𝐄𝐕𝐈𝐋 𝐀𝐍𝐆𝐄𝐋(𝖳𝖪)

By Dul_Shi

51K 8.1K 3.3K

ඩැඩී ... ඩැඩී ...??? ජස්ට් ෆලෝ මී ... ආෂ් මොන කරදරයක්ද මේක ... ______________________________________________... More

INTRO
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
👀
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 33
Chapter 34

Chapter 32

587 114 57
By Dul_Shi

"මිසිස් කිම්...අපි මේක ගැන මීට වඩා පැහැදිලිව කතා කරමු...."

"ඩෝන්ට් කෝල් මී මිසිස් කිම්!!!...."

අලුත් මිසිස් කිම්ගේ වොයිස් ඇක්ෂන් එකට හැමෝවම ගල් ගැහිලා ගියා.මේ ආපු අයව ගෙටත් අරගෙන තේත් දුන්නට පස්සේ අලුත් මිසිස් කිම් මොනාදෝ බහුබූතයක් ගැන කියවන්න අරගෙන හරියට අගක් මුලක් තේරුනේ නැති නිසා පරණ මිසිස් කිම් ඒ කියන්නේ අපේ ටේගේ ඔම්මා අන්දුන් කුන්දුන් වෙලා ප්‍රශ්නේ පැටලිලි ටික ලිහාගන්න හැදුවත් ඊටපස්සෙ ඒ අලුත් මිසිස් කිම්ම කිව්ව කතාවට එතන හිටපු හැමෝටම හිතුනේ එක් දෙයයි.

"කිව්වනේ මම මුන් අංගොඩින් පැනලා පොශ් පීපල්ලා වගේ ඇවිල්ලා තියෙන හෝන්තු ටිකක් කියලා....ඇයි වදේ ටිකකට ඉස්සෙල්ලා එයා මිසිස් කිම් කියලා එයාම ඉන්ට්‍රොඩියුස් කරලා දැන් එයාම කියනවා එයාට මිසිස් කිම් කියලා කතා කරන්න එපාලු...ඒ මදිවට අර මේකප් අක්කා...."

"මට පේන්නේ එයා ගොඩක් බාලයි වගේ...."

"හරි මේකප් නංගි...නිකන් අලුත් ග්‍රහලෝකෙකට කඩාගෙන පාත්වෙලා වගේ අපි දිහා බලන්නේ...අර දැන් ජන්කුක් දිහා බලාගෙන....මන් ටිකකට ඉස්සෙල්ලා දැක්කා ඔයා දිහත් බලන් ඉන්නවා....මාත් අහම්බෙන් දැක්කා මන් දිහත් බලන් ඉන්නවා...වට් ද ෆ්.... හෙක්!...."

අන්‍තිම වචන ටික එරික්ගේ කටින් ටිකක් සද්දෙන් පිට  වුනත් ජින් හිටියේ වෙන සිහියක.මොකද මේ තරම් ප්‍රශ්න තියෙන අස්සේ නොදන්න ගෑනු ගෙවල්වලට ගොඩ කරගෙන ගහෙන් වැටිලා හිටපු මිනිහට ගොනා ඇන්නා වගේ වෙයිද කියලා.මොකද ජින්ට ඒ වෙද්දිත් තේරිලා තිබුනේ අමුත්තො තුන්දෙනාට මිස්ටර් කිම් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා.

"මට ඉෂිතා කියලා කතා කරන්න...බිකෝස් අයි හේට් කිම්ස්..."

"ඉෂිතා?...."

ටේහ්‍යුන්ගේ ඔම්මා ඇරෙන්න ගෙදර උදවිය හැමෝම ඇස් උඩ තියාගෙන කෑ ගැහුවා.ඒත් එක්කම එරික් ජින් ළගට ළං වුනා.

"අඩේ...මෙයා එංගලන්තේ හිටියට ඉන්ඩියන්ද කොහෙද....බල්ලා කොහෙද දන්නෑ....."

ජිනුත් ඇස් පොල් ගෙඩි කරගෙන ලේඩි දිහා බලාගෙන හිටියා.

"බල්ලා?....."

"ඉෂිතගෙ මනුස්සයා බල්ලනේ....."

එරික් අහද්දි ජින් ඔලුවට අත ගහ ගත්තා.

"බල්ලා නෙවෙයි බන්...බල්හා බල්හා...."

"ආහ්...බල්හා...."

"මේ නම් ජේහ්‍යුන්ග් බල්ලගේ දෙවෙනි කසාඳේ....."

"ඕ එහෙමත් එකක්ද?...."

"සේහුනි...ඈම් අයි රයිට්?...."

මිසිස් ඉෂිතා විනීතව කතා කරද්දි ටේහ්‍යුන්ගේ ඔම්මා එක දිගට ඔලුව වැනුවේ ටිකක් බය වෙලා වගේ.

"ඔයා දැනටම දන්නවනේ මම කවුද කියලා....ඒ වුනාට මම කැමතියි ඔයා මන් ගැන වැරදියට හිතන්නේ නැතුව ඉන්නවා නම්...."

"ඒ කිව්වේ මිසිස් ඉෂිතා...."

"ජේහ්‍යුනුයි මායි හම්බුනේ ඉන්ඩියාවල බිස්නස් පාටි එකකදි....අප්පා මාව එයාට ඉන්ට්‍රොඩියුස් කරලා දෙද්දි මට නිකන්ම එයා ගැන කැමැත්තක් ඇතිවුනා...බොරු කියන්න ඕනේ නෑ දැන් ඔය කෙස් ගහක් එහෙම සුදුවෙලා තිබුනට ඒ කාලේ මාර හැන්ඩියනේ...ඉතින් මම අප්පට කිව්වා ජේහ්‍යුන්ග් ගැන...මේ මිනිහත් කිව්වා මාව කසාඳ බදින්න කැමතියි කියලා...අපි මැරි කරලා ඉන්ග්ලන්ඩ් ගියා...ඇත්තටම එයා හොඳ හස්බන් කෙනෙක් වුනා...අපේ කම්පැනි එකේ ශෙයාර්ස් ගොඩක් එයාට අයිති වුනා... මෙයා කොරියන් යනවා...ඉන්ග්ලන්ඩ් එනවා...කොරියන් යනවා...ඉන්ග්ලන්ඩ් එනවා...ඒ ඉන්නකොට තමයි අහම්බෙන් මම සේරම දැනගත්තේ......"

මිසිස් ඉෂිතගෙ කටහඬ බිදෙද්දි බෑග් එකෙන් ටිෂූ එකක් ගත්තු ඉෂිතා නහය හූරලා දැම්මේ හැමෝම ඊළග වචනය එනකන් කුතුහලයෙන් බලාගෙන ඉදිද්දි.ආපහු නහය උඩට ඇදපු ඉෂිතා.....

