ආසි 💣 ( ✔️ )

By Kim_niru_55

56.8K 11.5K 1.8K

අපි අපේ නොවුනත් කමක් නෑ මට හැකියි නුඹට අවාරෙක සෙවනක් වෙන්න.........🌬️ More

01 කොටස ✴️
02 කොටස ✴️
03 කොටස ✴️
04 කොටස ✴️
05 කොටස ✴️
06 කොටස✴️
A/N
07 කොටස✴️
08 කොටස✴️
10 කොටස✴️
11 කොටස✴️
12 කොටස✴️
13 කොටස✴️
14 කොටස✴️
15 කොටස ✴️
16 කොටස ✴️
17 කොටස ✴️
18 කොටස ✴️
19 කොටස ✴️
20 කොටස ✴️
21 කොටස ✴️
22 කොටස ✴️
23 කොටස ✴️
24 කොටස ✴️
25 කොටස ✴️
26 කොටස ✴️
27 කොටස ✴️
28 කොටස ✴️
29 කොටස ✴️
30 කොටස ✴️
31 කොටස ✴️
32 කොටස ✴️
33 කොටස ✴️
34 කොටස ✴️
35 කොටස ✴️

09 කොටස✴️

1.4K 349 44
By Kim_niru_55

අතාරිනවා මාව..........

මම ආසිගෙ ශක්තිමත් අතේ එල්ලිලා රවාගෙන එහෙම කියද්දි.. එයා එයාගෙ ඒ නපුරු ඇස් වලින් මන් දිහා බලන් හිටපු විදිහට චන්ඩිය වගේ කෑ ගහපු මට චූත් යන්න ආවා කිව්වොත් හරි..

ශ්ශ්ශ්...වැඩිය සද්ද එපා....මොකද මම කැමති නෑ ගොඩක් කියවන අයට..

ඉතින් මට මොකද්ද කියන්නෙ ආ.. අතාරිනවා මාව නැත්තම් මම කෑ ගහනවා හරිද.....?

මම එයාගෙ අතට ගහල තල්ලු කරල දාන්න හැදුවත් මේ මිනිහ යක්ස මස් කාලද මන්ද පොඩ්ඩක්වත් හෙල්ලෙන් නැතුවම හිටිය..

මම උබව රේප් කරන්න ගියා වගේ මොකද දගලන්නෙ.. අනික මොකද මේ ගෑණියෙක් වගේ කෑ ගහන්නෙ...ම්ම්.....

මාව අල්ලන්න ඔයාට කොහෙන්ද අයිතියක් ආ.. මම තමුසෙට විරුද්දව කම්ප්ලේන් එකක් දානවා...

කට කඩනව දැනගනින්...

එහෙම කියපු එයා මගෙ අත් දෙකත් අල්ලගෙන මොනාද මන්ද කරන්න හැදුවත්... ශනිකව ක්‍රියාත්මක උන මම එයාගෙ අත හැපුවා...

ආහ්හ්හ්...

එයා කෑ ගහන්න කෑ ගහන්න දත් පාරවල් හිටින්නම හපපු මම ඒ එක්කම ඇරුන ලිෆ්ට් එකෙන් එලියට දුවල ගියෙ එයාගෙන් ගුටි කන්න වෙයි කියල හිතල..

පස්ස නොබල දුවපන් සුර්.. නැත්තම් අරූ උබව කයි..

පඩිපෙල බැහැගෙන බැහැගෙන පල්ලෙහාට දිව්ව මම කැශියර් එකට සල්ලිත් දීල මන් දිහා ඇස් ලොකු කරන් බලාන හිටපු තම්බිවත් ඇදගෙන ශෝප් එකෙන් එලියට දුවල ගියෙ ආසි මගෙ බෙල්ලෙන් අල්ල ගනී කියල පුංචි බයක් හිතේ ඇති උන නිසා.. නැත්තම් මේ මම දුවන් නෑ සත්තයි..

අන්නා..ඔයා ආසිට මොනද කරේ ආ.. ඇයි මෙහෙම අපි දුවන්නෙ..

ගෙදර ගිහින් කතා කරමු.. දැන් පන බේර ගන්න ඕන නම් දුවමු...

ඇත්තනෙ ඉතින් මම කිව්වෙ.. දැන් ආසි කොහොමත් ඇත්තෙ තැටිය රත් කරන්.. ඔය මිනිහට මාව අහු උනොත් කෙසෙල් ලෙලි ගහනෝ වගේ මගෙ හම ටික ගලවල ගනී..මාත් ඉතින් මේ හැප්පෙන්නෙ එසේ මෙසේ මනුස්සයෙක් එක්ක නෙමේනෙ..ඒ උනාට මම හරි කැමති ආසිව ටිකක් ෆෝම් කරන්න..

