ආසි 💣 ( ✔️ )

By Kim_niru_55

55.9K 11.4K 1.7K

අපි අපේ නොවුනත් කමක් නෑ මට හැකියි නුඹට අවාරෙක සෙවනක් වෙන්න.........🌬️ More

01 කොටස ✴️
02 කොටස ✴️
03 කොටස ✴️
04 කොටස ✴️
05 කොටස ✴️
06 කොටස✴️
A/N
07 කොටස✴️
09 කොටස✴️
10 කොටස✴️
11 කොටස✴️
12 කොටස✴️
13 කොටස✴️
14 කොටස✴️
15 කොටස ✴️
16 කොටස ✴️
17 කොටස ✴️
18 කොටස ✴️
19 කොටස ✴️
20 කොටස ✴️
21 කොටස ✴️
22 කොටස ✴️
23 කොටස ✴️
24 කොටස ✴️
25 කොටස ✴️
26 කොටස ✴️
27 කොටස ✴️
28 කොටස ✴️
29 කොටස ✴️
30 කොටස ✴️
31 කොටස ✴️
32 කොටස ✴️
33 කොටස ✴️
34 කොටස ✴️
35 කොටස ✴️

08 කොටස✴️

1.4K 351 30
By Kim_niru_55

දවස් දෙකක් ගෙවිල ගියා.. ආසි පේන්නවත් හිටියෙ නෑ.. හැබැයි ආර්යාව නම් මම අහම්බෙන් වගේ දැක්ක වෙලාවල් තිබ්බ.. ඒත් එයා උනත් වෙනද වගේ වැඩි කතා බහක් නෑ.. මාත් ඉතින් එයාල එක්ක පෑහෙන්න ගියෙ නෑ.. මොකද එයාල ආශ්‍රය කරන්න තරම් හොද මිනිස්සු නෙමෙයි නිසා ..

සූ අර පලතුරු ටික ලෑස්ති කරාද..

ඔව් අම්මා..

හරි එහෙනම්..තම්බිව ඉක්මනට එක්කරගෙන එන්න.. අපි වීල් එක ලග ඉන්නෙ..

දැන් අපි මේ යන්න හදන්නෙ කෝවිලට.. මොකද අද පාට්ටිගෙ උපන්දිනේ නිසා.. ඉතින් එයා ඔන්න මැරෙන්න මෙන්න මැරෙන්න ඉද්දි මොකටද කේක් කියල හිතලද කොහෙද අද කෝවිල් යන්නම ඕන කිව්ව.. ඒ හින්ද දැන් මේ අම්මයි , මමයි , තම්බි හදන්නෙ පාට්ටිව කෝවිලට එක්කරගෙන යන්න.. එතකොට අප්ප නම් ගෙදර නෑ එයා උදේම වැඩට යනව කියල කිව්වට.. අපි හැමෝම දන්නව රෑට ගෙදර එන්නෙ හතර ගාතින් කියල..

අප්පට අද එයාගෙ අම්මගෙ උපන්දිනේ කියලවත් ගානක් නොවෙද්දි.. මම බලාගෙන පාට්ටි අපිටත් හොරෙන් අඬනවා.. මොන අම්මටද දුක නැත්තෙ තමන්ගෙ කුසින් වදාපු දරුව තමන්ව අහක දාල තියෙද්දි..පාට්ටි කොච්චර අප්ප එක්ක රණ්ඩු උනත් තමන්ගෙ එකම පුතාට පන වගේ පාට්ටි ආදරෙයි.. ඒත් අප්පගෙ හිතේ නම් ආදරේ කියන දේ අපිට පැල කරන්න වෙයි වගේ.. මොකද තමන්ගෙ අම්මට ආදරේ නොකරන කෙනෙක්ගෙන් අපි උනත් කොහොමද ආදරේ බලාපොරොත්තු වෙන්නෙ..