"එතකොට තමයි මම දැනගත්තේ මේ මිනිහා මාව  කසාද බදිද්දිත් ඕල්රෙඩි මැරීඩ් කියලා...ඒ වගේම එයා ඒ ලේඩිට ඩිවෝස් එක නොදීම ළමයි එක්කම අත ඇරලා දාලා කියලා...මට කරකියා ගන්න දෙයක් නැතිවුනා...අපිට ළමයි දෙන්නෙකුත් ඉන්නවා....හැබැයි එයා මේ දෙන්නට ගොඩක් ආදරෙයි...මම සේරම දැනගෙන කියලා දැනගෙන ඒ ගල් මූසලයා මාව හිතාගන්න බැරි විදිහට හැම පැත්තකින්ම හිර කළා...අන්තිමේ ළමයිනුත් එකට එක කියාගෙන යද්දි කවදාවත් නැතුව එයාලටත් සැර කරා...අපිට ඉන්ග්ලන්ඩ්වලින් යන එක පවා කරන්න බැරිවුනා...මන් කවදාවත් එයාගේ දැක්කේ නැති පැත්තක් දැක්කා...එතකොට තමයි දූගේ යාලුවෙක්ගේ උදව්වකින් අපි හොරෙන්ම කොරියාවලට පැනලා එන්න විදිහක් හොයාගත්තේ..."

ඉෂිතා සේහුනිගේ අත් දෙකෙන් අල්ලගත්තා.

"මේ මිනිහගෙන් ගැලවෙන්න මට ඔයාගේ උදව් ඕනේ සේහුනි...."

"මිසිස් ඉෂිතා ඒ කියන්නේ ඔයාලා මේ ගෙදර හොයාගෙන ආවට මේ ගැන මිස්ටර් කිම් මුකුත්ම දන්නේ නෑ නේද?...."

ජන්කුක් අහද්දි ඉෂිතා ඔලුව දෙපැත්තට වැනුවාම තමයි හැමෝටම මෙච්චර වෙලා තිබුන ලොකු බරක් නිදහස් වුනේ.ඊටපස්සෙ ඉෂිතා නහය අදින සද්දෙ ඇරෙන්න හැමෝම අතරේ තිබුනේ ලොකු නිහැඩියාවක්.අලුතෙන් ආපු බෝයි නම් පාඩුවේ පැත්තකට වෙලා ෆෝන් එකම ඔබ ඔබ හිටියා.ඒ අතරේ ජන්කුක් දැක්කේ නෑ වශී වුන ඇස් දෙකක් එයා ළග නතර වෙලා තියෙනවා කියලා.

ඒත් එක්කම සේහුනී කතා කරා.

"ඒ කියන්නේ අපි දෙන්නම රැවටිලා එහෙම නේද?......"

ඉෂිතා ඔලුව වනද්දි සේහුනී ලාවට හිනාවුනා.

"එයා මේ සේරම අපේ ළමයි වෙනුවෙන් කරන්නේ කියලා කිව්වත්....මේ තරම් වංචාවක්? ඒකත් පවුල් දෙකක් තියාගෙන සෙල්ලම් කරන්න තරම්?...."

ටික වෙලාවක් හැමෝම අතර පැවතුනේ නිහඬතාවයක්.ඒ අතරේ ජන්කුක් හෙමිහිට කාමරේ ඇතුළට ගියා.



"කවුද ඇවිල්ලා තියෙන්නේ?....."

"ආපු කෙනා කවුද කිව්වට පස්සේ ලොකු කතාවක් ඔයාට කියන්න වෙනවා....මන් පස්සේ කවුද කියලා කියන්නම්...ඔයා වොශ් දැම්මද?...."

ජන්කුක් ටවල් එක අතට ගන්න ගමන් කිව්වේ ඇඳේ  බ්ලැන්කට් එක නවන ටේහ්‍යුන්ග්ට.

"හ්ම්ම්...."

ටේහ්‍යුන්ග් ටිකක් අවුලෙන් වගේ හුස්මක් හෙලන ගමන් ඇදෙන් වාඩිවෙනවා දැකලා ජන්කුක් ටිකක් කලබල වුනා.

"ටේ.....ඇයි මේ?...."

"කුකී..."

ටේහ්‍යුන්ග් කතා කරද්දි ජන්කුක් ටේහ්‍යුන්ග් ළගට ඇවිත් එයාගේ අත් දෙක අල්ලගෙන ඇදෙන් වාඩිවුනා.

"ම්ම්...මොකක්හරි ප්‍රශ්නෙකින්ද?...."

"මාව චෙක් කරන ඩොක්ටර් හෝසෝක් ගෙදරටම එනවා...."

"ඔව්....ඉතින්...."

"අපේ දරුවව චෙක් කරන ඩොක්ටර්වත් ගෙදරටම ගෙන්නගන්නවා....."

"ඔව් මැණික...ඇයි එතකොට ඔයාට හරියට ට්‍රීට්මන්ට්ස් හම්බවෙන්නේ නෑ වගේ කියලා හිතෙනවද?...."

"ඔයා හැමදාම වගේ කොහේහරි යනවා......"

ජන්කුක්ට තාම හිතාගන්න බෑ ටේහ්‍යුන්ග් කියන්න හදන්නේ මොකක්ද කියලා.

"ජිමිනුත් යුනි හරි යනවා...යුන්ගි හියුනුත් එයාගේ ජොබ් එකට යනවා....මාර්කුත් එයත් එක්ක යනවා.....ජින් හියුනුත් ඉදලා හිටලා කැෆේ එකේ වැඩ බලන්න යනවා...ජූන් හියුන්ත් එයාගේ කම්පැනි එකට යනවා....ඔම්මත් මොනාහරි බඩුගේන්න හරි ගෙදරින් එළියට යනවා....මම විතරයි මෙහෙම ගෙදරට වෙලා නිකමා වගේ ඉන්නේ!...."

අන්තිම ටිකක් කෑ ගහලා වගේ මූණත් ඇඹුල් කරගෙන කියද්දි ජන්කුක් ටිකක් පුදුමයෙන් බලාගෙන හිටියා.ඒ වුනාට එකපාරටම ටිකක් හිනාවුන ජන්කුක්......

"ඇයි එරික්...එයත් ගෙදරමනේ......"

"ආහ්!!!...එයත් ඉදලා හිටලා කඩේට හරි යනවනේ...මෝඩයා...."

නියපොතු විලිස්සගෙන කියුට් රිඇක්ෂන් එකක් දැම්ම ටේ අතට අහුවුන කොට්ටෙන් අරන් ජන්කුක්ට ගැහුවා.

"හා...හා...හරි හරි මට තේරෙනවා....දැන් ටේ කියන්නේ ඔයාට කොහේහරි යන්න ඕනේ කියලද?....."

තොල් පෙරලන් හිටපු ටේහ්‍යුන්ග් කම්මුලුත් රතු කරගෙන ඔලුව එක දිගට නවද්දි ජන්කුක්ට ටේහ්‍යුන්ග්ව තේරුනා.ඒ වුනාට මෙතන ප්‍රශ්නයක් තියෙනවනේ.

