ආසි 💣 ( ✔️ )

By Kim_niru_55

56.6K 11.5K 1.8K

අපි අපේ නොවුනත් කමක් නෑ මට හැකියි නුඹට අවාරෙක සෙවනක් වෙන්න.........🌬️ More

01 කොටස ✴️
02 කොටස ✴️
03 කොටස ✴️
04 කොටස ✴️
05 කොටස ✴️
06 කොටස✴️
A/N
07 කොටස✴️
08 කොටස✴️
09 කොටස✴️
10 කොටස✴️
11 කොටස✴️
13 කොටස✴️
14 කොටස✴️
15 කොටස ✴️
16 කොටස ✴️
17 කොටස ✴️
18 කොටස ✴️
19 කොටස ✴️
20 කොටස ✴️
21 කොටස ✴️
22 කොටස ✴️
23 කොටස ✴️
24 කොටස ✴️
25 කොටස ✴️
26 කොටස ✴️
27 කොටස ✴️
28 කොටස ✴️
29 කොටස ✴️
30 කොටස ✴️
31 කොටස ✴️
32 කොටස ✴️
33 කොටස ✴️
34 කොටස ✴️
35 කොටස ✴️

12 කොටස✴️

1.4K 342 29
By Kim_niru_55

දවසම ආසි නිසා මුඩුම වෙලා ගියත්.. හිනා වෙලා ගෙදර වැඩ පල වලට අම්මටයි පාට්ටිටයි උදව් කරේ වෙන මට කරන්න වැඩක් නැති හන්ද..අප්පත් උදේම වැඩට ගිහින් තිබ්බ වගේම තම්බිත් යාලුවෙක් හම්බවෙන්න එලියට ගිය නිසා මම නම් අද ටිකක් පාලුවෙන් හිටියෙ.. මොකද තම්බි හිටිය නම් කාඩ් සෙල්ලමන් හරි කැරැම් අතක් හරි ගහනවනෙ.. ඒත් අද ඉතින් මට වැඩකාරය වගේ ගෙදර හැම දේකටම උදව් කරන්න වෙලා..

මොනා කරන්නද රස්සාවක්වත් නැති එකේ ගෙදර වැඩ පලට හරි උදව් කරන් ඉන්නව දැනට..

සූ...මේ බටු ටික බැදල ගනින්..

පාට්ටි කොළ මිටියක් දිග ඇරන් හොද කොළ ටික බිම ඉදන් තෝර තෝර ඉද්දි.. මට බටු බදින්න කියපු නිසා මම ඔලුව වනල කුස්සියට ගිහින් හීන් තීරු කපල තිබ්බ බටු ටික නටන තෙලේ දාල හැදි ගාන්න ගත්තහම තමා එලියෙ වේලෙන්න දාල තිබ්බ රෙදි ටික ගන්න ගිය අම්ම කුස්සියට ආවෙ..

පරිස්සමින් පුතා..තෙල් ඇගට වදී ...

හරි හරි අම්මා..

අපෙ අම්ම ඉතින් ඔහොම්මම තමයි.. එයාට බයයි මගෙ බේබි හම තෙල් වැදිල පිච්චේවි කියල..ආදරේට අම්ම මම ඉන්න තැන විතරක් ඔහොම කිව්වට.. ඔය කතාව පාට්ටි ඉන්න තැන කිව්ව නම් අම්මට හොද දෙකක් අහගන්න තමා වෙන්නෙ..

පාට්ටි කියන විදිහට අපි ඉන්න ඕන තෙල් තාච්චියට අත දාගෙන වැඩ කරන්න පුලුවන් විදිහෙ හිතේ හයියක් අරන්.. මම තෙල් වලට මගෙ හම පිච්චෙනවට කැමති නැති උනාට.. කවුද අප්ප තෙල් වලට බය.. පුහ් මම නම් යකෙක්ටවත් බය නෑ චූටි කාලෙ ඉදන්ම..

