𝐄𝐕𝐈𝐋 𝐀𝐍𝐆𝐄𝐋(𝖳𝖪)

By Dul_Shi

50.9K 8.1K 3.3K

ඩැඩී ... ඩැඩී ...??? ජස්ට් ෆලෝ මී ... ආෂ් මොන කරදරයක්ද මේක ... ______________________________________________... More

INTRO
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
👀
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33

Chapter 34

827 98 65
By Dul_Shi

"අනේ කුකී...අනේ මෙහේ බලනවකෝ..."

"මාත් එක්ක කතා කරන්න එපා ටේ...මම හිතුවේ නෑ ඔයා ඔහොම කෙනෙක් ලා..."

"ඒ වුනාට...ඒ වුනාට අනේ...කුකී..කුකී..."

ජන්කුක් මුකුත්ම නොකියා ශොපින් මෝල් එක ඇතුළට යද්දි ටේහ්‍යුනුත් කෑ ගගහා පස්සෙන් ගියා.

ඒ අතරේ.......

"අනේ මොකක්ද හලෝ..."

"මට වැඩ තියෙනවා ජිමින්...."

"අනේ...අනේ...ඉන්නවකෝ..."

"අර ඔලීවියත් බලන් ඉන්නවා. තමුන්ට පිස්සු හැදිලද?"

"හැබැයි යුන්ගි හියුන්...."

"ම්?..ඒ..ඒ...මොකද ඔය විදිහට බලන්නේ? ජිමින් ඕක නම් කරන්න හිතන්නවත් එපා...ජිමින්! ජිමින්!..."

"ඩැඩීඊඊඊඊ....."

ජිමින් ටවුන් එක මැද යුන්ගිගේ කකුල් දෙක බදාගෙන වාඩි වුනා.ඒ විතරක් නම් මදැයි බෙරිහන් දීලා කෑ ගහන්නත් ගත්තු නිසා පාරේ මිනිස්සු එයාලා දිහා බල බල මොනවදෝ මුමුණ මුමුණ කටවල් අතින් වහගෙන හිනා වෙවී සමහරු ෆොටෝසුත් ගන්න ගත්තේ පොළොව පලාගෙන යන්න හිතිලා වගේ ඉන්න යුන්ගිගෙයි එයාව බදාගෙන ඉන්න කියුට් බෝයිගෙයි.

ඔලීවියගෙ ඇස් උඩ ගියේ එයා යුන්ගිගේ මෙහෙම තත්වයක් දැනගෙන හිටියේ නැති නිසා.ඒලා නම් දාගෙන හිනාවෙන්න ගනිද්දි බෙල්ලෙ තිබුන හෙඩ්සෙට් එක කනට තියාගත්තු නිකී එයාලත් එක්ක ආපු පුද්ගලයෙක් නොවන බවට පෙන්වීමට එතනින් ටිකක් ඈතට ගියා.

ඇස් පියාගෙන බර හුස්මක් හෙලපු යුන්ගි ඇස් දෙක ඇරලා පපී අයිස්වලින් උඩ බලාගෙන ඉන්න ජිමින් දිහා බැලුවා.

_________________

"මචන් මින්හෝ...පැහැදිලිනේ පිළිවෙල...ඒකි හතරවටේ කරක්ගහලා මෙතනින් යද්දි උබට තියෙන්නේ එයාව නවත්තගෙන මුලින්ම මේ බැලුන් බෝලයක් එයාගේ අතට දෙන්න...ඊටපස්සෙ අර කැමරමන් කොල්ලා ඇවිල්ලා උබලා දෙන්නට එකට ඉන්න කියලා ෆොටෝ එකක් ගහයි...කෙල්ල කම්ෆියුස් වෙයි තමයි...ඒ ෆොටෝ එක වදින කොටම රෝස් පෙටල්ස් වට්ටන්න මම ස්ටාෆ් එකට කියලා තියෙන්නේ...කොහොමහරි කම්ෆියුස් එක සප්‍රයිස් වෙනකන් ශේප් එකේ යමන්...ඊටපස්සෙ ඒ වෙලේම දණ ගහලා මුද්ද පෙන්නපන්...ඒකි අන්දබූත වෙලා හිටියහම විල් යූ මැරී මී කියලා මෝල් එකේ මේ ඒරියා එකේ හැම ස්ක්‍රීන් එකකම දාන්න කියලත් මම කිව්වා...ඊටපස්සෙ ඒකි උබේ මූණ ගලවලා බලයි...ඊටපස්සෙ ඒකි යෙස් කිව්වට පස්සේ ඒකිව උස්සගෙන උඩ පැනලා....."

"හරි හරි බන්...ඒ ටු ඉසෙට් කියලා දෙන්න උබ මන් කවුරු කියලද හිතේ?...."

පිකාචු outfit එකක් ඇඳගෙන හිටපු මනුස්සයා කියලා හෙල්ලෙන්නවත් බැරි කකුල යන්තන් උස්සලා එයාට සේරම උපදෙස් දුන්න යාළුවට පයින් පාරක් ගැහුවා.වෙන කවුරුත් නෙවෙයි ඒ හිටියේ මින්හෝයො බෝගම්නුයි.

"හරිනෙ බන් එහෙනම්...මම අර හරියෙ ඉදන් බලාගෙන ඉන්නම්...ටිකකින් ඕකි එයි..."

බෝගම් එතනින් යද්දි මින්හෝ පත සයිස් පිකාචු මූණ ඔලුවට දාගත්තා.


"මේ බ්ලවුස් එක කොහොමද?

වාව්...මේක නම් ඔයාට ගැලපෙයි...මේක ට්‍රයි කරලා බලන්නකෝ..."

"මම ඕවා අඳින්නේ නෑ."

"සොරි අමතක වුනා ඒයි...අර අර ස්කර්ට් එක මට ගැලපෙයිද?...."

"එකතැනක ඉන්න ඒලා."

"ශොපින් කරන්න ආවහම එකතැනක ඉන්න? පිස්සුද අනේ ඔයාට?"

ඒලා ගස්සලා ගිහිල්ලා තව ඇඳුම් රැක් එකකට යද්දි ඔලීවියා ලාවට හිනාවෙලා ඔලුව දෙපැත්තට වනලා එයාගේ පස්සෙන් ගියා.ඔලීවියයි ඒලයි හිටියේ ලේඩීස් සෙශන් එකේ.ශොපින් කරන එක ඔලීවියා අකමැතිම වැඩවලින් එකක් වුනත් එයා ඉතින් ඒලගේ පස්සෙන් වැටිලා හිටියේ ඒලා එකපාරටම අතුරුදහන් වෙන තැන්වත් හොයාගන්න එක ඔලීවියට ලේසි වැඩක් වුනේ නැති නිසා.

ඒ සැරේ දෙන්නම නතර වුනේ එකේක බෑග්ස් තිබුන සෙශන් එකේ.ඒ එක්කම ඔලීවියට කෝල් එකක් ආපු නිසා එයා ඒක ආන්සර් කරන ගමන් පැත්තකට ගියා.ඒලා හොයාගෙන හොයාගෙන ගිහිල්ලා දිලිසි දිලිසි තිබුන එක බෑග් එකක එයාගේ ඇස් නතර වුනා.

"වාව්!"

එයා ඒ බෑග් එකට අත තියන්න ඔන්න මෙන්න වගේ වගේ තියෙද්දි තවත් අතක් ඒ බෑග් එකට අත තියද්දි ඒලාට එයා දිහා බලන්නවත් හම්බුනේ නෑ බෑග් එක ඇඳලා ගත්තා.

"එක්ස්කියුස්මී! මන් ඒක ගන්න හැදුවේ..."

ඒලා බෑග් එක බදන් ඉන්න තරුණියට ටිකක් තරහෙන් කිව්වා.

"මමත් ඒක ගන්නනේ හැදුවේ..."

ඒලා තොල් නොපිට පෙරලගත්තා.ඒ එක්කම ඒ හරියේ හිටපු මෝල් එකේ වැඩ කරන කෙනෙක් මෙතන මොකක්හරි ප්‍රශ්නයක් වෙනවා කියලා තේරිලා එයාලට කතා කළා.

"මිස්...මොකක්හරි ප්‍රශ්නයක්ද?"

"මේ විදිහෙ තව බෑග්ස් තියෙනවද?..."

ඒලා අනිත් ගර්ල් බදාගෙන ඉන්න බෑග් එක පෙන්නද්දි පොඩ්ඩක් බලපු ඒ ලේඩිගේ මූණ ඇඳ වුනා.

