උල්කා (Completed)

Oleh NirMad238

36.5K 8.5K 5.1K

අපි අපේම වෙමු, ලෝකෙටම හොරෙන්! Lebih Banyak

introduction
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
A/N
A/N 2
ඇයි රඛිත් එහෙම කලේ?
ඇයි නිශේද් ආලෝක්ට අවස්ථාවක් නොදෙන්නෙ?

70

1K 140 265
Oleh NirMad238

"තාමත් කළුවර අහසෙ වලාකුලක් බලාගෙන ඉන්නවා.
දේදුන්නකින් ලස්සන පාට අරගෙන ලස්සනම ලස්සනට හැඩ වෙනවා.
ඇයි මේ?
ඉර පායනකල්ද බලාගෙන ඉන්නෙ.
හරිම ලස්සනයි.

පායගෙන එන ඉර දකිද්දි වලාකුල දිලිසෙනවා.
මේ තරම් ලස්සනක් දැකලා අහක බලාගෙන යන්න කාටද පුළුවන්.
ඉතින් ඉර එන්නෙත් වලාකුල ලඟටමයි.
ලඟටම ඇවිත් තුරුල් කරගෙන ඉඹිනකොට වලාකුල තවත් ලස්සනයි.
රතුම රතු පාටයි.
දැන් නම් වලාකුළ ඉන්නෙ සතුටෙ හිනි පෙත්තෙමයි කියන්න තවත් මොකුත් ඕනම නෑ.
එයාව දැක්කගමන් ඒක පේනවා.
ඒ සතුට එයා දිහා බලාගෙන ඉන්න කෙනෙකුගේ ජීවිතේ වුනත් ලස්සන කරනවා.

ඒත් ඉර වලාකුල එක්කම ඉන්නෙ හරිම ටික වෙලාවයි.
ටිකෙන් ටික ටිකෙන් ටික නිල් අහස දිහාවට ඉර ඇදිලා යනවා.
අනේ! මා එක්කම ඉන්න කිය කිය වලාකුලත් ඒ පස්සෙන් යන්න ගියාට මොකද, ඒකෙන් වැඩක් නෑ.
ඉර ආයෙම හැරෙන්නෙ නෑ.
වලාකුලේ ලස්සන පාට ඔක්කොම මැකිලා යනවා.
වලාකුල දුකෙන්.

ඒ එක්කම කොහෙන්දෝ මන්දා හුලඟක් හමාගෙන එනවා.
වලාකුලත් එක්ක සෙල්ලම් කරන්නයි හුලඟට ඕන.
හුලඟට පා වෙවී වලාකුල දුවගෙන යනවා.
එයා ආයෙමත් සතුටින්.
එහෙට මෙහෙට ඇඹරි ඇඹරි එයාවම වෙනස් කරගන්න හැටි, කඩන් නොවැටි උඩට පහලට ඇදිලා යන හැටි හුලඟ කියලා දෙද්දි, වලාකුළ ඒ හැමදේටම පුරුදු වෙන්නෙ හරිම ආසාවෙන්.
ඉතින් ඔන්න දෙන්නත් එක්ක ලොකේ පුරා පාවෙනවා.
හරි හයියෙන් හිනා වෙවී.

ඒත් දවසක් හුලඟ යන්න යනවා.
වලාකුල කන්දක් මුදුනෙ තනි කරලා.
වලාකුලට පාර හොයා ගන්න බෑ.
එයා එතන හිර වෙලා.
බයෙන්, දුකෙන්, මහන්සියෙන් වලාකුල එතනම වැතිරෙනවා.
එයාට ඕන අඬන්න.
අඬලා අඬලා කඩාගෙන වැටෙන්න.
ඒත් එයාට අඬන්නවත් බෑ.

ඇයි මටම?
ඇයි හැමෝම, හැමදේම මාවම දාලා යන්නෙ?
ඇයි මටම මෙහෙම වෙන්නෙ?
එයාට හිතෙන්නෙ එච්චරමයි.
ඒ ගැනම හිත හිත ඉද්දි දන්නෙම නැතුව එයාට නින්ද යනවා.
කන්ද මුදුනෙම.
සීතලට වෙවුල වෙවුලම.

ආයෙම ඇහැරෙද්දි වලාකුලට මුලිම්ම දැනෙන්නෙ හරිම සිනිඳු තණකොළ ගොල්ලක්.
සීතල නොදැනෙන්න එයාව වැලඳගෙන.
ඇයි මේ සනීප බව කලින් නොදැනුනේ එයා හිතනවා.
එතකොටයි එයාට මතක් වෙන්නෙ එයා හිටියේ හැමදේම එපා වෙලා, ලෝකෙම අවලස්සන තැනක් විදියට දකින ගමන් කියලා.
ඉතින් එයාගෙ හිත ඒ විදියට අවලස්සන වෙලා තියෙන වෙලාවක එයාට ලස්සන දේවල් පේන්නෙම නැති වෙලා ගිහින්.