මමයි තම්බි බස් එකේම එල්ලිලා ආයෙ ගෙදර ආවෙ බාගෙට මැරිල වගේ.. මොකද ඉතින් දාඩිය පෙරාගෙන හෝල්ට් දෙකකට වඩා දුවන්න ඇති.. ඒ ආසිට බයකට එහෙම නෙමේ.. ඇගේ මේදය අඩු කරගන්න කියලත් එක්ක තමා තම්බිව ඇදන් මම එහෙම දිව්වෙ..

අහ්..දෙන්න එක්ක කොහෙ ගිහින්ද මේ ආවෙ..

ගෙට ගොඩ උන ගමන් ඇඳුම් වගයක් අතේ තියාගෙන හිටපු අම්ම අහපු දේට හීනියට හිනා උන මම තම්බි එක්කම ගිහින් බිම කණ්ඩියක් උඩින් ඉද ගත්තෙ බර සුසුමක් මුදා හැරල..

ගිය තැන් අහන්න එපා...

එහෙම කියපු ගමන්ම අම්ම මටත් ගස්සගෙන කාමරේට යන්න යද්දි.. මම හිනා වෙවී කුස්සියට ගිහින් වතුර එකක් බීල තම්බිටත් එකක් ගෙනත් දුන්නෙ.. ඒක තවම මහන්සියට බිම ඉදගෙන හිටපු හන්ද..

දැන්වත් කියන්නකො අන්න..මොනවද ඔයා ආසිට කරේ..

කෑව....

මොකක්..

හ්ම්...

මම තම්බිට ඇහැක් ගහගෙන කාමරේට ගියෙ ශර්ට් එකත් බාගෙට ගලවගෙනමයි.. පාට්ටිට ගෙනාපු සාරි එක කොට්ටෙ අස්සෙ හංගල.. ටවල් එකත් අරන් බාතෲම් එකට ගිහින් හොදට නාල කරල පව්ඩර් ගාන් සුවඳ ගගහ කාමරෙන් එලියට ඇවිත් බලද්දි.. පාට්ටි ඉන්නව පත්තරයක් කියව කියව පුටුවෙ වැතිරිලා..

මොනවද ඔච්චර ඇස් ලොකු කරගෙන බලන්නෙ පාට්ටි..

උබට හැඩකාර කෙල්ලෙක් මේ හෙව්වෙ..

ඔය වගේ විහිලු නම් කරන්න එපා පාට්ටි.........

අහ් මේක හරි වැඩක් උනානෙ..

මම ඇත්තටම කැමති නෑ මේ ගෙදර මගෙ කසාඳයක් ගැන කතා කරනවට.. මොකද මගෙ හිතේ එහෙම අදහසක් නෑ තවම ඒකට හේතුව මම තවම ස්ථාවර වෙලා නැති එක..ඉතින් කවද හරි මම හම්බ කරල සල්ලි හොයල අපේම කියල ගෙයක් ගත්ත කාලෙට පුලුවන්නෙ කෙල්ලො එකට දෙන්නෙක්ම බැඳගන්න..

සූ මොකද මූණ එල්ලගෙන..

නිකන්...

හ්ම්..වැඩක් නැත්තම් එන්නකො ළමයො මට උදව් කරන්න..

සුවඳ අනුව නම් Kaju katli වගේ...

ඔව් ඒව තමයි...පුතා ආසයි නේද...?

නැතුව මම ආසම එක...

මෙච්චර වෙලා පාට්ටි නිසා මූණ එල්ලන් හිටපු මම ආසාවෙන් පැනගෙන ගියෙ අම්මට උදව් කරන්න.. මොකද අම්ම දැන් මේ මහන්සි වී ගෙන ස්වීට් ජාති දෙක තුනක් හදන්නෙ පාට්ටි වෙනුවෙන් තමයි.. අද ලොකුවට බැරි උනත් පාට්ටිට පුංචිම පුංචි පාටියක් දෙන්න අම්මටයි මටයි ඕන උනේ..

ඉතින් මමයි අම්මයි පුලුවන් විදිහට ස්වීට් ජාති හදල ඉවර වෙලා තම්බිව කඩේ යවල පොඩි කේක් එකකුත් ගෙන්න ගෙන මේසෙන් ඔය හැම එකක්ම තියල මමයි තම්බි කාමරේ හිටපු පාට්ටිවත් ඇදන් ඇවිල්ල කේක් කපල ස්වීට් ජාති කාල එහෙම අන්තිමට අපි දෙන්න ලොකු මිශන් එකක් දීල ගත්ත සාරිය ගෙනත් පාට්ටිගෙ අතට දුන්නම.. මෙන්න එක පාරට එයා අඬන්න ගත්තා..