"සොරි මිස්...ඒ බ්‍රෑන්ඩ් එකෙන් මේක විතරයි ඉතුරු වෙලා තියෙන්නේ..."

"මමයි ඒක මුලින් දැක්කේ...."

ලේඩි කියලා ඉවරවුන ගමන්ම වගේ ඒලා කෑ ගහලා කියද්දි ඒ ලේඩිවත් ගැස්සිලා ගියා.

"දැන් මගේ අතේනේ තියෙන්නේ..."

ඒ සැරේ ඒ ගර්ල්ට හිතන්නවත් කාලයක් නොදුන්න ඒලා එයාගේ අතේ තිබුන බෑග් එක ඇදලා ගත්තේ ඒ ගර්ල්ට තරු පෙන්නලා.

"හරි...දැන් මගෙ අතේනේ......"

ඒලා බෑග් එකත් අරන් කිසි ගානක් නැතුව යද්දි ඇස් දෙක ජිල් බෝල සයිස් කරගත්තු ගර්ල්ගේ කන්වලින් ගිනි පිටවෙන්න ගනිද්දි අඩි දෙකට තුනට ඒලා ළගට ගියා.ඒ ගර්ල් ඒලගේ අතේ තිබුන බෑග් එක ඇදලා ගනිද්දි ඉබේම පිටිපස්ස හැරුණ ඒලා අනිත් පැත්තෙන් තදින් අල්ලගෙන හිටියා.

"ආශ්...මෙහෙට දෙනවා....."

"ඒක මගේ...මමයි මුලින් ගත්තේ..."

"මෙච්චර බෑග් තියෙන එකේ වෙන එකක් බලනවකෝ වදයක් වෙන්නැතුව...."

"ඇයි ඔයාටත් ඒක කරන්න බැරිද ආ?"

"තමුන් ඕකේ ගාන දැනගෙනද ඔච්චර නටන්නේ?..."

"මට කොහොමත් මේවල ගණන් බලන්න ඕනේ නෑ..."

ඒ ගර්ල් කියද්දි එතන හිටපු වැඩකරන ලේඩිත් පුදුම වුණා.ඒ සැරේ මෙතන කාලගෝට්ටියට මිනිස්සුත් වටවෙන්න ගත්තා.ඔලීවියත් කෝල් එක ගත්තු වෙලේ ඉදන් පේන මානෙක හිටියේ නෑ.වැඩ කරන ලේඩි බයවුනේ මුන් දෙන්නට තියා අන්තිමට ශොප් එකටවත් බෑග් එක තියාගන්න බැරි වෙයිද කියලා කඹ අඳිනවා වගේ අදින ඇඳිල්ලට.

"ආහ්...හොරෙන් උස්සන් යන්න වෙන්නැති හිතන් ඉදලා ඇත්තේ...ඇහෙනවා නේද?...."

"තමුන් හැප්පෙන්නේ මේ මෝල් එකේ අයිතිකාරයගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක...."

ඒ ගර්ල් කිව්ව ගමන් ටිකක් වෙලා ෆ්‍රීස් වෙලා හිටපු ඒලා එකපාරටම මහ හයියෙන් හිනාවෙන්න ගත්තා.

"මන් හිතන්නේ එයා ඔයාට චීට් කරනවා.... ඔය කියන අයිතිකාරයගෙම රියල් ගර්ල්ෆ්‍රෙන්ඩ් මම...."

ඒලා හොඳටම හිනාවෙවී ඒ ගර්ල්ට කිණ්ඩියට වගේ කියද්දි කළු පාටින් සූට් එකක් ඇදගත්තු බොඩිගාඩ් කෙනෙක් වගේ ගෑනු කෙනෙක් එතනට කලබලයෙන් ආවා.

"යන තැනක...කිහ්...කිහ්...කියලා යන්න මිස් යූනා.... අපි හැමතැනම හෙව්වා..."

ඒ කාන්තාව හති අරිද්දි තවත් මේල් බොඩිගාඩ්ලා දෙතුන් දෙනෙක් සෙනඟ අස්සෙන් ඒ ගර්ල්ගේ පිටිපස්සට එද්දි ඒලව ටිකක් බයවුනා.ඔව් එතන හිටියේ යූනා.දන්නවා ඇතිනේ.

"මේ බෑග් එක ගැන තමයි මම ඔයාට කිව්වේ මේගන්...."

ඒලගෙයි ඒ ගර්ල්ගෙයි අත් මැද්දට අහුවෙලා තියෙන බෑග් එක පෙන්නපු යූනා පපී අයිස්වලින් මේගන් දිහා බැලුවා.

"සොරි මිස්...මේක අපිට ගන්න වෙනවා...මොකද අපි මේ බෑග් එක හැමතැනම හෙව්වා..."

ෆීමේල් බොඩිගාඩ් එච්චර ගානක් නැතුව කිව්වේ බෑග් එකක් හොයපු එයාගේ මිස්ගෙ කන් කරච්චලේ අහලා එයා හිටියේ එපාම වෙලා නිසා.

"හහ්..කිව්ව හැටි විතරක්...අප්පගෙ බූදලේ කියලද හිතන් ඉන්නේ?"

ඒලා බෑග් එකෙන් අත ගන්නෙම නැතුව කෑ ගහද්දි යූනට "අප්පගෙ නෙවෙයි මාමණ්ඩිගේ බූදලේ තමයි යකෝ කියලා කෑ ගහන්න ඕනේ වුනත් හරි අමාරුවෙන් ඉවසන් හිටියා.

"බූදලේ මොකක්ද කියලා නම් දන්නේ නෑ...හැබැයි මේ ඉන්නේ මේ ශොපින් මෝලෙ එකෙත් අයිතිකාරයගේ පුතාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්...I mean you're fighting for her own property..."

"කොහොමද මම ඒක විශ්වාස කරන්නේ?"

ඒ ෆීමේල් බොඩිගාඩ් එයාගේ බෙල්ලේ දාගෙන හිටපු කාඩ් එකක් පෙන්නනකොට යූනා බෑග් එක ඇදලා ගනිද්දි ඒලව ටිකක් පැත්තකට ගිහිල්ලා කකුල පැටලිලා වැටුණා.හැබැයි ඒලව වට්ටන එක නම් එයාගේ තුන්හිතකවත් තිබුනේ නෑ.

ඒලට ගොඩක් ලැජ්ජ හිතුනා.එයාට තව මුකුත් කරගන්න බැරිවුනේ එයාලා කියන්නේ ඇත්ත කියලා ඒලට තේරුන නිසා.ගොඩක් අය එයාලා දිහා බලන් ඉන්නවා කියලත් ඒලා දැක්කේ ඒ වෙලාවේ.හැමතැනම බැලුවත් ඔලීවියත් ළග පාතක හිටියේ නෑ.ඒත් ඉක්මනින්ම නැගිට්ට ඒලා එතනින් දිව්වේ නොහිතපු විදිහට ඒලා බයවුන විදිහට නම් යූනගෙත් මූණ වෙනස් වෙද්දි.

"අනේ මිස්..ඇයි එයාව තල්ලු කළේ? පොඩි ගර්ල් කෙනෙක්නේ...."

"මම තල්ලු කළේ නෑ මේගන්...ආෂ්..මේ පඩ්ඩක් නවතින්න..."

බෑග් එක මේගන් අතින් තිබ්බ යූනා ඒලගේ පස්සෙන් ගියා.

"හ්ම්ම්...එහෙම කරන්න...මම තියනවා...."

ටිකක් කලබල නැති පැත්තකට වෙලා කෝල් එක ඉවරවෙලා එන ගමන් හිටපු ඔලීවියා දැක්කේ කොහෙදෝ මන්දා දුවන ඒලව.එකතැනක හිටපු මිනිස්සුත් එතනින් විසිර යනවත් එක්කම තවත් ගර්ල් කෙනෙක් ඒලගේ පස්සෙන් යනවා දැකලා ඔලීවියා කලබල වුනා.තව කාන්තාවක් ඒ තරුණියගේ පස්සෙනුත් මිස් කිය කිය කෑ ගහගෙන යනවා දැකලා කලබල ගතිය ඩබල් වුනා.ඊට පස්සේ කළු පාටින් ඇදගෙන හිටපු බොඩිගාඩ්ලා වගේ සෙට් එකකුත් පස්සෙන් යනවා දැකලා ඩබල් ගතිය ට්‍රිබල් වුනා.