හැබැයි මගෙ පාට්ටිට අපි ටික දෙනා ඉන්න නිසා අද එයා කදුළු හිර කරගෙන හරි හිනා වෙලා ඉන්නව..ඉතින් අපෙ ආදරනීය පාට්ටිව සතුටු කරන්න අද වගේ දවසක අපි තුන් දෙනා ඕන දෙයක් කරන්න ලෑස්ති හදවතින්ම..

අමිත්..

අහ් එනෝ එනෝ...

මම තම්බිගෙ කාමරේට නොයා දොර ලග හිටන් හිටියෙ එයා ඇඳුම් අදිනව ඇති කියල හිතල.. ඔය කොල්ල වෙලවකට කෙල්ලෙක් වගේ තමයි ගමනක් යන්න යද්දි ලෑස්ති වෙන්න ගියාම..

හරි යමු අන්නා...

පව්ඩර් බබා වගේ කාමරෙන් එලියට ආපු තම්බිගෙ කරටත් අත දාන් මම ගෙයින් එලියට ගිහින් ජනෙල් දොරවල් ඔක්කොම වහල දාල ගේට් එකත් ලොක් කරගෙන වීල් එකට නැග්ගම ඉතින් අම්මගෙන් බැනුම් එහෙමත් අහගන්න උනා.. මොකද ඉතින් අපි වැදගත් ගමනක් යන්න යද්දි කවදාවත් වෙලාවට වැඩක් කරන් නෑනෙ... හැබැයි අද මම නම්  බැනුම් අහගන්න මූලිකම හේතුව තම්බි තමා.. නැත්තම් මේ සූර් එහෙම ලේසියෙන් බැනුම් අහන කෙනෙක් නෙමේ...

වීල් එකේ අන්නා ගිය වේගෙට අපිට ලගම තිබ්බ කෝවිලට ඉක්මනට යා ගන්න පුලුවන් උනා..අපි සෙරප්පු ටික ගේට් එක ලගම ගලවල තියල කකුල් දෙක හෝදගෙන ඇතුලට ගියෙ පලතුරු වට්ටියක් වගේම මල් මාල දෙක තුනකුත් අරගෙනමයි.. පට්ටි අතින්ම පලතුරු වට්ටිය පූජ කරල දෙවියන් වැදගත්ත අපි ටික පින් කැටේටත් සල්ලි දාන්න අමතක කරේ නෑ.. පූසාරිට කියල පාට්ටිට ආශිර්වාද එහෙමත් කරගෙන.. පුලුවන් තරමක් අපිත් දෙවියන්ගෙන් ඉල්ලුවෙ පටිටට වැඩි ආයුශ ලබල දෙන්න කියල.. සෙනග වැඩි නිසා තවත් එතන ඉන්න බැරි කමට අපි කෝවිල ඇතුලෙ ඉදන් එලියට එද්දි ගේට් එක ලග හිටපු හිඟන මිනිස්සු ටිකටත් සල්ලි කීය කීය හරි පාට්ටිගෙ අතින්ම දෙන්න අමතක කරේ නෑ හැබැයි..

අම්ම ඔයා පාට්ටි එක්ක ගෙදර යන්න මම තම්බි එක්ක පොඩි ගමනක් යනවා...

හ්ම්..පරිස්සමින් එහෙනම් යන්න...

කෝවිල ලගදි මම අම්ම එක්ක පාට්ටිව වීල් එකේ නග්ගවල ගෙදර යවල.. මේ තම්බි එක්ක දැන් යන්න හැදුවෙ පාට්ටිට සාරියක් ගන්න කියල මම ඊයෙ ඉදන් හිතන් හිටපු නිසා..

තම්බි මායි පාරෙ බස් එකේ නැගල ටවුමට ගිහින් ටිකක් ඇවිදල කරල බැලුවෙ හොද සාරි කඩයක් තියනවද කියල..

අන්න අර තියෙන්නෙ හොද ශොප් එකක්..

ගිහින් බලමු...