"මැණික....ඔයා දන්නවනේ ඔයාගෙම ආරක්ෂාවට කියලා අපි ඔයාව ගෙදරම තියාගෙන ඉන්නේ කියලා....එදා වෙඩින් එක දවසේ අපි පැනගත්තේ නැත්නම් මොනවා වෙයි කියලා හිතනවද? දැන් මම වෙන්නැති කිම්කාරයගේ ලොකුම තරහකාරයා...මම හිතන්නෑ එයා වැඩේ අතෑරලා ඇතියි කියලා...."

ජන්කුක් කියද්දි ටේහ්‍යුන්ග් ජන්කුක්ට තුරුලු වුනා.

"ඒ වුනාට මට ගෙදරම ඉදලා එපා වෙලා කුකී......"

ටේහ්‍යුන්ග් කියන කතාවත් ඇත්ත.කවුද කැමති පැය විසිහතරම ගෙදරටම වෙලා වැඩක්වත් නොකර ඉන්න.(මේක ටයිප් කරන කෙනා නම් උඩින්ම කැමතියි) ජන්කුක්ට ටේහ්‍යුන්ගේ තත්වේ හොඳටම තේරුනා.

"හ්ම්ම්...අපි බලමුකෝ...මන් වොශ් දාගෙන එන්නම්......"

ටේහ්‍යුන්ගේ නළලින් හාදුවක් තියලා ජන්කුක් ටේහ්‍යුන්ග්ව එහාට කරලා වොශ්රූම් එකට ගියා.







"ආහ්...මගෙ ඔලුව පැලෙන්න වගේ...හහ්...හචියම්මා!!!!.."

බෙඩ්ශීට් එක ඔලුවේ ඉදන්ම පෙරවගෙන ආපු ජිමින්  පඩිපෙළෙන් බහින ගමන් නිදිමත තෝන්තුවෙන්ම බැලුවේ සාලේ හිටපු අලුත් මූනූ ටික දිහා.

"හහ්...හාචින්!....අම්මෝ හෙම්බිරිස්සාවත් වගේ...."

හැමෝම ලොකු කතාවල්වල.ගෙදර ඔම්මයි,ජිනුයි තවත් ලේඩි කෙනෙක් එක්ක කතා කර කර ඉන්නකොට එරික් හිටියේ සෝෆා එකේ ඉදගෙන හෙඩ්සෙට් ගහගෙන ඇස් පියාගෙන හිටපු බෝයි දිහා බලාගෙන. මොනවද වෙන්නේ කියලා හිතාගන්න බැරුව ඉතුරු ටිකෙත් ඇස් දෙක කරකවද්දි එකපාරටම එක තැනක නතර වෙලා ඒ ඇස් දෙක පතාන් සයිස් වුනා.

"ම්..මේ කවුද?..."

යුන්ගි ළගින් වාඩිවෙලා එයත් එක්ක කතා කරන ගමන් හිටියේ ගර්ල් කෙනෙක්.යුන්ගිත් හිටියේ එයත් එක්ක ලොකු වැදගත් සාකච්ඡාවක වගේ.ඒ ගර්ල් ටිකක් වෙස්ටර්න් ස්ටයිල් එකට හිටියත් එයාට තිබුනේ අමුතුම පෙනුමක්.ටිකක් සවුත් ඒෂියා ගර්ල් කෙනෙක් වගේ.ගර්ල් කොහොම එකියක් වුනත් යුන්ගි එක්ක අර විදිහට ඇලිලා ගැලිලා කතා කරන එක ගැන එයාට තිබුනේ එසේ මෙසේ පුදුමයක් නෙවෙයි.ඇත්තටම ඇලිලා ගැලිලා හිටියේ නෑ.ජිමින්ට වැඩියෙනුත් එක්ක පේනවා ඔය වගේ වෙලාවල්වලට.

'මම කවදාවත් දැකලා නෑනේ යුන්ගි මේ විදිහට ගර්ල්ස්ලත් එක්ක ඉන්නවා....පවුල පිටින් වගේ ඇවිල්ලා තියෙන්නේ ප්‍රපෝසල් එකක්වත් අරන්ද?...ඕ...හෝ...දැනුයි මට තේරෙන්නේ අපි දෙන්නගේ සම්බන්ධේ කාටවත් කියන්න එපා කිව්වේ ඇයි කියලා... මුට වෙන ප්ලෑන් එකක් තිබිලා තියෙන්නේ...කට කොර මාපිලා...මන් හිතන්නේ මම ඌ ගැන සේරම ඇත්ත දැනගත්ත නිසයි එදා මට කැමතියි කියලා මාවත් බොරුවට නම්මගත්තේ...අ..අනේහ්...මන් එයාට ඇත්තටම කැමතියි වගේ දැනුනනේ...'

ඒ අස්සේ ජිමින්ට යුන්ගි කුර්තා එකක් ඇදලා මල් මාලයක් බෙල්ලෙ දාගෙන සාරියෙන් මූණ වහගෙන හිටපු ගර්ල්ගේ අතින් අල්ලන් ගිනි මැලයක් වටේ වට හතක් යනවා පේන්න ගිහිල්ලා ඔලුව ගස්සගෙන හරි සිහියට ආවා.


"ගොට් ඉට්!!!!!!!!...."

එකපාරටම යුන්ගි ළග හිටපු ගර්ල් කෑගහලා උඩ පැනගෙන සෝෆා එකෙන් නැගිට්ටා.හැමෝම හිටියේ එයාලගේ කතාවල්වල නිසා කිසිම රිඇක්ෂන් එකක් නැතිවුනත් ජිමින් ඕනකමින් බැලුවා.හැබැයි කියවන ඒවා ඇහුනේ නෑ.ඊටපස්සෙ ඒ ගර්ල් මොනාහරි කිව්වා.යුන්ගිත් ටිකෙන් ටික පුදුම වුනා.ඒ වෙලේම වගේ නැගිට්ට යුන්ගි ඔම්මා එක්ක කතා කර කර ඉදපු ලේඩි දිහා බලලා ඉක්මනින් ඒ ගර්ල්ගේ අතින් අල්ලගෙන කිචන් එක පැත්තට ඇදගෙන ගියේ ජිමින්ට හාටටැක් වගේ එන්න ගනිද්දි.

"ඒ..ඒ කියන්නේ ඔයා මාව රවට්ටනවද යුන්ගි? අනේ මට දුකයිනේ..."

බෙඩ්ශීට් එක ඉබේම බිම අතෑරපු ජිමින් ගල් ගැහිලා වගේ අර යන ඩබල දිහා බලන් හිටියා.

'ඉදපන් තෝ කොහොම එකෙක් වුනත් මේ පාර්ක් ජිමින් ජීවත්වෙලා ඉන්න තාක්කල් ඔහෙට වෙන සක්කරවට්ටම් බැඳගන්න වෙන්නේ නෑ...හොට රතු තිලාපියා...'

ආපහු බෙඩශීට් එක පොරවගත්තු ජිමින් අනිත් අයව මග ඇරලා කිචන් එක පැත්තට ගිහිල්ලා බිත්තියට හේත්තු වෙලා අහගෙන හිටියා.

"මොකද මෙහෙට ඇදගෙන ආවේ...."