ඒ අතරේ පැත්තකට වෙලා ෆෝන් එකෙන් ගේම් එකේ ඊළග ලෙවල් එක ප්ලේ කරන ගමන් හිටපු නිකීට එයාට එහා පැත්තේ ඉදන් එයා දිහා බලන් ඉන්න අවුරුදු අටක විතර කොල්ලා දිහා බැලුවා. නිකී එතනින් ඉදගන්නකොටත් ඒ පොඩි ළමයා හිටියේ එතන.එයාගේ දෙමව්පියොත් ළග පාතක හිටියේ නෑ.පොඩ්ඩක් එයා දිහා බලපු නිකී කකා හිටපු ලොලි පොප් එක පෙන්නලා ඇහිබැම ඉස්සුවේ ඕනද කියලා අහන්න වගේ.ඒ කොල්ලා නිකී දිහා බලාගෙනම ඔලුව වනද්දි නිකී සාක්කුවේ තිබ්බ ලොලිපොප් එකක් දෙනකොට එයාගේ ඉස්සරහින් ඒලා එක්ක තවත් කවුද මන්දා කට්ටියක් දුවනවා දැකපු නිකී එතනින් නැගිට්ටා.

"ඒලා කොහෙටද ගියේ?...."

එතනට ආපු ඔලීවියා අහද්දි නිකී පඩිපෙළ පෙන්නුවා.ඒ එක්කම ඔලීවියා එහා පැත්තෙන් හිටපු පොඩි ළමයව දැක්කා.

"මෙයාද ළමයා?..."

ඔලීවියා අහද්දි නිකී ලාවට ඔලුව වනනවත් එක්කම නිකීගේ උරහිසට තට්ටුවක් දාපු ඔලීවියා ඒ පැත්තට දුවද්දි ටික වෙලාවක් ඒ පැත්ත බලන් හිටපු නිකී ආපහු ගේම් එක ප්ලේ කරන්න ගත්තා.

__________

"මැරි මී ජුලියට් යූල් නෙවර් හැව්ටු බි අලෝන්ග්...
ආයි ලව් යූ ඇන්ඩ් දැට්ස් ඕලයි රියලි නෝ...
අයි ටෝක් ටු යොර් ඩෑඩ් ගෝ පීක් අවුට වයිට් ඩ්‍රෙස්
ඉට්ස් අ ලව් ස්ටෝරි බේබි

ජස්ට් සේ යෙස්..."

කැරකිලා ගිහින් යුන්ගි ළග එක දණක් නමපු ජිමින් මයික් එක යුන්ගිට දික් කරද්දි වාඩි වෙලා හිටපු යුන්ගි සසර කලකිරුණු ලුක් එකෙන් ජිමින් දිහා බැලුවා.එයාලා හිටියේ karaoke room එකක් ඇතුළේ.

"ඕක ඉවර නැද්ද?"

"සේ යෙස්"

"මොකටද?"

"යෙස් කියනවකෝ...."

"අනේ රෙද්ද මම යනවා...."

නැගිට්ට යුන්ගි දොරත් ඇරන් එළියට යද්දි ජිමිනුත් මයික් එක තියලා පස්සෙන් දුවලා ගිහින් යුන්ගිගේ ඇගේ එල්ලුනා.යුන්ගිට හොඳ පණ ගිහිල්ලා තිබුනේ මෙලෝ රහක් නැති තැන්වල ගාටලම.ඊට ඉස්සෙල්ලා ජිමින් යුන්ගිව ඇදගෙන ගියේ ගේම් සෙශන් එකට.

"ඒක නෙවෙයි ඒයි...ඔයා අද හරි අමුතුයිනේ...නිකන් හොර වැඩක් කරලා වගේ...."

"එහෙම පේනවද?"

"හ්ම්.ෆෝන් එක දිහා බලාගෙන ගිහිල්ලා ලේඩි කෙනෙක්ගේ ඇගේත් හැප්පුනා...හොඳ වෙලාවට මම හිටිය නිසා කම්මුල් පාරක් කන්නැතුව ශේප් කරගත්තා..."

ජිමින් කියද්දි යුන්ගි ඇහුනේ නෑ වගේ ගියා.

"අනික මෙලෝ ගේම් එකක් ප්ලේ කරන්න ආවේ නෑ..."

"අර එකතැන ඉදන් අත පය විසික් කර කර මැරෙන්න හදන ගේම් ප්ලේ කරන්න මට පිස්සු කියලා හිතුවද?"

"VR ගේම් එකද? ඒක වෙනම ආතල් එකක් හලෝ..."

"වටේ ඉදන් බලන් ඉන්න මිනිස්සුන්ට ඊට වඩා ආතල්..."

"ඇත්තටම මොකද හලෝ ඔච්චර නර්වස් වෙලා ඉන්නේ?"

"නිවුස් එකක් එනකන්....."

"මොන?"

"ඔයාට අද වැඩක් තියෙනවා...මම පස්සේ කියන්නම්..."

"අනේ මන්දා මට නම් තේරෙන්නේ නෑ ඔයාගේ වැඩ බබා..."

ජිමින් කිසිගානක් නැතුව යුන්ගිගේ ඉණ වටේ අත දාලා ළගට ඇදලා ගත්තා.

"ඔය අත කඩලා දාන්න ඉස්සෙල්ලා අහකට ගනින්..."

"කපල් එකක් ඉන්න ඕනේ මෙහෙම බබා.ඔයාට ඉතින් කිසිම රෝමෑන්ටික් වයිබ් එකක් නෑනේ.මන් වගේ එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්ගෙන් ඉගෙනගන්න."

"ශිට්.."

ජිමින්ගේ අත ගස්සලා දාපු යුන්ගි ජිමින්ව පහු කරගෙන ගියා.ජිමින් ආපහු ගිහිල්ලා යුන්ගිගේ අතේ එල්ලුනා.

"මේහ්....."

".............."

"මටත් ඔයා වගේ ටැටූ එකක් ගහන්න ඕනේ..."

"පිස්සුද?"

"අනේ...මොකක්ද හලෝ...මාත් පේන්නේ නැති තැනකින් ගහගන්නම්..."

"තමුන් පේන්නේ නැති තැනකින් ගහනවා නම් අහවල් එකේ තමා ගහගන්න වෙන්නේ..ගෙදරත් ඉන්නේ ශර්ට් එකක්වත් නැතුව..."

"ඔයාට ජෙලස්ද හලෝ ඉතින්..."

යුන්ගි මුකුත්ම නොකියා ඉදිද්දි ජිමින් යුන්ගිගේ අතින් අල්ලගත්තා.

"එහෙනම් මම butt එකේ ගහගන්නම්...."

යුන්ගි ඇස් දෙකත් ලොකු කරගෙන රවාගෙන ජිමින් දිහා බලද්දි සමච්චලේට හිනාවුන ජිමින් යුන්ගිගේ අතින් ඇදගෙන ගියේ යුන්ගිවත් ඉතින් ඔහේ ඇදිලා යද්දි.

____________

"කුකී!!!!...."

ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ අතින් පැත්තකට ඇදගෙන ගියා.කලින් තිබුන අමනාපකම් ගැන කියනවා නම් ටේ ටිකක් මූඩ් අවුල් ගිහිල්ලා මූණ කොරහක් වගේ කරගත්තට පස්සේ ජන්කුක් නළවන්න ගියහම සේරම සාමාන්‍ය තත්වෙට ආවා.එයාටත් ඉතින් ආඩම්බරයි මේ සේරම මේ පව්කාරයට මෙච්චර ආදරේ නිසානේ කියලා හිතලා.

"කුකී..ෆොටෝ එකක් ගහන්නකෝ...."

බැලුන් ගොඩක් අතේ තියන් හිටපු පිකාචු කෙනෙක්ගේ outfit එකක් ඇදගත්තු මනුස්සයෙක් ළගට ගියපු ටේහ්‍යුන්ග් කියද්දි ජන්කුක් ෆෝන් එක අතට ගත්තා.ඒ pokemon මනුස්සයා ටේගේ අතට එයා ළග තිබුන බැලුන් එකකුත් දුන්නා.ටේහ්‍යුන්ගේ අනිත් අතේ තිබුනේ තඩි අයිස් ක්‍රීම් එකක්.ඒ වුනාට කැමරාවක් අතේ තිබුන වෙන මනුස්සයෙක් ඇවිල්ලා ටේහ්‍යුන්ග්ටයි පිකාචුටයි කතා කරා.

"Oh..Excuse me..I'm a photographer...I wanted to ask if I can take a picture of you with this pikachu...Because you look amazing and so cute...."

