ආසි 💣 ( ✔️ )

By Kim_niru_55

55.9K 11.4K 1.7K

අපි අපේ නොවුනත් කමක් නෑ මට හැකියි නුඹට අවාරෙක සෙවනක් වෙන්න.........🌬️ More

01 කොටස ✴️
02 කොටස ✴️
03 කොටස ✴️
04 කොටස ✴️
05 කොටස ✴️
06 කොටස✴️
A/N
07 කොටස✴️
08 කොටස✴️
09 කොටස✴️
11 කොටස✴️
12 කොටස✴️
13 කොටස✴️
14 කොටස✴️
15 කොටස ✴️
16 කොටස ✴️
17 කොටස ✴️
18 කොටස ✴️
19 කොටස ✴️
20 කොටස ✴️
21 කොටස ✴️
22 කොටස ✴️
23 කොටස ✴️
24 කොටස ✴️
25 කොටස ✴️
26 කොටස ✴️
27 කොටස ✴️
28 කොටස ✴️
29 කොටස ✴️
30 කොටස ✴️
31 කොටස ✴️
32 කොටස ✴️
33 කොටස ✴️
34 කොටස ✴️
35 කොටස ✴️

10 කොටස✴️

1.4K 345 65
By Kim_niru_55

මම අඩි පොලේ ගගහ කොච්චර කෑ ගැහුවත් ආසි නෙමේ ආවෙවත් නිකන් හරි මම ඇයි මෙච්චර බෙරිහන් දෙන්නෙ කියල බලන්න.. කොහොමත් ඒ මිනිහට එන්න බෑනෙ..මොකද ඒකනෙ මගෙ ඇඳුම උස්සපු තක්කඩිය...

ආසිගෙ අම්ම අප්ප සිහි කර කර නාගෙන මම උඩ කෑල්ල ටවල් එකෙන් වහන් යටට කලිසම ඇදගෙන බාලදියත් උස්සන් ආසිගෙ ගේ දිහාට කෙල තලියකුත් ගහල ගස්සගෙන ගෙදට්ට ආවෙ හූල්ල හූල්ල...

අන්න කෝ ඔයාගෙ ඇඳුම...

අරූ ගිලල..

මගෙ ඉස්සරහට ආපු තම්බි මගෙන් ඇඳුම ගැන අහන්න ඇත්තෙ මම ගෙයින් එලියට විලි වහන් ගිහිල්ල ආයෙ එද්දි උඩ කෑල්ල ඒසි පිට ආපු හන්ද වෙන්න ඇති.. ඒත් මම එයාටත් රවාගෙන අර විල්ලන් ආසියටත් හිතින් දෙස් තිය තිය රෙදි ටික වනන්න ගියා..

සූ...

අම්මා ඇයි..

කඩේට ගිහින් එන්න පුලුවන්ද..?

රෙදි වන වන හිටපු මන් ලගට ආපු අම්ම සාරි පොටකින් නලල පිහිද ගෙන මන් දිහා බලන් ඉන්න හැටි දැක්කම මට අම්මගෙ මූණෙන් පෙවුනෙ තෙහෙට්ටු පාටක්..

උදේ නැගිට්ට වෙලාවෙ ඉදන් අපිට කෝපි හදනවයි කෑම හදනවයි තව රෙදි හෝදනවයි ගේ අස් කරනවයි ඇරෙන්න විවේකයක් ඇත්තෙම නැති වෙද්දි.. රෑට නිදන් ඉන්න අම්ම සමහර වෙලාවල් වලට කෙදිරි ගානවා මට ඇහිල තියෙනවා..හැම අම්ම කෙනෙක්ම මේ වගේම දුක හංගන් හිනා වෙලා හිටියට.. මගෙ අම්මට මට දෙන්න ඕන වෙලා තිබ්බෙ සතුට විතරමයි.. මගෙ අම්ම හිනා වෙලා ඉන්නව බලන්නයි මට ඕන.. ඒත් මට හයියක් නෑ තවම අම්මට දුකක් නොදී සතුටින් තියන්න.. මට මේ වගේ වෙලාවල් වලට තමයි හිතෙන්නෙ මම මහ කාලකන්නි පුතෙක් කියල..