දැන් වලාකුල වෙනස්.
එයාට සතුටුයි එයා අඬලා අඬලා කඩා නොවැටුන එක ගැන.
මොකද හැම වලාකුලකටම දවසක කඩා වැටෙන්නම වෙනවා.
ඉතින් කඩා වැටෙන දවසට කඩා වැටෙන්නෙ නැතුව ඇයි ඉක්මනට කඩා වැටෙන්නෙ.
ඒ අතරෙදි විඳින්න ගොඩාක් දේවල් තියෙන්න පුළුවන්.
හරියට මේ සිනිඳු සුවඳ තණකොල ගොල්ල වගේ.

තණකොල ගොල්ලට හාදුවකුත් දීගෙනම, වලාකුළ නැගිටිනවා.
හරිම හෙමීට පාවෙනවා.
එයත් එක්ක තරඟෙට දුවන හුළඟ පේන මානෙකවත් නෑ.
හැබැයි වලාකුළ ඒ ගැන දුක් වුනෙත් නෑ.
දුවගෙන යද්දි වගේම හෙමිහිට පා වෙවී යද්දිත් හොඳයි.
ලස්සනයි.
වෙනස්ම විදි දෙකක ලස්සනවල් දෙකක්.

පහලින් පේන ලස්සන ගස්කොලන්,
මල්,
මිනිස්සු,
වාහන,
මේ හැමදේම දිහා බලාගෙන වලාකුල හෙමීට පාවෙනවා.

ආපහු හැරිලා බලද්දි මේ හැමදේම සිද්ද වෙච්ච විදිය ගැන වලාකුලට සතුටුයි.
එයාට කොච්චර ලස්සන දේවල් විඳින්න ලැබුනද?
ඉර යන්න ගියා කියලා, දුක් වෙවී ඉර පස්සෙන්ම ගියා නම් එයාට හුළඟ මග ඇරෙන්න තිබුනා.
හුළඟ එයාව කන්දක් මුදුනෙ තනි කරලා දාලා නොයන්න එයාට තණකොල වගේම මෙහෙම හෙමීට යන ගමනක ලස්සන මගෑරෙන්නත් තිබුනා.

ඒ වගේම එයාට ලොකුම නිදහසක් දැනුනෙ, තවත් දෙයක් එයාට හරියටම තේරුම් ගියාට පස්සෙ.
ඒ ඉර වගේම හුළඟ එයාට මගෑරිලා ගියේ එයාගෙ වැරැද්දක් නිසා නොවෙන බව,
ඒ වගේම ඉරවත්, හුලඟවත් එයාට වැරැද්දක් කරන්න, එයාට දුකක් දෙන්න හිතාගෙන කරපු දේවල් නොවෙන වග,
ඒ ඉරේ විදිහ, වගේම හුළඟෙ විදිහ බව.
ඒකට කාටවත්ම කරන්න දෙයක් නෑ.

ඉතින් මේ වලාකුළක විදිහ!

කවදාකටත් වඩා වලාකුල දැන් සතුටින් සැහැල්ලුවෙන්.
හුලඟක් මුණ ගැහුනම ඉස්සර වගේම වලාකුළ හුලඟත් එක්ක තරඟෙට දුවනවා.
ඉර පායද්දි, බැහැගෙන යද්දි ගිහින්, ලස්සනට ඇඳගෙන විනෝද වෙනවා.
කන්දක් උඩට වෙලා තණකොල ගොල්ලක සනීපෙට නිදා ගන්නවා.
ලොකෙ ලස්සන බල බල හෙමීට අහසෙ පාවෙනවා.
රෑට හඳ එලියට දිලිසි දිලිසි, තරුත් එක්ක කයිය ගහනවා.
වලාකුල හිතේ හැටියට ජීවිතේ විඳිනවා.

ජීවිතේ තියෙන්නෙ තවත් කෙනෙක්ව ඒකට ඈඳගෙන ජීවත් වෙන්න නෙමෙයි බව වලාකුල දැන් දන්නවා.
ඈඳ ගන්න එකෙන් වෙන්නෙ කාටවත්ම තමන්ට ඇත්තටම ඕන කරන ජීවිතේ විඳින්න ඉඩ අහුරන එක කියලත් එයාට දැනෙනවා.
අනුන් එක්ක වගේම, තමන් එක්කත් සතුටු වෙන එකයි ජීවිතේ.
ඒ නිසා කිසිම කෙනෙක්ව එයා ලඟින්ම තියාගන්න ඉස්සර වගේ හිතන්නෙ නෑ දැන්.
මුණ ගැහීම් වගේම, අත් හැරීම් වුනත් විඳින්න වලාකුලට පුලුවන්.

අන්තිමේ දවසක වලාකුලට කඩා වැටෙන්න කාලෙ හරි බව දැනෙනවා.
පුංචි බයක් නැතුවම නෙමෙයි.
මේ තරම් උඩක් ඉඳන් අර තරම් පහලකට කඩා වැටෙද්දි නොරිදී තියෙන්න විදියක් නෑ.
ඒත් කරන්න දෙයක් නෑ.
වලාකුල ඇස් තද කරලා පියා ගන්නවා.
එයා සතුටින් හිටපු හැම මොහොතක්ම ආයෙම හිතින් විඳින ගමන් බිමට කඩාගෙන වැටෙනවා.
ඒත් ඇත්තටම එයා බයෙන් වෙවුලනවා.