"හැන්ඩ්සම් බෝයි කිව්වේ ජන්කුක් ගැනද?...."

"ජන්කුක්?...ඈස් අයි තින්ක් හී ඊස් ජේකේ...අප්පා එයාව එක්කගෙන සැරයක් ඉන්ග්ලන්ඩ් ගෙදර ආවා...ඔම්මලට එයා ගැන එහෙම මතකයක් නැතුව ඇති...ඒ වුනාට මට එයාව දැක්ක ගමන් අදුරගන්න පුලුවන්.....එයා මොනවද මෙහේ කරන්නේ?..."

ගර්ල් ජන්කුක් ගැන ටිකක් බයෙන් වගේ කතා කරේ කියලා ජිමින්ට වොයිස් එකෙන් තේරුනා.

"ම්ම්ම්....අඳුරගනී කියලා වෙන්නැති ජන්කුක් රූම් එකට යන්නැත්තේ....හැබැයි එයා දැන් ඔයාලා හිතන විදිහෙ කෙනෙක් නෙවෙයි...ඒ මගෙ බාල සහෝදරයා...."

"වට්? ඔයාට සහෝදරයෝ ඉන්නවා කියලා මට කලින් කියලා නෑනේ...."

'මොකක්? මෙයාලා නිකන් කතා කරන්නේ ඉස්සෙල්ලා ඉදන්ම දන්නවා වගේනේ....'

ජිමින් කෙල ගුලියක් ගිලුවා.

"ඔව්..ඔව්...ලොකු කතාවක් තියෙනවා මේ සේරම පිටිපස්සේ...මම පස්සේ කියන්නම්...ආන්ටිලා ඉස්සරහ එයා ගැන කතා කරන්න යන්න එපා...ජන්කුක්ටත් අපි දන්නවා කියලා අඟවන්න එපා..."

ඊටපස්සෙ ටික වෙලාවක් කිසි සද්දයක් බද්දයක් නැතුව තිබුනා.ආපහු ඇහුනේ යුන්ගිගේ කටහඬ.

"මොනාද බලන්නේ?...."

"හහ්....කොල්ලා වෙනස් වෙලා තියෙන විදිහ බැලුවේ...හැන්ඩ්සම්...."

'මුගෙ අප්පට...'

"කොරියාවල හැන්ඩ්සම් වෙන එක නෝර්මල් දෙයක්ද? මෙහේ ඉන්නේ මාර හැන්ඩ්සම් කියුට් බෝයිස්ලනේ...දොර ඇරපු ගමන් ජේකේ....."

"ජන්කුක්..."

"සොරි...ජන්කුක්ව දැකලා මාව දියවෙලා ගියා...ඊටපස්සෙ ඇතුළට ආවම කියුට් පෙනුමක් තිබුනු බෝයි කෙනෙක් හිටියේ...කවුද ඒ?..."

"මන් දන්නෑ බන් ඔහොම කිව්වට..."

"අර අපෙ මල්ලි එක්ක කතා කරන්නේ...."

"එරික්ද?...."

"ආව්ස්...එයත් පට්ට ලස්සනයි හලෝ...අර ඔම්මා එක්ක කතා කරන බෝයි...අම්මෝ බීටීඑස් වර්ල්ඩ් වයිඩ් හැන්ඩ්සම් වගේ...."

'හප්පා...මේකිට එක හිතක් නැද්ද?....'

"හා...හා...ඉන්න එකා මදිද? අනුන්ගේ මිනිස්සුන්ට පැණි හලන්නැතුව හිටපන්...."

'නෝවේ.....'

ජිමින්ව ගල් ගැහිලා හිතුවා විතරයි....

"හහ්...හහ්...හචින්!!!...."

ජිමින්ගේ ඔරලෝසුව හොඳ නෑ.සීන් එක අමු අමුවෙම කා ගත්තේ කිවිසුමක් ගිය නිසා.ඕනම දේකට තැනේ හැටියට වැඩේ සෙට් කරගන්න පුලුවන් හැකියාවක් තිබුන ජිමින් ඉක්මනට බෙඩ්ශීට් එක පොරවගෙන ඒ වෙලේ එනවා වගේ කිචන් එකට එද්දි අර ගර්ල් ටිකක් කලබල වෙනවා වගේ දැක්කා.

"ආ...කොයි වෙලාවෙද ආවේ?...."

'ආපු වෙලාවක් බැලුවේ නෑ යකෝ...කරන්න දෙයක් නෑ සේරම අහගෙන තමයි හිටියේ...මොකෝ නලියන්නේ? අර ගෑනි මගෙ මිනිහව අල්ලගෙන හොරෙන් අහුමුලුවල් අස්සේ ලව් කරලා...ඉඤ්ඤ එකා මැජිජ තමා...ඇයි ඒකිට මදි නම් තව ඔහේ හොයාගන්නද තවුසෙටත් එක්ක...නෙද්දකින් මීහරක් උගුඩුවා...ඉදපන් යුන්ගි තවුසේ මට කරපු මේ අපරාදෙට මම බොටත් හරියන්න දෙන්නේ නෑ....'

ඒ එක්කම ජිමින් දැක්කා ගර්ල් බයවෙලා වගේ යුන්ගි දිහා බලනවා.යුන්ගි ඇස් දෙක පියාගෙන මොකක්හරි සන් කරා.

නිදිමත තෝන්තුවෙන්ම වගේ යුන්ගි ළගට ගියපු ජිමින් යුන්ගිගේ අතකින් එල්ලිලා කෙඳිරි ගගා ඔලුව උරහිසින් තියාගෙන ඇස් පියාගත්තා.

"ම්ම්ම්....හියුන්ගි....ඉම්බිරිස්සාව වගේ..."

ඒ වුනාට එතන වුන රිඇක්ෂන් එක ජිමින් හිතුවා වගේ එකක් නෙවෙයි.ජිමින් බැලුවේ අර කෙල්ල 'යුන්ගි!!!! මේ කවුද?......' කියලා ගිරිය පලාගෙන බෙරිහන් දෙයි කියලා.ඒ වෙනුවට ඇහුන යුන්ගිගේ giggling නම් ජිමින්ට ඇල්ලුවේ නෑ.

"මොකද මේ? ආපහු අර බොරු ස්පේස් එක වහගත්තද?...."

"වෙයිට් අ මිනිට්! ජිමින්????...."

එකපාරටම ඒ ගර්ල් කියද්දි ජිමින් උඩ ගිහිල්ලා ඇස් දෙක ඇරියා.ඒ කන්වර්සේශන් ඇතුලේ තමන්ගේ නම කියන කතාවක් නම් කොහෙන්වත් ඇහුනේ නෑ.එයා කොහොමද මේ ජිමින් කියලා දන්නේ.

"ඔයා මෙයාව දන්නෝද?...."

කලින් යුන්ගි එක්ක කෙල්ලෙක් ඉන්න නිසා ඒ ගැන ඇස් කර කව කව බැලුව මිසක් කෙල්ල කවුද කියලා බලන්න වුවමනාවක් වුනේ නැති නිසා දැන් තමයි ජිමින් හරියටම ඒ ගර්ල්ව දැක්කේ.