සූ..මෙන්න කෝල් එකක්...

එනෝ....

මන් බටු ටික බැදල ඉවර උනා විතරයි පාට්ටි සාලෙ ඉදන් මට කෑ ගහද්දි.. මම කග වේන වගේ දිව්වෙ කාමරේට.. මේසෙ උඩ තිබ්බ මගෙ ෆෝන් එක රිං වෙන නිසා.. මම ඉක්මනට ෆෝන් එක අතට අරන් බලද්දි දැක්කෙ කෝල් එක එන්නෙ තම්බිගෙන් කියල..

📱📱📱

අ...න්...නා

අමිත්...ඇයි අඬන්නෙ...මාව බය කරන්න එපා..

මු..කේශ්...ව...

ඇයි...එයාට මොකද අමිත්..තවත් මාව බය කරන්නෙ නැතුව මොකද්ද උනේ කියන්නකො...

එ...යා...ඇක්සි..ඩන්ට්...උනා...අන්නා...

මොකක්..

ම්...මට...බයයි...අන්නා...ඔයා...ඉක්මනට...එන්නකො...හොස්පිටල් එකට...

හරි හරි...අඬන් නැතුව මට කියන්න.. මොන හොස්පිටල් එකේද ඔයා ඉන්නෙ කියල...

Apollo Hospital එකේ..

මම දැන්ම එනවා...

ෆෝන් එක කට් කරපු මම හිටියෙ ගොඩක් කලබල වෙලා.. ඉක්මනට අතට අහු උන ඇඳුමක් දාන් කාමරෙන් එලියට දුවල ගියෙ තම්බි මට අඬ අඬ කියපු දේවල් ගැන මතක් කර කර..

පුතා...කොහෙද මේ හදිසියෙම යන්නෙ..

ගමනක්...මම එන්න ටිකක් රෑ වෙයි..

තව මුකුත් අම්ම මගෙන් අහන්න කලින් මම හදිසියෙන් වගේ සෙරප්පු දෙකත් දාගෙන ගේට් එකත් ඇරන් පාර දිගේ දුව දුව ගිහින් බස් එකේ නැග්ගෙ තම්බිට මැසේජ් එකක් දාන ගමන්..

📲( මම එන ගමන් අමිත්......)

ෆෝන් එක සාක්කුවෙ දාගත්ත මන් නලලින් ගලන දාඩිය අතින් පිහිද ගන්න ගමන් කල්පනා කරේ.. තම්බි අද යාලුව එක්ක ගිහින් මොනා කරගත්තද.. කොහොමද අර කොල්ල ඇක්සිඩන්ට් උනේ..තම්බිටත් තුවාල එහෙම වෙලාද යන ප්‍රශ්න ගොඩකින් මගෙ හිතම නොසන්සුන් කරල තියෙද්දි..බස් එක ගහපු බ්‍රේක් පාරට මාව ඉස්සරහට තල්ලු වෙච්ච නිසයි.. මම හරි සිහියට ආවෙ..

බහින්න ඕන හෝල්ට් එක පහු වෙලා තියෙද්දි.. මම කඩි මුඩියෙම බස් එකෙන් බැහැල පයින්ම අපහු ආපස්සට යන්න උනේ මගෙ අවසහියෙ හොද කම නිසා තමයි ඉතින්.. කල්පනාව පිට හොස්පිටල් එකටත් ආපු මම රිසෙප්ශන් එකෙන් අහගෙන දෙවනි තට්ටුවෙ කොරිඩෝ එකේ දිගටම එද්දි.. තම්බි එතන තිබ්බ රූම් එහෙකින් එලියට ආවෙ ෆෝන් එකත් කනේ ගහගෙන කා එක්කදෝ කතා කර කර..

අමිත්...

අන්....නා....