මොනාද අම්ම ගේන්න ඕන..

පොල්ගෙඩියක් දරුවො...

අහ්..සල්ලි ගෙනත් දෙන්න..මම ඉක්මනට කමිසයක් දාන් එන්නම්..

අම්ම ඔලුව වනල ගෙට යන්න යද්දි.. මමත් රෙදි ටික වනල දාල කාමරේට ගිහින් කමිසයක් ඇදගෙන කොණ්ඩෙත් එක අතකින් හද හද කාමරෙන් එලියට එද්දිම අම්ම මන් ලගට ඇවිත් සල්ලි දීල කුස්සියට යන්න ගියා.. අපි කරන කියන හැමදේම පිට මිනිහෙක් ගානට අප්ප පැත්තකට වෙලා ඉදන් හොරෙන් බලනව මම දැක්කත් නොදැක්ක ගානට යන්න ගියෙ ගේට් එකත් වහගෙනම...

පාර මැද්දෙ එහෙ මෙහෙ දුව දුව සෙල්ලම් කරන කොල්ලො කුරුට්ටො ටික දිහාත් බල බල මම මඩ වලවල් වලින් බේරි බේරි අයින දිගේ යද්දි.. මගෙ ඉස්සරහට හිනා වෙවී පිරිමි දෙන්නෙක් එක්ක ආවෙ ආර්යා..

අහ්....කොහෙද මේ යන්නෙ...

ම...මම..මේ..කඩේට යනවා..

ඇයි මේ බය වෙලා..

එහෙම එකක් නෑ...

හරි හරි යන්න එහෙනම්..

මෙච්චර වෙලා අර්යාගෙ මූණ බලල උත්තර නොදුන්න මගෙ වෙනස තේරිලද කොහෙද එයා මට යන්න කියල කියපු නිසා මම දුවල කඩේ ලගට ගියෙ ආර්ය ගිය දිහා හැරි හැරි බල බලමයි..

එයා එක්ක කතා කරන්න බයක් නැති උනාට අර ආසි ලග ඉන්න ගෝලොයො දෙන්න දැක්කම නම් බය හිතෙනවා.. මොකද මරුමුස් පෙනුමක් තියන ඒ මිනිස්සු මන් දිහා කන්න වගේ බලන් ඉද්දි කොච්චර වීරය වගේ මම දැගලුවත් පොඩ්ඩක් හරි හිත හෙල්ලෙනවා ඒ වෙලාවල් වලට..

ඉක්මනට කඩෙන් පොල් ගෙඩියකුත් අරගෙන මම ආපිට ගේ දිහාට එද්දි මගෙ කකුල් දෙක එක තැන හිර වුනේ අර පොඩි උන් එක්ක සෙල්ලම් කර කර ඉන්න අලි බබාව දැකල..

මේ මිනිහ නම් මහ සාපයක්...

පොඩි උන් එක්ක ක්‍රිකට් ගහන ආසි දිහා මම රවාගෙන බලන් හිටියෙ ගෙදට්ට යාගන්න බැරුව..

මගෙ හිත කිව්වෙම සූර් උබ දැන්ම ගිහින් උගෙන් ඉල්ලපන් උබෙ ටීශර්ට් එක කියල.. පස්සෙ ආයෙ මතක් වෙන්න ගත්ත මම එයාගෙ අත හපපු විදිහ සතෙක් වගේ.. ඒ නිසාම මම ඔලුව පහත් කරන් පොඩි උන් ටිකව පාස් කරගෙන යන්න යද්දි..

මොන...මගු....

පාඩුවෙ පාර අයිනෙ ගිය මගේ පිට මැද්දටම තරු පේන්න වැදුන බෝලෙ නිසා මම කේන්තියෙන් කෑ ගහන්න ගියත් අර පොඩි ඇම්බැට්ටයො ටිකට..   වචන සේරම ගිල ගත්තෙ මන් දිහා ඉනට අත් දෙක තියන් බලාගෙන ඉන්න ආසි නිසා...

