ආසි 💣 ( ✔️ )

By Kim_niru_55

55.9K 11.4K 1.7K

අපි අපේ නොවුනත් කමක් නෑ මට හැකියි නුඹට අවාරෙක සෙවනක් වෙන්න.........🌬️ More

01 කොටස ✴️
02 කොටස ✴️
03 කොටස ✴️
04 කොටස ✴️
05 කොටස ✴️
06 කොටස✴️
A/N
07 කොටස✴️
08 කොටස✴️
09 කොටස✴️
10 කොටස✴️
11 කොටස✴️
12 කොටස✴️
13 කොටස✴️
14 කොටස✴️
16 කොටස ✴️
17 කොටස ✴️
18 කොටස ✴️
19 කොටස ✴️
20 කොටස ✴️
21 කොටස ✴️
22 කොටස ✴️
23 කොටස ✴️
24 කොටස ✴️
25 කොටස ✴️
26 කොටස ✴️
27 කොටස ✴️
28 කොටස ✴️
29 කොටස ✴️
30 කොටස ✴️
31 කොටස ✴️
32 කොටස ✴️
33 කොටස ✴️
34 කොටස ✴️
35 කොටස ✴️

15 කොටස ✴️

1.4K 343 26
By Kim_niru_55

මම එතනින් යන්න හදද්දිම රතු පාට වෑන් එකක් කඩාගෙන ඇවිත් හොස්පිටල් එක ඉස්සරහින් නැවත්තුවම යන්න ගිය මම නැවතිලා බලන් හිටියෙ මොකද්ද මෙතන සිද්ද වෙන්නෙ කියල.. වාහනෙන් බැස්සෙ ආර්යා තව කොල්ලො පස් දෙනෙක් එක්ක.. ඒ ඔක්කොම හොස්පිටල් එක ඇතුලට එයාල දුවද්දි.. මම හිටියෙ තවමත් මොකද්ද මෙතන සිද්ද වෙන්නෙ කියල හිතා ගන්න බැරුව..

ටිකකින් ආර්යා ආසිවත් වත්තන් කරගෙන හොස්පිටල් එකෙන් එලියට ඇවිත් වෑන් එකට දාගත්තයින් පස්සෙ හිතුවෙත් නැති විදිහට ආර්යා මන් ඉන්න පැත්තට ආවෙ මගෙ කකුලක් පිටි පස්සෙන් පිටි පස්සට යද්දි..

එන්න යමු..

මම බයටම පිටි පස්සට යන නිසාම එයා මාව අල්ලන්නෙ නැතුව අත දික් කරල විතරක් කතා කරත්.. හොස්පිටල් එකේ ඇතුලෙ වෙච්ච සිදුවීම් නිසා හොදටම තැති ගැන්මෙන් හිටපු මට හිතුනෙ දැන් නම් මෙතනින් දුවල යන්න..

කිව්වම අහල එනව යන්න..

අනේ මාව අතාරිනවා..

කට වහගනින්..

මම අද එයාල එක්ක එන්නෙ නැති වග තේරිලද කොහෙද ආර්යා මාව ඇදගෙන ඇවිත් වෑන් එකට දාගනිද්දි.. මම ගිහින් සීට් එකේ කොනටම වෙලා ගුලි ගැහැලි බලන් හිටියෙ ඉස්සරහ මැද සීට් එකේ සිහියක් නැතුව ඉන්න ආසි දිහා..

පිටෙන් ලේ ගොඩක් ගලන්න අරන් තියන නිසාම ආර්යා අතේ තිබ්බ ස්කාෆ් එක අරගෙන ලේ එන ආසිගෙ පිටේ තුවාලෙට තද කරගෙන අල්ලන් ඉන්න විදිහෙන්ම මන් දිහා ආර්යා රවාගෙන බලන් හිටියෙ හරියට මම වැරැද්දක් කරා වගේ..

එ...යාගෙන්..ගොඩක්...ලේ...යනවනෙ...අපි..ඉක්මනට...එයාව..හොස්පිටල්..එහෙක..ට..ගෙනියමු....

ආසි අන්නාව මරා ගන්නද ඕන ආ...තමුසෙ නිසා තමයි අද අන්නාට මෙහෙම දෙයක් උනේ..

මම...නිසා...වෙන්නෙ..කොහොමද..

කට වහන් ඉදපන්..

මගෙ ඔලුවට ගන් එක දික් කරපු ආර්ය දිහාත් සිහියක් නැතුව ඉන්න ආසි දිහාත් බලල මම ඇස් වලින් ගලන කදුළු වලට ගලාගෙන යන්න ඉඩ දුන්නෙ.. ආර්ය කියන කිසි දෙයක් මට තේරුම් ගන්න බැරි නිසා..