ඒ ෆොටෝග්‍රැෆර් අහද්දි පිකාචු මනුස්සයා දාගෙන ඔලුව දෙපැත්තට වැනුවත් ඔලුව ලොකු නිසා වැඩිය තේරුනේ නෑ වගේම ඇතුළෙ ඉදන් මොනවා කිව්වත් වැඩිය පැහැදිලි වුනේ නෑ.එයාට ඒ තඩි ඔලුව ගලවගන්නවත් පුලුවන් වුනේ නෑ.ටේහ්‍යුන්ග් සතුටින් ඔලුව වනද්දි ජන්කුක්නුත් එයාලා ළගට ආවා.

මේකයි දැන් අර ෆොටෝග්‍රැෆර් මනුස්සයා හිතලා තියෙන්නේ ටේහ්‍යුන්ග්ට තමා දැන් පිකාචු මින්හෝ ප්‍රපෝස් කරන්න යන්නේ කියලා.පිකාචු මින්හෝ ටේහ්‍යුන්ග්ව දන්න නිසා බැලුන් එකක් දුන්නත් ඒක එයාලගේ ප්ලෑන් එකේ කොටසක් කියලා එයාට අමතක වුනා.

"අනේ මගෙ පස්සෙන් එන්න එපා...."

"මම කියන දේ...පොඩ්ඩක් අහන්නකෝ...ආම් රියලි සොරි අයියෝ...මම ඔයාට ඒ බෑග් එක දෙන්නම්..."

ඒ වෙලේම ඒලා ඒ පාරේ මැද්දෙන් දුවගෙන යද්දි යූනාත් එයාගේ පස්සෙන් දුවනවා දැකලා එකපාරටම ෆොටෝ එකට හිටපු පිකාචු මනුස්සයා අතින් අතේ තිබුන බැලුන් ටික අතෑරුනා.එවෙලෙම ඒ පිකාචු මනුස්සයා ජන්කුක්ගේ අතින් මොකක්හරි පුංචි පෙට්ටියක් තියලා දෙපැත්තට පැද්දි පැද්දි යුනාගේ පස්සෙන් පන්නන්න ගත්තා.එකපාරටම වුන දේට ටේහ්‍යුන්ග් ජන්කුක් දිහා බලද්දි ඒ ඒරියා එකේ රෝස් පෙටල්ස් කඩාගෙන හැලෙන්න ගත්තේ ෆොටෝ එක ගන්නකොට එහෙම වෙන්න ඕනේ කියලා ස්ටාෆ් එකට කියලා තිබුන විදිහටම.ඒක හරියටම ටේහ්‍යුනුයි ජන්කුක්නුයි ඉන්න තැනට සෙට් වුන නිසා එයාලව කැපිලා පේන්න ගත්තු නිසා වටේ පිටේ උඩ තට්ටුවල හිටපු මිනිස්සුත් බලන්න ගත්තා.ඊළග තත්පරේ පෙටල්ස් කඩාහැලෙනවා දැකපු ස්ටාෆ් එකේ අනිත් සෙට් එක 'Will you marry me' කියලා screenවල යැව්වා.වටේම බලලා කම්ෆියුස් වුන ටේහ්‍යුන්ග් බැලුවේ ජන්කුක් දිහා.අතේ තිබුන පෙට්ටිය ඇරලා බලපු ජන්කුක්නුත් සප්‍රයිස් වෙලා හිටියේ ඒකේ ඇතුළේ තිබුන මුද්ද නිසා.

දැන් මෙහෙමයි.ටේහ්‍යුන්ග් ඉන්නවා මුද්ද දික් කරපු පෙට්ටිය දිහා පුදුමයෙන් බලාගෙන.ජන්කුක් ඉන්නවා එයාගේ ඉස්සරහින් ඉන්න ටේහ්‍යුන්ග් දිහායි පෙට්ටිය දිහායි කම්ෆියුස් වෙලා බලාගෙන.රෝස් පෙටල්ස් තාම වැටෙනවා.දණ ගහන්නේ නැතුව මේක වෙන්නැති අලුත්ම විදිහ කියලා හිතපු මිනිස්සු 'සේ යෙස්' කියලා ශොපින් මෝල් එක දෙවනක් වෙන්න කෑ ගැහුවා.


"අනේහ්...තාම රිදෙනවා...."

"දැන් ඉතින් නහයෙන් අඬන්නැතුව ඉන්නවා...."

"රිදෙනවනේ...."

"ටැටූ ගහගන්න තිබ්බ අමාරුව හරිනේ දැන්..."

ජිමින් ටැටූ එක ගහන වෙලේ කෑ ගගහා හොටු පෙර පෙර අඬලා හිටියේ.එයා ඉකි ගගහම mirror එකෙන් උරහිසේ පැත්තෙන් වෙන්න Hells queen කියලා තිබුන ටැටූ එක දිහා බැලුවා.

"Queen? ආර් යු කිඩින් මී සීරියස්ලී?...මේක ගහපු අර යකාට එන්න කියනවා!!!!"

"මමයි එහෙම ගහන්න කිව්වේ...මෙන්න මෙහෙ වරෙන් මගෙ තව යකා අවුස්සන්නැතුව..."

Glass elevator එකේ පහළට එන ගමන් හිටපු ජිමිනුයි යුන්ගියි සෙනඟ එක්‍ රැස් වෙලා ඉන්න පහළ ඒරියා එක දැක්කා.

"ඒයි අර...අතන ඉන්නේ ටේයි කුක්කයි නේද?"

"ම්ම්...."

"දෙයියනේ කුක්කා අපේ එකාට ප්‍රපෝස් කරන්න මෙච්චර දෙයක් කරලද?..."

යුන්ගිත් හිටියේ පුදුම වෙලා.ජිමින් දොර ඇරෙනකන් ඉවසිල්ලක් නැතුව ඉදලා පහළට ගිහින් දොර ඇරුනම ජිමින් ටේහ්‍යුන්ග්ලා ළගට යන්න හැදුවා විතරයි.එතනින් දුවන ගමන් හිටපු පිකාචු මනුස්සයගේ ඇගේ වැදුන ජිමින් එයාගේ බාන්චු outfit එක දෑතම බදලා අල්ලගනිද්දි දෙන්නත් එක්කම වැටිලා පෙරලිලා ගියා.ඒ පෙරලිලා ගියපු සැරේ පිකාචු මනුස්සයගේ පිකාචු ඔලුව ගැලවිලා පැත්තකට විසි වෙලා ගිය නිසා ඔලුව උස්සලා බලපු ජිමින් එයාගේ ඇග යට ඉන්න කෙනාව තත්පරෙන් අදුරගත්තා.

"මින්හෝ?"

"ජිමින්?"

පිටිපස්සෙන් ආපු යුන්ගි ජිමින්ගේ ලොකු හූඩි එකෙන් ඇදලා නැගිටින්න මතක් කරද්දි ජිමින් දනිපනි ගාලා නැගිට්ටා.ඒත් එයා පුදුමයෙන් බලන් හිටියේ මින්හෝ දිහා.

"මින්හෝ? එ..එදායින් පස්සේ ඩෑඩ් ඔයාව ගෙදරින් එළියට දැම්මද?"

මින්හෝ හිටියේ බිමමයි.එයාට ඒ ඇදුම පිටින් නැගිටගන්නවත් බෑ.කොහොමහරි එයා ඔහේ බලාගෙන හිටියේ අද නම් මහ එපා කරපු දවසක් කියන මූඩ් එකකින්.

ජිමිනුත් ටිකක් දෙගිඩියාවෙන් එහෙම ඇහුවේ මනුස්සකමට.මින්හෝ වගේ කෙනෙක්ව මේ විදිහට දකින්න ජිමින් කොහොමත් බලාපොරොත්තු වුනේ නෑ.

"එහෙම එකක් නෙවෙයි.මම අද යුනාට ප්‍රපෝස් කරන්න හැදුවේ..."

"ඉතින්?"

"ඒකි අන්න අරෙහේ මැරතන් දුවනවා..."

එතකොටම වගේ මෝල් එකේ පහළ ඒරියා එකේ හිටපු මිනිස්සු අත් පොඩි ගගහා කෑ ගහන සද්දයක් ආවම තුන්දෙනාම ඒ පැත්ත බලද්දි දැක්කේ එකිනෙකාව වැළදගෙන ඉන්න ටේහ්‍යුනුයි ජන්කුක්වයි.

එතන සීන් එක දැනගන්න ටිකක් පිටිපස්සට යමු.

"දණගහලා ඕක දාපන්..."