හැබැයි එයාව එහෙම එක පාරටම කඩා වැටෙන්නෙ නෑ.
වෙනදා තරම්ම නැතත් පා වෙලා යන බව එයාට දැනෙනවා.
බයෙන් වුනත් ඇස් අරිද්දි,
ඔව්, එයා ඔහේ කඩාගෙන වැටෙන්නෙ නෑ.
හුලඟ ඉන්නවා වැටෙන වේගෙ අඩු කරන්න.
ඒ නිසා පොළවටම වැටුනට එයාට ඒ තරම් රිදෙන එකක් නෑ.
වලාකුල..
නෑ නෑ වැස්ස,
දැන් එයා වැස්සක්!
වැස්ස හුලඟ එක්ක හිනා වෙනවා.

ඒත් තාම බයයි.
බිම ගල්, මුල් වල වැදෙද්දි තුවාල වෙයිද වැස්සට හිතෙනවා.
ඒත් ගස් වලින් වියන් බැඳලා තියෙන්නෙ.
ඒ සිනිඳු කොළ වැස්ස ආදරෙන් තුරුලු කරගන්නවා.
මල්, වැහි බින්දු ආදරෙන් ඉඹිනවා.
හෙමීට කොල දිගේ, ගස් දිගේ බේරිලා යන වැහි බින්දු වලට බිම තියෙන පස් වලින් උරා ගන්නවා.
හරිම පරිස්සමට බලාගන්නවා.

වැස්සට හරිම පුදුමයි.
හරිම සතුටුයි.
වලාකුලු ජීවිතේ අතඅරින්න වෙන වෙලාවෙදි එයා හිටියෙ හිතේ දුකෙන්.
හිතේ බයෙන්.
ඒත් දැන්.
වෙනස්ම ජීවිතයක්.
ලස්සනම ජීවිතයක්.

ඉතින් ආයෙමත් වලාකුලක් වෙලා අහසට යන්න දවසක් එයි.
ඒත් ඒ වෙනකල් පොලවෙ ජීවිතේ හිතේ හැටියට විඳින්න වැස්සට පුළුවන්.
දැන් එයා වැස්සක් නෙමෙයි.
එයා වතුරක්.
මුහුදෙ සද්දෙ ඈතින් ඇහෙද්දි එයා ඒ දිහාවට යන්නෙ සතුටින්,
දැන් එයාට පොළවෙ පස් අතරෙන් වෙන් වෙලා යන්න කාලෙ හරි.
හැම තැනකම විඳින්න දේවල් ඕන තරම්.

මුහුදෙ හෝ සද්දෙට නැලවි නැලවි ඉන්න ගමන් අහස දිහා බලන වතුර බින්දුවකට දේදුන්නක් පේනවා.
ඔව්, කඩා වැටෙන වලාකුලකට හැමදේම හොඳින් සිද්දවෙන බව කියන්න ඉර මවන ලස්සනම දේදුන්නක්!

ඉතින් ඉර, හුලඟ, කඳු, ගස්කොලන්, තණකොල, මල්, පොළව, මුහුද,
ඔයාලා ඔක්කෝටම ස්තූතියි!
වතුර බින්දුව තවත් දුර ගමනකට ලෑස්ති වෙන ගමන් දිය රැල්ලක පා වෙලා යනවා."

- නිශේද් මානස -

දිගට දිගට type කරගෙන ගිය ලියවිල්ල මම ඉවර කලා. ඒක කියවන ඕනෙම කෙනෙකුගෙ හිත නිවයි නම්,
ජීවිතේට බලාපොරොත්තුවක් ගෙනෙයි නම්,
ඒ මට ඇති.
ඒක තමයි මගේ සතුට!

අපි හැමෝමත් ඒ වලාකුළ වගේ.
බැඳීම මත්තෙම ජීවිතේ ගෙවන්න හදලා අන්තිමේ දුක් වෙනවා. ජිවිතේ ලස්සන විඳින්නෙ නැතුව වෙන කෙනෙක් මත්තෙ මැරෙන්න හදනවා.
ජීවිතේ ඇත්ත ඉගෙන නොගන්න තාක් කල් අපි හැම කෙනෙක්ම හරි පව්.
මොකද, ජීවිතේම කියලා දෙන පාඩම් වලින් ඒක ඉගෙන ගත්තොත් ඇරෙන්න වෙන කිසිම කෙනෙක් ඒක අපි වෙනුවෙන් කියලා දෙන්නෙ නෑ. කියලා දෙන්නත් බෑ.

ජීවිතේට බැඳීම් ඕන තමයි.
මොකද අපි මිනිස්සු.
මිනිස්සු හැදිලා තියෙන්නෙ තනියම ඉන්න නෙමෙයිනෙ. රංචුවක් විදියට එකට ජීවත් වෙන්න.

ඒත් පහු කාලීනව පොඩ්ඩ පොඩ්ඩ මනුස්ස ජීවිත සංකීර්ණ වෙන්න ගනිද්දි දෙන්නා දෙන්නා එකට එකතු වෙලා පවුල් හදාගන්න මිනිස්සු පෙලඹෙනවා. කාලෙත් එක්ක මේ පවුල් සංකල්පය ආගමක් වගේ වෙනවා.