මමද කිව්වෙ ආසිට අර මැරයො එක්ක පැටලෙන්න කියල.. ඉතින් කොහොමද දෙයියනේ ආසිට වෙච්ච මේ දේට මම පලිවෙන්නෙ..එයා මාව බේරගන්න මැද්දට පැන්න කතාව ඇත්ත.. ඒත් මම නෙමෙයිනෙ ආසිට තුවාල කරේ..

ආර්යාගෙන් බැනුම් අහන්න බැරි කමට මම කට පියාගෙන හිටිය නිසා.. එයත් නිහඬව හිටියෙ ආසි දිහා දුකින් වගේ බලාගෙන..

ටිකකින් අපි පාලු පාරක් දිගේ ඇවිත් හද්ද පරන ලැටිස් ගේ කෑල්ලක් ලග වාහනේ නැවැත්තුවෙ මාව සීතල වෙලා යද්දි..

කොහෙද මේ...අනේ මට ගෙදර යන්න ඕන..

මගෙන් මැරුම් නොකා.. වරෙන් යන්න..

මට ඇත්තටම ගෙදර මතක් උනා මේ වෙලාවෙ..බඩ දරු අම්මෙක්ට උදව් කරන්න ගිහින් මාත් මාර මරාලෙක තමයි වැටුනෙ අද.. එවෙලෙ මට ආසිව මුණ ගැහුන් නැත්තම් එයාට මෙහෙම තුවාල නොවෙන්නත් තිබ්බ..දැන් කොහෙමෙන් කොහොම හරි වෙච්ච අකර තැබ්බෙන් මමයි අමාරුවෙ වැටිල තියෙන්නෙ..

ආසිව කොල්ලො දෙතුන් දෙනෙක් උස්සගෙන වාහනෙන් එලියට ගද්දි.. ආර්යා මාව ඇදල වාහනෙන් එලියට අරගෙන දොර වහල දාල වාහනේ පිටත් කරල මාව එහෙම්ම ඇදගෙනම ආවෙ ලැටිස් ගේ අස්සට..

ආසිව ඒ පුංචි ගේ කෑල්ලෙ බිත්තිය අයිනට කරල තිබ්බ ඇඳක පරිස්සමෙන් හාන්සි කරවල කොල්ලො දෙතුන් දෙනා එලියට යන්න යද්දි..ආර්යා එක පාරටම මගෙ අතින් ඇදල අරගෙන ආසි ඉන්න ඇඳ ලගට තල්ලු කරේ මහ හයියෙන් කෑ ගහල...

තුවාල වලට බෙහෙත් දාපන් මේ දැන්ම..

ම..ම...

නැතුව මමද... මෙන්න තියෙනවා බෙහෙත්.. කොහොම හරි කමක් නෑ බෙහෙත් ටික දාපන්..

මගෙ අතට මොකද්ද මන්ද බෑග් එකක් දීල බෙහෙත් දාන්න කියල මට තර්ජනය කරන නිසාම..මම බයෙන් බයෙන් ආසි ලගින් ඉදගෙන එයා ඇඳන් ඉන්න ටීශර්ට් එක කපල දාල මට පුලුවන් විදිහට කැපුම් පාරවල් තිබ්බ තැන් හෝදල පිරිසිදු කරල තෙත මාත්තු කරලම බෙහෙත් ටික දාල වෙලුම් පටි වලින් එතුවෙ පුරුද්දට..

මොකද අපේ ගෙදර තම්බි තුවාල එහෙම කරගෙන ආවම බෙහෙත් දාන වැඩ හැමදේම කරන්නෙ මම.. ඉතින් මට තුවාල වලට බෙහෙත් දාන එක අමාරු දෙයක් උනේ නෑ..

තුවාල වලින් එන වේදනාවටම එයා කෙදිරි ගාද්දි..මම එයාගෙ පිටේ වගේම අත් වල තිබ්බ කැපුම් පාරවල් නිසා තුවාල උන තැන් වලට බෙහෙත් දාල බැලුවෙ ආර්යා දිහා..

එයා මන් දිහා බලන් ඉදල ගෙයින් එලියට යන්න ගියා දොරත් එලියෙන් ලොක් කරගෙනම.. එක පාරටම එයා කරපු දේ නිසා කලබල උන මම දොර ලගට දුවල ගිහින් දොරට ගැහුවත් එලියෙන් කිසිම සද්දයක් නැති වෙද්දි...මම එහෙම්ම එතන බිම ඉද ගත්තෙ ඇඳ උඩ නිසොල්මන්ව ඉන්න ආසි දිහාත් බලාගෙන.