මාව දැක්ක අමිත්ට ෆෝන් එකෙන් කතා කර කර හිටපු කෙනාවත් අමතක වෙලා ගිහින්.. මන් ලගට දුවල ඇවිත් මාව පොඩි දරුවෙක් වගේ බදාගෙන ඉකි ගගහ අඬන්න ගද්දි.. මම එයාගෙ පිට දිගේ මගෙ එක අතක් උඩට පහලට ගෙනියන ගමන්.. ටිකක් එයා සන්සුන් වෙනකන් නිහඬව හිටිය..

මෙච්චර වෙලා අඬපු අමිත්.. ටිකෙන් ටික අඬන එක අඩු කරල නහයෙන් උඩට ඇද ඇද මගෙන් ඈත් වෙලා බිම බලාගෙන හිටියෙ මූණත් රතු කරගෙන..

මම එයාගෙ අතින් ඇදගෙන ඇක්සිඩන්ට් වෙච්ච අමිත්ගෙ යාලුව ඉන්න රූම් එකට ගෙනිහින් බලද්දි... මුකේශ් ඉන්න විදිහ දැක්ක මගෙ ඇගම පන නැතුව ගියා වගේ දැනුනෙ..

තම්බි..මොකද්ද උනේ කියල කියනවද මට..කොහොමද මෙහෙම දෙයක් උනේ...

ඇස් වල කදුළුත් පුරෝගෙන මෙච්චර වෙලා බිම බලන් හිටපු තම්බි මගෙ මූණ දිහා බලල වෙච්ච දේ කියන්න ගත්තෙත් හිතේ දුක දරාගෙන කියල මට හොදටම තේරුනේ..එයාගෙ කටහඬ පවා වෙව්ලන නිසා...

අද කවදාවත් නැතුව මුකේ..ශ්ට ඕන උනා අන්න පීස කන්න.. මම කිව්ව මට බඩගිනි නෑ.. ම..න්..ගෙදරින් එද්දි කාල ආවෙ කියල...ඒත් මූ ඇහුවෙ නෑ මාවත් එක්කරගෙන පීස කන්න ගියා.. අපි රෙස්ටුරන්ට් එකේ පැය බාගයක් වගේ ඉදල තමයි එලියට ආවෙ.. අපි දෙන්නම පාරත් පැන්නයින් පස්සෙ මුකේශ් කිව්ව එයාගෙ ෆෝන් එක අමතක වෙලා දාල ඇවිත් කියල රෙස්ටුරන්ට් එකේ මේසෙ උඩ.. ඉතින් ඌ ආපිට ආයෙ පාර පැනල දුවල ගිහින් ෆෝන් එකත් අරන් හිනා වෙවී තමයි පාර පැන්න කියල මට මතක.. එක පාරටම ලොරියක් ඇවිත් මුකේශ්...ව.........හප්පගෙන ගියා....අන්නා......""

ඉතුරු ටික කියා ගන්න බැරුව තම්බි යටි තොල හපන් අඬන්න ගද්දි.. මම එයාව බදා ගත්තෙ ඇඳ උඩ අත් කකුල් වගේම ඔලුවත් වෙලාගෙන ඇස් පියාගෙන ඉන්න මුකේශ් දිහා බලාගෙනමයි...

මුකේශ් තම්බිගෙ හොදම යාලුවා.. එයාල දෙන්න මුම්බායි ඉන්න කන්ම හිටියෙ ජාඩියට මූඩිය වගේ.. ඒත් අපි චෙන්නයි ආවයින් පස්සෙ එයාලගෙ යාලුකමුත් කාලෙත් එක්ක අමතක වෙලා ගිහින් තිබ්බ.. ඒත් අපි වැරදි.. මුකේශ් කවදාවත් අමිත්ගෙයි එයාගෙයි යාලු කම අමතක කරල තිබ්බෙ නෑ.. අන්න ඒ හින්ද අද තමන්ගෙ යාලුව බලන්න දුරු කතර ගෙවාගෙන ආපු මුකේශ්ට සිද්ද උනේ ඇඳක් උඩ නිහඬව ඇස් පියාගෙන ඉන්න...