කියන්නේ මොකක්ද කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව හිටපු ජන්කුක් පිටිපස්සෙන් ඇහුන කටහඬක් නිසා පිටිපස්ස බලද්දි දැක්කේ හොඳ හුරුපුරුදු මූණක්.

"බෝගම්?...."

"ඔව්...බෝගම් තමයි...මිනිස්සු බලාගෙන ඉන්නවා ඕක දාපන්...බැරි නම් මට දීපන් මම දාන්න..."

"ඒත් ම්...මම..."

"දණ ගහපන් මනුස්සයෝ..."

ජන්කුක් ඒත් මොකක්ද වෙන්නේ කියලා හිතාගන්න බැරුව ඉදිද්දි එකපාරටම බෝගම් ජන්කුක්ව දණ ගැස්සුවා.

"බුලත් දෙනකන්ද බලන් ඉන්නේ...අත දික් කරප~....අ...අත දික් කරන්න ටේහ්‍යුන්ග් බබා...ඔයා සප්‍රයිස් වෙන්න යන්නේ"

බෝගම්ගේ දරුණු වචන සොෆ්ට් වචනවලට පෙරලෙද්දි ටේහ්‍යුන්ග් බිම හිටපු ජන්කුක් දිහා පුදුමයෙන් බලාගෙන හිටියා.

ඒ වෙලේ මේක හරියන්නේ නෑ කියලා හිතපු බෝගම් ටේහ්‍යුන්ග් අතේ තිබුන අයිස්ක්‍රීම් එක අරගෙන ඒ අත බලෙන්ම ජන්කුක්ගේ අතට දෙද්දි ජන්කුක් ඕන මගුලක් කියලා මුද්ද ටේහ්‍යුන්ගේ අතට දාන්න හැදුවා.

මුද්ද පොඩි වැඩියි.

ඒ සැරේ කොහොමහරි ට්‍රයි කරලා ඒක ඇගිල්ලකට සෙට් වෙද්දි හුස්මක් හෙලපු ජන්කුක් නැගිටලා ටේහ්‍යුන්ග්ව බදාගත්තේ හැමෝගෙම ඔල්වරසන් මැද්දේ.

ගේම් එක ඇති කියලා හිතපු නිකී ෆෝන් එක සාක්කුවේ දාගෙන අනිත් අය කවුරුහරි ළග පාතක ඉන්නවද බලන්න වටපිට බැලුවා.ඒත් එක්කම නිකීගේ ජැකට් එකෙන් කවුරුහරි අඳිනවා කියලා තේරුන නිසා නිකී බැලුවේ තාමත් එහා පැත්තට වෙලා ඉදගෙන ඉන්න පොඩි එකා දිහා.නිකී ඇයි කියලා අහන්න ඔලුව උස්සද්දි ඒ පොඩි ළමයා ටිකක් ඈතින් තිබුන claw machine එක පෙන්නුවා.

"මන් ගාව සල්ලි නෑ...."

නිකී කියද්දි මූණ ඇඹුල් කරගත්තු පොඩි එක්කෙනා බිම බලාගත්තා.පොඩි එකාගේ දුකෙන් පිරුණ මූණ දැකපු නිකී බර හුස්මක් හෙලුවා.

"හ්ම්....යමු එහෙනම්..."

ඒ වෙලේ එක්සයිට් වුන පොඩි ළමයා නිකීගේ අතින් ඇදගෙන claw machine එක ගාවට ගියා.පොඩි ළමයා එච්චර උස නැති නිසා joysticks අල්ලගත්තේ නිකී.

"කෝකද ඕනේ?...."

පොඩි එකා නිල් පාට පුංචි ටෙඩියෙක් පෙන්නද්දි නිකී ඒක ගන්න ට්‍රයි කරත් ඒ සැරේ ෆේල් වුනා.දෙවෙනි සැරේත් ගන්න හදද්දි ඒ සැරේත් ෆේල් වුනා.පොඩි එක්කෙනා ඒක දිහා බලාගෙන අහුවෙනකොට එකතැන උඩ පනින විදිහයි ආපහු අතෑරෙනකොට මූණ ඇඹුල් වෙන විදිහයි දැකලා නිකීට ලාවට චූටිම චූටි හිනාවක් ගියා.

"ආශ්....ශිට්!...."

හයපාරක් විතර ට්‍රයි කරලා හිටපු නිකීට ඒ සැරේ නම් ටිකක් තරහ ගිහිල්ලා මැශින් එකට ගැහුවා.ආපහු කාසියක් ගත්ත නිකී ආපහු සැරයක් ට්‍රයි කරන්න ගනිද්දි පොඩි එක්කෙනා ඇස් පියාගෙන ප්‍රේ කරන්න ගත්තා.

ඒ සැරේ නම් ඒ ටෙඩියව එළියට ආවම නිකී බෝයි දිහා බැලුවා.එයා ඒක තාමත් දැක්කේ නැත්තේ ඇස් වහගෙන හිටපු නිසා.ඒ ළමයා ගාවට පාත් වුන නිකී ටොක් ගාලා ඇඟිලි දෙකක් snap කරහම එයා ඇස් ඇරලා බැලුවා.ටෙඩී බෙයාව දැකලා සතුටු හිතුන එයා ටෙඩියව බදාගෙන නිකීවත් බදාගත්තේ උඩ පනින ගමන්.


කොහොමහරි ශොපින් මෝල් එකේ කෙලවරටම ගියපු ඒලා බිත්තියට හේත්තු වෙලා හති අරින්න ගත්තා.යූනත් අන්තිමේ හරි ඒලා නතර වුන නිසා ලොකු සැනසීමක් දැනිලා එතනම බිම ඉදගෙන හති අරින්න ගත්තා.දෙන්නත් එක්ක ශොපින් මෝල් එක වටේම ගියපු විදිහට බොඩිගාඩ්ලටත් එයාලව මග ඇරිලා තිබුනේ.

"අනේ ප්ලීස් මම එ...එහෙම දෙයක් දැනගෙන හිටියේ නෑ..අයිම් රියලි සොරි මිස්...අනේ මගෙ පස්සෙන් එන්න එපා..."

"මම කියන දේ පොඩ්ඩක් අහන්නකෝ...මම නෝර්මලි ඔහොම නෑ..මම මේ බෑග් එක හොය හොය හිටියේ කාලෙක ඉදන්.ඒකයි මට ඒක ගන්න ඕන වුනේ."

"හරි..හරි...කමක් නෑ ඒක ඔයා ගන්න....."

කොහොමහරි අන්තිමේ මේගන් යූනව හොයාගෙන එතනට ආවම තමා මේගන් ඉවරයක් නැතුව සැනසුම් සුසුම් හෙලුවේ.

"අනේ යූනා මිස් ඔහොම දුවන්න එපා මිස්..."

"ඔය බෑග් එක දෙන්න මේගන්..."

යූනා කියද්දි මේගන් ඒ බෑග් එක යූනා අතට දුන්නා.

"ආ...ඔයා මේක ගන්න..."

"එපා..මට අදමයි ඕක දැකලා ආස හිතුනේ..ඔයා ගන්න ඕක..."

"හරි ඉතින්...දැන් ආස හිතිලනේ..ඔයා ගන්න..මගෙන් ගිෆ්ට් එකක් කියලා හිතන්න..අනික සොරි ඔයාව තල්ලු කරපු එකට"

"අයියෝ නෑ නෑ.ඔයා මාව තල්ලු කළේ නෑ.මාව කකුල පැටලිලා වැටුණා..කමක් නෑ ඔයා දෙනවා නම් මම ගන්නම්...."

එහෙම කියලා ඒලා බෑග් එක අතට ගත්තා.

"ඔහ්...පොඩ්ඩක් ඉන්න...මන් හිතුවේ මගෙ අතින් ඔයාව තල්ලු වුනා කියලා..ඒකමයි මට ගොඩක් අවුල් ගියේ..."

"නෑ..නෑ..අනේ ඔයා වැඩිය හිතන්න එපා ඒක ගැන..."

"ආ..එහෙනම් මට ආපහු දෙන්න...."

යූනා කියද්දි ඒලගේ ඇස් ලොකු වුනා.

"දැන් දෙන්නම් කිව්වේ....."

"මගෙන් වැරැද්දක් වුන නිසා මම සමාව ගන්න බෑග් එක දෙන්න හැදුවේ...එහෙම වෙලා නෑනේ..."

ඒ සැරේ ඒලා ආපහු දත්මිටි කන්න ගත්තා.

"මොන විකාරයක්ද?"

"ඇයි?"