වෙලාව ටිකෙන් ටික යද්දි.. මම එතනම බිම ඉදගෙන ඇස් පියාගෙන හිටියෙ කොයි වෙලාවෙ හරි ආර්යා දොර අරී කියල හිතල.. ඒත් එහෙම උනේ නෑ.. ඉතින් මට එතනම හොදට නින්ද ගිහින් තියෙද්දි  අහම්බෙන් ඇහැරුනේ සාක්කුවෙ තිබ්බ ෆෝන් එක රිං වෙන්න ගත්ත නිසා...ඇස් දෙක පියාගෙනම කවුද කියලවත් නොබල සාක්කුවෙන් ගත්ත ෆෝන් එක ආන්සර් කරල කනේ තියාගත්තහම..

📱📱

පුතා...කොහෙද ඔයා ඉන්නෙ..දැන් හවස හයත් පහු වෙලා නේද...ආ..

ෆෝන් එකෙන් ඇහුනෙ අම්මගෙ කටහඬ වෙද්දි.. මම දඩි බිඩි ගාල ඉන්න තැනින් නැගිටල තවමත් ඇස් පියාගෙන ඉන්න ආසි දිහා බලන් අම්මට අද වෙච්ච සිදුවීම කියන්න කියල හිතුවෙ.. මේ මරාලෙන් බේරෙන්න තිබ්බ උවමනාවටම..ඒත්....

අම්...ම...මාව..

නෑ මට වචනයක් කියන්න හම්බ උනේ නෑ..මගෙ පිටි පස්සෙන් ආපු ආර්යා ෆෝන් එක උදුරල අරගෙන කට් කරල දාල මටත් රවල යන්න ගියෙ ආයෙත් අර විදිහටම එලියෙන් දොර ලොක් කරගෙන..

මේක මාර වැඩක්නෙ..එයා මට පුප්පන්නෙ හරියට මම ආසිට තුවාල කරා වගේ..එයාලගෙ ප්‍රශ්න වලට මාව ගෑවුනාට මම මොනා කරන්නද.. මට මේ ආසිය දුන්න වද වල හැටියට අද හරි නම් මම මේකට බෙහෙත් නෙමේ දාන්න ඕන..

ම්හ්..ම්ම්..ම්...

මෙච්චර වෙලා ආසිටයි ආර්යටයි බැන බැන හිටපු මාව ගැස්සිල ගියෙ.. නපුරු දුස්ටයා කෙදිරි ගාන්න ගත්ත හන්ද.. කොච්චර උනත් මගෙ හිත උන වෙන්න ගත්ත නිසා එයා ලගට කිට්ටු වෙලා මම බලද්දි.. දැනටමත් එයාගෙ නලලට දාඩිය දාල තිබ්බ වගේම මූණම මලානික වෙලා ගිහින් තිබ්බෙ..

උණ අරගෙනනෙ..

එයාගෙ නලලට අත තියල බලද්දි හොදටම උණ කියල අතට දැනුන ගින්දර තරම් රස්නෙ නිසා මට තේරුනා.. ඉතින් ඉක්මනට මම ආර්යාට ඒ ගැන කියන්න හැදුවත්..

සී..තලයි...

මගෙ අත එයා අල්ලගෙන බාගෙට ඇරිල තියන ඇස් වලින් මන් දිහා බලාගෙන කියපු දේට.. මෙච්චර වෙලා බයේ දගලපු මගෙ පපුව දිගේ හිරියක් ගියා වගේ දැනුනෙ එයාගෙ හඬේ තිබ්බ වේදනාව නිසා..

ම..ම..මොකද්ද කරන්න ඕන...

තු..රුල්...කර..ගන්න..මාව..

එයාගෙන් මම අහපු ගොන් ප්‍රශ්නෙට එයා දුන්න උත්තරේ තුරුල් කරගන්න කියන එක වෙද්දි.. මගෙ දැන් මූණම රතු වෙලා යන්න ඇති කියල මම හොදටම දන්නවා..

අහ්..ම්...සී..තලයි මට..