ඕයි...ඕක එවහන් මෙහෙට...

මට ළමයි ඉස්සරහ සද්දයක් දාපු ආසිට රවාගෙනම මම කකුල් දෙක ලග තියන බෝලෙ එයාගෙ පැත්තට විසි කරද්දි.. එයා එක අතකින් බෝලෙ අල්ලල මන් දිහා බලන් ඉදල අනිත් අතින් මට එයාගෙ ලගට එන්න කියල කතා කරද්දි.. මට පස්ස නොබල දුවල ආපිට කඩේට යන්න හිතුනෙ..ඒ එක්කම මම ලේන් එකේ ගෙවල් දිහා ඇස් යවල  බැලුවෙ මිනිස්සු අපි දිහා බලන් ඉන්නවද කියල ..

මගෙ වෙලාව හොද කමට එහෙන් මෙහෙන් මිනිහෙක් දෙන්නෙක් හිටිය මිසක් ගෑණු පුලුටක් දකින්න ලැබුන් නැති නිසා.. මම හෙමීට එයා ලගට කිට්ටු උනේ නොයා බැරි කමට.. කොහොමත් ආසිගෙ කීම මම අහක දැම්මොත් මාව හතර මන් හන්දියේ මැද එල්ලලා මරයි.. එහෙමට යකෙක් ආසි කියන්නෙ මම දන්න තරමින්..

දෙනවා ඕක..

අනේ...එපා....

ආසි මගෙ අතින් පොල්ගෙඩිය උදුරල අරගෙන ළමයින්ගෙ අතින් අතට පොල් ගෙඩිය පාස් කරද්දි.. මම ගොනෙක් වගේ පොල්ගෙඩිය පස්සෙ නාහෙන් අඬ අඬ ගියා..

උබ මාව අද හැපුව නේද..ම්ම්...කතා කරපන් ඉතින්..

මගෙ එක අතකින් අල්ල ගත්ත ආසි අනිත් අතේ පොල් ගෙඩියත් තියන් මට මේ මතක් කරන්න හදන්නෙ අද මම එයාව ලිෆ්ට් එක ඇතුලෙදි හපපු විදිහ ගැන..මට දැන් දැන් පුංචිම පුංචි බයක් දැනුනෙ මේ මිනිහ තරහට මගෙ ඔලුව පැලෙන්න පොල් ගෙඩියෙන් ගහයිද කියලමයි..

ඇයි...මට මෙහෙම ලැජ්ජ කරන්නෙ...මිනිස්සු බලනව ආසි අපි දිහා...

පාරෙ යන එන මිනිස්සු එහෙම අපි දිහා බලාගෙන එහෙට මෙහෙට යද්දි මම කොල්ලෙක් වෙලත් මට දැනුනෙ මාරම ලැජ්ජාවක්..අනික මෙච්චර පොඩි උන් ඉද්දි මන් එක්කම ආසි මෙහෙම සෙල්ලන් කරන්න හදන නිසා මට එයා එක්ක ඇති උනේ පුදුමා කාර තරහක් කිව්වොත් හරි..

ඉතින් බලපුදෙන්..

අනේ ඔය පොල් ගෙඩිය මට දෙන්නකො..

ආසි පොල් ගෙඩිය තියන් ඉන්න අත උඩට උස්සගෙන ඉද්දි.. මම උඩ පැන පැන ඒක ගන්න දගලන හැටි පොඩි උන් ටික බලන් ඉදල මහ හයියෙන් හිනා වෙන්න ගත්තා..

අතාරිනව මාව..

ආසිගෙ පපුවට මිට මොලෝල එක අතකින් ගහගෙන ගහගෙන ගිය මම දිහා රවල බලපු එයා මාව ඇදල තවත් ලගට ගනිද්දි.. මගෙ හුස්ම තද වෙලා කට වැහිල ගියෙ එයාගෙ ඇස් වල තියන නපුරු කම මම ඕනවටත් වඩා ලගට දැක්ක නිසා..

