදලා මමා කැටී එයාගේ ගෙදරට යන්න ගියේ කොල්ලෝ ටික විතරක් ඉතුරු වෙද්දි. මැතිව්, ⁣තෝමස් එක්ක ඩේවිඩුත් මමා කැටී එක්කම ගියේ එයාලගේ ගෙවල් වලට.

"..මට අදහසක් තියනවා.."

රෙමිරෝ කිව්වේ සෙට් එක දිහා බලලා. ⁣ජොනතන් හිටියේ රෙමිරෝගේ කකුල් දෙක මැද්දේ ඉදගෙන. ක්‍රිස්ටියන් තනි සෝෆා එකේ. ක්‍රිස්ටියන්ට තුරුල් වෙලා තාමත් බය වෙලා ඉන්න ලියාම්. එවන් අයිවන්ගේ එහාපැත්තේ ඉඳගෙන.

"..ඔය කියන්න යන්නේ මම හිතන එකමද..?"

එවන් රෙමිරොගෙන් ඇහුවේ සීරියස් මූඩ් එකෙන්. අයිවන් මෙහෙම වුනොත් ඒක පැක් ⁣එකේ හැමදේටම ලොකු අවුලක් වෙනවා.

"..ඒකම වෙන්නෝන.. අද ඇවිත් තියන විසිටර්ස්ලා චෙක් කරා නම්.. සිටි එකට එන යන හැමෝම ගැන අපි ලග ඩීටේල්ස් තියනවනේ.. කලින් ඕක ආවේ නෑ.. අදම ආවේ ඒ කියන්නේ එයා අද තමයි සිටි එකට ඇතුල් වෙලා තියෙන්නේ.. කොයි වෙලේ ඉදලද හෙඩේක් එක එන්න පටන් ගත්තේ අයිවන්..?"

රෙමිරෝ ඇහුවේ අනිත් අයත් හරිබරි ගැහිලා මේ ප්‍රශ්නේ විසඳන්න ක්‍රමයක් ගැන කල්පනා කරද්දි.

"..උදේම.. පාන්දර.."

"..තාම තියනවද..?"

එවන් ඇහුවේ වෙලාව බලලා. හවස හයටත් කිට්ටුයි.

'මෙච්චර වෙලා ගියාද දෙයියනේ.'
අයිවනුත් හිතුවේ ඔරලෝසුව බලලා.

"..ලාවට තියනවා.. ඒක ටික ටික ඈත් වෙනවා වගේ.. උදේ මුලින්ම ආව හරිය වගේ දැන් තියෙන්නේ.. දවල් තරම් දරුණුවට නෑ.."

"..ඒ කියන්නේ මචං වන් ඩේ විසිට් එකක් වෙන්නෝන.."

ක්‍රිස්ටියන් කිව්වේ කල්පනා කරලා.

"..සිටි එකෙන් ඈත් වෙනකොට තමයි ඔයාට ඕක අඩුවෙනවා වගේ දැනෙන්නේ.. අනික අද එයාව ලියාම්ට හම්බවෙලත් තියනවා.. අපිට ලියාම්ගෙන් වැඩි විස්තරයක් හොයාගන්න බෑ මොකද සෙනඟ ගොඩේ කවුද හම්බවුනේ කියලා එයාට එච්චර මතක ⁣තියෙන්න විදිහක් නෑ.."

ක්‍රිස්ටියන් කතා කරද්දි ලියාමුත් ඔළුව හොල්ලන්නේ ඒක ඇත්ත කියන්න.

"..එයා ආයේ එයිද..?"

අයිවන් ඇහුවේ බලාපොරොත්තු පිට. එයාට දරාගන්න බෑ. මෙච්චර මේට් ලගටම ඇවිල්ලත් මිස් වෙච්ච එක. අර ස්මෙල් එක. තාම ඒකට නමක් නෑ. වේලිච්ච කොළ වලට වතුර වැටෙන සුවඳ. හැබැයි හැම කො⁣ළ ජාතියකටම වතුර වැටෙද්දි එන ⁣ස්මෙල් එකක් නෙමෙයි. මේක වෙනමම ස්මෙල් එකක්.
'කොහෙන්ද එයාට මීට කලින් ඒ සුවඳ දැනිලා තියෙන්නේ. මොකක්ද? මොකක්ද..?? ඒ ස්මෙල් එක.'
දිව ලග තිබිලත් අයිවන් කොච්චර තනියම කල්පනා කරත් කොල්ලට ඒ සුවඳ මතක් කරගන්න බෑ.

"..සමහරක් විට එයා⁣ හෙටත් එන්න පුලුවන්..?"

ලියාම් කිව්වේ බලාපොරොත්තු තියාගෙන. ඒත් වන් ඩේ විසිට් එකක් නම් ආපහු එන එක ෂුවර් නෑ.