එයා එකම දේ කියන නිසාම මම.. ඉක්මනට එයා ලගින් හාන්සි වෙලා අපි දෙන්නවම වැහෙන්න බ්ලැන්කට් එක දාගෙන මම එයාව මගෙ තුරුලට ගද්දි.. එයා පුංචි එකෙක් වගේ මගෙ වගේ ඇස් පියාගෙන මට තව තවත් තුරුල් උනේ මගෙ පපුව එකසියට ගානට ගැහෙන සද්දෙ මටම ඇහෙන්න අරන් තියන වෙලාවක..

රෑ හතත් පහු වෙලා.. එයාට මගෙ තුරුලෙ සනීපෙට නින්ද ගිහින්.. ඒත් මට නම් නින්ද අහලකවත් නෑ.. මොකද නුහුරු තැනක නුහුරු කෙනෙක් එක්ක මෙහෙම ඉද්දි.. මොකාටද ඉතින් නිදි මතක් එන්නෙවත්..

මට මාවම තේරුම් ගන්න බෑ..ඇයි මම එයා සීතලයි කියපු ගමන් තුරුල් කර ගත්තෙ..අනික ආසි මමයි කොයි තරම් මුලදි ගහ මරා ගත්තද දැන් මෙහෙම තුරුල් වෙලා හිටියට..හැබැයි ආසිගෙ වෙනස දැක්කම නම් මට තවම හිතා ගන්න බෑ.. මොකද මුල් කාලෙ මාව මරන් කන්න හදපු එයා කොටින්ම අද උදේත් මට සීන් දාපු ආසි හොස්පිටල් එක ඇතුලෙදි තමන්ගෙ ජීවිතේ ගැනවත් හිතන් නැතුව මාර බේරගන්න හැදුව..

ඒත් එහෙම කරේ ඇයි එයා.. අනාරක්ෂිතව මන් එක්ක හොස්පිටල් එකට ආවෙ ඇයි.. මේ හැමදේම මට ප්‍රශ්නයක් වෙලා තිබ්බෙ.. උණ විකාරෙන් මාව තුරුල් කරන් ඉන්න ආසිව දැක්කම ඕනම මිනිහෙක්ගෙ කකුල් දෙකේ ඉදන් පහලට මල මුත්‍ර වැක්කෙරෙයි..මොකද ආසිගෙ දරුණු පෙනුමට හැමෝම බය නිසා..ඒත් ගොඩක් අය දන් නැති උනාට ආසිගෙ හිත හොදයි..

පඩයක් ගියත් මිනීමරන පාතාලෙ එවුන් ඉන්න ලෝකෙක ආසි වගේ කෙනෙක්ව දැකල නෑ.. අසාදාරනයට කෑ ගහන කාට උනත් කරදරයකදි පිහිට වෙන මනුස්සයෙක් අද කොහෙන්වත් හොයා ගන්න නෑ.. ඒත් ආසි හැමදේකටම එඩිතරව මූණ දෙන විදිහ දැක්කම අංගසම්පූර්ණ පිරිමියෙක් විදිහට දැන් මම එයාව දකින්න අරගෙන..

ඉතින් ලස්සනට පියවිලා තියන එයාගෙ ඇස් දිහා බලාගෙන මාත් නින්දට වැටුනෙ හෙටවත් මෙහෙන් මට ගෙදර යන්න පුලුවන් වෙයි කියල හීන මව මව...

ආසි P.O.V

පාන්දරට කිට්ටු කරල මට ඇහැරුනේ මම මෙච්චර වෙලා බදාගෙන හිටිය උණුසුම් කොට්ටෙ දගලන්න ගන්න එක මට දැනුන නිසා..

රෑ උණ ගත්ත හන්ද හරි හැටියට වෙච්ච කිසිදෙයක් මට මතක තිබ්බෙ නැති උනත්.. ඇස් ඇරල බලද්දි මගෙ තුරුලෙ හිටියෙ මන් එක්ක හැමතිස්සෙම එල්ලෙන්නම හදන ඇට්ටර කොල්ල..

චෙන්නයි වල කිසි මනුස්සයෙක් මන් එක්ක ගේමට ඇවිත් නැති කොට මේ කොල්ල විතරක් මන් එක්ක පැටලෙන්නම හදන නිසාම එයා ගැන මට ඇති වෙන්න ගත්ත අමුතුම හැඟීමක්..

ඔව් එයාව මුලින්ම දැක්ක දවසෙ ඉදන් මගෙ හිත වෙනස් වෙන්න ගත්ත.. හරියට මලකට ඇදෙන සමනලයෙක් වගේ.. ඒ තරමටම එයා වශීයක්.. කෙල්ලෙක්ටවත් නොගිය මේ හිත හැම තිස්සෙම මේ කොල්ල ලගට යන්න අරගෙන..