Royal Ragharana sarees කියන ලොකුම ලොකු ශොප් එකට ඇතුල් උනේ නම් මම ටිකක් බයෙන් බයෙන්.. මොකද මේ වගේ ශොප් වල සාරීස් ගිනි ගනන් කියල දැන දැනත් මේකට ආවෙ ඉතින් තම්බිගෙ කීමට තමයි.. ඒ කොල්ලව හෙම්බත් කරන්න බෑනෙ අඩු ගනන් සාරි තියන ශොප් එකක් හොය හොය ගිහිල්ල..

ඉතින් අපි දෙන්න එක්කම ලිෆ්ට් එකෙන් සකන්ඩ් ෆ්ලෝ එකට ගියෙ එතන පාට පාට සාරි ලෝකයක් තියනව කියල පහලදි අපිට ශොප් එකේ වැඩකරන ගර්ල් කෙනෙක් කියපු නිසා..

ගොඩක් සාරි තියනවනෙ අන්න මෙතන.. කොහොමද අපි පාට්ටිට ගැලපෙන එකක් තෝරගන්නෙ..

බය නොවී ඉන්න.. මට පුලුවන් පට්ටි ආස හිතෙන එයාට ගැලපෙනම සාරියක් බලන්න..

හ්ම්...

රාක්ක රාක්ක වල පිරිල තියන සාරි දැකලද කොහෙද තම්බි මගෙ අතෙත් එල්ලිලා කන් කෙදිරි ගද්දි මට හිනත් එක්ක.. මොකද මම උනත් මේ තරම් ලොකු සාරි ශොප් එහෙකට ආවෙ පලවෙනි වතාවට.. ඉතින් තම්බිටත් පලවෙනි අත් දැකීම නිසා අද ටිකක් කලබල වෙච්ච ගතියක් මම එයාගෙන් දැක්කෙ.. හැබැයි එයත් මේවගේ වැඩ වලට දැම්ම ඉදන් හුරු වෙන එක හොදයිනෙ.. මොකද කවද හරි එයාට පුලුවන් වෙන්න ඕන මේ වගේම තනියම ඇවිත් ශොප් එහෙකට තමන්ගෙ වයිෆ්ට එයාට ගැලපෙන ලස්සන සාරියක් අරන් දෙන්න..

සර් මොනවද බලන්නෙ..

අපිට නෝමල් සාරි පෙන්නන්න පුලුවන් ද...?

මම එතන සාරි දෙක තුනක් නව නව හිටපු කොල්ලෙක්ට එහෙම කිව්වම.. එයා රක්කෙන් තෝරල බේරල අරගෙන සාරීස් කිහිපයක්ම අපිට බලන්න දුන්නා..

රතු පාටට පාට්ටි කැමති වෙයිද අන්නා..

ඒක හරියන් නෑ..

තම්බි මට පාට පාට සාරි පෙන්නුවත් මට සෙට් උනේ නැත්තෙ ඒවයෙ ගල් වැඩ අනම් මනම් කෑලි එල්ලිලා තිබ්බ නිසා..මට ඇත්තටම ඕන උනේ පාට්ටිට අහලට පහලට වගේ අදින සාරියක් අරන් දෙන්න.. ඉතින් මම සාරි එහෙට්ට මෙහෙට්ට කර කර නවල තිබ්බ සාරි දිග ඇරල එහෙම බලද්දි...අන්තිමට මගෙ හිතට හරියන සාරිය මගෙ ඇස් වලට අහු උනා..

මේක හොදයි...

නිල් පාට...

ඉතින් පාට්ටි කැමතිම පාටනෙ..

මම තෝරල ගත්තෙ නිල් පාට තමයි.. මොකද පාට්ටි පුදුම විදිහට ආස නිල් පාටට.. ඉතින් අපිට අද වගේ දවසක එයාගෙ සතුට වැදගත් නිසා මම එයා කැමති විදිහෙම සාරියක් දෙන්න හිතුවෙ..

අතේ ඇති මුදලට මේ සාරිය ලැබුනෙ ඉතින් අපෙ වෙලාව හොද කමට තමා.. අනික මෙහෙම සාරියක් හරි ගන්න පුලුවන් උනේ මම හොරෙන් පාට්ටිගෙ උපන්දිනේ වෙනුවෙන්ම සල්ලි එකතු කරපු නිසානෙ..