"බෑ...දෙන්නෑ..."

"ආශ්...ඒ කියන්නේ මට බලෙන්ම ගන්න වෙනවද?."

බෑග් එක අතකින් උස්සපු ඒලා ටිකෙන් ටික පිටිපස්සට ගිහින් බිත්තියට හේත්තු වෙද්දි යූනත් ඒලගේ අතේ තිබුන බෑග් එක ගන්න උපරිම ට්‍රයි කරා. එ වෙලේ වුනේ හැබැයි කවුරුත් හීනෙකින්වත් නොහිතපු වැඩක්.ඒලා අතින් බිත්තියේ තිබුන fire alarm එක එබුනේ මේගන්ගේ ඇස් දෙක ජිල් බෝල සයිස් වෙද්දි.

සාමකාමීව තිබුන ශොපින් මෝල් එක කඩිගුල ඇවිස්සුනා වගේ ඇවිස්සෙන්න ගියේ තත්පර දෙකතුනයි.
Fire alarm සද්දෙ ඇහෙද්දි shopping mall එකේ හිටපු මිනිස්සු කෑ ගගහා එළියට දුවන්න ගත්තා.

"අනිත් අය කොහෙද ඇත්තේ?"

"එයාලත් එළියට යයි..අපි යමු.."

ජන්කුක් ටේහ්‍යුන්ගේ අතින් ඇඳගෙන සෙනඟ පිරෙන්න ඉස්සෙල්ලා ශොපින් මෝල් එකෙන් එළියට ගියා.

Fire alarm සද්දෙ ඇහෙද්දි යුන්මින්හෝ තුන්දෙනා මූණට මූණ බලාගත්තා.

"ගින්නක්???"

ඒ එක්කම මින්හෝ යූනා ගියපු පැත්තට දුවන්න හදද්දි.........

"අනේ යූනා....."

"මෙන්න මෙහේ එනවා මිනිහෝ.යූනලත් එළියට යයි කොහෙන්හරි...."

ජිමින් එක අතකින් මින්හෝව අල්ලගනිද්දි ජිමින්ගේ අනිත් අතින් අල්ලගත්ත යුන්ගි එයාලව ඇදගෙන fire exit එක පැත්තට දිව්වා.

කෑ ගහගෙන දුවන සෙනඟ අස්සේ කලබල වුන නිකීත් ලිට්ල් බෝයිගේ අතින් අල්ලන් එළියට යන්න දිව්වා.





_______________________________

"අද ප්‍රපෝස් කරන්න හිටියේ මින්හෝ යූනට.ඒ වුනාට ඒක කැරකිලා ආවේ ජන්කුක්ටයි ටේහ්‍යුන්ග්ටයි.වාව් වට් අ රොමෑන්ටික් මිරකල්!"

ජිමින් අත්පොඩි ගගහා සතුටින් කිව්වත් එකෙක්ගෙවත් මූණේ හිනාවක් කියලා දෙයක් ගෑවිලාවත් තිබුනේ නෑ.යුන්ගි ජිමින් දිහා ඔරවලා බලද්දි උගුර පාදපු ජිමින් බිම බලාගත්තා.හැමෝම හිටියේ ශොපින් මෝල් එක ඉස්සරහ තිබුන හොටෙල් එකක.මේසේ උඩ තිබුන බෑග් එක දෙපැත්තෙන් පුටුවල ඉදගෙන හිටපු යූනයි ඒලයි දෙන්නම දුකෙන් වගේ බිම බලාගෙන හිටියා.

මින්හෝ නම් නහය හූර හූර අහක බලාගෙන හිටියා.එයා කාලෙක ඉදන් ප්ලෑන් කරපු සේරටම කෙල වුනානේ.

"කුකී..මුද්...දහ්..."

ඒ අස්සේ ටේහ්‍යුන්ග් එයාගේ ඇඟිල්ලේ තිබුන මුද්ද ගලවන්න හැදුවා.

"ආ...ඔව් ඒක දෙන්න මින්හෝට..."

"ග..ගලවන්න බෑ..."

"කෝ බලන්න..."

ජන්කුක් ඒක ගලවන්න ට්‍රයි කරද්දි ටේහ්‍යුන්ග් මරහඬ දීලා කෑ ගහපු නිසා අනිත් කට්ටියත් එයාලා දිහා බැලුවා.

"ඒ සැරේ මොකක්ද?"

"මුද්ද හිරවෙලා."

ඒලා අතින් එයාටම පවන් ගහගන්න ගත්තා.

"අනේ මට ගෙදර යන්න ඕනේ යුන්ගි ඔප්පා..ආපහු නම් කොහේවත් යන්න කතා කරන්නේ නෑ..ඇත්තමයි..."

ඔලීවියා ඇස් පියාගෙන නළල පිරිමදින ගමන් හිටියේ දැන් ටිකකට ඉස්සෙල්ලා ගිනි නිවන කණ්ඩායමටයි පොලීසියටයි උත්තර බැඳලා එයා හිටියේ එපා වෙලා නිසා.ඒලව පොලීසියට නොයවා බේරගත්තේ හරි අමාරුවෙන්.එසේ මෙසේ දෙයක්ද සෙනඟ ගොඩක් ඉන්න ශොපින් මෝල් එකක fire alarm එක වදිනවා කියන්නේ.ඕක නිසා ශොපින් මෝල් එකටම මේ වෙද්දි කොච්චර පාඩුවක් වෙලාද දන්නෑ මිනිස්සු ගත්ත දේවල් අරගෙනම පණ බේරගන්න දුවලා.

"ආශ්..."

එකපාරටම ඔලීවියා මේසේට ගහලා නැගිට්ටේ අනිත් අයව ගැස්සිලා යද්දි.

"දැන් නිකී කොහෙද?"

ඔලීවියා අහද්දි හැමෝම වටපිට බලන්න ගත්තා.නිකී කියලා කෙනෙක් නම් පේන මානෙක හිටියේ නෑ.



නිකීයි පොඩි ළමයයි හිටියේ random play dance තිබුන ස්ට්‍රීට් එකක.අර කේපොප් සින්දුවක් ප්ලේ වුන ගමන් ඒකේ ඩාන්සින් ස්ටෙප්ස් දන්න අය මැදට ඇවිල්ලා නටන්නේ.අන්න ඒ වගේ නිකීයි අර බෝයි BTS Boy with luv සෝන්ග් එකට ඩාන්ස් කර කර හිටියේ.ලිට්ල් බෝයි ගැන කියනවා නම් එයත් ඩාන්සින් බුලට් එකක්.නිකීට ඒක පුදුම වෙන්න ඕන දෙයක් කියලා නම් මූණෙන් පෙනුනේ නෑ.දෙන්නම එකට ගොඩක් සෝන්ග්ස්වලට ඩාන්ස් කළා වගේම ගොඩක් එන්ජෝයි කරා.

ඒ අතරේ නිකීගේ ෆෝන් එකට ඒලගෙන් කෝල් එකක් ආපු නිසා නිකී ඩාන්ස් කරන ලිට්ල් බෝයි දිහා බලාගෙනම පැත්තකට ආවා.

"කොහෙද ඉන්නේ?"

"ටවුන් එකේ..."

"අපිව හොයාගන්න බැරිවුනා නම් කෝල් එකක් දෙන්න දන්නේ නැද්ද?"

"හොයාගන්න ඕනේ නෑ"

ටික වෙලාවක් යනකන් ඒලගෙන් කිසිම උත්තරයක් ලැබුනේ නෑ.

"ශොපින් මෝල් එක ඉස්සරහ තිබුන හොටෙල් එක ඉස්සරහට එනවා"

ඒත් එක්කම ෆෝන් එක කට් වෙද්දි නිකී සුසුමක් හෙලලා පොඩි එකා දිහා බැලුවා.

"සෝහෝ...."

නිකී එයාට කතා කරද්දි එයා දිහා බලපු පොඩි ළමයා නිකී ළගට දුවගෙන ආවා.නිකී අතක් දික් කරාම පොඩි ළමයා සතුටින් නිකීගේ අතින් අල්ලගත්තා.

අනිත් අය හොටෙල් එකේ කෑමවලට පේ කරද්දි ජිමිනුයි ටේහ්‍යුනුයි කතා කර කර හොටෙල් එකෙන් එළියට ආවා.ඒත් ඒ ආපු ගමන් එයාලගේ ඉස්සරහින් සුදු වෑන් එකක් නවත්තලා එකපාරටම ඒක ඇතුළේ හිටපු කළු ඇඳගත්තු මිනිස්සු කට්ටියක් ටේහ්‍යුන්ගේ කට වහලා ඇතුළට දාන්න හැදුවේ ජිමින්වයි ටේවයි දෙන්නවම කලබල වෙද්දි.