මම ආසයි එයා දිහා බලන් ඉන්න.. මොකද කොච්චර මේ මූණ දිහා බලන් හිටියත් මට එපා වීමක් දැනෙන් නෑ.. කෙල්ලෙක්ට වඩා ලස්සන එයාට මම එන්න එන්නම ඇබ්බැහි වෙන්න අරගෙන..

හැම තිස්සෙම බොරු හේතු කියල එයාව මගෙ ලගට ගෙන්න ගත්තෙ එයාව දකින්න තිබ්බ ආසාවට.. එයාගෙ ගෙදර ටැප් ලයින් එක වහල දාල උදේම එයාව මගේ ගේ ලග ටැප් එකට ගෙන්න ගන්නෙ එයාව කාටත් කලින් දකින්න තිබ්බ උවමනාවටමයි..

මම ආසයි එයාව පොඩ්ඩක් අවුස්සල එයාගෙ චූටි කටින් බැනුමක් අහන්න.. ඉස්සර හිටපු ආසි වෙනස් වෙලා.. ආර්යාත් මට කියනවා මම දැන් ගොඩක් වෙනස් වෙලාලු මේ කොල්ල නිසා..

වෙන්න ඇති මොකද මටත් මගේ වෙනස දැන් හොදට තේරිලා තියෙන්නෙ.. හැබැයි මම මේ කොල්ල ගැන හිතේ තියන් ඉන්නෙ මොන වගේ හැඟීමක්ද කියල මට තවම අදුර ගන්න බැරි වෙලා.. ඒකට හේතුව මම මේ අත් දෙකෙන් මරන්නෙ මිනිස්සුන්ව මේ ඇස් දෙකෙන් දකින්නෙ ලේ.. ඉතින් කොහොමද මම වගේ එකෙක් මනුස්සයෙක්ගෙ හැඟීමක් තියා මගේ හැඟීමවත් තේරුම් ගන්නෙ..

උබෙ කටේ සද්දෙ වැඩි උනාට...උබ ගොඩක් අහින්සකයි චෙල්ලො..

මම එයාට කියන්නෙ චෙල්ලො කියල.. ඒ ඉතින් හිතින් විතරයි.. මොකද මම ආසයි එයාව මට විශේශ කෙනෙක් කියන තැන දෙන්න හිතින් හරි....

චූටි කට බෙරි කරගෙන මගෙ පපුව අස්සට මූණ තද කරන් ඉන්න එයාව මම තව තවත් තුරුල් කරගත්තහම ඒ දැනෙන උණුසුම නිසා මට තුවාල වේදනාවත් අමතක වෙන්න ගත්ත..

හැබැයි මගෙ ශක්තිමත් අත් දෙකෙන් ඒ හීනි ඇඟ තලන්නෙ නැති වෙන්න වග බලා ගත්ත මටත් නොදැනිම නින්ද ගියෙ ඒ උණුසුමෙන් මගෙ ඇඟට දැනුන සනීපෙටමයි..




>>>>>>>>>

ඔන්න ඉතින් මගෙන් ඉල්ලුවනෙ ආසිගෙ පැත්තෙන් pov එකක්.. ඒ ඉල්ලීම මම ඉශ්ට කරා...😌

චෙල්ලෝ කියන්නෙ ටැමිල් වලින් ආදරේ කරන කෙනාට වස්තුව කියන එක..😊

2023.09.30
S.M.බඩී✍️

Continue Reading

You'll Also Like

11K 1.8K 24
අහිමි වූ සිතක් යලි හමුවෙන තුරු පෙරුම් පුරන පෙම්වතෙක්...💚 අහිමි වූ ආදරයේ මතක අමතක කරන්න උත්සහා කරන තවත් පෙම්වතෙක් ❤️ මේ ඔවුන්ගේ කතාව...💚❤️
IRIS By NirMad238

Fanfiction

9.3K 1.2K 73
When stars collide the worlds are born And When the worlds collide the hatreds formed Yet among the cracks still love would bloom! Co Authored by - P...
72.1K 3.9K 60
ထုံးစံတိုင်းပါဘဲ 18+ပါ ကြိုက်မှလာဖတ်ကြပါရှင်။
5.4K 892 21
" ඒක ජීවිතෙ වෙනස් කරන හැරවුම් ලක්ශයක් බදු ආදර චාරිකාවක් වේවි කියල මම හීනෙකින් වත් හිතුවෙ නෑ මනූ ! " " මගෙ අතින් ගිහිලුන මල් මිටට මගෙ හදවතත් හාමු වෙල...