ළමයි පොඩි කාලෙ ඉඳන් මග බලන්නෙ කසාද බඳින්න. බැන්දට පස්සෙ බැඳපු එකා මනුස්සයෙක් වුනත් පරාස්සයෙක් වුනත්, මේක මරණෙන්වත් වෙන් නොවෙන පොරොන්දුවක් කියලා හිතාගෙන අමාරුවෙන් වුනත්  මිනිස්සු ඒ මත්තෙම ජීවත් වෙනවා.
තවත් සමහරු හොර පාරෙන් තමන් බලාපොරොත්තු වෙන, ඒත් කසාදෙ ඇතුලෙදි නොලැබෙන අවශ්‍යතා ඉශ්ට කරගන්නවා.
අන්තිමේ ඇත්තටම සතුටින් සහනයෙන් ඉන්න පවුල් ඉන්නවා නම් ඒ හරිම අතලොස්සක්.

ඉතින් කෙනෙකුට  ඒ අතලොස්සෙන් කෙනෙක් වෙන්න බැරි වුනා කියලා දුක් වෙන්න ඕනෙ නෑ. මොකද අත්ලොස්සෙන් කෙනෙක්ද නැද්ද කියන එක වැඩක් නෑ. තවත් කෙනෙක්ව ජීවිතේට ඈඳ ගන්නවා නම් අපි හැමෝටම වෙන් වීම දවසක විඳින්නම වෙනවා. හිත කඩාගෙන වැටිලා, මැරෙන එක සැපයි කියලා හිතෙන වේදනාවක් විඳින්නම වෙනවා.

ඒකයි ජීවිතේ කියන්නෙ.
දුක වේදනාව අහක් කරලම දාන්න අපිට කවදාවත්ම බෑ.

ඉතින් වැදගත්ම දේ මේ මොහොත විඳින එක.
ඒකට අපේ ලඟ තව කෙනෙක් ඉන්නම ඕනෙ නෑ.
හැමදාකම හැම මොහොතකම තනියම වුනත් විඳින්න දේවල් ඕන තරම් තියෙනවා.

අපි හැමෝටම අපේම ලස්සන කතාවක් තියෙනවා. ඒ කතාවෙ වල ගොඩැලි, කඳු, දුර්ග ඔය වගේ හුඟාක් දේවල් එක්ක ලස්සන මල් උයන් පවා තියෙනවා. වැදගත්ම දේ මොනදේ වුනත් ඉස්සරහට ඇවිදගෙන යන එක.
ලස්සන මල් උයනක විවේක ගත්තට කමක් නෑ. ඒ වගේම නැගගන්න අමාරුම කන්දක් මැදදි කෑගහලා ඇඬුවත් කමක් නෑ. ඒත් අපේ ගමන අපි නවත්තන්න ඕනෙ නෑ කිසිම හේතුවකට.

ඒ වගේම අපි එක එක්කෙනාට තියෙන්නෙ වෙනස් වෙනස් විදිහෙ හීන.
වෙනස් වෙනස් විදිහෙ කතා.
තව කෙනෙක් අපිට ඕනෙ විදියට අපි මත්තෙ ඉන්න ඕනෙ කියලා හිතන්න හොඳ නෑ කවදාවත්. මොකද එක එක මිනිස්සු සතුටු වෙන්නෙ එක එක විදිවලට.
පපුව පැලෙන්න තරම් ආදරේ කලා කියලා ඒ මිනිස්සුන්ගෙ සතුට නැති කරලා දාන්න අපිට අයිතියක් නෑ.

ඉතින් මේ ඔක්කෝගෙන්ම මම ඉගෙන ගත්ත ලොකුම පාඩම තමයි මට මම හොඳටෝම ඇති කියන එක.
කාත් එක්කවත් හිතේ තරහක් ඉතුරු කර නොගෙන හිනා වෙලා කතාබහ කරලා ගෙවන ජීවිතේ තමයි හොඳම කියන එක.
වෙන කෙනෙක් මත්තෙ ඇලෙන්න බැඳෙන්න නොයා ජීවිතේ විඳින එක තමයි සැහැල්ලුම කියන එක.

අද මං ඉන්නෙ නිදහසින්.
මගේ හිතේ තියෙන මේ සාමකාමී හැඟීම පුදුම ආශිර්වාදයක්.
අරයා මෙහෙම කරයිද, මෙයා අරහෙම කරයිද, මාව රිද්දයිද, මං තනිවෙයිද,
ඔහොම හිතන්න වදවෙන්න මට ප්‍රශ්න නෑ.
මට දැනෙන්නෙ දරුණු ගිනි ජාලාවක් ඇතුලෙ හිටපු මං සම්පූර්ණයෙන්ම නිවිලා වගේ. මගේ වටේටම ආයෙ කොයිතරම් ගිනිදැල් ඇවිලුනත් ඒවයින් පිච්චෙන්නෙ නැති වෙන්න මගෙන්ම පලිහක් හැදිලා වගේ.