මේක අම්මට දීල මගෙ ගෙදරට එනවා දැන්ම.. හරිද...?

ම..ම...මොකටද...ඔයාගෙ ගෙදරට....එ.....

ශ්ශ්...මම කියන දේ කරන්න..නැත්තම් මෙන්න මේ පොල් ගෙඩිය කඩනව උබෙ ඔලු...වෙ...ගහල...

හරි...හරි...මම...එන්නම්...

එහෙම කියපු නිසාම මාව එයා අතෑරල දාල මගෙ අතට පොල්ගෙඩිය දුන්නම මම පස්ස නොබල ගේ දිහාට දුවල ගියෙ  හති ඇර ඇර..

පුතා..මොකද මේ...

අහ්...මගෙ පස්සෙන් බල්ලෙක් පැන්නුවනෙ අම්ම..

බල්ලෙක්..

ඔව්...ලොකු එකෙක්..

මම පොල් ගෙඩිය අම්මගෙ අතට දීල ගල් කුඩු පට්ටන් වෙන බොරු කිව්වෙ ඇත්ත කියන්න බැරි කමට.. අම්ම උනත් බය වෙයි ආසි මගෙ පස්සෙන් පන්න පන්න පලිගන්න හදනව කියල දැන ගත්ත හම.. ඉතින් ඇත්තනෙ ආසි විහිලුවෙන් හරි කරන්නෙ මගෙන් පලි ගන්න එකනෙ..එයා හිතුවද දන් නෑ මනුස්සයෙක්ගෙ හිතේ තියන දෙයක් නොතේරෙන්න තරම් මම බබෙක් කියල..

අනිත් දවසෙ තම්බිවත් එක්කන් යන්න කඩේ.. එතකොට ඔය ප්‍රශ්න කිසි දෙයක් නෑනෙ..

හ්ම්..

අම්ම මම ටිකක් එලියට ගිහින් එන්නද...?

මෙච්චර වෙලා නැවීගෙන දණිස් දෙක අල්ලන් හති ඇරපු මට මතක් උනේ ආසි අන්තිමට කියපු වචන ටික.. ඉතින් ආසිගෙන් මගෙ ඔලුව බේරගන්න නම් මට එයා ලගට යන්න වෙනව කියල හිතාගෙන අම්මට ආයෙත් බොරුවක් කිව්වෙ නම් බිම බලාගෙන..

ඒ පාර කොහෙ යන්නද...?

එලියට අනේ...

හ්ම්..කොහෙ ගියත් කමක් නෑ.. යන තැනකට තම්බිවත් අරන් යන්න..

අම්ම කියපු දේට මම ගහපු ප්ලෑන් එක ඔක්කොම කුඩු පට්ටන් වෙලා යද්දි.. මම බොරු තරහක් ආරූඩ කරන් අඩි පොලේ ගගහ කන් කෙදිරි ගාන්න ගත්ත අම්මගෙ සාරි පොට අල්ලන්..

අනේ...අම්මා..

හරි එහෙනම් ගිහින් එන්නකො.. හැබැයි බල්ලෙක්ට කියල කා ගත්තයෙන් පස්සෙ මට නම් කියන්න එපා..

අම්ම එහෙම කියල මම එලියෙ ඉද්දිම දොරත් වහල දාද්දි..මම එයාව පස්සෙ යාලු කරගනව කියල හිතාගෙන ගේට් එක හෙමීට වහල ආසිගෙ ගේ දිහාට යද්දි.. මිනිස්සු මන් දිහා වෙන වැඩ කරන අතර මාව පෙන්න පෙන්න කුටු කුටු ගගා එගොල්ලො එගොල්ලොම කියවන හැටි දැක්කම මම උන්ටත් රවාගෙන ගිහින් දොර ලග හිටන් ඉන්න ආර්ය ඉස්සහ හිටගත්ත..

දෙයක් අහන්නද....?

මොකද්ද කියන්න ඉතින්...

ආසි අන්නට මොනවද හලෝ ඔයා මේ කරේ...

ම්..මොනව ගැනද අහන්නෙ..