පාට්ටි ඔයා කැමති නැත්ද මේ සාරි එකට..

මේක මට ගොඩක් වටිනවා දරුවනේ.. මගෙ පුතා මට නැති උනාට මට රත්තරන් මුණුබුරන් දෙන්නෙක් ලැබුන එකට මම හැමදාම සතුටු වෙනව අද වගේම...

පාට්ටිට අපි ආදරෙයිනෙ...

සාරි එක බදාගෙන තුරුල් කරන් කියවන පාට්ටිව මමයි තම්වි දෙපැත්තෙන් බදා ගත්තහම.. අම්ම පැත්තකට වෙලා ආසාවෙන් අපි දිහා බලාන හිටියෙ සතුටු කදුළු පිහිද පිහිදමයි..

අතෑරපන් මාව...ඇහු..නද...තොට...

සතුටින් හිනා වෙවී හිටපු අපි ටික මූණට මූණ බලා ගත්තෙ..එලියෙන් අහුන මහ හඬ ආසිගෙ කියල තේරුන නිසා..ආසි පෙන්නන්න යන ශෝ එක බලන්න තිබ්බ ආසාවටම මම පාට්ටිවත් අතෑරල දුවල ගියෙ දොරත් ඇරගෙන එලියට..

කෑ ගහන්න එපා ආසි..

මම...කෑ...ගහනවා..මට...ඕන..නම්...

හොදටම බීල කෙලින් හිට ගන්න බැරුව ඉන්න ආසි කෑ ගගහ පාරෙ දිගේ එද්දි.. එයාව අත් දෙකෙන් දෙපැත්තෙන්ම ආර්ය වගේම තව එයාගෙ ගෝලයෙක් අල්ලගෙන ඉක්මනට ගෙට එක්කරන් යන හැටිත් මම ගේට් එකේ එල්ලීගෙන බලාගෙන හිටියෙ හිනා වෙවී..

ආසි හැම වෙලාවකම තද චරිතයක් කියල පෙන්නුවට එයා බීල ඉන්න වෙලාවට නම් පොඩි දරුවෙක්ට වඩා හපන්නෙ..හිනත් යනවා කට හද හද හැමෝටම බයින හැටි දැක්කම..

මොකද මේ තනියම හිනා වෙන්නෙ..

අහ්....මම හිනා උනේ නෑ අම්මා..

මගෙ කන ලගින් ඇහුන හඬට මුලින් ගැස්සුනත් පස්සෙ කට තද කරන් ගෙට දිව්වෙ අම්ම තව මුකුත් අහන්න කලින්..

අද ආසිගෙ මූවි එකකුත් බලල පාට්‍ටිගෙ පුංචිම පුංචි පාටියත් ඉවර උනයින් පස්සෙ මම ඇඳට ආවෙ සැප නින්දක් දාන්න හිතාගෙන උනත් හැමදාම වගේ අදත් මගෙ නින්දට බාදා කරපු එකෙක් ඉන්නවා...

නිදා ගන්න යද්දිමනෙ...ටැංකියත් පිරෙන්නෙ....

ඇඳෙන් බැහැල ගිහින් ටැංකිය නිදහස් කරන් ඇවිත් කොට්ට දෙකක් දෙපැත්තෙන් තුරුල් කරගෙන කකුල් දෙක අස්සෙ තව කොට්ටයක් හිර කරන් ඇස් පියා ගත්තෙ ලස්සන ලස්සන හීන ලෝකෙකට යන්න මුල පුරමින්..

-
-
-
-
-

අද දහයත් පහු වෙනකන් නිදාගෙන මම දන්නෙත් නැතුව.. මන් හිතන්නෙ අම්මටත් නින්ද ගිය නිසාද කොහෙද උදේ කෝපි එකවත් මට ගෙනත් දුන්නෙ නැත්තෙ.. මොකද්ද වෙලා තියෙන්නෙ කියල සර්ච් එකක් දාල බලන්න කාමරෙන් එලියට යද්දිම.. අද අප්ප ඉන්නව හරියටම සාලෙ මැද ඉදගෙන චූටි රේඩියෝ කෑල්ලෙන් නිව්ස් අහ අහ..

මට නම් පේන්නම බැරි සබ්ජෙක්ට් එක තමයි මේ නිව්ස් අහන වැඩේ.. ඇයි අප්ප හොදට ඉන්න මිනිස්සුන්ගෙ ඔලු කනව මේ නිව්ස් කාරයො උදේම විකාර කියවල..

පුතා..

ඇයි අම්මා..

වතුර නෑ අදත්.. ඔයාට එලියෙන් තමා නාගන්න වෙන්නෙ...