ආලෝක් රඛිත් දෙන්නටම මං කාලයක් පණ වගේ ආදරේ කලා. ඒත් මොන මොනවා හරි හේතු නිසා ඒ ආදරේ කාලෙත් එක්කම මැරිලා ගියා. ඒක අපි කාගෙවත්ම වැරැද්දක් විදියට මං දකින්නෙ නෑ. ජීවිතේ එහෙමයි.
හැඟීම් ඇති වෙනවා නැති වෙනවා.

ඒ දෙන්නම මගේ ජීවිතේට ලස්සනම ලස්සන මතක සටහන් ගෙනාවා. ඒ හැම මොහොතකම මං සතුටින් හිටියා. ඒවා මගේ හිත ඇතුලෙ අදටත් ජීවමානයි. මතක් කරද්දි දන්නෙම නැතුව මූණට හිනාවක් ගේනවා.

මෙහෙමයි, අපිට කෙනෙක් ගොඩාක් රිද්දුවාම එයා එක්ක බැඳුනු ලස්සනම මතක තමයි ලොකුම වේදනාව ගේන්නෙ. ඒක මටත් එහෙමයි.
ඉතින් මං කරන්නෙ ඒ මනුස්සයව දෙකඩ කරන එක.
ඒ කිව්වෙ මට ලස්සන මතක දීපු කෙනා එක්කෙනෙක්, මාව රිද්දපු කෙනා තවත් කෙනෙක් කියලා හිතා ගන්න එක. එතකොට මතක හැමදාම නැවුම්. ඒ ආදරේ හැමදාම සුන්දරයි.

ඉතින් මට නැති වුන නොලැබුන දේවල් නෑ ඇත්තටම, ඒ දෙන්න නිසාම ජීවිතේ එක එක කාල වලදි එක එක කොටස් ලස්සන වුනා ඇරෙන්න.
අදටත් අපි තරහා නෑ. තාමත් ඉඳහිට කතා කරනවා. ඒත් එතනින් එහා දෙයක් දැනෙන්නෙ නෑ.

ප්‍රශ්න වැඩිම කාලයක් ගෙවාගෙන මං exam ඔක්කොම කොහොම හරි pass වුනා. දැන් මම මේ රටේ doctor කෙනෙක් විදියට වැඩ කරනවා. අභිරු ඉන්නෙ මාත් එක්ක.

ආලෝකුයි මමයි තාම divorce වුනේ නෑ. එයා තාමත් මැලේසියාවෙ. ඊලඟට එයා මොකක් කරයිද නැද්ද කියල මං ඇත්තටම දන්නෑ. කොහොම වුනත් එයා ඉස්සර වගේ රෑ දවල් නැතුව කතා කරකර වද දෙන්නෙ නම් නෑ. අභිරු එක්ක දවසකට එක පාරක් විනාඩි දෙක තුනක් කතා කරලා phone එක තියනවා. ඉතින් එයා දැන් තේරුම් අරන් ඉන්නවා කියලා මට හිතෙනවා. ඒක ලොකු සැනසීමක්.
එයාට සතුටක් දෙන්න පුළුවන් කෙනෙක් ලැබුනොත් ඒ කෙනා එක්ක එකතු වෙලා එයාගෙ ජීවිතේ අලුතෙන් පටන් ගන්නවට මගෙන් කිසිම බාදාවක් නෑ.
අපි ඈත් වෙලා ගියත් මං හැමදාමත් ප්‍රාර්ථනා කරන්නෙ එයාගෙ සතුටම විතරයි.

රඛිතුත් එයාගෙ course එක ඉවර කරලා එහේ එයාගෙම business එකක් පටන්ගන්න plan කරනවා. Chester එයා එක්ක සතුටින් ඉන්නවා. එදා මං බැනලා msg කලා කියලා එයා තරහා වුනේ නෑ.

"Yeah, you can blame me as much as you wish!
I deserve it and it feels good when you do it."

එහෙමයි එයා කිව්වෙ.
එතනින් එහා එයාට බනිනවා වෙනුවට එයාගෙ හිත හදපු එක මම ආයෙමත් කලේ.
පොඩ්ඩ පොඩ්ඩ එයා normal වෙලා එයාගෙ වැඩ කරගන්න පටන් ගන්නකල්, මාව ඕනෙ නැති වෙලා ආයෙම ignore කරන කල්, මං එයා ලඟ හිටියා. දුක සැප හෙව්වා. ප්‍රතික්ශේප වෙලා වේදනාවෙන් ඉන්න මනුස්සයෙකුගෙ හිත හැමෝම එකතු වෙලා තලන්න හොඳ නෑ.
කවුරු නිසාවත් කිසිම කෙනෙක් කැඩෙන්න බිඳෙන්න ඕනෙ නෑ. මොකද හැමෝටම හේතුවක් තියෙනවා. හැමෝටම කතාවක් තියෙනවා.

ඊටපස්සෙ මං ටිකෙන් ටික රඛිත්ගෙන් ඈත් වුනා. ඉතින් එයා දැන් අලුත් relationship එකකද, අමන්දා ආයෙම ආවද? ඒ දේවල් නම් මම කිසිම දෙයකක් දන්නෙ නෑ. ඒත් ඇත්තටම එයා බලාපොරොත්තු වෙන විදියෙ කෙනෙක්, එයාට වංචාවක් නොකරන විදියෙ කෙනෙක් එයාටත් ලැබෙන්න ඕනෙ. හැමදාමත් හිනාවෙලා සතුටින් ඉන්න ඕනෙ. ඒ වගේම එයාගෙ හිත කඩා වැටෙන තැනකදි අද වුනත් එයාට වාරු දෙන්න උරහිසක් ඕනෙ නම් ලඟින් ඉන්න මං දෙපාරක් හිතන්නෙ නෑ.