මුකේශ්ගෙ අප්ප එයාව පුංචි කාලෙමයි දාල දෙවියන් ලගට ගිහින් තිබ්බෙ.. ඒ වගේම එයාගෙ අම්ම කුවේට් රටට ගිහින් දැනට අවුරුදු පහකටත් වැඩී.. ඒත් තවම අම්මගෙන් ආරන්චියක් නෑ.. අඩු තරමෙ ජීවත් වෙනවද නැද්ද කියලවත් අදටත් මුකේශ් දන්නෙ නෑ.. අම්මව කාලයක්ම පන දාගෙන හෙව්වත් මෑතකදි මුකේශ් අම්මව හොයන එක නතර කරල තිබ්බ අමිත්ගෙ කීමට.... ඉතින් පුංචි කාලෙ ඉදන් කාත් කවුරුත් නැතුව බෝඩිම් ගානෙ දුක් වින්ද මුකේශ්ට අන්තිමට උරුම උනේ මෙහෙම දෛවයක්ද...?

ලගදි ෆුඩ් ෆැක්ට්‍රියකට ගිහින් මුකේශ් ජීවිතේ ගැට ගහගත්තෙ ගොඩක් අමාරුවෙන් උනත්.. හම්බ වෙච්ච සුලු මුදලින් කාල ඇදල ඉන්න පුලුවන් උනා කියල මුකේශ් අමිත්ට කියල තිබ්බ.. ජොබ් එක නිසා ගොඩක් සතුටින් හිටපු මුකේශ් අද තම්බිව බලන්න ඇවිත් තියෙන්නෙත් ජොබ් එක හම්බ උන සතුට සමරන්න කියල හිතන්..

ඒත් අන්තිමේදි මගෙ තම්බිව බලන්න ආපු එයා කර ගත්තෙ වැරැද්දක් කියලමයි හිතෙන්නෙ.. මට දැනෙන දේම තම්බිටත් දැනුන නිසා වෙන්න ඇති මේ තරම්ම එයා අඬන්නෙත්..සමහර විට අද මුකේශ් තම්බිව බලන්න ආවෙ නැත්තම් එයා අත පය හොදට තියාගෙන සතුටින් ඉන්නත් තිබ්බ...

දැන් අඬන්න එපා...ඔයාගෙ අතේ වරදක්  නෑනෙ අමිත්..

මගෙ පපුවට තුරුල් වෙලා ගෑණු ළමයෙක් වගේ අඬන තම්බිව මම සනසන්න උත්සහ කරා පුලුවන් විදිහට.. මොකද එයා නෙමෙයිනෙ මුකේශ්ව ඇක්සිඩන්ට් කරේ.. එයා නිකන් අඬ අඬ  දුක් වෙනවට වඩා මේ වෙලවෙ මට ඕන උනේ තම්බි මුකේශ්ට හයියක් වෙනවා බලන්න... ඉතින් මම හවස් වෙනක්නම
තම්බි ලගින්ම හිටියෙ එයාව තනි කරන්න බැරි කමට..

මුකේශ්ට නම් සිහිය ආවෙ නෑ තවමත්.. ඩොක්ටර්ස්ල කියපු විදිහට එයාට නින්ද යන්න දීපු බෙහෙත් නිසා..හෙට උදේට මුකේශ්ට සිහිය එන්න ඉඩ තියෙනවා.. ඉතින් මුකේශ් ඇස් අරින් නැති එකටත් හූල්ලන තම්බිව ආම්බාන් කරන්න මට ලේසි උනේ නම් නෑ හැබැයි..

අන්නා...

හ්ම්...

ඔයා ගෙදර යන්න...

නිසොලමන්ව ඇඳ උඩ ඉන්න මුකේශ් දිහා අපි දෙන්නම බලාන ඉද්දි.. මෙච්චර වෙලා තිබ්බ නිහැඩියාව නැති කරල තම්බි මට කියපු දෙයින් මගෙ ඇස් ඉබේටම ගියෙ එයා ලගට..