ලස්සනයි අන්න සාරිය නම්..

ඒකනෙ කිව්වෙ..

මම අපි තෝරපු සාරි එක ඒ වැඩ කරන කොල්ලට දුන්නම එයා ඒක පැකින් කරන්න කලින් මම හැට්ටයකුත් තෝර ගත්ත.. පාට්ටිගෙ හැට්ටෙ සයිස් එක මම වෙලාවට දැනගෙන හිටියෙ නැත්තම් එතනදි තමයි මම කොර වෙන්නෙ..

මෙන්න සර්...

අහ්.....සොරි.... සොරි..........

ශොප් එකේ වැඩ කරන කොල්ල මගෙ අතට පැක් කරපු සාරි එක දුන්නම මම හිනා වෙලා ඒක අරගෙන අනිත් පැත්ත හැරුන විතරයි මතක.. මාව ගිහින් කළු ගලක වැදුන වගේ නිකන් යන්තම් දැක්කෙ..කවුද මන්ද මිනිහෙක්ගෙ ඇගේ වදුන පාර මාව අඩි දෙක තුනක් පිටි පස්සටත් තල්ලු වෙලා අතේ තිබ්බ සාරි එකත් බිම වැටුන..

මම ඒ මනුස්සයට සොරි කියල බිම වැටුන සාරියත් අතට ගත්තයින් පස්සෙ තමයි හරියටම මගෙ ඇගේ වැදුන මිනිහගෙ මූණ දැක්කෙ..

ඒකට කමක් නෑ..

කෝට් දාගත්ත ලොකු පැලැන්තියක මිනිහික්ගෙ ඇගේද මන්ද මාව වැදිල තියෙන්නෙ ඒ මිනිහ මගෙ අතකිනුත් අල්ලගෙන ඒකට කමක් නෑ කියද්දි.. මම හෙමීට ඔලුව උස්සල බැලුවෙ ඒ මිනිහගෙ පිටි පස්සෙ හිටපු පිරිමි ටික දිහා..

පේන හැටියට නම් මේ මනුස්සයගෙ ගාඩ්ස්ල වෙන්න ඕන එයාල..

තනි කළු ඇද ගත්ත පිරිමි දහ දෙනාම මන් දිහා බලාන ඉද්දි දැනුන අපහසු තාවයටම මම එතනින් තම්බිවත් අරගෙන යන්න කියල බැලුවත්.. අර මිනිහ තවම මගෙ අත අල්ලන් ඉන්නව කියල මතක් උනේ පස්සෙ ..

මේ මගෙ අත අතාරිනවද...?

ඔහ් සොරි...

ඒ මිනිහ මගෙ අත අතෑරලත් මන් දිහාම බලාන ඉද්දි.. මම තම්බිවත් ඇදගෙන එතනින් යන්න ගියෙ මොන පිස්සෙක්ද ඒ කියල හිතින් බැන බැනමයි..

අන්නා...අර අසි...

කෝ..කොහෙද...?

බිම බලාගෙන ආපු මම තම්බිගෙ කෑ ගැහිල්ලට වට පිට ඇස් යව යව බැලුවෙ.. ආසි මොනවද සාරි ශොප් එහෙක කරන්නෙ කියල බලන්න තිබ්බ උවමනාවට මයි..

අර ඉන්නෙ අනේ..

අහ්...

තම්බි අත දික් කරල මට පෙන්නද්දි දැක්කෙ ආසි ෆෝන් එකත් කනේ ගහන් කා එක්කදො කයියක වැටිල කියල මුල්ලක් අස්සෙ..

යමු යමු මෙතනින්.. නැත්තම් ඔය මිනිහගෙන් මට බේරුමක් නෑ දැක්කොත් එහෙම..

එයා දැනටමත් ඔයාව දැකල ඉවරයි අන්නා...