හැබැයි බය වෙන්නෙපා, ඒ මනුස්සයෙක් තව මනුස්සයෙක් වෙනුවෙන් ඉන්නවා වගේ විතරයි. රඛිත්ට විතරක් නෙමෙයි වෙන කාටවුනත් මං ඒක එහෙමම කරනවා. කොච්චර මෝඩ වුනත් මං එයා වෙනුවෙන් කරපු හැමදේකටම පස්සෙත්, මාව තල්ලු කරලා දාලා වෙන කෙනෙක්ව තෝර ගත්ත මනුස්සයෙක්ව මගේ ජීවිතේට ඈඳගන්න සුදුසු නෑ කියන එක මං දන්නවා. අනික ඒ හැඟීම මගේ හිතෙන් මැරිලා ගිහින් දැන් හුඟාක් කල්.

කොහොම වුනත් අපි එක එක්කෙනාගෙ ආදරේ නිර්වචන වෙනස්. ඒකයි ආලෝක් මට කොයිතරම් ආදරේ කලා කිව්වත් මට ඒක කවදාවත්ම නොදැනුනේ. රඛිත්ට මං පිස්සෙක් වගේ කරපු මගේ ආදරේ නොදැනුනෙත් ඒක වෙන්නැති.
කාගෙවත් වරදක් නෙමෙයි ඉතින්. මිනිස්සු එක එක්කෙනා හැදිලා තියෙන හැටි. අපි ආදරේ කරන විදි, අපිට ආදරේ දැනෙන විදි සෑහෙන්නම වෙනස්!

මමයි අභිරුයි ගත්තොත් අපි දෙන්නම ජීවිතේ විඳිනවා.
ඇවිදිනවා!
සෙල්ලම් කරනවා!
කෑම ජාති හදනවා!
Tv බලනවා!
කෝලම් කරනවා!
නොකරන දෙයක් නෑ ඇත්තටම!

පුංචි කාලෙ ඉඳන්ම තමන්ගෙ වටිනාකම මම අභිරුට කියලා දෙනවා. වෙන කවුරුත් නැතුව තනියම වුනත් සතුටු වෙන්න අපි හැමෝම ඉගෙන ගන්න ඕනෙ. එහෙම වුනාම අල්ලගන්න බැරි බැඳීම් අමාරුවෙන් බදාගෙන දුක් විඳින්න ඕනෙ නෑ. අතෑරුනු බැඳීම් ගැන පිච්චි පිච්චි තරහෙන් දුකෙන් බලන්න ඕනෙ නෑ. හැදෙන, කැඩෙන හැම බැඳීමක් අස්සෙන්ම ලස්සනට ජීවිතේ හොයාගෙන හිනා වෙන්න පුළුවන්.

මට වැරදුන තැන තමයි, මං සතුට හෙව්වෙ ආදරේ කරලා.
මට නෙමෙයි, අනුන්ට ආදරේ කරලා.
ඒ නිසා මට ආදරේ ආපිට නොලැබෙද්දි මං කඩාගෙන වැටුනා. ජීවත් වෙන්න අරමුණක් හොයාගන්න බැරි වුනා.

හැබැයි මං ඒකට වැරදුනු තැන කියන්න කැමති නෑ.
ඒ තමයි මං ජීවිතේ ඉගෙනගත්තු තැන.
මං නිවුන තැන.
හාස්කමකින් වගේ වරමක් ලැබිලා ජීවිතේ ආයෙම මුල ඉඳන් පටන් ගන්න පුළුවන් වුනත් මං සිද්ද වුනු කිසිම දෙයක් වෙනස් කරන්නෙ නෑ. මට ලැබුනු මේ ජීවිතේට මං ගොඩාක් ආදරෙයි. සතුට සැනසීම ඇත්තටම හොයාගන්නෙ කොහොමද කියලා මට කියලා දීපු මගේම කතාවට මං ණයගැතියි.

ආදර විරෝදියෙක් නෙමෙයි මම.
මම හැමදාමත් ආදරේ බැතිමතෙක්.
අද වෙද්දි නම් විශේෂයෙන්ම self love බැතිමතෙක්!
තව කෙනෙකුට මගේ ජීවිතේ ඉඩක් නෑ කියන්නෙ නෑ මං. ඉඩ තියෙයි.
හැබැයි මේ වෙච්ච දේවල් එක්ක මට එහෙම කෙනෙක් ගැන අවශ්‍යතාවයක් දැනෙන්නෙත් නැති තරම්. මොහොතින් මොහොත මුණ ගැහෙන ඕන කෙනෙක් එක්ක හිනා වෙලා කතාබහ කරලා පුළුවන් උදව්වක් කරලා සතුටින් ජීවත් වෙනවා ඇරෙන්න බැඳීමක් හදාගෙන කඳුළු ඉස්සර කරගන්නෙ මොකටද?