'ඒලා.....'

"මේ මගෙ බෝයිෆ්‍රෙන්ඩ් වගේ තමා....මොනාවුනත් මට හිතගිය පළවෙනිම බෝයි මෙයා...අම්මෝ ෆිල්ටරින්වලට නම් ලෙජන්ඩ් කෙනෙක්ද කොහෙද?...."

ඔව් දැන් හැමෝටම පේනවා ජිමින් ගහපු බෝලෙ ගෝල් කණුව ළගටම ගිහිල්ලා ගෝල් කණුවේ වැදිලා ඒ වේගෙන්ම තමන්ගේ පැත්තට කරකැවිලා ඇවිල්ලා අහවල් එකටත් කෙල ගෙන යනවා වගේ ෆීලින් එකක් ජිමින්ට දැනෙනවා කියලා.

"ඇ...ඇත්තටම ඒක...."

"මෙහෙමයි අපි හම්බුනේ ආමි ගෘප් එකකින් හරිද...මෙයත් හියුජ් ෆෑන් කෙනෙක්...ඊටපස්සෙ අපි පර්සනලි චැට් කරන්න අරගෙන අපි ගොඩක් ක්ලෝස් වුනා...මාත් එක්ක වීඩියෝ කෝල්ස් පවා ගත්තා...මට බේබි කියලා පවා කතා කළා අම්මෝ...ආහ්..."

ඒලා දරාගන්න බෑ වගේ වැටෙන්න ගිහිල්ලා ආපහු කෙලින් වුනා.

"හැබැයි වැඩේ කියන්නේ ඒ විඩීයෝ කෝල්වල කොණ්ඩේ ජෙල් ගාලා සන්ග්ලාස් දාගෙන රෝයල් ප්‍රින්ස් කෙනෙක් වගේ හිටියා හැබැයි..."

ඒලා කලවැද්දෙක් වගෙ බලන් ඉන්න ජිමින් දිහා බලාගෙන කියලා ආපහු කතා කරා.

"හැබැයි ටික කාලෙකට ඉස්සෙල්ලා එකපාරටම අතුරුදහන් වුනා....."

"ම....මම හිතන්නේ ඔයාට වැරදීමක් වෙලා මිස්...."

ජිමින් වචන එකතු කරගන්න ගමන් කියද්දි ගර්ල් හිනාවුනා.

"අවුරුද්දක් විතර චැට් කරපු මටද ඔයා ඔහොම කියන්නේ ජිමින් ඔප්පා....ඔයාගේ නම ජිමින්නේ...ඒකත් පාර්ක් ජිමින්නේ..."

"නෑ...එයා දැන් මින් ජිමින් වෙලා ඉන්නේ...."

අතිශය උද්වේගකාරී මොහොතක්.යුන්ගි ජිමින් දිහා බලාගෙන හිටියේ කෑලි කෑලිවලට කපලා ගිලලා දානවා වගේ.ජිමින් හරිම අමාරුවෙන් awkward විදිහට හිනාවෙලා යුන්ගිගෙන් ඈත්වෙන්න හැදුවත් යුන්ගි හිටියේ ජිමින්ගේ කර වටේ අත දාගෙන.ඒලා පුලුවන් තරම් වගේ හිනාව නවත්තගෙන ඉදලා එකපාරටම අත්පොඩියක් ගැහුවා.

"ආහ්...ඔයා මෙයා ගැනද කිව්වේ එතකොට? ඔයත් එක්ක ඉද්දි නම් එයා මාර කියුට්....පර්ෆෙක්ට්ලි මැච් වෙනවා...පර්ෆෙක්ට්...පර්ෆෙට්...."

"අර කියන්නේ ඇත්තද?...."

"ඒක...මෙ...මෙහමයි හියුන්...."

"මට ඕනේ එක උත්තරයයි...ඔව්ද? නැද්ද?...."

"ඔව්...ඒ වුනාට ඒ ක~……………"

"මන් ඔයත් එක්ක පස්සේ කතා කරන්නම් ඒලා...තමුන් එනවා මාත් එක්ක..."

යුන්ගි ජිමින්ව ඇදගෙන යද්දි ඒලා හිනාවෙලා ආපහු සාලෙට ගිහින් වාඩි වුනා. මෙච්චර වෙලා මූණ දිහා බලන් හිටපු එරික් අර හෝන්ටඩ් කොල්ලට කතා කරා.

"අර ඔයාගේ අක්කද නැත්තන් නංගිද?....."

"අක්කා..."

"එයා මොකද අර තනියෙම අපේ කිචන් එක පැත්තේ ඉදන් එන්නේ...."

"මන් කොහොමද දන්නේ?....."

"ඔයා එයාට කැමති නෑ වගේ....."

"මන් මොකටද කැමති වෙන්නේ....මම එයාගේ මල්ලි...."

ඒ කොල්ලට ෆෝන් එකෙන් මූණ අහකට ගන්න ඕනකමක් නම් තිබුනේ නෑ වගේම ඒ උත්තරේට එරික්ව හෝන්දු මාන්දු වෙලා ගියේ මුගෙ ගෑස් යකෝ වගේ බලන ගමන්.

"ඔයාගේ නම මොකක්ද?...."

"නිකී...."

"වයස?...."

"17යි....."

එරික් ඔලුව වන වන ආපහු ලූලා දිහා බැලුවා.ඒත් එක්කම බෝයි එතනින් නැගිටලා හූඩ් එක ඔලුවට දාගත්තා.

"පරිස්සමින්...එයාට කොරියන් බෝයිස්ලා පේන්න බෑ....."

නිකී එතනින් යද්දි එරික් ඔලුව කස කස හිතන්න ගත්තා.ඒලට ගොඩක්ම තිබුනේ එයාගේ ඔම්මා වගේ ඉන්ඩියන් ලුක් එකක්.එයා ගොඩක් මේකප් පාවිච්චි කරන්නෙත් ඒ නිසා වෙන්නැති.හැබැයි කොරියනුත් මික්ස් වෙලා එයාගේ ඇටිටියුඩ් එකත් එක්ක ඇත්තටම එයාට කියුට් බියුටි එකක් තිබුනා.එතකොට නිකීට තිබුනේ කොරියන් ලුක් එකක්.හීනි ඇස් එක්ක pale skin එකක්.



"ඇයි ඔයා එයාට අපි ගැන කිව්වේ? ඔයාගේ සේරම වැඩ  හරියනකන් ඔයාමයි නේද කිව්වේ ඔයාගෙන් ඈත්වෙලා ඉන්න කියලා...."

තමන්ව ඇදගෙන යන යුන්ගිගෙන් ජිමින් ඇහුවේ කතාව මොන ඉටිගෙඩියක් හරි කරලා වෙනස් කරන්න.

"ඉතින් දැන් මමද අතන අර කෙල්ලත් ඉදිද්දි ඇගේ ඇලෙන්න ආවේ?...අනික තමුන් දන්නවද තමුන් ඊයේ රෑ හැමෝම ඉස්සරහ මට තමුන්ව කිස් කරන්න කිව්වා කියලා...."