එතකොට ඔයා...

මම මෙයා ලග ඉන්නම් අන්නා.. ඔයා ගෙදර යන්න...

ඒත්...

තවත් රෑ වෙන් නැතුව යන්න..

සුදු මැලි වෙලා තියන තොල් හොල්ලලා තම්බි කියපු දේත් වරදක් නෑ...මුකේශ්ගෙ යාලුව උන අමිත් මේ වෙලාවෙ එයා ලග ඉන්නම ඕන.. ඒ වගේම එයාට සිහිය එද්දිත් දකින්න ඕන එයාගෙ හොදම යාලුව අමිත්ව විතරක් නිසා...මම අකමැත්තෙන් උනත් එයාව මෙතන දාල යන්න තීරණය කරා..

මම තම්බිගෙ හිස පිරි මැදල රූම් එකෙන් එලියට ආවෙ හිතේ දුකින්..මොකද මම දන්නව මන් ලග නැති මේ වෙලාවෙත් අමිත් පොඩි එකෙක් වගේ අඬනව ඇති කියල..

තම්බිව දාල එන්න හිත දුන් නැති උනත්.. ගෙදර ගියාම අම්ම මගෙන් අහන ප්‍රශ්න වලට බොරුවක් කියනව කියල හිතා ගත්තෙ මුකේශ් ගැන හිතලමයි.. මොකද එයාට කරදරයක් උන වෙලාවෙ අනිවාරෙන් අපි එයා ලග ඉන්න ඕන. ඒකට තමයි මනුස්ස කම කියන්නෙ..

රෑ ජාමෙ හොස්පිටල් එකෙන් එලියට බැස්සත් මම හිතුවෙ නෑ පාරෙ වාහනයක්වත් මනුස්සයෙක්වත් ඉන්නෙ නැති වෙයි කියල..

ඒත් දැන් එලියට බැස්ස එකේ පයින් හරි ගෙදර යනව කියල හිතල බයෙන් බයෙන් පේමට් එක දිගේ යද්දි.. මට පිටි පස්සෙන් මගෙ පස්සෙන් එන අඩි සද්දයක් එක ලග වගේ ඇහෙන්න ගත්ත නිසා.. මම පස්ස නොබල දිව්වෙ හොල්මනක් කියල හිතල..

හති දාගෙන දුවපු මම ඈතින් ජීප් එකක් එනව දැකල ඒකට අත දැම්මෙ මන් ගැනවත් හිතන් නැතුව..

වේගෙන් ආපු ජීප් එක මගෙ කකුල් දෙක ඉස්සරහම නවත්තද්දි.. මම හොද හුස්මක් අරගෙන ජීප් එක ලගට ලන් උනේ ඕන එකක් වෙච්ච දෙන් කියල හිතාගෙන..කළු වීදුරු තියන ජීප් එක ඇතුලෙ මොකාද ඉන්නෙ කියලවත් පේන් නැත්තෙ මට උන් ශටර් එකක්වත් තවමත් ඇරියෙ නැති නිසා..

බැරිම තැන මගෙ ඉස්සරහ නවත්තල තියෙන ජීප් එකේ ශටර් එකට තට්ටු කරල මම කතා කරද්දි.. ශටර් එක ඇස් පිය ගහන ශනික පහතට දැම්මත් එක්කම...ඇතුලෙ ඉදන් මන් දිහා රවාගෙන බලන් ඉන්න කෙනා දැක්කම.. මගෙ බොකු බඩවැල් නලියන්න ගත්තා වගේ දැනුනෙ...

ආසි......................................