මට ඇත්තටම සතුටු වෙන්න වෙන කෙනෙක් අවශ්‍ය නෑ දැන්.
මගේ සතුට පිරෙන්නම මගෙ ලඟ තියෙනවා. සතුට තනියෙන්ම හොයාගන්න හැටි මම අද දන්නවා.

ඉතින් කිසිම කතාවකට මීට වඩා ලස්සන අවසානයක් තියෙන්න පුළුවන් කියලා මම හිතන්නෙ නෑ.
මොකද ජීවිතේ ඇත්තටම විඳින්නෙ මම දැන්.
ඕනෙම වෙලාවක කැඩිලා බිඳිලා වෙන් වෙලා යන්න ඉඩ තියෙන බැඳීමක් අස්සෙ ඉඳන් නෙමෙයි,
මගෙ ඇතුලාන්තයෙන්ම සතුට හොයාගෙන.
මේ හැඟීම තමයි මම ජීවිතේ විඳපු ලස්සනම ආදරණීයම හැඟීම.

මේ මගේ කතාව.
මගේ ඇත්තම කතාව.

මගේ කතාවෙන් ඔයාලා මොනවාම හරි දෙයක් ඉගෙන ගත්තා නම්, ඒ මගේ සතුට!

නිවෙන සැනසෙන හිතක ලස්සන වෙන කිසිම තැනක නෑ!

ආදරෙයි හැමදාමත්ම!!!

මම නිශේද්.

සොඳුර ඔය දෙතොලගින් ආදරෙයි නොකියන්න
හැකියි නම් මා මෙලෙස මා ලෙසම පිලිගන්න
වෙලී තුරුලත හැඟුම් යදම් අප බැඳලන්න
කුමට පසු දිනෙක දැන දැනම හිත රිදවන්න

මා මමම, නුඹ නුඹම වී පිපී හිනැහෙන්න
හිරු නිවෙන හැන්දෑවෙ කවි පේලි දවටන්න
වැටෙන තැනකදි ඇවිත් වැලඳගෙන සනසන්න
මදිද, ආදරය, මොටද හෙට වෙන්වන්න

පිපී හිඳිනා විටෙක ජීවිතය විඳගන්න
පර වුනත් ඉතින් හෙට සැනසුමින් නිදියන්න....

- නිශේද් මානස -

-------------------------------------------------

ඉතින් නිශේද් ඔන්න අදින් පස්සෙ ආයෙම එන්නෙ නෑලු 🥺
දුකයි ගොඩාක්!

මේක මං ලිව්ව වෙනස්ම කතාවක්.
මේ ending එකට ඔයාලා ආස නැද්ද දන්නෑ. මං මේක ලියන්න පටන්ගද්දි හිතපු plot එකට වඩා මැදින් පොඩ්ඩක් වෙනස් කරන්න වුනා
ඒ නිසා මුලින්ම අහද්දි happy ending කිව්වෙ මේ ending එක ගැන හිතාගෙන නෙමෙයි.

ඒත් මේකත් ලස්සන happy ending එකක් නේද?
කොච්චර ප්‍රශ්න ආවත්, නිශේද් එයාගෙ ජීවිතේ වට්ට ගත්තෙ නෑ. තනියම දෙපයින් නැගිටින්න කරන්න ඕනෙ දේවල් ඔක්කොම කරගත්තා.
හිනා වෙලා සතුටින් ජීවත් වුනා.
තාත්තා කෙනෙක් විදියට අභිරුගෙ වගකීම් ඔක්කොම ඉශ්ට කලා. කාටවත්ම වදයක් කරදරයක් වෙන්න ගියේ නෑ. කා එක්කවත් තරහ වුනේ වෛර කලේ නෑ. එයාගෙ හොඳ ගතිගුණ නැති කරගත්තෙත් නෑ.
එයාගෙ සැනසීම එයාම හොයාගෙන අනිත් අයටත් ඒ ගැන කියා දෙන්න උත්සාහ කලා.

ඉතින් මේ ending එක කියවන කෙනෙකුගෙ ජීවිතේට සැනසීමක්, අලුත් බලාපොරොත්තුවක් දෙයි කියලා මට හිතෙනවා.
ආදර කතා ඇතුලෙ ජීවිතේ හොයන්න ගියාම ඒක හරිම වේදනාවක් වෙනවා.
කෙල්ලෙක් වුනත් කොල්ලෙක් වුනත් තමන්ගෙ සතුට තමන්ම හොයාගන්න එකයි වැදගත්. එතකොට ජීවිතේට එන යන ඕනෙ කෙනෙක් මොනවා කලත් හිත හයිය කරගෙන සතුටින් ජීවිත් වෙන්න පුළුවන්.
කාගෙවත් පස්සෙ ගිහින් ඒ මනුස්සයට වදයකුයි තමන්ට රිදුමකුයි ඉතුරු කර නොගෙන හිනා වෙලා ජීවිතේ විඳින්න පුළුවන්.

මේ කතාවට උල්කා කියලා නම දැම්මෙ හේතු කීපයක් නිසා.