සක්කුවට අත් දෙක දාගෙන මන් දිහා උඩ ඉදන් පල්ලෙහාට බලන ආර්ය මොන වගේ දෙයක් ගැන අදහස් කරනවද කියල නොතේරුන මගෙ හිත නම් දැන් එක එක දේවල් කියන්න අරන් තිබ්බ..

මුකුත් නෑ...යන්න ඔයා ඇතුලට..

එයා මට කියන්න හිටපු දේ නොකිය දොර ඇරල ඇතුලට යන්න කියල ඇස් වලින් ඉගි කරද්දි.. මම ඉතින් ඔලුව පහත් කරන් ඇතුල් උනේ ආසි මොන එහෙකට මට මේ වෙලවෙ ගෙට එන්න කිව්වද කියල හිත හිත..

අහ් එන්න එන්න..

අතේ බියර් බෝතලයක් තියාගෙන ඉන්න ආසි කරන දේ දැක්කම මගෙ යකා නැග්ග.. ඇත්තටම හොද මනුස්සයෙක් උනත් මේ වෙලාවෙ එයා කරන අමන වැඩේට මල පැන්නෙ නැති උනොත් තමයි පුදුම.. මොකද එයා මගෙන්ම උස්සපු ටීශර්ට් එකෙන් බිම පිහිදනව හෙන ආතල් එකේ කිසිම ගානක් නැතුව..ඉතින් මට මේ වෙලාවට තමයි ආසිව මරන්න හිතෙන්නෙ..

යා...මොනවද මිනිහො ඔය කරන්නෙ..

පේන්නෙ නැද්ද.. මගෙ අතින් බියර් ටිකක් වැටුන..ඉතින් දැන් මේ පිහිදනවා..

මාව සතේකට ගනන් නොගෙන එහෙම කියපු එයා.. ටීශර්ට් එක කකුලින් පොඩි කර කර පිහිදන විදිහ දැක්කම මට දැනුනෙ එයා මාව බිම දාල පාගනව වගේ හැඟීමක්..

ඔ..ඔය...මගෙ..ඇඳුම...

ඉතින්...

ඇයි...මෙහෙම..කරන්නෙ..ඔය..ඇඳුම..මට...කොච්චර වටින...එකක්ද..කියල ඔයා..දන්නවද...ඕක...මට...අම්ම..ආසාවෙන්...අරන්...දුන්න...ඇඳුමක්...ඇයි...ඇයි...ආසි...මගෙන්..මෙහෙම...පලි..ගන්නෙ..මම...මොනාද...ඔයාට..කරේ...මේ..වගේ..දේවල්..කරන්න...තරම්......

මම ආසිගෙ කකුල් දෙක ලග වැද වැටිල ඉකි ගගහ අඬ අඬ කියපු දේට ආසි මෙච්චර වෙලා කර කර හිටපු කුප්ප වැඩේ නතර කරල මන් ලගට ඇවිත් පහත් උනේ බියර් බෝතලෙන් උගුරක් බොන ගමන්..

ගොඩක් වටිනවද ඒ ඇඳුම...ම්ම්...

හ්ම්...ඔව්...

හරි එහෙනම්...මම ඊට වඩා හොද ඇඳුමක් උබට අරන් දෙන්නම්..හැබැයි ඊට පස්සෙ උබට සිද්ද වෙනවා මගෙ අත හැපුව එකට ගෙවන්න...තේරුනානේද..?..ම්ම්ම්...

ආසි මට අද පනිශ්මන්ට් දෙන්න හේතුව එයාගෙ අත මම හපපු එක කියල මුලදිම මට තේරුන නිසාම එයාට මම අප්ප මට අරන් දුන්න ඇඳුම අම්මයි මට අරන් දුන්නෙ කියල පොළොව පැලෙන බොරොවක් කිව්වෙ..ආසි මට කරපු ජරා වැඩේට එයාම පසුතැවෙනවා බලන්න තිබ්බ ආසාවට..

මම ඔයා කියන ඕන දෙයක් කරන්නම්...

ඇත්තටම කරනවද...?

හ්ම්...