"ඒ...ඒ...ඒ...මේ මොකක්ද කරන්නේ?"

ජිමින් ටේහ්‍යුන්ග්ව අතාරින්නේ නැතුවම කෑ ගැහුවා.

"අත ඇරපන්!"

"මොනාද හලෝ කැත වැඩ කරන්නේ? මෙතන දෙන්නෙක් ඉන්නවා පේන්නේ නැද්ද?එයාව දාගෙන යනවා නම් මාවත් දාගෙන යන්න..."

ජිමින් කියද්දි කිඩ්නැපර්ලා දෙන්නා මූණට මූණ බලාගනිද්දි දඟල දඟල හිටපු ටේහ්‍යුන්ගේ ඇස් බලාගෙන ඉදිද්දි ලොකු වුනා.ඒ සැරේ සෙට් එක ටේහ්‍යුන්ග්ව ඇතුළට දාලා ජිමින්වත් ඇතුළට දැම්මා.

"ආශ්...තල්ලු කරන්න එපා...මට නගින්න පුළුවන්.."

ජිමින් හොඳට සැප පහසුවෙන් වෑන් එක ඇතුළින් ඉදගනිද්දි ටේහ්‍යුන්ග් ඒත් ජිමින් දිහා බලන් හිටියේ පිටසක්වලයෙක් දිහා බලන ගානට.

"ආ ළමයි.....කාලෙකින් නේද?"

ඒත් එක්කම ඉස්සරහ පැසෙන්ජර් සීට් එකේ මනුස්සයෙක් එයාලා දිහා බලලා හිනාවෙද්දි ජිමිනුයි ටේහ්‍යුනුයි පුදුම වුණා.

"මිස්ටර් ලී..." (මිස්ටර් කිම්ගේ සෙකට්‍රි.දැන් මතකත් නැතුව ඇතිනේ)

"ඕහ්! මන් හිතුවේ අපිව අමතක වෙලා කියලා...එහෙම නෑනේ.."

ටේයි ජිමිනුයි ෆ්‍රීස් වෙලා වගේ බලාගෙන හිටියා.එකපාරටම ජිමින් අත්පොඩියක් ගහලා හිනාවුනා.

"ලී අන්කල්...මගෙ ෆිට් එකනේ..එහෙම අමතක වෙනවද?..."

ජිමින් කියද්දි මිස්ටර් ලීත් හිනාවුනා.

"අර මැර කොල්ලව දැලේ දාගත්තා නේද? බලන්නකෝ ඉතින් මිස්ටර් කිම්ට පොඩි පාඩුවක්ද කළේ ඔයා..."

මිස්ටර් ලී ඉස්සරහ බලාගෙන මහ හයියෙන් හිනාවුනා.

"කට්ටිය එක්ක කිම්ව විනාස කරන්න ප්ලෑන් ගහලා මෙහේ ඇවිත් විනෝද වෙනවා නේද? උදේ ඉදන්ම අපි බලාගෙන හිටියේ.අයිස්ක්‍රීම් කනවයි,මුදු දානවයි,හග් කරනවයි..."

"කිස් කරනවයි? හැපෝ ලී මහත්තයා ඒවත් බලාගෙන හිටියද?"

ටේහ්‍යුන්ග්ට නම් මේ වෙලාවේ ජිමින් ගැන තිබුනේ කොටලා කොටලා සම්බෝල හදන්න පුළුවන් තරමේ තරහක්.

"ජිමින් දන්නවද අපි දැන් ඔයාවත් කිඩ්නැප් කරනවයි කියලා...."

"ඕහ් අනේ~ මොකක්!!!!"

ජිමින් ගල් ගැහෙද්දි එකපාරටම පිටිපස්සෙන් හිටපු කළු ඇදගත්තු සෙට් එක හයියෙන් හිනාවෙලා අත්වලින් පහේ ඒවත් ගහගත්තා.

"මිස්ටර් කිම් තමුන්ලට පාඩුවේ ඉන්න දීලත් අන්තිමේ කොහොමහරි මිස්ටර් කිම් එක්කත් හැප්පෙන්නත් පටන් ගත්තා නේද?"

ටේහ්‍යුන්ග්ට තේරුමක් තිබුනේ නෑ මිස්ටර් ලී කියන්නේ මොකක්ද කියලා.

"මැර කොල්ලගේ වැඩ වෙන්න ඇතිනේ..."

"මොකක් ගැනද කියන්නේ?"

ටේහ්‍යුන්ග් හිතාගන්න බැරුව ඇහුවා.

"ආ? ටේහ්‍යුන්ග්ට මුකුත් කියලා නැද්ද? අඩුම අද නිවුස්වත් බැලුවේ නැද්ද?"

මිස්ටර් ලී අහද්දි ටේයි ජිමිනුයි මූණට මූණ බලාගත්තා.

________________

"දැන් අපිට ඉස්සෙල්ලනේ එයාලා එළියට ආවේ..."

"ජිමින් එක්ක හිටියා කියන්නේ හොඳින් වෙන්න බෑ..."

ජන්කුක් පිස්සුවෙන් වගේ එළියට ඇවිල්ලා ටේහ්‍යුන්ග්ලව හොයන්න ගත්තා.දැකපු කෙනෙක් ඇත්තෙත් නෑ.එතකොටම ජන්කුක්ගේ ෆෝන් එකට කෝල් එකක් එද්දි ජන්කුක්ට ඕක ගන්නවත් සිහියක් තිබුනේ නෑ.

"ජන්කුක් ඕක ආන්සර් කරන්න..."

යුන්ගි කියද්දි ජන්කුක් ෆෝන් එක අතට ගත්තා ඒකේ තිබුනේ නොදන්න නම්බර් එකකින් වීඩියෝ කෝල් එකක්. ආන්සර් කරපු ගමන් ඩිස්ප්ලේ එකේ පෙනුනේ දන්න කියන මූණක්.

"මිස්ටර් ලී?..."

"ආ...ජේකේ කොල්ලා...කොහොමද ඉතින්...කට්ටිය පිටිපස්සේ කිසි කරදරයක් නැතුව ඉන්නවා..."

මිස්ටර් ලී පිටිපස්සෙන් හිටපු ටේහ්‍යුන්ග්වයි ජිමින්වයි පෙන්නද්දි ජන්කුක්ගේ අත ගැහෙන්න ගත්තා.

"ප්ලෑන් සේරම සක්සස් වුනා කියලා වෙන්නැති හිතාගෙන ඇත්තේ...මිස්ටර් කිම් මේක නම් ලේසියෙන් අතාරින එකක් නෑ හරිද?..."

ජන්කුක්ට ඒ කිව්ව කිසි දෙයක් නොතේරුනත් ඒ එක්කම වගේ ටවුන් එකේ තිබුන billboard එකේ විශේෂ නිවුස් එකකට හැමෝම ඒ දිහා බැලුවා.

'බූසාන් ප්‍රදේශයේ අද දින අලුයම සිදු වූ පිපුරුමෙන් කිසිදු ජීවිත හානියක් සිදු වී නැති බවට අනාවරණය කරගෙන ඇත.මෙම පිපුරුමට තවමත් නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැති අතර මෙලෙස පිපුරුමට ලක් වූ සුප්‍රසිද්ධ ආයතනයක් වන කිම් ගොඩනැගිල්ල මේ වන විට සම්පූර්ණයෙන් නිවා දමා ඇත.කෙසේ වෙතත් මේ වන විට උණුසුම් පුවතක් වී ඇත්තේ මෙම පිපුරුමත් සමඟ කිම් ව්‍යාපාරයෙහි සැඟවුනු ක්‍රියාවන් රැසක් හෙලි දරව්වීමට ආරම්භ වී ඇත යන්නයි.දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව මෙම ගොඩනැගිල්ලෙන් සොයාගෙන ඇති මත්ද්‍රව්‍ය ප්‍රමාණය ටොන් ගණනක් ඉක්මවන බව පැවසේ.
කෙසේ වෙතත් නීතියෙන් බේරෙමින් ව්‍යාපාර කරන මුවාවෙන් කිම් ව්‍යාපාරයෙහි අයිතිකරු Kim Jayhyung මහතා ගෙන ගිය මෙම මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව වැඩි දුර පරීක්ෂණ ආරම්භ වී ඇති අතර ව්‍යාපාරිකයින් ද Kim මහතාගේ මෙම ක්‍රියාව පිළිබඳව සමාජ ජාලා ඔස්සේ අසතුට පල කිරීමට පටන්ගෙන ඇත්තේ.'