1) නිශේද්
එයා කතාව පටන් ගන්න තැන ඉඳන්ම හිටියෙ පුදුම වේදනාවක. පිච්චෙන ගමන්. ඒත් එයාගෙන් කාටම හරි උදව්වක් ඕනෙ කලොත් ඒ වේදනාව මැද්දෙ ඉඳන් වුනත් එයාගෙ උපරිමේ කරන්න දෙපාරක් හිතුවෙ නෑ.
හරියට පිච්චෙන ගමන් වුනත් අනුන්ගෙ ප්‍රාර්ථනා ඉශ්ට කරන පුංචි උල්කාවක් වගේ.

2) ජීවිත.
අන්තිමේ සිද්ද වුනේ උල්කා වගේ හැමෝම දුරින් දුරට පියාඹලා ගිය එක. ඉතින් අපි හැමෝගෙමත් ජීවිත ඒ වගේ තමයි එකාතකට නේද? අද හිනා වෙලා කතාබහ කරන ලඟින්ම ඉන්න කෙනා හෙට කොහේ ඉඳීද කවුද දන්නෙ?

3) ආදරය.
ආදරේ එලියක් නම් ඒක හදන්න පුළුවන් තරුවකටම විතරද?
පුංචිකමට හිත හයිය කරගෙන එලිය විහිදන උල්කාත් තියෙනවා.

මහ විසාල ඉර අපිට එලිය දෙන්නෙ එයාගෙ ලඟ ඉඳන් එයා මත්තෙම කැරකෙනවා නම් විතරයි. හැබැයි ඒ එලිය දෙන ගමන් අපිව සැරින් සැරේ පුච්චලා දාන්නත් එයාට පුළුවන්.
එතකොට හඳ කරන්නෙ ඉර එලිය හොරකම් කරගෙන හැඩ මූණක් පෙන්නලා අපිව රවට්ටන එක.
තරු ඈතම ඈත ඉඳන් ලා එලියක් එක්ක ඔච්චම් කරනවා. පේනවා නේද මගෙන් විහිදෙන ලස්සන එලිය, මට ලං වුනොත් විතරයි හැබැයි මේ ඔක්කොම ලැබෙන්නෙ කියලා පෙන්නන්න උත්සාහ කරනවා.
ඒ අතරෙ බැරි බැරි ගානෙ තමන්ගෙම එලියකින් අනුන්ගෙ ජීවිතවල ලස්සන රටා මවන උල්කාත් ඉන්නවා. එයාලා එලිය දෙන්නෙ කිසිම දෙයක් බලාපොරොත්තු නොවී. මං මැරීගෙන බෙදන එලිය දෙන්න නම් මගේ ලඟ මගේ මත්තෙම ඉන්න ඕනෙ කියලා එයාලා හිතන්නෙ නෑ. පුළුවන් කාලයක් ලස්සන එලි රටාවක් මවලා දවසක් නිවිලා නැති වෙලා යනවා.

ඒ වගේම තමයි ආදරේදි.
ලඟට එනවා නම් විතරක් ආදරේ දෙන අය,
ආදරේ කරද්දි නිදහස සීමා කරන අය, එක එක විදිවලට රිද්දන අය,
බොරුවට ආදරෙයි වගේ රඟපාන අය,
ඈතින් ඉඳන් ඉඳ හිට එබිලා යන අය වගේම
කිසිම දෙයක් ආපිට බලාපොරොත්තු නොවී බෙල්ල කඩාගෙන තමන්ගෙ ජීවිතේම දීලා ආදරේ කරන මිනිස්සුත් ඉන්නවා.

හොයන්න අමාරුයි.
ඒත් නැත්තෙ නෑ.

ඉතින් මෙච්චර කල් ඔයාලා හැමෝම මාත් එක්ක මේ ගමනෙ ආවට මං කොයිතරම් නම් ස්තූතිවන්තද කියලා කියන්න වචන නෑ.

ඔයාලගෙ ලස්සනම ලස්සන comments නැතුව මට ගොඩාක් පාලු හිතෙයි.

ආදරෙයි මම ඇත්තටම මහා ගොඩාරියක් ❤️❤️❤️❤️❤️❤️🥺🥺🥺🥺🥺

හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️❤️❤️❤️

Lanjutkan Membaca

Kamu Akan Menyukai Ini

1.3M 42.9K 77
ယော.. ကျွန်တော်ကလူတော်..ဒါပေမယ့် လူကောင်းမဟုတ်ဘူး။ စာရေးသူ၏ စိတ်ကူးယဥ်မှုဖြင့် ရေးသောကြောင့် အပြင်လောကနှင့်ကွဲပြားနိုင်သည်ကို သတိချပ်ပေးစေလိုပါသည်။ လ...
24.1K 3.6K 38
අණ වින මායා බන්ධන දවයි ආදරේ ගිනිගෙන
619K 50.3K 54
မင်ရန်ရှင်း💓ဝမ်ယွမ် {ဝမ်ယင်}
5.4M 720K 198
Main Story ( Completed ) ~~~~~~~°°°°°~~~~~~~ Title - Transmigrated into the film empreor's death-seeking finance (穿成影帝作死未婚夫) Author - Lin Ang Si (林盎...