මගෙ මූණ ඉස්සරහට එබි එබි එයා අහන දේට මම උත්තර දුන්නෙ ඔලුව ටිකක් පිටි පස්සට ගන්න අතර.. ඇයි අනේ මේ මනුස්සය මාව ඉඹින්න වගේනෙ මූණ කන්න හදන්නෙ..

එහෙනම් අර මේසෙ උඩ තියන බියර් බෝතල් දෙකම උබ එක හුස්මට බීල දාන්න ඕන...පුලුවන් ද....?

මො...මොකක්...

අවසරයක් නැතුව එයා මගෙ අතින් අල්ලල නැගිට්ටවගෙන එක්කරන් ගියෙ මේසෙ ලගට.. ඒකෙ උඩ තිබ්බ බියර් බෝතල් දෙක ඇස් වලින් එයා පෙන්නන නිසා.. මම හිටියෙ දෙලොවක් අතර තනි වෙලා වගේ.. මොකද මම ඉස්සල්ල කට වරද්දගෙන දැන් බෑ කියන්නත් බෑනෙ මේ මිනිහට.. අනිවාරෙන් මම බැක් කියපු ගමන් ආසි බියර් බෝතලේ කඩල වීදුරු කට්ට කින් මට ඇන්නොත් එහෙම..මගෙ අම්මට තමයි රත්තරන් පුතෙක් නැතුව යන්නෙ..

ඉතින් මම හිතා ගත්ත එයා කියපු දේ කොහොම හරි කරනව කියල මට බියර් බොන්න බැරි උනත්...ඔව්....මම බියර් බිව්වම අමු පිස්සෙක්...කොටින්ම ඒ වෙලාවට අම්මගෙ අහින්සක පුතා සූර් නෙවේ ඉන්නෙ..තනිකරම මොංගල් සූර් කෙනෙක් තමයි මත් වෙච්ච වෙලාවක දකින්න ලැබෙන්නෙ.. මම නිසා නොයෙකුත් ප්‍රශ්න ඒ කාලෙ වෙලා තියන හන්ද තමයි මම බියර් බොන එක නතර කරල තියෙන්නෙ කොල්ලෙක් වෙලත්.. ඒත් අද ආයෙත් අවුරුදු ගානකට පස්සෙ මට විල්ලන් නිසා බියර් බොන්න සිද්ද වෙලා අකමැත්තෙන් උනත්..

උබට දැන් බොන්න බෑ කියන්න බෑ.. මොකද උබ මොනා කිව්වත් මම බලෙන් හරි පොවනවා..

ආසි මට තර්ජනය කරන නිසාම.. මට එයා කියන දේට එකග වෙන්න වෙලා පවුල ගැන හිතල.. නැත්තම් ආසි කොහොමත් මෙතනින් නවතින් නෑ මගෙන් රිටන් එක ගන්නකම්ම කියල මට එයාගෙ මූණ බැලුවම තේරුනා..

හරි...මම ඔයා කියපු දේ කරන්නම්...





>>>>>>>

සූර් බෝතල් දෙකක් එක පාර ගහල මොන වගේ දෙයක් කරයිද දන් නෑ ...😌

2023.09.12
S.M.බඩී✍️

Continue Reading

You'll Also Like

278K 48.4K 60
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
14.3K 2.7K 20
..මං සදහටම වහලා දාපු යකඩ දොරට හේත්තු වෙලා හිස් බැල්මෙන් මිනී ගඳ ගහන කාමරේ අන්දකාරේ දිහා බලන් හිටියා.. ..ඔව්..හරියටම දවස් දහ අටකට පස්සේ අනිත් අය වගේම...
565K 49.3K 29
Taekook Fanfiction Jeon Kim Own creation
5.4K 892 21
" ඒක ජීවිතෙ වෙනස් කරන හැරවුම් ලක්ශයක් බදු ආදර චාරිකාවක් වේවි කියල මම හීනෙකින් වත් හිතුවෙ නෑ මනූ ! " " මගෙ අතින් ගිහිලුන මල් මිටට මගෙ හදවතත් හාමු වෙල...