එයා මගෙ උඩ ඉදන් පල්ලෙහාටම එයාගෙ නපුරු ඇස් දෙක ගෙනියන හැටි දැක්කහම මට කේන්තිත් එක්ක.. හරියට නිකන් මමත් එයා දිහා බලන් ඉන්නෙ පොලිසියට අහු උන අමු තඩි හොරෙක් වගේනෙ.. මෙච්චර වෙලා දුකින් හිටපු මට ආසිව දැක්ක ගමන් දැනුනෙ පුකට ඩයිනමයිට් එකක් සෙට් කරල වගේ හැඟීමක්..

මේ රෑ මොනවද මහ පාරෙ කරන්නෙ..

ආහ් මම ටීක් බෝල ගගහ හිටියෙ..

එයා මගෙන් අහපු දේට මම හරහට වගේ කතා කරද්දි... එයා නෙමේ මාව සතේකට ගනන් ගන්නෙ..

බෝල ගැහුවට කමක් නෑ.. බෝල බස්ස ගන්නෙ නැතුව..

යා මොකද්ද කිව්වෙ තමුසෙ...,

එයා කියපු කුණු කතාව තේරුම් ගන්න මට මහ වෙලාවක් ගත නොවෙද්දෙ.. මම එයාටත් කෑ ගහල ජීප් එකටත් පයින් එකක් ගහල එතනින් යන්න හැදුවත්..

මේ විකාර නොකර නැගහන්..

මට බෑ....

එක පාරක් කිව්වම නැගහන් යකෝ..

මට බෑ කියල කිව්වනෙ..

අන්තිම පාර මම කියන්නෙ.. නගිනවද නැද්ද උබ...

ඒක මගෙන් ඇහුවෙ ටිකක් තදින් උනාට...මම එයාව තබේකට මායිම් නොකර යන්න හැරෙද්දිම...ආසි ජීප් එකෙන් බැහැල ඇවිත් මගෙ අතින් ඇදල අරන් පිටි පස්සෙ සීට් එකට තල්ලු කරල දාල එයත් නැග්ගෙ.. ඩ්‍රයිවින් සීට් එකේ හිටපු කොල්ලට යමන් කියල කියාගෙන මන් දිහා එක පාරක්වත් නොබලමයි...

මට යන්න දෙනවා....හැබැයි යන්න දුන්නෙ නැත්තම් මම පයිනව වාහනෙන් එලියට..

උබ පයින්න ඕන නෑ.. වැඩිය කෑ ගැහුවොත් එහෙම මමම උබව උස්සල එලියට දානවා..

සීට් එකේ කොනේම ගුලි වෙලා ඉන්න මම කියන දේවල් වලට මල පන්න ගත්ත ආසි මට ටිකක් සද්දෙන් කෑ ගහපු විදිහට නම් මට චුට්ටම චුට්ටක් දුක හිතුන..ඒ එයා මට ටිකක් සැරෙන් කතා කරපු නිසා නම් නෙමේ.. ඇත්තටම ආසිගෙ කටේ සද්දෙ බස්සන්න එයාගෙ රැවුල් ගස් ටික ගලව ගන්න බැරි උන දුකයි මගෙ හිතේ තිබ්බෙ..




>>>>>>>>>

ආසිගෙනුයි සූර්ගෙනුයි දෙන්නගෙන් එක්කෙනෙක්ව ඔයාලට තෝර ගන්න කිව්වොත් ඔයාල කාවද තෝරගන්නෙ..

2023.09.21
S.M.බඩී✍️

Continue Reading

You'll Also Like

61K 14.1K 40
හිනාවෙන මේ පපුව අස්සේ ඉතින් හිරකර වේදනාවන්... බලා සිටියේ දවස එනතුරු හිතේ ගින්දර තුරුලු කරලන්..
570K 49.5K 29
Taekook Fanfiction Jeon Kim Own creation
104K 18.1K 58
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බ...
3K 536 17
ආදරේ වෙනුවෙන් වෙන්වීමක්.... ඉතින් දරාගත හැකි වේවිද.... දරාගැනීමද ආදරයක් නම්.... ඉතින් කුමක් සිදු වේවිද....