"..බලමු..මූන් ගෝඩ්ඩෙස් එයාව මෙතන්ටම එව්වා කියන්නේ එයාට අයිවන්ව හම්බවෙන්න මොකක්ම හරි විදිහක් ඇති.. මුලින්ම බල්ගේරියා ගිහින් ආවම අපි හිතුවේ නෑනේ එයාව මෙච්චර ලගින් හම්බවෙයි කියලා.. තව ටික දවසක් අපි ඉවසලා බලමු.. ලඟදි අවුරුදු දහ අට වුන මේ අවටම කෙනෙක් වෙන්නත් පුලුවන්.."

"..වෙන්න බෑ.. මොකද දහ අට වෙච්ච වුල්ෆ් කෙනෙක් නම් මේ වෙනකොට අයිවන්ව හොයාගෙන එන්න ඕන.. අයිවන්ට මෙච්චර දැනෙනවා කියන්නේ එයාටත් ඒ හා සමානව දැනෙන් එපැයි.. ඒ ආවේ නෑ කියන්නේ එයා හියුමන් කෙනෙක්.. මොකද වෙන ක්‍රියේචර්ස් වලටත් මනුස්සයෙක්ට වැඩිය ටිකක් හරි වැඩියෙන් මේට් බොන්ඩ් එක දැනෙනවා.."

ජොනතන් කිව්වේ ඒකත් ඇත්ත කතාවක් කියලා කොල්ලෝ ටිකට හිතෙද්දි.

"..දැන් අපි මමා කැටී කියපු එකට මොකද කරන්නේ..?"

අයිවන් ඇහුවේ එයාගේ ඔළුව දැන් සම්පූර්ණයෙන් යථා තත්වෙට පත්වෙලා තියෙද්දි. පේන් එකත් නෑ, ඇඟ රත්වෙන ගතියත් නෑ.
' කියන්නේ එයා සිටි එකෙන් එළියට ගිහින්'
අයිවන් හිතුවේ අවුලෙන්.

"..අයිවන්.. අපි එයාව හොයාගමු.."

ක්‍රිස්ටියන් එහෙම කියද්දියි අයිවන්ට තේරුණේ එයා ඒක හිතලා තියෙන්නේ මයින්ඩ් ලින්ක් එක ඕපන් කරගෙන කියලා.

"..මමා කැටී කියපු එකට මම තව පැක් රන්ස් තුනක් ඇඩ් කරා.. අළුතෙන් ආව අයවයි පරණ අයවයි මික්ස් කරලා ඒක දැම්මේ.."

ජොනතන් කිව්වේ මමා කැටී කියපු ගමක් එයා වොරියර්ස්ලාට මයින්ඩ් ලින්ක් කරලා එවෙලම ඒ වැඩේ කරලා තියෙද්දි.

"..අපිත් අද ඇලර්ට් ⁣එකේ ඉමු.."

⁣"..ෆස්ට් ෆෝ අවර්ස් මායි අයිවනුයි ගන්නම්.. ඊටපස්සේ ජොනීයි රෙමියි, ඊටපස්සේ එවන්, එවන්ගේ එකට මම හරි අයිවන් හරි එන්නම්.. නැත්නම් ඩේවිඩ්ව ගෙන්න ගන්න පුලුවන්..?"

ක්‍රිස්ටියන් කියද්දි ඒකට කට්ටියම කැමතිවුනේ එයාලගේ ඇල්ෆාගේ තීරණේ අන්තිම තීරණේ නිසා.

'අනික අවුරුදු විසි දෙකක් වුනත්, තවම කවුරුත් එයාව දැකලා නැති වුණත් මේ වෙනකොට ක්‍රිස්ටියන් පැක් එකේ වැඩ ටික ගාණට කරගෙන යනවනේ.'
අයිවන් ක්‍රිස්ටියන් දිහා බලාගෙන හිතුවේ එහෙම.

To be continued .. 🖋

❣️𝐈𝐯𝐚𝐧 𝐀𝐧𝐝 𝐙𝐡𝐞𝐧𝐠❣️

Notes 👇

About stars :

* ජෙෆ් (ජෙෆර්සන්) - ජොනතන්ගේ වුල්ෆ්
* රේ (රේවන්)  - රෙමිරොගේ වුල්ෆ්
* ලෙක්ස් (ඇලෙක්ස්) - එවන්ගේ වුල්ෆ්
* තෝම් (තෝමීයන්) - තෝමස්ගේ වුල්ෆ්
* මැට් (මතියාස්) - මැතිව්ගේ මේට්

____________🤎____________

⚠️❌..Please don't copy or steal anything from this story.. ⚠️❌

#TheHumanMate

@AndreaMariyan

Continue Reading

You'll Also Like

54.8K 1.8K 31
Madara has always been a ninja with attitude and power. He cares deeply for his brother izuna. But one day izuna was killed in battle by a rival clan...
334 57 6
Oneirataxia : the inability to distinguish between fantasy and reality Slow burn!!!
116K 1.8K 17
What if Hermione was never a muggle born Granger but a pureblood Zabini? Starts in first year. Dramione. Completed
502 87 7
Short and sweet nonfic. Bl The book fair love Start : 30 sep. 2023 End :