ජන්කුක් පුදුමයෙන් පුදුමයට පත්වෙලා ඒ නිවුස් එක අහගෙන ඉදිද්දි ඒ එක්කම මිස්ටර් ලී මහ හයියෙන් හිනාවෙන්න ගත්තා.

"ඔයා කරන වැඩවල අතුරු බලපෑම් ගැනත් දෙපාරක් හිතන්න තිබුනා ජේකේ..."

"දැන් මම මොකක්ද කරන්න ඕනේ කියනවා!!!!"

"තමුන් එක්ක මිස්ටර් කිම්ට ලොකු ගණුදෙනුවක් තියෙනවා.ඒ නිසා ටේහ්‍යුන්ග්ට කරදරයක් වෙන්න ඕනේ නැත්තන් තමුන් විතරක්...වි...විතරක්... ඔය ඉන්නේ...ස්..සෝහෝ!...."

එකපාරටම මිස්ටර් ලී බයවෙලා වගේ කලබල වෙද්දි මිස්ටර් ලී බලන්නේ කොහෙද බලන්න ජන්කුක් පිටිපස්ස හැරෙද්දි එතන එයාලා ළගට එන ගමන් හිටියේ නිකීයි එයාගේ අතේ එල්ලිලා හිටපු තවත් පොඩි ළමයෙකුයි.

"මගෙ පුතා!!!!"

ඒ එක්කම යුන්ගි ෆෝන් එක ඇදලා ගත්තා.

"කිම්කාරයට කඩේ යන්න ආවම පුතත් අප්පා එක්ක ආවා කියලා දන්නේ නැද්ද?..."

යුන්ගි කටකොනින් හිනාවක් දාලා කියද්දි ජන්කුක් පුදුම වුණා.

ඒ එක්කම මිස්ටර් ලී හැරුණේ ඩ්‍රයිවර් දිහාට.

"මගෙ පුතා කොහොමද මෙයාලා එක්ක ඉන්නේ?"

"එ..එයත් අද ශොපින් මෝල් එකට ආවා බොස්"

"ඒ ඇයි?"

"දන්නේ නෑ පුංචි බේබි යන්න ඕනේ කියලා වද දුන්නා...අනික සර්ට කියන්නත් එපා කිව්වා..."

"එතකොට අද දවසෙම මෙයා ශොපින් මෝල් එකේ තනියම තිබ්බද?"

"නෑ...ස්..සර්..පුංචි බේබි අපිට එන්න දුන්නේ නෑ...අපි එයා දිහා සැරින් සැරේ බලනකොට මූණෙන් හොඳයි කියලා පේන කොල්ලෙක් එක්ක හිටියේ..."

"අනෙ අම්මපා තොපි!!!!!"


"ඕහ්...මිස්ටර් ලී දැන් ඉන්නේ ටවුන් එක පහු කරන ගමන්...ඔන්න ඔන්න මේ දැන් කොත්තු කඩයක් ගාවින් වමට දැම්මා..."

මිස්ටර් ලීගේ ෆෝන් එකෙන් ඒලගේ කටහඬ ඇහෙද්දි එකපාරටම කිඩ්නැපර්ස්ලා සෙට් එක ටේහ්‍යුන්ගෙයි ජිමින්ගෙයි ඇඟවල් චෙක් කරන්න ගත්තා.අයි මීන් මොනවහරි හංගගෙනද කියලා බලන්න.

"ඒයි..ඒයි..කිචි යකූ!!! අහ්..හහ්හා...ආආආ...අතවර කරන්න එපා...ඔම්මට කියනවා..."

ජිමින් එකතැන දඟලන්න ගනිද්දි ටේහ්‍යුන්ග් අන්දුන් කුන්දුන් වෙලා ජිමින් දිහා බලන් හිටියා.එයාලා ටේහ්‍යුන්ග්වත් චෙක් කරත් ට්‍රැක් කරන මුකුත්ම අහුවුනේ නෑ.

"ඔයාලා හොයන එක බඩේ තියෙන්නේ..බඩේ...බඩ කපලා තමා ගන්න වෙන්නේ...."

ජිමින් කිසි ගානක් නැතුව කියද්දි කිඩ්නැපර්ස්ලා බයවෙලා ඔලුවවල් ශටර්වල පවා ගහගත්තා.

"වාහනේ නවත්තනවා!!!!"

මිස්ටර් ලී කෑ ගැහුව විදිහට වෑන් එක එකතැන බ්‍රේක් වදිද්දි කට්ටියවම ඉස්සරහට ගිහින් පස්සට වුනා.බ්‍රේක් වැදුන වෙලේ ජිමින් ටේහ්‍යුන්ගේ පපුවෙන් අල්ලලා ඉස්සරහට බරවෙන එක නැවැත්තුවා.

"ඇත්තටම බඩේද?"

ටේහ්‍යුන්ග් වේගයෙන් ගැහෙන හදවත අල්ලගෙන ජිමින්ගෙන් රහසින් ඇහුවා.

"නග්ගනකොටම ඔය ඔතන ඉන්න ඌරෙක් වගේ එකාගේ ඇගේ ගැහුවා.උන් උන්වම චෙක් කරන්නේ නෑනේ..."

ජිමින් වින්ක් කරලා රහසින් කියද්දි ආපහු මුකුත්ම නොකිව්ව ටේහ්‍යුන්ග් හෙමිහිට ඉස්සරහ බලාගත්තා.

"කවුද නවත්තන්න කිව්වේ? යන ගමන ඔහොම්මම යනවා...කාටහරි කරදරයක් කරන්න හිතුනොත් හරි මිස්ටර් කිම් ඉස්සරහ කට හොල්ලලා හරි තිබුනොත්..."

එහෙම කිව්ව ඔලීවියා ෆෝන් එක අතේ තියාගෙන ළමයා ළගට පාත් වුනා.

ඒ එක්කම බෝයි ඩිස්ප්ලේ එකෙන් පේන අප්පව දැකලා අත්පොඩි ගැහුවේ අප්පව අඳුරගෙන.

"ආ...අනික ටේහ්‍යුන්ග්ට හොඳට රසට කෑම එහෙම දෙන්න අමතක කරන්න එපා..බිකෝස් එයා ප්‍රෙග්නට්...."

ඒලත් වීඩියෝ එකට පැනලා කියද්දි ඒ මිස්ටර් කිම්ගේ දුව කියලා දැකපු මිස්ටර් ලීට හාටටැක් වගේ ආවා.ඒ වෙලාවේ තමයි තමන්ගේ පුතා එයාලා එක්ක ඉන්න හේතුව හොඳටම තේරුම් ගත්තේ.මොකද මිස්ටර් ලීගේ ෆැමිලි එකත් ඉන්ග්ලන්ඩ් ගියහම සෝහෝ නිකී එක්ක ගොඩක් එකතු වුනා කියලා මිස්ටර් ලී හොඳටම දැනගෙන හිටියා.

ඒ අතරේ ජන්කුක්ට දැනුනේ පිටසක්වල හැඟීමක්.ආ ඒ විතරක් නෙවෙයි.බෝගම් මින්හෝ යූනා තුන්දෙනත් හිටියේ තනිකරම පිටසක්වල වයිබ් එකේ.

_________________________________________________

යූනගෙයි ඒලගෙයි ෆයිට් එකයි එලාම් එක වැදුන එකයි ප්‍රපෝසල් එකයි එහෙම ප්ලෑන් නෙවෙයි. ඔව්වා තමා මෙච්චර කල් යුන්ගිලා හොරෙන් හොරෙන් ප්ලෑන් කරලා තියෙන්නේ😌

පරිස්සමින් ඉන්න👋♥️

Continue Reading

You'll Also Like

430K 10.9K 60
Lady Florence Huntingdon, daughter of the well-known and more importantly, well-respected Earl and Countess Huntingdon is stepping into the 1813 marr...
587K 18K 75
Hiraeth - A homesickness for a home to which you cannot return, a home which maybe never was; the nostalgia, the yearning, the grief for the lost pla...
1.9M 85.3K 192
"Oppa", she called. "Yes, princess", seven voices replied back. It's a book about pure sibling bond. I don't own anything except the storyline.
395K 19.1K 81
Kang y/n was always been the black sheep of the family. Overshadow by her extremely talented, gorgeous sister Roseanne . Who has the world revolve a...