මම තම්බිවත් ඇදගෙන එතනින් දුවල යන්න හැදුවෙ ආසි දැක්කොත් මාව මඩවන්න හදනව කියල දන්න නිසාමයි.. ඒත් මම පරක්කු වැඩී.. පැත්තක් බලාගෙන කෝල් එකේ හිටපු මිනිහගෙ ඇස් මන් ලග තියෙනවා දැක්කම මට බයත් හිතුන..

අපි යමු......

ඇයි අපි දුවන්නෙ මේ..

එයාගෙ සීතල බැල්මට කුලප්පු උන මම තම්බිවත් ඇදගෙන ලිෆ්ට් එක ඇතුලට දුවල ගිහින් බේරුනා කියල හිතුවත්.. දොර වැහෙද්දිම ඇතුලට දැම්ම කකුල අදුරගන්න මට මහ ලොකු වෙලාවක් ගියෙ නෑ...

අනේ...

අන්නා ඇයි.. ඔයාට හොදටම දාඩියත් දාල..

මම තම්බිගෙ අත තද කරගෙන අල්ලන් ඉද්දි.. ලිෆ්ට් එක ඇතුලට කිසිම ගානක් නැතුව ආපු ආසි මගෙ එහා පැත්තෙන්ම හිටගෙන හිටිය මිසක් එක වචනයක් කතා කරෙත් නෑ.. මන් දිහා බැලුවෙවත් නෑ.. මට පුදුමත් හිතුන ඒත් පස්සෙ බයකට තිබ්බෙ මේ මිනිහගෙ නිශ්ශබ්ද තාවය මට එච්චර අල්ලපු නැති නිසා..

පොඩ්ඩක් කට පියන් ඉන්නවකො...

තම්බිට මම කනට කරල එහෙම කියද්දි.. එයත් මගෙ ඇගට කවර් වෙලා හොරෙන් වගේ බැලුවෙ ආසි දිහා..

උබ කොහෙද යන්න හදන්නෙ...ම්ම්..

ලිෆ්ට් එක ඇරුන ගමන් තම්බිව අරගෙනම මම යන්න හදද්දි.. ආසි මගෙ අතින් අල්ලලා නවත්ත ගත්තෙ හිතුවෙත් නැති විදිහට..

අනේ..

එයාව යවනවා දැන්ම..

මහ නපුරු විදිහට එයා මට කනට කරල කිව්වෙ තම්බිව ලිෆ්ට් එකෙන් යවන්න කියල.. මම ඒ එක්කම තම්බි දිහා බලද්දි එයා ඔලුව වනල ලිෆ්ට් එකෙන් බැහැල යන්න ගිය නිසාම මම තවත් අසරණ උනා ආසි ඉස්සරහ..

දැන් එහෙනම් මම එදා ඉල්ලපු දේ දෙනවද...?

මො...මොකද්ද ආ...

ජැකට් එක...

එහෙම කියපු එයා මගෙ ශර්ට් එකට අත තියද්දි.. මාව ගැස්සිලා ගියෙ මේ වලත්‍ත ආසිය ලිෆ්ට් එක ඇතුලෙ මගෙ ඇඳුම් ගලවන්නද මේ හදන්නෙ කියල එක පාරටම මට හිතුන නිසා..



>>>>>>>

සූර් පව් නැද්ද ආසි..😒

2023.09.07
S.M.බඩී✍️

Continue Reading

You'll Also Like

60.4K 14K 40
හිනාවෙන මේ පපුව අස්සේ ඉතින් හිරකර වේදනාවන්... බලා සිටියේ දවස එනතුරු හිතේ ගින්දර තුරුලු කරලන්..
26.4K 4.3K 31
" එපා කිව දේම කරපු උබටත්.. උබව මගෙන් උදුර ගත්ත උන්ටත් මගෙන් සමාවක් නැ මගෙ සුදු...! " ඒක මෙ ලුසිෆර් ගෙ පොරොන්දුවක්....
97.9K 15.8K 52
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බ...
IRIS By NirMad238

Fanfiction

9.3K 1.2K 73
When stars collide the worlds are born And When the worlds collide the hatreds formed Yet among the cracks still love would bloom! Co Authored by - P...