කෙල ගුලියක් ගිලුන ජිමින් කිව්ව විදිහ මතක් කරගන්න මනෝ පාරක් ගැහුවත් එයාට අන්තිමට මතක තිබුනේ මොකක්ද ගේම් එකක් පටන් අරගෙන ඒක මැදදි එයා වෙන පැත්තකට ගිහිල්ලා බෝතලේකට කෙලපු විදිහ විතරයි.

"හරි ඉතින් මම හිතුවේ ඒ ගර්ල්ගෙන් ඔයාට ප්‍රපෝසල් එකක් ඇවිල්ලා කියලා...මට හාටටැක් වගේ ආවා ඔයා අසාමාන්‍ය විදිහට අරම ගර්ල් කෙනෙක් එක්ක කතා කරද්දි...."

"එතන හිටියේ ජේහ්‍යුන්ගේ අනිත් වයිෆුයි ළමයි දෙන්නයි......."

"මොකක්????....මොකක්ද ඒ කිව්වේ?...අනිත් වයිෆ්?..ජේහ්‍යුන්ග්ට අන්තඃපුරයක් ඉන්නවද?...."

"ඔව්...තමුන් වගේ තමයි..."

ජිමින් කෙල ගුලියක් ගිලුවා.යුන්ගි ඇවිලෙන ඇවිලිල්ලට වතුර භාජනයක් ගහලත් මදි කියලයි එයාට හිතුනේ.

"බලන් යද්දි ඒ කෙල්ලත් තමුන්ව දන්නවා...තමුන්ව නොදන්න එක කෙල්ලෙක් හරි මේ ලෝකේ ඉන්නවද ආහ්?....."

"අපෝ කොච්චර ඉන්නවද?....මොකෝ මන් ප්‍රසිද්ධ වෙන්න හරියට සින්දුවක්වත් කියාගන්න පුලුවන් එකක් ඈ....."

වතුර නෙවෙයි ජිමින් කරේ යුන්ගිගේ ඇවිලෙන ගින්නට තව පෙට්‍රල් දාන එක.

"පොඩ්ඩක් ඉන්න....ඒත් ඔයා එයාට අර තරම් ක්ලෝස් වෙන්න හේතුවක් නෑනේ...ඔයා මාව රවට්ටන්න නේද යන්නේ?...."

"ගහප් පයින් එකක්...."

පයින් කියලා යුන්ගි අත උස්සද්දි ජිමින් ටග්ගලා බෙඩ් ශීට් එකෙන් මූණ වහගෙන ආපහු ටික වෙලාවකින් රෙද්ද එහාට කරලා බැලුවා.යුන්ගි ආවේ ජිමින්ට හොඳ දෙකක් කියන්න වුනත් මොලේ විකාර වෙන ජිමින්ගේ ප්‍රශ්නවලට එයාට ඒකත් අමතල වෙලා තිබුනේ.

"ඔයා වගේ එයත් මාව හරියටම දන්න කෙනෙක්....."

"එයා ඉන්ග්ලන්ඩ්වලනේ හිටියේ...එතකොට ඔයා ඉන්ග්ලන්ඩ්වල ඉදිද්දි ඔයාට එයාවත් හම්බුනාද?....."

"හම්බුනේ නෑ....මම එයාලව හොයාගෙන ගියා...ඒක දවසක වැදගත් වෙයි කියලා දැනගෙන....මම එයාලට දැනගන්න ප්ලෑන් එකක් ගැහුවේ නැත්තන් ඒ මිසිස් කිම් දැනගන්නේ නෑ එයා මැරි කරලා ඉන්නේ මැරි කරපු මනුස්සයෙක්වමයි කියලා.........."

යුන්ගි කියද්දි ජිමින් ඔලුව කසන්න ගත්තා.යුන්ගි එයාගේ දෙමව්පියෝ එක්ක ඉදිද්දි හිටියේ ඉන්ග්ලන්ඩ්වල කියලා ජිමින් ඒ වෙද්දිත් දැනගෙන හිටියා.ඒ ඇතුලු තව ගොඩක් දේවල්.හැබැයි තාම හරියටම තේරුමක් තිබුනේ නෑ යුන්ගි කරන්න යන්නේ මොකක්ද කියලා.ආපහු ගැස්සිලා ගියේ යුන්ගි හුස්මක් අරන් එකපාරටම ජිමින් දිහාවට හැරුන නිසා.

"හැබැයි තමුන්ට මේ දේවල්වලින් ඈත්වෙලා ඉන්න කියලා පැහැදිලි කරලා කියද්දිත් අහක තියෙන බාල්දි උස්සලා අරන් ඔලුවේ දාගන්නවා.....මාත් එක්ක ඉන්න ඕන කමටනේ ලිට්ල් ස්පේස් එකක් ආවේස කරන් ආවේ...."

"නැතුව ඉතින් මට ඔයාව හම්බවෙන්න විදිහක්වත් නෑනේ....හැමදාම ටේහ්‍යුන්ග් බලන්න ආවේ කිය කිය හරි මෙහෙට එන්න ගත්තොත් ජන්කුක් මට ලිට්ල් ස්පේස් පෙන්නයි...."

ජිමින් තොල් උල් කරගෙන කියනගමන් ලාවට යුන්ගි දිහා බැලුවා.

"ආව්ස්....ඔයා තරහ ගිහිල්ලා රතු වුනාම හරි කියුට් අනේ....."

"ආශ්..."

යුන්ගි නළල පිරිමදින ගමන් අහක බලලා හිනාවෙලා ආපහු බකුසු මූණක් හදාගෙන ජිමින් දිහාට හැරුණා.

"හරි මේකත් අහගන්නවා...දැනට එයයි ඔයයි විතරයි දන්නේ..ඒ වගේම මම විශ්වාස කරනවා තමුන් මට දුන්න පොරොන්දුව රකීවි කියලා...."

"මම පොරොන්දු කඩනවද ඒයි....ඕකේ...ඕකේ...දැන් ඕක හිතන්න එපා.... ලෙට් ඉට් ගෝ~ ලෙට් ඉට් ගෝ~ කෑන්ට් හොල්ඩ් ඉට් බෑක් එනී මෝර්~…………කැරකිලා...."

ජිමින් පෙරෝගෙන හිටපු බෙඩ් ශීට් එකත් වන වන බැලේ අඩි තිය තිය වොශ්රූම් එකට රිංගගනිද්දි යුන්ගි ඇඳ හදන්න ගත්තේ 'මයි හෝල් ලයිෆ් ඊස් අ ජෝක්' කියලා හිතාගෙන.

"කිටියෝ! ඩූ යූ වෝනර් බිල්ඩ් අ ස්නෝ කැට්~ ආහ්...ආම් සෝ හැපී ටුඩේ..."

"ඉක්මනට වොශ් දාගෙන එළියට එනවා....."