මොන කරුමයක්ද මේ.. ඇයි මම නාන්න යන හැම වෙලාවකම වතුර නැත්තෙ ආ..

කුස්සියෙ බරටම වැඩ කර කර හිටපු අම්ම මගෙ අතට කෝපි එක දීල.. හිනා වෙවීම අප්ප බීල තියල තිබ්බ කෝප්පෙත් අරන් කුස්සියට ගියා..

මමත් ඉතින් කුටු කුටු ගගා රජයට බැන බැනම කාමරේට ගිහින් මගෙ හෝදන්න තියන රෙදි ටොන් එකත් ලෑස්ති කර ගෙන ටවල් එක කරේ දාන් කෝපි එක බීල මේසෙ උඩින් තියල රෙදි බාල්දියත් උස්සගෙන එලියට ගිහින් බලද්දි..මගෙ වෙලාව හොද කමට ටැප් එක ලග කවුරුත් හිටියෙ නෑ...

සැපට නාගන්න පුලුවන් අද...

ටවල් එකයි මම නාල අදින්න ඕන ඇඳුම් ටිකයි බැම්ම උඩින් තියල රෙදි බාල්දිය ගත්තෙ ඉක්මනට හෝදල දාන්න කියල.. බිම පහත් වේගෙන හැම රෙදි කෑල්ලෙම සබන් ගාල අතුල්ල අතුල්ල ගලාගෙන යන වතුරට අල්ලගෙන හෝදන්න ගද්දි.. මට යන්තන් මගෙ පිටි පස්සෙන් පෙවුන කාගෙදෝ චායාවක්.. හිතේ ඇති වෙච්ච බයටම ඒ පැත්ත හැරිල බලද්දි හිටියෙ වෙන කවුරුත් නෙමේ මට වද දෙන්නම ඉපදුන ආසි තමා ඉතින්..

මොනවද බලන් ඉන්නෙ..

කියන්න ඕනමද...?

දැන ගන්න ඕන තමයි.. ඇයි වදේ..

අරක දිහා බැලුවෙ...

එයා ඇස් වලින් මගෙ පස්ස පෙන්නද්දි.. මම එයාට සබන් වතුර වලින් දමල ගැහුවෙ උදේ පාන්දර මෙතන්ට ඇවිත් කියන ජරා කතා මට ඇල්ලුවෙ නැති හන්ද...

එන්ඩ එපා හරිද ඕවට..

දැන් මම මුකුත් කරේ නෑනෙ.. ඉතින් ඇයි කේන්ති ගිහින්...

යන්න මෙතනින්...මම නාල ඉවර උනයෙන් පස්සෙ ඔයා එන්න..

හා...හා..එහෙනම් නාල ඉවර වෙලා කියන්නකො...

එයා රැවුලත් උඩ ඉදන් පහලට අත ගගා අමුතු බැල්මක් මට දාගෙන යන්න යද්දි.. මම රෙදි හෝදල දාල ඉක්මනට නාගත්තෙ ආයෙත් අර වලත්ත ආසිය මෙතනට එයිදෝ කියන සැකයක් තිබ්බ නිසා...

වතුර බේරෙන කොණ්ඩෙ ගසල එහෙම ටවල් එක අරගෙන ඇග පිහිද ගත්ත මම ගෙනාපු ඇඳුම අදින්න හොයද්දි මගෙ ඇස් උඩ ගියෙ.. කලිසම විතරක් ඉතුරු වෙලා ටීශර්ට් එක පේන්න නැති වෙද්දි මට එක පාරටම මතක් උනේ ආසි මට අන්තිමට මෙතනින් යද්දි දාන් ගිය කින්ඩි බැල්ම...









යායාආආආආඅ...........ආසි........................









>>>>>>>>>

සූර්ගෙ කටට නිවනක් නෑ වගේ..😂

2023.09.09
S.M.බඩී✍️

Continue Reading

You'll Also Like

40.8K 2.9K 72
ဖတ်ကြည့်နော်😉😉
3K 537 17
ආදරේ වෙනුවෙන් වෙන්වීමක්.... ඉතින් දරාගත හැකි වේවිද.... දරාගැනීමද ආදරයක් නම්.... ඉතින් කුමක් සිදු වේවිද....
62.8K 8.5K 34
Após a morte de seu pai Edward Teach, um dos maiores e mais respeitados piratas da região do Caribe, Mon assume como capitã do navio Concorde. Bem qu...
40.3K 10.1K 28
💚 ............. අන්ත අසරණ වෙලා කර කියාගන්න දෙයක් නැතුව ඉන්න වෙලාවක දේව දූතයෙක් වගේ ඔයා මගේ පිහිටට ආවා....ඔයා හරිම ආඩම්බරයි.. හරිම ගුප්ත...