ඒත් එක්කම දොර ඇරෙන සද්දෙ ඇහිලා යුන්ගි පුදුම වුනේ ඉක්මනට එන්න කිව්වේ වොශ් දාගෙන මිසක් නිකන් නෙවෙයි නිසා.

"ඔයා එහෙම කිව්වා නේද? මින් ජිමින්...යෙස් මින් ජිමින්....ඕහ් නෝ හව් කැනයි බිලීව් දිස්?....ඔම්මා...ආම් ග්‍රීඩි ෆෝ හැවින්ග් අ පොසෙසිව් බෝයිෆ්‍රෙන්ඩ්...."

යුන්ගි ඇස් දෙක පියාගෙන හොද හුස්මක් ගනිද්දි "ඌප්ස් සොරි" කියලා කියපු ජිමින් එළියට දාපු ඔලුව ඇතුළට අරගෙන ආපහු දොර වැහුවා.තමන්ගේ ලයිෆ් එක ගොඩක් දුෂ්කර වෙනවා කියලා යුන්ගි ඒ වෙද්දිත් දැනගෙන හිටියා.




"පිස්සුද කෙල්ලේ? අපි මෙහේ ආවා කියලා අප්පා දැනගන්න බෑ...දැනටමත් නිවුස් එක හම්බවෙලා ඇති අපි අතුරුදහන් වෙලා කියලා.....යන තැනක මේ සේරම විසඳුනාට පස්සේ යමු...අපි මෙයාලා ඉන්න තැනත් හොයාගත්තේ  කොච්චර අමාරුවෙන්ද?...."

"අනේ ඔම්මා...කොරියාවල බලන්න කොච්චර තැන් තියෙනවද?....ආපු එකේ කොහේහරි යමුකෝ....."

ටිකක් දවල් වෙන්න හැමෝම හිටියේ කෑම මේසේ.ඒලා කොහේහරි යන්න කතා කරනවා.ජිමින් එහෙම කවදාවත් නැතුව සාන්ත දාන්තව කෑම කනගමන් හිටියා.ඒ වෙලේම වගේ නැම්ජූන් ජින් එරික් වගේම මාර්ක්නුත් කෑම මේසෙට ඇවිල්ලා ඉදගත්තා.

'දෙයියනේ...මේ ගෙදර පැටව් ගහනවද?....අලුත් අලුත් හැන්ඩ්සම් බෝයිස්ලා සැරින් සැරේ එනෝනේ.....ඈම් අයි ඉන් හේවන්.... අනේහ්....'

ඒලා තමාටම මුමුණගෙන මූණ මේසේ ගහගත්තත් එයාව ඒ වෙලාවේ දැක්කේ නැම්ජුනුයි මාර්ක්නුයි විතරයි.මොකද එයාලා ඒ වෙලාවේ තමයි ආපු අලුත් තුන්දෙනා දිහා බැලුවේ.

"ආහ්...පුතා....ඉෂිතා...මේ ඉන්නේ මගෙ පොඩි පුතා ටේහ්‍යුන්ග්......"

ඒත් එක්කම ඒලා පිටිපස්ස හැරිලා බැලුවා.ටේහ්‍යුන්ග් ඇදගෙනත් හිටියේ ලොකු හූඩි එකක් නිසා එයා ප්‍රෙග්නට් කියලා හිතන්න තරම් ලොකුවට බඩ පෙනුනේ නෑ.ටේහ්‍යුන්ග් ඇහැකුත් පොඩි කර කර එද්දි ඒලා කකා හිටපු කෑම එකත් හිරවුනා.

"හරි ලස්සන පෙනුමක් තියෙන ළමයෙක්නේ....."

ඉෂිතා හිනාවෙවී කියද්දි ටේහ්‍යුනුත් හිනවුනේ ජන්කුක් ටේහ්‍යුන්ග්ට කලින් සේරම කියලා තිබුන නිසා.

"ආන්ටි......"

"කැහ්...කැහ්....."

"මොකද මේ? හෙමිහිට කන්න...."

ඉෂිතා ඒලට වතුර වීදුරුවක් දෙන ගමන් කියද්දි ඒලගේ ඇස් තිබුනේ ටේහ්‍යුන්ග් ගාව.

'අනේ එයා මාරම කියුට් දෙයියනේ....'

පුටු දෙකක් ඉතුරු වෙලා තිබුනේ එකක් එරික්ගෙයි ඒලගෙයි මැද.අනිත් එක ජිමින්ගෙයි ඔම්මගෙයි මැද.ඒ නිසා ටේහ්‍යුන්ග් ඔම්මයි ජිමින් මැදයි ඉදගත්තා.ටික වෙලාවකින් ජන්කුක් ඇවිල්ලා ඉතුරු වෙලා තිබුන එකම පුටුවෙනුත් ඉදගත්තා.ටික වෙලාවකින් කෑම මේසේ කතා කරන සද්ද බද්ද නැතිවෙද්දි ටේහ්‍යුන්ග් අහම්බෙන් දැක්කේ ජන්කුක් දිහා ඇස් පිල්ලමක්වත් නොගහා බලන් ඉන්න ඒලාව.

"ස්ස්....ජිමිනි...."

"ඇයි?....."

"අර අරයා ජන්කුක් දිහා නේද බලන් ඉන්නේ....."

"තව ටික වෙලාවකින් ඔයා එයා එරික් දිහාත් බලන් ඉන්නවා දකියි..."

"ආ?...."

"මගෙ මිනිහවත් අල්ලගන්න හැදුවේ...."

"ඔයාගේ මිනිහා කවුද ජිමිනි....යුන්ගි හියුන් දන්නවද ඔයා එයාට කැමතියි කියලා...."

"අහ්...කැහ් කැහ්....."

"ඇයි මේ?....."

"කැහ්...ආහ්....කර්ර්ර්ර්....නෑ නෑ කට්ටක් හිරවුනා....දැන් හරි....එයා දන්නේ නැති වුනාට කොහොමත් මගෙ අනාගත මිනිහා එයා....කොහොමහරි ඔය ගෑනිට එක හිතක් නෑ....පොඩ්ඩක් ඇහැ ගහගෙන ඉන්න...."

ඒලා ආපහු කන්න ගත්තු නිසා ටේහ්‍යුන්ග් ඒ තරම් ගණන් ගන්නේ නැතුව කන්න ගත්තා.




පහළම හිටපු ජිමින් බිත්තියෙන් මූණ දාලා එබුනා.ඊටපස්සෙ ටේහ්‍යුන්ග් එබුනා.උඩින්ම එරික් එබුනා.හැමෝම එබිලා බැලුවේ එයාලගේ ගාර්ඩ්න් එකේ ෆෝන් එකත් ඉස්සරහෙන් තියලා මොකක්ද මන්දා කරන ඒලව.

"මොකද ඒ කහඹිලියා ගෑවිලා වගේ නලියන්නේ?...."

"එයා ටික්ටොක් කරනවද කොහෙද....."

"මේ ඇත්තමයි කියන්නේ මට නම් එයාව ඇල්ලුවේ නෑ...මාර්ක් දිහා නිකන් කන්න වගේ බලන් හිටියා....."

"මටත් ඇල්ලුවේ නෑ මගේ මිනි...කැහ්...කැහ්...අහෙම්... මන් දිහාත් බලන් හිටියා....ඇයි ජන්කුක් දිහා? මන් හිතුවේ ගිලී කියලා....."

ආපහු ටික වෙලාවක් මුකුත් නොකියා බලන් හිටියා.එකපාරටම ටේහ්‍යුන්ග්......

"කවුද යන්නේ?...."

"රොක්...පේපර්...සිසර්...."

කිව්ව ගමන් තුන්දෙනම ගල මල කතුර දාද්දි එතනින් පැරදුනේ එරික්ව.

"ආයිෂ්...."

"යන්න...."

"මොකක්ද දැන් කියන්න ඕනේ...."

"ඒයි! ඒලද ලූලද මොකාද දන්නෑ.... සුදුමහත්තයගෙන් ඈත්වෙලා ඉන්නවා..."

ජිමින් ඇක්ට් කරලම කියලද්දි එරික්ගේ කට ඇද වුනා.ඕකද දැන් කියන්න ඕනේ කියලා අහන්න වගේ.

එරික් හෙමිහිට ඒලා ළගට ළං වෙද්දි ඒලා එයාගේ වැඩේ නවත්තලා හිනාවෙලා එරික් එක්ක කතා කරා.ටික වෙලාවක් බලාගෙන ඉදිද්දි ටේයි ජිමිනුයි ඒ සැරේ දැක්කේ එරිකුත් අත පය එහෙට මෙහෙට කර කර මොකක්ද කරන්න හදනවා.කොහොමහරි හරි එතන ඒලා එරික්ට මොනවහරි ස්ටෙප්ස් වගයක් කර කර පෙන්නවා කියලා තේරිලා දෙන්නම පුදුමයෙන් මූණට මූණ බලාගත්තා.

"අර යකා ඒ සැරේ ඒකි එක්ක නටන්න ගත්තද?....."

"ජිමිනි...ඔයාම ගියා නම් ඉවරයි....."

"ටේ......."

පස්සවල් දික් කරගෙන එබිලා බලන් ඉන්න දෙන්නව පිටිපස්සෙන් දැක්ක ජන්කුක් කතා කරද්දි දෙන්නම වැටෙන්න ගිහිල්ලා නොවැටි හිටියේ හරි අමාරුවෙන්.දෙන්නම ජන්කුක් දිහා හැරුනේ හොර පූසෝ වගේ.

"මොකද මේ?....."

"කු...කුකී...අ...අපි මේ...මේ...."

"අපි හැංගි මුත්තම් කරනවා...."

ජිමින් පැනලා උත්තර දෙද්දි ටේහ්‍යුන්ග්ත් වයින් කරපු බෝනික්කෙක් වගේ එක දිගට ඔලුව වැනුවා.ජන්කුක්ට හැමෝගෙම හැසිරීමට කටකොනින් වගේ හිනාවක් ගියා.

"ම්ම්ම්....පොඩි එවුන් වගේ...මොකක් කරත් පරිස්සමින්...විශේෂයෙන්ම ටේ ඔයා..."

"ම්ම්ම්...ඒක නෙවෙයි කුකී...කොහේහරි යන්නද?...."

"ඔව්...අද පොඩි වැඩ වගයක් තියෙනවා...දැන් නම් පරක්කුත් වෙලා...ඒත් යන්න ඕනේ..."

ජන්කුක් අතේ වොච් එක බැඳගන්න ගමන් කිව්වා.

"හ්ම්ම්...පරිස්සමින් ගිහින් එන්න..."

ජන්කුක් ගෙදරින් එළියට බැහැලා යද්දි ජන්කුක්ව දැකපු ඒලා කර කර හිටපු එකත් පැත්තකින් තියලා ජන්කුක් ළගට දුවගෙන එනවා දැකලා ටේහ්‍යුන්ගේ ඇස් උඩ ගියා.ජන්කුක් එක්ක මොකක්දෝ හිනාවෙවී කතා කරලා ආපහු දෙන්නම එයාලගේ වැඩවලට යද්දි ටේහ්‍යුන්ග් නම් හිටියේ ටිකක් කේන්තියෙන්.

"මට හිතෙන්නේ එයා වදයක් වීගෙන එන්නේ....."

"කතා කරන එක අවුලක් නෑ...ඒ වුනාට අර...තාම කාර් එකට නගින ජන්කුක් දිහා බලාගෙන...ඌ ඉන්නේ මේ ලෝකෙ සිහියෙ නෙවෙයිද කොහෙද ඔච්චර කෙල්ලව පේන්නේ නැත්තේ..."

"එයාට ඒලා දිහා බලන්නවත් වුවමනාවක් නැතුව ඇති ජිමිනි......"

කොහොමහරි එතන ශූටින් ඉවරවුනා කියලා දැක්ක ඩබල හිනාවෙවී ශෝක් එකට ඉන්න එරික්වත් දැක්කා.ඒත් එක්කම ඒලා ටේයි ජිමිනුයි ඉන්න දිහාවට එද්දි දකින්න ඉස්සෙල්ලා එකපාරටම වෙන වැඩක් කර කර ඉන්නවා වගේ අගවන්න ඕන නිසා ටේහ්‍යුන්ග් එතන තිබුන පැද්දෙන ඔංචිල්ලාවෙන් වාඩි වුනා.ජිමින් අහක බලාගෙන විශිල් එකක් පිඹින්න ගත්තා.

"ජිමින් ඔප්පා...."

"අ...ආ?...."

"ටේහ්‍යුන්ග් ඔප්පා...."

"ම්ම්ම්......."

"ජන්කුක් ඔප්පා ආන්ටි එක්ක කියනවා ඇහුනා ටේහ්‍යුන්ග් ඔප්පා එපාවෙලා ඉන්නේ කියලා ගෙදර ඉදලම....මාත් ආසයි කොහේහරි ඇවිදින්න යන්න...අපි හෙට කොහේහරි යමුද?...."

ඒලා ආසාවෙන් වගේ අහද්දි ජිමිනුයි ටේයි මූණට මූණ බලාගත්තා.

___________________________________________________________

අප්ඩේට් එනකන් බලන් ඉන්න මේක කියවන රීඩර් ජනතාවට හදපිරි මෙව්වා එක.කඳුලුත් එනවා දෙයියනේ.....

පරිස්සමින් ඉන්න....👋♥️

Continue Reading

You'll Also Like

176K 4.6K 40
" She is my wife, stay away from her!" " Keep trying she will remain mine. " " Show me your scars, I want to see how many times you needed...
234K 8.1K 98
Ahsoka Velaryon. Unlike her brothers Jacaerys, Lucaerys, and Joffery. Ahsoka was born with stark white hair that was incredibly thick and coarse, eye...
275K 17.4K 21
"you might not be my lover, but you still belong to me" "crazy, you don't even love me but you want to claim me as yours? have you lost your mind jeo...
950K 21.7K 49
In wich a one night stand turns out to be a lot more than that.